පළමුවෙනි කාණ්ඩය
ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා
1 දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ,
2 ස්වාමීන්ගේව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
3 ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය;
4 දුෂ්ටයෝ එසේ නොව, සුළඟින් විසිර යන බොල් හා සමානය.
5 එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය.
6 මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක.
අභිෂේකලත් තැනැත්තාගේ රාජ්‍යය
1 මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද?
2 ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති.
3 අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති.
4 ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක.
5 එකල්හි උන්වහන්සේ කෝපයෙන් ඔවුන්ට කථාකොට, තමන් උදහසින් ඔවුන් කළඹනසේක්:
6 මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.
7 මම නියමය ප්‍රකාශකරන්නෙමි.
8 මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි.
9 නුඹ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණුකරන්නෙහියයි කීසේක.
10 එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්.
11 ස්වාමීන්ටභයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්‍රීතිවව්.
12 පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය.
දෙවියන්වහන්සේ තුළ ධෛර්ය ඇතුව සිටීම
තමාගේ පුත්‍රවූ අබ්සලොම් පලාගිය කල දාවිත් ලියූ ගීතයකි.
1 ස්වාමිනි,මාගේ එදිරිකාරයෝ කොපමණ වැඩිවූද!
2 දෙවියන්වහන්සේ තුළ ඔහුට ගැළවීමක් නැතැයි මාගේ ප්‍රාණය ගැන කියන්නෝ බොහෝය.
3 නුමුත්ස්වාමිනි,ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක.
4 ස්වාමීන්ටමාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක.
5 මම වැතිරී නිදාගතිමි;
6 මට විරුද්ධව මා වටකොට රැස්ව සිටින්නාවූ දස දහස් ගණන් සෙනඟට භය නොවන්නෙමි.
7 ස්වාමිනි,නැගුටුණ මැනව;
8 ගැළවීමස්වාමීන්ටඅයිතිය.
දෙවියන්වහන්සේ තුළ නිශ්චලවීම
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගායනාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි.
1 මාගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස, මා හඬගසන කල මට උත්තර දුන මැනව;
2 මනුෂ්‍ය පුත්‍රයෙනි, මාගේ ගෞරවය කොපමණ කල් අගෞරවයට පෙරළන්නහුද?
3 නුමුත්ස්වාමීන්වහන්සේභක්තිවන්තයා තමන්ටම වෙන්කරගත් බව දැනගනිව්.
4 භයින් සිටිව්, පව් නොකරව්.
5 ධර්මිෂ්ඨකමේ පූජා පුදමින්,ස්වාමීන්කෙරෙහි විශ්වාසය තබව්.
6 අපට යහපතක් දක්වන්නේ කවරෙක්දැයි බොහෝ දෙන කියති.
7 ඔවුන්ගේ ධාන්‍ය හා මුද්‍රිකපානය වැඩිවූ කල්හි ඔවුන්ට ඇති ප්‍රීතියට වඩා ඔබ මාගේ සිතේ ප්‍රීතියක් ලූසේක.
8 මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි.
සතුරන්ගෙන් මිදීම පිණිස යාච්ඤාව
නායක වාද්‍යකරුටයි; නළා ඇතුව ගීතිකාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,මාගේ වචනවලට කන් යොමුකර, මාගේ භාවනාව සැලකුව මැනව.
2 මාගේ රජ්ජුරුවෙනි, මාගේ දෙවියන්වහන්ස, ඔබට යාච්ඤාකරමි;
3 ස්වාමිනි,උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක;
4 මක්නිසාද ඔබ දුෂ්ටකමට ප්‍රියවූ දෙවිකෙනෙක් නොවනසේක.
5 අහංකාරීහු ඔබගේ ඇස් හමුවෙහි නොසිටින්නෝය.
6 ඔබ බොරු කියන්නන් විනාශකරනසේක.
7 මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි.
8 ස්වාමිනි,මාගේ සතුරන් නිසා ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ගෙනගිය මැනව;
9 මක්නිසාද ඔවුන්ගේ මුඛයෙහි කිසි සැබෑකමක් නැත;
10 දෙවියන්වහන්ස, ඔවුන් වරදකාරයන් මෙන් සැලකුව මැනව;
11 නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා.
12 මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරනසේක;
ලෙඩේදී යාච්ඤා කිරීම
නායක වාද්‍යකරුටයි; මහා ශබ්දය ඇති වීණා සහිතව ගීතිකාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව, ඔබගේ තද කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව.
2 ස්වාමිනි,මම මැලවී සිටිමි;
3 මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ.
4 ස්වාමිනි,හැරී මාගේ ප්‍රාණය නිදහස්කළමැනව.
5 මක්නිසාද මරණයේදී ඔබ සිහි කිරීමක් නැත.
6 මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි;
7 මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි.
8 අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්;
9 ස්වාමීන්වහන්සේ,මාගේ කන්නලව්ව ඇසූසේක;
10 මාගේ සියලු සතුරෝ ලජ්ජාවට පැමිණ බොහෝසෙයින්ම කැලඹෙන්නාහුය.
නිදොස්වීම සඳහා දෙවියන්වහන්සේට අයැදීම
බෙන්යමිය කූෂ්ගේ වචන නිසා දාවිත් විසින් ස්වාමීන්වහන්සේට ගීතිකාකළ කාවියමකි.
1 මාගේ දෙවිවූස්වාමිනි,ඔබ සරණ කොට ගනිමි.
2 නැතහොත් ගළවන්නෙක් නැති කල්හි ඔහු සිංහයෙකු මෙන් මාගේ ආත්මය කැබලිකොට ඉරාදමන්නේය.
3 මාගේ දෙවිවූස්වාමිනි,මම මේක කෙළෙම්නම්;
4 මා සමඟ සමාදානයෙන් සිටිය තැනැත්තාට නපුරක් කෙළෙම් නම්;
5 සතුරා මාගේ ආත්මය ලුහුබැඳ අල්වා අසුකර ගනීවා;
6 ස්වාමිනි,ඔබගේ උදහසින් නැඟුටුණ මැනව, මාගේ එදිරිකාරයන්ගේ කෝප වේගයට විරුද්ධව සිටිය මැනව.
7 ජන සමූහයෝ රැස්ව ඔබ වටකර සිටිත්වා.
8 ස්වාමීන්වහන්සේමනුෂ්‍යජාතීන්ට යුක්තිය සලසා දෙනසේක.
9 අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව.
10 මාගේ පලිහ අවංක සිත් ඇත්තන් ගළවන දෙවියන්වහන්සේ සමඟය.
11 දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චය-කාරයෙක, එසේය, සැමදාම උදහස්වන දෙවි කෙනෙක.
12 යමෙක් නොහැරේනම් උන්වහන්සේ තමන්ගේ කඩුව මුවහත් කරනසේක;
13 උන්වහන්සේ ඔහුට මරණායුධ පිළියෙළකළසේක;
14 බලව, ඔහු අයුතුකම ප්‍රසූතකිරීමට වේදනා විඳියි;
15 ඔහු වළක් කැණ ගැඹුරුකොට හෑරුවේය, තමා හෑරූ බොරු වළේ තෙමේම වැටුණේය.
16 ඔහුගේ නපුරුකම ස්වකීය හිස පිටට හැරෙන්නේය, ඔහුගේ බලාත්කාරකම ස්වකීය ඉස් මුදුනෙහි වැටෙන්නේය.
17 ස්වාමීන්ගේධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි.
මනුෂ්‍යයාගේ උතුම්කම
නායක වාද්‍යකරුටයි; ගිත්තීත් යන තූර්යය ඇතුව ගීතිකා කිරීමටයි. දාවිත්ගේ ගීතයකි.
1 අපගේ ස්වාමිවූස්වාමීන්වහන්ස,ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද!
2 සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක.
3 ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල;
4 ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද?
5 ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.
6 ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක;
7 එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද;
8 ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද, මුහුදු මාර්ගවල යන්නාවූ සියල්ලෝද යන මොව්හුය.
9 අපගේ ස්වාමිවූස්වාමීන්වහන්ස,ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!
9ධර්මිෂ්ඨ විනිශ්චය ගැන ස්තුතිකිරීම
නායක වාද්‍යකරුටයි; මුත්ලබ්බෙන් නම් වෘත්තයයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමීන්ටමාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි;
2 ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂ වන්නෙමි;
3 මාගේ සතුරන් ආපසු හැරෙන කල, ඔව්හු ඔබ ඉදිරියෙහි පැකිල විනාශවෙති.
4 මක්නිසාද ඔබ මාගේ කාරණයද යුක්තියද ඉෂ්ටකළසේක;
5 ඔබ ජාතීන්ට තරවටුකොට දුෂ්ටයන් විනාශකළසේක, සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූසේක.
6 සතුරෝ කෙළවරකට පැමිණියෝය, ඔව්හුද ඔබ විසින් පෙරළාදැමූ නුවරවල්ද සදාකාලයටම නාස්තිවූය;
7 එහෙත්ස්වාමීන්වහන්සේසදාකල්ම රජව වැඩහිඳිනසේක.
8 උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකයා විනිශ්චයකරනසේක, අවංකකමින් ජනයන්ට යුක්තිය සලස්වාදෙනසේක.
9 ස්වාමීන්වහන්සේපීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වනසේක, විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක;
10 ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය;
11 සියොන්හි වාසයකරනස්වාමීන්ටප්‍රශංසා ගී කියව්;
12 මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක.
13 මා විසින් ඔබගේ ප්‍රශංසා සියල්ල ප්‍රකාශකරන පිණිසද, සියොන් දුවගේ දොරටුවලදී ඔබගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන පිණිසද,
14 ස්වාමිනි,මට කරුණාකළ මැනව;
15 ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති.
16 ස්වාමීන්වහන්සේයුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක;
17 දුෂ්ටයෝ, එසේය, දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියලු ජාතීහු ෂෙයෝලට හැරීයන්නාහුය.
18 මක්නිසාද දුප්පතා නිතරම මතකනැති නොවන්නේය, දිළිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය.
19 ස්වාමිනි,නැගුටුණ මැනව;
20 ස්වාමිනි,ඔවුන්ට භය පැමිණෙවුව මැනව, ජාතීහු තමුන් මනුෂ්‍යයන් පමණක් බව දැනගනිත්වා.
10දුඃඛිතයන්ගේ යාච්ඤාව
1 ස්වාමිනි,ඔබ කුමට දුරුව සිටිනසේක්ද?
2 දුෂ්ටයාගේ අහංකාරකමෙන් දිළිඳා දැවෙන්නේය;
3 මක්නිසාද දුෂ්ටයා තමාගේ සිතේ ආශාව ඉෂ්ටවීම ගැන පාරට්ටුකරගනියි, ලෝභි තැනැත්තේදස්වාමීන්අත්හරියි, එසේය, උන්වහන්සේ හෙළාදකියි.
4 දුෂ්ටයා අහංකාරයෙන් කථාකොට:
5 ඔහුගේ මාර්ග සෑමවිටම ස්ථිරය;
6 ඔහුද: මම නොසෙල්වන්නෙමි;
7 ඔහුගේ මුඛය ශාපයෙන්ද රැවටිල්ල හා බලාත්කාරයෙන්ද පිරී තිබේ.
8 ඔහු ගම්වල රැක හිඳින තැන්හි නැවතී සිට අප්‍රකාශ ස්ථානවලදී නිර්දෝෂයන් මරයි.
9 සිංහයා ගුහාවේ රැක සිටින්නාක්මෙන් ඔහු අප්‍රකාශ ස්ථානයෙහි රැක සිටියි.
10 ඔහු බිම ලැග සිටියි, නැඹුරුව සිටියි, ඔහුගේ බලවතුන් කරණකොටගෙන අසරණ අය වැටෙති.
11 ඔහු කථාකොට:
12 ස්වාමිනි,නැගුටුණ මැනව;
13 දුෂ්ටයා දෙවියන්වහන්සේට නින්දා කරන්නෙත් ඔබ පළි නොගන්නසේකැයි සිතින් කියන්නෙත් මක්නිසාද?
14 ඔබ එය දුටුසේක;
15 දුෂ්ටයාගේ බාහුව බින්ද මැනව;
16 ස්වාමීන්වහන්සේසදාකාලයටම රජ්ජුරුවෝය.
17 ස්වාමිනි,ඔබ යටහතුන්ගේ කැමැත්ත ඇසූසේක.
18 පියා නැත්තා සහ පීඩා විඳින්නා විනිශ්චයකරන්ට, ඔබ ඔවුන්ගේ සිත් සූදානම්කරනසේක, ඔබ කන්දී අසනසේක.
11ස්ථිර ඇදහීමේ ගීතය
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 මමස්වාමීන්සරණ කොට ගනිමි.
2 බලව, දුෂ්ටයෝ දුන්න නමති, අවංක සිත් ඇත්තන්ට අඳුරෙහි විදින පිණිස ඔව්හු ඊගස දුනුදියෙහි යොදති.
3 අත්තිවාරම් විනාශවූවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද?
4 ස්වාමීන්වහන්සේස්වකීය ශුද්ධ මන්දිරයෙහි වැඩ සිටිනසේක,ස්වාමීන්ගේසිංහාසනය ස්වර්ගයෙහිය;
5 ස්වාමීන්වහන්සේධර්මිෂ්ඨයා විමසනසේක.
6 දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක;
7 මක්නිසාදස්වාමීන්වහන්සේධර්මිෂ්ඨසේක;
අභක්තිය පැවති කාලයේදී කළ යාච්ඤාවක්
නායක වාද්‍යකරුටයි; ෂෙමීනීත් නම් මහා වීණාවෙන් ගායනාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,පිහිටවුව මැනව;
2 ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති.
3 අපේ දිවෙන් ජයගන්නෙමුව;
4 චාටු සහිත මුඛ සහ මහත් කාරණා කියන දිවදස්වාමීන්වහන්සේකපාහරිනසේක.
5 දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියිස්වාමීන්වහන්සේකියනසේක.
6 පොළොවේ උදුනක සත් වරක් පවිත්‍රකළ රිදී මෙන්ස්වාමීන්ගේවචන පිරිසිදුය.
7 ස්වාමිනි,ඔබ ඔවුන් ආරක්ෂාකරනසේක, මේ පරම්පරාවෙන් සෑමකල්ම ඔබ ඔවුන් රැකගන්නසේක.
8 දුශ්චරිතය මනුෂ්‍යපුත්‍රයන් අතරෙහි උසස්වෙන කල දුෂ්ටයෝ සියලු දෙසම ඇවිදිති.
13ස්වාමීන්වහන්ස, කොතෙක් කල්ද?
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද?
2 කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්‍රණ යොදමින්, දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද?
3 මාගේ දෙවිවූස්වාමිනි,මා සලකා මට උත්තරදුන මැනව.
4 නැත්නම්: ඔහුගෙන් ජයගතිමියි මාගේ සතුරා කියන්නේය;
5 එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාසකෙළෙමි;
6 ස්වාමීන්වහන්සේමට යහපත්කම් කළ නිසා උන්වහන්සේට ගායනාකරන්නෙමි.
14දේවඅභක්තික ලෝකයා ගැන දුක්වීම
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 අඥානයා:
2 නුවණින් ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස,ස්වාමීන්වහන්සේස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක.
3 සියල්ලෝම මුළාව ගොස් සිටිති;
4 ආහාර කන්නාක්මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ,ස්වාමීන්ටහඬ නොගසන්නාවූ, අයුතුකම් කරන සියල්ලන්ට කිසි දැනගැන්මක් නැද්ද?
5 ඔව්හු එහි මහත් භයින් සිටියෝය.
6 ස්වාමීන්වහන්සේදිළිඳාගේ රක්ෂාස්ථානය බැවින් නුඹලා ඔහුගේ මන්ත්‍රණය ලජ්ජාවට පෙරළන්නහුය.
7 අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත!
සත්පුරුෂයාගේ චරිතය
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද?
2 අවංකලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තේය.
3 ඔහු තමාගේ දිවෙන් කේලාම් නොකියයි, තමාගේ මිත්‍රයාට නපුර නොකරයි, තමාගේ අසල්වාසියාට විරුද්ධව නින්දා බසක් පතළ නොකරයි.
4 අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි;
5 ඔහු මුදල් පොළියට නොදෙයි, නිර්දෝෂයාට විරුද්ධව අල්ලස්ද නොගනියි.
ස්වාමීන්වහන්සේ පරම සැපත බව
දාවිත්ගේ මික්තාම් නම් කාවියමකි.
1 දෙවියන්වහන්ස, මා ආරක්ෂාකළ මැනව.
2 ඔබ මාගේස්වාමීන්වහන්සේය,ඔබ හැර යහපතක් මට නැතැයිස්වාමීන්ටකීමි.
3 පොළොවේ සිටින ශුද්ධවන්තයෝ වනාහි මාගේ මුළු ප්‍රීතිය උපදවන උත්තමයෝය.
4 ස්වාමීන්අත්හැර අන් දෙවිකෙනෙකු පිළිගන්නන්ගේ දුක් බෝවන්නේය.
5 මාගේ උරුම කොටසත් කුසලාන්කොටසත්ස්වාමීන්වහන්සේය.
6 මට මායිම් වුණේ ප්‍රසන්න තැන්වලය;
7 මට දැනමිතිකම් දුන්නාවූස්වාමීන්ටස්තුති ප්‍රශංසාකරන්නෙමි;
8 ස්වාමීන්නිතර මා ඉදිරියෙහි තබාගතිමි.
9 එබැවින් මාගේ සිත සන්තෝෂවේ, මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි.
10 මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරිනසේක;
11 ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක.
විරුද්ධකාරයාගේ මාවත්වලින් මිදීම.
දාවිත්ගේ යාච්ඤාවකි.
1 ස්වාමිනි,යුක්තිය ඇසුව මැනව, මාගේ හඬගැසීම සැලකුව මැනව;
2 මාගේ නඩුතීන්දුව ඔබ ඉදිරියෙන් පැමිණේවා;
3 ඔබ මාගේ සිත පරීක්ෂාකළසේක;
4 මනුෂ්‍යයන්ගේ ක්‍රියා කෙසේ වුවත් මම ඔබගේ තොල්වල වචනය කරණකොටගෙන බලාත්කාරකරන්නන්ගේ මාර්ගවලින් වැලකී සිටියෙමි.
5 මාගේ අඩි ඔබගේ මාවත්වල ස්ථිරලෙස පිහිටියේය, මාගේ පාද නොලිස්සුවේය.
6 දෙවියන්වහන්ස, ඔබ මට උත්තරදෙන නිසා මම ඔබට හඬගැසීමි.
7 ඔබ කෙරෙහි සරණගන්නවුන් විරුද්ධකාරයන්ගෙන් ඔබගේ දකුණතින් ගළවන තැනන්වහන්ස, ඔබගේ පුදුමවූ කරුණාගුණය දැක්වුව මැනව.
8 මාගෙන් කොල්ලකන්නාවූ දුෂ්ටයන්ගෙන්ද මා මරන්ට කැමතිවූ මා වටකරගන්න සතුරන්ගෙන්ද
9 ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂාකළ මැනව, ඔබගේ පියාපත් සෙවණෙහි මා සඟවාගත මැනව.
10 ඔව්හු තමුන්ගේම තෙලින් තරවී සිටිති.
11 දැනුදු ඔව්හු අපේ අඩිපාර බලා අප වටකරගන සිටිති.
12 ඔහු ගොදුරට ගිජුවූ සිංහයෙකුටත් රහස් තැන්වල රැකහිඳින තරුණ සිංහයෙකුටත් සමානය.
13 ස්වාමිනි,නැගුටුණ මැනව, ඔහුට විරුද්ධව සිටිය මැනව, ඔහු පහත හෙළුව මැනව;
14 ස්වාමිනි,ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.
15 මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි.
රාජකීය ස්තුතියක්
නායක වාද්‍යකරුටයි. ස්වාමීන්වහන්සේගේ, මෙහෙකරුවූ දාවිත්ගේ ගීතයකි. ඔහුගේ සියලු සතුරන් ගෙන්ද සාවුල්ගේ අතින්ද ස්වාමීන්වහන්සේ ඔහු මිදූ කල ඔහු මේ ගීතිකාවේ වචන ස්වාමීන්වහන්සේට කීවේය.
1 මාගේ ශක්තියවූස්වාමිනි,ඔබට ප්‍රේමකරමි.
2 ස්වාමීන්වහන්සේමාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය;
3 ප්‍රශංසා ලැබිය යුතුවූස්වාමීන්ටහඬගසන්නෙමි.
4 මරහුගේ ලනුවලින් වෙළනු ලැබීමි, අධර්මය නමැති ජල ප්‍රවාහයෝ මා භයගැන්වූය.
5 ෂෙයෝලේ බැඳුම් මා වටින් විය.
6 මාගේ විපත්තියේදීස්වාමීන්ටහඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි.
7 එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.
8 උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය.
9 උන්වහන්සේ අහස නමාගන බැස්සසේක;
10 උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.
11 උන්වහන්සේ අන්ධකාරය තමන්ට ආවරණයක්ද, ජලධාරාවල අන්ධකාරය සහ ආකාශ ඝන වලාකුල් තමන් වටකොට මණ්ඩපයක්ද කරගත්සේක.
12 උන්වහන්සේ ඉදිරියෙහිවූ දීප්තිය නිසා උන්වහන්සේගේ ඝන වලාකුල් පහව ගියේය;
13 ස්වාමීන්වහන්සේඅහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක;
14 උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක;
15 එවිටස්වාමිනි,ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.
16 උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක;
17 උන්වහන්සේ මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද මා මුදාගත්සේක, මක්නිසාද ඔව්හු මට වඩා බලසම්පන්න වූය.
17 18 මගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය.
19 උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක;
20 ස්වාමීන්වහන්සේමාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක;
21 මක්නිසාද මමස්වාමීන්ගේමාර්ගවල පැවතුණෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ටලෙස අහක්ව නොගියෙමි.
22 මක්නිසාද උන්වහන්සේගේ සියලු විනිශ්චයෝ මා ඉදිරියෙහි වූහ, උන්වහන්සේගේ පනත්ද මා කෙරෙන් පහ නොකෙළෙමි.
23 මම උන්වහන්සේ වෙත නිර්දෝෂව සිටියෙමි, මාගේ අයුතුකමෙන් වැලකී සිටියෙමි.
24 එබැවින්ස්වාමීන්වහන්සේමාගේ ධර්මිෂ්ඨකම ලෙසත් උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි මාගේ අත්වල පිරිසිදුකම ලෙසත් මට ප්‍රතිඵල දුන්සේක.
25 කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක;
26 පිරිසිදු අය සමඟ ඔබ පිරිසිදු බව දක්වනසේක;
27 මක්නිසාද ඔබ පීඩිතවූ සෙනඟ ගළවනසේක;
28 එසේය, ඔබ මාගේ පහන දල්වනසේක.
29 මක්නිසාද ඔබ කරණකොටගෙන හමුදාවකට විරුද්ධව දුවමි;
30 දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය.
31 මක්නිසාදස්වාමීන්හැර දෙවිකෙනෙක් කවුද?
32 මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක.
33 උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක.
34 උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක;
35 තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක.
36 ඔබ මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය.
37 මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගන්නෙමි.
38 නැගිටින්ට බැරිවන ලෙස ඔවුන්ට පහරදෙන්නෙමි.
39 මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක.
40 මාගේ වෛරකාරයන් මා විසින් සිඳිනු ලබන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටුපාන්ට සැලැස්සූසේක.
41 ඔව්හු මොරගැසුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය.
42 ඒකල මම සුළඟ ඉදිරියෙහි ධූලි මෙන් ඔවුන් සුණු කෙළෙමි.
43 ඔබ සෙනඟගේ විවාදවලින් මා මුදා ගත්සේක;
44 ඔව්හු මා ගැන ඇසූ කෙණෙහිම මට කීකරුවන්නාහුය.
45 විදේශීහු මලානිකව, තමන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය.
46 ස්වාමීන්වහන්සේජීවත්වනසේක;
47 උන්වහන්සේ වනාහි මා උදෙසා පළිගන්නාවූ, ජාතීන් මට යටත්කරදෙන්නාවූ දෙවියන්වහන්සේය.
48 උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාසේක.
49 එබැවින්ස්වාමිනි,ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
50 උන්වහන්සේ තමන් රජහට මහත් ගැළවීම දෙනසේක;
මැවිල්ලේ හා ව්‍යවස්ථාවේ මහිමය
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි;
2 දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි.
3 කථාවක්වත් වචනයක්වත් නැත;
4 ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිරගියේය.
5 ඔහු තමාගේ භවනයෙන් නික්මෙන මනමාලයෙකු වැනිය, තමාගේ ගමන දුවන්ට ශක්තිමත් කෙනෙකුමෙන් ප්‍රීතිවෙයි.
6 ඔහුගේ නික්මයාම අහසේ කෙළවරෙන් වේ, වටේට යාමත් එහි කෙළවර දක්වාවේ. ඒකේ රස්නය නොවැදෙන කිසිවක් නැත්තේය.
7 ස්වාමීන්ගේව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය.
8 ස්වාමීන්ගේපනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය.
9 ස්වාමීන්කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය.
10 ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය.
11 තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ.
12 ස්වකීය වැරදි දැනගත හැකි කාටද?
13 එඩිතරව පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව;
14 මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනි, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.
20යුද්ධයට යෑමේදී කළ යාච්ඤාව
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 විපත්ති දවසේදීස්වාමීන්වහන්සේනුඹට උත්තරදෙනසේක්වා;
2 ශුද්ධස්ථානයෙන් නුඹට පිහිට එවනසේක්වා, සියොන්හි සිට නුඹ ශක්තිමත් කරනසේක්වා;
3 නුඹේ පූජා සියල්ල සිහිකරනසේක්වා, නුඹේ දවන පූජාව පිළිගන්නාසේක්වා;
4 නුඹේ සිතේ ආශාව ලෙස නුඹට දෙනසේක්වා, නුඹේ මන්ත්‍රණ සියල්ල ඉෂ්ටකරනසේක්වා.
5 නුඹේ ගැළවීම ගැන අපි ජය ඝෝෂාකරන්නෙමුව, අපේ දෙවියන්වහන්සේගේ නමින් අපගේ කොඩි නගන්නෙමුව.
6 ස්වාමීන්වහන්සේතමන් අභිෂේකලත් තැනැත්තා ගළවන බව දැන් දනිමි;
7 සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති.
8 ඔව්හු නැමී වැටී සිටිති.
9 ස්වාමිනි,ගැළවුව මැනව.
ජයගැනීම ගැන ප්‍රශංසාව
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,රජතෙම ඔබගේ ශක්තියෙන් ප්‍රීතිවන්නේය;
2 ඔහුගේ සිතේ ආශාව ලෙස ඔබ ඔහුට දුන්සේක, ඔහුගේ මුඛයෙන් ඉල්ලූ දේ ඔහුගෙන් නොවැලැක්වූසේක.
3 මක්නිසාද ඔබ යහපත් වරයන් රැගෙන ඔහු ඉදිරියට එනසේක, ඔහුගේ හිස පිට පවිත්‍ර රන් ඔටුන්නක් තබනසේක.
4 ඔහු ඔබගෙන් ජීවිතය ඉල්ලුවේය;
5 ඔබගෙන් ලැබුණු ගැළවීම කරණකොටගෙන ඔහුගේ ප්‍රශංසාව මහත්ය.
6 මක්නිසාද ඔබ සදාකල්ම ඔහු ඉතා ආශීර්වාදලද්දෙක් කරනසේක.
7 මක්නිසාද රජතෙමස්වාමීන්කෙරෙහි විශ්වාසකරයි, මහෝත්තමයාණන්ගේ කරුණාගුණයෙන් ඔහු නොසෙල්වී සිටින්නේය.
8 නුඹේ අතට නුඹේ සියලු සතුරෝද නුඹේ දකුණතට නුඹට වෛරවන්නෝද අසුවන්නෝය.
9 ඔබ කෝපවූ කල ඔවුන් ගිනි උදුනක්මෙන් කරනසේක.
10 ඔබ ඔවුන්ගේ වංශය පොළොවෙන්ද ඔවුන්ගෙන් පැවත එන්නන් මනුෂ්‍ය පුත්‍රයන් අතරෙන්ද විනාශකරනසේක.
11 මක්නිසාද ඔව්හු ඔබට විරුද්ධව නපුර සිතුවෝය.
12 මක්නිසාද ඔවුන් පිටුපාන්ට ඔබ සලස්වනසේක, ඔබගේ දුනුදිය රැගෙන ඔවුන්ගේ මුහුණු දෙසට යොදනසේක.
13 ස්වාමිනි,ස්වකීය ශක්තියෙන් උසස් වුවමැනව.
දේවසේවකයාගේ දුක්විඳීම
නායක වාද්‍යකරුටයි; අලුයමේ මුව දෙන නම්වූ වෘත්තයයි. දාවිත්ගේ ගීතයකි.
1 මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද? මට පිහිට නොවී, මාගේ මොරගැසීමේ වචනවලින් මෙසේ දුරුව සිටින්නේ මක්නිසාද?
2 මාගේ දෙවියනි, දාවල් ඔබට හඬ ගසමි, එහෙත් ඔබ උත්තර නොදෙනසේක;
3 නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.
4 අපේ පියවරු ඔබ කෙරෙහි විශ්වාස කළෝය.
5 ඔව්හු ඔබට හඬගැසුවෝය, මුදනු ලැබුවෝය;
6 මම නම් මනුෂ්‍යයෙක් නොව පණුවෙක්මි;
7 මා දකින සියල්ලෝම මට කවටකම් කෙරෙති.
8 ස්වාමීන්ටභාරවෙව;
9 එහෙත් මවු කුසින් මා බිහිකළ තැනන්වහන්සේ ඔබමය;
10 මවු ගැබෙහි පටන් ඔබගේ ආරක්ෂාවට භාරදෙනු ලදිමි, මාගේ මවගේ කුසෙහි පටන් මාගේ දෙවියන්වහන්සේ ඔබය.
11 මා කෙරෙන් දුරුනූව මැනව;
12 බොහෝ ගොන්නු මා වටකර සිටිති.
13 ගොදුරුකමින් ගොරවන සිංහයෙකුමෙන් ඔව්හු මා දෙස බලා කට අරිති.
14 මම වතුර මෙන් වැගිරයෙමි, මාගේ ඇට සියල්ල අවසන්ධිවේ.
15 මාගේ සවිය කැබිලිත්තක් මෙන් වියළී තිබේ;
16 මක්නිසාද බල්ලෝ මා වටකළෝය.
17 මාගේ ඇට සියල්ල ගණන්කළ හැක්කෙමි;
18 මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති, මාගේ සළුව පිණිස පසඇට දමති.
19 නුමුත්,ස්වාමිනි,ඔබ දුරුනූව මැනව.
20 මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව.
21 සිංහයාගේ මුඛයෙන් මා ගැළවුව මැනව;
22 ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශකරන්නෙමි, සභා මධ්‍යයෙහි ඔබට ප්‍රශංසාකරන්නෙමි.
23 ස්වාමින්කෙරෙහි භය ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්;
24 මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක;
25 මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්ය.
26 යටහත් සිත් ඇත්තෝ අනුභවකොට තෘප්තියට පැමිණෙන්නාහුය.
27 පොළොවේ සියලු සීමාවෝ සිහිකරමින්ස්වාමීන්වෙතට හැරෙන්නෝය.
28 මක්නිසාද රාජ්‍යයස්වාමීන්වහන්සේගේය.
29 පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකොට නමස්කාරකරන්නාහුය.
30 වංශයක් උන්වහන්සේට මෙහෙකරන්නේය;
31 ඔව්හු පැමිණ උන්වහන්සේ මෙසේ කළසේක කියා මතු උපදින සෙනඟකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නාහුය.
23යහපත් බැටළු එඬේරාණෝ
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමීන්වහන්සේමාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.
2 උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක.
3 උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක;
4 එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි;
5 මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක.
6 සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය.
තේජසේ රජ්ජුරුවෝ
දාවිත්ගේ ගීතයකි.
1 පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝදස්වාමීන්ගේය.
2 මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක.
3 ස්වාමීන්ගේකන්දට නගින්නේ කවුද?
4 පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට යොමුනොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය.
5 ඔහුස්වාමීන්ගෙන්ආශීර්වාදයක්ද තමාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ ගෙන් ධර්මිෂ්ඨකමද ලබන්නේය.
6 උන්වහන්සේ සොයන්නන්ගේ, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මුහුණ සොයන්නන්ගේ පරම්පරාව මේය.
7 ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්;
8 තේජසේ රජ්ජුරුවෝ කවුද?
9 ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්.
10 මේ තේජසේ රජ්ජුරුවෝ කවුද?
ලුහුඬු යාච්ඤා පෙළක්
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි.
2 මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි, මම ලජ්ජා නොවෙම්වා;
3 එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය.
4 ස්වාමිනි,ඔබගේ මාර්ග මට දැක්වුවමැනව;
5 ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව;
6 ස්වාමිනි,ඔබගේ මෘදුවූ දයාබරකම්ද කරුණාගුණයන්ද සිහිකළ මැනව;
7 ස්වාමිනි,මාගේ යෞවන වයසේ පව්වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව.
8 ස්වාමීන්වහන්සේයහපත්ය, අවංකය.
9 උන්වහන්සේ යටහතුන් යුක්තියෙහි හසුරුවනසේක.
10 ස්වාමීන්ගේ,ගිවිසුමද ශික්ෂාද රක්නවුන්ට උන්වහන්සේගේ සියලු මාවත් කරුණාව හා සැබෑකමද වෙති.
11 ස්වාමිනි,මාගේ අයුතුකම මහත් බැවින් ඔබගේ නාමය නිසා ඊට කමාවුව මැනව.
12 ස්වාමීන්කෙරෙහි භය ඇත්තේ කවරේද?
13 ඔහුගේ ආත්මය සුවසේ වසන්නේය;
14 ස්වාමීන්ගේරහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය;
15 මාගේ ඇස් නිතරමස්වාමීන්දෙසට යොමුව තිබේ;
16 මා දෙසට හැරී මට කරුණාකළ මැනව;
17 මාගේ සිතේ දුක් වැඩිව තිබේ.
18 මාගේ පීඩාව සහ වේදනාවද බැලුව මැනව;
19 මාගේ සතුරන් බැලුව මැනව, මක්නිසාද ඔව්හු බොහෝය;
20 මාගේ ආත්මය ආරක්ෂාකොට මා මිදුව මැනව.
21 සත්‍යකමත් අවංකකමත් මා රකීවා, මක්නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි.
22 දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල් ඔහුගේ සියලු දුක්වලින් මිදුව මැනව.
26සම්පූර්ණ හෙවත් අවංක අයගේ ඉල්ලීම
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,මා විනිශ්චයකළ මැනව, මක්නිසාද මම නිර්දෝෂකමින් හැසුරුණෙමි.
2 ස්වාමිනි,මා සෝදිසිකොට පරීක්ෂාකළ මැනව;
3 මක්නිසාද ඔබගේ කරුණාගුණය මාගේ ඇස් හමුවෙහිය;
4 මම බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි;
5 නපුරුකම් කරන්නන්ගේ සමාගමට වෛරවෙමි, දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි.
6 ස්වාමිනි,ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද,
7 නිදොස්කමින් මාගේ අත් සෝදා, ඔබගේ පූජාසනය ප්‍රදක්ෂිණ කරන්නෙමි.
8 ස්වාමිනි,ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේමකරමි.
9 පව්කාරයන් සමඟ මාගේ ආත්මයත් මිනීමරන්නන් සමඟ මාගේ ජීවිතයත් එක් නොකළ මැනව.
10 ඔවුන්ගේ අත්වල පවිටුකම ඇත්තේය, ඔවුන්ගේ දකුණත අල්ලසින් පිරී තිබේ.
11 මම වනාහි නිර්දෝෂකමින් හැසිරෙන්නෙමි.
12 මගේ පය සමබිමෙක්හි පිහිටා තිබේ.
දෙවියන්වහන්සේ තුළ ප්‍රීති සහිත විශ්වාසය
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමීන්වහන්සේමාගේ ආලෝකයත් ගැළවීමත්ය;
2 නපුරුකම්කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංසය කන පිණිස මට විරුද්ධව ආ කල පැකිල වැටුණෝය.
3 සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත්, මාගේ සිත භය නොවන්නේය.
4 ස්වාමීන්ගෙන්එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි;
5 මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක;
6 දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි;
7 ස්වාමිනි,මාගේ ශබ්දයෙන් හඬගසනකල ඇසුව මැනව.
8 මාගේ මුහුණ සොයව්යයි ඔබ කීකල,ස්වාමිනි,ඔබගේ මුහුණ සොයන්නෙමියි මාගේ සිත ඔබට කීය.
9 ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව;
10 මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නුමුත්ස්වාමීන්වහන්සේමා පිළිගන්නසේක.
11 ස්වාමිනි,ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව;
12 මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා භාර නුදුන මැනව.
13 ජීවතුන්ගේ දේශයෙහිස්වාමීන්ගේයහපත්කම දකින්ට ලැබේයයි නොඇදහුවෙම් නම් කොපමණ අසරණද?
14 ස්වාමීන්කෙරෙහි බලාසිටුව.
අපරාධකරන්නන් මධ්‍යයෙහි යාච්ඤාකිරීම
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,ඔබට හඬගසන්නෙමි;
2 මා ඔබට හඬගසන කලද ඔබගේ ශුද්ධ වාග්භූමිය දෙසට මාගේ අත් ඔසවන කලද මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.
3 තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් කරන්නන්ද සමඟ මා ඇද නොදැමුව මැනව.
4 ඔවුන්ගේ ක්‍රියාව හැටියටත් හැසිරීම්වල දුෂ්ටකම හැටියටත් ඔවුන්ට විපාක දුන මැනව.
5 ඔවුන්ස්වාමීන්ගේක්‍රියා හෝ උන්වහන්සේගේ හස්තකර්ම හෝ නොසලකන බැවින් උන්වහන්සේ ඔවුන් බිඳ දමනසේක, ගොඩ නොනගනසේක.
6 ස්වාමීන්ටප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
7 ස්වාමීන්වහන්සේමාගේ ශක්තියය, මාගේ පලිහය;
8 ස්වාමීන්වහන්සේඔවුන්ගේ ශක්තියය, උන්වහන්සේ තමන්ගේ අභිෂේකලත් තැනැත්තාට ගැළවීමේ බලකොටුවක් වනසේක.
9 ඔබගේ සෙනඟ ගළවා, ඔබගේ උරුමයවූවන්ට ආශීර්වාදකළ මැනව.
කුණාටුවේදී දෙවියන්වහන්සේගේ හඬ
දාවිත්ගේ ගීතයකි.
1 බලවතුන්ගේ පුත්‍රයෙනි,ස්වාමීන්ටදෙව්, මහිමයත් බලයත්ස්වාමීන්ටදෙව්.
2 ස්වාමීන්ගේනාමයට දියයුතු මහිමය දෙව්;
3 ස්වාමීන්ගේශබ්දය ජල මතුයෙහිය
4 ස්වාමීන්ගේශබ්දය බලවත්ය;
5 ස්වාමීන්ගේශබ්දය කිහිරිගස් බිඳියි;
6 උන්වහන්සේ ඒවා වස්සෙකු මෙන්ද ලෙබනොන් සහ සිරියොන් කඳු තරුණ වල් ගොනෙකු මෙන්ද පෙම්කෙළින්ට සලස්වනසේක.
7 ස්වාමීන්ගේශබ්දය ගිනිදැල් බෙදයි.
8 ස්වාමීන්ගේශබ්දය වනාන්තරය සොලවයි;
9 ස්වාමීන්ගේශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි.
10 ස්වාමීන්වහන්සේජලගැල්මෙහිදී රජෙකු මෙන් වැඩහුන්සේක;
11 ස්වාමීන්වහන්සේතමන් සෙනඟට ශක්තිය දෙනසේක;
සුවය ගැන ප්‍රශංසාව
වන ගෘහය කැපකිරීමේ ගීතිකාවයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,ඔබ වර්ණනාකරමි;
2 මාගේ දෙවිවූස්වාමිනි,ඔබට මොරගැසීමි, ඔබද මා සුවකළසේක.
3 ස්වාමිනි,ඔබ ෂෙයෝලෙන් මාගේ ආත්මය ගොඩගත්සේක.
4 ස්වාමීන්ගේශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.
5 මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය;
6 මම වනාහි සැපතේදී කථාකොට:
7 ස්වාමිනි,ඔබගේ කරුණාවෙන් ඔබ මාගේ කන්ද ශක්තිමත්කොට පිහිටෙවුසේක.
8 ස්වාමිනි,ඔබට හඬගැසීමි;
9 මා වළට බසින කල මාගේ ලෙයින් ඇති ප්‍රයෝජනය කිම්ද?
10 ස්වාමිනි,ඇහුම්කන්දී මට කරුණාකළ මැනව.
11 ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක;
12 කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය.
දෙවියන්වහන්සේගේ අතට භාරවීම
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,ඔබ කෙරෙහි විශ්වාසකරමි;
2 මා දෙසට ඔබගේ කන නමා, ඉක්මනින් මා මිදුව මැනව.
3 මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය;
4 ඔවුන් රහසින් මට හෙළූ දැලින් මා බැහැරගත මැනව;
5 ඔබ අතට මාගේ ආත්මය භාරදෙමි.
6 බොරුවූ හිස්වූ දේ සලකන්නන්ට ද්වේෂකරමි.
7 ඔබගේ කරුණාව ගැන සතුටුව ප්‍රීති වන්නෙමි.
8 ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක;
9 ස්වාමිනි,මට කරුණාකළ මැනව, මක්නිසාද මම දුකින් සිටිමි.
10 මාගේ ජීවිතය කනගාටුවෙන්ද මාගේ අවුරුදු සුසුම්ලීමෙන්ද ගෙවී තිබේ.
11 මාගේ සියලු එදිරිකාරයන් නිසා අධික වශයෙන් මාගේ අසල්වාසීන්ට නින්දාවක්ව සිටිමි, මා අඳුනන්නන්ට භීතියක්ව සිටිමි.
12 සිතින් තොරවූ මළ තැනැත්තෙකු මෙන් මතක් නොවී සිටිමි.
13 මක්නිසාද බොහෝ දෙනෙකුගේ කෙලසුම් බස් ඇසීමි, හාත්පස භීතිය ඇත්තේය.
14 එහෙත්ස්වාමිනි,මම ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි.
15 මාගේ කාලයන් ඔබ අතේය.
16 ඔබගේ මෙහෙකරුවා කෙරෙහි ඔබගේ මුහුණ බැබළෙවුව මැනව.
17 ස්වාමිනි,මම ලජ්ජා නොවෙම්වා;
18 ආඩම්බරයෙන් හා හෙළාදැක්මෙන් ධර්මිෂ්ඨයාට විරුද්ධව උඩඟුලෙස කථා කරන්නාවූ බොරුකියන තොල් නිශ්ශබ්දවේවා.
19 ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!
20 මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුවෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක.
21 ස්වාමීන්ටප්‍රශංසාවේවා;
22 මම වනාහි:
23 ස්වාමීන්ගේසියලු ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රේමකරව්.
24 ස්වාමීන්කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් වව්;
කමාව ලැබීමේ වාසනාවන්තකම
දාවිත්ගේ අනුශාසනා ගීතයකි.
1 අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය.
2 ස්වාමීන්වහන්සේයමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය.
3 මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය.
4 මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය.
5 මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි.
6 එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා.
7 මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය;
8 ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි.
9 තේරුම් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවව්.
10 දුෂ්ටයාට බොහෝ දුක් පැමිණෙන්නේය.
11 ධර්මිෂ්ඨයෙනි,ස්වාමීන්කෙරෙහි සතුටුව ප්‍රීතිවව්.
මුදනු ලැබූ සෙනඟගේ ප්‍රශංසාව
1 ධර්මිෂ්ඨයෙනි,ස්වාමීන්කෙරෙහි ප්‍රීතිමත් වව්.
2 වීණාවෙන්ස්වාමීන්ටස්තුතිකරව්.
3 උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනාකරව්;
4 මක්නිසාදස්වාමීන්ගේවචනය සෘජුය;
5 උන්වහන්සේ ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවනසේක.
6 ස්වාමීන්ගේවචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.
7 උන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ගොඩක් සේ රැස්කොට, ගැඹුරු ජලයන් ගබඩාවල නිධාන කොට තබනසේක.
8 මුළු පොළොවස්වාමීන්ටභයවේවා.
9 මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය;
10 ස්වාමීන්වහන්සේජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක.
11 ස්වාමීන්ගේමන්ත්‍රණය සදාකාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය.
12 ස්වකීය දෙවියන් කොටස්වාමීන්වහන්සේඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය.
13 ස්වාමීන්වහන්සේස්වර්ගයේ සිට බලනසේක;
14 උන්වහන්සේ ස්වකීය වාසස්ථානයේ සිට පොළෝවාසී සියල්ලන් දෙස බලනසේක;
15 ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේමය, ඔවුන්ගේ සියලු ක්‍රියා සලකන්නෙත් උන්වහන්සේමය.
16 මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත.
17 ආරක්ෂා පිණිස අශ්වයෙක් නිෂ්ඵලය.
18 බලව,ස්වාමීන්කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,
19 දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ.
20 අපේ ආත්මයස්වාමීන්කෙරෙහි බලාසිටියේය.
21 අප උන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාසකළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය.
22 ස්වාමිනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයෙන් ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා.
34ස්වාමීන්වහන්සේ තුළ හැම කල්හිම ප්‍රීතිවීම
අබිමෙලෙක් ඉදිරියේදී දාවිත් තමා ගේ ගතිය වෙනස්කර දැක්වීම නිසා පන්නනු ලැබූ පසු සෑදූ දාවිත්ගේ ගීතයකි.
1 සෑම කල්හිමස්වාමීන්ටප්‍රශංසා කරමි.
2 මාගේ ආත්මයස්වාමීන්ගේගුණ වර්ණනාකරන්නේය.
3 මා සමඟස්වාමීන්වර්ණනාකරව්, අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස්කරමු.
4 ස්වාමීන්සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.
5 ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය.
6 මේ දුප්පතා මොරගැසුවේය,ස්වාමීන්වහන්සේඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක.
7 ස්වාමීන්ගේදූතයා උන්වහන්සේට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි.
8 ස්වාමීන්යහපත් බව රස බලා දැනගනිව්.
9 ස්වාමීන්ගේශුද්ධවන්තයෙනි, උන්වහන්සේට භයවව්.
10 තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති.
11 දරුවෙනි, එව්, මට කන්දෙව්.
12 ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?
13 නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.
14 නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව;
15 ස්වාමීන්ගේඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ,
16 නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිසස්වාමීන්ගේමුහුණ ඔවුන්ට විරුද්ධවේ.
17 ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය,ස්වාමීන්වහන්සේඅසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.
18 ස්වාමීන්වහන්සේබිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක.
19 ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය.
20 උන්වහන්සේ ඔහුගේ ඇට සියල්ල ආරක්ෂාකරනසේක.
21 නපුර දුෂ්ටයා නසන්නේය.
22 ස්වාමීන්වහන්සේස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක.
විරුද්ධකාරයන් ගැන කාරණා දැක්වීම
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,මා සමඟ විවාදකරන්නන් සමඟ විවාදකළ මැනව.
2 පලිහත් මහ පලිහත් ගෙන, මට පිහිටවෙන පිණිස නැගුටුණ මැනව.
3 හෙල්ලයත් ඇද මා ලුහුබඳින්නන් වැලැක්වුව මැනව.
4 මාගේ ප්‍රාණය සොයන්නෝ ලජ්ජාවී අගෞරවයට පැමිණෙත්වා.
5 ඔව්හු හුළඟ ඉදිරියෙහි බොල් මෙන් වෙත්වා,ස්වාමීන්ගේදූතයා ඔවුන් එළවා යේවා.
6 ඔවුන්ගේ මාර්ගය අඳුරුව ලිස්සන්නේවේවා,ස්වාමීන්ගේදූතයා ඔවුන් ලුහුබදීවා.
7 මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය.
8 නොදැනී විනාශය ඔහු පිටට පැමිණේවා;
9 මාගේ ආත්මයස්වාමීන්කෙරෙහි සතුටුවන්නේය.
10 ස්වාමීන්,දුප්පතා ඔහුට වඩා බල වන්තයාගෙන් මුදන්නාවූ, දුප්පතා හා දිළිඳා කොල්ලකාරයාගෙන් ගළවන්නාවූ ඔබ සමාන කවරේදැයි මාගේ ඇට සියල්ලෙන් කියවෙන්නේය.
11 අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෝ නැගිට, මා නොදන්න කාරණා ගැන මාගෙන් අසති.
12 මාගේ ආත්මය අසරණවන ලෙස ඔව්හු මට යහපත වෙනුවට නපුර කෙරෙති.
13 මම වනාහි ඔවුන් රෝගාතුරවූ කල ගෝණිරෙදි ඇන්දෙමි.
14 මාගේ මිත්‍රයෙක් නොහොත් සහෝදරයෙක් මෙන් ඔහු ගැන ක්‍රියා කෙළෙමි.
15 එහෙත් මා පැකුලුණු කල ඔව්හු ප්‍රීතිමත්ව රැස්වූවෝය.
16 මංගල්‍යවලදී අභක්තික කවටයන් මෙන් ඔව්හු මට එදිරිව දත්මිටිකෑවෝය.
17 ස්වාමිනි,ඔබ කොපමණ කල් බලා සිටිනසේක්ද?
18 මහත් සභාවේදී ඔබට ස්තුතිකරන්නෙමි.
19 මට සතුරුව සිටින්නෝ අයුත්තේ මා ගැන ප්‍රීතිමත් නොවෙත්වා.
20 මක්නිසාද ඔව්හු සමාදානය පිණිස කථා නොකෙරෙති.
21 එසේය, ඔව්හු මට විරුද්ධව කට අයා:
22 ස්වාමිනි,ඔබ එය දුටුසේක, නිශ්ශබ්ද නූව මැනව.
23 මාගේ දෙවියනි, මාගේස්වාමිනි,මාගේ යුක්තිය පිණිස එනම් මාගේ කාරණය සඳහා පිබිද නැගුටුණ මැනව.
24 මාගේ දෙවිවූස්වාමිනි,ඔබගේ ධර්මිෂ්ඨකම ලෙස මා විනිශ්චයකළ මැනව;
25 ඔහෝ, අපේ කැමැත්ත සිදුවීයයි ඔව්හු සිතින් නොකියත්වා.
26 මාගේ අන්තරායට ප්‍රියවන්නෝ එක්ව ලජ්ජාවී වියවුල්වෙත්වා.
27 මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා.
28 මාගේ දිව ඔබගේ ධර්මිෂ්ඨකම ගැනද ප්‍රශංසාව ගැනද දවස මුළුල්ලේ කථාකරන්නේය.
36නපුරාගේ දුෂ්ටකම සහ දෙවියන්වහන්සේගේ යහපත්කම
නායක වාද්‍යකරුටයි. ස්වාමීන්වහන්සේගේ සේවකයාවූ දාවිත්ගේ ගීතයකි.
1 දුෂ්ටයාගේ ඇස් හමුයේ දෙවියන්වහන්සේට භයක් නැති බව ඔහුගේ අපරාධය මාගේ සිතට හඟවා දෙයි.
2 මක්නිසාද ස්වකීය අයුතුකම එළිදරව්වෙන්නේවත් පිළිකුල්වන්නේවත් නැතැයි ඔහු තමාගේ ඇස් හමුවෙහි තමාටම චාටුකරගනියි.
3 ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ.
4 ඔහු තමාගේ යහනේදී අයුතුකම යොදයි;
5 ස්වාමිනි,ඔබගේ කරුණාගුණය ස්වර්ගයෙහිය;
6 ඔබගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ කඳු මෙනි;
7 දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය කොපමණ අනර්ඝද!
8 ඔව්හු ඔබගේ ගෘහයේ පූර්ණකමෙන් බොහෝසේ තෘප්තියට පැමිණෙන්නෝය;
9 මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමඟය.
10 ඔබ අඳුනන්නන්ට ඔබගේ කරුණා ගුණයත් අවංක සිත් ඇත්තන්ට ඔබගේ ධර්මිෂ්ඨකමත් පැවැත්තුව මැනව.
11 උඩඟුකමේ පය මට විරුද්ධව නොඒවා, දුෂ්ටයන්ගේ අත මා නොඑළවන්නේ වේවා.
12 අයුතුකම්කරන්නෝ වැටී සිටිති.
නපුර කරන්නන්ගේ අන්තිමය. ධර්මිෂ්ඨයන්ගේ විපාකය
දාවිත්ගේ ගීතයකි.
1 නපුරකරන්නන් නිසා කල නොකිරෙව, අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව.
2 මක්නිසාද ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය.
3 ස්වාමීන්කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව;
4 ස්වාමීන්,කෙරෙහි ප්‍රීතිමත්වෙව;
5 ඔබගේ මාර්ගයස්වාමීන්ටභාරදෙව;
6 උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක.
7 ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව.
8 තරහෙන් වැලකී උදහස අත්හරුව.
9 මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නනෝය.
10 මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය.
11 නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය;
12 දුෂ්ටයා ධර්මිෂ්ඨයාට විරුද්ධව උපා යොදමින් ඔහුට විරුද්ධව දත්මිටිකයි.
13 ස්වාමීන්වහන්සේ ඔහුට සිනාසෙනසේක.
14 දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.
15 ඔවුන්ගේ කඩුව ඔවුන්ගේම හෘදයට ඇතුල්වන්නේය.
16 බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා ධර්මිෂ්ඨයාට ඇති ස්වල්පය යහපත.
17 මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය.
18 භක්තිවන්තයන්ගේ දවස්ස්වාමීන්වහන්සේදන්නාසේක.
19 ඔව්හු විපත්ති කාලයේදී ලජ්ජා නොවන්නෝය.
20 නුමුත් දුෂ්ටයෝ විනාශවන්නෝය,ස්වාමීන්ගේසතුරෝද ගොදුරු බිම්වල සාරවූ කොටස මෙන් වන්නෝය.
21 දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි.
22 මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය;
23 මනුෂ්‍යයෙකුගේ ගමන්ස්වාමීන්කරණකොටගෙන ස්ථිරවෙයි;
24 ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය.
25 මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි;
26 දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි;
27 නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව.
28 මක්නිසාදස්වාමීන්වහන්සේයුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක;
29 ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.
30 ධර්මිෂ්ඨයාගේ මුඛය ඥානය කථා කරයි, ඔහුගේ දිවද යුක්තිය කියයි.
31 ඔහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය;
32 දුෂ්ටයා ධර්මිෂ්ඨයා බලා රැක හිඳ ඔහු මරන්ට සොයයි.
33 ස්වාමීන්වහන්සේඔහුගේ අතට ඔහු අත් නාරිනසේක, ඔහු විනිශ්චයකරනු ලබන කල වරදට පත් නොකරනසේක.
34 ස්වාමීන්කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස උන්වහන්සේ ඔබ උසස්කරනසේක.
35 දුෂ්ටයා ඉතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාලවෙනවා දුටිමි.
36 එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව, ඔහු එහි නැත.
37 නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව.
38 අපරාධකාරයෝ එකට විනාශකරනු ලබන්නෝය;
39 නුමුත් ධර්මිෂ්ඨයන්ගේ ගැළවීමස්වාමීන්ගෙන්ය.
40 ස්වාමීන්වහන්සේඔවුන්ට පිහිටව, ඔවුන් මුදනසේක.
දුක්විඳින්නෙකුගේ පශ්චාත්තාපවත් යාච්ඤාව
දාවිත්ගේ ගීතයකි; සිහිකරවීමටයි.
1 ස්වාමිනි,ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව.
2 මක්නිසාද ඔබගේ ඊගස් මට තදින් ඇනී තිබේ, ඔබගේ අතද මා පිට බරවේ.
3 ඔබගේ උදහස නිසා මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත;
4 මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය.
5 මාගේ මෝඩකම නිසා මාගේ තුවාල දුර්ගන්ධව පිළිකුල්ව තිබේ.
6 මම වේදනා විඳිමින් අතිශයින් නැමී වැතිර සිටිමි;
7 මක්නිසාද මාගේ තුනටිය දැවිල්ලෙන් පිරී තිබේ;
8 මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි.
9 ස්වාමිනි, මාගේ මුළු ආශාව ඔබ ඉදිරියෙහිය;
10 මාගේ හෘදය සැලෙයි, මාගේ ශක්තිය හීනවෙයි.
11 මට ආදර ඇත්තෝද මාගේ මිත්‍රයෝද මාගේ විපත්තිය කෙරෙන් ඈත්ව සිටිති;
12 මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ මට මලපත් තබති;
13 එහෙත් මම බිහිරෙකු මෙන් නොඅසන්නෙමි;
14 එසේය, මම නොඇසෙන්නාවූ, තමාගේ මුඛයෙහි තරවටුකිරීම් නැත්තාවූ මනුෂ්‍යයෙකු මෙන් වෙමි.
15 මක්නිසාද, ස්වාමිනි, මම ඔබ කෙරෙහි බලා සිටිමි.
16 මක්නිසාද:
17 මම පැකිලෙන්ට ළංව සිටිමි, මාගේ දුකද නිතරම මා ඉදිරියෙහිය.
18 මක්නිසාද මාගේ අයුතුකම කියාදෙමි;
19 නුමුත් මාගේ සතුරෝ ප්‍රාණවත් වෙති, බලවත්වෙති.
20 මා යහපත අනුව යන නිසා, යහපතට නපුරකරන්නොත් මට සතුරු වෙති.
21 ස්වාමිනි,මා අත් නෑරිය මැනව.
22 මාගේ ගැළවීම වූස්වාමිනි,මට උපකාර පිණිස ඉක්මන්වුව මැනව.
39මනුෂ්‍යයාගේ දුර්වලකම සහ සැබෑ බලාපොරොත්තුව
නායක වාද්‍යකරුවූ යෙදූතුන්ටයි. දාවිත්ගේ ගීතයකි.
1 මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.
2 මම නිශ්ශබ්දව ගොළුවීමි, යහපත ගැන පවා කථාවෙන් වැලකුණෙමි;
3 මාගේ සිත මා තුළ උණුවිය;
4 ස්වාමිනි,මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව;
5 බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක;
6 සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵල භාවයෙන් හැසිරෙයි.
7 දැන් වනාහි, ස්වාමිනි, මම කුමක් බලා සිටිම්ද?
8 මාගේ සියලු වරදවලින් මා මිදුව මැනව.
9 ඔබ එය කළ නිසා, මම ගොළුවීමි, මුඛය නොහැර සිටියෙමි.
10 ඔබගේ පහර මා කෙරෙන් ඉවත්කළ මැනව.
11 ඔබ අයුතුකම නිසා තරවටුකිරීම්වලින් මනුෂ්‍යයාට දඬුවම්කරන කල කාවෙකු මෙන් ඔහුගේ අලංකාරය ක්ෂයකරවනසේක.
12 ස්වාමිනි,මාගේ යාච්ඤාව අසා, මාගේ මොරගැසීමට කන්දුන මැනව;
13 මා, මෙයින් ගොස්, නැතිවී යන්ට ප්‍රථම, මට ශක්තිය ලැබෙන පිණිස කල් දුන මැනව.
40ස්තුති සහිත ආත්ම පරිත්‍යාගය
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 මම ඉවසිල්ලෙන්ස්වාමීන්ගැන බලා සිටියෙමි;
2 උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිරකළසේක.
3 උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක.
4 ස්වාමීන්කෙරෙහි විශ්වාසකරන්නෝය.
5 මාගේ දෙවිවූස්වාමිනි,ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය.
6 ඔබ පූජාවටත් පඬුරටත් ප්‍රසන්න නැත;
7 එවිට මම කථාකොට:
8 මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි;
9 මහත් සභාවේදී ධර්මිෂ්ඨකම ප්‍රකාශ කෙළෙමි;
10 ඔබගේ ධර්මිෂ්ඨකම මාගේ සිත තුළෙහි සඟවා නොගතිමි;
11 ස්වාමිනි,ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව.
12 මක්නිසාද ගණන් නැති උවදුරින් වටකරනු ලදිමි, හිස නගන්ට බැරි තරම් මාගේ අයුතුකම් මා පිට පැමුණුණේය;
13 ස්වාමිනි,මා මුදන්ට සතුටුවුව මැනව.
14 මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ එක්ව ලජ්ජාවෙත්වා, වියවුල්වෙත්වා.
15 මට:
16 ඔබ සොයන සියල්ලෝ ඔබ කෙරෙහි සන්තෝෂවෙත්වා, ප්‍රීතියට පැමිණෙත්වා.
17 නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි;
දුක්විඳින්නාගේ සැනසීම
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය.
2 ස්වාමීන්වහන්සේඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් වන්නේය;
3 ස්වාමීන්වහන්සේඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලනසේක.
4 මම කථාකොට:
5 මාගේ සතුරෝ මට විරුද්ධව නපුර කථාකරමින්:
6 ඔහු මා බලන්ට ආවොත් නිෂ්ඵල දේ කථාකරයි;
7 මට වෛරවෙන සියල්ලෝ මට විරුද්ධව එක්ව කොඳුරති.
8 නපුරු ලෙඩක් මොහුට වැළදී තිබේ;
9 එසේය, මා විසින් විශ්වාසකළාවූ, මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය.
10 නුමුත් මා විසින් ඔවුන්ට විපාක දෙන පිණිස,ස්වාමිනි,මට කරුණාකොට මා නැගිටෙවුව මැනව.
11 මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි.
12 මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටිනසේක, සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්නාසේක.
13 ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේටසදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා.
දෙවෙනි කාණ්ඩය
පිටවහල්කර සිටින්නාගේ ආත්ම පිපාසය
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවකි.
1 දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය.
2 දෙවියන්වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ.
3 නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්‍රි දෙක්හි මට කෑම විය.
4 මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව, ප්‍රීති ප්‍රශංසා ශබ්ද සහිතව, ඔවුන් කැටුව දේවමන්දිරයට ගිය ආකාරය සිහිකරමින්, මාගේ ආත්මය වගුරුවමි.
5 එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද?
6 මාගේ දෙවියන්වහන්ස, මාගේ ආත්මය මා තුළෙහි මලානිකවෙයි.
7 ඔබගේ ජලධාරාවල ඝෝෂාවෙන් ගැඹුර ගැඹුරට හඬගසයි.
8 එහෙත්ස්වාමීන්වහන්සේතමන්ගේ කරුණාගුණය දිවාභාගයේදී නියමකරනසේක, රාත්‍රිභාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක්, එනම් මාගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක්, මා සමඟ වන්නේය.
9 ඔබ කුමට මා සිහිනැතිකළසේක්ද?
10 මාගේ එදිරිකාරයෝ:
11 එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද?
1 දෙවියන්වහන්ස, මා විනිශ්චයකොට, අභක්තික ජාතියකට විරුද්ධව මා උදෙසා කාරණා කිව මැනව.
2 මක්නිසාද ඔබ මාගේ ශක්තියවූ දෙවියන්වහන්සේය;
3 ඔබගේ එළියත් සැබෑකමත් එවුව මැනව;
4 එවිට මම දෙවියන්වහන්සේගේ පූජාසනය ළඟට, එනම් මාගේ අධික ප්‍රීතියවූ දෙවියන්වහන්සේ වෙතට, යන්නෙමි.
5 එම්බා මගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද?
ජාතිය නින්දා ලත් කාලයේදී කන්නලව්කිරීම
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවකි.
1 දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.
2 ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක;
3 මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.
4 දෙවියන්වහන්ස, ඔබ මාගේ රජ්ජුරුවෝය.
5 ඔබ කරණකොටගෙන අපේ එදිරිකාරයන් හෙළාදමන්නෙමුව.
6 මක්නිසාද මාගේ දුන්න විශ්වාස නොකරන්නෙමි, මාගේ කඩුවද මා නොගළවන්නේය.
7 ඔබ අපේ එදිරිකාරයන්ගෙන් අප ගළවා, අපට වෛරවෙන්නන් ලජ්ජාවට පැමිණවූසේක.
8 අපි දවස මුළුල්ලේම දෙවියන්වහන්සේ වර්ණනාකෙළෙමුව, ඔබගේ නාමයට සදාකල් ස්තුතිකරන්නෙමුව.
9 නුමුත් ඔබ අප පහකොට අගෞරවයට පැමිණවූසේක;
10 ඔබ එදිරිකාරයා කෙරෙන් අප ආපසු හරවනසේක.
11 කෑම පිණිස නියමවූ බැටළුවන් මෙන් ඔබ අප පාවාදී, ජාතීන් අතරේ අප විසිරවූසේක.
12 ඔබ ස්වකීය සෙනඟ නොමිලයේ විකුණනසේක, ඔවුන්ගේ අගයෙන්ද ඔබ වස්තු වැඩිකර නොගත්සේක.
13 ඔබ අපේ අසල්වාසීන්ට අප නින්දාවක්ද, අප අවට සිටින්නන්ට හෙළාදැක්මක් හා අපහාසයක්ද වෙන්ට සලස්වනසේක.
14 ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.
15 නින්දාකරන්නාගෙත් අපහාස කරන්නාගෙත් ශබ්දය නිසාද, සතුරා සහ පළිගන්නා නිසාද,
16 දවස මුළුල්ලේ මාගේ අගෞරවය මා ඉදිරියෙහිය, මාගේ මුහුණේ ලජ්ජාවද මා වසාගත්තේය.
17 මේ සියල්ල අපට පැමිණියේය;
18 සිවලුන්ගේ වාසස්ථානයේදී ඔබ අප සම්පූර්ණයෙන් බින්ද නුමුත්, මරණ සෙවණෙන් අප වැසූ නුමුත්,
19 අපේ සිත පසුබට නොවීය, අපේ පාද ඔබගේ මාර්ගයෙන් ඉවත් නොවීය.
20 අපේ දෙවියන්වහන්සේගේ නාමය සිහිනැති කෙළෙමු නම්, අන් දෙවියෙකුට අත් දිගුකෙළෙමු නම්,
21 දෙවියන්වහන්සේ එය නොසොයනසේක්ද?
22 එසේය, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව;
23 ස්වාමිනි, පිබිදුණ මැනව, ඔබ මක්නිසා නිදනසේක්ද?
24 කුමක්හෙයින් ඔබගේ මුහුණ සඟවමින්, අපේ විපත්තිය සහ පීඩාව සිහිනැති කරනසේක්ද?
25 අපේ ආත්මය ධූලියට නැමී තිබේ.
26 අපට උපකාර පිණිස නැගුටුණ මැනව, ඔබගේ කරුණාගුණය නිසා අප මිදුවමැනව.
45රාජකීය මංගල්‍ය ගීතයකි
නායක වාද්‍යකරුටයි; ෂොෂන්නීම් යන තූර්ය ඇතුව ගීතිකාකිරීමටයි; කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවක් වන ප්‍රේමවන්තියන් ගැන සෑදූ ගීතිකාවකි.
1 යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි.
2 ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක;
3 බලවන්තයාණෙනි, ඔබගේ තේජස හා මහිමය නමැති කඩුව ඉඟටියෙහි බැඳගත මැනව.
4 සැබෑකමත් මොළොක්කමත් ධර්මිෂ්ඨකමත් සඳහා ස්වකීය මහිමයෙන් යුක්තව ජය රථයෙන් වැඩිය මැනව.
5 ඔබගේ ඊගස් තියුණුය;
6 දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය.
7 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂකළසේක.
8 ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි;
9 ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති.
10 දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව;
11 එවිට රජතෙම නුඹේ රූපශ්‍රීයට ආශාවෙයි.
12 තීර්හි දුව පඬුරක් රැගෙන එන්නීය;
13 රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්තවන්නීය.
14 මල්කම්කළ සළුවෙන් සරසනලද ඈ රජු වෙත පමුණුවනු ලබන්නීය.
15 ඔව්හු සන්තෝෂයෙන් හා ප්‍රීතියෙන් ගෙනයනු ලබන්නෝය.
16 ඔබගේ පියවරුන් වෙනුවට දරුවෝ සිටින්නාහුය, ඔබ ඔවුන් මුළු පොළොවෙහි අධිපතීන් කරන්නෙහිය.
17 මම ඔබගේ නාමය සියලු පරම්පරාවන්හි සිහිකරවන්නෙමි.
ජාතියේ රක්ෂාස්ථානය
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ටයි; හීන් ශබ්දයෙන් ගායනාකිරීමට ගීතිකාවකි.
1 දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.
2 එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්,
3 එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පාවෙතත් භය නොවන්නෙමුව.
4 ගංගාවක් ඇත, එහි දියපාරවල් මහෝත්තමයාණන්ගේ මණ්ඩපවල ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ නුවර ප්‍රීතිමත්කරයි.
5 දෙවියන්වහන්සේ ඒ මැද සිටිනසේක;
6 ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය.
7 සේනාවලස්වාමීන්වහන්සේඅප සමඟය;
8 එව්,ස්වාමීන්ගේක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන්, බලව්.
9 උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක;
10 නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්.
11 සේනාවලස්වාමීන්වහන්සේඅප සමඟය;
පොළොවේ රජවූ දෙවියන්වහන්සේ
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි.
1 සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අත්පොළසන්දෙව්;
2 මක්නිසාද මහෝත්තමවූස්වාමීන්වහන්සේභයංකරය;
3 උන්වහන්සේ අපට මනුෂ්‍ය වර්ගයන්ද අපේ පාදවලට ජාතීන්ද යටත්කර දෙනසේක.
4 උන්වහන්සේ තමන්ට ප්‍රියවූ යාකොබ්ගේ මහිමය නැමැති අපේ උරුමය අප සඳහා තෝරාදෙනසේක.
5 දෙවියන්වහන්සේ ජයඝෝෂාවක් ඇතුව නැගී ගියසේක,ස්වාමීන්වහන්සේහොරණෑ ශබ්දයක් ඇතුව නැගී ගියසේක.
6 දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්.
7 මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය.
8 දෙවියන්වහන්සේ ජාතීන් කෙරෙහි රජකම්කරනසේක.
9 ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේගේ සෙනඟ වන පිණිස, මනුෂ්‍ය වර්ගයන්ගේ අධිපතීහු රැස්ව සිටිති.
සියොන් කන්දේ තේජස
ගීතිකාවකි; කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි.
1 අපේ දෙවියන්වහන්සේගේ නුවර වන උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහිස්වාමීන්වහන්සේඋතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුය.
2 උතුරු පැත්තේ තිබෙන මහා රජ්ජුරුවන්ගේ නුවරවූ සියොන් කන්ද උසින් අලංකාරය, මුළු පොළොවට ප්‍රියකරුය.
3 දෙවියන්වහන්සේ බලකොටුවක් පිණිස එහි මාලිගාවල තමන්ම ප්‍රකාශවූසේක.
4 මක්නිසාද රජවරු රැස්වූවෝය, ඔව්හු එක්ව ගියෝය.
5 ඔව්හු එය දැක විස්මයට පත්වූවෝය;
6 එහිදී ඔවුන්ට වෙවුලුමත් ප්‍රසූතිකාවකට සේ වේදනාවත් හටගත්තේය.
7 ඔබ පෙරදිග සුළඟෙන් තර්ෂිෂ්හි නැව් බිඳිනසේක.
8 අප විසින් ඇසූ ලෙසම සේනාවලස්වාමීන්ගේනුවරදී, අපේ දෙවියන්වහන්සේගේ නුවරදී, දුටිමුව.
9 දෙවියන්වහන්ස, ඔබගේ මන්දිරය මැදදී ඔබගේ කරුණාගුණය මෙනෙහි කෙළෙමුව.
10 දෙවියන්වහන්ස, ඔබගේ නාමය ලෙසම ඔබගේ ප්‍රශංසාවත් පොළොවේ සීමා දක්වා වේ.
11 ඔබගේ විනිශ්චයන් නිසා සියොන් කන්ද සන්තෝෂවේවා, යූදාගේ දූවරු ප්‍රීතිවෙත්වා.
12 මතු පරම්පරාවට කියන පිණිස සියොන් වට ඇවිදිව්, එහි හාත්පස යව්.
13 එහි බලකොටු ගණන්කරව්;
14 මක්නිසාද මේ දෙවියන්වහන්සේ සදාකල්හිම අපේ දෙවියන්වහන්සේය.
ලෝකයේ සම්පත්වල නිෂ්ඵලකම
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි.
1 සියලු මනුෂ්‍ය වර්ගයෙනි, මේ අසව්;
2 පොහොසත් අපොහොසත් ලෝවැසි සියල්ලෙනි, එක්ව කන්දෙව්.
3 මාගේ මුඛය ඥානය කථාකරන්නේය;
4 උපමාවකට කන යොමුකරන්නෙමි.
5 මා ලුහුබඳින අයුතුකම මා වටකරන කල, විපත්ති දවස්වලදී කුමට භයවෙම්ද?
6 ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්,
7 තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද
8 ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ.
9 ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.
10 මක්නිසාද ප්‍රඥාවන්තයන් මැරී යන බවත්, අඥානයාද අල්ප බුද්ධි ඇත්තාද යන දෙදෙනාම විනාශවෙන බවත්, ස්වකීය ධනය අනුන්ට තබා යන බවත් ඔහු දක්නේය.
11 ඔවුන්ගේ සිතේ කල්පනාව නම්, තමුන්ගේ ගෙවල් සදාකාලේටද තමුන්ගේ වාසස්ථාන පරම්පරාවෙන් පරම්පරාවටද පවතින්නේය යනුයි;
12 එහෙත් මනුෂ්‍යයා ගෞරවයෙන් යුක්තව නොපවත්නේය;
13 ඔවුන්ගේ මේ විධිය ඔවුන්ගේ මෝඩකමය.
14 ඔව්හු බැටළු රැළක් මෙන් ෂෙයෝලට නියමකරනු ලබති;
15 නුමුත් දෙවියන්වහන්සේ මා පිළිගන්න නිසා ෂෙයෝලේ බලයෙන් මාගේ ආත්මය මුදාගන්නාසේක.
16 යමෙක් ධනවත් වන කල්හිද ඔහුගේ ගෙයි ඓශ්චර්යය වැඩිවන කල්හිද භය නොවව.
17 මක්නිසාද ඔහු මැරෙන කල කිසිවක් ගෙන නොයන්නේය;
18 ඔහු ජීවත්ව සිටියදී තමා ගැනම පාරට්ටුකරගත්තේවී නුමුත්, නුඹ නුඹටම ශුභසිද්ධකරගන්නා කල්හි මනුෂ්‍යයන් නුඹට ප්‍රශංසා කරන නුමුත්,
19 ඔහු තම පියවරුන්ගේ පරම්පරාවට යන්නේය;
20 ගෞරව ලබන්නාවූ නුවණ නැත්තාවූ මනුෂ්‍යයා විනාශවෙන තිරිසනුන් හා සමානය.
50යෝග්‍ය පූජා ඔප්පුකිරීමට දිව්‍ය ආරාධනාව
ආසාප්ගේ ගීතයකි.
1 දෙවියන්වහන්සේ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.
2 අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.
3 අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක.
4 උන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ඉහළ අහසටත් පෘථිවියටත් හඬගසනසේක.
5 පූජා කරණකොටගෙන මා සමඟ ගිවිසුමක් කළාවූ මාගේ ශුද්ධවන්තයන් මා වෙතට රැස් කරව්.
6 අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නේය;
7 එම්බා, මාගේ සෙනඟෙනි, අසව්, මම කථාකරන්නෙමි;
8 නුඹේ පූජා ගැන නුඹට තරවටු නොකරන්නෙමි;
9 නුඹේ ගෙයින් ගොනෙක්වත් නුඹේ ගාල්වලින් එළුවන්වත් නොගන්නෙමි.
10 මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය.
11 කඳුවල සියලු පක්ෂීන් දනිමි.
12 මට බඩගිනි වීනම්, නුඹට නොකියන්නෙමි.
13 මම ගව මස් අනුභවය හෝ එළු ලේ පානය කෙරෙම්ද?
14 දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව;
15 තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව;
16 නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට:
17 මක්නිසාද නුඹ ගුරුකම් ලැබීමට අප්‍රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය.
18 නුඹ සොරෙකු දුටු කල ඔහු හා සමාගම් වුණෙහිය, කාමමිථ්‍යාචාරිකයන් සමඟ කොටස්කාරයෙක් වූවෙහිය.
19 නුඹේ කට නපුරට දී තිබේ, නුඹේ දිවද රැවටිලි යොදයි.
20 නුඹ ඉඳගෙන ඔබගේ සහෝදරයාට විරුද්ධව කථාකෙරෙහිය;
21 මේවා නුඹ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි;
22 දෙවියන්වහන්සේ සිහිනැතිකරන්නෙනි, මා විසින් ඉරනු නොලබන පිණිසත් ගළවන්ට කෙනෙක් නැති නොවන පිණිසත් මෙය කල්පනාකරව්.
23 ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි;
පසුතැවිලිවෙන්නාගේ කන්නලව්ව
නායක වාද්‍යකරුටයි. දාවිත් බැත් ෂෙබා කරා පැමිණීම නිසා අනාගතවක්තෘවූ නාතාන් ඔහු වෙතට ගිය පසු දාවිත් සෑදූ ගීතයකි.
1 දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව.
2 මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.
3 මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි.
4 ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි.
5 බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි;
6 බැලුව මැනව, අධ්‍යාත්මයෙහි සත්‍යතාවට ඔබ කැමැතිවනසේක.
7 හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි.
8 ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව.
9 මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව.
10 දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව;
11 ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව;
12 ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව.
13 එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි;
14 දෙවියන්වහන්ස, මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මිනීමැරීමේ අපරාධයෙන් මා මුදාහැරිය මැනව;
15 ස්වාමිනි, කට අරින්ට මට පිහිටවුව මැනව;
16 මක්නිසාද ඔබ පූජාවට නොකැමතිසේක;
17 දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය.
18 ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදුකළ මැනව;
19 එකල ධර්මිෂ්ඨකමේ පූජාවලට, එනම් දවන පූජාව හා මුළු දවන පූජාවට, ඔබ ප්‍රියවනසේක.
බලාත්කාරකම් කරන්නාගේ විනාශය
නායක වාද්‍යකරුටයි. දාවිත් අහිමෙලෙක්ගේ ගෙදරට ඇතුල්වීයයි ඒදොමිය දොවෙග් විත් සාවුල්ට දැන්වුවාට පසු දාවිත් ලියූ අනුශාසනාවකි.
1 එම්බා බලවන්තය, නුඹ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද?
2 නුඹේ දිව තියුණු දැළි පිහියකට සමානව රැවටිලිකරමින්, දුෂ්ටකමම යෝජනාකරයි.
3 නුඹ යහපතට වඩා නපුරටත් ධර්මිෂ්ඨකම කථාකිරීමට වඩා බොරු කීමටත් ප්‍රිය ඇත්තෙහිය.
4 එම්බා කපටි දිව, නුඹ සියලු ආකාර නාස්තික වචනවලට ප්‍රිය ඇත්තෙහිය.
5 දෙවියන්වහන්සේ නුඹ සදාකාලේටම බිඳ දමනසේක, උන්වහන්සේ නුඹ අල්වා ඔබගේ කූඩාරමෙන් ඇද දමනසේක, ජීවතුන්ගේ දේශයෙන් නුඹ උදුරා දමනසේක.
6 ධර්මිෂ්ඨයෝ ඒ දැක භයවී, ඔහුට සිනාසෙමින්:
7 බලව, දෙවියන්වහන්සේ තමාගේ ශක්තිය කොට නොගත්තාවූ, තමාගේ බොහෝ වස්තු කෙරේ විශ්වාසය තැබුවාවූ, තමාගේ දුෂ්ටකමෙහි බලවත්වූ මනුෂ්‍යයා මේයයි කියන්නෝය.
8 මම වනාහි දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සරු ඔලීව ගහක් වැන්නෙමි.
9 ඔබ එසේ කළ නිසා සදාකල් ඔබට ස්තුතිකරන්නෙමි.
දේව අභක්ති ලෝකයා ගැන දුක්වීම
නායක වාද්‍යකරුටයි; මහලත් වෘත්තයට දාවිත් ලියූ අනුශාසනාවකි.
1 අඥානයා: දෙවිකෙනෙක් නැතැයි තමාගේ සිත තුළ කියාගත්තේය.
2 නුවණින් හැසිරෙන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දක්නා පිණිස, දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍ය පුත්‍රයන් දෙස බැලූසේක.
3 ඔවුන් සියලු දෙනාම ආපසු ගියෝය;
4 ආහාර කන්නාක් මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, දෙවියන්වහන්සේට යාච්ඤා නොකරන්නාවූ, අයුතුකම් කරන්නන්ට දැනුමක් නැද්ද?
5 භයක් නැති තැනදී ඔව්හු බොහෝසෙයින් භයපත්වූවෝය.
6 අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත!
අන්තරායෙන් මිදීම
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගීතිකා කිරීමටයි. සිප්වරුන් ඇවිත්: දාවිත් අප අතරේ සැඟවී ඉන්නවා නොවේදැයි සාවුල්ට කී පසු දාවිත් විසින් ලියූ අනුශාසනාවකි.
1 දෙවියන්වහන්ස, ඔබගේ නාමය කරණකොටගෙන මා ගැළෙවුව මැනව, ඔබගේ බලයෙන් මට යුක්තිය කළ මැනව.
2 දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාව ඇසුව මැනව;
3 මක්නිසාද විදේශීහු මට විරුද්ධව නැගිට සිටිති, බලාත්කාරකරන්නෝද මාගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවෝය.
4 බලව, දෙවියන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය.
5 උන්වහන්සේ මාගේ සතුරන්ගේ නපුරට විපාක දෙනසේක.
6 මම ස්වෙච්ඡා පූජාවක් රැගෙන ඔබට පුදන්නෙමි.
7 මක්නිසාද උන්වහන්සේ සෑම දුක්වලින් මා මිදූසේක;
ද්‍රෝහිකාර මිත්‍රයෙකු ගැන පැමිණිල්ල
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගීතිකාකිරීමටයි. දාවිත් විසින් ලියූ අනුශාසනාවකි.
1 දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාවට කන්දුන මැනව;
2 මා දෙසට කන් යොමා මට උත්තර දුන මැනව.
3 මක්නිසාද ඔව්හු මා පිට අයුතුකම් පවරති, තරහෙන් මට පීඩාකෙරෙති.
4 මාගේ සිත මා තුළ තද වේදනා සහිත වෙයි.
5 භයත් වෙවුලුමත් මා කරා පැමිණ තිබේ, භයංකරය මා වසාගත්තේය.
6 මමද කථාකොට:
7 බලව, එසේනම් මම ඈත පලාගොස්, වනයෙහි නවාතැන් ගන්නෙමි.
8 සැර හුළඟෙන්ද කුණාටුවෙන්ද ආරක්ෂා ස්ථානයකට ඉක්මන්කර යන්නෙමියි කීයෙමි.
9 ස්වාමිනි, නාස්තිකළ මැනව, ඔවුන්ගේ කථාව භේදකළ මැනව.
10 ඔව්හු දිවා රාත්‍රි දෙක්හි ඒකේ පවුරු පිට ඔබ මොබ යති.
11 ඒ මැද දුෂ්ටකමත් ඇත්තේය.
12 මක්නිසාද මට නින්දාකළේ සතුරෙක් නොවේ;
13 නුමුත් එසේ කළේ මා සමාන මනුෂ්‍යයෙක්වූ, මාගේ සමාගම්කාරයෙක්වූ, මාගේ හිතේසි මිත්‍රයෙක්වූ නුඹමය.
14 අපි එක්ව ප්‍රිය මන්ත්‍රණ පැවැත්වීමුව, සමූහයා සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සක්මන් කෙළෙමුව.
15 හදිසියෙන් ඔවුන්ට මරණය පැමිණේවා, ඔව්හු පණපිටින් වළට බසිත්වා.
16 මම වනාහි දෙවියන්වහන්සේට යාච්ඤාකරන්නෙමි;
17 සවස සහ උදයද දාවල්ද දුක් කියමින් සුසුම්ලන්නෙමි.
18 මට විරුද්ධව පැමුණුණ සටනෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මුදා සමාදානය දුන්සේක.
19 දෙවියන්වහන්සේ, එනම් පුරාණයේ සිට වැඩවසන තැනන්වහන්සේ අසා, විපරීති රහිතවූ, දේව භය නැත්තාවූ ඔවුන්ට උත්තරදෙනසේක.
20 ඔහු තමා සමඟ සමාදානයෙන් සිටි අයට විරුද්ධව අත් දිගුකෙළේය.
21 ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය.
22 නුඹේ බරස්වාමීන්පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක.
23 නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක.
අන්තරාවේදී භය නොවීම
නායක වාද්‍යකරුටයි; දුරස්තර නිශ්ශබ්ද පරෙවියා ගැනයි. පිලිස්ති වරුන් ගාත්හිදී දාවිත් අල්ලාගත් පසු ඔහු ලියූ ගීතයකි.
1 දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව;
2 මාගේ එදිරිකාරයෝ දවස මුළුල්ලේම මා ගිලදමන්ට කැමැත්තෝය.
3 මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි.
4 මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි.
5 දවස මුළුල්ලේම ඔව්හු මාගේ වචන වරදවා පෙන්වති.
6 ඔව්හු රැස්වෙති, සැඟවී සිටිති.
7 ඔව්හු අයුතුකම් කරණකොටගෙන ගැළවී යන්නෝද?
8 ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක.
9 මා යාච්ඤාකරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය.
10 මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි.
11 දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි;
12 දෙවියන්වහන්ස, ඔබට වූ භාර මා පිට තිබේ.
13 මක්නිසාද ඔබ මාගේ ප්‍රාණය මරණයෙන් මිදූසේක.
විපත්තියේදී විශ්වාසය ඇතුව සිටීම
නායක වාද්‍යකරුටයි; ‘නාස්ති නොකළ මැනව.’ දාවිත් සාවුල් ඉදිරියෙන් ගුහාවට පලාගියාට පසු ඔහු ලියූ ගීතයකි.
1 දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව;
2 මහෝත්තමවූ දෙවියන්වහන්සේට, එනම් මට සියලු දේ කරදෙන්නාවූ දෙවියන්වහන්සේට හඬගසන්නෙමි.
3 මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක;
4 මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය;
5 දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව;
6 ඔව්හු මාගේ පාදවලට දැලක් එළූය;
7 දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය, මාගේ සිත ස්ථිරය.
8 මාගේ ගෞරවය පිබිදෙව;
9 ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි;
10 මක්නිසාද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වළාකුල් දක්වාද විශාලව තිබේ.
11 දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව;
අධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්ට තරවටුකිරීම
නායක වාද්‍යකරුටයි; ‘නාස්ති නොකළ මැනව.’ දාවිත්ගේ ගීතයකි.
1 බලවන්තයෙනි, සැබවින් නුඹලා යුක්තිය ප්‍රකාශකරවුද?
2 එසේය, නුඹලා සිතින් දුෂ්ටකම් කරන්නහුය;
3 දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති.
4 ඔවුන්ගේ විෂ සර්පවිෂ මෙන්ය.
5 මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි.
6 දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව.
7 ඉක්මනින් බහින වතුර මෙන් ඔව්හු දියව යෙත්වා.
8 දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකුගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.
9 නුඹලාගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිසුළඟකින් පහ කරනසේක.
10 පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය.
11 එවිට:
දුෂ්ට සතුරන්ගෙන් මිදීම
නායක වාද්‍යකරුටයි; ‘නාස්ති නොකළ මැනව.’ දාවිත් මරන පිණිස ගෙය රැක සිටීමට සාවුල් මනුෂ්‍ය යන් යැවූ පසු දාවිත් ලියූ ගීතයකි.
1 මාගේ දෙවියන්වහන්ස, මාගේ සතුරන්ගෙන් මා මිදුව මැනව.
2 අයුතුකම් කරන්නන්ගෙන් මා මුදා, මිනීමරු මිනිසුන්ගෙන් මා ගැළෙවුව මැනව.
3 මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණය නසන්ට රැක හිඳිති;
4 මාගේ දෝෂයක් නැතුව ඔව්හු දුව ඇවිත් සූදානම්වෙති.
5 සේනාවල දෙවිවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමිනි,සියලු අන්‍ය ජාතීන් විමසන පිණිස නැගුටුණ මැනව.
6 ඔව්හු සවස ආපසු එති, බල්ලෙකු මෙන් ගොරවමින්, නුවර වටකර යති.
7 බලව, ඔවුන්ගේ කටින් ශබ්ද නික්මවති;
8 එහෙත්ස්වාමිනි,ඔබ ඔවුන්ට සිනාසෙනසේක;
9 මාගේ ශක්තියවූ තැනන්වහන්ස, ඔබ පතා සිටින්නෙමි.
10 මට කරුණාකරන දෙවියන්වහන්සේ මා පෙරටුව යනසේක.
11 අපේ පලිහවූ ස්වාමිනි, මාගේ සෙනඟට මතකනැති නොවන පිණිස, ඔවුන් නොනැසුව මැනව.
12 ඔවුන්ගේ කටේ පාපය හා තොල්වල වචන නිසාද, ඔවුන් කියන ශාප බොරු බස් නිසාද, ඔව්හු අහංකාරයෙන් සිටියදීම අසු වෙත්වා.
13 උදහසින් ඔවුන් විනාශකළ මැනව, නැතිවෙන පිණිස විනාශකළ මැනව.
14 ඔව්හු සවස ආපසු එත්වා, බල්ලෙකු මෙන් ගොරවමින් නුවර වටකර යෙත්වා.
15 ඔව්හු ගොදුරු පිණිස ඔබ මොබ යමින්, තෘප්තිමත් නොවූ නම් මුළු රාත්‍රිය ගතකරන්නෝය.
16 නුමුත් මම ඔබගේ ශක්තිය ගැන ගී කියන්නෙමි;
17 මාගේ ශක්තියවූ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
පරාජයවීමේදී මොරගැසීම
නායක වාද්‍යකරුටයි; ෂූෂන්-ඒඩුත් යන තූර්යය ඇතුව ගීතිකාකිරීමටයි. මෙසොපොතාමියේ සිරියයන්ද ශොබායේ සිරියයන්ද සමඟ දාවිත් යුද්ධකරන්ටත් යෝවාබ් හැරී ඇවිත් ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දොළොස් දහසකට පහර දෙන්ටත් යෙදුණු කල දාවිත් ලියූ ගීතයකි. ඉගැන්වීමටයි.
1 දෙවියන්වහන්ස, ඔබ අප ඉවතලූසේක, අප විසුරුවා දැමූසේක;
2 ඔබ දේශය කම්පාකරවූසේක;
3 ඔබ ස්වකීය සෙනඟට දුෂ්කර දේ දැක්වූසේක.
4 සත්‍යතාව සඳහා නංවා පෙන්වන පිණිස, ඔබ කෙරෙහි භය ඇත්තන්ට ඔබ ධජයක් දුන්සේක.
5 ඔබගේ ප්‍රිය තැනැත්තන් මුදනු ලබන පිණිස ඔබගේ දකුණතින් ගළවා අපට උත්තරදුන මැනව.
6 දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධකමින් කථාකළසේක;
7 ගිලියද් මාගේය, මනස්සේද මාගේය;
8 මෝවබ් මාගේ සෝදන භාජනයය;
9 බලවත් නුවරට මා පමුණුවන්නේ කවුද?
10 දෙවියන්වහන්ස, අප ඉවත හළේ ඔබ නොවේද?
11 එදිරිකාරයාට විරුද්ධව අපට පිහිටවුව මැනව.
12 දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව.
සිත ක්ලාන්තව තිබෙද්දී විලාප කීම
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගායනාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි.
1 දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව;
2 මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි.
3 මක්නිසාද ඔබ මට රක්ෂාස්ථානයක්ද සතුරා කෙරෙන් බලකොටුවක්ද වූසේක.
4 මම ඔබගේ මණ්ඩපයෙහි සදාකල් වාසයකරන්නෙමි.
5 මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක.
6 ඔබ රජහුගේ ආයු වැඩිකරනසේක.
7 ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය.
8 එවිට මාගේ භාර දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි.
62දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසකිරීම
නායක වාද්‍යකරුටයි; යෙදූතුන්ගේ වෘත්තයටයි. දාවිත්ගේ ගීතයකි.
1 මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි.
2 මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය.
3 මනුෂ්‍යයෙකු ඇල ගැසූ භිත්තියක් මෙන්ද සෙලවෙන වැටක් මෙන්ද නැතිකරන පිණිස නුඹලා සියල්ලෝ කොපමණ කල් ඔහුට විරුද්ධව සිටින්නහුද?
4 ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති;
5 මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව;
6 මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය.
7 මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය;
8 ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්;
9 සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය.
10 බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්.
11 දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි;
12 ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය.
දෙවියන්වහන්සේ සහ ශුද්ධස්ථානය කෙරෙහි ආශාවීම
දාවිත් යුදයේ වනාන්තරයෙහි සිටියදී ලියූ ගීතයකි.
1 දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය;
2 මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි.
3 මක්නිසාද ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත;
4 මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසාකරන්නෙමි.
5 මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද,
6 මාගේ ආත්මය ඇටමිදුලුවලින්ද තෙලින්ද මෙන් තෘප්තියට පැමිණෙන්නේය;
7 මක්නිසාද ඔබ මාගේ පිහිට වූසේක, මම ඔබගේ පියාපත් සෙවණෙහි ප්‍රීති වන්නෙමි.
8 මාගේ ආත්මය ඔබට ඇලුම්ව ඔබ අනුව යයි.
9 නුමුත් මාගේ ආත්මය විනාශකරන්ට සොයන්නෝ පොළොවේ ගැඹුරු තැන්වලට යන්නෝය.
10 ඔව්හු කඩුවේ බලයට පාවාදෙනු ලබන්නෝය.
11 නුමුත් රජතෙමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවන්නේය.
නපුරන් කෙරෙහි දෙවියන්වහන්සේගේ විනිශ්චය
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 දෙවියන්වහන්ස, මාගේ විලාපයේදී මාගේ හඬට කන්දුන මැනව.
2 නපුරුකම් කරන්නන්ගේ රහස් මන්ත්‍රණයෙන්ද අයුතුකම් කරන්නන්ගේ කෝලාහලයෙන්ද මා සඟවාගත මැනව.
3 රහස් තැන්වලදී නිර්දෝෂ අයට විදින පිණිස ඔව්හු කඩුවක් මෙන් තමුන්ගේ දිව මුවහත් කොට,
4 තික්ත වචන නමැති ඊගස් යෙදුවෝය.
5 ඔව්හු නපුරු කාරණයෙක්හි තමුන්ම ධෛර්යකරගනිති;
6 ඔව්හු අයුතුකම් සොයති;
7 නුමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට විදිනසේක;
8 ඔවුන්ගේ දිව මෙසේ තමුන්ටම විරුද්ධවී, ඔවුන්ගේ පැකිලීම සිදුවන්නේය.
9 සියලු මනුෂ්‍යයෝ භයවන්නෝය;
10 ධර්මිෂ්ඨයාස්වාමීන්තුළ සන්තෝෂවන්නේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නේය;
ගොයම් කැපීමේ කාලය සහ අනතුරෙන් මිදීම ගැන ගීතය
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ කාව්‍ය ගීතයකි.
1 දෙවියන්වහන්ස, සියොන්හී ඔබට ප්‍රශංසාව නිශ්චලව තිබේ.
2 යාච්ඤා අසන තැනන්වහන්ස, මාංසමයවූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය.
3 අයුතුකම් මාගෙන් ජයගනියි.
4 ඔබගේ මිදුල්වල වාසයකරන පිණිස ඔබ තෝරාගන්නාවූ, ඔබට ළංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දේය.
5 පොළොවේ සියලු සීමාවලද මුහුදේ දුරස්තර තැන්වලද සිටින්නන්ගේ විශ්වාසයවූ අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබ භයානක දේවලින් ධර්මිෂ්ඨලෙස අපට උත්තරදෙනසේක.
6 උන්වහන්සේ බලය නමැති ඉඟපටියෙන් සැරසුණුසේක්, තමන් ශක්තියෙන් කඳු ස්ථිරකොට පිහිටුවනසේක.
7 උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.
8 ඉතා දුර සීමාවල වසන්නෝද ඔබගේ ලකුණුවලට භයවෙති.
9 ඔබ පොළොව බලා ඊට වැසි වස්වනසේක, බොහෝසෙයින් එය සාරවත් කරනසේක;
10 ඔබ එහි හීවිටි බොහෝසේ තෙමමින්, එහි පිඩලි සමතලා කරනසේක.
11 ඔබ ස්වකීය යහපත්කම නමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසනසේක;
12 ඒවා වනයෙහි පිට්ටනිවල වැගිරෙයි.
13 ගොදුරු බිම් සිව්පා රැළවලින් පැළදීයයි;
ජාතික මිදීම හා පුද්ගලික මිදීම ගැන ප්‍රශංසාව
නායක වාද්‍යකරුටයි. කාව්‍ය ගීතයකි.
1 පොළෝවැසි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති නාද පවත්වව්.
2 උන්වහන්සේගේ නාමයේ මහිමය ගැන ගී කියව්.
3 ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද!
4 පොළොවේ සියල්ලෝම ඔබට නමස්කාරකරන්නෝය, ඔබට ගී කියන්නෝය;
5 එව්, දෙවියන්වහන්සේගේ ක්‍රියා බලව්;
6 උන්වහන්සේ මුහුද වියළි බිමක් කළසේක.
7 උන්වහන්සේ තමන් බලයෙන් සදාකල් ආණ්ඩුකරනසේක;
8 මනුෂ්‍ය වර්ගයෙනි, අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව්, උන්වහන්සේට නඟන ප්‍රශංසා හඬ ඇසෙන්ට සලස්වව්.
9 අපේ ප්‍රාණය ජීවත්කරන්නෙත් අපේ පාද ලිස්සන්ට නාරින්නෙත් උන්වහන්සේය.
10 මක්නිසාද දෙවියන්වහන්ස, ඔබ අප සෝදිසිකළසේක.
11 ඔබ අප දැලට පැමිණෙවුසේක;
12 ඔබ මනුෂ්‍යයන් අපේ හිසට උඩින් යැවූසේක;
13 මම දවන පූජා රැගෙන ඔබගේ ගෘහයට ඇතුල්වෙන්නෙමි, මාගේ විපත්තියේදී මාගේ තොල්වලින් කීවාවූ,
14 මාගේ මුඛයෙන් කථාකළාවූ මාගේ භාර ඔබට ඔප්පුකරන්නෙමි.
15 බැටළුවන්ගේ සුවඳ දුම් සහිතව, තර සතුන් දවන පූජාවන් කොට ඔබට පුදන්නෙමි;
16 දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇති සියල්ලෙනි, ඇවිත් අසව්, උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශකරන්නෙමි.
17 මාගේ මුඛයෙන් උන්වහන්සේට මොරගැසීමි, මාගේ දිවෙන් උන්වහන්සේ උසස් කරනු ලැබූසේක.
18 අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක.
19 නුමුත් සැබවින්ම දෙවියන්වහන්සේ ඇසූසේක;
20 මාගේ යාච්ඤාවද මා කෙරෙන් තමන් කරුණාවද පහ නොකළාවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.
67ඉශ්‍රායෙල් කරණකොටගෙන ලෝකයාට ආශීර්වාද ඉල්ලීම
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගායනාකිරීමට කාව්‍ය ගීතයකි.
1 පොළොවෙහි ඔබගේ මාර්ගයද සියලු ජාතීන් අතරේ ඔබගේ ගැළවීමද ප්‍රකාශවෙන පිණිස
2 දෙවියන්වහන්සේ අපට කරුණා කරනසේක්වා, ආශීර්වාදකරනසේක්වා, ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවනසේක්වා.
3 දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා;
4 ජාතීහු සන්තෝෂව ප්‍රීතියෙන් ගී කියත්වා.
5 දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා;
6 පොළොව ස්වකීය වර්ධනය දී තිබේ.
7 දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරනසේක;
අතීතයේ ඉශ්‍රායෙල්හිද අනාගතයෙහි ලෝකයෙහිද ස්වාමීන්වහන්සේගේ ජයග්‍රහනය
නායක වාද්‍යකරුටයි; දාවිත්ගේ කාව්‍ය ගීතයකි.
1 දෙවියන්වහන්සේ නැගිටිනසේක්වා, උන්වහන්සේගේ සතුරෝ විසිර යෙත්වා; උන්වහන්සේට වෛරවන්නෝද උන්වහන්සේ ඉදිරියෙන් පලායෙත්වා.
2 දුම් පහව යන්නාක්මෙන් ඔවුන් පහ කළ මැනව.
3 නුමුත් ධර්මිෂ්ඨයෝ සතුටුවෙත්වා;
4 දෙවියන්වහන්සේට ගීතිකාකරව්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී කියව්. කාන්තාර මැදින් නැගී යන්නාවූ උන්වහන්සේට මාවතක් සාදව්;
5 ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩවසන දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වනසේක.
6 දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක.
7 දෙවියන්වහන්ස, ඔබ තමන් සෙනඟට පෙරටුව නික්ම ගිය කලද වනාන්තරය මැදින් ගිය කලද
8 පොළොව කම්පාවූවාය, දෙවියන්වහන්සේ අභිමුඛයෙහි අහස් තලයද පොද හෙළීය. සීනයි පවා දෙවියන්වහන්සේ, එනම් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, අභිමුඛයෙහි වෙවුලීය.
9 දෙවියන්වහන්ස, ඔබ මහත් වර්ෂාවක් එවූසේක, ඔබගේ උරුමය විඩාවූ විට ඔබ එය ශක්තිමත්කළසේක.
10 ඔබගේ රැළ එහි වාසයකළාය.
11 ස්වාමීන්වහන්සේ වචනය දෙනසේක.
12 සේනාවන්ගේ රජවරු පලායති, ඔව්හු පලායති.
13 රිදී පැහැ ඇති කොබෙයියෙකුගේ පියාපත් මෙන්ද උගේ කහපාට රත්රන් අත්තටු මෙන්ද වූ නුඹලා බැටළු ගාල්වල සයනය කරන්නහුද?
14 සර්වපරාක්‍රමයාණන්වහන්සේ විසින් රජවරුන් එහි විසිරවූ කල, එය ශල්මෝන පිටට හිම වැටෙන්නාක්මෙන් විය.
15 බාෂාන් කන්ද දෙවියන්වහන්සේගේ කන්දක්ය;
16 එම්බා උස් කඳු, දෙවියන්වහන්සේ ස්වකීය වාසස්ථානය කොට ගන්ට කැමතිවූ කන්ද දෙස නුඹලා කුමට ඊර්ෂ්‍යයාවෙන් බලවුද?
17 දෙවියන්වහන්සේගේ රථ විසිදහසක්ය, දහස්වර දහස් ගණන්ය.
18 ඔබ උසස්ථානයට නැගී ගියසේක, වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙනගියසේක.
19 දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.
20 දෙවියන්වහන්සේ වනාහි අපට ගැළවීම දෙන දෙවිකෙනෙක්ය;
21 නුමුත් දෙවියන්වහන්සේ තමන්ගේ සතුරන්ගේ හිස, එනම් තමාගේ වරදෙහි නිතර පවතින්නාගේ කේස සහිතවූ මුදුන පොඩිකරනසේක.
22 නුඹේ පාදය ලෙයෙහි ගල්වන පිණිසත්, නුඹේ බල්ලන්ගේ දිවට සතුරන්ගෙන් කොටස ලැබෙන පිණිසත්,
23 මම ඔවුන් නැවත බාෂාන් සිට ගෙනෙන්නෙමි, මුහුදේ ගැඹුරේ සිට ඔවුන් නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීසේක.
24 දෙවියන්වහන්ස, ඔව්හු ඔබගේ ගමන්, එසේය, ශුද්ධස්ථානයට යන මාගේ රජවූ මාගේ දෙවියන්වහන්සේගේ ගමන් දුටුවෝය.
25 රබන් ගසන කන්‍යාවන් මැද ගී කියන්නෝ පෙරටුව ගියෝය, ගායනාකාරයෝ පසුව ගියෝය.
26 ඉශ්‍රායෙල්ගේ උල්පතෙන්වූ තැනැත්තෙනි, දෙවියන්වහන්සේට, එසේය, ස්වාමීන්වහන්සේට සභාවලදී ප්‍රශංසාකරව්.
27 ඔවුන්ගේ ආණ්ඩුකාරයා වන කුඩා බෙන්යමින්ද යූදාගේ අධිපතීන් හා මන්ත්‍රී සභාවද සාබුලොන්ගේ අධිපතීන් හා නප්තලීගේ අධිපතීහුද එහි සිටිති.
28 නුඹේ දෙවියන්වහන්සේ නුඹේ ශක්තිය නියමකළසේක, දෙවියන්වහන්ස, ඔබ අපට ඉෂ්ටකර දුන් දේ ස්ථිරකළ මැනව.
29 යෙරුසලමෙහි ඔබගේ මාලිගාව නිසා රජවරු ඔබ වෙතට පඬුරු ගෙනෙන්නෝය.
30 නළාගස් අතරෙහිවූ වල් සතාටද ගොන් සමූහයා සහ වස්සන් වැනි ජනයන්ටද තරවටුකළ මැනව;
31 මිසරයෙන් අධිපතීහු නික්ම එන්නෝය;
32 පොළොවේ රාජ්‍යයෙනි, දෙවියන්වහන්සේට ගී කියව්;
33 බලව, උන්වහන්සේ ස්වකීය හඬ එනම් බලවත්වූ හඬක් නික්මවනසේක.
34 බලය දෙවියන්වහන්සේට අයිති බව කියව්.
35 දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධස්ථානවල සිට ඔබ භයංකරව පෙනෙනසේක. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේම ස්වකීය සෙනඟට ශක්තියත් බලයත් දෙනසේක.
අධික දුක්විඳින්නාගේ කන්නලව්ව
නායක වාද්‍යකරුටයි; ෂෝෂන්නීම් නම් තූර්යය ඇතිව ගායනාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි.
1 දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව; මක්නිසාද ජලධාරා මාගේ ප්‍රාණයතෙක් පැමිණ තිබේ.
2 සිටින්ට තැනක් නැති ගැඹුරු මඩෙහි කිඳී සිටිමි.
3 මාගේ මොරගැසීමෙන් වෙහෙසව සිටිමි;
4 නිෂ්කාරණයේ මට වෛරවන්නෝ මාගේ ඉසකේවලට වැඩිය.
5 දෙවියන්වහන්ස, ඔබ මාගේ අඥානකම දන්නාසේක;
6 සේනාවලදෙවිවූස්වාමිනි, ඔබ කෙරෙහි බලාසිටින්නෝ මා නිසා ලජ්ජාවට නොපැමිණෙත්වා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ සොයන්නෝ මා නිසා අගෞරවයට නොපැමිණෙත්වා.
7 මක්නිසාද මම ඔබ නිසා නින්දා ඉවසීමි;
8 මාගේ සහෝදරයන්ට ආගන්තුකයෙක්ව, මාගේ මෑණියන්ගේ දරුවන්ට විදේශියෙක්ව සිටිමි.
9 මක්නිසාද ඔබගේ ගෘහය සඳහා ඇති ජ්වලිතය මා දැවුවේය;
10 මා ඇඬූ කලද නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට දුක් ඉපදවූ කලද එය මට නින්දාවක් විය.
11 ගෝණි මාගේ ඇඳුම් කොට ගත් කල මම ඔවුන්ට නින්දා වාක්‍යයක් වීමි.
12 නුවර දොරකඩ හිඳින අය මා ගැන කථාකෙරෙති;
13 එහෙත්ස්වාමිනි,මම වනාහි පිළිගන්නා කාලයකදී මාගේ යාච්ඤාව ඔබට පුදමි. දෙවියන්වහන්ස, ඔබගේ අධික දයාවෙන්, ඔබගේ ගැළවීමේ සැබෑකමින් මට උත්තරදුන මැනව.
14 ගිලීයන්ට නොදී මා මඩෙන් ගොඩ ගත මැනව.
15 ජලගැල්ම මා යට නොකෙරේවා, ගැඹුර මා ගිල නොගනීවා;
16 ස්වාමිනි,මට උත්තරදුන මැනව;
17 ඔබගේ මෙහෙකරුවාගෙන් ඔබගේ මුහුණ සඟවා නොගත මැනව;
18 මාගේ ප්‍රාණයට ළංවී එය මිදුව මැනව.
19 ඔබ මාගේ නින්දාවද ලජ්ජාවද අවනම්බුවද දන්නාසේක.
20 නින්දාවෙන් මාගේ සිත බිඳුණේය;
21 ආහාර පිණිස ඔව්හු මට තික්ත ද්‍රව්‍ය දුන්නෝය;
22 ඔවුන්ගේ මේසය ඔවුන් ඉදිරියෙහි මලපතක් වේවා;
23 නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරුවේවා;
24 ඔවුන් පිට ඔබගේ කෝපය වත්කළ මැනව, ඔබගේ කෝපාග්නිය ඔවුන් පිට වැටේවා.
25 ඔවුන්ගේ වාසස්ථානය පාළුවේවා;
26 මක්නිසාද ඔබ පහරදුන් අයට ඔව්හු පීඩාකෙරෙති;
27 ඔවුන්ගේ අයුතුකමට අයුතුකම එකතුකළ මැනව.
28 ඔව්හු ජීවන පොතෙන් මැකීයෙත්වා, ධර්මිෂ්ඨයන් සමඟ නොලියවෙත්වා.
29 එහෙත් මම දුප්පත්මි, දුක්ඛිතයෙමි.
30 ගීතිකාවකින් දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරන්නෙමි, ස්තුතිකිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි.
31 ගොනෙකුට හෝ අං ඇති කුර ඇති හරකෙකුට වඩාස්වාමීන්වහන්සේමීට ප්‍රසන්න වනසේක.
32 මොළොක්ගුණ ඇත්තෝ ඒ දැක සන්තෝෂවෙති.
33 මක්නිසාදස්වාමීන්වහන්සේදිළිඳුන්ට කන්දෙනසේක, තමන් හිරකාරයන් සුළුකොට නොසිතනසේක.
34 අහස හා පොළොවද මුහුදු හා එහි හැසිරෙන සියල්ලෝද උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා.
35 මක්නිසාද දෙවියන්වහන්සේ සියොන් ගළවනසේක, යූදාගේ නුවරවල් ගොඩනගනසේක;
36 උන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වංශය එහි උරුමය ලබන්නෝය.
ඉක්මනින් උපකාර ලැබීම සඳහා යාච්ඤාව
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි; සිහිකරවීමටයි.
1 දෙවියන්වහන්ස, මා මිදුව මැනව;ස්වාමිනි,මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.
2 මාගේ ජීවිතය සොයන්නෝ ලජ්ජාවෙත්වා, වියවුල් වෙත්වා.
3 ඔහෝ!
4 ඔබ සොයන සියල්ලෝම ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා, සන්තෝෂවෙත්වා;
5 නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි;
මහලු ඇදහිලිවන්තයාගේ යාච්ඤාව
1 ස්වාමිනි,ඔබ විශ්වාසකරමි. කිසිකලකත් ලජ්ජා නොවෙම්වා.
2 ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මුදා නිදහස් කළ මැනව.
3 මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව.
4 මාගේ දෙවියන්වහන්ස, දුෂ්ටයාගේ අතින්, එනම් අධර්මිෂ්ඨවූ කෲරවූ මනුෂ්‍යයාගේ අතින්, මා මුදාගත මැනව.
5 මක්නිසාද ස්වාමිවූදෙවියන්වහන්ස,මාගේ බලාපොරොත්තුව ඔබය.
6 මවු ගැබෙහි පටන් ඔබ මා ඉසුලූසේක.
7 මම බොහෝ දෙනෙකුට විස්මයක් මෙන් වෙමි;
8 මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබට ප්‍රශංසාකිරීමෙන්ද ගෞරවකිරීමෙන්ද පිරෙන්නේය.
9 මහලු වයසේදී මා ඉවත නොහළ මැනව;
10 මක්නිසාද මාගේ සතුරෝ මා ගැන කථාකෙරෙති;
11 දෙවියන්වහන්සේ ඔහු අත්හැරිය සේක.
12 දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුනූව මැනව, මාගේ දෙවියන්වහන්ස, මට උපකාර කරන්ට ඉක්මන්වුව මැනව.
13 මාගේ ප්‍රාණයට විරුද්ධව සිටින්නෝ ලජ්ජාවටත් විනාශයටත් පැමිණෙත්වා;
14 එහෙත් මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්‍රශංසාකරන්නෙමි.
15 මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය;
16 ස්වාමිවූදෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා පෙරටුකොටගෙන එන්නෙමි.
17 දෙවියන්වහන්ස, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ සේක;
18 දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.
19 දෙවියන්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය;
20 බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්කොට, පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩගන්නාසේක.
21 මාගේ උතුම්කම වැඩිකොට, නැවත හැරී මා සැනසුව මැනව.
22 මාගේ දෙවියන්වහන්ස, ඔබ, එනම් ඔබගේ සැබෑකම, කුඩා වීණාවෙන් වර්ණනාකරන්නෙමි.
23 මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
24 මාගේ දිවද දවස මුළුල්ලේම ඔබගේ ධර්මිෂ්ඨකම ගැන කථාකරන්නේය.
එන්ට සිටින්නාවූ රජ්ජුරුවෝ
සාලමොන්ගේ ගීතයකි.
1 දෙවියන්වහන්ස, රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන්ද රාජ පුත්‍රයාණන්ට ඔබගේ ධර්මිෂ්ඨකමද දුන මැනව.
2 උන්වහන්සේ ඔබගේ සෙනඟ ධර්මිෂ්ඨකමින්ද ඔබගේ දුප්පතුන් යුක්තියෙන්ද විනිශ්චයකරන්නේය.
3 කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනඟට සමාදානය හටගන්වන්නේය.
4 උන්වහන්සේ සෙනඟ අතරෙහි වූ දුප්පතුන් විනිශ්චයකරන්නේය, දිළිඳුන්ගේ දරුවන් ගළවන්නේය, පීඩාකරන්නා කැබලිකරන්නේය.
5 ඔව්හු හිර සඳ පවතිනා තෙක් සියලු පරම්පරාවල ඔබට භය වන්නෝය.
6 තණකොළ කැපූ කෙත් පිට වැස්ස මෙන්ද බිම තෙමන වැසිවලා මෙන්ද උන්වහන්සේ පහළවන්නේය.
7 උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය;
8 උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය.
9 වනයෙහි වසන්නෝ උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය;
10 තර්ෂිෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය.
11 එසේය, සියලු රජවරු උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය.
12 මක්නිසාද උන්වහන්සේ මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය.
13 උන්වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය.
14 උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුවෙහි අනර්ඝ වන්නේය.
15 ඔව්හු ජීවත්වන්නෝය;
16 පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය;
17 උන්වහන්සේගේ නාමය සදාකල් පවතින්නේය;
18 ආශ්චර්ය කිරීමේ එකම කර්තෘවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.
19 උන්වහන්සේගේ ශ්‍රීමත් නාමයට සදාකල් ප්‍රශංසාවේවා;
20 යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ගේ යාච්ඤා නිමි.
73තුන්වෙනි කාණ්ඩය.
දුෂ්ටයන්ගේ ශුභසිද්ධිය ගැන ඊර්ෂ්‍යා නොවිය යුතු බව
ආසාප්ගේ ගීතයකි.
1 සැබවින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට, එනම් පිරිසිදු සිත් ඇත්තන්ට, යහපත්ය.
2 එහෙත් මාගේ පාද ඉවතයන්ට ළං විය;
3 මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි.
4 මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත.
5 වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත.
6 එබැවින් ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය;
7 ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ.
8 ඔව්හු ගර්හාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති.
9 ඔව්හු තමුන්ගේ මුඛය අහසෙහි තබා තිබේ, ඔවුන්ගේ දිවද මුළු පොළොවෙහි සංචාරයකරයි.
10 එබැවින් උන්වහන්සේගේ සෙනඟ මෙතැනට හැරී එති.
11 ඔව්හු කථාකොට:
12 බලව, දුෂ්ටයෝ මොව්හුය;
13 සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය;
14 මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි.
15 මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්;
16 මා විසින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්,
17 එය මට අධික වේදනා සහිත විය;
18 සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක.
19 ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි!
20 යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි, ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක.
21 එහෙත් මාගේ සිත කැලඹුණේය, මාගේ හෘදයට ඇන්නාක්මෙන් විය.
22 මම මෘගාකාර වීමි, අඥාන වීමි;
23 එසේ නුමුත් මම නිතරම ඔබ සමඟය.
24 ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක.
25 ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද?
26 මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ.
27 මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය.
28 දෙවියන්වහන්සේට ළංවීම මට යහපත.
අත්හරිනු ලැබූ සෙනඟගේ විලාපය
ආසාප් විසින් ලියූ අනුශාසනාවකි.
1 දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද?
2 ඔබ පුරාණ කාලයේදී මිලේට ගත්තාවූ, ඔබගේ උරුම-ගෝත්‍රය වන පිණිස මුදාගත්තාවූ ඔබගේ සභාවද ඔබ විසූ සියොන් කන්දද සිහිකළ මැනව.
3 ශුද්ධස්ථානයෙහි සතුරා විසින් කර තිබෙන මුළු හානිය වන නිරන්තර විනාශයන් කරා ඔබගේ පාද නගා අවමැනව.
4 ඔබගේ එදිරිකාරයෝ ඔබගේ සභා මධ්‍යයෙහි ගර්ජනාකළෝය;
5 ඔව්හු මූකළානේදී පොරෝ ඔසවන්නන් මෙන් පෙනුණෝය.
6 දැන් ඔව්හු පොරොවෙන් හා මිටිවලින් එහි කැටයම් වැඩ සහමුලින්ම කඩා දමති.
7 ඔව්හු ඔබගේ ශුද්ධස්ථානය ගිනිලෑවෝය;
8 සහමුලින්ම ඔවුන් විනාශ කරන්නෙමුයයි ඔව්හු සිතින් කීවෝය.
9 අපේ ලකුණු අපට නොපෙනෙයි.
10 දෙවියන්වහන්ස, එදිරිකාරයා නින්දා කරන්නේ කොපමණ කල්ද?
11 ඔබගේ අත, එසේය ඔබගේ දකුණත, කුමක් නිසා නවතනසේක්ද?
12 පොළෝ මැද ගැළවීම සිදුකරන දෙවියන්වහන්සේ පුරාතන සිට මාගේ රජ්ජුරුවෝය.
13 ඔබ ස්වකීය ශක්තියෙන් මුහුද බෙදූසේක.
14 ඔබ ලෙවියාතන්ගේ හිස පොඩිකොට, වනයෙහි වාසයකරන සෙනඟට භෝජන පිණිස දුන්සේක.
15 ඔබ උල්පතට හා ජලධාරාවටත් මාර්ගය දැදුරුකළසේක.
16 දිවාභාගය ඔබගේය, රාත්‍රියත් ඔබගේය.
17 ඔබ පොළොවේ සියලු සීමා පිහිටෙවුසේක.
18 ස්වාමිනි,සතුරා නින්දාකළ බවත් අඥාන සෙනඟක් ඔබගේ නාමයට අපහාසකළ බවත් සිහිකළ මැනව.
19 ඔබගේ කොබෙයියාගේ ප්‍රාණය වනමෘගයාට නුදුන මැනව.
20 ගිවිසුම සැලකුව මැනව.
21 පීඩා ලත් තැනැත්තේ ලජ්ජාවී ආපසු නොඒවා, දුප්පතාද දිළිඳාද ඔබගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.
22 දෙවියන්වහන්ස, නැගිට ඔබගේ යුක්තිය කියා සිටිය මැනව.
23 ඔබගේ විරුද්ධකාරයන්ගේ ශබ්දය සිහිනැති නොකළ මැනව.
දෙවියන්වහන්සේගේ වැඩසිටීම හා බලය ගැන ස්තුති කිරීම
නායක වාද්‍යකරුටයි; ‘නාස්ති නොකළ මැනව’ ආසාප්ගේ කාව්‍ය ගීතයකි.
1 දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති කරමුව;
2 නියම කාලය ලැබූ කල මම අවංකලෙස විනිශ්චයකරන්නෙමි.
3 පොළොවද එහි සියලු වැසියෝද දියව ගියෝය.
4 අහංකාරලෙස ක්‍රියා නොකරව්යයි අහංකාරීන්ටත් අඟ උස් නොකරව්යයි දුෂ්ටයන්ටත් කීමි.
5 නුඹලාගේ අඟ උස් නොකරව්;
6 මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය.
7 නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය.
8 මක්නිසාදස්වාමීන්ගේඅතේ කුසලානක් ඇත, එහි මුද්‍රිකපානය පෙණ දමයි;
9 එහෙත් මම සදාකල් ප්‍රකාශ කරන්නෙමි, යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
10 දුෂ්ටයන්ගේ අං සියල්ලද කපාදමන්නෙමි;
ජයග්‍රහනයේදී දෙවියන්වහන්සේගේ ගුණ වර්ණනා කිරීම
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගීතිකා කිරීමටයි. ආසාප්ගේ කාව්‍ය ගීතයකි.
1 දෙවියන්වහන්සේ යූදාහි ප්‍රසිද්ධසේක.
2 උන්වහන්සේගේ මණ්ඩපය සාලෙම්හිය, උන්වහන්සේගේ වාසස්ථානය සියොන්හිය.
3 එහිදී උන්වහන්සේ දුන්නේ ඊගස් හා පලිහද කඩුව හා සටනද බින්දසේක.
4 කොල්ලගත් කඳුවල සිට ඔබ තේජෝමහිමයෙන් යුක්තවනසේක.
5 සවි සිත් ඇත්තෝ කොල්ලකනු ලැබුවෝය, තමුන්ගේ නින්දට පැමිණියෝය;
6 යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ තරවටුකිරීමෙන් රථ සේනාව සහ අසරුවෝ බර නින්දට හෙළනු ලැබුවෝය.
7 භයවිය යුත්තේ ඔබටය, ඔබට පමණක්මය.
8 ඔබ ස්වර්ගයෙන් නඩුතීන්දුව ඇසෙන්ට සැලැස්වූසේක;
9 දෙවියන්වහන්සේ විනිශ්චයට නැගිටි කල, පොළොව භයව නිශ්චලවිය.
10 සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය.
11 ඔබගේ දෙවිවූස්වාමීන්ටභාරයක්වී එය ඔප්පුකරව්.
12 උන්වහන්සේ අධිපතීන්ගේ එඩි මඩිනසේක.
දුකේදී විලාපය සහ දෙවියන්වහන්සේගේ ක්‍රියාවලින් සැනසීම
යෙදූතුන්වරුන්ගේ නායක වාද්‍යකරුටයි. ආසාප්ගේ ගීතයකි.
1 මාගේ හඬින් දෙවියන්වහන්සේට, එසේය, මාගේ හඬින් දෙවියන්වහන්සේට මොරගසන්නෙමි, උන්වහන්සේ මට කන්දෙනසේක.
2 දුක් ඇති දවසේදීස්වාමීන්සෙවීමි.
3 මම දෙවියන්වහන්සේ සිහිකොට චංචලව සිටිමි.
4 ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක.
5 මම පුරාණයේ දවස්ද පූර්ව කාලවල අවුරුදුද කල්පනාකෙළෙමි.
6 රාත්‍රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත සමඟ කථාකරමි;
7 ස්වාමීන්වහන්සේ සදාකාලේටම පහකරනසේක්ද?
8 උන්වහන්සේගේ දයාව සහමුලින්ම පහව ගියේද?
9 දෙවියන්වහන්සේ කරුණාකරන්ට මතකනැතිකළසේක්ද?
10 එවිට මම කථාකොට:
11 ස්වාමීන්ගේක්‍රියා සඳහන් කරන්නෙමි;
12 ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනාකරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමියි කීයෙමි.
13 දෙවියන්වහන්ස, ඔබගේ මාර්ගය ශුද්ධස්ථානයෙහිය.
14 පුදුම දේ කරන දෙවියන්වහන්සේ නම් ඔබය.
15 ඔබ යාකොබ්ගේද යෝසෙප්ගේද පුත්‍රයන් වන ඔබගේ සෙනඟ ඔබගේ බාහුවෙන් මුදාගත්සේක.
16 දෙවියන්වහන්ස, ජලධාරාවෝ ඔබ දුටුවෝය;
17 වලාකුල් දිය වැගිරෙවුවෝය;
18 ඔබගේ ගර්ජනා ශබ්දය සුලි හුළඟෙහි විය;
19 ඔබගේ මාර්ගය මුහුදේ විය, ඔබගේ මාවත් මහත් ජලධාරාවන්හි විය, ඔබගේ පා සලකුණු ප්‍රකාශ නොවීය.
20 ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැළක් මෙන් ඔබගේ සෙනඟ ගෙනගියසේක.
78ඉශ්‍රායෙල්වරුන්ගේ කථාන්තරය සිහිකරවාදීම
ආසාප්ගේ අනුශාසනාවකි.
1 එම්බා මාගේ සෙනඟ, මාගේ ව්‍යවස්ථාවට කන්දෙව්.
2 උපමාවකින් මාගේ කට අරින්නෙමි;
3 අපේ පියවරුන් අපට කියාදුන්නාවූ පුරාණයේ වාක්‍යයන් ප්‍රකාශ කරන්නෙමි.
4 අපි ඔවුන්ගේ දරුවන් කෙරෙන් ඒ දේ නොසඟවා,ස්වාමීන්ගේප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමුව.
5 එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක.
6 මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්,
7 තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,
8 මුරණ්ඩු කැරළිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟකර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් නොවන පිණිසත්ය.
9 යුද්ධයට සැරසී දුනු ගත් එප්‍රායිම් පුත්‍රයෝ සටන් දවසේදී පස්සට හැරුණෝය.
10 ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම රක්ෂා නොකළෝය, උන්වහන්සේගේ ව්‍යස්ථාව ලෙස හැසිරෙන්ට නොකැමැතිවූවෝය;
11 උන්වහන්සේ කළ දේද උන්වහන්සේ තමුන්ට දැක්වූ ආශ්චර්ය ක්‍රියාද ඔව්හු මතක නැතිකළෝය.
12 උන්වහන්සේ මිසර දේශයෙහි ශෝවාන් කෙතේදී ඔවුන්ගේ පියවරුන්ගේ ඇස් හමුවෙහි පුදුම දේ කළසේක.
13 උන්වහන්සේ මුහුද බෙදා ඔවුන් ඒ මැදින් යන්ට සැලැස්වූසේක;
14 දවාලේ වලාකුළකින්ද මුළු රෑ ගිනි එළියකින්ද උන්වහන්සේ ඔවුන් ගෙනගියසේක.
15 වනාන්තරයෙහිදී පර්වත පළා, ගැඹුරුවලින් මෙන් බොහෝකොට ඔවුන්ට වතුර බොන්ට දුන්සේක.
16 පර්වතයෙන් දිය පාරවල්ද නගා, ගංගා මෙන් ජලය ගලායන්ට සැලැස්වූසේක.
17 එහෙත් ඔව්හු කාන්තාරයෙහිදී මහෝත්තමයාණන්ට විරුද්ධව කැරළි ගසමින්, උන්වහන්සේට විරුද්ධව තව තව පව්කළෝය.
18 තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය.
19 එසේය, ඔව්හු දෙවියන්වහන්සේට විරුද්ධව කථාකරමින්:
20 බලව, උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගුරුණේය, දියපාරවල් ගලාගියේය;
21 එබැවින්ස්වාමීන්වහන්සේඅසා උදහස්වූසේක.
22 මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය, උන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය.
23 එසේ වුවත් උන්වහන්සේ ඉහළින් ආකාශයට අණකොට, ස්වර්ගයේ දොරවල් ඇරියසේක;
24 කෑම පිණිස මන්නා වස්වමින්, ස්වර්ග ශස්‍යයෙන් ඔවුන්ට දුන්සේක.
25 මනුෂ්‍යයා බලවතුන්ගේ රොටි කෑයේය.
26 උන්වහන්සේ අහසෙහි පෙරදිග සුළඟ හමන්ට සැලැස්වූසේක.
27 උන්වහන්සේ ධූලි මෙන් මාංසද මුහුදු වැලි මෙන් පියාපත් ඇති පක්ෂීන්ද ඔවුන් පිට වැස්සෙවුසේක.
28 එය ඔවුන්ගේ වාසස්ථාන අවට කඳවුර මැදට හෙළූසේක.
29 ඔව්හු මෙසේ කා බොහෝසේ තෘප්තියට පැමිණියෝය;
30 ඔවුන්ගේ ආශාව සංසිඳෙන්ට ප්‍රථම, කෑම ඔවුන්ගේ කටේ තිබියදීම,
31 දෙවියන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව හටගෙන, ඔවුන්ගෙන් ඉතා පුෂ්ටිමත්වූවන් නසා, ඉශ්‍රායෙල්ගේ තරුණයන්ට පහරදුන්සේක.
32 මේ සියල්ල සිදුවුවත් ඔව්හු තවත් පව්කළෝය, උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා විශ්වාස නොකළෝය.
33 එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ දවස් නිෂ්ඵලකමෙන්ද ඔවුන්ගේ අවුරුදු භීතියෙන්ද ගෙවෙන්ට සැලැස්වූසේක.
34 උන්වහන්සේ ඔවුන් මැරූ කල ඔව්හු උන්වහන්සේ ගැන විචාළෝය.
35 දෙවියන්වහන්සේ තමුන්ගේ පර්වතය බවත් මහෝත්තම දෙවියන්වහන්සේ තමුන්ගේ මිදුම්කාරයාණන් බවත් ඔව්හු සිහිකළෝය.
36 නුමුත් ඔව්හු කටින් උන්වහන්සේට චාටුකළෝය, දිවෙන් උන්වහන්සේට බොරු කීවෝය.
37 මක්නිසාද ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවීය, උන්වහන්සේගේ ගිවිසුමට ඔව්හු විශ්වාසව නොසිටියෝය.
38 නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක.
39 ඔවුන් මාංසයම බවත් පහව යන්නාවූ නැවත නොඑන්නාවූ හුළඟක් බවත් සිහිකළසේක.
40 කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද!
41 ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය.
42 ඔව්හු උන්වහන්සේගේ හස්තයවත්, උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත්,
43 මිසර දේශයේදී ස්වකීය හාස්කම් සහ ශෝවාන් කෙතේදී ආශ්චර්යයන් කළ හැටිවත් සිහි නොකළෝය.
44 බොන්ට බැරි ලෙස උන්වහන්සේ ඔවුන්ගේ ගංගාද දිය පාරවල්ද ලේ කළසේක.
45 උන්වහන්සේ ඔවුන් අතරට නාස්ති කරන මැසි රංචුද විනාශකරන මැඩියන්ද යැවූසේක.
46 ඔවුන්ගේ භෝග දළඹුවන්ටත් ඔවුන්ගේ ගොවිතැන් පළඟැටියන්ටත් දුන්සේක.
47 ඔවුන්ගේ මිදිවැල් ගල් වැස්සෙන්ද අත්තික්කා ගස් තුෂාරයෙන්ද විනාශ කළසේක.
48 උන්වහන්සේ ඔවුන්ගේ ගවයන් ගල් වැස්සටත් සිව්පා රැළවල් හෙණගින්නටත් පාවාදුන්සේක.
49 උන්වහන්සේ විපත්ති දායක දූත සමූහයක් වන දැඩි රෝෂය සහ උදහසත් කෝපය සහ දුකත් ඔවුන් පිට හෙළූසේක.
50 උන්වහන්සේ ස්වකීය කෝපයට මාවතක් සෑදූසේක;
51 හාම්ගේ කූඩාරම්වල සිටි ඔවුන්ගේ ශක්තියේ ප්‍රථමඵලවූ මිසරයේ සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.
52 නුමුත් උන්වහන්සේ ස්වකීය සෙනඟ බැටළුවන් මෙන් පිටතට ගෙනගොස්, බැටළු රැළක් මෙන් වනාන්තරයේදී ඔවුන්ට මගපෙන්වූසේක.
53 උන්වහන්සේ ඔවුන් සුරැකිකොට ගෙන ගිය බැවින් ඔව්හු භයනුවූවෝය.
54 උන්වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයේ සීමාවට එනම් තමන් දකුණතින් ගත් මේ කන්දට ඔවුන් ගෙනාසේක.
55 ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.
56 එසේවී නුමුත් ඔව්හු මහෝත්තමයාණන්වූ දෙවියන්වහන්සේ පරීක්ෂා කරමින්, උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝය, උන්වහන්සේගේ ශික්ෂා රක්ෂා නොකළෝය.
57 තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය.
58 මක්නිසාද ඔව්හු තමුන්ගේ උස්තැන්වලින් උන්වහන්සේ කෝපයට පැමිණෙවුවෝය, තමුන්ගේ කැපූ රූපවලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය.
59 දෙවියන්වහන්සේ මේ අසා උදහස්වූසේක, ඉශ්‍රායෙල් ඉතා පිළිකුල්කළසේක.
60 මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයන් අතරේ තමන් පිහිටෙවු කූඩාරම වන ෂීලෝහි මණ්ඩපය අත්හැරදමා,
61 ස්වකීය ශක්තිය වහල්කමටත් ස්වකීය මහිමය එදිරිකාරයාගේ අතටත් පාවාදුන්සේක.
62 ස්වකීය සෙනඟ කඩුවට භාරදුන්සේක;
63 ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කෙළේය;
64 ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය;
65 එවිට ස්වාමීන්වහන්සේ නින්දෙන් පිබිදි අයෙකු මෙන්ද මුද්‍රික පානය බී ඝෝෂාකරන බලවන්තයෙකු මෙන්ද පිබිදිසේක.
66 උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ට ගසා ආපසු එළවා, ඔවුන් නිරන්තර නින්දාවකට පත්කළසේක.
67 උන්වහන්සේ යෝසෙප්ගේ කූඩාරම එපාකළසේක, එප්‍රායිම් ගෝත්‍රය තෝරා නොගත්සේක;
68 නුමුත් යූදා ගෝත්‍රය, තමන් ප්‍රේමකළ සියොන් කන්ද, තෝරාගත්සේක.
69 උන්වහන්සේ උස්වූ ස්ථාන මෙන්ද සදාකාලේට තමන් පිහිටෙවු පොළොව මෙන්ද ස්වකීය ශුද්ධස්ථානය ගොඩනැගූ සේක.
70 උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ දාවිත් තෝරාගෙන, බැටළු ගාල්වලින් ඔහු ගත්සේක.
71 උන්වහන්සේ තමන්ගේ සෙනඟවූ යාකොබ් සහ ස්වකීය උරුමයවූ ඉශ්‍රායෙල් පෝෂණයකරන පිණිස කිරි දෙන බැටළු දෙනුන් අනුව යාමෙන් ඔහු ගත්සේක.
72 මෙසේ ඔහු තමාගේ සිතේ සත්‍යතාවෙන් ඔවුන් පෝෂණය කළේය;
යෙරුසලම් විනාශය ගැන විලාපය
ආසාප්ගේ ගීතයකි.
1 දෙවියන්වහන්ස, අන්‍ය ජාතීහු ඔබගේ උරුමයට ඇතුල්වූවෝය;
2 ඔබගේ මෙහෙකරුවන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ටද ඔබගේ ශුද්ධවන්තයන්ගේ මාංස පොළෝතලයේ සතුන්ටද ගොදුරු කොට දුන්නෝය.
3 ඔවුන්ගේ ලේ යෙරුසලම හාත්පස ජලය මෙන් වැගිරෙවුවෝය;
4 අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.
5 ස්වාමිනි,කොපමණ කල් ඔබ නිරන්තරයෙන් උදහස්ව සිටිනසේක්ද?
6 ඔබ නාඳුනන අන්‍ය ජාතීන් පිටද ඔබගේ නාමයෙන් යාච්ඤා නොකරන රාජ්‍යයන් පිටද ඔබගේ උදහස වැගිරෙවුව මැනව.
7 මක්නිසාද ඔව්හු යාකොබ් නාස්ති කොට ඔහුගේ වාසස්ථාන පාළුකළෝය.
8 අපේ පියවරුන්ගේ අයුතුකම් අපට විරුද්ධව සිහි නොකළ මැනව.
9 අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව.
10 මොවුන්ගේ දෙවියෝ කොතැනදැ යි අන්‍ය ජාතීහු කුමට කියත්ද?
11 හිරකාරයාගේ සුසුම්ලීම ඔබ ඉදිරියට පැමිණේවා;
12 ස්වාමිනි, අපේ අසල්වාසීන් විසින් ඔබට කළ නින්දාව ඔවුන්ගේ ළයට සත් ගුණයක් කොට හරවාදුන මැනව.
13 එවිට ඔබගේ සෙනඟද ඔබ පාලනය කරන බැටළුවෝද වූ අපි සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමුව;
ඉශ්‍රායෙල් නමැති බැටළු රැළ සහ මිදිවැල
නායක වාද්‍යකරුටයි; ෂෝෂන්නීම් ඒඩුත් යන තූර්යය ඇතුව ගායනාකිරීමටයි. ආසාප්ගේ ගීතයකි.
1 බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව;
2 එප්‍රායිම්ද බෙන්යමින්ද මනස්සේද ඉදිරියෙහි ඔබගේ බලය පාමින්, අප ගළවන පිණිස වැඩිය මැනව.
3 දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව;
4 සේනාවල දෙවිවූස්වාමීන්වහන්ස,ඔබගේ සෙනඟගේ යාච්ඤාවට විරුද්ධව කොපමණ කල් උදහස්ව සිටිනසේක්ද?
5 ඔබ කඳුළු නමැති කෑම ඔවුන්ට කැවූසේක, බොහෝකොට කඳුළු පෙවූසේක.
6 අපේ අසල්වාසීන්ට අප ඩබරයට හේතුවක් වෙන්ට ඔබ සලස්වනසේක;
7 සේනාවල දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව;
8 ඔබ මිසරයෙන් මිදිවැලක් ගෙනාසේක.
9 ඔබ ඊට ඉඩමක් එළිකළසේක, එය ගැඹුරට මුල් ඇද්දේය, එයින් දේශය පිරුණේය.
10 ඒකේ සෙවණෙන් කඳු වැසුණේය, ඒකේ අතු දෙවියන්වහන්සේගේ කිහිරි ගස් මෙන් විය.
11 ඒකේ අතු මුහුද දක්වාත් ඒකේ රිකිළි ප්‍රාත් ගංගාව දක්වාත් විහිද ගියේය.
12 මග යන සියල්ලන් විසින් එයින් නෙළාගන්නා ලෙස ඔබ ඒකේ වැටවල් කුමට බිඳ දැමූසේක්ද?
13 වල් ඌරා එය විනාශකරයි, කෙත්හි වල් සත්තු එය කති.
14 සේනාවල දෙවියන්වහන්ස, හැරී අවමැනව, ස්වර්ගයේ සිට ඇස් යොමා මේ මිදිවැලද
15 ඔබගේ දකුණතින් රෝපණයකළ මුල හා ඔබටම සවිකරගත් අත්තද විමසා බැලුව මැනව.
16 එය ගින්නෙන් දවනලද්දේය, කපා දමනලද්දේය.
17 ඔබගේ හස්තය ස්වකීය දකුණෙත් මනුෂ්‍යයා කෙරෙහි, එනම් ඔබටම ඔබ ශක්තිමත්කළ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි, වේවා.
18 එවිට අපි ඔබ කෙරෙන් ආපසු නොයන්නෙමුව.
19 සේනාවල දෙවිවූස්වාමීන්වහන්ස,නැවත හැරෙවුව මැනව;
මංගල්‍ය පැවැත්වීමට ආරාධනාවක්
නායක වාද්‍යකරුටයි; ගිත්තීත් යන තූර්යය ඇතුව ගායනා කිරීමටයි. ආසාප්ගේ ගීතයකි.
1 අපේ ශක්තියවූ දෙවියන්වහන්සේට උස්වූ ශබ්ද නගා ගී කියව්.
2 ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්.
3 අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්.
4 මක්නිසාද එය ඉශ්‍රායෙල්ට නියෝගයක්ය, යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ පනතක්ය.
5 මා විසින් නොදත් භාෂාවක් ඇසුවාවූ මිසර දේශයෙහි උන්වහන්සේ ගිය කල, මෙය යෝසෙප්ට සාක්ෂියක් කොට නියමකළසේක.
6 ඔහුගේ කර බරෙන් නිදහස් කෙළෙමි.
7 විපතේදී නුඹ අඬගැසුවෙහිය, මම නුඹ මිදුවෙමි;
8 මාගේ සෙනඟෙනි, අසව්, මම නුඹලාට සාක්ෂිදෙන්නෙමි;
9 නුඹ වෙත අන් දෙවියෙක් නොවේවා;
10 මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූස්වාමීන්වහන්සේමමය.
11 එහෙත් මාගේ සෙනඟ මාගේ ශබ්දය නොඇසූය;
12 එහෙයින් ඔවුන් තමුන්ගේ මන්ත්‍රණවල හැසිරෙන ලෙස ඔවුන්ගේ සිත් දැඩිකමෙහි ඔවුන් අත්හැරියෙමි.
13 අහෝ මාගේ සෙනඟ මට කන් දුන්නොත් ඉශ්‍රායෙල් මාගේ මාර්ගවල හැසුරුණොත්, යහපත!
14 එවිට මම ඉක්මනින් ඔවුන්ගේ සතුරන් දමනයකරන්නෙමි, ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධව මාගේ අත හරවන්නෙමි.
15 ස්වාමීන්ටවෛරවන්නෝ උන්වහන්සේට යටත්වන්නෝය.
16 උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමයෙන් ඔවුන් පෝෂණය කරනසේක.
අධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්ට තරවටුවක්
ආසාප්ගේ ගීතයකි.
1 දෙවියන්වහන්සේ දේව සභාවෙහි නැගිට සිටිනසේක;
2 නුඹලා කොතෙක් කල් අසාධාරණ ලෙස විනිශ්චයකරමින් දුෂ්ටයන්ගේ තරාතිරම් සලකන්නහුද?
3 දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්.
4 දුප්පතා හා දිළිඳා මුදාහරිව්.
5 ඔව්හු නොදනිති, තේරුම්ද නොගනිති;
6 නුඹලා දෙවිවරුය, නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝයයි කීයෙමි.
7 එහෙත් නුඹලා මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය, අධිපතීන්ගෙන් එක්කෙනෙකු මෙන් වැටෙන්නහුය.
8 දෙවියන්වහන්ස, නැගිට පොළොව විනිශ්චයකළ මැනව.
බලවත් වටලෑමකින් මිදීම පිණිස යාච්ඤාව
ආසාප්ගේ කාව්‍ය ගීතයකි.
1 දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව;
2 මක්නිසාද ඔබගේ සතුරෝ කෝලාහලකෙරෙති.
3 ඔව්හු ඔබගේ සෙනඟට විරුද්ධව ප්‍රයෝග උපා යොදති, ඔබගේ සඟවනලද්දවුන්ට විරුද්ධව මන්ත්‍රණයකෙරෙති,
4 ඔව්හු කථාකොට:
5 ඔව්හු එක අදහසින් එක්ව මන්ත්‍රණය කළෝය;
6 ඔව්හු වනාහි ඒදොමේ කූඩාරම් වැසියන් සහ ඉෂ්මායෙලිතයෝය;
7 ගෙබාල්, අම්මොන් සහ අමෙලක්ය;
8 අෂූර්ද ඔවුන්ට එකතුවූවෝය;
9 මිදියන්ටත් කීෂොන් ගඟ ළඟදී සිසෙරාටත් යාබින්ටත් කළ ලෙස මොවුන්ට කළ මැනව.
10 ඔව්හු එන්දෝර්හි විනාශවී, බිමට පෝර මෙන් වූවෝය.
11 ඔවුන්ගේ උත්තමයන් ඔරෙබ් සහ ශීබ් මෙන්ද ඔවුන්ගේ අධිපතීන් සියල්ලන් සෙබා සහ ශල්මුන්නා මෙන්ද කළ මැනව.
12 දෙවියන්වහන්සේගේ වාසස්ථාන හිමිකරගනිමුයයි ඔව්හු කීවෝය.
13 මාගේ දෙවියන්වහන්ස, ඔවුන් කර කැවෙන ධූලි මෙන්ද සුළඟින් විසිරයන ඉපනැලි මෙන්ද කළ මැනව.
14 වනය පුලුස්සන ගිනි යම්සේද, කඳු දල්වන ගිනිදැල යම්සේද,
15 එසේම ඔබගේ කුණාටුවෙන් ඔවුන් ලුහුබඳවා, ඔබගේ සැර සුළඟෙන් ඔවුන් භය ගැන්නුව මැනව.
16 ස්වාමිනි,ඔබගේ නාමය සොයන පිණිස ඔවුන්ගේ මුහුණු වියවුලෙන් පිරෙවුව මැනව.
17 යෙහෝවානම්වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් දැනගන්නා පිණිස,
18 ඔව්හු සදාකල් ලජ්ජාවී තැතිගනිත්වා;
දේව ගෘහය ගැන තද ආශාව
නායක වාද්‍යකරුටයි; ගීත්තීත් යන තූර්යය ඇතුව ගායනාකිරීමටයි. කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි.
1 සේනාවලස්වාමීන්වහන්ස,ඔබගේ මණ්ඩප කොපමණ පියකරුද!
2 ස්වාමීන්ගේමන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි;
3 එසේය, ගේකිරිල්ලියට ගෙයක්ද වැහිලිහිණියට ඇගේ පැටවුන් තබන පිණිස කැදැල්ලක්ද සම්බවිය.
4 ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශීර්වාදලත්තෝය.
5 තමාගේ ශක්තිය ඔබ තුළෙහි ඇත්තාවූ, සියොන්ට යන මාවත් තමාගේ සිතෙහි ඇත්තාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
6 ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති;
7 ඔව්හු බලයෙන් බලයට යෙති, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති.
8 සේනාවල දෙවිවූස්වාමීන්වහන්ස,මාගේ යාච්ඤාව ඇසුව මැනව.
9 අපේ පලිහවූ දෙවියන්වහන්ස, බැලුව මැනව, ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ මුහුණ බැලුව මැනව.
10 මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත.
11 මක්නිසාද දෙවිවූස්වාමීන්වහන්සේසූර්යයෙක්ය, පලිහක්ය.
12 සේනාවලස්වාමිනි,ඔබ කෙරෙහි විශ්වාසයකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
85කරුණාව නැවත ලබාගැනීමට යාච්ඤාව
නායක වාද්‍යකරුටයි. කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි.
1 ස්වාමිනි,ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක.
2 ඔබගේ සෙනඟගේ අයුතුකම කමා කළසේක, ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක.
3 ඔබගේ මුළු උදහස පහකරදැමූසේක.
4 අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, අප හැරෙවුව මැනව, අප කෙරෙහි වූ ඔබගේ කෝපය නැවැත්වුව මැනව.
5 ඔබ අප සමඟ සදාකල්ම උදහස් වනසේක්ද?
6 ඔබගේ සෙනඟ ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරනසේක්ද?
7 ස්වාමිනි,ඔබගේ කරුණාව අපට දැක්වුව මැනව, ඔබගේ ගැළවීම අපට දුන මැනව.
8 දෙවිවූස්වාමීන්වහන්සේකුමක් කියනසේක්දැයි අසන්නෙමි.
9 තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය.
10 කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය;
11 සැබෑකම පොළොවෙන් හටගනී;
12 එසේය,ස්වාමීන්වහන්සේයහපත් දේ දෙනසේක;
13 ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය.
86දුකට පත්ව සිටින විශ්වාස මෙහෙකරුවාගේ යාච්ඤාව
දාවිත්ගේ යාච්ඤාවකි.
1 ස්වාමිනි,ඔබගේ කන නමා මට උත්තරදුන මැනව;
2 මාගේ ප්‍රාණය රක්ෂාකළ මැනව;
3 ස්වාමිනි, දවස මුළුල්ලේම ඔබට හඬා සිටින බැවින් මට කරුණාකළ මැනව.
4 ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින් ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත්කළ මැනව.
5 මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.
6 ස්වාමිනි, මාගේ යාච්ඤාවට කන්දුන මැනව;
7 මාගේ විපත්ති දවසේදී ඔබට යාච්ඤා කරන්නෙමි;
8 ස්වාමිනි,දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත;
9 ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරවකරන්නෝය.
10 මක්නිසාද ඔබ උතුම්ය, ආශ්චර්ය ක්‍රියා කරනසේක.
11 ස්වාමිනි,ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව;
12 මාගේ දෙවිවූ ස්වාමිනි, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසාකරන්නෙමි;
13 මක්නිසාද මා කෙරෙහි ඔබගේ කරුණාව මහත්ය;
14 දෙවියන්වහන්ස, උදාරම්කාරයෝ මට විරුද්ධව නැගිට සිටිති, බාලාත්කාරකරන්නන්ගේ සභාව මාගේ ප්‍රාණය සෙවීය, ඔවුන් තමුන් ඉදිරියෙහි ඔබ තබාගන නැත.
15 එහෙත් ස්වාමිනි, ඔබ අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණවූ, කෝපවීමට ප්‍රමාදවන්නාවූ, දයාවෙන් හා සත්‍යයෙන් මහත්වූ දෙවිකෙනෙක්ය,
16 මා දෙසට හැරී මට කරුණාකළ මැනව;
17 ස්වාමිනි,ඔබ මට උපකාරකොට සැනසූ බැවින්, මට වෛරවෙන්නන් විසින් දැක ලජ්ජාවන පිණිස, මා සඳහා ශුද්ධ නිමිත්තක් පෙන්නුව මැනව.
87සියොනේ තේජස
කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍ය ගීතයකි.
1 උන්වහන්සේගේ [නුවර] අත්තිවාරම ශුද්ධ කඳුවලය.
2 ස්වාමීන්වහන්සේයාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේමවනසේක.
3 එම්බා දෙවියන්වහන්සේගේ නුවර, නුඹ ගැන කීර්තිමත් දේ කියා තිබේ.
4 මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි.
5 එසේය, සියොන් ගැන:
6 ස්වාමීන්වහන්සේමනුෂ්‍ය වර්ගයන්ගේ නම් ලියන කල:
7 ගී කියන්නෝද නටන්නෝද:
දුඃඛිතයාගේ මොරගැසීම
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍ය ගීතයකි; මහලත් ලෙයනොත් නම් තූර්යයට එස්රාහිය හේමාන් විසින් ලියූ අනුශාසනාවකි.
1 මාගේ ගැළවීමේ දෙවිවූස්වාමිනි,රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි.
2 මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා;
3 මක්නිසාද මාගේ ආත්මය දුකින් පිරී තිබේ, මාගේ ප්‍රාණය ෂෙයෝලට ළංවේ.
4 වළට බසින්නන් සමඟ ගණන්ගනු ලබමි, පිහිටක් නැති කෙනෙකු මෙන් වෙමි.
5 ඔබ විසින් තවත් සිහිනොකරන්නාවූ, ඔබගේ අත කෙරෙන් පහව ගියාවූ, මරනාලදුව මිනීවළේ නිදනවුන් මෙන්, මළවුන් අතරේ හරිනාලද්දෙමි.
6 ඔබ ඉතා ගැඹුරු වළෙහි අඳුරු තැන්වලත් ගැඹුරු තැන්වලත් මා තැබූසේක.
7 ඔබගේ උදහස මා පිට බරවේ, ඔබගේ සියලු රැළවලින් ඔබ මට පීඩා කළසේක.
8 මා අඳුනන්නන් ඔබ මාගෙන් දුරු කළසේක;
9 පීඩාව නිසා මාගේ ඇස ක්ෂයවේ.
10 ඔබ මළවුන්ට ආශ්චර්යයන් දක්වනසේක්ද?
11 ඔබගේ කරුණාගුණය මිනීවළේදීත් ඔබගේ විශ්වාසකම විනාශස්ථානයෙහිදීත් ප්‍රකාශකරනු ලබන්නේද?
12 ඔබගේ ආශ්චර්යයෝ අඳුරේදීත් ඔබගේ ධර්මිෂ්ඨකම මතක් නොවෙන දේශයේදීත් දන්වනු ලබන්නේද?
13 එහෙත්ස්වාමිනි,මම ඔබට මොරගැසීමි;
14 ස්වාමිනි,කුමට මාගේ ආත්මය ඉවතලනසේක්ද?
15 බාල වයසේ පටන් මම පීඩිතව මරණාසන්නවෙමි.
16 ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය;
17 ඒවා දවස මුළුල්ලේම ජලය මෙන් මා වටකර ආයේය;
18 ප්‍රේමකරන්නාත් මිත්‍රයාත් ඔබ මා කෙරෙන් දුරුකොට, මා අඳුනන්නන් අඳුරෙහි හෙළූසේක.
89ගිවිසුමේ කරුණාවල් ගැන ප්‍රශංසා හා යාච්ඤාව
එස්රාහිය ඒතාන්ගේ අනුශාසනාවකි.
1 ස්වාමීන්ගේකරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි.
2 මක්නිසාද: කරුණාව සදාකාලේටම පිහිටුවනු ලබන්නේය, ඔබගේ විශ්වාසකම ස්වර්ගයන්හිම ඔබ පිහිටුවනසේකැයි කීයෙමි.
3 නුඹේ වංශය සදාකල් ස්ථිර කරන්නෙමි, නුඹේ සිංහාසනය සියලු පරම්පරා වලට පිහිටුවන්නෙමියි කියා
4 මාගේ තෝරාගත් තැනැත්තා සමඟ ගිවිසුමක් කෙළෙමි, මාගේ මෙහෙකරුවූ දාවිත්ට දිවුරුම් දුනිමි.
5 ස්වාමිනි,ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනාකරන්නෝය;
6 මක්නිසාද ආකාශයෙහි කවරෙක්ස්වාමීන්ටසමානකළ හැකිද?
7 උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.
8 සේනාවන්ගේ දෙවිවූස්වාමීන්වහන්ස, යාඃ
9 ඔබ මුහුදේ උඩඟුකම දමනයකරනසේක.
10 රාහබ් මරනු ලැබූ කෙනෙකු මෙන් කැබලිකොට බින්දසේක;
11 ස්වර්ගයෝ ඔබගේය, පොළොවත් ඔබගේය.
12 උතුරත් දකුණත් මැවුවේ ඔබය.
13 ඔබට බලවත් බාහුවක් ඇත්තේය.
14 ධර්මිෂ්ඨකමත් යුක්තියත් ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය.
15 ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය.
16 ඔව්හු දවස මුළුල්ලේම ඔබගේ නාමය ගැන ප්‍රීතිමත්වෙති.
17 මක්නිසාද ඔවුන්ගේ ශක්තියේ අලංකාරය නම් ඔබය.
18 මක්නිසාද අපේ පලිහස්වාමීන්ටත්අපේ රජ්ජුරුවන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේටත් අයිතිය.
19 ඔබගේ ශුද්ධවන්තයන්ට ඔබ දර්ශනයකින් කථාකොට:
20 මාගේ මෙහෙකරුවූ දාවිත් සොයාගෙන, මාගේ ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළෙමි.
21 මාගේ හස්තය ඔහු සමඟ ස්ථිරවන්නේය;
22 සතුරා ඔහුට පීඩා නොකරන්නේය;
23 ඔහුගේ එදිරිකාරයන් ඔහු ඉදිරියෙහි යටත්කරන්නෙමි, ඔහුට වෛරවන්නන්ට පහරදෙන්නෙමි.
24 මාගේ විශ්වාසකමත් මාගේ කරුණාවත් ඔහු සමඟ වන්නේය;
25 ඔහුගේ අත මුහුද පිටත් ඔහුගේ දකුණු අත ගංගා පිටත් තබන්නෙමි.
26 ඔහු මට මොරගසා:
27 මමද ඔහු මාගේ කුලුඳුලා කොටද පොළොවේ රජුන්ට උත්තමයා කොට ද තබන්නෙමි.
28 මාගේ කරුණාව සදාකල් ඔහු උදෙසා පවත්වන්නෙමි, මාගේ ගිවිසුම ඔහු සමඟ ස්ථිරව පවතින්නේය.
29 ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ දවස් මෙන්ද පවතින්ට සලස්වන්නෙමි.
30 ඔහුගේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව අත්හැර, මාගේ විනිශ්චයවල නොහැසිරෙත් නම්,
31 මාගේ පනත් කඩකොට, මාගේ ආඥාවන් රක්ෂා නොකෙරෙත් නම්,
32 ඔවුන්ගේ අපරාධයට ඉපෙලන්ද ඔවුන්ගේ අයුතුකමට පහරවලින්ද දඬුවම්කරන්නෙමි.
33 එහෙත් මාගේ කරුණාව ඔහු කෙරෙන් සහමුලින්ම අහක්කර නොගන්නෙමි, මාගේ විශ්වාසකමත් පිරිහෙන්ට නොදෙන්නෙමි.
34 මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි.
35 මාගේ ශුද්ධකම කියා එක් වරක් දිවිරීමි;
36 ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.
37 එය චන්ද්‍රයා මෙන්ද ආකාශයෙහි විශ්වාස සාක්ෂිය මෙන්ද සදාකල් පිහිටුවනු ලබන්නේයයි කීසේක.
38 එහෙත් ඔබ පහකොට එපාකළ සේක, ඔබගේ අභිෂේකලත් තැනැත්තා සමඟ උදහස්වූසේක.
39 ඔබගේ මෙහෙකරුවාගේ ගිවිසුමට ඔබ පිළිකුල්කළසේක.
40 ඔහුගේ සියලු වැටවල් ඔබ බිඳ හෙළූසේක;
41 මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති.
42 ඔබ ඔහුගේ එදිරිකාරයන්ගේ දකුණත උසස්කළසේක;
43 එසේය, ඔබ ඔහුගේ කඩු මුවාත නැමූසේක, සටනේදී ඔහුට කෙළින් සිටින්ට නුදුන්සේක.
44 ඔහුගේ දීප්තිය ඔබ කෙළවරකළසේක, ඔහුගේ සිංහාසනය බිම හෙළූසේක.
45 ඔහුගේ යෞවන දවස් ලුහුඬුකොට, ඔහු ලජ්ජාවෙන් වැසූසේක.
46 ස්වාමිනි,ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද?
47 මාගේ කාලය කොපමණ ලුහුඬුදැයි සිහිකළ මැනව.
48 මරණය නොදැක ජීවත්වෙන, ෂෙයෝලේ බලයෙන් ස්වකීය ප්‍රාණය ගළවාගන්න මනුෂ්‍යයා කවරේද?
49 ස්වාමිනි, ඔබගේ විශ්වාසකමින් දාවිත්ට දිවුළාවූ ඔබගේ පළමු කරුණාවල් කොයිද?
50 ස්වාමිනි, ඔබගේ මෙහෙකරුවන්ට පැමිණි නින්දාව, එනම් සියලු බලවත් මනුෂ්‍ය වර්ගයන්ගෙන් ලැබෙන බර, මාගේ ළයෙහි දරන බව සිහිකළ මැනව.
51 ස්වාමිනි,ඔබගේ සතුරෝ නින්දා කළෝය.
52 ස්වාමීන්ටසදාකල් ප්‍රශංසාවේවා.
සතරවෙනි කාණ්ඩය.
අපේ සදාකාල වාසස්ථානය වන දෙවියන්වහන්සේ
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ යාච්ඤාවකි.
1 ස්වාමිනි,සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.
2 කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය.
3 ඔබ මනුෂ්‍යයා විනාශයට හරවමින්:
4 මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහසක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය.
5 ඔබ සැඩපාරකින් මෙන් ඔවුන් ගෙනයනසේක;
6 උදයේ ඒවා සශ්‍රීකවෙමින් වැඩෙයි;
7 මක්නිසාද ඔබගේ කෝපයෙන් අපි විනාශවෙමුව, ඔබගේ උදහසින් කැලඹෙමුව.
8 ඔබ අපේ අයුතුකම් ඔබ ඉදිරියෙහිද අපේ රහස් පව් ඔබගේ මුහුණේ එළියෙහිද තැබූසේක.
9 මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි.
10 අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය;
11 ඔබගේ කෝපයේ බලයත් ඔබට භයවිය යුතු ප්‍රමාණයේ හැටියට ඔබගේ උදහසත් දන්නේ කවුද?
12 ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.
13 ස්වාමිනි, හැරී අවමැනව;
14 අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස, උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව.
15 ඔබ අපට පීඩාකළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද අප සන්තෝෂකළ මැනව.
16 ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ටත් ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහිත් පෙනේවා.
17 අපේ දෙවිවූස්වාමීන්ගේඅලංකාරය අප කෙරෙහි වේවා.
දෙවියන්වහන්සේ කෙරෙහි අදහන්නාගේ සුරක්ෂිත භාවය
1 මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.
2 උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය;
3 මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද නුඹ මුදාහරිනසේක.
4 උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක, නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය.
5 රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,
6 අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය.
7 නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය;
8 නුඹේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.
9 මක්නිසාදස්වාමිනි,ඔබ මාගේ රක්ෂාස්ථානයය.
10 නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.
11 මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.
12 ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට නුඹ උසුලාගන්නෝය.
13 නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය.
14 ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි.
15 ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි;
16 දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.
92ධර්මිෂ්ඨයාගේ සමෘද්ධ භාවය
සබත් දිනට කාව්‍ය ගීතයකි.
1 ස්වාමීන්ටස්තුතිකිරීමත්, මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කීමත් යහපත.
2 තත් දසයේ වීණාවෙන්ද කුඩා වීණාවෙන්ද මහා වීණාවේ ගරුවූ ශබ්දයෙන්ද
3 උදය ඔබගේ කරුණාගුණයත් සෑම රාත්‍රියේම ඔබගේ විශ්වාසකමත් ප්‍රකාශකිරීම යහපත.
4 මක්නිසාදස්වාමිනි,ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක.
5 ස්වාමිනි,ඔබගේ ක්‍රියා කොපමණ මහත්ද!
6 මේක මෝඩ මනුෂ්‍යයා නොදනියි;
7 දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය.
8 නුමුත්ස්වාමිනි,ඔබ සදාකල්ම උසස්ථානයෙහි වැඩසිටිනසේක.
9 මක්නිසාදස්වාමිනි,ඔබගේ සතුරෝ, එසේය, ඔබගේ සතුරෝ, විනාශවන්නෝය;
10 නුමුත් ඔබ කුළු ගොනාගේ අඟ මෙන් මාගේ අඟ උස්කළසේක;
11 මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසට පෙනුණේය, මට විරුද්ධව නැගිටින්නාවූ නපුරුකම්කරන්නන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ කන්වලට ඇසුණේය.
12 ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය.
13 ස්වාමීන්ගේගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය.
14 ස්වාමීන්වහන්සේඅවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස,
15 ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.
93පොළොවේ රජවූ ස්වාමීන්වහන්සේ
1 ස්වාමීන්වහන්සේරජකම් කරනසේක;
2 ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ.
3 ස්වාමිනි,ජල ධාරාවෝ නැගුණෝය, ජල ධාරාවෝ ශබ්දනැගුවෝය;
4 මහත් ජල ඝෝෂාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස්ථානයෙහිස්වාමීන්වහන්සේබලවත්ය.
5 ඔබගේ ශික්ෂා ඉතා ස්ථිරය.
පොළොවේ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ
1 පළිගැන්ම අයත් දෙවිවූස්වාමිනි,පළිගැන්ම අයත් දෙවියන්වහන්ස, බැබළුව මැනව.
2 පොළොවේ විනිශ්චයකාරයාණෙනි, නැගුටුණ මැනව.
3 ස්වාමිනි,දුෂ්ටයෝ කොපමණ කල්, දුෂ්ටයෝ කොපමණ කල් ජය ඝෝෂා කරන්නෝද?
4 ඔව්හු දොඩවති, අහංකාරලෙස කථා කෙරෙති.
5 ස්වාමිනි,ඔව්හු ඔබගේ සෙනඟ කැබලිකරති, ඔබගේ උරුමයට පීඩාකෙරෙති.
6 ඔව්හු වැන්දඹුව සහ විදේශියාද නසති, පියා නැත්තන් මරති.
7 ස්වාමීන්වහන්සේනොදක්නාසේක, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නොසලකනසේකැයි කියති.
8 සෙනඟ අතරේ මෝඩයෙනි, කල්පනාකරව්.
9 කන පිහිටෙවු තැනන්වහන්සේට නොඇසෙන්නේද?
10 ජාතීන්ට දඬුවම්කරන තැනන්වහන්සේ, එනම් මනුෂ්‍යයාට ඥානය උගන්වන්නාවූ තැනන්වහන්සේ, දඬුවම් නොකරනසේක්ද?
11 මනුෂ්‍යයාගේ සිතිවිලි නිෂ්ඵල බවස්වාමීන්වහන්සේදන්නාසේක.
12 ස්වාමිනි,දුෂ්ටයාට වළ හෑරෙන තුරු, විපත්ති දවස්වලින් නිවාඩු දෙන පිණිස,
13 ඔබ විසින් දඬුවම්කොට ඔබගේ ව්‍යවස්ථාවෙන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනැත්තෙක්ය.
14 මක්නිසාදස්වාමීන්වහන්සේතමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.
15 මක්නිසාද විනිශ්චය ධර්මිෂ්ඨකමට හැරෙන්නේය.
16 නපුරුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට නැගිටින්නේ කවුද?
17 ස්වාමීන්වහන්සේමට පිහිට නුවූසේක්නම් මාගේ ආත්මය නිශ්ශබ්ද ස්ථානයෙහි වාසයට ළංවිය.
18 මාගේ පාද ලිස්සන්නේයයි මා කීකල,ස්වාමිනි,ඔබගේ කරුණාව මා ඉසිලීය.
19 මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි.
20 පනතෙන් නපුර යොදන්නාවූ දුෂ්ටකමේ සිංහාසනය ඔබ හා සම්බන්ධ වන්නේද?
21 ධර්මිෂ්ඨයාගේ ප්‍රාණයට විරුද්ධව ඔව්හු රැස්ව නිදොස් ලෙය වරදට පත්කරති.
22 නුමුත්ස්වාමීන්වහන්සේමාගේ බලකොටුව වූසේක;
23 උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම ඔවුන් පිටට පෙරළූසේක, ඔවුන්ගේම නපුරුකමෙහි ඔවුන් සිඳ දමනසේක;
අපේ මැවුම්කාර දෙවියන්වහන්සේට නමස්කාරකිරීම
1 එව්,ස්වාමීන්ටගායනා කරමු.
2 ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු.
3 මක්නිසාදස්වාමීන්වහන්සේමහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය.
4 පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිය;
5 මුහුද උන්වහන්සේගේය, උන්වහන්සේ එය මැවූසේක;
6 එව්, නමස්කාරකරමින් වැඳමී වැටෙමු;
7 මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය.
8 විවාදයෙහි මෙන්ද වනාන්තරයේදී පරීක්ෂාකළ දවසෙහි මෙන්ද නුඹලාගේ සිත් දැඩිකර නොගනිව්.
9 එකල නුඹලාගේ පියවරු මා පරීක්ෂා කොට මා විමසා මාගේ ක්‍රියාව දුටුවෝය.
10 මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී:
11 එබැවින්:
සර්වපරාක්‍රමයාණන්වහන්සේට ප්‍රශංසාකිරීම
1 ස්වාමීන්ටඅලුත් ගීතිකාවක් ගීතිකාකරව්;
2 ස්වාමීන්ටගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්;
3 උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.
4 මක්නිසාදස්වාමීන්වහන්සේඋතුම්ය, බොහෝ ප්‍රශංසනීයය;
5 මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය.
6 ගෞරවයත් මහිමතාවත් උන්වහන්සේ ඉදිරියෙහිය.
7 මනුෂ්‍ය වර්ගයෙනි,ස්වාමීන්ටදෙව්, මහිමයත් බලයත්ස්වාමීන්ටදෙව්.
8 ස්වාමීන්ගේනාමයට දිය යුතු මහිමය දෙව්.
9 ශුද්ධකමේ අලංකාරයෙන්ස්වාමීන්ටනමස්කාරකරව්.
10 ස්වාමීන්වහන්සේරජකම්කරනසේක කියාත්, නොසෙලවෙන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චයකරනසේක කියාත් ජාතීන් අතරේ කියව්.
11 ආකාශය සන්තෝෂවේවා, පොළොව ප්‍රීතිවේවා;
12 කෙත සහ එහි ඇති සියල්ලද ප්‍රීතිමත් වේවා;
13 මක්නිසාද උන්වහන්සේ එනසේක;
ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය ප්‍රකාශ කිරීමේ ඵල
1 ස්වාමීන්වහන්සේරජකම් කරනසේක; පොළොව ප්‍රීති වේවා;
2 වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය.
3 උන්වහන්සේ ඉදිරියේ ගින්නක් යමින් හාත්පස උන්වහන්සේගේ විරුද්ධකාරයන් දවයි.
4 උන්වහන්සේගේ විදුලි ලෝකය ආලෝකකෙළේය.
5 හෙල්ස්වාමීන්ඉදිරියෙහි, එනම් මුළු පොළොවේ ස්වාමීන් ඉදිරියෙහි, ඉටි මෙන් උණුවූය.
6 ආකාශය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරයි, සියලු මනුෂ්‍ය වර්ගයෝ උන්වහන්සේගේ මහිමය දුටුවෝය.
7 රූපවලට මෙහෙකරන්නාවූ, පිළිම ගැන පාරට්ටුකරගන්නාවූ සියල්ලෝ ලජ්ජාවෙත්වා.
8 ස්වාමිනි,සියොන් අසා සන්තෝෂවූවාය, යූදාගේ දූවරු ඔබගේ විනිශ්චයන් නිසා ප්‍රීතිවූය.
9 මක්නිසාදස්වාමිනි,ඔබ මුළු පොළොවට උතුම්සේක.
10 ස්වාමීන්ටප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්.
11 ධර්මිෂ්ඨයන්ට එළියත් අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය.
12 ධර්මිෂ්ඨයෙනි,ස්වාමීන්කෙරෙහි ප්‍රීතිවව්.
දෙවියන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රශංසාකිරීම
ගීතයකි.
1 ස්වාමීන්ටඅලුත් ගීතිකාවක් ගායනාකරව්;
2 ස්වාමීන්වහන්සේස්වකීය ගැළවීම දැන්වූසේක.
3 උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය කෙරෙහි ඇති ස්වකීය කරුණාවත් විශ්වාසකමත් සිහිකළසේක.
4 පොළොවේ සියල්ලෙනි,ස්වාමීන්ටප්‍රීති නාද පවත්වව්.
5 ස්වාමීන්ටවීණාවෙන්ද වීණාවෙන් හා ගී නාදයෙන්ද ගායනා කරව්.
6 හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූස්වාමීන්ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්.
7 මුහුදද එහි ඇති සියල්ලද ගර්ජනාකෙරෙත්වා;
8 ස්වාමීන්ඉදිරියෙහි ජල ධාරාවෝ අත් පොළසන්දෙත්වා;
9 මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක.
ස්වාමීන්වහන්සේ උසස්කිරීම
1 ස්වාමීන්වහන්සේරජකම් කරනසේක;
2 ස්වාමීන්වහන්සේසියොන්හි උතුම්ය;
3 ඔව්හු ඔබගේ උතුම්වූ භයංකරවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා;
4 රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රියවෙයි;
5 අපේ දෙවිවූස්වාමීන්උසස්කරව්, උන්වහන්සේගේ පාපුටුව වෙත නමස්කාරකරව්.
6 උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්දස්වාමීන්ටයාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.
7 උන්වහන්සේ වලා ටැඹින් ඔවුන්ට කථාකළසේක.
8 අපේ දෙවිවූස්වාමිනි;
9 අපේ දෙවිවූස්වාමීන්උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්;
සියලු පොළෝවාසීන්ගේ නමස්කාරය
ස්තුතිකිරීමේ ගීතයකි.
1 පොළොවේ සියල්ලෙනි,ස්වාමීන්ටප්‍රීතිනාද පවත්වව්.
2 ස්වාමීන්ටප්‍රීතියෙන් මෙහෙකරව්.
3 ස්වාමීන්වහන්සේදෙවියන්වහන්සේ බව දැනගනිව්.
4 ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්.
5 මක්නිසාදස්වාමීන්වහන්සේයහපත්ය;
යහපත් රජුගේ අභිප්‍රායවල්
දාවිත්ගේ ගීතයකි.
1 කරුණාවද යුක්තියද ගැන ගී කියන්නෙමි.ස්වාමිනි,ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
2 නුවණැතිව නිර්දෝෂ මාර්ගයක හැසිරෙන්නෙමි.
3 මාගේ ඇස් හමුවෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි.
4 මුරණ්ඩු සිතක් මා කෙරෙන් දුරුවන්නේය.
5 යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි.
6 දේශයේ විශ්වාසකටයුතු අය මා සමඟ වසන පිණිස ඔවුන් කෙරෙහි මාගේ ඇස් යොමා තිබෙන්නේය.
7 වංචාකරන කිසිවෙක් මාගේ ගෙයි නොවසන්නේය;
8 අයුතුකම් කරන සියල්ලන්ස්වාමීන්ගේනුවරින් සිඳදමන පිණිස දේශයේ සියලු දුෂ්ටයන් උදයක් පාසා විනාශකරන්නෙමි.
102සදාකාල දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවීම
තද විපතින් ක්ලාන්ත භාවයට පත්ව තමාගේ විලාපය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන තැනැත්තාගේ යාච්ඤාවකි.
1 ස්වාමිනි,මාගේ යාච්ඤාව ඇසුව මැනව, මාගේ මොරගැසීම ඔබ වෙතට පැමිණේවා.
2 මට විපත්ති පැමිණි දවසේදී ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
3 මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.
4 මාගේ සිත තණකොළ මෙන් තැළී වියළී තිබේ;
5 මාගේ සුසුම්ලීමේ ශබ්දය නිසා මාගේ ඇට මසට ඇලෙයි.
6 මම වනයේ කරවැල්කොකෙකු සමානවෙමි;
7 මම නිදා නොගෙන වහල පිට තනිව සිටින ගේකුරුල්ලෙකු සමානවෙමි.
8 මාගේ සතුරෝ දවස මුළුල්ලේ මට නින්දාකෙරෙති;
9 ඔබගේ කෝපය හා උදහස නිසා ආහාර මෙන් අළු අනුභවකෙළෙමි,
10 මාගේ බීම වැලපීමෙන් මිශ්‍රකෙළෙමි.
11 මාගේ දවස් බැසයන සෙවණැල්ලක් මෙන්ය;
12 එහෙත්ස්වාමිනි,ඔබ සදාකල් වැඩ ඉන්නසේක;
13 ඔබ නැගිට සියොන්ට කරුණාකරනසේක.
14 මක්නිසාද ඔබගේ මෙහෙකරුවෝ එහි ගල්වලට ප්‍රියවෙති, එහි දූවිල්ලට අනුකම්පාකෙරෙති.
15 එහෙයින් ජාතීහුස්වාමීන්ගේනාමයටත් පොළොවේ සියලු රජවරු ඔබගේ මහිමයටත් භයවන්නෝය.
16 මක්නිසාදස්වාමීන්වහන්සේසියොන් ගොඩනැගූසේක, ස්වකීය මහිමයෙන් ප්‍රකාශවූසේක;
17 උන්වහන්සේ අසරණයන්ගේ යාච්ඤාව සැලකූසේක, ඔවුන්ගේ යාච්ඤාව හෙළා නොදැක්කසේක.
18 මෙය මතු එන පරම්පරාව උදෙසා ලියනු ලබන්නේය.
19 මනුෂ්‍ය වර්ගයන්ද රාජ්‍යවල්දස්වාමීන්ටමෙහෙකිරීමට එකට රැස් වූ කල,
20 මනුෂ්‍යයන් විසින් සියොන්හිදීස්වාමීන්ගේනාමයත් යෙරුසලමේදී උන්වහන්සේගේ ප්‍රශංසාවත් ප්‍රකාශකරන පිණිස,
21 හිරකාරයාගේ සුසුම්ලීම අසන්ටත් මරණයට නියමවූවන් මුදන්ටත්
22 ස්වාමීන්වහන්සේස්වකීය ශුද්ධවූ උසස්ථානයේ සිට පහළ බැලූසේක;
23 උන්වහන්සේ මාර්ගයේදී මාගේ ශක්තිය හීනකොට, මාගේ දවස් ලුහුඬුකළසේක,
24 මමද කථාකොට:
25 ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක;
26 ඒවා විනාශවන්නේය, නුමුත් ඔබ පවත්නාසේක.
27 නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු කෙළවර නොවන්නේය.
28 ඔබගේ මෙහෙකරුවන්ගේ දරුවෝ පවතින්නෝය, ඔවුන්ගේ වංශයද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේය.
103දෙවියන්වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ගැන ප්‍රශංසාකිරීම
දාවිත්ගේ ගීතයකි.
1 මාගේ ආත්මය,ස්වාමීන්ටප්‍රශංසා කරව;
2 මාගේ ආත්මය,ස්වාමීන්ටප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව.
3 උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක;
4 නුඹේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක.
5 රාජාලියෙකු මෙන් ඔබගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.
6 ස්වාමීන්වහන්සේපීඩා විඳින සියල්ලන් උදෙසා ධර්මිෂ්ඨ ක්‍රියා හා යුක්තිය ඉෂ්ටකරනසේක.
7 උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තමන් ක්‍රියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් දැන්වූසේක.
8 ස්වාමීන්වහන්සේඅනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය.
9 උන්වහන්සේ නිතර තරවටු නොකරනසේක;
10 උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක.
11 මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.
12 නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.
13 පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන්ස්වාමීන්වහන්සේතමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක.
14 මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක;
15 මනුෂ්‍යයාගේ දවස් වනාහි තණකොළ මෙන්ය;
16 මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි;
17 නුමුත්ස්වාමීන්වහන්සේගේකරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.
18 එනම් උන්වහන්සේගේ ගිවිසුම රක්ෂාකරන්නන්ටත් උන්වහන්සේගේ ශික්ෂා ඉෂ්ටකිරීම පිණිස ඒවා සිහිකරන්නන්ටත්ය.
19 ස්වාමීන්වහන්සේතමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවුසේක;
20 උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි,ස්වාමීන්ගේදූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
21 ස්වාමීන්ගේසේනා සියල්ලෙනි එනම් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
22 ස්වාමීන්ගේරාජ්‍යයේ සියලු තැන්හි තිබෙන උන්වහන්සේගේ සියලු කර්මාන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
දෙවියන්වහන්සේගේ මැවිල්ල ගැන ප්‍රශංසාව
1 මාගේ ආත්මයස්වාමීන්ටප්‍රශංසාකරව;
2 ඔබ වස්ත්‍රයක් මෙන් එළිය පොරවාගන්නසේක;
3 ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක;
4 උන්වහන්සේ හුළං ස්වකීය දූතයන්ද ඇවිළෙන ගිනි දළු ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.
5 පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරම් ලූසේක.
6 උතුරු සළුවකින් මෙන් ගැඹුරෙන් එය පෙරවූසේක;
7 ඔබගේ තරවටුවෙන් ඒවා පලාගියේය;
8 ඒවා කඳුවලින් නැගී ඔබ ඊටම පිහිටෙවු ස්ථානයට මිටියාවත්වලින් බැස ගියේය.
9 ජලය ගලා නොයන පිණිසත්, පොළොව වසාගන්ට නැවත හැරී නොඑන පිණිසත්, ඔබ සීමාවක් තැබූසේක.
10 උන්වහන්සේ මිටියාවත්වලට උල්පත් යවනසේක.
11 ඒවා වනයේ සියලු මෘගයන්ට පැන් දෙයි;
12 ඒවා අද්දර ආකාශ පක්ෂීහු වැස, අතු අතරේ නාදකෙරෙති.
13 උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක.
14 උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්,
15 මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.
16 ස්වාමීන්ගේවෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටෙවු, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති;
17 එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති.
18 උස් කඳු වල් එළුවන්ටය;
19 උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක.
20 ඔබ අඳුර පමුණුවනසේක, එවිට රෑවේ;
21 තරුණ සිංහයෝ ගොදුරු ගැන ගර්ජනාකරමින්, දෙවියන්වහන්සේගෙන් කෑම ඉල්ලති.
22 හිරු උදාවන කල උන් පහවගොස් උන්ගේ ගුහාවල ලගිති.
23 මනුෂ්‍යයා සවස දක්වා තමාගේ කර්මාන්තයටත් වැඩටත් නික්ම යයි.
24 ස්වාමිනි,ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද!
25 අන්න මහත්වූ විශාලවූ මුහුද, එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති.
26 එහි නැව් යති;
27 උන්ගේ කෑම සුදුසු කාලයේදී ඔබගෙන් ලබන පිණිස උන් සියල්ලෝ ඔබ දෙස බලා සිටිති.
28 ඔබ උන්ට දෙන දේ උන් එකතුකර ගනිති;
29 ඔබගේ මුහුණ සඟවන කල උන් කැලඹෙති;
30 ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති;
31 ස්වාමීන්ගේමහිමය සදාකල් පවතීවා;
32 උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ;
33 දිවි ඇති තාක්ස්වාමීන්ටගී කියන්නෙමි.
34 මාගේ භාවනාව උන්වහන්සේට මිහිරි වේවා.
35 පව්කාරයෝ පොළොවෙන් විනාශවෙත්වා.
ඉශ්‍රායෙල් උදෙසා දෙවියන්වහන්සේ කළ පුදුම ක්‍රියා
1 ස්වාමීන්ටස්තුතිකරව්.
2 උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්;
3 උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්.
4 ස්වාමීන්හා උන්වහන්සේගේ ශක්තිය සොයව්;
5 උන්වහන්සේගේ මෙහෙකරුවූ ආබ්‍රහම්ගෙන් පැවත එන්නෙනි, උන්වහන්සේ විසින් තෝරාගත්තවුන් වන යාකොබ්ගේ දරුවෙනි,
6 උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහිකරව්.
7 උන්වහන්සේ අපේ දෙවිවූස්වාමීන්වහන්සේය.
8 උන්වහන්සේ පරම්පරා දහසකට ආඥා කළ වචනය වන ස්වකීය ගිවිසුම සදාකාලයට සිහිකළසේක.
9 ඒ වනාහි උන්වහන්සේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමය, ඊසාක්ට දුන් උන්වහන්සේගේ දිවුරුමය;
10 එය උන්වහන්සේ යාකොබ්ට පනතක්ද ඉශ්‍රායෙල්ට සදාකාල ගිවිසුමක්ද කොට ස්ථිරකරමින්:
11 නුඹලාගේ උරුම කොටස වූ කානාන් දේශය නුඹට දෙන්නෙමියි කියා,
12 ඔවුන් ගණනින් ස්වල්පව, එසේය, ඉතා ස්වල්පව, එහි විදේශීව සිටියදී ඔවුන්ට කීසේක.
13 ඔව්හු ජාතියකින් ජාතියකටත් එක රාජ්‍යයකින් තවත් සෙනඟක් වෙතටත් ගියෝය.
14 උන්වහන්සේ ඔවුන්ට අයුත්තක් කරන්ට කිසිවෙකුට අවකාශ නුදුන්සේක;
15 මාගේ අභිෂේකලද්දවුන්ට අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව්යයි කීසේක.
16 උන්වහන්සේ දේශයට දුර්භික්ෂයක් පමුණුවා, මුළු ආහාර වෘත්තිය සිඳදැමූසේක.
17 ඔවුන්ට පෙරටුව මනුෂ්‍යයෙකු යැවූසේක;
18 ඔව්හු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය;
19 ඔහුගේ වචනය සිදුවන තෙක්ස්වාමීන්ගේවාක්‍යය ඔහු පරීක්ෂාකෙළේය.
20 රජතෙම මනුෂ්‍යයන් යවා ඔහු මිදුවේය;
21 තමාගේ ආණ්ඩුකාරයන් කැමතිලෙස බඳින්ටත්, තමාගේ මන්ත්‍රීන්ට නුවණ දෙන්ටත්,
22 තමාගේ ගෙට ස්වාමියෙක්ද තමාගේ සියලු සම්පත්තියට අධිපතියෙක්ද කොට ඔහු පත්කෙළේය.
23 ඉශ්‍රායෙල්ද මිසරයට ආයේය;
24 උන්වහන්සේ ස්වකීය සෙනඟ අතිශයින් වැඩිකරමින්, ඔවුන්ගේ එදිරිකාරයන්ට වඩා බලවත්කළසේක.
25 උන්වහන්සේගේ සෙනඟට වෛරකරන්ටත් උන්වහන්සේගේ මෙහෙකරුවන්ට ප්‍රයෝගකරන්ටත් ඔවුන්ගේ සිත් හැරෙවුසේක.
26 උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ මෝසෙස්ද තමන් විසින් තෝරාගත් ආරොන්ද යැවූසේක.
27 ඔව්හු ඔවුන් අතරේ උන්වහන්සේගේ ලකුණුද හාම්ගේ දේශයෙහි ආශ්චර්යයන්ද කළෝය.
28 උන්වහන්සේ අන්ධකාරය යවා එය අඳුරුකළසේක;
29 උන්වහන්සේ ඔවුන්ගේ ජලය ලේ කොට, ඔවුන්ගේ මත්ස්‍යයන් නැසූසේක.
30 ඔවුන්ගේ දේශය, තමුන්ගේ රජුන්ගේ ඇතුල් ගෙවල්හි පවා, මැඩියන්ගෙන් පිරී ගියාය.
31 උන්වහන්සේ කථාකළසේක, එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලෙහි කිනිතුල්ලෝද පිරුණෝය.
32 උන්වහන්සේ ඔවුන්ට වැසි වෙනුවට ගල් වැස්සද ඔවුන්ගේ දේශයට ගිනිදැල්ද එවූසේක.
33 ඔවුන්ගේ මිදිවැල් සහ අත්තික්කා ගස්වලට පහරදී, ඔවුන්ගේ සීමා තුළ ගස් බින්දසේක.
34 උන්වහන්සේ කථාකළසේක, පළඟැටියෝද අසංඛ්‍ය ගණන් දළඹුවෝද අවුත්,
35 ඔවුන්ගේ දේශයෙහි සියලු පලාජාති කෑවෝය, ඔවුන්ගේ භූමියේ ඵලද කෑවෝය.
36 උන්වහන්සේ ඔවුන්ගේ සකල ශක්තියේ මුලවූ ඔවුන්ගේ දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.
37 තවද උන්වහන්සේ රන්රිදී ඇතුව ඔවුන් පිටත ගෙනාසේක.
38 ඔවුන් පිටත්ව ගිය කල මිසරය සන්තෝෂවූවාය;
39 උන්වහන්සේ ආවරණය පිණිස වලාකුළක්ද රාත්‍රියේදී එළිය දීමට ගින්නක්ද විදහා තැබූසේක.
40 ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.
41 උන්වහන්සේ පර්වතය විවරකළසේක, ජලය පැනනැගී, ගංගාවක් මෙන් වියළි ස්ථානවල ගලාගියේය.
42 මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වචනයද තමන් මෙහෙකරුවූ ආබ්‍රහම්ද සිහිකළසේක.
43 උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.
44 ඔවුන් උන්වහන්සේගේ පනත් රක්ෂාකරන පිණිසත්, උන්වහන්සේගේ ව්‍යවස්ථා පවත්වන පිණිසත්,
45 උන්වහන්සේ ජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන්සේක;
ඉශ්‍රායෙල්ගේ කෙළෙහිගුණ නොසැලකීම සහ අපරාධ
1 ස්වාමීන්ටප්‍රශංසාකරව්.
2 ස්වාමීන්ගේබලවත් ක්‍රියා කියන්ටත් උන්වහන්සේගේ සියලු ප්‍රශංසාව ප්‍රකාශකරන්ටත් කාට පුළුවන්ද?
3 යුක්තිය රක්ෂාකරන්නෝද හැම කල්හි ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාද ආශීර්වාදලද්දෝය.
4 මා විසින් ඔබගේ තෝරාගත්තවුන්ගේ ශුභසිද්ධිය දකින පිණිසත්, ඔබගේ ජාතියගේ සන්තෝෂයට භාගිවන පිණිසත්, ඔබගේ උරුමයවූවන් සමඟ ජය ප්‍රකාශකරන පිණිසත්,
5 ස්වාමිනි,ඔබගේ සෙනඟ කෙරෙහි පවත්වන කරුණාවෙන් මා සිහිකළමැනව;
6 අපි අපේ පියවරුන් හා සමඟ පව්කෙළෙමුව.
7 අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යයන් තේරුම් නොගත්තෝය;
8 එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක.
9 උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය.
10 ඔවුන්ට වෛරවූවාගේ අතින් ඔවුන් ගැළවූසේක, සතුරාගේ අතින් ඔවුන් මිදූසේක.
11 ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය.
12 එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.
13 ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.
14 වනාන්තරයේදී අධිකලෙස තෘෂ්ණාවට අසුවී, කාන්තාරයේදී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය.
15 උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ටකළසේක;
16 කඳවුරේදී ඔව්හු මෝසෙස්ටත්ස්වාමීන්වහන්සේගේශුද්ධ තැනැත්තාවූ ආරොන්ටත් ඊර්ෂ්‍යාකළෝය.
17 පොළොව විවරව දාතාන් ගිලගත්තාය, අබිරාම්ගේ කණ්ඩායමද වසාගත්තාය.
18 ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේය;
19 ඔව්හු හොරේබ්හිදී වස්සෙකු සාදා;
20 මෙසේ ඔව්හු තමුන්ගේ මහිමයවූ තැනන්වහන්සේ තණකොළ කන ගොනෙකුගේ ස්වරූපයට මාරුකළෝය.
21 ඔව්හු මිසරයේදී මහත් දේද හාම්ගේ දේශයේදී ආශ්චර්ය ක්‍රියාද
22 රතු මුහුද ළඟදී භයංකර ක්‍රියාද කළාවූ තමුන්ගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ මතකනැතිකළෝය.
23 එබැවින් උන්වහන්සේ:
24 ඔව්හු ප්‍රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.
25 නුමුත් තමුන්ගේ කූඩාරම්වලදී කොඳුළෝය,ස්වාමීන්ගේශබ්දයට ඇහුම්කන් නුදුන්නෝය.
26 එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,
27 ඔවුන් දේශවල විසුරුවන බවත් කියා, ස්වකීය හස්තය ඔසවා දිවුළසේක.
28 ඔව්හු බාල්පෙයොර්ටත් බැඳී, මළවුන්ට පිදූ දේ කෑවෝය.
29 මෙසේ ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරෙවුවෝය;
30 එවිට පීනෙහාස් නැගිට යුක්තිය ඉෂ්ටකෙළේය.
31 එය සදාකල්ම සියලු පරම්පරාවලට ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය.
32 ඔව්හු මෙරිබාහි වතුර ළඟදීත් උන්වහන්සේ උදහස්කළෝය, එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට නපුර සිදුවිය.
33 මක්නිසාද ඔව්හු ඔහුගේ ආත්මයට විරුද්ධව කැරළිගැසුවෝය, ඔහුද තමාගේ කටින් අවිචාරයෙන් කථාකෙළේය.
34 ස්වාමීන්අණකළ ලෙස ඔව්හු මනුෂ්‍ය වර්ගයන් විනාශ නොකොට,
35 අන්‍ය ජාතීන් හා මිශ්‍රව, ඔවුන්ගේ ක්‍රියා ඉගෙනගත්තෝය.
36 ඔව්හු ඔවුන්ගේ රූපවලට මෙහෙකළෝය, ඒවා මොවුන්ට මලපතක් විය.
37 එසේය, ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද යක්ෂයන්ට පූජාකළෝය,
38 ඔව්හු නිදොස් ලේ, එනම් කානාන්හි රූපවලට පූජාකරනු ලැබූ තමුන්ගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ලේ වැගිරෙවුවෝය;
39 මෙසේ ඔව්හු ස්වකීය කර්මාන්තවලින් කිලුටුව, තමුන්ගේ ක්‍රියාවලින් වේශ්‍යාකම්කළෝය.
40 එබැවින්ස්වාමීන්ගේඋදහස තමන් සෙනඟට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ තමන් උරුමය පිළිකුල්කොට,
41 ජාතීන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක;
42 ඔවුන්ගේ සතුරෝද ඔවුන්ට පීඩාකළෝය, ඔව්හු සතුරන්ගේ අත යට යටත්කරනු ලැබුවෝය.
43 උන්වහන්සේ බොහෝ වර ඔවුන් මිදූසේක;
44 එසේ වී නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම අසා, ඔවුන්ගේ විපත්තිය බැලූසේක.
45 ඔවුන් උදෙසා ස්වකීය ගිවිසුම සිහිකොට, තමන් අධික කරුණාව ලෙස තැවුණුසේක.
46 ඔවුන් වහල්කොට ගෙනගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්ට සැලැස්වූසේක.
47 අපගේ දෙවිවූස්වාමිනි,ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබට ප්‍රශංසාකිරීමෙන් ජය නාද පවත්වන පිණිසත්, අප ගළවා ජාතීන් අතරෙන් රැස්කොටගත මැනව.
48 ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්ටසදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා.
පස්වෙනි කාණ්ඩය.
ස්වාමීන්වහන්සේගේ කරුණාවන්ත ක්‍රියා ගැන ප්‍රශංසාකිරීමට ආරාධනාවක්
1 ස්වාමීන්ටස්තුතිකරව්;
2 ස්වාමීන්විසින් මුදනලද්දෝ එසේ කියත්වා.
3 දේශවලින් එනම් නැගෙනහිරින් හා බස්නාහිරින්ද උතුරෙන් හා දකුණෙන්ද ඔවුන් රැස්කොට ගත්සේක.
4 ඔව්හු වනාන්තරයෙහි කාන්තාර මාර්ගයක මුළාව ගියෝය;
5 සයින් පීඩිතව පිපාසිතව, ඔවුන්ගේ ආත්මය ඔවුන් තුළ ක්ලාන්තවිය.
6 එවිට ඔව්හු තමුන්ගේ විපතේදීස්වාමීන්ටමොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් මුදාගත්සේක.
7 වාසයකිරීමට යෝග්‍යවූ නුවරකට පැමිණෙන පිණිස උන්වහන්සේ හරි මගකින් ඔවුන් ගෙනගියසේක.
8 ස්වාමීන්ගේයහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
9 මක්නිසාද උන්වහන්සේ පිපාසිතයා තෘප්තියට පමුණුවා, ක්ෂුධා ඇත්තා යහපතින් පිනවනසේක.
10 සමහරෙක් පීඩාවෙන් සහ යදමින් බඳිනු ලැබ, අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය;
11 කුමක් හෙයින්ද ඔව්හු දෙවියන්වහන්සේගේ වචනවලට විරුද්ධව කැරළිගසා, මහෝත්තමයාණන්ගේ මන්ත්‍රණය හෙළාදැක්කෝය.
12 ඒ නිසා උන්වහන්සේ වෙහෙස පැමිණවීමෙන් ඔවුන්ගේ සිත් පහත්කළසේක.
13 එවිට ඔව්හු තමුන්ගේ විපතේදීස්වාමීන්ටමොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගැළෙවුසේක.
14 උන්වහන්සේ අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ බැමි බින්දසේක.
15 ස්වාමීන්ගේයහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
16 මක්නිසාද උන්වහන්සේ පිත්තල දොරවල් බිඳ, යකඩ පොලු කපාදැමූසේක.
17 මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් පීඩා විඳිති.
18 ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ;
19 එවිට ඔව්හු තමුන්ගේ විපතේදීස්වාමීන්ටමොරගසති.
20 උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක.
21 ස්වාමීන්ගේයහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
22 ඔව්හු ස්තුති පූජා පුදා, ගී කීමෙන් උන්වහන්සේගේ ක්‍රියාවන් ප්‍රකාශකෙරෙත්වා.
23 නැව්වලින් මුහුදේ යන්නාවූ, මහත් ජලයේ වැඩකරන්නාවූ තැනැත්තෝ
24 ස්වාමීන්ගේක්‍රියාද ගැඹුරෙහි උන්වහන්සේගේ පුදුමද දකිති.
25 මක්නිසාද උන්වහන්සේ අණකොට, එහි රැළ නංවන්නාවූ තද කුණාටුව හටගන්වනසේක.
26 ඔව්හු අහසට නගිති, ගැඹුරට බසිති.
27 ඔව්හු බේබද්දෙකු මෙන් ඇලවෙවී ඔබ මොබ වැනි වැනී යති, ඔවුන්ගේ නුවන නැතිවී යයි.
28 එවිට ඔව්හු තමුන්ගේ විපතේදීස්වාමීන්ටමොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක.
29 උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක.
30 එවිට නිශ්චලයක් වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති;
31 ස්වාමීන්ගේයහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
32 ඔව්හු ජන සමාගමේදී උන්වහන්සේ උසස්කරමින්, වැඩිමහල්ලන්ගේ ආසනයේදී උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා.
33 උන්වහන්සේ ගංගා කාන්තාරයක්ද දිය උල්පත් වියළි බිමක්ද කරනසේක;
34 වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක.
35 උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද වියළි බිමක් දිය උල්පත්ද කරනසේක.
36 බඩගිනිවූවන් විසින් වාසයට යෝග්‍යවූ නුවරක් සාදන පිණිසත්, කෙත් වපුරා, මිදිවතු වවා,
37 ඵල ලබාගන්නා පිණිසත්, ඔවුන් එහි වාසයකරවනසේක.
38 ඔවුන් අතිශයින් බෝවන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකරනසේක;
39 ඉන්පසු ඔව්හු පීඩා, විපත්ති හා දුක් නිසා අඩුවී පහත්කරනු ලබති.
40 උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක.
41 එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.
42 අවංකයෝ ඒ දැක සන්තෝෂවන්නෝය;
43 නුවණැත්තේ මේ දේ සිතට ගනියි, ඔව්හුස්වාමීන්ගේකරුණාවන්තකම් කල්පනාකරන්නෝය.
108වර්ණනාකිරීම. පිහිට ලැබීමට යාච්ඤාකිරීම
දාවිත්ගේ කාව්‍ය ගීතයකි.
1 දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය;
2 වීණාව සහ මහා වීණාව පිබිදෙව්, මමද ඉතා අලුයම පුබුදින්නෙමි.
3 ස්වාමිනි,මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
4 මක්නිසාද ඔබගේ කරුණාව ස්වර්ගය ඉක්මවා මහත්ව තිබේ, ඔබගේ සත්‍යයද අහස දක්වා පවත්නේය.
5 දෙවියන්වහන්ස, ඔබ ස්වර්ගවලට වඩා උසස්වුව මැනව.
6 ඔබගේ ප්‍රිය තැනැත්තන් මුදනුලබන පිණිස, ඔබගේ දකුණතින් ගළවා, අපට උත්තරදුන මැනව.
7 දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධකමින් කථාකළසේක;
8 ගිලියද් මාගේය;
9 මෝවබ් මාගේ පා සෝදන භාජනයය;
10 බලකොටු සහිත නුවරට මා පමුණුවන්නේ කවුද?
11 දෙවියන්වහන්ස, ඔබ අප පහනොකළසේක්ද?
12 එදිරිකාරයාට විරුද්ධව අපට පිහිටවුව මැනව, මක්නිසාද මනුෂ්‍යයාගේ පිහිට නිෂ්ඵලය.
13 දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව.
සතුරාගෙන් පළිගැනීමට ඉල්ලීම
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 මාගේ ප්‍රශංසා භූමියවූ දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව;
2 මක්නිසාද දුෂ්ටයාගේ මුඛයද රැවටිලි මුඛයද මට විරුද්ධව ඇරියෝය.
3 ඔව්හු ද්වේෂ වචනවලින් මා වටකොට නිෂ්කාරණයේ මට විරුද්ධව සටන්කළෝය.
4 මාගේ ප්‍රේමය වෙනුවට ඔව්හු මට එදිරිකාරයෝව සිටිති.
5 තවද මට ඔව්හු යහපතට අයහපතද මාගේ ප්‍රේමයට වෛරයද කළෝය.
6 ඔහු කෙරෙහි දුෂ්ටයෙකු පත්කළ මැනව.
7 විනිශ්චයේදී ඔහු වරදකාරයෙක් වේවා;
8 ඔහුගේ දවස් ස්වල්ප වේවා, ඔහුගේ තනතුර අනිකෙක් ගනීවා,
9 ඔහුගේ දරුවෝ පියා නැත්තෝ වෙත්වා, ඔහුගේ භාර්යාවද වැන්දඹුවක් වේවා.
10 ඔහුගේ දරුවෝ පාදඩයෝව සිඟාකත්වා;
11 ණය හිමියා ඔහු සන්තක සියල්ලම අල්වා ගනීවා;
12 ඔහුට කරුණාකරන්ට කිසිවෙක් නොවේවා;
13 ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා;
14 ඔහුගේ පියවරුන්ගේ අයුතුකමස්වාමීන්ඉදිරියෙහි සිහිව පවතීවා, ඔහුගේ පාපය නොමැකේවා.
15 ඔවුන් සිහිවීමස්වාමීන්විසින් පොළොවෙන් සිඳදමන පිණිස ඒවා උන්වහන්සේ ඉදිරියෙහි නිතරම පවතීවා.
16 මක්නිසාද ඔහු දයා පැවැත්වීම සිහිනොකොට, දුප්පතා හා දිළිඳාද බිඳුණු සිත් ඇත්තාද මරන පිණිස පීඩාකෙළේය.
17 එසේය, ශාපකිරීමට ඔහු ප්‍රියවිය, ඒක ඔහුට පැමුණුණේය;
18 ඔහු ශාපකිරීම තමාගේ වස්ත්‍රය මෙන් හැඳගත්තේය, එය ඔහු තුළට දිය මෙන්ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන්ද ආයේය.
19 එය තමා පොරවන වස්ත්‍රය මෙන්ද නිතර බඳින ඉඟපටිය මෙන්ද ඔහුට වේවා.
20 මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත්ස්වාමීන්ගෙන්ලැබෙන විපාකය මේය.
21 නුමුත් ස්වාමිවූදෙවියන්වහන්ස,ඔබගේ නාමය නිසා මා සමඟ ක්‍රියා කළ මැනව.
22 මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි, මාගේ සිත මා තුළේ තුවාලවී තිබේ.
23 බැසයන සෙවණැල්ලක් මෙන් පහවයමි.
24 නිරාහාරව සිටීමෙන් මාගේ දණහිස් දුර්වලය;
25 මම ඔවුන්ට නින්දාවක්ව සිටිමි.
26 මාගේ දෙවිවූස්වාමිනි,මට පිහිටවුව මැනව;
27 එවිට මෙය ඔබගේ හස්තය බවත්,ස්වාමිනි,ඔබ මේක කළ බවත් ඔව්හු දැනගන්නෝය.
28 ඔවුන් ශාපකළාවේ, නුමුත් ඔබ ආශීර්වාදකළ මැනව;
29 මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් පළඳනු ලබත්වා, උතුරු සළුවකින් මෙන් තමුන්ගේ ලජ්ජාවෙන් තමුන්ම වසාගනිත්වා.
30 මාගේ මුවෙන්ස්වාමීන්ටබොහෝසෙයින් ස්තුතිකරන්නෙමි;
31 මක්නිසාද දිළිඳාගේ ආත්මය විනිශ්චය කරන්නන්ගෙන් ගළවන පිණිස උන්වහන්සේ ඔහුගේ දකුණතින් සිටිනසේක.
110පූජකවූ රජ්ජුරුවන්ගේ ආනුභාව
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමීන්වහන්සේමාගේ ස්වාමීන්ට කථාකොට:
2 ස්වාමීන්වහන්සේසියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවනසේක.
3 ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති.
4 නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයිස්වාමීන්වහන්සේදිවුළසේක;
5 ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන්වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළනසේක.
6 උන්වහන්සේ ජාතීන් අතරෙහි විනිශ්චයකරනසේක, මළකඳන්වලින් දේශයන් පුරවමින්, බොහෝ රටවල අධිපතීන් ගසාහෙළනසේක.
7 උන්වහන්සේ මාර්ගයෙහිදී දොළින් පානයකරනසේක;
ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමට ඇති කාරණා
1 ස්වාමීන්වහන්සේටප්‍රශංසාකරව්.
2 ස්වාමීන්ගේක්‍රියා මහත්ය, ඒවාට ප්‍රියවන සියල්ලෝ ඒවා සොයා මෙනෙහිකරති.
3 උන්වහන්සේගේ ක්‍රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය.
4 උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්‍රියා සිහිවෙන්ට සැලැස්වූසේක.
5 උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට කෑම දුන්සේක.
6 උන්වහන්සේ ජාතීන්ගේ උරුමය තමන් සෙනඟට දීමෙන් තමන් ක්‍රියා බලය ඔවුන්ට පෙන්වූසේක.
7 උන්වහන්සේගේ කර්මාන්තයෝ සත්‍යය හා යුක්තිය වෙති;
8 ඒවා නිතරම සදාකාලයටම පිහිටුවා තිබේ, ඒවා සැබෑකමෙන් හා අවංකකමින් කරන ලද්දේය.
9 උන්වහන්සේ තමන් සෙනඟට මිදීම එවුසේක;
10 ස්වාමීන්කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය;
ස්වාමීන්වහන්සේට භයවන්නාගේ වාසනාවන්තකම
1 ස්වාමීන්ටප්‍රශංසාකරව්.
2 ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය.
3 සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ.
4 සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ.
5 කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ;
6 මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය;
7 ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය.
8 ඔහුගේ සිත සවිව තිබේ, තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදුවෙනවා දකිනතුරු ඔහු භය නොවන්නේය.
9 ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය;
10 දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය;
ස්වාමීන්වහන්සේගේ අත්‍යුත්තමභාවයේ වර්ණනාව
1 ස්වාමීන්ටප්‍රශංසාකරව්.
2 මෙතැන් පටන් සදාකල්ස්වාමීන්ගේනාමයට ප්‍රශංසාවේවා;
3 නැගෙනහිර පටන් බස්නාහිර දක්වාස්වාමීන්ගේනාමයට ප්‍රශංසා කටයුතුය.
4 ස්වාමීන්වහන්සේසියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය.
5 උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ
6 බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූස්වාමීන්ටසමාන කවුද?
7 අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස
8 උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.
9 උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක.
ස්වාමීන්වහන්සේ ගෙනදුන් මවිතවූ මිදීම
1 ඉශ්‍රායෙල් මිසරයෙන්ද යාකොබ්ගේ වංශය අන්‍ය භාෂාවක් ඇති මනුෂ්‍ය ජාතියකින්ද නික්ම ගිය කල
2 යූදා උන්වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්‍රායෙල් උන්වහන්සේගේ රාජ්‍යය විය.
3 මුහුද ඒ දැක පලාගියේය;
4 කඳු බැටළුවන් මෙන්ද කුඩා හෙල් බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළියෝය.
5 එම්බා මුහුද, නුඹ පලායන්නෙත්, යොර්දාන, නුඹ ආපසු හැරෙන්නෙත් නුඹලාට කුමක් වෙලාද?
6 එම්බා කඳු, නුඹලා බැටළුවන් මෙන්ද කුඩා හෙල්, නුඹලා බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළින්ගේ නුඹලාට කුමක් වෙලාද?
7 එම්බා පොළොව පර්වතය දිය පොකුණක්ද ගිනිගල දිය උල්පතක්ද කළාවූ
8 ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.
115දේවතා රූප නොව, දෙවියන්වහන්සේ ඇදහිය යුතු බව
1 ස්වාමිනි,අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.
2 ඔවුන්ගේ දෙවියෝ දැන් කොතැන්හිදැයි ජාතීන් විසින් කියන්ට ඉඩදෙන්නේ මන්ද?
3 එහෙත් අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය.
4 ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්තයෝය.
5 ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති;
6 කන් ඇත, එහෙත් නොඅසති;
7 අත් ඇත, එහෙත් නාල්ලති;
8 ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.
9 එම්බා ඉශ්‍රායෙල්,ස්වාමීන්කෙරෙහි විශ්වාසකරව.
10 එම්බා ආරොන්ගේ වංශය,ස්වාමීන්කෙරෙහි විශ්වාසකරව්.
11 ස්වාමීන්කෙරෙහි භය ඇත්තෙනි,ස්වාමීන්කෙරෙහි විශ්වාසකරව්.
12 ස්වාමීන්වහන්සේඅප සිහිකළසේක;
13 ස්වාමීන්කෙරෙහි භය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
14 ස්වාමීන්වහන්සේනුඹලා හා නුඹලාගේ දරුවන් වඩ වඩා වර්ධනයකරනසේක්වා.
15 අහසත් පොළොවත් මැවූස්වාමීන්ගෙන්නුඹලා ආශීර්වාදලද්දෝය.
16 ස්වර්ග වනාහිස්වාමීන්ගේස්වර්ගය;
17 මළාහුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත්ස්වාමීන්ටප්‍රශංසා නොකෙරෙති;
18 නුමුත් අපි මෙතැන් පටන් සදාකල්මස්වාමීන්වර්ණනාකරන්නෙමුව.
මරණීය අනතුරෙන් මිදීම ගැන ස්තුති දීම
1 ස්වාමීන්ටප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක.
2 උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි.
3 මරණයේ රැහැනෙන් වටකරනු ලැබීමි, ෂෙයෝලේ වේදනා මා අල්වාගත්තේය.
4 එවිට මමස්වාමීන්ගේනාමයෙන් යාච්ඤාකරමින්:
5 ස්වාමීන්වහන්සේදයාවන්තය, ධර්මිෂ්ඨය;
6 ස්වාමීන්වහන්සේයටහතුන් ආරක්ෂාකරනසේක.
7 මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව;
8 මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය මරණයෙන්ද මාගේ ඇස් කඳුළෙන්ද මාගේ පාද පැකිලීමෙන්ද ගැළවූසේක.
9 ජීවතුන්ගේ දේශයෙහිස්වාමීන්ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
10 මම විශ්වාසකරමි, එබැවින් කථාකරන්නෙමි.
11 සියලු මනුෂ්‍යයෝම බොරුවකැයි මාගේ ඉක්මන්කමින් කීමි.
12 ස්වාමීන්විසින් මට කළාවූ සියලු යහපත්කම් ගැන උන්වහන්සේට කුමක් දෙම්ද?
13 මම ගැළවීමේ කුසලාන රැගෙන,ස්වාමීන්ගේනාමයෙන් යාච්ඤාකරන්නෙමි.
14 එසේය,ස්වාමීන්ගේමුළු සෙනඟ ඉදිරියෙහි මාගේ භාර උන්වහන්සේට ඉෂ්ටකරන්නෙමි.
15 ස්වාමීන්ගේශුද්ධවන්තයන්ගේ මරණය උන්වහන්සේ ඉදිරියෙහි අනර්ඝය.
16 ස්වාමිනි,සැබවින් මම ඔබගේ මෙහෙකරුයෙමි.
17 මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි.
18 එසේය,ස්වාමීන්ගේමුළු සෙනඟ ඉදිරියෙහි මාගේ භාර උන්වහන්සේට ඉෂ්ටකරන්නෙමි.
19 ස්වාමීන්ගේගෘහ මළුවලදීත් එම්බා යෙරුසලම, නුඹ මැදදීත් එසේ කරන්නෙමි.
ප්‍රශංසාකිරීමට ආරාධනාව
1 සියලු ජාතීනි,ස්වාමීන්ටප්‍රශංසාකරව්;
2 මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය;
පාස්කු මංගල්‍ය ස්තුති ගීයක්
1 ස්වාමීන්ටස්තුතිකරව්;
2 උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ඉශ්‍රායෙල් දැන් කියත්වා.
3 උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ආරොන්ගේ වංශය දැන් කියත්වා.
4 ස්වාමීන්ගේකරුණාව සදාකාලයට පවත්නේයයි උන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ දැන් කියත්වා.
5 මාගේ විපත්තියේදීස්වාමීන්ටයාච්ඤාකෙළෙමි.
6 ස්වාමීන්වහන්සේමාගේ පක්ෂයෙහිය;
7 මට උපකාරකරන්නන් අතරෙහිස්වාමීන්වහන්සේමාගේ පක්ෂයෙහිය.
8 මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩාස්වාමීන්කෙරෙහි ඇදහීම යහපත.
9 අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩාස්වාමීන්කෙරෙහි ඇදහීම යහපත.
10 සියලු මනුෂ්‍ය ජාතීහු මා වටකළෝය.
11 ඔව්හු මා වටකළෝය;
12 ඔව්හු මීමැස්සන් මෙන් මා වටකළෝය;
13 වැටෙන පිණිස නුඹ තදින් මා නෙරපූයෙහිය.
14 ස්වාමීන්වහන්සේමාගේ ශක්තිය හා ගීතිකාවය;
15 ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය.
16 ස්වාමීන්ගේදකුණු හස්තය උසස්ය.
17 මම නොනැසී, ජීවත්ව සිට,ස්වාමීන්ගේක්‍රියා ප්‍රකාශකරන්නෙමි.
18 ස්වාමීන්වහන්සේදඬුවම්කොට මා හික්මවූසේක.
19 මට ධර්මිෂ්ඨකමේ දොරටු හරිව්.
20 ස්වාමීන්ගේදොරටුව මේය;
21 මම ඔබට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඔබ මට උත්තරදී, මාගේ ගැළවීම වී සිටිනසේක.
22 ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය.
23 මේකස්වාමීන්ගේක්‍රියාවය;
24 ස්වාමීන්විසින් සෑදූ දවස මේය;
25 ස්වාමිනි,දැන් අප ගැළෙවුව මැනව.
26 ස්වාමීන්ගේනාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය.
27 ස්වාමීන්වහන්සේදෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක.
28 ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි.
29 ස්වාමීන්ටස්තුතිකරව්;
දේව පනතේ මාහැඟිකම
1 ආලෙෆ්
1 නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ,ස්වාමීන්ගේව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
2 උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
3 එසේය, ඔව්හු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති;
4 අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක.
5 ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ග ස්ථිර නම් කොපමණ යහපත්ද!
6 ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි.
7 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මා ඉගෙනගන්න කල සිතේ අවංකකමින් ඔබට ස්තුතිකරන්නෙමි.
8 ඔබගේ පනත් පවත්වන්නෙමි, මා සහමුලින්ම අත් නොහළ මැනව.
2 බෙත්
9 තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද?
10 මාගේ මුළු සිතින් ඔබ සෙවීමි.
11 ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.
12 ස්වාමිනි,ඔබ ප්‍රශංසිතය.
13 ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි.
14 සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි.
15 ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි.
16 ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි.
3 ගීමෙල්
17 මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව;
18 ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.
19 මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි.
20 සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ.
21 ඔබගේ ආඥාවලින් මුළාව යන්නාවූ, ශාපලද්දාවූ උඩඟුවූවන්ට ඔබ තරවටුකළසේක.
22 නින්දාවත් අවමාන්නයත් මා කෙරෙන් පහකළ මැනව;
23 අධිපතියෝද හිඳගෙන මට විරුද්ධව කථාකළෝය.
24 ඔබගේ ශික්ෂාද මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය.
4 ඩාලෙත්
25 මාගේ ආත්මය ධූලියට ඇලේ.
26 මාගේ මාර්ග කියාදුනිමි, ඔබ මට උත්තරදුන්සේක.
27 ඔබගේ නියෝග මාර්ගය මට තේරුම්කරදුන මැනව.
28 ශෝකය නිසා මාගේ ආත්මය දියවේ.
29 වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළමැනව.
30 විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි.
31 ඔබගේ ශික්ෂාවලට ඇලුම්වෙමි.
32 ඔබ මාගේ සිත පහදන කල්හි ඔබගේ ආඥා මාර්ගයෙහි දුවන්නෙමි.
5 හේ
33 ස්වාමිනි,ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්නුව මැනව;
34 මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි;
35 ඔබගේ ආඥා මාර්ගයෙහි මා යැවුව මැනව;
36 ලාභයට නොව ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව.
37 නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව.
38 ඔබ කෙරෙහි භයවීමට හේතුවූ ඔබගේ වචනය ඔබගේ මෙහෙකරුවාට ස්ථිර කළමැනව.
39 මට භය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව;
40 ඔබගේ නියෝගවලට ආශාවීමි.
6 වාව්
41 ස්වාමිනි,ඔබගේ වචනය පරිද්දෙන් ඔබගේ කරුණාව, එනම් ඔබගේ ගැළවීම, මා වෙතට පැමිණේවා.
42 එවිට මට නින්දාකරන්නාට දිය යුතු උත්තරයක් මට ඇතිවන්නේය;
43 තවද සත්‍ය වචනය මාගේ කටින් සහමුලින්ම ඉවත් නොකළ මැනව;
44 මෙසේ ඔබගේ ව්‍යවස්ථාව සදාකල්හිම නිතරම පවත්වන්නෙමි.
45 මම නිදහස්ලෙස හැසිරෙන්නෙමි;
46 රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි.
47 මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.
48 මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින්, ඔබගේ පනත් භාවනාකරන්නෙමි.
7 ශයින්
49 බලාපොරොත්තුවෙන්ට ඔබ මට සැලැස්වූ හෙයින් ඔබගේ මෙහෙකරුවාට කී වචනය සිහිකළ මැනව.
50 මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය.
51 උඩඟු අය මට අතිශයින් අපහාස කළෝය.
52 ස්වාමිනි,පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි.
53 ඔබගේ ව්‍යවස්ථාව අත්හරින දුෂ්ටයන් නිසා ඇවිළෙන කෝපය මා පිටට පැමිණියේය.
54 මාගේ නවාතැන් ගෙයිදී ඔබගේ පනත් මාගේ ගායනා විය.
55 ස්වාමිනි,රාත්‍රියේදී ඔබගේ නාමය සිහිකොට ඔබගේ ව්‍යවස්ථාව පැවැත්වීමි.
56 මෙය මට ලැබුණේ මා ඔබගේ නියෝග රක්ෂාකළ නිසාය.
8 ඛෙත්
57 මාගේ කොටස නම්ස්වාමීන්වහන්සේය.
58 මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි.
59 මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි.
60 ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි.
61 දුෂ්ටයන්ගේ රැහැන් මා වටේ එතුණේය;
62 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා මධ්‍යම රාත්‍රියෙහි ඔබට ස්තුතිකරන්ට නැගිටින්නෙමි.
63 මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.
64 ස්වාමිනි,පොළොව ඔබගේ කරුණාවෙන් පිරී තිබේ.
9 ටෙත්
65 ස්වාමිනි,ඔබගේ වචනය ප්‍රකාර ඔබගේ මෙහෙකරුවාට ඔබ යහපත කළසේක.
66 යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව;
67 මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි;
68 ඔබ යහපත්ය, යහපත කරනසේක;
69 උඩඟු අය මට විරුද්ධව බොරුවක් යෙදුවෝය.
70 ඔවුන්ගේ සිත් තෙල මෙන් තරය;
71 ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති.
72 රන්රිදී දහස් ගණනකට වඩා ඔබගේ මුඛයෙන් නික්මුණු ව්‍යවස්ථාව මට යහපත්ය.
10 යොද්
73 ඔබගේ හස්තයෝ මා සාදා නිර්මිත කළෝය.
74 ඔබ කෙරෙහි භය ඇත්තෝ මා දැක සන්තෝෂවන්නෝය.
75 ස්වාමිනිඔබගේ විනිශ්චයන් ධර්මිෂ්ඨ බවත්, විශ්වාසකමින් ඔබ මට පීඩාකළ බවත් දනිමි.
76 ඔබගේ මෙහෙකරුවාට ඔබ කී වචනය පරිද්දෙන් ඔබගේ කරුණාගුණය මාගේ සැනසීම පිණිස වේවා.
77 මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා.
78 උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා.
79 ඔබ කෙරෙහි භය ඇත්තෝ මා වෙතට හැරී එත්වා, එවිට ඔව්හු ඔබගේ ශික්ෂා දැනගන්නෝය.
80 මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා.
11 කෆ්
81 මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි.
82 ඔබ කවදා මා සනසන සේක්දැයි කියන අතර ඔබගේ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
83 මක්නිසාද මම දුමෙහි තුබූ සම්භාජනයක් මෙන් වීමි;
84 ඔබගේ මෙහෙකරුවාගේ දවස් කොපමණද?
85 ඔබගේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන්නාවූ උඩඟු අය මට වළවල් හෑරුවෝය.
86 ඔබගේ ආඥා සියල්ල විශ්වාස කටයුතුය.
87 ඔව්හු පොළොවේදී සහමුලින්ම වාගේ මා නැතිකළෝය;
88 ඔබගේ කරුණාගුණය ලෙස මා ප්‍රාණවත්කළ මැනව;
12 ලාමෙද්
89 ස්වාමිනි,සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.
90 ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය.
91 ඔබගේ නියමයන් ලෙස ඒවා අද දක්වා පවතී;
92 ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපත්තියේදී මා විනාශවෙන්ට තිබුණේය.
93 ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි;
94 මම ඔබගේය, මා ගැළෙවුව මැනව;
95 දුෂ්ටයෝ මා විනාශකරන්ට බලා සිටියෝය;
96 සියලු සම්පූර්ණකමේ කෙළවර දුටිමි;
13 මෙම්
97 ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද!
98 ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි;
99 මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය;
100 මා ඔබගේ නියෝග රක්ෂාකළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් ඇත්තේය.
101 ඔබගේ වචනය පවත්වන පිණිස සියලු නපුරු මාර්ගවලින් මාගේ පාද වලක්වාගතිමි.
102 ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි;
103 ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද!
104 ඔබගේ නියෝගවලින් මට නුවණ ලැබේ.
14 නූන්
105 ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.
106 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.
107 මම බොහෝසේ පීඩිතයෙමි.
108 ස්වාමිනි,මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව.
109 මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය;
110 දුෂ්ටයෝ මට මලපතක් තැබුවෝය;
111 ඔබගේ ශික්ෂා සදාකාලයට උරුමයක් කොට ගතිමි;
112 සදාකාලේටම, අන්තිම දක්වා, ඔබගේ පනත් ඉෂ්ටකරන්ට මාගේ සිත නැමුවෙමි.
15 සාමෙක්
113 දෙසිත් ඇත්තවුන්ට ද්වේෂකරමි;
114 ඔබ මාගේ සැඟවෙන ඉඩමත් පලිහත්ය.
115 නපුරුකම් කරන්නෙනි, මා වෙතින් පහවයව්.
116 මා ජීවත්වන පිණිස ඔබගේ වචනය ප්‍රකාර මා දැරුව මැනව;
117 මා දැරුව මැනව, එවිට මම සුරක්ෂිතව සිට, ඔබගේ පනත් නිතරම සලකන්නෙමි.
118 ඔබගේ පනත්වලින් මුළාවයන සියල්ලන් ඔබ සුළුකොට සිතූසේක.
119 ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් බොර මෙන් පහකරනසේක.
120 ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි;
16 අයින්
121 යුක්තියත් ධර්මිෂ්ඨකමත් කෙළෙමි.
122 යහපත පිණිස ඔබගේ මෙහෙකරුවාට ඇපවුව මැනව.
123 ඔබ දෙන ගැළවීම හා ඔබගේ ධර්මිෂ්ඨ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
124 ඔබගේ කරුණාව පරිද්දෙන් ඔබගේ මෙහෙකරුවාට ක්‍රියාකරමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
125 මම ඔබගේ මෙහෙකරුයෙමි;
126 ස්වාමීන්වහන්සේවිසින් ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන්ය;
127 එබැවින් රනට වඩා, එසේය, පවිත්‍ර රනට වඩා, ඔබගේ ආඥාවලට ප්‍රේමකරමි.
128 එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි;
17 පේ
129 ඔබගේ ශික්ෂා ආශ්චර්යමත්ය.
130 ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ;
131 මම ඔබගේ ආඥාවලට ආශාවූ නිසා කට ඇර හතිදැමීමි.
132 ඔබගේ නාමයට ප්‍රේමවන්නන්ට ඔබගේ ව්‍යවහාරය ලෙස, මා දෙසට හැරී මට කරුණාකළ මැනව.
133 ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙවුව මැනව;
134 මනුෂ්‍යයාගේ බලාත්කාරයෙන් මා මිදුව මැනව.
135 ඔබගේ මුහුණ ස්වකීය මෙහෙකරුවා කෙරෙහි බබළවමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
136 මනුෂ්‍යයන් ඔබගේ ව්‍යවස්ථාව නොපවත්වන බැවින්, මාගේ ඇස්වලින් දිය ධාරා ගලා යෙති.
18 ට්ශාඩෙ
137 ස්වාමිනි,ඔබ ධර්මිෂ්ඨය, ඔබගේ විනිශ්චයෝ සෘජුය.
138 ඔබ ධර්මිෂ්ඨකමින්ද මහත් විශ්වාසකමින්ද ඔබගේ ශික්ෂා නියමකළසේක.
139 මාගේ එදිරිකාරයන් ඔබගේ වචන සිහි නැතිකළ නිසා මාගේ ජ්වලිතය මා සිඳදැම්මේය.
140 ඔබගේ වචනය ඉතා පිරිසිදුය;
141 මම සුළු කෙනෙක්මි, නින්දා ලද්දෙක්මි.
142 ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක්ය, ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය.
143 විපත හා සිත් වේදනාව මා කරා පැමිණ තිබේ.
144 ඔබගේ ශික්ෂා සදාකාලේටම ධර්මිෂ්ඨය.
19 කෝෆ්
145 මම මුළු සිතින් යාච්ඤාකෙළෙමි;
146 මම ඔබට අඬගැසීමි;
147 මම අලුයමට පළමුවෙන් නැගිට මොරගැසීමි, ඔබගේ වචන කෙරෙහි බලාපොරොත්තුවීමි.
148 ඔබගේ වචනය භාවනාකරන පිණිස රෑ යාම්වලට පළමුවෙන් මාගේ ඇස් ඇරුණේය.
149 ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මාගේ ශබ්දය ඇසුව මැනව.
150 දුෂ්ටකම අනුව යන්නෝ ළංවෙති;
151 ස්වාමිනි,ඔබ ළංව සිටිනසේක;
152 ඔබගේ ශික්ෂා සදාකාලේටම පිහිටෙවු බව පෙර සිට එයින් දැනගතිමි.
20 රේෂ්
153 මාගේ විපත්තිය බලා මා ගැළෙවුව මැනව;
154 මාගේ යුක්තිය කියා මා මිදුව මැනව;
155 ගැළවීම දුෂ්ටයන්ගෙන් දුරය;
156 ස්වාමිනි,ඔබගේ අනුකම්පා මහත්ය.
157 මට පීඩාකරන්නෝද මාගේ එදිරිකාරයෝද බොහෝය;
158 මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි;
159 ඔබගේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි කල්පනාකළ මැනව.
160 ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය;
21 ෂීන්
161 අධිපතීහු නිකරුණේ මට පීඩාකළෝය;
162 මහත් කොල්ලයක් ලබන කෙනෙකු මෙන් මම ඔබගේ වචනයෙහි ප්‍රීතිමත්වෙමි.
163 බොරුවට වෛරකොට පිළිකුල් කරමි;
164 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා දවසට සත් වරක් ඔබට ප්‍රශංසා කරමි.
165 ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත;
166 ස්වාමිනි,ඔබගේ ගැළවීම බලා සිටියෙමි, ඔබගේ ආඥා ඉෂ්ටකෙළෙමි.
167 මාගේ ආත්මය ඔබගේ ශික්ෂා පැවැත්විය;
168 මම ඔබගේ නියෝග හා ශික්ෂා පැවැත්වීමි;
22 ටාව්
169 ස්වාමිනි,මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේවා.
170 මාගේ අයදීම ඔබ ඉදිරියට පැමිණේවා.
171 ඔබගේ පනත් ඔබ මට උගන්වන බැවින් මාගේ තොල් ප්‍රශංසාව ප්‍රකාශ කෙරේවා.
172 ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨකම වන බැවින් මාගේ දිව ඔබගේ වචනය ගැන ගී කියාවා.
173 ඔබගේ හස්තය මට උපකාර පිණිස සූදානම්වේවා;
174 ස්වාමිනි,මම ඔබ දෙන ගැළවීම ගැන ආශාවෙමි;
175 මාගේ ආත්මය ජීවත්වේවා, එවිට එය ඔබට ප්‍රශංසාකරන්නේය;
176 නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි;
වංචාකාර දිවෙන් මිදීම
ආරෝහණ ගීයකි.
1 මාගේ විපත්තියේදීස්වාමීන්ට,මොරගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන්සේක.
2 ස්වාමිනි,බොරු කියන තොල්වලින්ද වංචාකාර දිවෙන්ද මාගේ ආත්මය ගැළෙවුව මැනව.
3 එම්බා වංචාකාර දිව, නුඹට දිය යුත්තේ කිමෙක්ද?
4 රෝතෙම් ගිනි අඟුරු සමඟ බලවන්තයාගේ තියුණු ඊගස්ය.
5 අහෝ, මෙෂෙක්හි විදේශීව සිටීමද කේදාර්හි කූඩාරම් අතරේ වාසය කිරීමද මට දුකක්ය.
6 සමාදානයට ද්වේෂකරන්නා සමඟ මාගේ ආත්මය බොහෝ කල් වාසය කෙළේය.
7 මම සමාදානයට කැමැත්තෙමි.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ ආරක්ෂාකාරයාණෝය
ආරෝහණ ගීයකි.
1 කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි.
2 මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූස්වාමීන්ගෙන්මය.
3 උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක.
4 බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය.
5 ස්වාමීන්වහන්සේනුඹ ආරක්ෂා කරන තැනන්වහන්සේය.
6 දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය.
7 ස්වාමීන්වහන්සේසියලු නපුරෙන් නුඹ ආරක්ෂාකරනසේක.
8 දැන් පටන් සදාකාලේටමස්වාමීන්වහන්සේනුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.
122යෙරුසලම ගැන වන්දනාකාරයාගේ ප්‍රීතිය
ආරෝහණ ගීයකි; දාවිත් විසිනි.
1 ස්වාමීන්ගේගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.
2 එම්බා යෙරුසලම, අපේ පාද නුඹේ දොරටු ඇතුළේ තබා තිබේ.
3 එම්බා යෙරුසලම, මනාකොට සෑදූ නුවරක් මෙන් නුඹ ගොඩනගනලද්දීය.
4 ගෝත්‍රයෝ,ස්වාමීන්ගේගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන්ස්වාමීන්ගේනාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති.
5 මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ.
6 යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්.
7 නුඹේ පවුරු ඇතුළත සමාදානයත් නුඹේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා.
8 මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා:
9 අපේ දෙවිවූස්වාමීන්ගේගෘහය නිසා නුඹේ යහපත සොයන්නෙමි.
123නින්දා ලැබීමේදී ස්වාමීන්වහන්සේ දෙස බලාහිඳීම
ආරෝහණ ගීයකි.
1 ස්වර්ගයෙහි වැඩහිඳින තැනන්වහන්ස, ඔබ දෙසට මාගේ ඇස් ඔසවමි.
2 බලව, මෙහෙකරුවන්ගේ ඇස් ඔවුන්ගේ ස්වාමියාගේ අත දෙසත් මෙහෙකාරියෙකුගේ ඇස් ඇගේ ස්වාමි දුවගේ අත දෙසත් බලන්නාක්මෙන්, අපේ දෙවිවූස්වාමීන්වහන්සේඅපට කරුණාකරන තෙක්, අපේ ඇස් උන්වහන්සේ දෙස යොමා තිබේ.
3 ස්වාමිනි,අපට කරුණාකළ මැනව, අපට කරුණාකළ මැනව.
4 සැපෙන් සිටින [අභක්තීන්ගේ] අපහාසයෙන්ද අහංකාරීන්ගේ නින්දාවෙන්ද අපේ ආත්මය අධික ලෙස පිරී තිබේ.
124අන්තරායෙන් මිදුවේ ස්වාමීන්වහන්සේමය
ආරෝහණ ගීයකි; දාවිත් විසිනි.
1 ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා:
2 මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේස්වාමීන්වහන්සේනොවී නම්,
3 ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු කල, ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.
4 එකල්හි ජලය අප වසාගන්නවා ඇත, දියපාර අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.
5 එකල්හි උඩඟු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.
6 ඔවුන්ගේ දත්වලට අප ගොදුරු කොට නුදුන්ස්වාමීන්ටප්‍රශංසාවේවා.
7 පක්ෂි වැද්දන්ගේ උගුලෙන් පක්ෂියෙකු මෙන් අපේ ප්‍රාණය ගැළවුණේය.
8 අපේ උපකාරය අහසත් පොළොවත් මැවූස්වාමීන්ගේනාමය කෙරෙහිය.
125අදහාගන්නන්ගේ ස්ථිරභාවය
ආරෝහණ ගීයකි.
1 ස්වාමීන්කෙරෙහි විශ්වාසකරන්නෝ සෙලවිය නොහැකිවූ සදාකල් පවතින්නාවූ සියොන් කන්ද මෙන්ය.
2 යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක්මෙන්, දැන් පටන් සදාකල්ම,ස්වාමීන්වහන්සේස්වකීය සෙනඟ හාත්පසින් සිටිනසේක.
3 මක්නිසාද ධර්මිෂ්ඨයන් අයුතුකමට අත් දිගු නොකරන පිණිස දුෂ්ටකමේ ජයකොන්තය ධර්මිෂ්ඨයන්ගේ උරුමකොටසෙහි නොරඳන්නේය.
4 ස්වාමිනි,යහපතුන්ටත් අවංක සිත් ඇත්තන්ටත් යහපත කළ මැනව.
5 නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහිස්වාමීන්වහන්සේඅයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක.
මුදනු ලැබුවාවූ පිටවහලාගේ ස්තුති ගීය
ආරෝහණ ගීයකි.
1 ස්වාමීන්වහන්සේසියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.
2 එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය.
3 ස්වාමීන්වහන්සේඅප උදෙසා මහත් දේ කළසේක;
4 ස්වාමිනි,අපෙන් වහල්ව සිටින්නන් දකුණු දිසාවේ ඇළවල් මෙන් ආපසු ගෙන අව මැනව.
5 කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය.
6 ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.
127මුළු සඵලය දෙවියන්වහන්සේගෙන් පැමිණෙන බව
ආරෝහණ ගීයකි; සාලමොන් විසිනි.
1 ස්වාමීන්වහන්සේගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති.
2 වේලාසනින් නැගිටීමත්, බොහෝ රෑවෙනකල්ම නිවාඩු නොගැනීමත්, වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් නුඹලාට නිෂ්ඵලවේ.
3 බලව, දරුවෝස්වාමීන්වහන්සේදෙන උරුමයක්ය.
4 බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය.
5 එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
දේව භය ඇත්තාගේ පවුලේ දියුණුව
ආරෝහණ ගීයකි.
1 ස්වාමීන්වහන්සේකෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය.
2 මක්නිසාද නුඹ නුඹේ අත් වැඩේ ඵල කන්නෙහිය.
3 නුඹේ භාර්යාව නුඹේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය.
4 බලව,ස්වාමීන්කෙරෙහි භයවන තැනැත්තේ මෙසේ ආශීර්වාද ලබන්නේය.
5 ස්වාමීන්වහන්සේසියොන්හි සිට නුඹට ආශීර්වාදකරනසේක.
6 එසේය, නුඹේ දරුවන්ගේ දරුවන් දක්නෙහිය.
පීඩාවලින් මිදීම. නපුරන්ට ජය නොලැබීම.
ආරෝහණ ගීයකි.
1 ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා:
2 මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය.
3 හී හාන්නෝ මාගේ පිටෙහි හෑවෝය;
4 ස්වාමීන්වහන්සේධර්මිෂ්ඨය.
5 සියොන්ට ද්වේෂකරන සියල්ලෝ ලජ්ජාවී ආපසු හරවනු ලබත්වා.
6 වැඩෙන්ට පළමුවෙන් වියළීයන්නාවූ වහල පිට තෘණ මෙන් වෙත්වා.
7 කපන්නා එයින් තමාගේ මිටවත් මිටි බඳින්නා තමාගේ තුරුල්ලවත් නොපුරවයි.
8 මගයන්නෝද:
ගැඹුරේ සිට යාච්ඤා කිරීම
ආරෝහණ ගීයකි.
1 ස්වාමිනි,ගැඹුරු තැන්වල සිට ඔබට මොරගැසීමි.
2 ස්වාමිනි,මාගේ ශබ්දය ඇසුව මැනව.
3 ස්වාමිනි,ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?
4 නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.
5 මමස්වාමීන්කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය.
6 අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි.
7 එම්බා ඉශ්‍රායෙල්,ස්වාමීන්කෙරෙහි බලාපොරොත්තුවෙව;
8 උන්වහන්සේ ඉශ්‍රායෙල් ඔහුගේ අයුතුකම් සියල්ලෙන් මුදා හරිනසේක.
131ළමයෙකු මෙන් භාරවීම
ආරෝහණ ගීයකි; දාවිත් විසිනි.
1 ස්වාමිනි,මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ;
2 සැබවින් මාගේ ආත්මය සනසා නිශ්චලකරගතිමි;
3 එම්බා ඉශ්‍රායෙල්, මෙතැන් පටන් සදාකල්මස්වාමීන්කෙරෙහි බලාපොරොත්තු වෙව.
132දාවිත් සමඟ කළ ගිවිසුම ස්ථිරකිරීම
ආරෝහණ ගීයකි.
1 ස්වාමිනි,දාවිත්ගේ දුක් සියල්ල ඔහු උදෙසා සිහිකළ මැනව;
2 එනම්ස්වාමීන්ටස්ථානයක්ද යාකොබ්ගේ පරාක්‍රමයාණන්වහන්සේට මණ්ඩපයක්ද සොයාගන්නා තෙක්
3 සැබවින් මාගේ ගෙයි මණ්ඩපයට ඇතුල් නොවන්නෙමි, මාගේ යහනට නොනගින්නෙමි;
4 මාගේ ඇස්වලට නින්දවත් ඇසිපියවලට නිදිබරවත් නොදෙන්නෙමියි කියා
5 ඔහුස්වාමීන්ටදිවුරමින් යාකොබ්ගේ පරාක්‍රමයාණන්වහන්සේට භාරයක් වූ හැටි සිහිකළ මැනව.
6 බලව, එප්‍රාතාහිදී එපවත් ඇසීමුව.
7 අපි උන්වහන්සේගේ මණ්ඩපවලට යන්නෙමුව;
8 ස්වාමිනි,නැගිට ඔබගේ ශක්තියේ ගිවිසුම්-පෙට්ටිය ඇතිව, ඔබගේ නිවාඩු ස්ථානයට වැඩිය මැනව.
9 ඔබගේ පූජකයෝ ධර්මිෂ්ඨකමින් සැරසෙත්වා;
10 ඔබගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔබගේ අභිෂේකලත් නැනැත්තාගේ මුහුණ ඉවත් නොකළ මැනව.
11 නුඹේ ශරීර ඵලයෙන් නුඹේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂා කරන්නෝ නම්,
12 ඔවුන්ගේ පුත්‍රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද,ස්වාමීන්වහන්සේදාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක;
13 මක්නිසාදස්වාමීන්වහන්සේසියොන් තෝරාගත්සේක;
14 මෙය සදාකල්ම මාගේ නිවාඩු ස්ථානයය.
15 සියොනේ ආහාරයට බොහෝසෙයින් ආශීර්වාදකරන්නෙමි.
16 එහි පූජකයන්ද ගැළවීමෙන් පළඳවන්නෙමි.
17 එහි දාවිත්ගේ අඟ ලියලවන්නෙමි.
18 ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි.
සහෝදර සමාගමේ අලංකාරය
ආරෝහණ ගීතයකි; දාවිත් විසිනි.
1 බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!
2 එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය;
3 සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය.
රාත්‍රි මෙහෙය පවත්වන්නන්ට ආචාරය
ආරෝහණ ගීයකි.
1 රාත්‍රිභාගයේස්වාමීන්ගේගෘහයෙහි සිටින්නාවූස්වාමීන්ගේසියලු මෙහෙකරුවෙනි,ස්වාමීන්ටප්‍රශංසාකරව්.
2 ශුද්ධස්ථානය දෙසට අත් ඔසවා,ස්වාමීන්ටප්‍රශංසාකරව්.
3 ස්වාමීන්වහන්සේ,එසේය, අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ, සියොන්හි සිට නුඹට ආශීර්වාදකරන සේක්වා.
135මැවිල්ලෙන් හා ක්‍රියාවලින් ප්‍රකාශවන ස්වාමීන්වහන්සේ වර්ණනාකිරීම
1 ස්වාමීන්ටප්‍රශංසාකරව්;
2 ස්වාමීන්ගේගෘහයෙහි, අපේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
3 ස්වාමීන්ටප්‍රශංසාකරව්;
4 මක්නිසාදස්වාමීන්වහන්සේතමන්ටම යාකොබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඉශ්‍රායෙල්ද තෝරාගත්සේක.
5 මක්නිසාදස්වාමීන්වහන්සේමහත් බවත් අපේස්වාමීන්වහන්සේසියලු දෙවිවරුන්ට වඩා උසස් බවත් දනිමි.
6 ස්වාමීන්වහන්සේයමකට කැමතිවූසේක්ද එය අහසෙහිද පොළොවෙහිද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ටකළසේක.
7 උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක;
8 උන්වහන්සේ මිසරයේ මනුෂ්‍යයන්ගෙත් මෘගයන්ගෙත් කුලුඳුලන්ට පහරදුන්සේක.
9 එම්බා මිසරය, නුඹ මැදට, ඵාරාවෝ සහ ඔහුගේ සියලු මෙහෙකරුවන් කෙරෙහි, උන්වහන්සේගේ ලකුණු හා හාස්කම් පැමිණවූසේක.
10 උන්වහන්සේ බොහෝ ජාතීන්ට පහරදී, බලවත් රජුන් නැසූසේක;
11 අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,
12 ඔවුන්ගේ දේශය උරුමයක් පිණිස, ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල්ට උරුමයක් පිණිස, දුන්සේක.
13 ස්වාමිනි,ඔබගේ නාමය සදාකල් පවත්නේය;
14 මක්නිසාදස්වාමීන්වහන්සේතමන් සෙනඟ විනිශ්චයකරනසේක, ස්වකීය මෙහෙකරුවන් ගැන තැවෙනසේක.
15 ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය.
16 ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති;
17 කන් ඇත, එහෙත් නොඅසති;
18 ඒවා සාදන්නොත්, එසේය, ඒවා කෙරෙහි විශ්වාසකරන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.
19 එම්බා ඉශ්‍රායෙල් වංශය,ස්වාමීන්ටප්‍රශංසාකරව්.
20 එම්බා ලෙවී වංශය,ස්වාමීන්ටප්‍රශංසාකරව්.
21 යෙරුසලමෙහි වසනස්වාමීන්වහන්සේසියොන්හි සිට ප්‍රශංසා ලබනසේක්වා.
සදාකාල කරුණාවෙන් යුත් ස්වාමීන්වහන්සේ වර්ණනාකිරීම
1 ස්වාමීන්ටස්තුතිකරව්;
2 දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්;
3 ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්;
4 මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්];
5 නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
6 ජල මතුයෙහි පොළොව අතුළාවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
7 මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
8 දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
9 රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
10 කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්];
11 ඔවුන් අතරෙන් ඉශ්‍රායෙල් පිටත ගෙනා උන්වහන්සේට [ස්තුතිකරව්];
12 බලවත් හස්තයකින් හා දිගුකළ බාහුවකින් එසේ කළ උන්වහන්සේට [ස්තුතිකරව්];
13 රතු මුහුද දෙකට බෙදූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
14 ඉශ්‍රායෙල්වරුන්ද ඒ මැදින් යැවූ උන්වහන්සේට [ස්තුතිකරව්];
15 ඵාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ හෙළාදැමූ උන්වහන්සේට [ස්තුතිකරව්];
16 ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්];
17 මහත් රජුන්ට පහරදුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්];
18 කීර්තිමත් රජුන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්];
19 අමෝරිවරුන්ගේ රජවූ සීහොන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්].
20 බාෂාන්හි රජවූ ඕග්ද නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්];
21 ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්];
22 ස්වකීය මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට එය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්];
23 අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්];
24 අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්];
25 උන්වහන්සේ මාංසමයවූ සියල්ලන්ට ආහාර දෙනසේක.
26 ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්;
පිටවහල්කම සිහිකිරීමේ දුක් සහිත ගීය
1 බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව, එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව.
2 එහි මැද නළාගස්වල අපේ වීණා එල්ලා තැබීමුව.
3 මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය:
4 අන්‍ය දේශයකදීස්වාමීන්ගේගීය කෙසේ ගායනා කරමුද?
5 එම්බා යෙරුසලම, නුඹ මට සිහිනැතිවී නම්.
6 මම නුඹ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා, යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.
7 බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව,ස්වාමිනි,යෙරුසලමේ දවස සිහිකළ මැනව.
8 විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, නුඹ අපට කළාක්මෙන් නුඹට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය.
9 නුඹේ ළදරුවන් රැගෙන ගලේ ගසන තැනැත්තේ වාසනාවන්තවන්නේය.
138ස්වාමීන්වහන්සේ කෙරෙහි ස්තුතිවන්තකම හා විශ්වාසය ප්‍රකාශකිරීම
දාවිත්ගේ ගීතයකි.
1 මාගේ මුළු සිතින් ඔබට ස්තුතිකරන්නෙමි.
2 ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකරමින්, ඔබගේ කරුණාගුණය සහ සත්‍යය නිසා ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි.
3 මා ඔබට අඬගැසූ දවසේදී ඔබ මට උත්තරදී, මාගේ ආත්මය ශක්තිමත්කොට ධෛර්යදුන්සේක.
4 ස්වාමිනි,පොළොවේ සියලු රජවරු ඔබගේ මුඛයේ වචන ඇසූ බැවින් ඔබට ස්තුතිකරන්නෝය.
5 එසේය,ස්වාමීන්ගේමහිමය උතුම් නිසා, ඔව්හුස්වාමීන්ගේමාර්ගය ගැන ගීතිකාකරන්නෝය.
6 මක්නිසාදස්වාමීන්වහන්සේඋසස් නුමුත් පහත් අය සලකනසේක.
7 මම විපත්ති මැද හැසිරෙම් නුමුත් ඔබ මා ප්‍රාණවත්කරනසේක;
8 ස්වාමීන්වහන්සේමා සම්බන්ධ කාරණය සම්පූර්ණකරනසේක.
ස්වාමීන්වහන්සේගේ සර්වඥතාව හා සර්වස්ථාන වැජඹීම
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,ඔබ මා විමසා බලා දැන ගත්සේක.
2 ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි.
3 ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක.
4 මක්නිසාද,ස්වාමීනි,ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.
5 ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වටකරමින්, ඔබගේ හස්තය මා පිට තැබූසේක.
6 මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය;
7 ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද?
8 මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය.
9 මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්;
10 එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය.
11 සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්,
12 අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි.
13 මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක.
14 මම ඔබට ස්තුතිකරන්නෙමි;
15 මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය.
16 ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය.
17 දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද!
18 ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය.
19 දෙවියන්වහන්ස, සැබවින් ඔබ දුෂ්ටයා මරනසේක.
20 මක්නිසාද ඔව්හු දුෂ්ටලෙස ඔබට විරුද්ධව කථාකෙරෙති, ඔබගේ සතුරෝ ඔබගේ නාමය නිරර්ථකයේ කියති.
21 ස්වාමිනි,ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද?
22 සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛර කරමි.
23 දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව.
24 යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.
140දුෂ්ට හතුරන්ගෙන් ආරක්ෂාකිරීමට යාච්ඤාව
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,නපුරු මනුෂ්‍යයාගෙන් මා ගැළෙවුව මැනව;
2 ඔව්හු සිතින් නපුරු උපා යොදති;
3 ඔව්හු සර්පයෙකු මෙන් තමුන්ගේ දිව තියුණුකළෝය, ඔවුන්ගේ තොල් යට පොළොං විෂ ඇත.
4 ස්වාමිනි,දුෂ්ටයාගේ අත්වලින් මා රැකගත මැනව;
5 උඩඟු අය මට මලපතක් තබා රැහැන් ඇද්දෝය;
6 ඔබ මාගේ දෙවියන්වහන්සේයයිස්වාමීන්ටකීමි.
7 මාගේ ගැළවීමේ ශක්තියවූ ස්වාමිවූදෙවියන්වහන්ස,යුද්ධ දවසේදී ඔබ මාගේ හිස වැසූසේක.
8 ස්වාමිනි,දුෂ්ටයාගේ ආශාව ඉෂ්ට නොකළ මැනව;
9 මා වටකරගන සිටින්නන්ගේ හිස තමුන්ගේම තොල්වල නපුරුකමින් වැසේවා.
10 ඔවුන් පිට ගිනි අඟුරු වැටේවා.
11 නපුරුවූ කේලාම්කාර මනුෂ්‍යයා පොළොවෙහි ස්ථිර නොවන්නේය.
12 ස්වාමීන්වහන්සේපීඩිතයාගේ කාරණයත් දිළිඳාගේ යුක්තියත් ඉෂ්ටකරන බව දනිමි.
13 සැබවින් ධර්මිෂ්ඨයෝ ඔබගේ නාමයට ස්තුතිකරන්නෝය.
පරීක්ෂාවෙන් හා පීඩාවෙන් මිදීම පිණිස යාච්ඤාව
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි, මම ඔබට යාච්ඤාකෙළෙමි;
2 මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.
3 ස්වාමිනි,මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂාකළ මැනව.
4 අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව;
5 ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය;
6 ඔවුන්ගේ විනිශ්චයකාරයෝ ප්‍රපාතවලින් හෙළනු ලබති;
7 පොළොව හාලා පෙරළන කල්හි මෙන් අපේ ඇට මිනීවළේ කට ළඟ ඉසිරී තිබේ.
8 එසේය, ස්වාමිවූදෙවියන්වහන්ස,මාගේ ඇස් ඔබ දෙස යොමුවී තිබේ.
9 ඔවුන් මට තැබූ මලපතින්ද අයුතුකම්කරන්නන්ගේ උගුල්වලින්ද මා ආරක්ෂාකළ මැනව.
10 මා ගැළවීයන අතර දුෂ්ටයෝ තමුන්ගේම දැල්වල වැටෙත්වා.
142බලවත් අනතුරු අඩියක සිට කන්නලව්කිරීම
ගුහාවෙහි තමාගේ සිටීම ගැන දාවිත්ගේ අනුශාසනා යාච්ඤාවකි.
1 මාගේ ශබ්දය නගාස්වාමීන්ටමොරගසමි;
2 මාගේ විලාපය උන්වහන්සේ ඉදිරියෙහි වගුරුවමි;
3 මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවූ කල ඔබ මාගේ මාවත දැනගත් සේක.
4 මාගේ දකුණතට ඇස් හෙළා බැලුව මැනව;
5 ස්වාමිනි,මම ඔබට මොරගැසීමි;
6 මාගේ මොරගැසීමට කන්දුන මැනව;
7 මා විසින් ඔබගේ නාමයට ස්තුතිකරන පිණිස මාගේ ආත්මය හිරගෙයින් මිදුව මැනව.
ක්ලාන්තවූ ආත්මයේ කන්නලව්ව
දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි,මාගේ යාච්ඤාව ඇසුව මැනව;
2 ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව;
3 සතුරා මාගේ ආත්මයට පීඩාකෙළේය;
4 එබැවින් මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවේ;
5 පුරාණ දවස් සිහිකරමි;
6 මාගේ අත් ඔබ දෙසට දිගුකරමි.
7 ස්වාමිනි,ඉක්මනින් මට උත්තරදුන මැනව;
8 උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව;
9 ස්වාමිනි,මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව.
10 ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව;
11 ස්වාමිනි,ඔබගේ නාමය උදෙසා මා ප්‍රාණවත්කළ මැනව.
12 ඔබගේ අධික කරුණාවෙන් මාගේ සතුරන් සිඳදමා, මාගේ ආත්මයට පීඩාකරන සියල්ලන් විනාශකළ මැනව;
ජය දෙන්නාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාව
දාවිත්ගේ ගීතයකි.
1 යුද්ධයට මාගේ අත්ද සටනට මාගේ ඇඟිලිද පුරුදුකරවන්නාවූ මාගේ පර්වතයවූස්වාමීන්ටප්‍රශංසා වේවා.
2 උන්වහන්සේ මට කරුණා නිධානයය, මාගේ බලකොටුවය, මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරුය;
3 ස්වාමිනි,ඔබ විසින් මනුෂ්‍යයා ගැන කල්පනාකිරීමට හෝ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට හෝ ඔහු කවුද?
4 මනුෂ්‍යයා වනාහි හිස්කමට සමානය.
5 ස්වාමිනි,ඔබගේ අහස නමාගෙන බැස්ස මැනව.
6 විදුලි විහිදුවා ඔවුන් විසිරවුව මැනව;
7 ඉහළින් ඔබගේ හස්තය දිගුකළ මැනව;
8 ඔවුන්ගේ මුඛය නිෂ්ඵල දේ කියයි, ඔවුන්ගේ දකුණත බොරුවෙන් යුක්තවූ දකුණතක්ය.
9 දෙවියන්වහන්ස, ඔබට අලුත් ගීයක් ගායනාකරන්නෙමි.
10 රජුන්ට ගැළවීම දෙන්නෙත් ස්වකීය මෙහෙකරුවූ දාවිත් හිංසා කරන කඩුවෙන් මුදාගන්නෙත් උන්වහන්සේය.
11 විදේශීන්ගේ අතින් මා උදුරා මුදාගත මැනව.
12 යම් කලෙක අපේ පුත්‍රයෝ තරුණ වයසේදී වැඩුණු පැළ මෙන් හා අපේ දූවරු මාලිගා කැටයම් ප්‍රකාර කැටයම් කළ කොනේ ගල් මෙන් වන්නෝද,
13 අපේ ගබඩාවල් සියලු ආකාර ධාන්‍යයෙන් පිරී තිබෙන්නේද, අපේ කෙත්වලදී බැටළුවෝ දහස් ගණන්, දස දහස් ගණන්, වර්ධනය වන්නෝද,
14 අපේ ගොන්නු මනාසේ බර පටවනු ලබන්නෝද, බලාත්කාරයෙන් ඇතුල්වීමක්වත් පිටත යාමක්වත් නොවන්නේද, අපේ වීථිවල කෝලාහලයක්වත් නොවන්නේද,
15 එකල්හි ඒ ආකාර සෙනඟ වාසනාවන්තයෝය.
සියල්ලන්ට යහපත්කම් කරන්නාවූ දෙවියන්වහන්සේ
ප්‍රශංසා ගීතයකි; දාවිත් විසිනි.
1 මාගේ දෙවිවූ රජ්ජුරුවන්වහන්ස, ඔබ උසස්කරන්නෙමි;
2 සෑමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි;
3 ස්වාමීන්වහන්සේඋතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය;
4 එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබගේ කර්මාන්ත වර්ණනාකරමින්, ඔබගේ බලවත් ක්‍රියා ප්‍රකාශකරන්නේය.
5 මම ඔබගේ ගෞරවයේ තේජෝමහිමයත් ඔබගේ පුදුම ක්‍රියාත් මෙනෙහිකරන්නෙමි.
6 මනුෂ්‍යයෝ ඔබගේ භයානක ක්‍රියා බලය ගැන කථාකරන්නෝය;
7 ඔව්හු ඔබගේ මහත් යහපත්කමේ සිහිවීම ප්‍රකාශකරමින්, ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ගී කියන්නෝය.
8 ස්වාමීන්වහන්සේදයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය;
9 ස්වාමීන්වහන්සේසියල්ලන්ට යහපත්ය;
10 ස්වාමිනි,ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුතිකරන්නෝය;
11 දෙවියන්හන්සේගේ බලවත් ක්‍රියාත් උන්වහන්සේගේ රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස,
12 ඔව්හු ඔබගේ රාජ්‍යයේ මහිමය වර්ණනාකරන්නෝය, ඔබගේ බලය ගැනද කථාකරන්නෝය.
13 ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය, ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවත්නේය.
14 ස්වාමීන්වහන්සේවැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක.
15 සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමුකර තිබේ;
16 ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.
17 ස්වාමීන්වහන්සේස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය.
18 ස්වාමීන්වහන්සේතමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.
19 උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ටකරදෙන සේක;
20 ස්වාමීන්වහන්සේතමන්ට ප්‍රේමකරන සියල්ලන් ආරක්ෂාකරනසේක;
21 මාගේ මුඛයස්වාමීන්ගේප්‍රශංසාව කියන්නේය, මාංසමයවූ සියල්ලෝද සදාකාලේටම උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.
146සර්ව බලසම්පන්න උපකාරකාරයාණෝ
1 ස්වාමීන්ටප්‍රශංසාකරව්.
2 දිවිහිමියෙන්ස්වාමීන්ටප්‍රශංසාකරන්නෙමි.
3 අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.
4 ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි;
5 යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූස්වාමීන්වහන්සේකෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.
6 උන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූසේක;
7 උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක;
8 ස්වාමීන්වහන්සේඅන්ධයන්ගේ ඇස් පහදනසේක;
9 ස්වාමීන්වහන්සේවිදේශීන් ආරක්ෂා කරනසේක;
10 එම්බා සියොන් නගරය,ස්වාමීන්වහන්සේ,එනම් නුඹේ දෙවියන්වහන්සේ, සදාකාලේටද සියලු පරම්පරා දක්වාද රජකම්කරනසේක.
දෙවියන්වහන්සේගේ දයාව සහ බලය වර්ණනාකිරීම
1 ස්වාමීන්ටප්‍රශංසාකරව්;
2 ස්වාමීන්වහන්සේයෙරුසලම ගොඩනගනසේක;
3 උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක.
4 උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක.
5 අපේස්වාමීන්වහන්සේඋතුම්ය, මහා බලයෙන් යුක්තය;
6 ස්වාමීන්වහන්සේයටහතුන්ට උපකාරකරනසේක;
7 ස්තුති දීමෙන්ස්වාමීන්ටගී කියව්;
8 උන්වහන්සේ අහස වලාකුළින් වසනසේක, පොළොවට වැසි වස්වනසේක, කඳුවල තෘණ අටගන්වනසේක.
9 උන්වහන්සේ මෘගයාටත් අඬන කපුටු පැටවුන්ටත් කෑම දෙනසේක.
10 අශ්වයාගේ ශක්තියට උන්වහන්සේ ප්‍රිය නොවනසේක.
11 ස්වාමීන්වහන්සේතමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.
12 එම්බා යෙරුසලම,ස්වාමීන්ටප්‍රශංසාකරව;
13 මක්නිසාද උන්වහන්සේ නුඹේ වාසල් දොරටුවල අගුල් සවිකළසේක;
14 නුඹේ සීමා තුළ සමාදානය සිදුකරනසේක.
15 උන්වහන්සේ ස්වකීය ආඥාව පොළොවෙහි යවනසේක;
16 උන්වහන්සේ බැටළු ලොම් මෙන් හිම වස්වනසේක;
17 ස්වකීය හිම කැට කැබෙලි කොට වීසි කරනසේක.
18 උන්වහන්සේ තමන් වචනය යවා ඒවා දියකරනසේක.
19 උන්වහන්සේ යාකොබ්ට ස්වකීය වචනයද ඉශ්‍රායෙල්ට ස්වකීය පනත් සහ විනිශ්චයන්ද පෙන්වනසේක.
20 උන්වහන්සේ වෙන කිසි ජාතියකට මෙසේ නොකළසේක.
මුළු මැවිල්ල ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ යුතු බව
1 ස්වාමීන්ටප්‍රශංසා කරව්.
2 උන්වහන්සේගේ සියලු දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
3 චන්ද්‍ර සූර්යයෙනී, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
4 ස්වර්ගවල ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
5 ඒ සියල්ලෝස්වාමීන්ගේනාමයට ප්‍රශංසාකෙරෙත්වා.
6 උන්වහන්සේ සදාකාලේටම ඒවා පිහිටෙවුසේක.
7 මහා සර්පයන් හා ගැඹුරු තැන් සියල්ලෙනි,
8 ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, උන්වහන්සේගේ ආඥාව ඉෂ්ටකරන මාරුතයෙනි,
9 කඳු හා හෙල් සියල්ලෙනි, ඵල දෙන ගස් හා කිහිරි වෘක්ෂ සියල්ලෙනි,
10 තිරිසනුන් හා සියලු සිව්පාවෙනි, උරගුන් හා පියාඹන පක්ෂීනි,
11 පොළොවේ රජුන් හා සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අධිපතීන් හා පොළොවේ සියලු විනිශ්චයකාරයෙනි,
12 තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිටස්වාමීන්ටප්‍රශංසාකරව්.
13 මොව්හුස්වාමීන්ගේනාමයට ප්‍රශංසාකෙරෙත්වා;
14 උන්වහන්සේ ස්වකීය සෙනඟගේ අඟ එසෙවුසේක, ස්වකීය සියලු ශුද්ධවන්තයන්ට එනම් තමන්ට ළංව සිටින සෙනඟක් වන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට, ප්‍රශංසා හේතුවක් නැගූසේක.
ඉශ්‍රායෙල්ගේ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාව
1 ස්වාමීන්ටප්‍රශංසාකරව්.
2 ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා.
3 නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.
4 මක්නිසාදස්වාමීන්වහන්සේතමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්නවනසේක.
5 ශුද්ධවන්තයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂවෙත්වා;
6 ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්‍රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා;
7 කුමටදයත්, ජාතීන් කෙරෙහි පළිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිසත්,
8 ඔවුන්ගේ රජුන් යදමින්ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවලින්ද බඳින පිණිසත්,
9 ලියනලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන පිණිසත්ය.
සමස්ත ලෝකයා විසින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ යුතු බව
1 ස්වාමීන්ටප්‍රශංසාකරව්.
2 උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසාකරව්.
3 හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
4 රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
5 මහත් ශබ්ද දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
6 හුස්ම ඇති සියල්ලෝමස්වාමීන්ටප්‍රශංසාකෙරෙත්වා.