ප්‍රාරම්භය. පව්කාරයන් හා එකඟවීමට විරුද්ධව අවවාද දීම
1 ඉශ්‍රායෙල්ගේ රජවූ දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ හිතෝපදේශ.
2 ඒවා වනාහි ප්‍රඥාවද ගුරුකමද දැනගැනීමටත්;
3 ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්;
4 අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.
5 හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
6 ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය;
7 ස්වාමීන්වහන්සේකෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය.
8 මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
9 මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.
10 මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න.
11 ඔවුන් කථාකොට:
12 ෂෙයෝල මෙන් අපි ඔවුන් පණපිටින්ද වළට බසින්නන් මෙන් සහමුලින්ද ගිලගනිමු;
13 සියලු ආකාර අනර්ඝ වස්තු අපට සම්බවේ, අපේ ගෙවල් කොල්ලයෙන් පුරවා ගන්නෙමු;
14 නුඹ අප සමඟ පංගුකාර වෙන්න;
15 මාගේ පුත්‍රය, ඔවුන් සමඟ ඒ මාර්ගයේ නොයන්න;
16 මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු ලේ වැගිරීමට ඉක්මන්වෙති.
17 යම්කිසි පක්ෂියෙකුට පෙණෙන ලෙස දැල එළාතැබීම නිෂ්ඵලය.
18 ඔව්හු වනාහි තමුන්ගේම ලෙය ගැන රැක සිටිති, තමුන්ගේම ප්‍රාණයට විරුද්ධව සැඟවී සිටිති.
19 ලාභයට ලෝභිවූ සියල්ලන්ගේ මාර්ග එසේමය;
ප්‍රඥාව විසින් තරවටුකිරීම
20 ප්‍රඥාව වීථියෙහි මොරගසයි;
21 මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි;
22 එනම් නුවණ නැත්තෙනි, නුඹලා අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද?
23 මාගේ අවවාදයට හැරෙන්න.
24 මක්නිසාද මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය;
25 නුඹලා මාගේ සියලු දැනමුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළිනොගත්තාහුය.
26 එබැවින් මමත් නුඹලාගේ විපත්ති දවසේදී සිනාසෙන්නෙමි;
27 නුඹලාගේ භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද, නුඹලාගේ විනාශය සුළි හුළඟක් මෙන් එනවිටද, නුඹලා කෙරෙහි විපතත් දුකත් පැමිණෙන විටද, මම සරදම්කරන්නෙමි.
28 එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි;
29 මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට,ස්වාමීන්වහන්සේකෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.
30 ඔව්හු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය.
31 එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.
32 මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය.
33 නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.
2ප්‍රඥාවේ මාහැඟිකම
1 මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන,
2 ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්,
3 එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්,
4 නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්,
5 නුඹස්වාමීන්වහන්සේකෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.
6 මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය;
7 උන්වහන්සේ අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස්කර තබනසේක, සෘජුලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ පලිහක් වනසේක.
8 එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක.
9 එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද සෘජුකමද, එසේය, සියලු යහපත් මාවත්ද තේරුම්ගන්නෙහිය.
10 මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය;
11 සිහිය නුඹ රැකවල්කරන්නේය, ඥානයද නුඹ ආරක්ෂාකරන්නේය;
12 නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද නුඹ ගළවන්නේය.
13 ඔව්හු අන්ධකාරයේ මාර්ගවල යන පිණිස අවංක මාවත් අත්හරිති;
14 ඔව්හු නපුර කිරීමට සන්තෝෂවී, නපුරුකමේ ප්‍රයෝගවලට ප්‍රීතිමත්වෙති.
15 ඔව්හු තමුන්ගේ මාර්ගවල වංකව තමුන්ගේ මාවත්වල ඇදව සිටිති.
16 එසේම අන්‍ය ස්ත්‍රියෙක් වන, තමාගේ වචනවලින් ඉච්චාකරන්නාවූ, තම යෞවන වයසේ මිත්‍රයා අත්හරින්නාවූ,
17 තමාගේ දෙවියන්වහන්සේගේ ගිවිසුම සිහි නැතිකරන්නාවූ අන් තැනැත්තියගෙන් නුඹ ගැළවෙනවා ඇත.
18 මක්නිසාද ඇගේ ගෙය මරණයටද ඇගේ මාවත් මළවුන් වෙතටද යොමුවන්නේය.
19 ඇය ළඟට යන්නන්ගෙන් කිසිවෙකු හැරී එන්නේවත්, ජීවනයේ මාවත්වලට පැමිණෙන්නේවත් නැත.
20 මෙසේ කියන්නේ නුඹ යහපතුන්ගේ මාර්ගයේ හැසිරෙමින්, ධර්මිෂ්ඨයන්ගේ මාවත්වල ගමන්කරන පිණිසය.
21 මක්නිසාද අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය.
22 නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.
3කීකරුකමේ හා තරවටු ලැබීමේ ප්‍රයෝජන
1 මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.
2 මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.
3 කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා.
4 එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.
5 නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින්ස්වාමීන්වහන්සේකෙරෙහි විශ්වාසකරන්න.
6 නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
7 නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න;
8 ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.
9 නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්දස්වාමීන්වහන්සේටගෞරව කරන්න.
10 එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.
11 මාගේ පුත්‍රය,ස්වාමීන්වහන්සේගේතරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න.
12 මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන්ස්වාමීන්වහන්සේතමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.
13 ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.
14 මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්‍රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය.
15 ඈ රතුකැටවලට වඩා අනර්ඝය.
16 ඇගේ දකුණතෙහි දීර්ඝායුසද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.
17 ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය.
18 ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය;
19 ස්වාමීන්වහන්සේප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක;
20 උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය.
21 මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවේවා;
22 එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයත් නුඹේ ගෙලට අලංකාරයත් වන්නේය.
23 එවිට නුඹේ පය නොපැකිල, නුඹ සුවසේ නුඹේ මාර්ගයෙහි යන්නෙහිය.
24 නුඹ සැතපෙන කල භය නොවන්නෙහිය.
25 හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.
26 මක්නිසාදස්වාමීන්වහන්සේනුඹේ විශ්වාස භූමියව, නුඹේ පය අසු නොවන ලෙස ආරක්ෂාකරනසේක.
27 කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න.
28 නුඹ ළඟ තිබෙද්දීත්:
29 නුඹේ අසල්වාසියා නුඹ සමීපයෙහි නිසැකව වාසයකරද්දී ඔහුට විරුද්ධව නපුරක් නොයොදන්න.
30 මනුෂ්‍යයෙක් නුඹට අනදරයක් නොකර සිටිද්දී නිකරුණේ ඔහු සමඟ පොරට නොයන්න.
31 බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.
32 මක්නිසාද වංක තැනැත්තාස්වාමීන්වහන්සේටපිළිකුලක්ය.
33 ස්වාමීන්වහන්සේගේශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ;
34 නින්දාකරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දාකරනසේක, යටහතුන්ට නම් කරුණාව දෙනසේක.
35 ඥානවන්තයන්ට ගෞරවය උරුමවේ;
පියාගේ ගුරුකම සැලකීම
1 මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න.
2 මක්නිසාද මම යහපත් ඉගැන්වීම නුඹලාට දෙමි;
3 මක්නිසාද මම මාගේ පියාට ප්‍රිය පුත්‍රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්‍රයෙක්ව සිටියෙමි.
4 ඔහු මට උගන්වමින් මෙසේ කීයේය:
5 ප්‍රඥාව ලබාගන්න, නුවණ ලබාගන්න;
6 ප්‍රඥාව අත් නොහරින්න, එවිට ඈ නුඹ ප්‍රවේසම්කරනවා ඇත;
7 ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න.
8 ඇය ශ්‍රේෂ්ඨකරන්න, ඈද නුඹ උසස්කරන්නීය.
9 ඈ නුඹේ හිසට ශෝභන මාලාවක් දෙන්නීය;
ජීවිතයේ මාර්ග දෙක
10 මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න;
11 ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා, හරිවූ මාවත්වල නුඹ ගෙනගියෙමි.
12 නුඹ යන කල නුඹේ පාද අවහිරනොවන්නේය;
13 ගුරුකම තදින් අල්ලාගෙන, අතනෑර, එය තබාගන්න;
14 දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න.
15 එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.
16 මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති;
17 මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.
18 නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.
19 දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය.
20 මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න.
21 ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා;
22 මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.
23 සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න;
24 වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න.
25 නුඹේ ඇස් ඉස්සරහම බලත්වා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලත්වා.
26 නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා.
27 දකුණටවත් වමටවත් නොහැරෙන්න.
අයුතු තෘෂ්ණාව. පිරිසිදු ප්‍රේමය
1 මාගේ පුත්‍රය, සිහිනුවණ රක්ෂා කරගැනීම පිණිසද දැනගැන්ම නුඹේ තොල්වල පවතින පිණිසද
2 මාගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මාගේ ඥානයට නුඹේ කන නමන්න.
3 මක්නිසාද අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මීපැණි වෑස්සෙන්නේය, ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිඳුය.
4 එහෙත් ඇගේ අන්තිමය කොසඹ මෙන් තික්තව, දෙමුවහත් කඩුවක් මෙන් තියුණුව තිබේ.
5 ඇගේ පාද මරණයට බසින්නේය;
6 ඈට ජීවනයේ මාවත නොපෙනෙන ලෙස ඇගේ පාරවල් ඇදව තිබේ, ඈ ඒ බව නොදන්නීය.
7 එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දී, මාගේ මුඛයේ කීම්වලින් ඉවත් නොවී සිටින්න.
8 නුඹේ ශෝභනකම අනුන්ටත් නුඹේ අවුරුදු කෲර අයටත් නොදෙන පිණිසද,
9 නුඹේ සම්පතින් අන්‍යයන් තෘප්තියට නොපැමිණෙන පිණිසද, නුඹේ වීර්යයේ ඵල අන්‍ය ගෙදරකට නොලැබෙන පිණිසද,
10 අන්තිමේදී නුඹේ මාංසයද ශරීරයද ක්ෂයවන කල නුඹ කෙඳිරිගා:
11 අහෝ, මා ගුරුකමට වෛරවී, මාගේ සිත අවවාදය සුළුකළ හැටි!
12 මාගේ ගුරුවරුන්ගේ හඬට කීකරුනොවී, මාගේ ඉගැන්නුම්කාරයන්ට මාගේ කන නොනමා සිටිය හැටි! කියාත්,
13 මම සභාව සහ සම්මුතිය මැදදී හැම නපුරු ක්‍රියාවලම වාගේ පැවතුණෙමියි කියාත් නොකියන පිණිසද,
14 නුඹේ මාර්ගය ඇය වෙතින් ඉවත්කරන්න.
15 නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බොන්න.
16 නුඹේ උල්පත් පිටතටත් ජල ගංගා වීථිවලටත් විසිරයා යුතුද?
17 ඒවා නුඹ සමඟ අන්‍යයන්ට නොව නුඹට පමණක්ම වේවා.
18 නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා;
19 ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.
20 එසේය, මාගේ පුත්‍රය, නුඹ මක්නිසා අන්‍ය ස්ත්‍රියෙකු කෙරෙහි ප්‍රීතිමත්ව, අන්‍ය තැනැත්තියෙකුගේ ළය වැළඳගන්නෙහිද?
21 මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ගස්වාමීන්වහන්සේගේඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.
22 දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය.
23 ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය;
උපද්‍රව සහිත දේවලින් වැලකීමට අවවාද
1 මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියාට නුඹ ඇපවී, අන් කෙනෙකු උදෙසා නුඹේ අත් ගසා,
2 නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,
3 මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න:
4 නුඹේ ඇස්වලට නින්දවත් නුඹේ ඇසිපියවලට නිදිබරවත් නොදී,
5 දඩයක්කාරයාගේ අතින් තිත්මුවෙකුමෙන්ද පක්ෂි වැද්දාගේ අතින් පක්ෂියෙකු මෙන්ද ගැළවීයන්න.
6 අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙන්න.
7 ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්,
8 ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.
9 අලසය, නුඹ කොපමණ වේලා නිදා ඉන්නෙහිද?
10 තව ටිකක් නිදාගැනීමක්ය, ටිකක් සැතපීමක්ය, නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි
11 කියන නුඹට දිළිඳුකම හොරෙකු මෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
12 ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉඟිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ,
13 තමාගේ ඇඟිලිවලින් සංඥාකරන්නාවූ තැනැත්තේ දුර්ජනයෙක්ය, අපරාධකාරයෙක්ය.
14 ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, භේද පතුරුවයි.
15 එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි;
16 ස්වාමීන්වහන්සේද්වේෂකරන කාරණා හයක් තිබේ;
17 උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය,
18 දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය,
19 මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය.
20 මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
21 ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න.
22 නුඹ යන එන විට ඒවා නුඹ ගෙනයන්නේය;
23 මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉච්චාවෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස
24 ආඥාව පහනක්ය;
25 ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශානොවන්න;
26 මක්නිසාද වේශ්‍යා ස්ත්‍රියෙක් නිසා මනුෂ්‍යයෙකුට ඉතුරුවෙන්නේ රොටි කැබෙල්ලක් පමණක්ය.
27 මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?
28 යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද?
29 තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය;
30 හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති.
31 නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය;
32 ස්ත්‍රියෙකු හා සමඟ කාමමිථ්‍යාචාරය කරන්නා නුවණ නැති කෙනෙක්ය.
33 තුවාල හා ලජ්ජාව ඔහුට වන්නේය;
34 මක්නිසාද කාම ක්‍රෝධය පුරුෂයෙකු උදහස්කරවන්නේය;
35 ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත;
අනාචාරි ස්ත්‍රීගේ මරණීය උපා
1 මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න.
2 මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න;
3 ඒවා නුඹේ ඇඟිලිවල බැඳගන්න;
4 අන් ස්ත්‍රියෙක් වන තමාගේ කීම්වලින් ඉච්චාකරන අන්‍ය තැනැත්තියගෙන් නුඹ ආරක්ෂාවෙන පිණිස
5 ප්‍රඥාවට: නුඹ මාගේ සහෝදරීය කියාත්, නුවණ යෙහෙළිය කියාත් කියන්න.
6 මක්නිසාද මාගේ ගෙයි කවුළුවෙන් ගරාදි අස්සෙන් බලා සිටිද්දී,
7 මොළය නැති තරුණයෙක් අනුවණයන් අතරේ මට පෙනුණේය;
8 ඔහු සවස ඇඳිරියෙහි, මධ්‍යම රාත්‍රියේ කළුවරෙහි,
9 ඇගේ ගෙයි කොන ළඟ වීථිය පසුකොට, ඇගේ ගෙට යන මාර්ගයෙහි ගියේය.
10 එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.
11 ඈ ඝෝෂාකාරවූ හිතුවක්කාර තැනැත්තියෙක්ය;
12 ඈ සමහරවිට වීථිවලද සමහරවිට එළිමහන් ඉඩම්වලද සිටින්නීය, සියලු මංසන්ධිවලද රැක සිටින්නීය.
13 මෙසේ ඈ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කථාකොට:
14 ශාන්ති පූජා මා ළඟ තිබේ;
15 එබැවින් නුඹේ මුහුණ සොයා, නුඹ සම්බවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ නුඹ සම්බවිය.
16 මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ.
17 සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි.
18 එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු;
19 මක්නිසාද ස්වාමිපුරුෂයා ගෙදර නැත, ඔහු දුර ගමනක් ගියේය.
20 ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය;
21 ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි.
22 ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු,
23 මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය.
24 එබැවින් මාගේ පුත්‍රයෙනි, මාගේ වචන අසා, මාගේ මුඛයේ කීම්වලට ඇහුම්කන් දෙන්න.
25 නුඹේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න.
26 මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය.
27 ඇගේ ගෙය ෂෙයෝලට යන්නාවූ, මරණයේ ඇතුළු ගබඩාවලට බසින්නාවූ මාර්ගයක්ය.
8ප්‍රඥාවේ විස්තර වර්ණනාව
1 ප්‍රඥාතොමෝ මොර නොගසන්නීද?
2 ඈ මග අසල උස් තැන්වල මුදුනෙත් මංසන්ධිවලත් සිටින්නීය;
3 නගරයට පැමිණෙන වාසල් ළඟත් පිවිසෙන දොරවලත් ඈ ශබ්දනගා කියන්නී:
4 මනුෂ්‍යයෙනි, නුඹලාට අඬගසමි;
5 අඥානයෙනි, ඥානය ලබාගන්න;
6 අසන්න, මක්නිසාද මම උතුම් කාරණා කියන්නෙමි;
7 එසේය, මාගේ කට සැබෑව කියනවා ඇත;
8 මාගේ මුඛයේ සෑම වචන ධර්මිෂ්ඨය;
9 ඒ සියල්ල නුවණ ඇත්තාට පැහැදිලිව, දැනගැන්ම ලබාගන්නන්ට හරිව පෙනෙන්නේය.
10 රිදී නොව මාගේ ගුරුකමද අනර්ඝ රනට වඩා දැනගැන්මද පිළිගන්න.
11 මක්නිසාද ප්‍රඥාව රතුකැටවලට වඩා හොඳය;
12 ප්‍රඥාව වන මම නුවණ සමඟ වාසයකොට, දැනගැන්මද සිහිකල්පනාවද සොයා දැනගනිමි.
13 ස්වාමීන්වහන්සේකෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය.
14 මන්ත්‍රණය සහ සාරවූ ඥානය මට තිබේ.
15 මා කරණකොටගෙන රජවරු රජකම්කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති.
16 මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති.
17 මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි;
18 වස්තුවද ගෞරවයද එසේය, පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ.
19 රන්වලටත් පිරිසිදු රත්රන්වලටත් වඩා මාගේ පලදාවද අනර්ඝ රිදීවලට වඩා මාගේ ආදායමද හොඳය.
20 මට ප්‍රේමවෙන්නන්ට වස්තුව උරුමකරදෙන්ටද, ඔවුන්ගේ ගබඩා පුරවන්ටද,
21 මම ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහිත් යුක්තියේ මාවත්වලත් හැසිරෙමි.
22 ස්වාමීන්වහන්සේතමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන්, උන්වහන්සේගේ මාර්ගයේ පටන්ගැන්මේදී මා පිහිටෙවුසේක.
23 පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි.
24 ගැඹුරු තැන් නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි.
25 කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, හෙල්වලට පළමුවෙන්,
26 උන්වහන්සේ පොළොව සහ කෙත්ද ලෝකයේ පළමු ධූලිද සාදන්ට පෙර මම ඉපිද සිටියෙමි.
27 උන්වහන්සේ ස්වර්ගයන් පිහිටෙවු කල එහි සිටියෙමි.
28 ඉහළින් අහස පිහිටෙවු කලද, ගැඹුරේ උල්පත් සවිවූ කලද,
29 මුහුදේ ජලය එහි ඉම පසුකර නේන ලෙස උන්වහන්සේ මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණුකළ කලද,
30 මම උන්වහන්සේ වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි;
31 උන්වහන්සේගේ වාසයට යෝග්‍යවූ ලෝකය ගැන සන්තෝෂවෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීතිවුණෙමි.
32 එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දෙන්න.
33 ඉගැන්වීම එපා නොකොට, එය අසා නැණවත් වෙන්න.
34 දවසින් දවස මාගේ දොරටු ළඟ බලාසිට, මාගේ දොරකඩ කණු ළඟ රැකවල්කර, මාගේ වචන අසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
35 මක්නිසාද මා සම්බවන අයට ජීවනය සම්බවෙයි,ස්වාමීන්වහන්සේගෙන්කරුණාවද ලබාගන්නේය.
36 නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය;
ප්‍රඥාවේ ගෘහය සහ අඥානකමේ ගෘහය
1 ප්‍රඥාතොමෝ ඇගේ ගෙය ගොඩනගා, ඇගේ කුළුනු සත කපා තිබේ.
2 ඇගේ සතුන් මරා, ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ.
3 ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි
4 නගරයේ උස්තැන්හි සිට මොරගසන්නීය. තේරුම් නැති තැනැත්තාට ඈ මෙසේ කියයි:
5 එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න.
6 මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.
7 නින්දාකරන්නෙකුට අවවාදකරන්නා තමාට ලජ්ජාවද, දුෂ්ටයෙකුට තරවටුකරන්නා තමාට කැලලක්ද පමුණුවාගන්නේය.
8 නින්දාකරන්නෙකුට තරවටු නොකරන්න, එසේ කළොත් ඔහු නුඹට වෛරවෙයි. ඥානවන්තයෙකුට තරවටුකරන්න, ඔහු නුඹට ප්‍රේමකරයි.
9 ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය.
10 ප්‍රඥාවේ පටන්ගැන්ම නම්ස්වාමීන්වහන්සේකෙරෙහි භයවීමය.
11 මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.
12 නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය.
13 අඥාන ස්ත්‍රිය ඝෝෂාකාරීව, මෝඩව, කිසිත් නොදැන සිටින්නීය.
14 තමුන්ගේ මාර්ගවල කෙළින්ම යමින් ගමනේ යෙදෙන අයින්ට අඬගසන පිණිස,
15 ඈ නගරයේ උස් තැන්වල ඇගේ ගෙයි දොරකඩ ආසනයක හිඳගන්නීය.
16 අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවායි කියන්නීය.
17 සොරෙන් ගත් වතුර මිහිරිය, රහසින් කන කෑම රසවත්යයි කියන්නීය.
18 නුමුත් මළවුන් එහි සිටින බවත් ඇය විසින් කැඳවාගත් අය ෂෙයොලේ මිටියාවත්වල ඉන්න බවත් ඔහු නොදනියි.
10නානාවිධ හිතෝපදේශ
(22:16 දක්වා)
1 සාලමොන්ගේ හිතෝපදේශය.
2 දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ;
3 ස්වාමීන්වහන්සේධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක;
4 අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය;
5 ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය;
6 ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ;
7 ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය;
8 ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි;
9 ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි;
10 ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි;
11 ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය;
12 වෛරය ඩබර උපදවයි;
13 නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ.
14 ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති;
15 ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය;
16 ධර්මිෂ්ඨයාගේ උත්සාහලාභය ජීවනය සඳහාය;
17 ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය;
18 වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය;
19 වචන බහුලවූ කල වරද හිඟ නැත;
20 ධර්මිෂ්ඨයාගේ දිව අනර්ඝ රිදී මෙන්ය;
21 ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝදෙන පෝෂණයකෙරෙති;
22 ස්වාමීන්වහන්සේගේආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.
23 නපුරුකම්කිරීම අඥානයාට සෙල්ලමක් වැනිය;
24 දුෂ්ටයා භයවෙන දේම ඔහු පිටට පැමිණෙයි;
25 සුළිහුළඟ ගසන කල්හි දුෂ්ටයා නැතිවන්නේය;
26 දත්වලට කාඩිත් ඇස්වලට දුමත් යම්සේද, අලසයා ඔහු මෙහෙයවන අයට එසේමය.
27 ස්වාමීන්වහන්සේකෙරෙහි භයවීමෙන් දවස් වැඩිවෙයි;
28 ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය;
29 ස්වාමීන්වහන්සේගේමාර්ගය අවංක අයට බලකොටුවක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.
30 ධර්මිෂ්ඨයා කිසිකලෙක නොසෙලවන්නේය;
31 ධර්මිෂ්ඨයාගේ මුඛය ප්‍රඥාව නිකුත්කරයි;
32 ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි;
1 හොර තරාදියස්වාමීන්වහන්සේටපිළිකුලක්ය;
2 උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි;
3 ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි;
4 උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ;
5 නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි;
6 ඇද නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි;
7 දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි;
8 ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි.
9 අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි;
10 ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි;
11 ඇද නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි;
12 තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි;
13 කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි;
14 ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති;
15 අන්‍යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි;
16 ශෝභන ස්ත්‍රියෙක් ගෞරවය රැකගන්නීය;
17 කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය;
18 දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බකරගන්නේය;
19 ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය;
20 වංක සිත් ඇත්තෝස්වාමීන්වහන්සේටපිළිකුලක්ය.
21 අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය;
22 ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය;
23 ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය;
24 විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.
25 ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය;
26 ධාන්‍ය නොදෙන්නාට සෙනඟ ශාපකරනවා ඇත;
27 යහපත ගැන වීර්යකරන්නා කරුණාව සොයන්නේය;
28 තමාගේ වස්තුව කෙරෙහි විශ්වාසකරන්නා වැටෙන්නේය;
29 තමාගේ පවුල කලඹන්නාට සුළං උරුමවන්නේය;
30 ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයක්ය;
31 බලව, ධර්මිෂ්ඨයා පොළොවේදී ප්‍රතිඵල විඳින්නේය;
1 අවවාදයට ප්‍රේමකරන්නා දැනගැන්මට ප්‍රේමකරන්නේය;
2 සත්පුරුෂයාස්වාමීන්වහන්සේගෙන්කරුණාව ලබයි;
3 මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය;
4 ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය;
5 ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය;
6 දුෂ්ටයන්ගේ වචන ලෙය ගැන රැකසිටීමක් වේ;
7 දුෂ්ටයෝ හෙළාදමනු ලැබ නැතිවන්නෝය;
8 මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ;
9 කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය.
10 ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය;
11 තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි;
12 දුෂ්ටයා නපුරන්ගේ දැල සොයන්නේය;
13 තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ;
14 මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය;
15 මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය;
16 මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය;
17 සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය.
18 කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ;
19 සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි;
20 නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ;
21 ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය;
22 බොරුකාර තොල්ස්වාමීන්වහන්සේටපිළිකුලක්ය;
23 බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය;
24 කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය;
25 මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි;
26 ධර්මිෂ්ඨයා තම අසල්වාසියාට මගපෙන්වන්නෙක් වේ;
27 අලසයා දඩයමෙන් ගත් දේ පුලුස්සානොගනියි;
28 ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය වේ;
1 ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය;
2 මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලයෙන් යසස භුක්තිවිඳියි;
3 කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි;
4 අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත;
5 ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ;
6 ධර්මිෂ්ඨකම සෘජු හැසිරීම ඇත්තා රැකවල්කරයි;
7 කිසිත් නැති නුමුත් වස්තුකාරයන් මෙන් පෙන්වන්නෝ සිටිති;
8 මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය;
9 ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි;
10 උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය;
11 සැහැල්ලුලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය;
12 පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය;
13 දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි;
14 ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.
15 හොඳ නුවණ නිසා කරුණාව ලැබේ;
16 බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි;
17 දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි;
18 අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය;
19 ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය;
20 ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය;
21 විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි;
22 සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි;
23 දිළිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කෑම ලැබේ;
24 ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය;
25 ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ;
1 ඥානවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙයගොඩනගන්නීය;
2 තමාගේ සෘජුකමෙන් හැසිරෙන්නාස්වාමීන්වහන්සේකෙරෙහි භයවෙන්නේය;
3 මෝඩයාගේ මුඛයෙහි උඩඟුකම නමැති ඉපලක් ඇත්තේය;
4 ගවයන් නැති ගාල පවිත්‍රය;
5 විශ්වාස සාක්ෂිකාරයෙක් බොරු නොකියයි;
6 නින්දාකරන්නා ප්‍රඥාව සොයන නුමුත් එය සම්බ නොවන්නේය;
7 අඥානයා ඉදිරියට යන්න, එවිට ඔහුට දැනගැනීමේ තොල් නැති බව නුඹට පෙනෙන්නේය.
8 බුද්ධිමත් අයගේ ප්‍රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය;
9 මෝඩයෝ වරද ගැන සරදම්කෙරෙති;
10 සිත තමාගේම ශෝකය දනියි;
11 දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය;
12 මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත;
13 සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ;
14 සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.
15 නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි;
16 ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි;
17 ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්‍රියාකරයි;
18 නුවණ නැත්තන්ට මෝඩකම උරුම වන්නේය;
19 නපුරෝ යහපතුන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැඳ වැටෙති.
20 දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි;
21 තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය;
22 නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය.
23 සියලු වැඩවලින් ලාභ උපදියි;
24 ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය;
25 සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය;
26 ස්වාමීන්වහන්සේකෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ;
27 ස්වාමීන්වහන්සේකෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය.
28 රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය;
29 කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය;
30 මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය;
31 දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය;
32 දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි;
33 නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි;
34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි;
35 රජුගේ ප්‍රසන්නකම නුවණින් හැසිරෙන සේවකයා කෙරෙහිය;
1 මෘදු උත්තරයකින් කෝපය පහවෙයි;
2 ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි;
3 ස්වාමීන්වහන්සේගේඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය.
4 ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය;
5 මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුළුකරයි;
6 ධර්මිෂ්ඨයාගේ ගෙයි බොහෝ වස්තු තිබේ;
7 ප්‍රඥාවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි;
8 දුෂ්ටයන්ගේ පූජාවස්වාමීන්වහන්සේටපිළිකුලක්ය;
9 දුෂ්ටයාගේ මාර්ගයස්වාමීන්වහන්සේටපිළිකුලක්ය;
10 මාවත අත්හැර යන්නාට තද දඬුවමක් පැමිණේ;
11 ෂෙයෝලද අබද්දොනදස්වාමීන්වහන්සේඉදිරියෙහි තිබේ;
12 නින්දාකරන්නා අවවාද ලබන්ට කැමති නැත;
13 තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි;
14 නුවණ ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි;
15 දුක්ඛිතයාගේ සියලුම දවස් නරකය;
16 කරදර ඇතුව බොහෝ වස්තු ඇතිවීමට වඩාස්වාමීන්වහන්සේකෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය.
17 වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.
18 තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි;
19 අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය;
20 ප්‍රඥාවත් පුත්‍රයෙක් පියා ප්‍රීතිකරවයි;
21 නුවණ නැත්තාට මෝඩකම ප්‍රීතියකි;
22 මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය;
23 මනුෂ්‍යයෙකුට තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ;
24 පහළින් තිබෙන ෂෙයෝලෙන් අහක්වෙන පිණිස නුවණින් හැසිරෙන්නා ඉදිරියෙහි ජීවිතයේ මාවත ඉහළට යන්නේය.
25 ස්වාමීන්වහන්සේඋඩඟු අයගේ ගෙය උදුරාදමනසේක;
26 දුෂ්ටයන්ගේ යෝජනා,ස්වාමීන්වහන්සේටපිළිකුලක්ය;
27 ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය;
28 ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි;
29 ස්වාමීන්වහන්සේදුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක;
30 ඇස්වල එළියෙන් සිත සන්තෝෂවේ;
31 ජීවනදායක අවවාදය අසන කන ප්‍රඥාවතුන් අතරෙහි පවතියි.
32 ගුරුකම එපාකරන්නා තමාගේම ප්‍රාණය සුළුකරන්නේය;
33 ස්වාමීන්වහන්සේකෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය;
1 සිත පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය.
2 මනුෂ්‍යයෙකුගේ සියලුම මාර්ග තමාගේම ඇසට පිරිසිදුව පෙනේ;
3 නුඹේ ක්‍රියාවන්ස්වාමීන්වහන්සේටභාරදෙන්න;
4 ස්වාමීන්වහන්සේඒ ඒ දෙය ඒ ඒ අදහසටද දුෂ්ටයා පවා විපත්ති දවසටද නියම කළසේක.
5 උඩඟු සිත් ඇති කවුරු නුමුත්ස්වාමීන්වහන්සේටපිළිකුලක්ය;
6 කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ;
7 මනුෂ්‍යයෙකුගේ මාර්ගවලටස්වාමීන්වහන්සේප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.
8 අයුක්තිය ඇතුව බොහෝ සම්පත්වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව ස්වල්පයක් හොඳය.
9 මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි;
10 රජුගේ මුවෙහි දිව්‍ය වාක්‍යයක් ඇත;
11 යුතු තුලාවක්ද තරාදිදස්වාමීන්වහන්සේටඅයිතිය;
12 දුෂ්ටකම්කිරීම රජවරුන්ට පිළිකුලක්ය;
13 ධර්මිෂ්ඨ තොල්වලට රජවරු ප්‍රියවෙති;
14 රජුගේ උදහස මරණයේ දූතයන් වැනිය;
15 රජුගේ මුහුණේ එළියෙන් ජීවත්වීම ඇත;
16 ප්‍රඥාව ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳද!
17 අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමය;
18 විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.
19 උදාරම් අය සමඟ කොල්ලයක් බෙදාගැනීමට වඩා දිළිඳු අය සමඟ යටත් සිතක් ඇතුව සිටීම හොඳය.
20 දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය;
21 සිතින් ප්‍රඥාවත් අය බුද්ධිමත් කෙනෙකැයි කියනු ලබන්නේය;
22 නුවණ ඇත්තාට ඒක ජීවන උල්පතක්ය;
23 ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි.
24 ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.
25 මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත;
26 වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි;
27 දුර්ජන මනුෂ්‍යයා නපුරු උපා යොදයි;
28 ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය;
29 බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය.
30 ඔහු ප්‍රයෝග යොදන පිණිස තමාගේ ඇස් පියාගන, තමාගේ තොල් විකාගන නපුර පමුණුවයි.
31 පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි;
32 බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.
33 පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ;
1 තරඟ ඇත්තාවූ, මංගල භෝජනවලින් පිරී තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය.
2 නුවණින් හැසිරෙන මෙහෙකරුවෙක් ලජ්ජාව උපදවන පුත්‍රයෙකු කෙරෙහි ආණ්ඩුකරයි, සහෝදරයන් අතරේද ඔහු උරුමය බෙදාගනියි.
3 රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ;
4 නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි;
5 දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි;
6 මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය;
7 උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය;
8 තෑග්ගක් ලබන්නාට එය මැණිකක් මෙන් පෙනේ;
9 වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය.
10 අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය.
11 කැරළිකාරයා නපුර පමණක් සොයන්නේය;
12 අඥානයෙකු තමාගේ මෝඩකමේදී සම්බවීමට වඩා පැටවුන් නැතිවුණු වැලහින්නියක් මනුෂ්‍යයෙකුට සම්බවීම හොඳය.
13 යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය.
14 ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය;
15 දුෂ්ටයා නිදොස්කරන්නාද ධර්මිෂ්ඨයා වරදට පත්කරන්නාද යන දෙදෙනාමස්වාමීන්වහන්සේටඑකාකාර පිළිකුලක්ය.
16 තේරුම් නැතුව තිබියදී, ප්‍රඥාව ලබාගැනීමට අඥානයාගේ අතෙහි මිල තිබීම කුමටද?
17 මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.
18 තේරුම් නැති මනුෂ්‍යයා අතගසමින් තම අසල්වාසියා ඉදිරියෙහි ඇපවෙන්නේය.
19 ඩබරයට ප්‍රියවෙන්නා වරදට ප්‍රියවෙයි;
20 වංක සිතක් ඇත්තාට ශුභසිද්ධ නොවන්නේය;
21 අඥානයෙකු උපදවන්නාට ශෝකය වන්නේය.
22 තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි;
23 යුක්තියේ මාවත් පෙරළීමට දුෂ්ටයා ඔඩොක්කුවෙන් තෑග්ගක් පිළිගනියි.
24 තේරුම් ඇත්තා ඉදිරියෙහිම ප්‍රඥාව ඇත්තේය;
25 අඥාන පුත්‍රයා තම පියාට ශෝකයක්ය, ඔහු බිහිකළ තැනැත්තීටද දුකක්ය.
26 ධර්මිෂ්ඨයාට දඩගැසීමවත් අවංකකම නිසා උත්තමයන්ට පහර දීමවත් හොඳ නැත.
27 තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය;
28 මෝඩයෙක් පවා නිශ්ශබ්දව සිටින විට ප්‍රඥාවන්තයෙකු මෙන්ද, ඔහු තමාගේ තොල් පියාගන සිටිනවිට තේරුම් ඇත්තෙකු මෙන්ද සලකනු ලැබේ.
181 තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.
2 අඥානයා තමාගේ සිතිවිලි එළිදරව් කිරීමට මිස නුවණට ප්‍රසන්න නැත.
3 දුෂ්ටයා එන කල හෙළාදැකීමත් අවනම්බුව සමඟ අපහාසයත් එන්නේය.
4 මනුෂ්‍යයෙකුගේ මුඛයේ වචන ගැඹුරු වතුරුය;
5 දුෂ්ටයාගේ තරම සැලකීමද විනිශ්චයේදී ධර්මිෂ්ඨයාගේ යුක්තිය පෙරළීමද හොඳ නැත.
6 අඥානයාගේ තොල් ඔහු විවාදයට පමුණුවයි;
7 අඥානයාගේ මුඛය ඔහුට විනාශයක්ය, ඔහුගේ තොල්ද ඔහුගේ ප්‍රාණයට මලපතක්ය.
8 කේලාම්කියන්නෙකුගේ වචන රසවත් බොදුන් මෙනි;
9 තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.
10 ස්වාමීන්වහන්සේගේනාමය බලකොටුවක්ය;
11 පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ,
12 විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.
13 අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.
14 මනුෂ්‍යයෙකුගේ ආත්මය තමාගේම දුක උසුලන්නේය;
15 තේරුම් ඇත්තාගේ සිත දැනගැන්ම ලබාගනියි;
16 මනුෂ්‍යයෙකුගේ තෑග්ග ඔහුට ඉඩ ලබාදී, උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි,
17 තමාගේ පැමිණිල්ල පළමුකොට කියන අය ධර්මිෂ්ඨව පෙනේ;
18 පසඇටය තරඟය නවත්වා, බලවතුන් අතරේ බේරුම්කරයි.
19 කෝපවූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය; එබඳු ඩබර වනාහි මාලිගාවක අගුල් මෙන්ය.
20 මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි;
21 මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ;
22 භාර්යාවක සොයන්නා යහපතක් සොයාගන්නේය, ඔහුටස්වාමීන්වහන්සේගෙන්කරුණාවද ලැබේ.
23 දිළින්දා බැගෑපත්ව කථාකරයි, එහෙත් වස්තුකාරයා රළු ලෙස උත්තරදෙයි.
24 බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ;
1 වංචාකාර තොල් ඇති අඥානයෙකුට වඩා තමාගේ අවංකකමෙන් හැසිරෙන දිළින්දා උතුම්ය.
2 දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත;
3 මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි;
4 වස්තුව බොහෝ මිත්‍රයන් එකතුකරදෙයි;
5 බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි;
6 බොහෝදෙනෙක් ත්‍යාගවන්ත අයගේ හොඳ හිත ලබාගන්නට සොයති;
7 දිළින්දාගේ සියලු සහෝදරයෝ ඔහුට වෛරවෙති;
8 ප්‍රඥාව ලබාගන්නා තමාගේ ආත්මයට ප්‍රේමවන්නේය;
9 බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි;
10 සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය;
11 සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි;
12 රජුගේ උදහස සිංහයෙකුගේ ගර්ජනාවට සමානය;
13 අඥාන පුත්‍රයෙක් ඔහුගේ පියාට විපත්තියක්ය;
14 ගෙයක් හා සම්පත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයක්ය;
15 අලසකම තද නින්දට පමුණුවයි;
16 ආඥාව රක්ෂාකරන්නා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය;
17 දුප්පතුන්ට අනුකම්පාකරන්නාස්වාමීන්වහන්සේටණයට දෙන්නේය;
18 බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න;
19 අධික තරහකාරයා දඬුවම විඳින්නේය;
20 නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න.
21 මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය;
22 මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය;
23 ස්වාමීන්වහන්සේකෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි;
24 අලසයා තමාගේ අත තළියේ දමන නුමුත්, ඒක නැවත තමාගේ කටට ගන්නේවත් නැත.
25 නින්දාකරන්නාට තළන්න, එවිට අනුවණයා නැණවත් වේ;
26 තමාගේ පියාගෙන් කොල්ලකමින් තමාගේ මවු පන්නාදමන්නා ලජ්ජා උපදවන්නාවූ, නින්දා පමුණුවන්නාවූ පුත්‍රයෙක්ය.
27 මාගේ පුත්‍රය, දැනගැනීමේ වචන කෙරෙන් මුළාකරවන ගුරුකම නොඅසා එයින් වලකින්න.
28 දුර්ජන සාක්ෂිකාරයා යුක්තියට නින්දාකරයි;
29 අඥානයන්ගේ පිටට පහරද පිළියෙළකර තිබේ.
201 මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය;
2 රජුගේ භයංකරය සිංහයාගේ ගර්ජනාව මෙන්ය;
3 තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි;
4 අලසයා ශීත කාලය නිසා හාන්නේ නැත.
5 මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය;
6 බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති;
7 තමාගේ ඇදනැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය, ඔහුට පසු ඔහුගේ දරුවෝ වාසනාවන්තයෝ වෙති.
8 රජකෙනෙක් විනිශ්චයාසනයේ හිඳ තමාගේ ඇස්වලින් නපුරුවූ සියල්ල විසුරුවා දමන්නේය.
9 මම මාගේ සිත පවිත්‍රකොට, මාගේ පාපයෙන් පිරිසිදුවී සිටිමියි කියන්ට පුළුවන් කාටද?
10 ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේමස්වාමීන්වහන්සේටපිළිකුලක්ය.
11 ළමයෙකුගේ ක්‍රියාවලින් පවා හරිව තිබේදැයි ඔහුගේ හැසිරීම පිරිසිදුව ප්‍රකාශවේ.
12 අසන කනද දකින ඇසද යන දෙකමස්වාමීන්වහන්සේසෑදූසේක.
13 නුඹ දිළිඳු නොවන පිණිස නින්දට ඇලුම් නොවන්න;
14 නරකය, නරකය කියා මිලයට ගන්නා කියයි;
15 රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ;
16 අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න;
17 වංචාවේ කෑම මනුෂ්‍යයෙකුට මිහිරිය;
18 සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ;
19 කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරන්නේය;
20 තමාගේ පියාට හෝ මවුට හෝ දෙස්කියන්නාගේ පහන ඝනාන්ධකාරයේදී නිවීයන්නේය.
21 මුලදී ඉක්මනින් ලබාගන්න උරුමය කෙළවරදී සඵල නොවන්නේය.
22 නපුරට ප්‍රතිඵල දෙමියි නොකියාස්වාමීන්වහන්සේකෙරෙහි බලාසිටින්න, උන්වහන්සේ නුඹ ගළවනසේක.
23 ද්වීප්‍රකාර කළන්පඩිස්වාමීන්වහන්සේටපිළිකුලක්ය;
24 මනුෂ්‍යයෙකුගේ ගමන්ස්වාමීන්වහන්සේගෙන්පැමිණේ;
25 මේක කැපයයි ඉක්මන්වී කියා, බාරවල් වුණාට පසු විභාගකිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය.
26 ප්‍රඥාවන්ත රජෙක් දුෂ්ටයන් විසුරුවාදමන්නේය;
27 මනුෂ්‍යයාගේ ආත්මයස්වාමීන්වහන්සේගේපහනය, එය සියලුම ඇතුල් කොට්ඨාස සෝදිසිකරන්නේය.
28 කරුණාවද සැබෑකමද රජ්ජුරුවන් ආරක්ෂාකරයි, ඔහුගේ සිංහාසනය කරුණාව හේතුකොටගෙන ස්ථිරවන්නේය.
29 තරුණයන්ගේ පාරට්ටුව ඔවුන්ගේ ශක්තියය;
30 තුවාලකරන තැළීම් නපුර පහකරයි;
1 රජුගේ සිත දිය පාරවල් මෙන්ස්වාමීන්වහන්සේගේඅතෙහි පවතී;
2 මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි;
3 පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීමස්වාමීන්වහන්සේටප්‍රියව තිබේ.
4 අහංකාර බැල්මද උඩඟු සිතද යන දුෂ්ටයන්ගේ පහන පාපයය.
5 කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ;
6 බොරුකාර දිවකින් වස්තු ලබාගැන්ම හුළඟට ගසාගනයන දුමාරයක්ය;
7 දුෂ්ටයෝ යුක්තිය කිරීමට අකැමැති නිසා තමුන්ගේ බලාත්කාරකමෙන් බැහැර කරනු ලබන්නෝය.
8 වරදෙන් බරවූ අයගේ මාර්ගය ඉතා ඇදය;
9 ඩබරකාර ස්ත්‍රියෙකු සමඟ පොදු ගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.
10 දුෂ්ටයාගේ ආත්මය නපුරට ආශාවන්නේය;
11 නින්දාකරන්නාට දඬුවම් ලැබෙන විට නුවණ නැත්තා ප්‍රඥාවන්ත වේ.
12 ධර්මිෂ්ඨ තැනන්වහන්සේ දුෂ්ටයාගේ වංශය ගැන කල්පනාකරනසේක;
13 දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.
14 රහසින් දෙන තෑග්ගකින් උදහසද ඔඩොක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සන්සිඳෙයි.
15 යුක්තිය කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.
16 ප්‍රඥාවේ මාර්ගයෙන් මුළාවයන මනුෂ්‍යයා මළවුන්ගේ සමාගමේ වසන්නේය.
17 සැප සෙල්ලමට ඇලුම්වෙන්නා හිඟමනට පැමිණෙයි;
18 දුෂ්ටයා ධර්මිෂ්ඨයා උදෙසා මිදීමේ මිලයක්ය;
19 ඩබරකාරවූ තරහ ගති ඇති ස්ත්‍රියෙක් සමඟ විසීමට වඩා කාන්තාර දේශයක සිටීම හොඳය.
20 අනර්ඝ වස්තුවද තෙල්ද ප්‍රඥාවන්තයාගේ නිවසෙහි ඇත;
21 ධර්මිෂ්ඨකමද කරුණාවද අනුව යන්නාට ජීවිතයද ධර්මිෂ්ඨකමද ගෞරවයද ලැබේ.
22 ප්‍රඥාවත්තෙම බලවතුන්ගේ නුවරට නැගී, ඔවුන් විශ්වාසකරන බලය හෙළා දමන්නේය.
23 තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.
24 උඩඟු අහංකාර අයගේ නම නින්දාකරන්නාය, ඔහු අහංකාර මානයෙන් ක්‍රියාකරන්නේය.
25 අලසයාගේ ආශාව ඔහු මරයි;
26 දවස මුළුල්ලේ ගිජුලෙස ආශාවන්නෙක් ඇත;
27 දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය;
28 බොරු සාක්ෂිකාරයා විනාශවන්නේය;
29 දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි;
30 ස්වාමීන්වහන්සේටවිරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.
31 අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි;
1 බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය.
2 පොහොසතාද දුප්පතාද සම්මුඛවෙති;
3 නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි;
4 යටත්කමේදස්වාමීන්වහන්සේකෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.
5 කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත;
6 දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.
7 වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.
8 අයුක්තිය වපුරන්නා විපත්තිය කපාගන්නේය;
9 කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ;
10 නින්දාකරන්නා පන්නාදමන්න, එවිට තරඟය පහවේ;
11 සිතේ පිරිසිදුකමට ඇලුම්වෙන්නාවූ, ප්‍රසන්න තොල් ඇත්තාවූ අයට රජ්ජුරුවෝ මිත්‍රයෙක්ය.
12 ස්වාමීන්වහන්සේගේඇස් දැනගැන්ම ඇත්තා බලාගන්නේය, නුමුත් ද්‍රෝහියාගේ වචන උන්වහන්සේ පෙරළාදමනසේක.
13 අලසයා කථාකොට: පිටත සිංහයෙක් ඇත.
14 අන් ස්ත්‍රීන්ගේ මුඛය ගැඹුරු වළක්ය;
15 මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ;
16 තමාට ලාභය වැඩිකරගන්න පිණිස දිළින්දාට පීඩාකරන්නාද පොහොසතුන්ට දෙන තැනැත්තාද සැබවින්ම හිඟකමට පැමිණෙයි.
ධර්මිෂ්ඨකම හා බුද්ධිය ගැන උපදේශ
(24:34 දක්වා)
17 නුඹේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැන්වීමට යොමුකරන්න.
18 මක්නිසාද ඒවා නුඹ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම නුඹේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයක්ය.
19 නුඹේ විශ්වාසයස්වාමීන්වහන්සේකෙරෙහි තිබෙන පිණිස මම අද ඒවා නුඹට, එසේය, නුඹට දැන්නුවෙමි.
20 නුඹ එවූවන් වෙතට නුඹ සැබෑකමේ වචනවලින් උත්තර ගෙනෙන පිණිස සැබෑකමේ වචනවල හරිකම නුඹට දන්වන්ට,
21 මම මන්ත්‍රණ සහ දැනගැන්මත් ගැන උතුම්වූ කාරණා නුඹට නොලිවුවෙම්ද?
22 දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න.
23 මක්නිසාදස්වාමීන්වහන්සේඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.
24 තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න;
25 එසේ කළොත් සමහරවිට නුඹත් ඔහුගේ මාර්ගවල පුහුණුවී, නුඹේ ප්‍රාණයට මලපතක් පමුණුවාගන්නෙහිය.
26 නුඹ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න.
27 ගෙවන්ට නුඹට කිසිවක් නැතුව, ඔහු කුමක් නිසා නුඹ නිදාඉන්න ඇඳ ගෙනයන්නේද?
28 නුඹේ පියවරුන් පිහිටෙවුවාවූ පුරාණ මායිම් වෙනස් නොකරන්න.
29 තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද?
1 නුඹ ආණ්ඩුකාරයෙකු සමඟ කෑමට හිඳින කල, නුඹ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනාකර,
2 නුඹ ගිජු කෙනෙක් නම්, නුඹේ උගුරට පිහියක් තබාගන්න.
3 ඔහුගේ රසවත් කෑමවලට ආශා නොවෙන්න, ඒවා රැවටිලි කෑමය.
4 පොහොසත් වෙන්ට නොවෙහෙසෙන්න;
5 නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද?
6 අප්‍රසන්න බැල්මක් ඇත්තාගේ කෑම නොකන්න, ඔහුගේ රස කෑමවලට ආශා නොවන්න.
7 මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය.
8 නුඹ කෑ දෙය නුඹ වමාරන්නෙහිය, නුඹේ ප්‍රසන්න වචනද නැතිවන්නේය.
9 අඥානයා ඉදිරියේ කථා නොකරන්න;
10 පුරාණ මායිම වෙනස් නොකරන්න;
11 මක්නිසාද ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ය;
12 නුඹේ සිත ඉගැන්වීමටද නුඹේ කන් දැනගැනීමේ වචනවලටද යොමුකරන්න.
13 දරුවාගෙන් දඬුවම නොවලක්වන්න;
14 ඉපලෙන් ඔහුට තළන්න;
15 මාගේ පුත්‍රය, නුඹේ සිත ප්‍රඥාවන්ත නම් මාගේ සිතත් ප්‍රීතිමත් වන්නේය.
16 එසේය, නුඹේ තොල් හරි දේවල් පවසන විට මාගේ හෘදය පිනායන්නේය.
17 නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිමස්වාමීන්වහන්සේකෙරෙහි භය ඇතුව තිබේවා.
18 මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්ට තිබේ;
19 මාගේ පුත්‍රය, අසා ප්‍රඥාවන්ත වී, නුඹේ සිත හරි මාර්ගයෙහි ගෙනයන්න.
20 මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න.
21 මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය;
22 නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න;
23 සත්‍යයද ප්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.
24 ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය;
25 නුඹේ පියාද මවුද සතුටුවෙත්වා, එසේය, නුඹ වැදූ තැනැත්තී ප්‍රීතිමත්වේවා.
26 මාගේ පුත්‍රය, නුඹේ සිත මට දෙන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.
27 මක්නිසාද වේශ්‍යාවක් වනාහි ගැඹුරු අගළක්ය;
28 එසේය, ඈ කොල්ලකාරයෙකු මෙන් රැකසිට, මනුෂ්‍යයන් අතරේ අවිශ්වාසයන් වැඩිකරන්නීය.
29 දුක ඇත්තේ කාටද?
30 මුද්‍රිකපානය ළඟ පමාවෙන්නන්ටය;
31 මුද්‍රිකපානය රතුව පෙනෙන විටත්, පාත්‍රයෙහි දිලිහෙන විටත්, සිනිදුලෙස වැක්කෙරෙන විටත්, ඒ දෙස නොබලන්න.
32 අන්තිමේදී එය සර්පයෙකු මෙන් හපාකා, පොළඟෙකු මෙන් දෂ්ටකරයි.
33 නුඹේ ඇසටඅද්භූතදේවල් පෙනෙන්නේය, නුඹේ සිත හිතුවක්කාර දේවල් කථාකරන්නේය.
34 නුඹ මුහුද මැද නිදාගන්නෙකු මෙන්ද කුඹගසක මුදුනේ නිදන කෙනෙකු මෙන්ද වන්නෙහිය.
35 ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත;
1 දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න.
2 මක්නිසාද ඔවුන්ගේ සිත නාස්තිකරන්ට කල්පනාකරයි, ඔවුන්ගේ තොල්ද අනතුරුකිරීම ගැන කථාකරයි.
3 ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ.
4 දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.
5 ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය;
6 මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය;
7 ප්‍රඥාව මෝඩයාට උසස් වැඩිය;
8 නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය.
9 මෝඩයාගේ යෝජනාව පාපයය;
10 නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.
11 මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න.
12 අපි මෙය නොදත්තෙමුයයි නුඹ කියන්නෙහිනම්, සිත් කිරාබලන තැනන්වහන්සේ එය නොබලනසේක්ද?
13 මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද නුඹේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න.
14 නුඹේ ප්‍රාණය උදෙසා ප්‍රඥාව එසේම බව දැනගන්න;
15 දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න;
16 මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය;
17 නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න;
18 නැත්නම් සමහරවිටස්වාමීන්වහන්සේඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක.
19 නපුර කරන්නන් නිසා කලනොකිරෙන්න;
20 මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය;
21 මාගේ පුත්‍රය,ස්වාමීන්වහන්සේත් රජුටත් භයවෙන්න;
22 මක්නිසාද ඔවුන්ගේ විපත්තිය හදිසියෙන් පැමිණෙයි;
23 මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කීම්ය.
24 නුඹ ධර්මිෂ්ඨය කියා දුෂ්ටයාට කියන්නාට ජනයෝ ශාපකරන්නෝය, ජාතීහු ඔහු පිළිකුල්කරන්නෝය.
25 එහෙත් ඔහුට තරවටුකරන්නන්ට ප්‍රීතිය වන්නේය, ශුභාශීර්වාදයක්ද ඔවුන් පිටට පැමිණෙන්නේය.
26 සුදුසු උත්තරයක් දෙන අය තොල් සිඹින්නේය.
27 නුඹේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගන්න;
28 කාරණයක් නැතුව නුඹේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, නුඹේ තොල්වලින් වංචා නොකරන්න.
29 ඔහු මට කළ ලෙසම ඔහුටත් කරන්නෙමි, ඒ මනුෂ්‍යයාගේ ක්‍රියාවේ හැටියට ඔහුට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියන්න.
30 අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි;
31 එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.
32 එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි;
33 තව ටිකක් නිදාගැනීමක්ය.
34 කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
25චරිතානුකූල හා ආගමානුකූල උපදේශ
(29:27 දක්වා)
1 මේවාත් යූදාහි රජවූ හෙසකියාගේ මිනිසුන් එකතු කොට ලිවුවාවූ සාලමොන්ගේ හිතෝපදේශය.
2 කාරණයක් සඟවාතැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය:
3 උස නිසා අහසද ගැඹුර නිසා පොළොවද රජුන්ගේ සිතද සොයා දැනගන්ට බැරිය.
4 රිදීවලින් බොර පහකරපන්න, එවිට රන්කරුවාට භාජනයක් නික්මෙයි.
5 දුෂ්ටයා රජු ඉදිරියෙන් පහකරන්න, එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමෙන් ස්ථිරවෙයි.
6 රජු ඉදිරියේදී ඉස්සරහට නොයන්න;
7 මක්නිසාද නුඹේ ඇස්වලින් දුටු අධිපතියා ඉදිරියෙහි නුඹ පහතට යැවීමට වඩා මෙහි ඉහළට එන්නැයි නුඹට කීම හොඳය.
8 නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තිමේදී නුඹේ අසල්වාසියා නුඹ ලජ්ජාවට පත්කළාම, නුඹ කරන්නේ කුමක්ද?
9 නුඹේ අසල්වාසියා සමඟම නුඹේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.
10 එසේ කළොත්, එය ඇසූ අය නුඹට නින්දාකරන්නේය, නුඹේ අපකීර්තියද පහවෙන්නේ නැත.
11 කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.
12 ප්‍රඥාවන්තලෙස අවවාදකරන්නා, අසන කනට රන් කුණ්ඩලාභරණයක්ද පවිත්‍ර ස්වර්ණාභරණයක්ද මෙනි.
13 විශ්වාස පණිවිඩකාරයා තමා යවන්නන්ට ගොයම් කපන කාලයේ හිමේ ශීතල මෙනි;
14 යමක් දෙන්නෙමියි කියා බොරුවට වර්ණනාකරන්නා වර්ෂා නැති වලාකුල්ද හුළඟද මෙනි.
15 ඉවසිලිවන්තකමෙන් ආණ්ඩුකාරයෙකු නමාගත හැක, මොළොක් දිවෙන් ඇට බිඳෙයි.
16 නුඹට මීපැණි සම්බවුණොත්, එයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස, සෑහෙන තරමට පමණක් කන්න.
17 නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න;
18 තමාගේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි කියන්නා පොල්ලක්ද කඩුවක්ද තියුණු ඊයක්ද වැනිය.
19 විපත්ති දවසේදී අවිශ්වාස මනුෂ්‍යයෙකු කෙරෙහි විශ්වාසකිරීම බිඳුණු දතකුත් වෙවුලන පාදයකුත් මෙනි.
20 දුක්වූ සිතකට ගීතිකාකරන්නා ශීත කාලයේදී වස්ත්‍රය ගළවාදමන්නෙක්ද වෙඩිලුණුවලට කාඩිද වැනිය.
21 නුඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කන්ට දෙන්න, පිපාසා නම් බොන්ට වතුර දෙන්න.
22 එසේ නුඹ ඔහුගේ ඉස පිට ගිනි අඟුරු ගොඩකරන්නෙහිය,ස්වාමීන්වහන්සේද නුඹට විපාක දෙනසේක.
23 උතුරු හුළඟ වර්ෂාව ගෙනෙයි;
24 ඩබරකාර ස්ත්‍රියෙක් සමඟ පොදුගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.
25 දුර රටකින් ලැබෙන හොඳ ආරංචි පිපාසා ඇත්තෙකුට ඇල්වතුර මෙන්ය.
26 දුෂ්ටයා ඉදිරිපිට පසුබසින ධර්මිෂ්ඨයා කලඹා තිබෙන උල්පතක්ද නරක්කළ ජලාකරයක්ද මෙන්ය.
27 බොහෝ මීපැණි කෑම හොඳ නැත;
28 තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.
261 ග්‍රීෂ්ම කාලයට හිම මෙන්ද, ගොයම් කපන කාලයට වර්ෂාව මෙන්ද, අඥානයෙකුට ගෞරවය නොහොබනේය.
2 ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉඟිලී යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.
3 අශ්වයාට කසයක්ද කොටළුවාට කටකලියාවක්ද අඥානයන්ගේ පිටට ඉපලක්ද වෙත්.
4 නුඹත් අඥානයාට සමාන නොවන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න.
5 අඥානයා තමා ප්‍රඥාවන්තයෙකැයි නොසිතන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තරදෙන්න.
6 අඥානයෙකු අත පණිවිඩ අරින්නා තමාගේ පාද කපා දමා අලාභ විඳින්නේය.
7 කොරෙකුගේ කකුල් වලංගු නැත;
8 අඥානයෙකුට ගෞරවය දෙන්නා ගල්ගොඩක තබනලද මැණික් පසුම්බිය මෙන්ය.
9 අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාව බේබද්දෙක් අතින් වනන කටුගහක් මෙන්ය.
10 අඥානයෙකු කුලියට ගන්නාද මග යන්නන් කුලියට ගන්නාද සියල්ලන්ට තුවාලකරන දුනුවායෙකු මෙනි.
11 බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවතත් කරන්නේය.
12 තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද?
13 අලසයා කථාකොට:
14 දොර ඒකේ අසව්ව පිට කරකැවෙන්නාක්මෙන් අලසයා තමාගේ ඇඳ පිට පෙරළෙන්නේය.
15 අලසයා තමාගේ අත තලියේ තබන නුමුත් නැවත එය තමාගේ කටට ගැනීම ඔහුට වෙහෙසක්ය.
16 අලසයා නුවණින් උත්තරදෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥාවතෙකැයි සිතන්නේය.
17 පාරේ යමින් තමාට වැදගැන්මක් නැති ඩබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය.
18 තමාගේ අසල්වාසියා රවටමින්:
19 තමා වටකර ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය.
20 දර නැති තැන ගින්න නිවීයයි;
21 ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය.
22 කේලාම්කියන්නෙකුගේ වචන රසවත් භෝජන මෙනි;
23 සිත නපුරුව තිබෙද්දී ජ්වලිතව තිබෙන තොල් රිදී බොර ගෑවාවූ මැටි භාජනයක්මෙනි.
24 වෛරවෙන්නා තමාගේ තොල්වලින් වංචාකම් කර, තමා තුළ ප්‍රයෝග තබාගනියි.
25 ඔහු ප්‍රිය වචන කථාකරන කල විශ්වාස නොකරන්න;
26 ඔහුගේ වෛරය ප්‍රයෝගයෙන් වසා තිබෙන නුමුත් ඔහුගේ දුෂ්ටකම සභාව ඉදිරියෙහි එළිදරව්වන්නේය.
27 වළක් හාරන්නා එහි වැටෙන්නේය;
28 බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි;
1 හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය.
2 නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා.
3 ගලක් බරය, වැලිත් බරය.
4 උදහස කෲරය, කෝපයද රෞද්‍රය;
5 ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.
6 මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ;
7 තෘප්තියට පැමිණි අය මීවදයට අප්‍රිය කරයි;
8 තමාගේ ස්ථානයෙන් ඈත්ව යන මනුෂ්‍යයා කැදැල්ලෙන් ඈත්ව යන පක්ෂියෙකු මෙන්ය.
9 විලවුන් හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීතිකරන්නේය;
10 නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න;
11 මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.
12 නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි;
13 අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න.
14 අලුයම නැගිට තමාගේ මිත්‍රයාට මහත් හඬින් ආශීර්වාදකරන්නාට එය ශාපයක් කොට ගණන්ගනු ලබන්නේය.
15 තද වර්ෂා දවසක නොකඩව වතුර බින්දු වැටීමක්ද ඩබරකාර ස්ත්‍රියෙක්ද ඒකාකාරය.
16 ඈ නවත්වන්ට හදන්නා හුළඟ නවත්වන්නේය.
17 යකඩින් යකඩ මුවහත් වේ;
18 අත්තික්කා ගස බලාගන්න අය එහි ඵල කන්නේය;
19 වතුරෙහි මුහුණ මුහුණට සමානවාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය.
20 ෂෙයෝලද අබද්දොනද කිසිකලක තෘප්තියට පැමිණෙන්නේ නැත;
21 රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ;
22 නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය.
23 නුඹේ එළු බැටළු රැළවල අන්දම හොඳට දැනගන්න;
24 මක්නිසාද වස්තු සෑමදාම නොපවතියි;
25 තණකොළ පහවී ලා තෘණ පෙනෙන්නේය, කඳුවල පලා ජාති එකතුකරනු ලබන්නේය.
26 බැටළු පැටව් නුඹේ ඇඳුම් පිණිසද එළුවෝ කෙතක අගය පිණිසද වෙති,
27 නුඹේ කෑමටත් නුඹේ ගෙයි වැසියන්ගේ කෑමටත් නුඹේ තරුණියන්ගේ නඩත්තුවටත් සෑහෙන පමණ එළුකිරි ඇතිවන්නේය.
281 කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති;
2 දේශයක කැරළිකාරකම නිසා එහි අධිපතියෝ බොහෝ වෙති;
3 දුප්පතුන්ට පීඩාකරන දිළිඳු මනුෂ්‍යයෙක් කෑම ඉතිරි නොවන ලෙස ගහගෙන යන වැස්සක් මෙන්ය.
4 ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති;
5 නපුරු මනුෂ්‍යයෝ යුක්තිය තේරුම් නොගනිති.
6 වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙකුට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.
7 ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥානවත් පුත්‍රයෙක්ය;
8 පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය.
9 ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.
10 නපුරු මාර්ගයක යන ලෙස අවංක අය මුළාකරන තැනැත්තා තමාගේම වළේ වැටෙයි; එහෙත් සම්පූර්ණ අයට යහපත උරුමවේ.
11 වස්තුකාරයා තෙමේ ප්‍රඥාවතෙකැයි සිතන්නේය;
12 ධර්මිෂ්ඨයන් ජය ලබන කල මහත් තේජස තිබේ;
13 තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය;
14 නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය;
15 දිළිඳු සෙනඟක් ආණ්ඩුකරන දුෂ්ටයෙක් වනාහි ගොරවන සිංහයෙක්ද ගොදුරු සොයා ඇවිදින වලසෙක්ද මෙනි.
16 නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය;
17 යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය;
18 ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි.
19 තමාගේ බිම අස්වද්දන්නාට බොහෝසෙයින් කෑම ලැබේ;
20 විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ;
21 මනුෂ්‍යයන්ගේ තරම බැලීම හොඳ නැත;
22 අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වේගයෙන් යන්නේය, තමාට හිඟකම පැමිණෙන බව ඔහු නොදන්නේය.
23 ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ.
24 තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන:
25 ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි;
26 තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය;
27 දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය;
28 දුෂ්ටයන් උසස්වෙන කල මනුෂ්‍යයෝ සැඟවෙති;
1 බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.
2 ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීතිවෙති;
3 ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය;
4 රජ තෙමේ යුක්තියෙන් දේශය ස්ථිරකරයි;
5 තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි.
6 නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත.
7 ධර්මිෂ්ඨයා දුප්පතුන්ගේ පැමිණිල්ල දැනගන්නේය;
8 නින්දාකරන මනුෂ්‍යයෝ නගරයෙහි ගිනි අවුළුවති;
9 ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් මෝඩ මනුෂ්‍යයෙකු සමඟ විවාදකරන විට ඔහු කෝපවුණත් සිනාසුණත් කාරණය තීන්දු නොවේ.
10 මිනීමරුවූ මනුෂ්‍යයෝ නිර්දෝෂ අයට වෛරකෙරෙති.
11 අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි;
12 ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති.
13 දිළින්දාද පීඩාකරන්නාද සම්මුඛ වෙති;
14 දැහැමින් දුප්පතුන් විනිශ්චයකරන රජුගේ සිංහාසනය සදාටම ස්ථිරවන්නේය.
15 ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය;
16 දුෂ්ටයන් බහුලවන කල අපරාධ වැඩිවෙයි;
17 නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය;
18 දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති;
19 වැඩකාරයෙක් වචනවලට නොහික්මෙන්නේය;
20 තමාගේ වචනවලින් ඉක්මන්වෙන මනුෂ්‍යයෙකු නුඹ දුටුවෙහිද?
21 තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් වන්නේය.
22 තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි;
23 මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි;
24 හොරෙකු සමඟ හවුල්වෙන අය තමාගේම ප්‍රාණයට වෛරවන්නේය;
25 මනුෂ්‍යයාට භයවීම මලපතක්ය;
26 බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති;
27 දුෂ්ට මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨයන්ට පිළිකුලක්ය;
හිතෝපදේශ සහ අවවාද
1 යාකේගේ පුත්‍රවූ ආගුර්ගේ වචන, එනම් විශිෂ්ට කියමන්ය.
2 සැබවින් මම සියල්ලන්ටම වඩා මූඪව සිටිමි, මනුෂ්‍ය නුවණ මට නැත.
3 මම ප්‍රඥාව ඉගෙන නොගතිමි, ශුද්ධ තැනන්වහන්සේ ගැන දැනගැන්ම මට නැත.
4 ස්වර්ගයට නැගී බැස ආවේ කවුද?
5 දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය;
6 උන්වහන්සේ නුඹට තරවටු නොකරන පිණිසත් නුඹ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.
7 කාරණා දෙකක් ඔබගෙන් ඉල්වීමි;
8 වංචාවත් බොරුවත් මාගෙන් දුරුකළ මැනව;
9 මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.
10 වැඩකාරයෙකු ගැන ඔහුගේ ස්වාමියාට කේලාම් නොකියන්න, එසේ කළොත් සමහරවිට ඔහු නුඹට ශාපකරන්නේය, නුඹද වරදකාරයෙක් වී දඬුවම් විඳිනවා ඇත.
11 තමුන්ගේ පියවරුන්ට ශාපකරන්නාවූ, තමුන්ගේ මව්වරුන්ට ආශීර්වාද නොකරන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
12 තමුන්ගේ කිලුටුකම සෝදා නොදැමූ නුමුත් තමුන් පිරිසිදුයයි සිතන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
13 උදාරම් ඇස්ද උඩුකුරුකරගත් ඇසිපියද ඇති පරම්පරාවක් ඇත්තේය.
14 පොළෝතලයෙන් දිළින්දන්ද මනුෂ්‍යයන් අතරෙන් අසරණයන්ද කා දමන්ට කඩු වැනි දත් සහ පිහියා වැනි හකුදත්ද ඇති පරම්පරාවක් ඇත්තේය.
15 දෙන්න, දියන්නැයි කියන දූවරු දෙදෙනෙක් කූඩැල්ලාට ඇත.
16 එනම්, මිනීවළද;
17 පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
18 මට ඉතා පුදුමවූ කාරණා තුනක් තිබේ, එසේය, මා නොදන්න කාරණා සතරක් තිබේ.
19 එනම්, ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය;
20 මිථ්‍යාචාරික ස්ත්‍රියෙකුගේ මාර්ගයත් එසේමය;
21 කාරණා තුනකට පොළොව චංචල වෙයි, ඊට දරන්ට බැරි සතරක්ද තිබේ.
22 එනම්, රජබවට පැමිණෙන සේවකයෙක්ය;
23 ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය;
24 කුඩා නුමුත් ඉතා ඥානවත්වූ ජාති සතරක් පොළොවෙහි ඇත:
25 කුහුඹුවෝ බල නැති සමූහයක්ය, එහෙත් උන් ග්‍රීෂ්ම කාලයෙහි උන්ගේ කෑම සපයති;
26 බෙන්හාවෝ බෙලහීන ජාතියක්ය, එහෙත් උන් තමුන්ගේ ගෙවල් පර්වතවල සාදාගනිති;
27 පළඟැටියන්ට රජෙක් නැත, එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් පිටත්ව යති;
28 හූනා දෑතින් අල්ලාගන, රජ මාළිගාවල සිටියි.
29 අලංකාරලෙස අඩි තබා යන තුන්දෙනෙක් සිටිති, එසේය, අලංකාරලෙස ඇවිදින සතරදෙනෙක් සිටිති:
30 මෘගයන් අතරෙන් ඉතා බලවන්තයාවූ, කිසිවෙකු වෙතින් හැරී නොයන්නාවූ සිංහයා;
31 හුළංබල්ලා;
32 නුඹ උඩඟුවීමෙන් මෝඩකම් කෙළෙහි නම්, නොහොත් නපුරක් සිතුවෙහි නම්, අතින් කට වසාගන්න.
33 මක්නිසාද කිරි ඇලලීමෙන් වෙඬරු හැදෙන්නේය, නාසය මිරිකීමෙන් ලේ එන්නේය.
රජකෙනෙකුට අවවාද
1 ලෙමුවෙල් රජුගේ වචනය;
2 මාගේ පුත්‍රය, මොකද?
3 නුඹේ ශක්තිය ස්ත්‍රීන්ටත් නුඹේ මාර්ග රජවරුන් නාස්ති කරන්නියන්ටත් නොදෙන්න.
4 ලෙමුවෙල්, මුද්‍රිකපානය බීම රජුන්ටත් සුරාපානයට ආශාවීම අධිපතීන්ටත් සුදුසු නැත.
5 බීවොත් ඔව්හු සමහරවිට නීතිය සිහිනැතිකොට අසරණයන්ගේ නඩුව පෙරළන්නෝය.
6 විනාශවෙන්ට යන අයට සුරාපානයද ශෝක සිත ඇත්තන්ට මුද්‍රිකපානයද දෙන්න.
7 ඔහු බී තමාගේ දිළිඳුකම සිහිනැතිකොට, තමාගේ කාලකණ්ණිකම තවත් මතක් නොකර සිටීවා.
8 නුඹේ මුඛය නිශ්ශබ්දව සිටින්නන් උදෙසාද අනාථවූ සියලු දරුවන්ගේ කාරණය උදෙසාද අරින්න.
9 නුඹේ මුඛය ඇර, ධර්මිෂ්ඨලෙස නිශ්චයකර, අසරණයාටත් දිළින්දාටත් යුක්තිය කරන්න.
ගුණවන්ත ස්ත්‍රී
10 ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද?
11 ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි, ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය.
12 ඇගේ ජීවිතයේ සියලු දවස්වල ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නීය.
13 ඈ ලොම් සහ හණ සොයාගන ප්‍රීතියෙන් ඇගේ අත්වලින් වැඩකරන්නීය.
14 ඈ වෙළඳ නැව් මෙන්ය;
15 ඈ රැයින්ම නැගිට ඇගේ පවුලේ අයට ආහාරත් ඇගේ දාසීන්ට වැඩත් දෙන්නීය.
16 ඈ කෙතක් ගැන කල්පනාකොට ඒක මිලයට ගන්නීය, ඇගේ අත්වල ලාභයෙන් ඈ මිදිවත්තක් වවන්නීය.
17 ඈ සවිලෙස ඉඟටිය බැඳගෙන, ඇගේ අත් සවිකරගන්නීය.
18 තම වෙළඳාමෙන් හොඳ ලාභ ලැබෙන බව ඈට දැනේ;
19 ඈ ඉද්දට ඇගේ අත් පොවා, ඇගේ හස්තවලින් වවුන්න අල්ලයි.
20 ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය;
21 හිම නිසා ඇගේ පවුල ගැන ඈට භයක් නැත;
22 ඈ ඇතිරිළි සාදාගන්නීය;
23 ඇගේ පුරුෂයා දේශයේ වැඩිමහල්ලන් සමඟ දොරටුවල ඉඳගන්නා කල සලකනු ලබන්නේය.
24 ඈ සිහින් රෙදි සාදා විකුණයි;
25 බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය;
26 ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය;
27 ඈ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි.
28 ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති;
29 බොහෝ දූවරු ගුණවත්කමින් හැසුරුණෝය, නුමුත් නුඹ ඔවුන් සියල්ලන්ට වඩා උතුම්යයි කියන්නේය.
30 රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේස්වාමීන්වහන්සේකෙරෙහි භය ඇති ස්ත්‍රියටය.
31 ඇගේ අත්වල ඵලයෙන් ඈට දෙන්න;