ගීතිකාවන්ගෙන් උතුම් ගීතිකාව
1ප්‍රේමවන්තයන්ගේ හිතේසි ආදරය
1 සාලමොන්ගේ උතුම් ගීතිකාවය.
2 ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා.
3 නුඹේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය;
4 මා ඇදගන්න; අපි නුඹ අනුව දුවන්නෙමුව.
5 යෙරුසලමේ දූවරුනි, මම කේදාර්හි කූඩාරම් මෙන් කළු නුමුත්, සාලමොන්ගේ තිර මෙන් ශෝභනව සිටිමි.
6 අව්ව මා පිට වැටීමෙන් මා කළුවී සිටින නිසා, මා දෙස බලානොසිටින්න;
7 මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්ත, නුඹේ රැළට කවන්නේ කොහේද?
බලන්ට යාම සහ ආරාධනාව
8 ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, නුඹ නොදන්නෙහි නම්, රැළේ අඩිපාරේම ගොස්, එඬේරුන්ගේ කූඩාරම් ළඟ නුඹේ එළු පැටවුන්ට කවන්න.
9 මාගේ සොඳුර, ඵාරාවෝගේ රථවල අශ්වධේනුවකට නුඹ සමානකෙළෙමි.
10 නුඹේ කම්මුල් හිසකේ ගෙතීම්වලින්ද නුඹේ බෙල්ල මැණික් මාලාවලින්ද ශෝභනව තිබේ.
11 රිදී පොහොට්ටු ඇති රන් මාලා නුඹට සාදා දෙන්නෙමුව.
12 රජ තමාගේ මේසය ළඟ හිඳිද්දී මාගේ ජටාමාංශ තෙලේ සුවඳ විහිදුණේය.
13 මාගේ ප්‍රේමවන්තයා මට මාගේ පියයුරු අතරේ තිබෙන සුවඳලාටු පොදියක් හා සමානය.
14 මාගේ ප්‍රේමවන්තයා මට එන්-ගෙදියේ උයන්වල වැවුණ සපුමල් පොකුරක් වැනිය.
15 බලව, මාගේ සොඳුර, නුඹ රුව ඇත්තීය;
16 බලව, මාගේ ප්‍රේමවන්තය, නුඹ රුව ඇත්තෙහිය, එසේය, ප්‍රියකරුය.
17 අපේ ගෙයි බාල්ක කිහිරි ගස්ය, අපේ පරාළ දේවදාර ගස්ය.
21 මම ෂාරොන්හි සෙව්වන්දි මලක්ය, මිටියාවත්වල මහනෙල් මලක්ය.
3 වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය.
4 ඔහු මිදිපැන් ගෙයට මා ගෙනායේය, මට උඩින් ඔහුගේ කොඩිය ප්‍රේමයය.
5 වියළි මිදිපලවලින් මා ශක්තිමත්කර, ජම්බුවලින් මා ප්‍රාණවත්කරන්න.
6 ඔහුගේ වමත මාගේ හිස යටය, දකුණතද මා වැළඳගනියි.
7 යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් මුවදෙනුන් සහ වනයේ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි.
බලන්ට යාම සහ ආරාධනාව
8 අන්න, මාගේ ප්‍රේමවන්තයාගේ හඬ!
9 මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය.
10 මාගේ ප්‍රේමවන්තයා කථාකර මට කියන්නේ:
11 මක්නිසාද ශීත කාලය පසුවිය, වැස්ස නැවතුණේය;
12 පොළොව පිට මල් පෙනෙයි;
13 දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි.
14 පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරෙවිදෙන, නුඹේ මුහුණ මට දකින්ටත් නුඹේ හඬ අසන්ටත් දෙන්න;
15 මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න;
16 මාගේ ප්‍රේමවන්තයා මාගේය, මම ඔහුගේය.
17 මාගේ ප්‍රේමවන්තය, දහවල් සිසිල්වී සෙවණැලි පහවන තුරු, බෙතෙර් කඳු පිට යන මුවෙක් නොහොත් මුව පැටියෙක්මෙන් හැරී එන්න.
31 රාත්‍රියෙහි මාගේ යහනේදී මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සෙවීමි.
2 ඉතින් මම නැගිට නුවර වීදිවලද එළිමහන් තැන්හිද ඇවිද:
3 නුවර ඇවිදින රැකවලුන් මට සම්බවී:
4 මා මදක් දුර ඔවුන් පසුකර ගියවිට, මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා මට සම්බවිය.
5 යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදු වන ලෙසත් වනයේ මුවදෙනුන් සහ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි.
මංගල්‍ය පෙරහැර
6 ගන්ධරස හා තුවරලාවලත් වෙළෙන්දාගේ සියලු කුඩුවලත් සුවඳින් යුක්තව, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැගීඑන මේ තැනැත්තිය කවුද?
7 බලව, ඒ සාලමොන්ගේ දෝලාවය;
8 ඔවුන් සියල්ලෝ කඩුගත් යුද්ධ දක්ෂයෝය.
9 සාලමොන් රජ ලෙබනොන්හි ලීවලින් යහනාවක් සාදාගත්තේය.
10 එහි කණු රිදීයෙන්ද එහි පතුළ රනින්ද, එහි ආසනය රත්නිල් රෙදිවලින්ද සෑදීය, එහි ඇතුළත යෙරුසලමේ දූවරුන්ගේ ප්‍රේම ලකුණෙන් සරසනලද්දේය.
11 සියොන් දූවරුනි, පිටත ගොස්, සාලමොන් ස්වකීය සරණවීමේ දවසේදී, තමාගේ සිතේ ප්‍රීතියේ දවසේදී, ඔහුගේ මෑණියන් විසින් ඔහුට පැළඳෙවු ඔටුන්න පැළඳ සිටිනවා බලන්න.
4මනමාලිගේ ලක්ෂණ
1 බලව, මාගේ සොඳුර, නුඹ රුව ඇත්තීය;
2 නුඹේ දත් වනාහි තනිවූ එකෙක්වත් නැතුව, සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, ලොම් කපා නාවනු ලැබ නැගීඑන්නාවූ බැටළු රැළකට සමානය.
3 නුඹේ තොල් රතු නූලක් මෙන්ය, නුඹේ මුඛය ශෝභමානය.
4 නුඹේ බෙල්ල බලවතුන්ගේ වැසුම් වන පලිස් දහසක් එල්ලා තිබෙන්නාවූ, ආයුධ තැබීමට ගොඩනැගූ දාවිත්ගේ කොත මෙන්ය.
5 නුඹේ දෙතන මහනෙල් අතරේ ගොදුරු කන මුවදෙනකුගේ නිඹුල් පැටවුන් දෙදෙනෙකු මෙන්ය.
6 දවාල සිසිල්වී සෙවණැලි පහව යනතුරු මම ගන්ධරස කන්දටත් තුවරලා හෙලටත් යන්නෙමි.
7 මාගේ සොඳුරිය, නුඹ මුළුමනින්ම රුව ඇත්තීය;
8 මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමඟ එන්න.
9 මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹ මාගේ සිත අල්ලාගත්තෙහිය;
10 මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹේ ප්‍රේමය කොපමණ මිහිරිද!
11 මාගේ මනමාලිය, නුඹේ තොල්වලින් මීවදය මෙන් පැණි වැගිරෙයි.
12 මාගේ සහෝදරී, මාගේ මනමාලී, වැටකින් වටකළ උයනක්ය, වසා තිබෙන ළිඳක්ය, මුද්‍රාකර තිබෙන උල්පතක්ය.
13 නුඹේ පැලෑටි පංක්තිය වනාහි දෙළුම් ගසුත් අනර්ඝ ඵල ගසුත් සපු සහ ජටාමාංසත්
14 ජටාමාංස හා කුංකුමත් වදකහ සහ කුරුඳුත් සෑම තුවරලා ගසුත් ගන්ධරස හා අගිල්ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍යද දරන ගසුත් යන මේවාය.
15 නුඹ උයන් උල්පතකුත් ජීවමාන දිය ඇති ළිඳකුත් ලෙබනොන් සිට ගලායන ඔයවලුත්ය.
16 එම්බා, උතුරු හුළඟ, පිබිදෙන්න;
ස්වප්නයක්,-එනම් සොයන මනමාලි. මනමාලයාගේ ලක්ෂණ
1 මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි.
2 මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය.
3 මාගේ සැට්ටය මුදා තැබීමි;
4 මාගේ ප්‍රේමවන්තයා දොර සිදුරෙන් අත දැමූයේය, මාගේ හෘදයද ඔහු කෙරෙහි ඇදී ගියේය.
5 මාගේ ප්‍රේමවන්තයාට දොර අරින්ට නැගිට්ටෙමි;
6 මාගේ ප්‍රේමවන්තයාට දොර ඇරියෙමි;
7 නුවර ඇවිදින රැකවල්ලු මට සම්බවී, මට ගසා තුවාලකළෝය;
8 යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා නුඹලාට සම්බවුණොත්, මා ප්‍රේමාතුරව සිටින බව දන්වන ලෙස නුඹලා දිවුරවමි.
9 ස්ත්‍රීන්ගෙන් ඉතා ලක්ෂණ තැනැත්තිය, වෙන ප්‍රේමවන්තයෙකුට වඩා නුඹේ ප්‍රේමවන්තයාට ඇති උතුම්කම මොකද?
10 මාගේ ප්‍රේමවන්තයා සුදුය, රතු කම්මුල් ඇත්තේය, දසදහසක් අතරේ උතුම්ය.
11 ඔහුගේ හිස ඉතා පවිත්‍ර රත්රන් මෙන්ය, ඔහුගේ කෙස් රොද ඝනය, කපුටුවා මෙන් කළුය.
12 ඔහුගේ ඇස් දිය දොළවල් ළඟ ඉන්න පරෙවියන් වැනිව, කිරෙන් සේදී, හොබනා ලෙස පිහිටා තිබේ.
13 ඔහුගේ කම්මුල් සුවඳ ගස් පාත්තියක්ද සුවඳ පැළ ඇති ගොඩැලිද මෙන්ය.
14 ඔහුගේ අත් ලශුනිය මැණික් ඇල්ලූ රන්මුදු වැනිය.
15 ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු මෙන්ය.
16 ඔහුගේ මුඛය ඉතා මිහිරිය.
මනමාලයා නැවතත් මනමාලීගේ ලක්ෂණ වර්ණනාකිරීම
1 ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, නුඹේ ප්‍රේමවන්තයා කොතැනට ගියේද?
2 මාගේ ප්‍රේමවන්තයා උයන්වල රැළ කවන පිණිසත් මහනෙල් නෙලාගන්න පිණිසත් තමාගේ උයනෙහි සුවඳ ගස් පාත්තිවලට ගියේය.
3 මම මාගේ ප්‍රේමවන්තයාගේය, මාගේ ප්‍රේමවන්තයා මාගේය.
4 මාගේ සොඳුර, නුඹ තිර්සා මෙන් අලංකාරය.
5 නුඹේ ඇස් මා වෙතින් හරවාගන්න, මක්නිසාද ඒවා මා වසඟකරයි.
6 නුඹේ දත් තනිවූ එකෙක්වත් නැතුව සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, නාවනු ලැබ නැගී එන්නාවූ බැටළුදෙනුන් රැළක් මෙන්ය.
7 නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ කම්මුල් දෙළුම් පළුවක් මෙන්ය.
8 බිසෝවරුන් සැටක්ද උපභාර්යාවන් අසූවක්ද ගණන් නැති කන්‍යාවෝද සිටිති.
9 මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, අසමාන තැනැත්තීය.
මනමාලීගේ ලක්ෂණ තම පිරිස විසින් වර්ණනාකිරීම
10 අරුණාලෝකය මෙන් නැගීඑන්නාවූ, සඳ මෙන් රුව ඇත්තාවූ, ඉර මෙන් දිළෙන්නාවූ, කොඩි ගත් සේනාවක් මෙන් බලසම්පන්නවූ මෑ කවුද?
11 මම මිටියාවතේ ගස් කොළන් බලන්ටත්, මිදිවැල් දළු දැමුවේද?
12 මට දැනෙන්ට පළමුවෙන් මාගේ ආත්මය මාගේ වංශාධිපති සෙනඟගේ රථ අතරේ මා තැබීය.
13 ෂූලම්මීය, හැරී එන්න, හැරී එන්න;
1 අධිපතියාණන්ගේ දුවණියෙනි, වහන් සහිත නුඹේ අඩි තැබීම කොපමණ ලක්ෂණද! නුඹේ කළවා සන්ධි දක්ෂ කම්කරුවෙකුගේ අතින් කළ ආභරණ මෙන්ය.
2 නුඹේ නාභිය මිශ්‍රකළ පානයෙන් පූර්ණවූ වටකුරුවූ පාත්‍රයක් මෙන්ය, නුඹේ උදරය මානෙල්වලින් වටවූ තිරිඟු ගොඩක් මෙන්ය.
3 නුඹේ දෙතන නිඹුල් මුවපැටවුන් දෙදෙනෙකු මෙන්ය.
4 නුඹේ ග්‍රීවය ඇත්දත් කුළුනක් මෙන්ය;
5 නුඹේ මතුයෙහි තිබෙන නුඹේ සිරස කර්මෙල් කන්ද මෙන්ය, නුඹේ හිසකේ රත්නිල් කෙඳි මෙන්ය;
6 එම්බා, සොඳුරිය, ප්‍රීතිය වඩවන්ට නුඹ කොපමණ ලක්ෂණද!
7 මේ නුඹේ උස ප්‍රමාණය තල් ගසකටත් නුඹේ පියයුරු මිදි පොකුරුවලටත් සමානය.
8 මම තල් ගසට නැගී එහි අතු අල්ලන්නෙමියි කීමි.
9 නුඹේ මුඛය ඉතා හොඳ මුද්‍රිකපානය මෙන්ද වේවා;
මනමාලීගේ ගී
10 මම මාගේ ප්‍රේමවන්තයාගේය, ඔහුගේ ආශාවද මා කෙරෙහිය.
11 මාගේ ප්‍රේමවන්තය, එන්න, අපි ගම් පෙදෙසට ගොස්, ගම්වල නැවතී සිටිමු.
12 අපි අලුයම නැගිට මිදිවතුවලට ගොස්, මිදිවැල් දළුලා මල් පිපුණේද, දෙළුම් ගස්වල මල්පිපී තිබේදැයි බලමු.
13 දූදා ඵල සුවඳක් විහිදුවයි, අපේ දොරටු ළඟ අලුත්වූද පරණවූද සියලු ආකාර අනර්ඝ පලතුරු තිබේ, මාගේ ප්‍රේමවන්තය, ඒවා නුඹ උදෙසා තබාගතිමි.
81 අනේ, නුඹ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවාවූ මාගේ සොහොයුරා මෙන් වී නම් කැමැත්තෙමි!
2 මම නුඹ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි, නුඹ මට උගන්වන්නෙහිය.
3 ඔහුගේ වමත මාගේ හිස යට තිබේ, දකුණතද මා වැළඳගනියි.
4 යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් නුඹලා දිවුරවමි.
සිහිවීම් සහ අවසානය
5 තම ප්‍රේමවන්තයාට හේත්තුවී කාන්තාරයෙන් නැගීඑන්නාවූ මේ තැනැත්තිය කවුද?
6 මුද්‍රාවක් කොට නුඹේ සිතෙහිද මුද්‍රාවක් කොට නුඹේ හස්තයෙහිද මා තබාගන්න. මක්නිසාද ප්‍රේමය මරණය මෙන් බලවත්ය;
7 බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය, ගංගාවලට එය යටකරන්ටත් බැරිය. මනුෂ්‍යයෙක් ප්‍රේමය දිනාගන්ට තමාගේ ගෙයි සියලු සම්පත දෙතත්, ඔහු සහමුලින්ම සුළුකරනු ලැබේ.
8 අපට කුඩා සහෝදරියක් සිටින්නීය, ඈට පියයුරු නැත.
9 ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩනගන්නෙමුව.
10 මම පවුරක්ව සිටියෙමි, මාගේ පියයුරු එහි කොත්කුළුනු මෙන්ය;
11 බාල්-හාමොන්හි සාලමොන්ට මිදිවත්තක් තිබුණේය;
12 මට අයිති මගේ මිදිවත්ත මා ඉදිරියෙහි තිබේ.
13 උයන්වල වසන තැනැත්තිය, යහළුවෝ නුඹේ හඬට ඇහුම්කන්දෙති.
14 මාගේ ප්‍රේමවන්තය, ඉක්මන්කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත්මුවෙකු නොහොත් මුවවස්සෙකු මෙන් යුහුසුලුවෙන්න.