යයි සාමාන්‍යයෙන් කියනු ලබන

මෝසෙස්ගේ හතරවෙනි පොත

1

ගෝත්‍ර ගණන්කිරීම

1 ඔවුන් මිසර දේශයෙන් නික්ම ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි කාන්තාරයෙහි සම්මුඛවීමේ කූඩාරමේදීස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට මෙසේ කීසේක: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවේ සියලු පුරුෂයන්ගේ මුළු ගණන ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ගණන ඇතුව ගන්න; 3 එනම් ඉශ්‍රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකිවූ, අවුරුදු විස්ස පටන් වයස් ඇති සියල්ලන් ඔවුන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට නුඹ සහ ආරොන්ද ගණන් කරන්න. 4 එක එක ගෝත්‍රයට එක්කෙනෙකු බැගින් තමන් පිය පෙළපත්වල ප්‍රධානියෝවූ තැනැත්තෝද නුඹලා සමඟ වන්නෝය. 5 නුඹලා සමඟ සිටිය යුතු මනුෂ්‍යයන්ගේ නාම මේය: රූබෙන් ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය. 6 සිමියොන් ගෝත්‍රයෙන් ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල්ය. 7 යූදා ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය. 8 ඉස්සාඛර් ගෝත්‍රයෙන් ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ය. 9 සාබුලොන් ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ය. 10 යෝසෙප්ගේ පුත්‍රයන් අතරෙන් එප්‍රායිම්ගෙන් අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා සහ මනස්සේගෙන් පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය. 11 බෙන්යමින් ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ය. 12 දාන් ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියේසෙර්ය. 13 ආෂෙර් ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගියෙල්ය. 14 ගාද් ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය. 15 නප්තලී ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය. 16 සභාවෙන් කැඳවාගන්නාලද්දෝ මොව්හුය, මොව්හු තමුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රවල අධිපතියෝව ඉශ්‍රායෙල් දහස් ගණන්වලට මුලාදෑනියෝව සිටියෝය. 17 මෝසෙස් සහ ආරොන් නාම වශයෙන් සඳහන් කරනලද ඒ මනුෂ්‍යයන් කැඳවාගෙන, 18 දෙවෙනි මාසයේ පළවෙනි දිනදී මුළු සභාව රැස්කෙරෙවුවෝය, තවද විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ අය වෙන් වශයෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණෝය. 19 ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස ඔහු සීනයි කාන්තාරයේදී ඔවුන් ගණන් කෙළේය.

20 ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වශයෙන් නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 21 රූබෙන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි සතළිස් හදාස් පන්සියයක්ය.

22 සිමියොන්ගේ පුත්‍රයින්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලියවුණාවූ, වෙන් වශයෙන් නාම ගණන ලෙස ගණන්කරනු ලැබුවාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 23 සිමියොන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි පනස්නවදාස් තුන්සියයක්ය.

24 ගාද්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 25 ගාද්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය.

26 යූදාගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 27 යූදාගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ හැත්තෑ හාරදාස් හසියයක්ය.

28 ඉස්සාඛර්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 29 ඉස්සාඛර්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් හාරදාස් හාරසියයක්ය.

30 සාබුලොන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 31 සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් හත්දාස් හාරසියයක්ය.

32 යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එනම් එප්‍රායිම්ගේ පුත්‍රයන් අතරෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 33 එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස්දාස් පන්සියයක්ය.

34 මනස්සේගේ පුත්‍රයන් අතරෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 35 මනස්සේගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ තිස්දෙදාස් දෙසියයක්ය.

36 බෙන්යමින්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 37 බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ තිස් පන්දාස් හාරසියයක්ය.

38 දාන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 39 දාන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ හැටදෙදාස් හත්සියයක්ය.

40 ආෂෙර්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 41 ආෂෙර්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස් එක්දාස් පන්සියයක්ය.

42 නප්තලීගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 43 නප්තලීගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් තුන්දාස් හාරසියයක්ය.

44 මෝසෙස් සහ ආරොන් විසින්ද තම තමාගේ පිය පෙළපත වෙනුවට සිටිය මනුෂ්‍යයන් දොළොස්දෙනා වන ඉශ්‍රායෙල් අධිපතීන් විසින්ද ගණන්කරනු ලැබුවෝ මොව්හුය. 45 මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබූ සියල්ලෝ වන අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, 46 ගණන්කරනු ලැබූ සියලුම ඉශ්‍රායෙල්වරු සලක්ෂ තුන්දාස් පන්සිය පනස්දෙනෙක්ය.

47 එහෙත් ලෙවීවරු තමුන්ගේ පිය ගෝත්‍රයේ හැටියට ඔවුන් අතරේ ගණන්කරනු නොලැබුවෝය. 48 මක්නිසාදස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 49 ලෙවීගේ ගෝත්‍රය පමණක් ගණන් නොකරන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ඔවුන්ගේ ගණන නොගන්න. 50 එහෙත් ලෙවීවරුන් සාක්ෂි මණ්ඩපය කෙරෙහිද එහි සියලුම භාණ්ඩ කෙරෙහිද ඊට අඩංගු සියල්ල කෙරෙහිද පත්කරන්න. ඔව්හු මණ්ඩපයද එහි සියලු භාණ්ඩද උස්සා ගෙන යන්නෝය; ඔව්හු එහි මෙහෙය කරමින් මණ්ඩපය හාත්පස කූඩාරම් ගසාගෙන සිටින්නෝය. 51 මණ්ඩපය ගෙනයන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක බාගන්නෝය. මණ්ඩපය පිහිටුවන්ට ඕනෑවූ කල ලෙවීවරු ඒක පිහිටුවන්නෝය. අන්‍යයෙක් ළංවුණොත් ඔහු මරනු ලැබිය යුතුය. 52 ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ කඳවුර ළඟද තම තමුන්ගේ ධජය ළඟද තමුන්ගේ සේනා ප්‍රකාරයට කූඩාරම් ගසාගන්නෝය. 53 එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක. 54 ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කළෝය;ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔව්හු කළෝය.

2

කූඩාරම් පිහිටුවාගැනීම සහ ගමන් පිළිවෙළ

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට හා ආරොන්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ පිය පෙළපත්වල විශේෂ ලකුණු ඇති තම තමුන්ගේ ධජය ළඟ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට වටකරින් තමුන්ගේ කූඩාරම් ගසාගනිත්වා. 3 නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය. 4 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සැත්තෑ හාරදාස් හසියයක්ය. 5 ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ඉස්සාඛර්ගේ ගෝත්‍රයය. ඉස්සාඛර්ගේ පුත්‍රයන්ට අධිපතියා ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල් වන්නේය. 6 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හාරදාස් හාරසියයක්ය. 7 ඊළඟ සාබුලොන්ගේ ගෝත්‍රයය. සාබුලොන්ගේ පුත්‍රයන්ගේ අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ් වන්නේය. 8 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හත්දාස් හාරසියයක්ය. 9 යූදාගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ අසූහදාස් හාරසියයක්ය. ඔවුන් ප්‍රථමකොට පිටත්ව යායුතුය.

10 දකුණු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට රූබෙන්ගේ අන්දායමේ ධජයට අයිති අය සිටිත්වා. රූබෙන්ගේ පුත්‍රයන්ට අධිපතියා ෂෙදෙයූර්ගේ පුත්‍රවූ එලිශූර් වන්නේය. 11 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් හදාස් පන්සියයක්ය. 12 ඔහු ළඟ කූඩාරම් ගසාගන්නෝනම් සිමියොන්ගේ ගෝත්‍රයය. සිමියොන්ගේ පුත්‍රයන්ට අධිපතියා ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල් වන්නේය. 13 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් නවදාස් තුන්සියයක්ය. 14 ඊළඟ ගාද්ගේ ගෝත්‍රයය. ගාද්ගේ පුත්‍රයන්ට අධිපතියා රෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප් වන්නේය. 15 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය. 16 රූබෙන්ගේ අන්දායමෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ පනස් එක්දාස් හාරසිය පනසක්ය. ඔවුන් දෙවනුව පිටත්ව යා යුතුය.

17 එවිට සම්මුඛවීමේ කූඩාරම කඳවුරුවලට මැදිව ලෙවීවරුන්ගේ කඳවුර සමඟ පිටත්ව යන්නේය. ඔව්හු කූඩාරම් ගසාගන්න පිළිවෙළටම තම තමුන්ගේ ස්ථානවල සිට තමුන්ගේ ධජවල හැටියට පිටත්ව යා යුතුය. 18 බස්නාහිර පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. එප්‍රායිම්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා වන්නේය. 19 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස්දාස් පන්සියයක්ය. 20 ඊළඟ මනස්සේගේ ගෝත්‍රයය. මනස්සේගේ පුත්‍රයන්ට අධිපතියා පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය. 21 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ තිස් දෙදාස් දෙසියයක්ය. 22 ඊළඟ බෙන්යමින්ගේ ගෝත්‍රයය. බෙන්යමින්ගේ පුත්‍රයන්ට අධිපතියා ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන් වන්නේය. 23 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ තිස් පන්දාස් හාරසියයක්ය. 24 එප්‍රායිම්ගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරන ලද සියල්ලෝ එක්ලක්ෂ අටදාස් එකසියයක්ය. ඔවුන් තුන්වෙනුව පිටත්ව යා යුතුය.

25 උතුරු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට දාන්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. දාන්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියේසෙර් වන්නේය. 26 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ හැට දෙදාස් හත්සියයක්ය. 27 ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ආෂෙර්ගේ ගෝත්‍රයය. ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල් වන්නේය. 28 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් එක්දාස් පන්සියයක්ය. 29 ඊළඟ නප්තලීගේ ගෝත්‍රයය. නප්තලී පුත්‍රයන්ගේ අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරා වන්නේය. 30 ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් තුන්දාස් හාරසියයක්ය. 31 දාන්ගේ කඳවුරෙහි ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ පනස් හත්දාස් හසියයක්ය. ඔවුන් තමුන්ගේ ධජවල හැටියට අන්තිමට පිටත්ව යායුතුයයි කීසේක.

32 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනලද්දෝ මොව්හුය. කඳවුරුවල තමුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ හලක්ෂ තුන්දාස් පන්සිය පනසක්ය. 33 එහෙත්ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස ලෙවීවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබුවෝය. 34 ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය. එසේ ඔව්හු තමුන්ගේ වංශවල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත් ලෙස තමුන්ගේ ධජවල හැටියට කූඩාරම් ගසාගත්තෝය, එසේම නික්ම ගියෝය.

3

ආරොන්ගේ පූජක පෙළපත

1 ස්වාමීන්වහන්සේසීනයි කන්දේදී මෝසෙස් සමඟ කථාකළ දවසෙහි ආරොන්ගේ සහ මෝසෙස්ගේ පෙළපත් මේ ආකාරය. 2 ආරොන්ගේ පුත්‍රයන්ගේ නාම නම් කුලුඳුලාවූ නාදාබ්, අබීහු, එලෙයාසර්, ඊතාමාර් යන මොව්හුය. 3 පූජක තනතුරෙහි මෙහෙකරන පිණිස ආරොන් විසින් කැපකරනලද්දාවූ ආලේපලත් පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ නාම මේය. 4 එහෙත් නාදාබ් සහ අබීහු සීනයි කාන්තාරයේදීස්වාමීන්වහන්සේඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හිස්වාමීන්වහන්සේඉදිරියෙහි මළෝය, ඔවුන්ට දරුවෝ නොසිටියෝය. එලෙයාසර් සහ ඊතාමාර් තමුන්ගේ පියවූ ආරොන් ඉදිරියෙහි පූජක තනතුරේ සේවයකළෝය.

ලෙවීවරුන් ගණන් කිරීම සහ වෙන් කිරීම

5 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 6 ලෙවී ගෝත්‍රය පූජකයාවූ ආරොන්ට සේවයකරන පිණිස ඔවුන් ගෙන්වාගෙන ඔහු ඉදිරිපිට සිටවන්න. 7 ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඉදිරියෙහි ඔහුට සහ මුළු සභාවටත් සේවය කරමින් මණ්ඩපයේ වැඩ කරත්වා. 8 ඔව්හු සම්මුඛවීමේ කූඩාරමේ සියලු බඩු රක්ෂාකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සේවය ඉෂ්ටකරමින් මණ්ඩපයේ වැඩය කරත්වා. 9 ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය. 10 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.

11 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 12 බලව, මමම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගර්භයේ පළමුවෙනියන් වන සියලු කුලුඳුලන් වෙනුවට ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ගතිමි; ලෙවීවරු මට අයිති වන්නෝය. 13 මක්නිසාද සියලු කුලුඳුලෝ මාගේය; මා විසින් මිසර දේශයේ සියලුම කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද සියලුම කුලුඳුලන් මට විශුද්ධකරගතිමි. ඔව්හු මාගේ වන්නෝය; මමස්වාමීන්වහන්සේයයි කීසේක.

14 තවදස්වාමීන්වහන්සේසීනයි කාන්තාරයේදී මෝසෙස්ට කථාකොට: 15 ලෙවීගේ පුත්‍රයන් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ වංශවල ප්‍රකාරයට ගණන්කරන්න. මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලු පිරිමින් නුඹ විසින් ගණන්කළ යුතුයයි කීසේක. 16 මෝසෙස්දස්වාමීන්වහන්සේතමාට අණකළ ප්‍රකාර ඔවුන් ගණන්කෙළේය. 17 නාම වශයෙන් ලෙවීගේ පුත්‍රයෝනම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. 18 පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ නාම නම් ලිබ්නි සහ ෂිමෙයිය. 19 පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝනම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය. 20 පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝනම් මාලී සහ මුෂීය. තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලෙවීවරුන්ගේ පවුල් මේවාය.

21 ගේර්ෂොන්ට ලිබ්නි පවුලද ෂිමෙයි පවුලද අයිතිය. ගේර්ෂොන්වරුන්ගේ පවුල් නම් මේවාය. 22 ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හත්දාස් පන්සියයක්ය. 23 ගේර්ෂොන්වරුන්ගේ පවුල් මණ්ඩපය පිටිපස අපරදිගින් කූඩාරම් පිහිටුවාගන්නෝය. 24 ගේර්ෂොන්වරුන්ගේ පිය පෙළපතේ අධිපතියා නම් ලායෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය. 25 සම්මුඛවීමේ කූඩාරමෙහි ගේර්ෂොන් පුත්‍රයන්ගේ භාරයනම් මණ්ඩපය සහ කූඩාරමද ඒකේ වැස්ම සහ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද, 26 මණ්ඩපය සහ පූජාසනය ළඟ වටකරින් මළුවේ තිරද මළුවේ දොරකඩ කඩතුරාවද ඒකේ සියලුම වැඩවලට ඕනෑකරන ලනුද බලාගැනීමය.

27 අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය. 28 මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලුම පිරිමින්ගේ ගණන අටදාස් හසියයක්ය. ඔව්හු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය. 29 කොහාත් පුත්‍රයන්ගේ පවුල් මණ්ඩපයට දකුණු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය. 30 කොහාත්වරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියානම් උස්සීයෙල්ගේ පුත්‍රවූ එලිශාඵාන්ය. 31 ඔවුන්ගේ භාරය නම් පෙට්ටියද මේසයද පහන්රුකද පූජාසනද ශුද්ධස්ථානයෙහි සේවයට ගන්නා භාජනද කඩතුරාවද ඊට අයිති සියලු වැඩද බලාගැනීමය. 32 පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් ලෙවීවරුන්ගේ අධිපතීන්ගේ අධිපතියාව ශුද්ධස්ථානයේ සේවය භාරගන්නන්ගේ මුලාදෑනියා වන්නේය.

33 මාලී පවුල සහ මූෂී පවුල මෙරාරීගෙන් වූවෝය. මෙරාරීවරුන්ගේ පවුල් මේවාය. 34 මොවුන්ගෙන් ගණන්ගනු ලැබූ අය මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හදාස් දෙසියයක්ය. 35 මෙරාරීවරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියා නම් අබිහයිල්ගේ පුත්‍රවූ ශූරියෙල්ය. ඔව්හු මණ්ඩපයට උතුරු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය. 36 මෙරාරීගේ පුත්‍රයන්ට නියම භාරයනම් මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද කුළුනුද අඩිද ඒකේ සියලු උපකරණද ඒකේ මෙහෙයට ගන්නා සියල්ලද; 37 වටකරින් මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද බලාගැනීමය. 38 නැගෙනහිර පැත්තෙහි මණ්ඩපයට ඉස්සරහපිටින් නැගෙන ඉරට සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට කඳවුරු බැඳගන්නෝනම් මෝසෙස් හා ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද වෙත්. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය; ළංවන්නාවූ අන්‍යයා මරනු ලබන්නේය. 39 මෝසෙස් සහ ආරොන් විසින්ස්වාමීන්වහන්සේගේආඥාව පිට ලෙවීවරුන්ගෙන් ඔවුන්ගේ පවුල්වල හැටියට ගණන්කරනලද මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු පිරිමි විසි දෙදහසක්ය.

කුලුඳුලන් මුදාගැනීම

40 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු කුලුඳුල් පිරිමින් ගණන්කොට ඔවුන්ගේ නාම ගණන ගනින්න. 41 ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගවයන් අතරෙහි සියලු කුලුඳුල් ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද මට ගනින්න; මමස්වාමීන්වහන්සේයයි කීසේක. 42 මෝසෙස්දස්වාමීන්වහන්සේතමාට අණකළ ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් ගණන් කෙළේය. 43 එසේ ගණන්කරනු ලැබුවාවූ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු කුලුඳුල් පිරිමි නාම ගණනේ හැටියට විසි දෙදාස් දෙසිය සැත්තෑ තුන්දෙනෙක්ය.

44 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 45 ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඔවුන්ගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද ගනින්න. ලෙවීවරු මාගේ වන්නෝය; මමස්වාමීන්වහන්සේය. 46 ලෙවීවරුන්ගේ ගණනට වැඩිව සිටින්නාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන් දෙසිය සැත්තෑ තුන්දෙනාගේ මිදීම පිණිස, 47 එක් එක්කෙනා වෙනුවට ෂෙකෙල් පහක් බැගින් ගනින්න; ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් ගනින්න. 48 මුදනු ලබන්ට සිටින්නන්ගේ වැඩිපුර ගණනින් ලත් මුදල ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දෙන්නැයි කීසේක. 49 මෝසෙස්ද ලෙවීවරුන් විසින් මුදනු ලැබූවන්ට වඩා වැඩිව සිටියන්ගේ මිදීමේ මිල ගත්තේය. 50 ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන්ගෙන් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ගණනට ෂෙකෙල් එක්දාස් තුන්සිය හැටපහක් මුදල ගෙන, 51 ඒ මුදනු ලැබූවන්ගේ මුදලස්වාමීන්වහන්සේගේවචනය ප්‍රකාරයටස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුන්නේය.

4

ලෙවීගේ තුන්වංශයේ මෙහෙය

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට සහ ආරොන්ට කථාකොට: 2 ලෙවීගේ පුත්‍රයන් අතරෙන් ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත් ලෙස, 3 තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩ කරන පිණිස සේවයට ඇතුල්වන කොහාත්ගේ සියලුම පුත්‍රයන්ගේ ගණන ගන්න. 4 අති ශුද්ධ දේ ගැන සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත් පුත්‍රයන්ගේ මෙහෙය නම් මේය: 5 කඳවුර නික්මෙන කල ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ අවුත් වහන තිරය බාගෙන එයින් සාක්ෂි පෙට්ටිය වසා, 6 ඒක පිට තහෂ් හම් වැස්මක් දමා, ඒ පිට මුළුල්ලම නිල්වන් රෙද්දක් අතුරා ඒකේ පොලු තබත්වා. 7 පිදීමේ රොටි මේසය පිටත් නිල් රෙද්දක් අතුරා ඒ මතුයෙහි තැටි ද පාත්‍රද කෙණ්ඩිද වත්කරන කුසලාන්ද තබත්වා. නිරන්තර රොටිත් එය පිට තිබේවා. 8 ඔව්හු ඒවා පිට රතු රෙද්දක් අතුරා ඒක තහෂ් හම් වැස්මකින් වසා ඒකේ පොලු තබත්වා. 9 ඔව්හු නිල් රෙද්දක් ගෙන පහන්රුකද ඒකේ පහන්ද ඒකේ කතුරුද කතුරු තැටිද ඊට ගන්න සියලු තෙල් භාජනද වසා, 10 ඒකද ඒකේ සියලු භාජනද තහෂ් හම් වැස්මක දමා මැස්ස පිට තබත්වා. 11 රන් පූජාසනය පිට නිල් රෙද්දක් අතුරා තහෂ් හම් වැස්මකින් ඒක වසා ඒකේ පොලු තබත්වා. 12 ඔව්හු ශුද්ධස්ථානයෙහි සේවයට ගන්න සියලු භාජන ගෙන නිල් රෙද්දක තබා තහෂ් හම් වැස්මකින් ඒවා වසා මැස්ස පිට තබත්වා. 13 ඔව්හු පූජාසනයෙන් අළු පහකොට ඒක පිට රත්නිල් රෙද්දක් අතුරා, 14 ඒක පිට සේවය කිරීමට ගන්න ඒකේ සියලු භාජන එනම් ගිනි භාජනද මස් කොකුද පාත්‍රද තලිද යන පූජාසනයේ සියලුම බඩු ඒක පිට තබා තහෂ් හම් වැස්මක් ඒක පිට අතුරා ඒකේ පොලු තබත්වා. 15 කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය. 16 පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ භාරය නම්, එළිය පිණිස තෙල්ද සුගන්ධ ධූප ද්‍රව්‍යද නිරන්තර ආහාර පූජාවද ආලේප තෛලයද ශුද්ධස්ථානය හා ඒකේ සියලුම බඩු ඇතුළුව මුළු මණ්ඩපයද එහි ඇති සියල්ලද බලා ගැනීමයයි කීසේක.

17 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට සහ ආරොන්ට කථාකොට: 18 කොහාත්වරුන්ගේ පවුල්වල ගෝත්‍රය ලෙවීවරුන් අතරෙන් නාස්තිවෙන්ට ඉඩ නෑර, 19 ඔවුන් අතිශුද්ධ දේවලට ළඟාවන කල්හි නොනැසී ජීවත්ව සිටින පිණිස ඔවුන් ගැන මෙසේ කරන්න–ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ඇතුල්ව ඔවුන් එක එකා තම තමාගේ මෙහෙයටත් ගෙන යන බරටත් පත්කරත්වා. 20 එහෙත් ඔව්හු නොනස්නා පිණිස මොහොතකටවත් ශුද්ධස්ථානය බලන්ට ඇතුල් නොවෙත්වයි කීසේක.

21 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 22 ගේර්ෂොන් පුත්‍රයන්ගේ ගණනත් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ පවුල්වල ප්‍රකාර ගනින්න; 23 තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න. 24 මෙහෙකිරීමෙනුත් බර ගෙනයාමෙනුත් ගේර්ෂොන්වරුන්ගේ පවුල්වලට කරන්ට තිබෙන සේවය මෙසේය– 25 ඔව්හු මණ්ඩපයේ තිරද සම්මුඛවීමේ කූඩාරමද ඒකේ වැස්මද එය පිට උඩින් තිබෙන තහෂ් හම් වැස්මද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද, 26 මළුවේ තිරද මණ්ඩපයටත් පූජාසනයටත් හාත්පසින් මළුවේ දොරටුවේ කඩතුරාවද ඒවායේ ලනුද ඒවායේ වැඩට ගන්නා සියලු බඩුද ගෙනයත්වා, ඒවායින් කිරීමට තිබෙන සියල්ලද ඔව්හු කරත්වා. 27 ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන්ට ගෙනයන්ටත් කරන්ටත් තිබෙන සියල්ල වන ඔවුන්ගේ මුළු මෙහෙය ආරොන්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ආඥාවේ හැටියට ඔව්හු කරත්වා. ඔවුන්ට ගෙනයන්ට තිබෙන සියල්ලම ඔවුන්ට නියමකරදෙන්න. 28 සම්මුඛවීමේ කූඩාරම පිළිබඳව ගේර්ෂොන් පුත්‍රයන්ගේ පවුල්වල මෙහෙය මේය; ඔවුන්ගේ භාරය පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර් යටතේය.

29 මෙරාරීගේ පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන්න; 30 තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න. 31 සම්මුඛවීමේ කූඩාරමෙහි ඔවුන්ගේ මුළු මෙහෙයේ හැටියට ඔවුන්ට ගෙනයන්ට තිබෙන දේවල භාරය මේය: මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනුද ඒවායේ අඩිද, 32 වටකරින් තිබෙන මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද ඒවායේ සියලුම බඩුද ඒවාට අයිති සියල්ලද යන මේවාය. ඔවුන් විසින් ගෙන යා යුතු උපකරණ නම්වශයෙන් ගණන්කරදෙන්න. 33 පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර්ගේ අත යටතේ සම්මුඛවීමේ කූඩාරම ගැන තිබෙන මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වල මුළු වැඩේ හැටියට ඔවුන්ගේ මෙහෙය මේයයි කීසේක.

34 මෙසේ මෝසෙස් හා ආරොන්ද සභාවේ අධිපතියෝද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙන්නාවූ, 35 කොහාත්වරුන්ගේ සියලුම පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කළෝය. 36 තමුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ දෙදාස් හත්සිය පනසක්ය. 37 ස්වාමීන්වහන්සේමෝසෙස් ලවා අණකෙරෙවු ලෙස කොහාත්වරුන්ගේ පවුල්වලින් සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, මෝසෙස් හා ආරොන් විසින් ගණන්කරන ලද්දාවූ සියල්ලෝ මොව්හුය.

38 ගේර්ෂොන් පුත්‍රයන්ගේද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, 39 සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙන්නාවූ සියල්ලෝ තමුන්ගේ පවුල් ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවෝය. 40 එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන ලද්දෝ දෙදාස් හසිය තිහක්ය. 41 ස්වාමීන්වහන්සේගේඅණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කරනු ලැබුවාවූ, සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරනලද සියල්ලෝ මොව්හුය.

42 මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින්ද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ, 43 සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස ඇතුල් වෙන්නාවූ සියල්ලෝ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවෝය. 44 එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට ගණන්කරනලද ඔවුන් තුන්දාස් දෙසියයක්ය. 45 ස්වාමීන්වහන්සේමෝසෙස් ලවා දුන් අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කළාවූ, මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරන ලද්දෝ මොව්හුය.

46 තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ, තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවාවූ, 47 මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් අධිපතීන්ද විසින් ගණන්කළාවූ සියලුම ලෙවීවරු වන, 48 සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙයේ වැඩද බර ගෙනයාමේ වැඩද කිරීමට ඇතුල්වුණාවූ ගණන්කරනු ලැබුවෝ අටදාස් පන්සිය අසූවක්ය. 49 ස්වාමීන්වහන්සේගේඅණ ලෙස ඔවුන් සියල්ලෝ එකිනෙකාගේ මෙහෙයත් ගෙන යන බරත් ලෙස මෝසෙස් විසින් ගණන්කරනු ලැබුවෝය. මෙසේස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ගණන්කරන ලද්දෝය.

5

කඳවුර අපවිත්‍රවීම පිළිබඳ අණපනත්

1 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 සියලු කුෂ්ඨරෝගීන්ද ප්‍රමේහයක් ඇති සියල්ලන්ද මෘත ශරීරයකින් අපවිත්‍රව සිටින සියල්ලන්ද කඳවුරෙන් පිටතට යවන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න. 3 එසේ ගෑනු පිරිමි දෙගොල්ල යවන්න; මා ඔවුන්ගේ කඳවුරු මැද වාසයකරන බැවින් ඔවුන් ඒවා අපවිත්‍ර නොකරන පිණිස ඔවුන් කඳවුරෙන් පිටතට යවන්නැයි කීසේක. 4 ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කොට ඔවුන් කඳවුරෙන් පිටතට ඇරියෝය.ස්වාමීන්වහන්සේමෝසෙස්ට කී ලෙසම ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය.

5 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 6 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ මනුෂ්‍යයන් විසින් කරන කොයියම් පාපයක් නුමුත් කරස්වාමීන්වහන්සේටවිරුද්ධව අපරාධයක් කළොත් එසේ ඒ අය වරදකාරයන් වුණාම, 7 ඔවුන් කළාවූ තමුන්ගේ පාපය කියාදිය යුතුය. තවද ඔහු තමා කළ අලාභයේ මුළු ගණනම ගෙවා එයින් පහෙන් කොටසක් ඊට එකතුකර ඔහුගෙන් අලාභ වින්ද තැනැත්තාට දේවා. 8 නුමුත් වන්දියේ ගණන ලබන්ට ඒ මනුෂ්‍යයාට නෑයෙක් නැත්නම් වරද ගැන තමා උදෙසා සමඟිකමක් කිරීමට වරදකාරයා දෙන බැටළුවා හැරස්වාමීන්වහන්සේටදෙන වන්දියේ ගණනත් පූජකයාට වන්නේය. 9 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ශුද්ධ දේවලින් පූජකයා වෙතට ගෙනෙන එසවීමේ පූජා සියල්ලත් ඔහුට වන්නේය. 10 එක එක මනුෂ්‍යයාගේ විශුද්ධ දේ ඔහුට වන්නේය. යම් මනුෂ්‍යයෙක් පූජකයාට දෙන කොයි දේත් ඔහුට වන්නේයයි කියන්නැයි කීසේක.

11 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 12 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–යම් මනුෂ්‍යයෙකුගේ භාර්යාව අහක්ව ඇගේ පුරුෂයාට විරුද්ධව වැරද්දක් කර, 13 පුරුෂයෙක් ඈ සමඟ සයනය කරන්නේ නම්, එය ඇගේ පුරුෂයාගෙන් සැඟවී රහස්ව තිබේ නම්, ඈ අපවිත්‍රව සිටින නමුත් ඈට විරුද්ධ සාක්ෂියක් නැත්තේවී නම්, ඈ වරද කරද්දී අසුනොවීනම්, 14 ඈ අපවිත්‍රව සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් එසේ නැත්නම් ඈ අපවිත්‍ර නොවී සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් යෙදුණේවීනම්, 15 ඒ මනුෂ්‍යයා තමාගේ භාර්යාව පූජකයා වෙතට කැඳවාගෙන ඒවා, ඈ උදෙසා ඇගේ පූජාව පිණිස යව පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනේවා; ඒක ශංකා ආහාර පූජාවක් වන වරද සිහිකරවන සිහිවීමේ ආහාර පූජාවක් නිසා ඔහු ඒවා පිට කිසි තෙලක් වත්නොකෙරේවා, ඒවා පිට තුවරලාද නොදමාවා. 16 එවිට පූජකයා ඈ කැඳවාගෙන ඇවිත්ස්වාමීන්වහන්සේඉදිරියෙහි ඈ සිටුවා, 17 මැටි භාජනයකට ශුද්ධ වතුර ගෙන, මණ්ඩප භූමියෙහි තිබෙන ධූලියෙන් ටිකක් අරන් වතුරේ දමා, 18 ස්වාමීන්වහන්සේඉදිරියෙහි ඒ ස්ත්‍රිය සිටුවා, ඇගේ හිසකේ ලිහවා, ඒ ශංකා ආහාර පූජාව වන සිහිවීමේ පූජාව ඇගේ අත්වල තබා, ශාපය උපදවන තික්ත වතුර තමාගේ අතේ තබාගෙන, 19 ඈ දිවුරවමින් ඈට කථාකොට: නුඹේ පුරුෂයා යටතේ සිටිනාතර කිසි පුරුෂයෙකු නුඹ සමඟ සයනය නොකළානම්, නුඹ අපවිත්‍රකමට අහක්ව නොගියානම්, ශාපය උපදවන මේ තික්ත වතුරෙන් නුඹට අන්තරා නොවේවා. 20 එහෙත් නුඹේ පුරුෂයා යටතේ සිටියදී නුඹ අහක්ව ගොස් කිලුටුවීනම්, නුඹේ පුරුෂයා හැර වෙන යම් මනුෂ්‍යයෙකු නුඹ සමඟ සයනයකෙළේනම්, 21 ස්වාමීන්වහන්සේනුඹේ කළවය ක්ෂයවීයන්ටත් නුඹේ බඩ ඉදිමෙන්ටත් සැලැස්වී මෙන්ස්වාමීන්වහන්සේනුඹේ සෙනඟ අතරෙහි නුඹ ශාපයක්ද දෙස් කීමක්ද කරන සේක්වා. 22 බඩ ඉදිමෙන ලෙසද කළවය ක්ෂයවී යන ලෙසද ශාපය උපදවන මේ වතුර නුඹේ බඩවැල තුළට යන්නේයයි ශාප දිවුරුමෙන් ස්ත්‍රිය දිවුරවාවා. ස්ත්‍රීද ආමෙන්,ආමෙන්යයි කියාවා. 23 එවිට පූජකයා මේ ශාප පොතක ලියා එය තික්ත වතුරට සෝදා දමා, 24 ශාපය උපදවන තික්ත වතුර ඒ ස්ත්‍රියට බොන්ට දේවා. ශාපය උපදවන වතුර ඈ තුළට පැමිණ තික්තවන්නේය. 25 පූජකයාද ඒ ශංකා ආහාර පූජාව ස්ත්‍රියගේ අතින් ගෙනස්වාමීන්වහන්සේඉදිරිපිට තේවකොට පූජාසනය ළඟට ගෙනවුත්, 26 ආහාර පූජාවේ සිහිවීමේ කොටසක් කොට එයින් අහුරක් ගෙන පූජාසනය පිට දවාවා, පසුව ඔහු ඒ වතුර ස්ත්‍රියට බොන්ට සලස්වාවා. 27 එවිට ඈ කිලුටුව සිටීනම්, ඇගේ පුරුෂයාට විරුද්ධව වැරුද්දක් කර තිබේනම්, ඔහු ඒ වතුර ඈට බොන්ට සැලැස්සුවායින් පසු ශාපය උපදවන ඒ වතුර තික්තවන පිණිස ඈ තුළට පැමිණ ඇගේ බඩ ඉදිමෙන්ටත් ඇගේ කළවය ක්ෂයවීයන්ටත් යෙදී ඒ ස්ත්‍රී ඇගේ සෙනඟ අතරෙහි ශාපයක් වන්නීය. 28 නුමුත් ඒ ස්ත්‍රී කිලුටු නොව පවිත්‍රව සිටී නම්, ඈ උපද්‍රවයෙන් බේරී ගර්භීණී වන්නීය. 29 කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ, 30 මනුෂ්‍යයෙක් කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ට යෙදුණු කල හෝ, ඈ ඔහුස්වාමීන්වහන්සේඉදිරියෙහි සිටවන්නේය, පූජකයාද මේ මුළු ව්‍යවස්ථාව ඈ කෙරෙහි ඉෂ්ටකරන්නේය. 31 එවිට ඒ මනුෂ්‍යයා අයුතුකමෙන් නිදහස් වන්නේය, ඒ ස්ත්‍රීද ඇගේ අයුතුකම දරන්නීයයි කීසේක.

6

නසරීයයන් සම්බන්ධ අණපනත්

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් ඔවුන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝස්වාමීන්වහන්සේටකැපවී සිටීම පිණිස භාරයක් එනම් නසරීයයෙකුගේ භාරයක් වෙන කල, 3 ඔහු මුද්‍රිකපානයෙන්ද මද්‍යපානයෙන්ද වැලකී සිටිය යුතුය; ඔහු මුද්‍රික කාඩිවත් මද්‍යපාන කාඩිවත් නොබිව යුතුය, මුද්‍රික ඵලවලින් සාදන කිසි බීමක්ද නොබිව යුතුය, අමු මුද්‍රික ඵල හෝ වේළුණ මුද්‍රික ඵල හෝ නොකෑ යුතුය. 4 ඔහු තමාගේ කැපවී සිටීමේ සියලු දවස්වල මදේ පටන් ලෙල්ල දක්වා මුද්‍රික වැළෙන් සාදන කිසි දෙයක් නොකා සිටියයුතුය. 5 ඔහු තමාගේ කැපව සිටීමේ භාරයේ සියලු දවස්වල ඔහුගේ හිසෙහි කිසි දැළි පිහියක් නොතිබිය යුතුය. ඔහුස්වාමීන්වහන්සේටවෙන්ව සිටින දවස් සම්පූර්ණවන තෙක් ශුද්ධව සිටින්නේය, තමාගේ හිසකේ වැඩෙන්ට හරින්නේය. 6 ඔහුස්වාමීන්වහන්සේටකැපවී සිටින සියලු දවස්වල මෘත ශරීරයක් ළඟට නොයා යුතුය. 7 ඔහු තමාගේ පියා නුමුත් මවු නුමුත් සහෝදරයා නුමුත් සහෝදරී නුමුත් මැරුණුකල ඔවුන් නිසා අපවිත්‍ර නොවිය යුතුය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේට කැපවී සිටීමේ භාරය ඔහුගේ හිස පිට තිබේ. 8 ඔහු කැපව සිටින සියලු දවස්වල ඔහුස්වාමීන්වහන්සේටශුද්ධය. 9 නුමුත් ඔහුගේ කැපවූ හිස අපවිත්‍රවෙන පරිද්දෙන් යමෙක් ඔහු ළඟ ඉතා හදිසියෙන් මළොත්, ඔහු පිරිසිදුවෙන දවසේ එනම් සත්වෙනි දවසේ තමාගේ හිස බූගා ගනීවා. 10 අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පූජකයා වෙතට ගෙනේවා. 11 පූජකයාද එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, මෘත ශරීරය නිසා ඔහු වරදකළ බැවින්, ඔහු උදෙසා සමඟිකම් කරාවා, ඔහු එමදාම කැපව හිස පිරිසිදුකරගනීවා. 12 ඔහු තමාගේ වෙන්ව සිටීමේ දවස්ස්වාමීන්වහන්සේටවෙන්කොට වරද පූජාවක් වශයෙන් එක් අවුරුදු බැටළු පැටවෙකු ගෙනේවා. එහෙත් ඔහුගේ කැපව සිටීම කිලුටුවූ නිසා පළමු දවස් අවලංගුවන්නේය.

13 නසරීයයාගේ කැපව සිටීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ගැන ව්‍යවස්ථාව මේය: ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පමුණුවනු ලැබ, 14 තමාගේ පූජාව වන දවන පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවෙකුද පාප පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුවැස්සියෙකුද ශාන්ති පූජා පිණිස කැලල් නැති බැටළුවෙකුද, 15 මුහුන් නැති රොටි පෙට්ටියක් වන තෙල් මුසු සිහින් පිටියෙන් සෑදූ රොටිද තෙල් ගෑවාවූ මුහුන් නැති පූපද උන්ගේ ආහාර පූජාවද උන්ගේ බොන පූජාදස්වාමීන්වහන්සේටඔප්පුකරාවා. 16 පූජකයාද ඒවාස්වාමීන්වහන්සේඉදිරියෙහි ඔප්පුකරමින් ඔහුගේ පාප පූජාව සහ දවන පූජාව පූජාකොට, 17 ස්වාමීන්වහන්සේටශාන්ති පූජා යාගයක් වෙන පිණිස මුහුන් නැති රොටි පැස සමඟ බැටළුවාද පූජාකෙරේවා. තවද පූජකයා උගේ ආහාර පූජාවත් පාන පූජාවත් ඔප්පුකෙරේවා. 18 නසරීයයාද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී තමාගේ කැපවීමේ හිස බූගා ඒ ඔහුගේ කැපවූ හිසකේ ගෙන ශාන්ති පූජා යාගයයට තිබෙන ගින්නෙහි දමාවා. 19 පූජකයා බැටළුවාගේ පිසනලද ඉස්සරහ ගාතය සහ පැසෙන් මුහුන් නැති එක රොටියක්ද මුහුන් නැති සිහින් පූපයක්ද ගෙන ඒවා නසරීයයා තමාගේ කැපවීමේ හිස බූගෑවායින් පසු ඔහුගේ අත් පිට තබා, 20 ඒවාස්වාමීන්වහන්සේඉදිරියෙහි තේව පූජාවක් පිණිස තේවකෙරේවා; තේව ළැපැත්ත සහ එසවීමේ කළවයද සමඟ මේකත් පූජකයාට ශුද්ධය. එයින් පසු නසරීයයාට මුද්‍රිකපානය බොන්ට පුළුවන. 21 තමා විසින් සපයා දිය හැකි දෙය හැර තමාගේ කැපවීම ගැනස්වාමීන්වහන්සේටපූජාවක් කරන හැටියට භාරයක් වෙන්නාවූ නසරීයයා ගැන තිබෙන ව්‍යවස්ථාව මේය. ඔහු වෙන්නාවූ භාරය ලෙස තමාගේ කැපවීමේ ව්‍යවස්ථාව ප්‍රකාර ඔහු විසින් කළ යුතුමයයි කීසේක.

ඉශ්‍රායෙල් කෙරෙහි පූජක ආශීර්වාදය

22 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 23 ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කථාකරමින්–නුඹලා මේ ආකාරයෙන් කියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ආශීර්වාදකරන්නැයි ඔවුන්ට කියන්න:

24 ස්වාමීන්වහන්සේනුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. 25 ස්වාමීන්වහන්සේස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා.

26 ස්වාමීන්වහන්සේස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා.

27 මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක.

7

අධිපතීන් දොළොස්දෙනාගේ පඬුරු

1 තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී, 2 තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝ වන ඉශ්‍රායෙල්හි අධිපතියෝ පඬුරු ඔප්පුකළෝය; මොව්හු ගෝත්‍රයන් කෙරෙහි අධිපතිවූවෝය, මොව්හු ගණන්කරනලද්දවුන් කෙරෙහි මුලාදෑනියෝව සිටියෝය. 3 මොව්හු තමුන්ගේ පඬුරස්වාමීන්වහන්සේඉදිරියට ගෙනැවිත් අධිපතීන් දෙදෙනෙකු විසින් ගැළක්ද එක්කෙනෙකු විසින් ගවයෙක්ද බැගින් අඹරාව ඇති ගැල් හයක් සහ ගවයන් දොළොස් දෙනෙකුත් මණ්ඩපය ඉදිරියෙහි ඔප්පුකළෝය. 4 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 5 සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කිරීම පිණිස ඒවා ඔවුන්ගෙන් පිළිගෙන ලෙවීවරුන්ට එකිනෙකාගේ සේවයේ ප්‍රකාරයට දෙන්නැයි කීසේක. 6 එවිට මෝසෙස් ගැල් හා ගවයන් ගෙන ලෙවීවරුන්ට දුන්නේය. 7 ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ඔහු ගැල් දෙකක්ද ගවයන් සතර දෙනෙක්ද දුන්නේය. 8 පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර් යටතේ සිටි මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ගැල් සතරක්ද ගවයන් අටදෙනෙක්ද දුන්නේය. 9 එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ට ඔහු කිසිවක් දුන්නේ නැත. මක්නිසාද ඔවුන්ට තිබුණේ ශුද්ධස්ථානයේ වැඩය; ඔවුන් බර ගෙනයන්නේ කරෙන්ය. 10 පූජාසනය ආලේපකළ දවසෙහි අධිපතිවරු එය කැපකිරීම පිණිස තමුන්ගේ පඬුරු පූජාසනය ඉදිරියෙහි ඔප්පුකළෝය. 11 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: පූජාසනය කැපකිරීම පිණිස අධිපතියෝ තමුන්ගේ පඬුරු ඔප්පුකෙරෙත්වා, එක එක අධිපතියා තම තමාගේ දවසෙහි එසේ කෙරේවායි කීසේක.

12 පළමුවෙනි දවසේදී තමාගේ පඬුර ඔප්පුකළේ යූදා ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය. 13 ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 14 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ, ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 15 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු එක බැටළු පැටවෙක්ද; 16 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 17 ශාන්ති පූජා යාගය පිණිස ගොන් දෙන්නෙක්ද බැටළුවන් පස් දෙනෙක්ද එළුවන් පස් දෙනෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනෙක්ද යන මේය. අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ගේ පඬුර මේය.

18 දෙවෙනි දවසේදී ශූවර්ගේ පුත්‍රවූ ඉස්සාඛර්වරුන්ගේ අධිපතියාවූ නෙතනේල් ඔප්පුකෙළේය. 19 ඔහු ඔප්පුකළේ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 20 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 21 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු එක බැටළු පැටවෙක්ද; 22 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 23 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ගේ පඬුර මේය.

24 තුන්වෙනි දවසේදී හේලොන්ගේ පුත්‍රවූ සාබුලොන්වරුන්ගේ අධිපතියාවූ එලියාබ්ය. 25 ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 26 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 27 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; 28 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 29 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ගේ පඬුර මේය.

30 සතරවෙනි දවසේදී ෂෙදෙවුර්ගේ පුත්‍රවූ රූබෙන් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිශූර්ය. 31 ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 32 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 33 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; 34 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 35 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ගේ පඬුර මේය.

36 පස්වෙනි දවසේදී ශූරිෂද්දයිගේ පුත්‍රවූ සිමියොන් පුත්‍රයන්ගේ අධිපතියාවූ ෂෙලුමියෙල්ය. 37 ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 38 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 39 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; 40 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 41 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුම්යෙල්ගේ පඬුර මේය.

42 හවෙනි දවසේදී දෙවුයෙල්ගේ පුත්‍රවූ ගාද් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලියාසාප්ය. 43 ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 44 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 45 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; 46 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 47 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ගේ පඬුර මේය.

48 සත්වෙනි දවසේදී අම්මිහුද්ගේ පුත්‍රවූ එප්‍රායිම් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිෂාමාය. 49 ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 50 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 51 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; 52 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 53 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමාගේ පඬුර මේය.

54 අටවෙනි දවසේදී පෙදාශූර්ගේ පුත්‍රවූ මනස්සේ පුත්‍රයන්ගේ අධිපතියාවූ ගමාලියෙල්ය. 55 ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 56 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 57 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; 58 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 59 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ගේ පඬුර මේය.

60 නවවෙනි දවසේදී ගිදෙයොනිගේ පුත්‍රවූ බෙන්යමින් පුත්‍රයන්ගේ අධිපතියාවූ අබිදාන්ය. 61 ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ පිටිවලින් පිරී තිබුණේය; 62 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 63 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; 64 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 65 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ගේ පඬුර මේය.

66 දසවෙනි දවසේදී අම්මිෂද්දයිගේ පුත්‍රවූ දාන් පුත්‍රයන්ගේ අධිපතියාවූ අහියෙසෙර්ය. 67 ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 68 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 69 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; 70 පාප පූජාවක් පිණිස එළුවෙක්ද; 71 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ගේ පඬුර මේය.

72 එකළොස්වෙනි දවසේදී ඔක්‍රාන්ගේ පුත්‍රවූ ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියාවූ පගීයෙල්ය. 73 ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 74 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 75 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළු පැටවෙක්ද; 76 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 77 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල්ගේ පඬුර මේය.

78 දොළොස්වෙනි දවසේදී ඒනාන්ගේ පුත්‍රවූ නප්තලී පුත්‍රයන්ගේ අධිපතියාවූ අහිරාය. 79 ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; 80 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; 81 දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; 82 පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; 83 ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ඒනාන්ගේ පුත්‍රවූ අහිරාගේ පඬුර මේය.

84 පූජාසනය ආලේපකළ දවසේදී ඒක කැපකිරීමට ඉශ්‍රායෙල් අධිපතිවරුන්ගෙන් ලැබුණු දේවල් මේවාය. රිදී තැටි දොළොසක්ය, රිදී තාලි දොළොසක්ය, රන් පාත්‍රා දොළොසක්ය. 85 එක එක රිදී තැටියේ බර ෂෙකෙල් එකසිය තිහක්ය, එක එක තාලියේ බර ෂෙකෙල් සැත්තෑවක්ය. ඒ සියලු රිදී බඩු ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් දෙදාස් හාරසියයක් විය; 86 සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ රන් පාත්‍රා දොළොසක්ය; ශුද්ධස්ථානයේ ෂෙකෙල් හැටියට එක එක පාත්‍රය ෂෙකෙල් දසයක්ය. පාත්‍රාවල මුළු රන් බර ෂෙකෙල් එකසිය විස්සක්ය. 87 දවන පූජාව පිණිස සියලුම ගවයෝ ගොනුන් දොළොස්දෙනෙක්ය, බැටළුවන් දොළොස් දෙනෙක්ය, එක් අවුරුදු බැටළුපැටවුන් දොළොස්දෙනෙක්ය, උන් සමඟ ඔප්පුකළ ආහාර පූජාවය. පාප පූජාවක් පිණිස එළුවන් දොළොස් දෙනෙක්ය. 88 ශාන්ති පූජා යාගය පිණිස සියලුම ගවයෝ ගොන් විසිහතරදෙනෙක්ය, බැටළුවන් සැටදෙනෙක්ය, එළුවන් සැටදෙනෙක්ය, එක් අවුරුදු බැටළුපැටවුන් සැටදෙනෙක්ය. පූජාසනය ආලේපකළ පසු එය කැපකිරීමේ පූජා මේවාය. 89 මෝසෙස් උන්වහන්සේ සමඟ කථාකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමට ඇතුල් වන කල, සාක්ෂි පෙට්ටිය පිට තිබුණු කරුණාසනය උඩ සිට කෙරුබ්වරුන් දෙදෙනාට අතරෙන් තමාට කථාකරන හඬ ඔහුට ඇසුණේය. ඔහුද උන්වහන්සේට කථාකළේය.

8

මණ්ඩපයේ පහන්

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 නුඹ පහන් දල්වන කල පහන් සතේ එළිය පහන් රුක ඉස්සරහට වැටෙන්ට ඕනෑය කියා ආරොන්ට කියන්නැයි කීසේක. 3 ආරොන්ද එසේ කරමින්ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස පහන් රුක ඉස්සරහට එළිය වැටෙන ලෙස පහන් දැල්වූයේය. 4 පහන් රුකේ කර්මාන්තය වනාහි තළාපු රනින් විය; ඒකේ අඩිය හා ඒකේ මල් දක්වා එය තළාපු කර්මාන්තය විය.ස්වාමීන්වහන්සේමෝසෙස්ට පෙන්වූ ආදර්ශය ලෙස ඔහු පහන්රුක සෑදුවේය.

ලෙවීවරුන්ගේ යුතුකම් සඳහා ඔවුන් පවිත්‍රකිරීම

5 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 6 ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් කැඳවාගන ඔවුන් පවිත්‍රකරන්න. 7 ඔවුන් පවිත්‍රකරන පිණිස මෙසේ කරන්න–දෝෂ පහකිරීමේ වතුර ඔවුන් පිට ඉසින්න, ඔව්හු දැළිපිහියකින් තමුන්ගේ මුළු ශරීරය බූගා, තමුන්ගේ වස්ත්‍ර සෝදාගෙන තමුන්ම පවිත්‍රකරගනිත්වා. 8 එවිට ඔව්හු තරුණ ගොනෙක්ද ඊට අයිති ආහාර පූජාවට තෙල් මිශ්‍ර සිහින් පිටිද ගනිත්වා, නුඹ පාප පූජාවක් පිණිස තවත් තරුණ ගොනෙක් ගෙන, 9 සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ලෙවීවරුන් කැඳවාගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවත් රැස්කරවන්න. 10 නුඹ ලෙවීවරුන්ස්වාමීන්වහන්සේඉදිරිපිටට කැඳවාගත යුතුය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද තමුන්ගේ අත් ලෙවීවරුන් පිට තබත්වා. 11 ආරොන්ද ලෙවීවරුන්ස්වාමීන්වහන්සේගේමෙහෙය කිරීමට සිටින පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා තේව පූජාවක් වශයෙන්ස්වාමීන්වහන්සේඉදිරියෙහි ඔවුන් ඔප්පුකරන්නේය. 12 ලෙවීවරු තමුන්ගේ අත් ගොනුන්ගේ හිස් පිට තබත්වා. එවිට නුඹ ලෙවීවරුන් උදෙසා සමඟිකමක් කරන පිණිස එකෙක් පාප පූජාවක් කොටද එකෙක් දවන පූජාවක් කොටදස්වාමීන්වහන්සේටපූජාකරන්න. 13 නුඹ ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරිපිට ලෙවීවරුන් සිටුවා ඔවුන් තේව පූජාවක් කොටස්වාමීන්වහන්සේටඔප්පුකරන්න. 14 මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් වෙන්කරන්න. ලෙවීවරු මාගේ වන්නෝය. 15 ඉන්පසු ලෙවීවරු සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකරන පිණිස ඇතුල්වෙත්වා. එසේ ඔවුන් පවිත්‍රකර තේව පූජාවක් කොට ඔවුන් ඔප්පුකරන්න. 16 මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් මුළුමනින්ම මට දෙනලද්දෝය; ඉශ්‍රායෙල් ප්‍රත්‍රයන් අතරෙහි ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලන් එනම් සියලු කුලුඳුලන් වෙනුවට ඔවුන් මට ගත්තෙමි. 17 මක්නිසාද මනුෂ්‍යයන්ගෙනුත් මෘගයන්ගෙනුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලෝ මාගේය. මා විසින් මිසර දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඔවුන් මට ශුද්ධය කියා නියමකෙළෙමි. 18 එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු කුලුඳුලන් වෙනුවට මම ලෙවීවරුන් ගෙන, 19 ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයට ළංවෙන කල ඔවුන් අතරට වසංගතයක් නොපැමිණෙන පිණිස, සම්මුඛවීමේ කූඩාරමෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මෙහෙය කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ත්‍යාගයක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුනිමියි කීසේක. 20 මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද ලෙවීවරුන්ට එසේ කළෝය.ස්වාමීන්වහන්සේලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ ලෙවීවරුන්ට කළෝය. 21 ලෙවීවරුද තමුන්ගෙන් දෝෂ පහකරගෙන තමුන්ගේ වස්ත්‍ර සෝදාගත්තෝය; එවිට ආරොන් ඔවුන් තේව පූජාවක් කොටස්වාමීන්වහන්සේඉදිරියෙහි ඔප්පුකර ඔවුන් පවිත්‍රකරන පිණිස ඔවුන් උදෙසා සමඟිකමක් කෙළේය. 22 ඉන්පසු ලෙවීවරු ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තමුන්ගේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වූවෝය.ස්වාමීන්වහන්සේලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝය.

23 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 24 ලෙවීවරුන් සම්බන්ධ කාරණය මෙසේය–විසිපස් අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තෝ සම්මුඛවීමේ කූඩාරමේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙත්වා. 25 පනස් අවුරුදු වයස්වූ පසු ඔව්හු මෙහෙකිරිමෙන් අහක්ව, තවත් සේවය නොකර සිටිත්වා; 26 කටයුතු බලාගැනීමට සම්මුඛවීමේ කූඩාරම තුළ ඔවුන්ගේ සහෝදරයන් සමඟ මෙහෙකරනවා මිස ඔව්හු වැඩ නොකරන්නෝය. ලෙවීවරුන්ගේ භාර සම්බන්ධව ඔවුන්ට එසේ කරන්නැයි කීසේක.

9

පාස්කුව පැවැත්වීම

1 ඔවුන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ සීනයි කාන්තාරයේදීස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 2 තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ නියම කාලයෙහි පාස්කුව පවත්වත්වා. 3 ඊට නියම කාලය වන මේ මස දසසතරවෙනි දින සවස් වරුවේ ඒක පවත්වන්න. ඒකේ සියලු පනත්ද ඒකේ සියලු නියෝගද ප්‍රකාර ඒක පවත්වන්නැයි කීසේක. 4 මෝසෙස්ද පාස්කුව පවත්වන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය. 5 එසේ ඔව්හු පළමුවෙනි මස දසසතරවෙනි දින සවස සීනයි කාන්තාරයේදී පාස්කුව පැවැත්වූහ.ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය. 6 මෘත ශරීරයකින් අපවිත්‍රවී ඒ දවසේ පාස්කුව පවත්වන්ට නොහැකිවූ සමහර මනුෂ්‍යයෝ එහි සිටියෝය. ඒ මනුෂ්‍යයෝ ඒ දවසේදී මෝසෙස් සහ ආරොන් ඉදිරියට අවුත් කථාකොට: 7 අපි මෘත ශරීරයකින් අපවිත්‍රවී සිටිමුව. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහිස්වාමීන්වහන්සේගේපූජාව ඊට නියම කාලයෙහි ඔප්පු කිරීමෙන් අප වලක්වනු ලබන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය. 8 මෝසෙස්ද:ස්වාමීන්වහන්සේනුඹලා ගැන අණකරන්නේ කුමක්දැයි දැනගන්න තෙක් සිටින්නැයි ඔවුන්ට කීවේය.

9 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 10 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–නුඹලාගෙන්වත් නුඹලාගේ පරම්පරාවලින්වත් කිසිවෙකු මළකඳකින් අපවිත්‍රව සිටින නුමුත් දුර ගමනක යෙදී සිටින නුමුත් ඔහුස්වාමීන්වහන්සේටපාස්කුව පවත්වාවා. 11 දෙවෙනි මස දසසතරවෙනි දින සවස ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමඟ එය කත්වා. 12 ඔව්හු එයින් කිසිවක් උදය දක්වා ඉතුරු කරන්නේවත් උගේ ඇටයක් බිඳින්නේවත් නැතුව පාස්කුවේ මුළු පනත ලෙස එය පවත්වන්නෝය. 13 නුමුත් පවිත්‍රවූ, ගමනක යෙදී නොසිටින මනුෂ්‍යයෙක් පාස්කුව නොපවත්වා සිටින්නේනම්, ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.ස්වාමීන්වහන්සේගේපූජාව ඊට නියමකළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්‍යයා තමාගේ පාපය දරනවා ඇත. 14 විදේශියෙක් නුඹලා අතරෙහි පදිංචිව සිටස්වාමීන්වහන්සේටපාස්කුව පවත්වන්ට කැමතිනම් ඔහු පාස්කුවේ පනතද ඒකේ නියෝගයද ප්‍රකාර එය පැවැත්විය යුතුය. විදේශියෙක් වේවා ස්වදේශියෙක් වේවා නුඹලාට එකම පනතක් තිබිය යුතුයයි කීසේක.

මගපෙන්වීමේ වලාකුළ

15 තවද මණ්ඩපය පිහිටෙවු දවසේදී වලාකුළකින් මණ්ඩපය එනම් සාක්ෂි කූඩාරම වැසුණේය. සවස්වූ කල මණ්ඩපය මත්තෙහි ගින්නක් වැනි පෙනීමක් පහන් වෙන තුරු තිබුණේය. 16 නිරතුරුම එසේ විය. එය වලාකුළෙන්ද රාත්‍රියෙහි ගින්නක පෙනීමෙන්ද වැසුණේය. 17 වලාකුළ යම් විටක කූඩාරම මත්තෙන් ඔසවනලද්දේද ඉන්පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය. වලාකුළ යම් තැනක නැවතුණේද එතැන්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ කූඩාරම් ගසාගත්තෝය. 18 ස්වාමීන්වහන්සේගේආඥාව පිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය,ස්වාමීන්වහන්සේගේආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය. වලාකුළ මණ්ඩපය පිට නැවතී තිබුණු මුළු කාලයෙහි ඔව්හු තමුන්ගේ කූඩාරම්වල සිටියෝය. 19 වලාකුළ මණ්ඩපය පිට බොහෝ දවස් නැවතුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකොටස්වාමීන්වහන්සේගේසේවය බලාගත්තෝය. 20 සමහරවිට වලාකුළ මණ්ඩපය පිට ස්වල්ප දවසක් නැවතුණේය; එකල ඔව්හුස්වාමීන්වහන්සේගේඅණ ලෙස කූඩාරම්වල නැවතී සිටියෝය, ඔව්හුස්වාමීන්වහන්සේගේඅණ ලෙස ගමන් කළෝය. 21 සමහරවිට වලාකුළ සවස පටන් උදය දක්වා නැවතී තිබුණේය; උදය වලාකුළ ඔසවනු ලැබූ විට ඔව්හු ගමන්කළෝය. දවාලේ හෝ රාත්‍රියේ හෝ වලාකුළ ඔසවනු ලැබුයේනම් ඔව්හු ගමන්කළෝය. 22 වලාකුළ දෙදවසක් හෝ මසක් හෝ අවුරුද්දක් හෝ මණ්ඩපය පිට නැවතී තිබුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකර තමුන්ගේ කූඩාරම්වල නැවතී සිටියෝය. නුමුත් එය ඔසවනු ලැබූ කල ඔව්හු ගමන් කළෝය. 23 ස්වාමීන්වහන්සේගේආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය,ස්වාමීන්වහන්සේගේආඥාව පිට ඔව්හු ගමන්කළෝය.ස්වාමීන්වහන්සේමෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ඔව්හුස්වාමීන්වහන්සේගේසේවය බලාගත්තෝය.

10

රිදී හොරණෑ

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 සභාව කැඳවීමටත් සේනාව පිටත්කර වීමටත් පිඹින පිණිස රිදී හොරණෑ දෙකක් සාදාගන්න; ඒවා තළාපු කර්මාන්තයෙන් සාදන්න. 3 ඒවා පිඹින කල මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නුඹ වෙතට රැස්වෙත්වා. 4 එක හොරණෑවක් පමණක් පිම්බ කල ඉශ්‍රායෙල් දහස් ගණන්වල ප්‍රධානියෝ වන අධිපතීහු නුඹ වෙතට රැස්වෙත්වා. 5 නුඹලා මහත් හඬකින් පිම්බ කල නැගෙනහිර පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. 6 දෙවෙනි වර මහත් හඬකින් පිම්බ කල දකුණු පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. එසේ ඔවුන්ගේ ගමන් පිණිස මහත් හඬකින් පිඹින්නෝය. 7 නුමුත් සභාව රැස්කරවන්ට ඕනෑවූ විට මහත් ශබ්දයක් නොකොට පිඹින්න. 8 පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝ හොරණෑ පිඹිත්වා; ඒවා නුඹලාගේ පරම්පරාවල නුඹලාට නිරන්තර පනතක් පිණිස වන්නේය. 9 නුඹලාගේ දේශයෙහි නුඹලාට සතුරුකම් කරන සතුරාට විරුද්ධව නුඹලා යුද්ධයට යන විටද මහත් හඬකින් හොරණෑ පිඹින්න; එවිට නුඹලා නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේඉදිරියෙහි සිහිකරනු ලැබ නුඹලාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නහුය. 10 නුඹලාගේ ප්‍රීති දවසෙහිත් නුඹලාගේ නියම මංගල්‍යවලදීත් නුඹලාගේ මාස් ආරම්භයෙහිදීත් නුඹලාගේ දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකරන කල හොරණෑ පිඹින්න; ඒවා නුඹලාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට සිහිවීමක් පිණිස වන්නේය. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේයයි කීසේක.

සීනයි කන්දෙන් පිටත්වයාම

හොබාබ් කැඳවනු ලැබීම

11 දෙවෙනි වර්ෂයෙහි දෙවෙනි මස විසිවෙනි දින වලාකුළ සාක්ෂි මණ්ඩපය කෙරෙන් ඔසවාගන්නා ලද්දේය. 12 එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් ප්‍රකාර සීනයි කාන්තාරයෙන් පිටත්ව ගියෝය; වලාකුළ පාරාන් කාන්තාරයෙහි නැවතුණේය. 13 එවිට ඔව්හුස්වාමීන්වහන්සේමෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය. 14 පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය. 15 ඉස්සාඛර් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ය. 16 සාබුලොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ය. 17 මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය. 18 රූබෙන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය. 19 සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ශුරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල්ය. 20 ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය. 21 එවිට කොහාත්වරු පිටත්වී ශුද්ධස්ථානය උසුලාගන ගියෝය. ඔවුන් එනතුරු අනික් අය මණ්ඩපය පිහිටෙවුවෝය. 22 එප්‍රායිම් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමාය. 23 මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය. 24 බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ය. 25 සියලු කඳවුරුවලින් අන්තිම එකවූ දාන් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ය. 26 ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල්ය. 27 නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය. 28 තමුන්ගේ සේනාවල හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් කිරීම් මෙයාකාරය; ඔව්හුද පිටත්ව ගියෝය.

29 මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම නුඹලාට දෙන්නෙමියි කියාස්වාමීන්වහන්සේකී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි නුඹට යහපත කරන්නෙමුව. මක්නිසාදස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය. 30 ඔහුද: මම නොඑන්නෙමි; මාගේ දේශයටත් මාගේ නෑයන් වෙතටත් යන්නෙමියි ඔහුට කීවේය. 31 මෝසෙස්ද: අප අත්හැර නොයන මෙන් ඉල්ලමි; මක්නිසාද අප විසින් කාන්තාරයෙහි කඳවුරු බැඳගන්ට ඕනෑ කෙසේදැයි නුඹ දන්න බැවින් නුඹ අපට ඇස් මෙන් වෙනවා ඇත. 32 ඉදින් නුඹ අප සමඟ යන්නෙහි නම්ස්වාමීන්වහන්සේඅපට කරන යහපතම අපි සැබවින් නුඹට කරන්නෙමුයයි කීවේය.

33 ඔව්හුස්වාමීන්වහන්සේගේකන්දෙන් පිටත්ව තුන් දවසක ගමන් ගියෝය;ස්වාමීන්වහන්සේගේගිවිසුම් පෙට්ටියද ඔවුන්ට නවතින තැනක් සොයන පිණිස ඔවුන්ට පෙරටුවෙන් තුන් දිනක් ගමන් කෙළේය. 34 ඔවුන් කඳවුරෙන් පිටත්වූ කලස්වාමීන්වහන්සේගේවලාකුළ දවාලේදී ඔවුන්ට උඩින් තිබුණේය.

35 තවද ගිවිසුම් පෙට්ටිය පිටත්වෙන කල මෝසෙස් කියනුයේ:ස්වාමීන්වහන්ස,නැගුටුණු මැනව, ඔබගේ සතුරෝ විසිරයෙත්වා; ඔබට වෛරවෙන්නෝද ඔබ ඉදිරියෙන් පලා යෙත්වයි කීවේය. 36 ගිවිසුම් පෙට්ටිය නැවතුණු කල ඔහු:ස්වාමීන්වහන්ස,ඉශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණන්වලින් දස දහස් දෙනා වෙතට හැරී අව මැනවයි කීවේය.

11

සෙනඟගේ දොස්කීම්

1 සෙනඟස්වාමීන්වහන්සේඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය.ස්වාමීන්වහන්සේටඑය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය;ස්වාමීන්වහන්සේගේගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය. 2 එවිට සෙනඟ මෝසෙස්ට මොර ගැසුවෝය; මෝසෙස්ස්වාමීන්වහන්සේටයාච්ඤා කෙළේය, ගින්න නිවීගියේය. 3 ස්වාමීන්වහන්සේගේගින්න ඔවුන් අතරේ ඇවුළුණු බැවින් ඒ ස්ථානයට තබේරා යන නාමය තබනලද්දේය.

4 තවද ඔවුන් අතරේ සිටිය මිශ්‍ර සමූහයා තෘෂ්ණාවට වැටුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත හඬා: අපට කන්ට මස්දෙන්නේ කවුද? 5 මිසරයෙහිදී අප නොමිලයේ කෑවාවූ මාලුද පිපිඤ්ඤාද කොමඩුද කුඩා ලූනුද සුදුලූනුද අපට මතක්වෙයි. 6 නුමුත් දැන් අපේ ශරීර වේළී ගොස් තිබේ; කිසිම දෙයක් නැත. මේ මන්නා මිස වෙන කිසි දෙයක් අපේ ඇස් හමුවෙහි නැතැයි කීවෝය. 7 මන්නා වනාහි කොත්තමල්ලි ඇට වාගේය, එහි පැහැය මුතුවල පැහැය මෙන්ය. 8 සෙනඟ එහා මෙහා ගොස් ඒවා රැස්කරගන ඇඹරුම් ගලෙන් අඹරා නොහොත් වනේ ලා කොටා සැළියක උයා කැවිලි සෑදුවෝය. එහි රස අලුත් තෙල් රස හා සමානය. 9 රාත්‍රියෙහි කඳවුර පිට පිනි වැටුණු කල මන්නා ඒ පිට වැටුණේය. 10 සෙනඟ පවුල් වශයෙන් තම තමුන්ගේ කූඩාරම් දොරකඩවල සිට අඬනවා මෝසෙස්ට ඇසුණේය.ස්වාමීන්වහන්සේගේඋදහසද බොහෝසෙයින් ඇවුළුණේය; මෝසෙස් අප්‍රසන්නවිය. 11 මෝසෙස්ස්වාමීන්වහන්සේටකියනුයේ: ඔබ මේ මුළු සෙනඟගේ බර මා පිට තැබීමෙන් ඔබගේ මෙහෙකරුවාට කුමක්නිසා අයහපත කළසේක්ද? ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව නොපෙන්නුවේ මක්නිසාද? 12 මේ සියලු සෙනඟ කුසේ දැරුවේ මමද? ඇතිකරන පියෙක් කිරි බොන දරුවා උසුලාගෙන යන්නාක්මෙන් ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුළ දේශයට ඔවුන් නුඹේ ළයේ උසුලාගෙන යන්නැයි ඔබ මට කියන්ට ඔවුන් ඉපදෙවූවේ මමද? 13 මේ මුළු සෙනඟට කන්ට මස් මට කොයින්ද? මක්නිසාද: අපට මස් කන්ට දෙන්නැයි කියා ඔව්හු අඬමින් මට කියති. 14 තනියම මේ මුළු සෙනඟ දරන්ට මට බැරිය, මක්නිසාද එය මට බර වැඩිය. 15 ඔබ මට මෙසේ කරනසේක්නම්, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේනම්, වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි; අහෝ මාගේ කාලකණ්ණිකම මට දකින්ට නුදුන මැනවයි කීවේය.

වැඩිමහල්ලන් සැත්තෑදෙනා

16 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: සෙනඟගේ වැඩිමහල්ලන්ව ඔවුන් කෙරේ මුලාදෑනීන්ව සිටින බව නුඹ දන්නාවූ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සැත්තෑදෙනෙකු මට රැස් කර ඔවුන් නුඹ සමඟ සිටින පිණිස සම්මුඛවීමේ කූඩාරම ළඟට කැඳවාගන එන්න. 17 මම බැස එහිදී නුඹ සමඟ කථාකරන්නෙමි. නුඹ තනියම සෙනඟගේ බර නූසුලා, ඔවුන් නුඹ සමඟ එය උසුලන පිණිස නුඹ කෙරෙහි තිබෙන ආත්මයෙන් ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි. 18 නුඹ සෙනඟට කථාකොට: හෙට දවසට පවිත්‍ර වෙන්න, එවිට නුඹලා මාංස කන්නහුය. මක්නිසාද නුඹලා: අපට මස් කන්ට දෙන්නේ කවුද? මිසරයෙහිදී අපි සැප වින්දෙමුයයි කියමින්ස්වාමීන්වහන්සේගේකන්වලට ඇසෙන්ට වැලපුණහුය. එබැවින්ස්වාමීන්වහන්සේනුඹලාට මාංස දෙනවා ඇත, නුඹලාද කන්නහුය. 19 නුඹලා අතරේ සිටිනස්වාමීන්වහන්සේප්‍රතික්ෂේපකොට: අපි කුමක් නිසා මිසරයෙන් ආවෙමුදැයි කියමින් උන්වහන්සේ ඉදිරියෙහි වැලපුණු බැවින්, 20 එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස නුඹලාගේ නාස්පුඩුවලින් නික්ම නුඹලාට පිළිකුල් වන තුරු නුඹලා ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක. 21 මෝසෙස් කියනුයේ: මා වෙත සිටින පයින් යන සෙනඟ සලක්ෂයක; එහෙත් මාසයක් මුළුල්ලෙහි ඔවුන්ට මස් කන්ට දෙන්නෙමියි ඔබ කීසේක. 22 ඔවුන් තෘප්තියට පමුණුවන පිණිස එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද ඔවුන් නිසා මැරිය හැක්කේද? නොහොත් ඔවුන් සෑහීමට පමුණුවන පිණිස මුහුදේ සියලු මත්ස්‍යයන් ඔවුන් උදෙසා රැස්කළ හැක්කේදැයි කීයේය.

23 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට:ස්වාමීන්වහන්සේගේහස්තය ලුහුඬුව තිබේද? මගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් නුඹට පෙනේයයි කීසේක. 24 එවිට මෝසෙස් පිටතට ගොස්ස්වාමීන්වහන්සේගේවචන සෙනඟට කියා, සෙනඟ අතරෙන් වැඩිමහල්ලන් සැත්තෑදෙනෙකු රැස්කොට ඔවුන් කූඩාරම වටකර සිටෙව්වේය. 25 ස්වාමීන්වහන්සේවලාකුළ පිරිවරා බැස්සසේක්, ඔහුට කථාකොට ඔහු කෙරෙහි තිබුණු ආත්මයෙන් ගෙන වැඩිමහල්ලන් සැත්තෑදෙනා කෙරෙහි තැබූසේක. එසේ ආත්මය ඔවුන් කෙරෙහි පිහිටි කල ඔව්හු ප්‍රොපේත වාක්‍ය කීවෝය, නුමුත් පසුව එසේ නොකීවෝය. 26 එහෙත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියෝය, එක්කෙනෙකුගේ නම එල්දාද්ය. අනික් අයගේ නම මේදාද්ය. ආත්මය ඔවුන් කෙරෙහිද පිහිටියේය; ඔව්හු ලියනලද්දවුන්ට ඇතුළත්ව සිටිය නුමුත් කූඩාරම ළඟට නොගියෝය. ඔව්හුද කඳවුරෙහිදී දිව්‍ය වාක්‍ය කීවෝය. 27 තරුණයෙක් දිවගොස් මෝසෙස්ට කථාකොට: එල්දාද් සහ මේදාද් කඳවුරෙහි සිට දිව්‍ය වාක්‍ය කියතියි කීය. 28 මෝසෙස්ගේ මෙහෙකරුවූ ඔහුගේ තෝරාගත් මනුෂ්‍යයන්ගෙන් කෙනෙක්වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා උත්තරදෙමින්: මෝසෙස් ස්වාමිනි, ඔවුන් තහනම්කළ මැනවයි කීය. 29 මෝසෙස්ද: නුඹ මා නිසා ඊර්ෂ්‍යාවෙනවාද?ස්වාමීන්වහන්සේගේසියලු සෙනඟ ප්‍රොපේතවරුන් වෙන ලෙසස්වාමීන්වහන්සේතමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි තැබුවොත් යෙහෙකැයි කීවේය. 30 පසුව මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද කඳවුර ඇතුළට ගියෝය.

වටුවන් සහ පීඩාව

31 එවිටස්වාමීන්වහන්සේකෙරෙන් සුළඟක් නික්ම ගොස් වටුවන් මුහුදෙන් පමුණුවා කඳවුර ළඟ මෙහායින් දවසක ගමන් පමණද එහායින් දවසක ගමන් පමණද දුරටත් පොළොව මතුපිට දෙරියනක් පමණ උසටත් කඳවුර හාත්පසින් උන් වැටෙන්ට සැලැස්විය. 32 සෙනඟ ඒ දවස මුළුල්ලෙහිත් රෑ මුළුල්ලෙහිත් පසුවදා මුළුල්ලෙහිත් නැගිට සිට වටුවන් එකතුකළෝය. ඉතාම ස්වල්ප වශයෙන් එකතුකළ තැනැත්තේ හෝමෙර දසයක් එකතුකරගත්තේය. ඔව්හු කඳවුර හාත්පස උන් තමුන්ටම අතුරා තබාගත්තෝය. 33 නුමුත් මාංස ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දීම, ඒවා විකන්ට පළමුවෙන්,ස්වාමීන්වහන්සේගේඋදහස සෙනඟට විරුද්ධව ඇවුළුණේය,ස්වාමීන්වහන්සේඉතා මහත් වසංගතයකින් සෙනඟට පහරදුන්සේක. 34 තෘෂ්ණාධික සෙනඟ එහි තැන්පත් කරනු ලැබූ බැවින් ඒ ස්ථානයට කිබ්‍රොත්-හත්තාවායන නම තබන ලද්දේය. 35 සෙනඟ කිබ්‍රොත්-හත්තාවායෙන් නික්ම හශේරොත්ට පිටත්ව ගොස් හශේරොත්හි නැවතී සිටියෝය.

12

මිරියාම් සහ ආරොන්ගේ කෙඳිරීම

1 මෝසෙස් පාවාගත් කුෂ් ස්ත්‍රිය නිසා මිරියාම් සහ ආරොන් ඔහුට විරුද්ධව කථාකළෝය. මක්නිසාද ඔහු කුෂ් ස්ත්‍රියෙක් සරණපාවාගෙන සිටියේය. 2 ඔව්හුද:ස්වාමීන්වහන්සේකථාකෙරෙවුවේ මෝසෙස් ලවා පමණක්ද? උන්වහන්සේ අප ලවාත් කථානොකෙරෙවුසේක්දැයි කීවෝය.ස්වාමීන්වහන්සේඒක ඇසූසේක. 3 මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය. 4 ස්වාමීන්වහන්සේඑකෙණෙහිම මෝසෙස් හා ආරොන්ටත් මිරියාම්ටත් කථාකොට: නුඹලා තුන්දෙනා සම්මුඛවීමේ කූඩාරම ළඟට පිටතට එන්නැයි කීසේක. ඔවුන් තුන්දෙනා පිටතට ආවෝය. 5 ස්වාමීන්වහන්සේවලාටැඹකින් ඇවිත් කූඩාරමේ දොරකඩ සිට ආරොන්ට සහ මිරියාම්ට අඬගැසූ සේක. 6 ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන්වහන්සේද: මාගේ වචන අසන්න. නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම්ස්වාමිවූමම ඔහුට දර්ශනයකින් ප්‍රකාශවෙන්නෙමි, හීනයකින් මම ඔහුට කථාකරන්නෙමි. 7 මාගේ මෙහෙකරුවූ මෝසෙස් එසේ නොවේ; ඔහු මාගේ මුළු ගෘහයෙහි ඉතා විශ්වාසිකය. 8 මම ඔහු සමඟ අඳුරු කථාවලින් නොව මුවෙන් මුව ප්‍රකාශ ලෙස කථාකරමි;ස්වාමීන්වහන්සේගේස්වරූපයද ඔහු බලන්නේය. එබැවින් නුඹලා මාගේ මෙහෙකරුවූ මෝසෙස්ට විරුද්ධව කථාකරන්ට භයනූණේ කෙසේදැයි කීසේක. 9 ස්වාමීන්වහන්සේගේඋදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ අහක්ව ගියසේක. 10 වලාකුළද කූඩාරම මතුයෙන් පහව ගියේය; බලව, මිරියාම් කුෂ්ඨ රෝගීව හිම මෙන් සුදුවූවාය. ආරොන් මිරියාම් දෙස බැලූවිට ඈ කුෂ්ඨ සහිත වූවාය. 11 ආරොන් මෝසෙස්ට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, අප විසින් මෝඩ ලෙස හැසිර කළාවූ පාපය අප කෙරෙහි නොතැබුවමැනවි. 12 ඈ තමාගේ මාංසයෙන් භාගයක් දිරාගොස්, මවු කුසෙන් බිහිවෙන මළ දරුවෙකු මෙන් වෙන්ට නොහරින මෙන් අයදිමියි කීවේය. 13 මෝසෙස්ද: අනේ දෙවියන්වහන්ස, ඈ සුවකළමැනවයිස්වාමීන්වහන්සේටහඬගැසීය. 14 ස්වාමීන්වහන්සේද: ඇගේ පියා ඇගේ මුහුණට කෙළගැසුවේනම් ඒකට පවා ඈ සත් දවසක් ලජ්ජාවෙන් නොසිටින්නීද? ඈ සත් දවසක් කඳවුරෙන් පිටත වසා තබනු ලැබ පසුව ඇතුළට ගනු ලබාවයි ඔහුට කීසේක. 15 එසේ මිරියාම් කඳවුරෙන් පිටත සත් දවසක් වසා තබනලද්දීය. සෙනඟ වනාහි මිරියාම් ඇතුළට ගෙනෙන තෙක් ගමන් නොකළෝය. 16 පසුව සෙනඟ හශේරොත්හි සිට පිටත්ව ගොස් පාරාන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.

13

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කියනසේක්: 2 මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන කානාන් දේශය සෝදිසිකරන පිණිස මනුෂ්‍යයන් යවන්න. තම තමාගේ පිය ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඔවුන් අතරේ අධිපතිව සිටින තැනැත්තන්ම යවන්නැයි කීසේක. 3 මෝසෙස්ස්වාමීන්වහන්සේගේආඥාව ලෙස පාරාන් කාන්තාරයේ සිට ඔවුන් යැවුවේය. ඔවුන් සියල්ලෝම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ප්‍රධානියෝව සිටි මනුෂ්‍යයෝය. 4 ඔවුන්ගේ නාමවල් මේය: රූබෙන් ගෝත්‍රයෙන් සක්කූර්ගේ පුත්‍රවූ ෂම්මුවාය. 5 සිමියොන් ගෝත්‍රයෙන් හෝරීගේ පුත්‍රවූ ෂාඵාත්ය. 6 යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය. 7 ඉස්සාඛර් ගෝත්‍රයෙන් යෝසෙප්ගේ පුත්‍රවූ ඉගාල්ය. 8 එප්‍රායිම් ගෝත්‍රයෙන් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාය. 9 බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් රාඵුගේ පුත්‍රවූ පල්තීය. 10 සාබුලොන් ගෝත්‍රයෙන් සෝදීගේ පුත්‍රවූ ගද්දීයෙල්ය. 11 යෝසෙප් ගෝත්‍රයෙන් එනම් මනස්සේ ගෝත්‍රයෙන් සූසිගේ පුත්‍රවූ ගද්දීය. 12 දාන් ගෝත්‍රයෙන් ගෙමල්ලිගේ පුත්‍රවූ අම්මීයෙල්ය. 13 ආෂෙර් ගෝත්‍රයෙන් මිඛායෙල්ගේ පුත්‍රවූ සෙතුර්ය. 14 නප්තලී ගෝත්‍රයෙන් වොප්සීගේ පුත්‍රවූ නාබීය. 15 ගාද් ගෝත්‍රයෙන් මාඛීගේ පුත්‍රවූ ගෙවුයෙල්ය. 16 දේශය සෝදිසි කරන පිණිස මෝසෙස් යැවූ මනුෂ්‍යයන්ගේ නාමවල් මේය. මෝසෙස් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාට යෝෂුවායයි නම්තැබුවේය. 17 එසේ කානාන් දේශය සෝදිසිකරන පිණිස මෝසෙස් ඔවුන් යවමින්: නුඹලා මේ දකුණු දිශාවෙන් ගොස් කඳුකරයට නැගී 18 දේශය කොයි ආකාරද කියාත්, එහි වසන සෙනඟ බලවත්ද දුර්වලද ස්වල්පද බොහෝද කියාත්, 19 ඔවුන් වාසයකරන දේශය හොඳද නරකද කියාත්, ඔවුන් සිටින නුවරවල් කොයි ආකාරද, ඔවුන් වසන්නේ කූඩාරම්වලද බලකොටුවලද කියාත්, 20 දේශය සශ්‍රීකද නිශ්‍රීකද, එහි මුකළාන් ඇද්ද නැද්ද කියාත් බලන්න. නුඹලා ධෛර්යවත්ව සිට දේශයේ ඵලවලින් ගෙනෙන්නැයි කීවේය. ඒ කාලය ප්‍රථම මුද්‍රික ඵල වාරයව තිබුණේය. 21 එසේ ඔව්හු ගොස් ශීන් කාන්තාරයේ පටන් හමාත්ට යන තැන තිබෙන රෙහොබ් දක්වා දේශය සෝදිසිකළෝය. 22 ඔව්හු දකුණු දිශාවේ නැගී ගොස් හෙබ්‍රොන්ට පැමුණුණෝය; එහි අනාක්ගේ පුත්‍රයන් වන අහීමන්ද ෂේෂයිද තල්මයිද සිටියෝය. (හෙබ්‍රොන් නුවර මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙන් ගොඩනගනලදී.) 23 ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත් එතැනින් එක මුද්‍රික පොකුරක් ඇති අත්තක් කපාගත්තෝය, දෙදෙනෙක් ඒක දණ්ඩක තඩලාගන ආවෝය; ඔව්හු දෙළුම් හා අත්තික්කාත් ගෙනාවෝය. 24 ඉශ්‍රායෙල් පුත්‍රයන් එහිදී කපාගත් මුද්‍රික පොකුර නිසා ඒ ස්ථානයට එෂ්කොල් මිටියාවත යයි නම් තබන ලද්දේය. 25 ඔව්හු දේශය සෝදිසිකර සතළිස් දවසකට පසු හැරී ඇවිත්, 26 මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය. 27 ඔව්හු ඔහුට කථාකොට: ඔබ අප යැවූ දේශයට ගියෙමුව, සැබවින් එහි කිරි සහ මීපැණි ගලායයි; එහි ඵල මේය. 28 එසේවීනුමුත් දේශයෙහි සිටින සෙනඟ බලවත්ය, නුවරවල්ද ප්‍රාකාර සහිතව ඉතා මහත්ය. ඒ ඇරත් අනාක්ගේ පුත්‍රයන් එහි දුටිමුව. 29 අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුද බඩද යොර්දාන් අසබඩද වාසයකරතියි කීවෝය. 30 කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය. 31 එහෙත් ඔහු සමඟ ගිය මනුෂ්‍යයෝ කථාකොට: ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය; මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්යයි කීවෝය. 32 ඔව්හු තමුන් සෝදිසිකළ දේශය ගැන ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නරක ප්‍රවෘත්තියක් පතළකරමින්: අප සෝදිසි කරන්ට ගිය දේශයනම් වැසියන් නාස්තිකරදමන දේශයක්ය; එහි අප විසින් දක්නාලද සෙනඟ සියල්ලෝම බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෝය. 33 එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය.

14

සෙනඟ මැසිවිලි කීම හා සතළිස් අවුරුද්දක් මාර්ගයෙහි මංමුළාවීම

1 එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය. 2 සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත. 3 අප කඩුවෙන් වැටෙන පිණිසස්වාමීන්වහන්සේමේ දේශයට අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනවා ඇත. මිසරයට හැරීයාම අපට හොඳ නොවේ දැයි කීවෝය. 4 තවද ඔව්හු එකිනෙකාට කථාකොට: අපි ප්‍රධානියෙකු පත්කරගෙන මිසරයට හැරීයමුයයි කීවෝය. 5 එවිට මෝසෙස් හා ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය. 6 දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, 7 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය. 8 ස්වාමීන්වහන්සේඅප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. 9 ස්වාමීන්වහන්සේටවිරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය,ස්වාමීන්වහන්සේඅප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය. 10 එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ.ස්වාමීන්වහන්සේගේමහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙනුණේය.

11 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: මේ සෙනඟ කොපමණ කල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකලාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද? 12 මම වසංගතයෙන් ඔවුන්ට පහරදී, ඔවුන් අහිමිකොට, ඔවුන්ට වඩා මහත්වූ බලවත්වූ සෙනඟක් නුඹෙන් හටගන්වන්නෙමියි කීසේක. 13 මෝසෙස්ස්වාමීන්වහන්සේටකථාකොට: එවිට මිසරවරුන්ට එය සැලවෙනවා ඇත; මක්නිසාද ඔබ ඔවුන් අතරෙන් මේ සෙනඟ ඔබගේ පරාක්‍රමයෙන් ගෙනාසේක; 14 ඔව්හු මේ දේශයෙහි වැසියන්ටද ඒක කියන්නාහුය.ස්වාමීන්වහන්ස,ඔබ මේ සෙනඟ මැද සිටිනසේකැයි ඔවුන් විසින් අසනලද්දේය; මක්නිසාදස්වාමීන්වහන්ස,ඔබ මුහුණට මුහුණ ලා දක්නාලබනසේක, ඔබගේ වලාකුළ මොවුන් මතුයෙහි තිබේ. ඔබ දවාලෙහි වලා ටැඹකින්ද රාත්‍රියෙහි ගිනි ටැඹකින්ද මොවුන්ට පෙරටුව යනසේක. 15 ඉදින් ඔබ දැන් මේ සෙනඟ එක්කෙනෙකු මෙන් මරනසේක් නම් ඔබගේ කීර්තිය ඇසූ ජාතීන් කථාකරමින්: 16 ස්වාමීන්වහන්සේමේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත. 17 එබැවින් ඔබ කථාකොට:ස්වාමීන්වහන්සේඋදහස් වීමට ප්‍රමාදවනසේක. බොහෝ දයාවෙන් යුක්තය, 18 උන්වහන්සේ අයුතුකම හා වරද ක්ෂමාකරනසේක, එහෙත් අපරාධීන් කොයි ආකාරයකින්වත් නිර්දෝෂ නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා පියවරුන්ගේ අයුතුකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙනසේකැයි කීලෙසමස්වාමීන්වහන්සේගේබලය මහත් වේවා. 19 ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය. 20 ස්වාමීන්වහන්සේද: නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි. 21 එහෙත් මා ජීවත්ව සිටිනවාත් මුළු පොළොවස්වාමීන්වහන්සේගේතේජසෙන් පූර්ණකරනු ලබනවාත් සැබෑවාසේම, 22 මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්, 23 සැබවින් මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දෙනලෙස දිවුළ දේශය ඔව්හු නොදක්නෝය, මා හෙළාදැක්වූ කිසිවෙක්වත් ඒක නොදක්නේය. 24 එහෙත් මාගේ මෙහෙකරුවූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි; ඔහුගේ වංශයද එය හිමිකරගන්නේය. 25 දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට නුඹලා හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක.

26 ස්වාමීන්වහන්සේමෝසෙස්ට සහ ආරොන්ටද කථාකොට: 27 මට විරුද්ධව කොඳුරන මේ දුෂ්ට සභාව ගැන කොපමණ කල් ඉවසම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් මට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් ඇසීමි. 28 ඔවුන්ට මෙසේ කියන්න–මා ජීවත්ව සිටිනවා සැබෑවා සේම මෙසේ කියමියිස්වාමීන්වහන්සේකියනසේක: නුඹලා මා ඉදිරියෙහි කීලෙසම නුඹලාට කරන්නෙමි. 29 විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, නුඹලාගේ මුළු ගණන වන නුඹලා අතරෙන් ගණන්කරන ලද්දාවූ, මට විරුද්ධව කොඳුළාවූ නුඹලා සියල්ලන්ගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත. 30 නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස නුඹලා නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය. 31 එහෙත් කොල්ලයක් වේයයි නුඹලා කීවාවූ නුඹලාගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු නුඹලා ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය. 32 එහෙත් නුඹලාගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත. 33 නුඹලාගේ පුත්‍රයෝද සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි එඬේරුන් මෙන් තැනින් තැන යමින්, නුඹලාගේ මළකඳන් කාන්තාරයෙහි ක්ෂයවී යන තෙක් නුඹලාගේ අනාචාරකම් දරන්නෝය. 34 නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය. 35 ස්වාමිවූමම කථාකොට: සැබවින්ම මට විරුද්ධව රැස්ව සිටින මේ මුළු දුෂ්ට සභාවට මම මේක කරන්නෙමි. මේ කාන්තාරයෙහි ඔව්හු නාස්තිවන්නෝය, මෙහි ඔව්හු නසින්නෝයයි කීමියි කීසේක. 36 දේශය සෝදිසිකරන පිණිස මෝසෙස් විසින් යවන ලදුව හැරී ඇවිත් දේශය ගැන විරුද්ධවූ නරක ප්‍රවෘත්තියක් පළකිරීමෙන් මුළු සභාව ඔහුට විරුද්ධව කොඳුරන්ට සැලැස්සුවාවූ මනුෂ්‍යයෝ, 37 එනම් දේශය ගැන නරක ප්‍රවෘත්තියක් ගෙනාවාවූ මනුෂ්‍යයෝස්වාමීන්වහන්සේඉදිරියෙහි වසංගතයෙන් මාරුණැහ. 38 එහෙත් දේශය සෝදිසිකරන්ට ගිය ඒ මනුෂ්‍යයන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද ජීවත්ව ඉතිරිව සිටියෝය. 39 මෝසෙස් ඒ වචන සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය. එවිට සෙනඟ බොහෝසෙයින් වැලපුණෝය. 40 පසුවදා ඔව්හු අලුයම නැගිට කථාකර: මෙන්න, අපි මෙහිය,ස්වාමීන්වහන්සේපොරොන්දුවූ ස්ථානයට නැගී යමුව, මක්නිසාද අපි පව්කෙළෙමුයයි කියා කන්ද මුදුනට නැගී ගියෝය. 41 නුමුත් මෝසෙස් කථාකර: සඵලයක් නොවන බව දැනගනත් නුඹලා මෙසේස්වාමීන්වහන්සේගේඅණ කඩකරන්නේ මක්නිසාද? 42 නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න. මක්නිසාදස්වාමීන්වහන්සේනුඹලා අතරෙහි නොවන සේක. 43 අමලෙක්වරුන්ද කානානිවරුන්ද එහි නුඹලා ඉදිරිපිට සිටින බැවින් නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත. නුඹලාස්වාමීන්වහන්සේඅනුව යාමෙන් හැරී ගොස් සිටින බැවින්ස්වාමීන්වහන්සේනුඹලා සමඟ නොසිටිනසේකැයි කීවේය. 44 එහෙත් ඔව්හු හිතුවක්කාරකමින් කන්ද මුදුනට ගියෝය. එසේ වී නුමුත්ස්වාමීන්වහන්සේගේගිවිසුම් පෙට්ටියද මෝසෙස්ද කඳවුරෙන් පිටත්ව නොගියෝය. 45 එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.

15

නොයෙක් පුද පූජාවන් පිළිබඳ අණපනත්

1 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන නුඹලාගේ වාස භූමිය වන්නාවූ දේශයට නුඹලා පැමිණි කල්හි, 3 භාරයක් ඉෂ්ටකිරීම පිණිස හෝ සතුටු පඬුරක් පිණිස හෝ නුඹලාගේ නියම මංගල්‍යවලදී හෝ ගවරැළෙන්වත් එළු බැටළු රැළෙන්වත්ස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් කොට නුඹලා ගිනිපූජාවක් ඔප්පුකරනවිට, ඒක දවන පූජාවක් නුමුත් යාග පූජාවක් නුමුත්, 4 එසේ තමාගේ පූජාවස්වාමීන්වහන්සේටඔප්පුකරන්නා ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා. 5 පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් සතරෙන් කොටසක් දවන පූජාවට නුමුත් යාග පූජාවට නුමුත් එක එක බැටළු පැටවා සමඟ ඔප්පුකරන්න. 6 බැටළුවෙකු සමඟ නම් ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් තුනෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක් මිශ්‍රකර ඔප්පුකරන්න. 7 පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් තුනෙන් කොටසක්දස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න. 8 නුඹ භාරයක් ඉෂ්ට කිරීමටවත් ශාන්ති පූජා පිණිසවත් ගොනෙක් දවන පූජාවක් පිණිස නොහොත් යාග පූජාවක් පිණිසස්වාමීන්වහන්සේටඔප්පුකරන විට, 9 ගොනා සමඟ ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් භාගයක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා. 10 පාන පූජාවක් පිණිසස්වාමීන්වහන්සේටමිහිරි සුවඳ ඇති ගිනි පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් භාගයක්ද ඔප්පුකරන්න. 11 එක එක ගවයාට වුණත් එක එක බැටළුවාට වුණත් එක එක බැටළුපැටවාට වුණත් එක එක එළුපැටවාට වුණත් එලෙස කළ යුතුය. 12 නුඹලා පිළියෙළ කරන ගණනේ හැටියට උන්ගේ ගණනෙන් එක එකා ගැන එසේ කරන්න. 13 ස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකිරීමට ස්වදේශීවූ සියල්ලෝ මේ දේ මේ ප්‍රකාරයට කරත්වා. 14 නුඹලා සමඟ සිටින විදේශියෙක් නුමුත් නුඹලාගේ පරම්පරාවල නුඹලා අතරෙහි සිටින වෙන කවුරු නුමුත්ස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකරන විට නුඹලා කරන්නාක්මෙන් ඔහුද කළ යුතුය. 15 මුළු සභාවට එනම් නුඹලාටත් නුඹලා සමඟ සිටින විදේශියාටත් එක පනතක් වන්නේය. එය නුඹලාගේ පරම්පරාවලට සදාකාල පනතක්ය.ස්වාමීන්වහන්සේඉදිරියෙහි නුඹලා යම් ආකාරද විදේශියාත් එයාකාරව සිටීවා. 16 නුඹලාටත් නුඹලා සමඟ සිටින විදේශියාටත් එක ව්‍යවස්ථාවක් හා එක නියෝගයක් තිබිය යුතුයයි කීසේක.

17 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 18 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–මා විසින් නුඹලා පමුණුවන දේශයට නුඹලා ඇතුල්ව, 19 දේශයේ රොටි කන කල්හිස්වාමීන්වහන්සේටඑසවීමේ පූජාවක් ඔප්පුකරන්න. 20 ප්‍රථමකොට අනාපු පිටියෙන් නුඹලා රොටියක් සාදා එසවීමේ පූජාවක් පිණිස ඔප්පුකරන්න. පාවරේ එසවීමේ පූජාව මෙන් ඒකත් ඔසවන්න. 21 නුඹලාගේ ප්‍රථමකොට අනාපු පිටියෙන් නුඹලාගේ පරම්පරාවන්හිස්වාමීන්වහන්සේටඑසවීමේ පූජාවක් ඔප්පුකරන්න.

22 නුඹලාට වැරදිලා, නුඹලාස්වාමීන්වහන්සේමෝසෙස්ට කීවාවූ මේ සියලු ආඥා, 23 එනම්ස්වාමීන්වහන්සේආඥා පැණෙවු දවස පටන් නුඹලාගේ පරම්පරාවන්හි පවත්වාගනයන්ටස්වාමීන්වහන්සේමෝසෙස් ලවා නුඹලාට අණකෙරෙවූ සියල්ලෙන් යමක් නොකර ඇරියොත්, 24 එය සභාවේ දැනගැන්ම නැතුව වැරදිල්ලකින් කරන ලද්දේනම්, මුළු සභාවස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් පිණිස, දවන පූජාවක් පිණිස, එක තරුණ ගොනෙක්ද නියමයේ හැටියට උගේ ආහාර පූජාවද පාන පූජාවද පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරාවා. 25 පූජකයාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව උදෙසා සමඟිකමක් කෙරේවා, එවිට ඔවුන්ට කමාව ලැබේ; මක්නිසාද ඒක වැරදිල්ලක්ය, ඔව්හුදස්වාමීන්වහන්සේටගිනි පූජාවක් කොට තමුන්ගේ පූජාව සහ තමුන්ගේ පාප පූජාවත් තමුන්ගේ වැරදිල්ල ගැනස්වාමීන්වහන්සේඉදිරියට ගෙනාවාහුය. 26 එසේ වැරදිල්ලකින් මුළු සෙනඟ එය කළ බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවටත් ඔවුන් අතරෙහි සිටින විදේශියාටත් කමාව ලැබේ. 27 එක්කෙනෙක් වැරදිල්ලකින් පව්කරන්නේනම් ඔහු පාප පූජාවක් පිණිස එක් අවුරුදු එළුදෙනකු පූජා කරාවා. 28 පූජකයාද එසේ වැරදිල්ලකින් නොදැන පව්කරන අය උදෙසා සමඟිකමක් කිරීමෙන් ඔහුට කමාව ලැබෙන පිණිස ඔහු උදෙසාස්වාමීන්වහන්සේඉදිරියෙහි සමඟිකමක් කරාවා. 29 වැරදිල්ලකින් යමක් කරන අය ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශියෙක් වුණත් ඔවුන් අතරෙහි වසන විදේශියෙක් වුණත් ඔවුන් ගැන එක ව්‍යවස්ථාවක් නුඹලාට වන්නේය. 30 එහෙත් ස්වදේශියාවත් විදේශියාවත් එඩි සිතින් යමක් කරන්නේනම්, ඒ අයස්වාමීන්වහන්සේටඅපහාස කරන බැවින්, ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. 31 මක්නිසාද ඔහුස්වාමීන්වහන්සේගේවචනය සුළුකොට සිතා උන්වහන්සේගේ ආඥාව කඩකෙළේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලබන්නේය, ඔහුගේ අයුතුකම ඔහුට වන්නේයයි කීසේක.

32 ඉශ්‍රායෙල් පුත්‍රයන් කාන්තාරයෙහි සිටියදී මනුෂ්‍යයෙක් සබත් දවසේ දර එකතුකරනවා ඔව්හු දුටුවෝය. 33 එසේ ඔහු දර එකතුකරනවා දුටු අය මෝසෙස් හා ආරොන්ද මුළු සභාවද වෙතට ඔහු ගෙනාවෝය. 34 එවිට, ඔහුට කළ යුතු දේ දන්වා නොතිබුණු බැවින් ඔහු හිර අඩස්සි කළෝය. 35 ස්වාමීන්වහන්සේද: ඒ මනුෂ්‍යයා සැබැවින් මරනු ලැබිය යුතුය. මුළු සභාව කඳවුරෙන් පිටතදී ගල්ගසා ඔහු මරත්වයි මෝසෙස්ට කීසේක. 36 ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස මුළු සභාව කඳවුරෙන් පිටතට ඔහු ගෙනගොස් ඔහුට ගල් ගැසුවාය, ඔහු මළේය.

37 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 38 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්, ඔවුන්ගේ පරම්පරාවලදී තමුන්ගේ වස්ත්‍ර වාටිවල දාවලු සාදාගන එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් අල්ලන හැටියට ඔවුන්ට කියන්න. 39 නුඹලා දාවල්ල බලාස්වාමීන්වහන්සේගේසියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්, 40 නුඹලා මාගේ සියලු ආඥා සිහිකොට ඒවා පවත්වමින් නුඹලාගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටින පිණිසත්, එබඳු දාවල්ලක් නුඹලාට තිබේවා. 41 නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස මම මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේයයි කීසේක.

16

කෝරා යනාදීන්ගේ කැරළිගැසීම

1 ලෙවීගේ පුත්‍රවූ කොහාත්ගේ පුත්‍රයා වන ඉශ්හාර්ගේ පුත්‍රයාවූ කෝරාද රූබෙන් පුත්‍රයෝ වන එලියාබ්ගේ පුත්‍රයෝවූ දාතාන් හා අබීරාම්ද පෙලෙත්ගේ පුත්‍රවූ ඕන්ද, 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට, 3 මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව රැස්ව ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලොකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්,ස්වාමීන්වහන්සේද ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලාස්වාමීන්වහන්සේගේසභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාදැයි කීවෝය. 4 මෝසෙස් ඒ අසා මුහුණින් වැටුණේය. 5 ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට:ස්වාමීන්වහන්සේතමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත. 6 මේක කරන්න; කෝරා සහ ඔහුගේ සමාගමේ සියල්ලෙනි, හෙට ධූප භාජන ගෙන, 7 ඒවායේ ගින්දර බහා,ස්වාමීන්වහන්සේඉදිරියේ එහි සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිටස්වාමීන්වහන්සේවිසින් තෝරාගන්න මනුෂ්‍යයාම ශුද්ධ තැනැත්තා වන්නේය. ලෙවීගේ පුත්‍රයෙනි, නුඹලාගේ ලොකුකම් ඉතා වැඩියයි කීවේය. 8 තවද මෝසෙස් කෝරාට කථාකොට: ලෙවීගේ පුත්‍රයෙනි, අසන්න. 9 ස්වාමීන්වහන්සේගේමණ්ඩපයේ මෙහෙය කිරීමටත් සභාවට සේවයකරන පිණිස ඔවුන් ඉදිරියෙහි සිටීමටත් නුඹලා තමන්වහන්සේ ළඟට පමුණුවන ලෙස ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් සභාවෙන් නුඹලා වෙන්කරගත් එකත්, 10 උන්වහන්සේ නුඹ සහ නුඹ සමඟ ලෙවීගේ පුත්‍රයන් වන නුඹේ සියලු සහෝදරයන්ද ළංකර ගත් එකත් නුඹලාට මදිද? නුඹලා පූජක තනතුරත් ගන්ට හදනවාද? 11 එබැවින් නුඹත් නුඹේ මුළු සමාගමත්ස්වාමීන්වහන්සේටවිරුද්ධව රැස්ව සිටිති. නුඹලා විසින් ආරොන්ට විරුද්ධව කොඳුරන්ට ඔහු කවුදැයි කීවේය. 12 මෝසෙස් එලියාබ්ගේ පුත්‍රවූ දාතාන්ට සහ අබීරාම්ට අඬගසා ඇරියේය. නුමුත් ඔව්හු: අපි නොඑමුව. 13 කාන්තාරයෙහි අප මරන පිණිස කිරිද මීපැණිද ගලා යන දේශයකින් නුඹ අප ගෙනාවා මදිවාට නුඹම අප කෙරෙහි අධිපතියෙක් වෙන්ටත් හදනවාද? 14 ඒ ඇර කිරිද මීපැණිද ගලායන දේශයකට නුඹ අප ගෙනාවේවත් කෙත් හා මිදිවතු අපට උරුමකොට දුන්නේවත් නැත. මේ මිනිසුන්ගේ ඇස් උගුලා දමන්ට සිතන්නෙහිද? අපි නොඑමුයයි කීවෝය. 15 මෝසෙස් ඉතා උදහස්වස්වාමීන්වහන්සේටකථාකොට: ඔබවහන්සේ ඔවුන්ගේ පූජාව නොසැලකුව මැනව. මම ඔවුන්ගෙන් එක කොටළුවෙක්වත් නොගතිමි, ඔවුන්ගෙන් එක්කෙනෙකුටවත් පාඩුවක් නොකෙළෙමියි කීවේය. 16 තවද මෝසෙස් කෝරාට කියනුයේ: නුඹ සහ නුඹේ මුළු සභාවද ආරොන්ද හෙටස්වාමීන්වහන්සේඉදිරියෙහි සිට, 17 එකිනෙකා තම තමාගේ ධූප භාජන රැගෙන එහි සුවඳ ද්‍රව්‍ය ලා එකිනෙකා ධූප භාජනයක් බැගින් ධූප භාජන දෙසිය පනසක්ද නුඹ හා ආරොන් තම තමාගේ ධූප භාජනයදස්වාමීන්වහන්සේඉදිරියට ගෙනෙන්නැයි කීවේය. 18 එසේ ඔව්හු එකිනෙකා තම තමාගේ ධූප භාජනය ගෙන, ඒවායේ ගිනිබහා, එහි සුවඳ ද්‍රව්‍ය ලා, මෝසෙස් හා ආරොන් සමඟ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටගත්හ. 19 කෝරාද ඔවුන්ට විරුද්ධව මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස් කෙළේය. එවිටස්වාමීන්වහන්සේගේතේජස මුළු සභාවට පෙනුණේය.

20 ස්වාමීන්වහන්සේමෝසෙස්ට සහ ආරොන්ට කථාකොට: 21 මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශ කරන පිණිස නුඹලා මොවුන් අතරෙන් වෙන්වන්නැයි කීසේක. 22 එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය. 23 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 24 කෝරා හා දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව යන්න කියා සභාවට කියන්නැයි කීසේක. 25 එවිට මෝසෙස් නැගිට දාතාන් හා අබීරාම් ළඟට ගියේය; ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු පස්සේ ගියෝය. 26 එවිට ඔහු සභාවට කථාකර: මේ දුෂ්ට මනුෂ්‍යයන්ගේ සියලු පාපවලින් විනාශ නොවෙන පිණිස ඔවුන්ගේ කිසිදෙයකට අතනොගසා ඔවුන්ගේ කූඩාරම් වෙතින් අහක් වෙන්නැයි කීවේය. 27 එසේ ඔව්හු හැම අතින්ම කෝරාගේද දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව ගියෝය. දාතාන්ද අබීරාම්ද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ ළාබාලයෝද පිටතට අවුත් තමුන්ගේ කූඩාරම් දොරකඩ ළඟ සිටියෝය. 28 මෝසෙස්ද: මේ සියලු ක්‍රියා කරන පිණිසස්වාමීන්වහන්සේමා එවු බව මෙයින් නුඹලා දැනගන්නහුය; මක්නිසාද ඒවා මාගේම කල්පනාවෙන් නොකෙළෙමි. 29 සියලු මිනිසුන්ට පොදුවූ මරණයකින් මේ මනුෂ්‍යයන් මැරුණොත් නොහොත් සියලු මිනිසුන්ට සිද්ධවන දේ මොවුන්ට සිද්ධවුණොත්ස්වාමීන්වහන්සේමා නොඑවුසේක. 30 නුමුත්ස්වාමීන්වහන්සේඅමුතු දෙයක් කළොත්, භූමිය ඇගේ මුඛය ඇර ඔවුන් සන්තක සියල්ල සමඟ ඔවුන් ගිලගත්තොත්, ඔවුන් පණපිටින් පාතාලයට ගියොත්, මේ මනුෂ්‍යයන් විසින්ස්වාමීන්වහන්සේහෙළාදැක්ක බව නුඹලා දැනගන්නවා ඇතැයි කීවේය. 31 තවද ඔහු මේ සියලු වචන කියා නිමවූ විට ඔවුන් යට තිබුණු භූමිය දෙකට පැළුණාය. 32 පොළොව ඇගේ මුඛය ඇර ඔවුන්ද ඔවුන්ගේ පවුල්ද කෝරාට අයිති සියලු මනුෂ්‍යයන්ද ඔවුන්ගේ සියලු සම්පත්ද ගිලගත්තාය. 33 මෙසේ ඔව්හුද ඔවුන්ට අයිති සියල්ලෝද පණපිටින් පාතාලයට කිඳා ගියෝය. පොළොව ඔවුන් වසාගත්තාය, එසේ ඔව්හු සභාව අතරෙන් විනාශ වූවෝය. 34 ඔවුන් අවට සිටි සියලු ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ හැඬීම අසා: මෙහි සිටියොත් පොළොව අපත් ගිලගන්නවා ඇතැයි කියමින් පලාගියෝය. 35 තවදස්වාමීන්වහන්සේකෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.

36 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 37 ධූප භාජන ශුද්ධ නිසා ඒවා ගිනි මැදින් ගෙනෙන්ට පූජකවූ ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ට කියන්න; එහි ගින්න අහකට විසුරුවා දමන්න; 38 තමුන්ගේම ප්‍රාණවලට විරුද්ධවුණ මේ පව්කාරයන්ගේ ධූප භාජනවලින් පූජාසනය වැසීමට තළාපු තහඩු සාදනු ලැබේවා. ඔවුන් ඒවාස්වාමීන්වහන්සේඉදිරියෙහි ඔප්පු කළ බැවින් ඒවා ශුද්ධය. ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ලකුණක් පිණිස වන්නේයයි කීසේක. 39 එසේ පූජකවූ එලෙයාසර් දාගියවුන් ඔප්පුකළ පිත්තල ධූප භාජන අරගත්තේය. 40 ස්වාමීන්වහන්සේමෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක්ස්වාමීන්වහන්සේඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.

සෙනඟ කෙඳිරීම: වසංගතය

41 එහෙත් පසුවදා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව කොඳුරමින්: නුඹලාස්වාමීන්වහන්සේගේසෙනඟ මැරුවහුයයි කීවාය. 42 තවද සභාව මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව රැස්ව සිටිද්දී ඔව්හු සම්මුඛවීමේ කූඩාරම දෙස බැලූ කල වලාකුළක් ඒක වසාගෙන තිබුණේය,ස්වාමීන්වහන්සේගේතේජසද දෘශ්‍යමාන විය. 43 එවිට මෝසෙස් සහ ආරොන් සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ආවෝය. 44 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 45 මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශකරන පිණිස මොවුන් අතරෙන් අහක්වෙන්නැයි කීසේක. 46 එවිට ඔව්හු මුහුණින් වැටුණෝය. එවිට මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹේ ධූප භාජනය රැගෙන පූජාසනයෙන් ගිනි අරන් එහි බහා, සුවඳ ද්‍රව්‍ය ලා, වහාම සභාව ළඟට ගෙන ගොස් ඔවුන් උදෙසා සමඟිකමක් කරන්න. මක්නිසාදස්වාමීන්වහන්සේකෙරෙන් උදහස නික්ම ගියේය; වසංගතය පටන් ගත්තේයයි කීවේය. 47 ආරොන් මෝසෙස් කී ලෙස රැගෙන සභාව මැදට දිවීය; බලව, සෙනඟ අතරෙහි වසංගතය පටන්ගෙන තිබුණේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ලා සෙනඟ උදෙසා සමඟිකමක් කෙළේය. 48 එසේ ඔහු මළවුන්ටත් ජීවතුන්ටත් අතරේ සිටියේය; එවිට වසංගතය නැවතුණේය. 49 කෝරාගේ කාරණය නිසා මැරුණවුන් ඇර වසංගතයෙන් මැරුණු අය දසසතරදාස් හත්සියයක් වූහ. 50 ආරොන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට මෝසෙස් වෙතට හැරී ආවේය. වසංගතය නැවතී තිබුණේය.

17

ආරොන්ගේ පූජක බලය ස්ථිරකිරීම

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර, එක එක පිය වංශයට සැරයටියක් බැගින් ඔවුන්ගේ සියලු අධිපතීන්ගෙන් ඔවුන්ගේ පිය වංශවලට සැරයටි දොළොසක් රැගෙන, එක එක මනුෂ්‍යයාගේ නම ඔහුගේ සැරයටිය පිට ලියන්න. 3 ආරොන්ගේ නම ලෙවීගේ සැරයටිය පිට ලියන්න. මක්නිසාද ඔවුන්ගේ පිය වංශවල එක එක ප්‍රධානියාට එක සැරයටියක් බැගින් තිබිය යුතුය. 4 නුඹ ඒවා සම්මුඛවීමේ කූඩාරමෙහි මා නුඹලාට සම්බවෙන ස්ථානයෙහි සාක්ෂි පෙට්ටිය ඉදිරිපිට තබන්න. 5 තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරයටිය ලියලනවා ඇත. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් නුඹලාට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණීම නවතින්ට සලස්වන්නෙමියි කීසේක. 6 මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකෙළේය, ඔවුන්ගේ සියලු අධිපතියෝ තමුන්ගේ පිය වංශවල එක එක අධිපතියාට එක සැරයටියක් බැගින් සැරයටි දොළොසක් ඔහුට දුන්නෝය. ආරොන්ගේ සැරයටියද ඔවුන්ගේ සැරයටි අතරේ තිබුණේය. 7 මෝසෙස් ඒ සැරයටි සාක්ෂි මණ්ඩපයෙහිස්වාමීන්වහන්සේඉදිරිපිට තැබුවේය. 8 පසුවදා මෝසෙස් සාක්ෂි මණ්ඩපයට ඇතුල්වූ කල, බලව, ලෙවීගේ වංශය වෙනුවට තිබුණු ආරොන්ගේ සැරයටිය දළුලා මොට්ටු හටගැනී මල් පිපී පැසුණු කොට්ටම්බා ඇතුව තිබුණේය. 9 මෝසෙස් සියලු සැරයටිස්වාමීන්වහන්සේඉදිරියෙන් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් ළඟට පිටතට ගෙනායේය. ඔවුන්ද බලා, එක් එක්කෙනා තම තමාගේ සැරයටිය ගත්තේය. 10 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: ඔවුන් නොනසින පිණිස නුඹ විසින් ඔවුන්ගේ කෙඳිරීම නිමකිරීම සඳහා ආරොන්ගේ සැරයටිය කැරළිකාර පුත්‍රයන්ට ලකුණක් කොට තිබෙන්ට නැවත සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබන්නැයි කීසේක. 11 මෝසෙස් එසේ කෙළේය.ස්වාමීන්වහන්සේතමාට අණකළ ලෙස ඔහු කෙළේය.

12 ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ට කථාකොට: මෙන්න, අපි විනාශවෙමුව, අපි නැතිවී සිටිමුව, අපි සියල්ලෝ නැතිවී සිටිමුව. 13 ළංවන්නාවූ,ස්වාමීන්වහන්සේගේමණ්ඩපයට ළංවන්නාවූ කවුරු නුමුත් නසින්නේය. තීන්දුවට අපි සියල්ලෝම විනාශවන්නෙමුදැයි කීවෝය.

18

පූජකයින් හා ලෙවීවරුන්ගේ යුතුකම් හා නඩත්තුව

1 ස්වාමීන්වහන්සේආරොන්ට කථාකොට: නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ පිය වංශයද ශුද්ධස්ථානය සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹලාගේ පූජකකම සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. 2 නුඹේ පිය ගෝත්‍රයවූ ලෙවීගේ ගෝත්‍රය වන නුඹේ සහෝදරයන්ද නුඹට එකතුවී නුඹට සේවයකරන පිණිස ඔවුන් නුඹ සමඟ ළඟට පමුණුවාගන්න. එහෙත් නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද සාක්ෂි මණ්ඩපය ඉදිරියෙහි සිටින්න. 3 ඔව්හු නුඹටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් නුඹලාවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා. 4 කූඩාරමේ සියලුම සේවය පිණිස ඔව්හු නුඹට එකතුවී සම්මුඛවීමේ කූඩාරම සම්බන්ධව සේවය කරත්වා. අන්‍යයෙක් නුඹලා ළඟට නොපැමිණේවා. 5 ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට උදහස තවත් නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානයේ භාරයද පූජාසනයේ සේවයද නුඹලා විසින් බලාගතයුතුය. 6 බලව, මම ලෙවීවරුන්වූ නුඹලාගේ සහෝදරයන් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගතිමි. සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කරන පිණිස නුඹලාට ත්‍යාගයක් කොට ඔව්හුස්වාමීන්වහන්සේටදෙනලද්දෝය. 7 නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.

8 ස්වාමීන්වහන්සේආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් නුඹට සහ නුඹේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. 9 ගින්නෙහි නොදවන්නාවූ අති ශුද්ධ දේ වලින් නුඹට අයිති වන්නේ ඔවුන්ගේ සියලු පූජා එනම් ඔවුන්ගේ සියලු ආහාර පූජාද ඔවුන්ගේ සියලු පාප පූජාද ඔවුන්ගේ සියලු වරද පූජාද යන මේවාය; ඔවුන් මට දෙන දේවල් නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් අති ශුද්ධ වන්නේය. 10 අතිශුද්ධ දේවල් ලෙස එයින් කන්න. සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන; ඒක නුඹට ශුද්ධ වන්නේය. 11 මේවාත් නුඹට අයිතිය, එනම්, ඔවුන්ගේ දීමනාවේ එසවීමේ පූජාවවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලුම තේව පූජාය. ඒවා නුඹටත් නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටත් නුඹේ දූවරුන්ටත් සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. නුඹේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන. 12 තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන්ස්වාමීන්වහන්සේටදෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම නුඹට දුනිමි. 13 ඔවුන්ස්වාමීන්වහන්සේටගෙනෙන්නාවූ ඔවුන්ගේ දේශයෙහි තිබෙන සියලු දේවල ප්‍රථම ඵල නුඹට වේ; නුඹේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන. 14 ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කැපකරනලද සියල්ල නුඹට වන්නේය. 15 ස්වාමීන්වහන්සේටඔප්පුකරනු ලබන සියලු සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ගේ වේවා මෘගයන්ගේ වේවා ගර්භයේ සියලුම ප්‍රථම ඵල නුඹට අයිතිය. එසේවී නුමුත් මනුෂ්‍යයන්ගේ කුලුඳුලන් නුඹ සැබවින් මිදිය යුතුය, අපවිත්‍ර මෘගයන්ගේ කුලුඳුලන්ද නුඹ විසින් මිදිය යුතුය. 16 මසක දරුවා පටන් ඔවුන්ගෙන් මුදනු ලබන්ට සිටින්නන්, නුඹේ නියමයේ හැටියට, ගේරා විස්සක්වූ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ ප්‍රකාරයට, ෂෙකෙල් පහකට මුදන්න. 17 එහෙත් එළදෙනෙකුගේ හෝ බැටළුදෙනෙකුගේ හෝ එළුදෙනෙකුගේ හෝ කුලුඳුලා නොමිදිය යුතුය, උන් ශුද්ධය. උන්ගේ ලේ පූජාසනය පිට ඉස,ස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් පිණිස ගිනි පූජාවක් කොට උන්ගේ තෙල දවන්න. 18 එහෙත් උන්ගේ මාංස නුඹට වන්නේය, තේව ළැපැත්ත හා දකුණු කළවය නුඹට වන්නාක්මෙන් ඒවාත් නුඹට වන්නේය. 19 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින්ස්වාමීන්වහන්සේටපූජාකරන ශුද්ධ දේවලින් සියලු එසවීමේ පූජා නුඹටත් නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටත් නුඹේ දූවරුන්ටත් සදාකාලේට නියම කොටසක් කොට මා විසින් දී තිබේ. ඒක නුඹටත් නුඹ සමඟ නුඹේ වංශයටත්ස්වාමීන්වහන්සේඉදිරියෙහි නිරන්තරවූ ලවණ ගිවිසුමක්යයි කීසේක. 20 ස්වාමීන්වහන්සේආරොන්ට කථාකොට: ඔවුන්ගේ දේශයෙහි කිසි උරුමයක්වත් ඔවුන් අතරෙහි කිසි කොටසක්වත් නුඹට නොවන්නේය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නුඹේ කොටසද නුඹේ උරුමයද මමය.

21 බලව, ලෙවීගේ පුත්‍රයන්ට ඔවුන් කරන මෙහෙය එනම් සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය නිසා උරුමයක් කොට ඉශ්‍රායෙල්වරුන්ගේ සියල්ලෙන් දසයෙන් කොටසක් මා විසින් දී තිබේ. 22 ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාපය දරා නොනසින පිණිස මෙතැන් පටන් රැස්වීමේ කූඩාරම ළඟට නොපැමිණෙත්වා. 23 එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය. 24 මක්නිසාද එසවීමේ පූජාවක් කොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ස්වාමීන්වහන්සේටඔප්පුකරන දසයෙන් කොටස ලෙවීවරුන්ට උරුමයක් කොට මා විසින් දී තිබේ. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේය කියා මම ඔවුන්ට කීයෙමියි කීසේක.

25 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 26 තවද නුඹ ලෙවීවරුන්ට මෙසේ කියන්න–නුඹලාගේ උරුමය කොට මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දසයෙන් කොටස නුඹලා ඔවුන්ගෙන් ගන්න කල එයින් දසයෙන් කොටසක්ස්වාමීන්වහන්සේටඑසවීමේ පූජාවක් කොට ඔප්පුකරන්න. 27 නුඹලාගේ එසවීමේ පූජාව පාවරේ ධාන්‍ය මෙන්ද මිදිපැසේ පූර්ණකම මෙන්ද නුඹලාට ගණන්ගනු ලබන්නේය. 28 මෙලෙස නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ලබන නුඹලාගේ ඒ සියලුම දසයෙන් කොටස්වලින් නුඹලාත්ස්වාමීන්වහන්සේටඑසවීමේ පූජාවක් ඔප්පුකරස්වාමීන්වහන්සේගේඑසවීමේ පූජාව පූජකවූ ආරොන්ට දෙන්න. 29 නුඹලාට ලැබෙන සියලු දීමනාවලින්ස්වාමීන්වහන්සේගේසියලු එසවීමේ පූජා නුඹලා ඔප්පුකළයුතු වන්නේ සියලු උතුම් කොට්ඨාසවලින්ය, එනම් එයින් ශුද්ධවූ කොටසය. 30 එබැවින් නුඹලා එයින් උතුම් කොට්ඨාසය ඔප්පුකරන විට එය පාවරේ අස්වැන්න මෙන්ද මිදි පැසේ පූර්ණකම මෙන්ද ලෙවීවරුන්ට ගණන්ගනු ලබන්නේය. 31 එය සම්මුඛවීමේ කූඩාරමෙහි නුඹලාගේ මෙහෙයට විපාකය වන බැවින් නුඹලාටත් නුඹලාගේ ගෙයි වැසියන්ටත් සියලු තැන්හිදී එය කන්ට පුළුවන. 32 එසේ නුඹලා එයින් උතුම් කොට්ඨාසය එසෙවු කල ඒ ගැන කිසි පාපයක් දරන්නේවත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුද්ධවූ දේවල් දූෂණයකොට නුඹලා නසින්නේවත් නැත කියා ඔවුන්ට කියන්නැයි කීසේක.

19

පවිත්‍රවීම සඳහා රතු එළදෙනෙකු පූජාකිරීම

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට සහ ආරොන්ට කථාකොට කියනසේක්: 2 ස්වාමීන්වහන්සේඅණකළ ව්‍යවස්ථාවේ පනත මේය: කැලලක් නැති, සම්පූර්ණවූ, වියගහ නොදැරුවාවූ රතු ගොන් නෑම්බියක් නුඹ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. 3 නුඹලා ඌ පූජකවූ එලෙයාසර්ට දෙන්න, ඔහු ඌ කඳවුරෙන් පිටතට ගෙනයේවා, ඌ ඔහු ඉදිරියෙහි යම් කෙනෙකු විසින් මරනු ලැබේවා. 4 පූජකවූ එලෙයාසර්ද තමාගේ ඇඟිල්ලට උගේ ලෙයින් ගෙන සම්මුඛවීමේ කූඩාරමේ ඉස්සරහ පැත්ත දෙසට උගේ ලෙයින් සත්වරක් ඉසීවා. 5 ඔහු ඉදිරියෙහි යම් කෙනෙක් ඒ ගොන් නෑම්බිය පුළුස්සා දමාවා; උගේ හමද මාංසද ලේද ගොම සමඟ පුළුස්සා දමාවා. 6 පූජකයා කිහිරි දඬුද හිසොප්ද රතු ලොම්ද රැගෙන ගොන් නෑම්බිය දැවෙන ගින්න මැදට දමාවා. 7 එවිට පූජකයා තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, පසුව කඳවුරට ඇතුල්වෙන්ට ඔහුට පුළුවන, ඔහු සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය. 8 ඌ දැවූ තැනැත්තේ තමාගේ වස්ත්‍ර දියෙන් සෝදා, වතුර නාගන, සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය. 9 පවිත්‍ර මනුෂ්‍යයෙක් ගොන් නෑම්බියගේ අලු එකතුකර කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තබාවා, එය අපවිත්‍රකම පහකිරීමේ වතුරක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව උදෙසා තබාගනු ලබන්නේය. එය පාප පූජාවක්ය. 10 ගොන් නෑම්බියගේ අලු එකතුකරන්නා තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය. ඔහු සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය. එය ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද ඔවුන් අතරෙහි සිටින විදේශියාටද සදාකාල පනතක් පිණිස වන්නේය. 11 යම් මනුෂ්‍යයෙකුගේ මළකඳක ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍රව සිටින්නේය. 12 ඔහු තුන්වෙනිදා එයින් දෝෂ පහකර ගනීවා, එවිට සත්වෙනි දින ඔහු පවිත්‍රවන්නේය. නුමුත් ඔහු තුන්වෙනිදා දෝෂ පහකරනොගත්තොත් සත්වෙනි දින පවිත්‍රනොවන්නේය. 13 යමෙක් මැරුණු මිනිසෙකුගේ මළකඳට ස්පර්ශවූ කල්හි, ඔහු දෝෂ පහකර නොගත්තොත්,ස්වාමීන්වහන්සේගේමණ්ඩපය දූෂණය කරන්නේය; ඒ තැනැත්තේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් සිඳදමනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු කෙරෙහි නොඉස්ස බැවින් ඔහු අපවිත්‍රවන්නේය; ඔහුගේ අපවිත්‍රකම ඒ වන තුරු ඔහු කෙරෙහි තිබේ. 14 මනුෂ්‍යයෙක් කූඩාරමක මැරුණු කල්හි ව්‍යවස්ථාව මේය: ඒ කූඩාරමට ඇතුල්වන සියල්ලෝද කූඩාරමේ සිටින සියල්ලෝද සත් දවසක් අපවිත්‍රව සිටින්නෝය. 15 කඩවැස්මක් නොබැඳ ඇරලා තිබෙන සියලු භාජන අපවිත්‍රය. 16 කඩුවෙන් මැරුම්කෑ කෙනෙකුටවත් මළකඳකවත් මිනී ඇටයකවත් මිනී වළකවත් එළිමහනේදී ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍ර වන්නේය. 17 පුලුස්සා දැමූ පාප පූජාවේ අලුවලින් ස්වල්පයක් අපවිත්‍ර තැනැත්තා උදෙසා රැගෙන භාජනයක දමා ගලායන වතුර ඒවා පිට වත්කරත්වා. 18 එවිට පවිත්‍ර කෙනෙක් හිසොප් රැගෙන ඒ වතුරේ ගල්වා කූඩාරමේද එහි සියලු භාජනවලද එහි සිටිය සියලු තැනැත්තන් පිටද ඇටයක්වත් මැරුම්කෑ කෙනෙක්වත් මළකෙනෙක්වත් මිනීවළක්වත් ස්පර්ශවූ තැනැත්තා පිටද ඉසීවා. 19 එසේ පවිත්‍ර තැනැත්තේ තුන්වෙනි දාත් සත්වෙනි දාත් අපවිත්‍ර තැනැත්තාට වතුර ඉසීවා. එසේ සත්වෙනි දින හෙතෙම ඔහුගේ දෝෂ පහකරාවා; ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගන සවස පවිත්‍ර වන්නේය 20 එහෙත් යමෙක් අපවිත්‍රවී තමාගේ දෝෂ පහකරනොගත්තොත්, ඒ තැනැත්තාස්වාමීන්වහන්සේගේශුද්ධස්ථානය දූෂණයකළ බැවින්, සභා මධ්‍යයෙන් සිඳිනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු පිට නොඉසිනලද්දේය; ඔහු අපවිත්‍රය. 21 එය ඔවුන්ට නිරන්තර පනතක් වන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඉසින්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගනීවා; අපවිත්‍රකම පහකිරීමේ වතුර ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේය. 22 අපවිත්‍ර අය ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේයයි කීසේක.

20

මිරියාම්ගේ මරණය

1 ඉශ්‍රායෙල් පුත්‍රයෝ එනම් මුළු සභාව පළමුවෙනි මාසයේදී ශීන් කාන්තාරයට ආවෝය; සෙනඟ කාදෙෂ්හි නවාතැන් ගත්තෝය; මිරියාම් එහිදී නැසී එහි තැන්පත්කරන ලද්දීය. 2 සභාවට වතුර නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව රැස්වුණෝය.

මෙරිබායේදී විවාදකිරීම

3 සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්:ස්වාමීන්වහන්සේඉදිරියෙහි අපේ සහෝදරයන් මැරුණ කල්හි අපිත් මැරුණෙමුනම් යහපත! 4 අපද අපේ සිව්පාවුන්ද මෙහි මැරෙන පිණිස නුඹලාස්වාමීන්වහන්සේගේසභාව මේ කාන්තාරයට ගෙනාවේ මක්නිසාද? 5 මේ නරක ස්ථානයට අප පමුණුවන්ට මිසරයේ සිට අප ගෙනාවේ මන්ද? මේක බීජවත් අත්තික්කාවත් මිදිවැල්වත් දෙළුම්වත් ඇති ස්ථානයක් නොවේ; බොන්නට වතුරත් නැතැයි කීවෝය. 6 මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය.ස්වාමීන්වහන්සේගේතේජස ඔවුන්ට පෙනුණේය. 7 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 8 නුඹද නුඹේ සහෝදරවූ ආරොන්ද සැරයටිය රැගෙන, සභාව රැස්කර, පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කථාකරන්න; එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දෙන්නැයි කීසේක. 9 මෝසෙස්ස්වාමීන්වහන්සේඔහුට අණකළ ලෙස උන්වහන්සේ ඉදිරියෙන් සැරයටිය ගත්තේය. 10 මෝසෙස් සහ ආරොන් සභාව පර්වතය ඉදිරියට රැස් කළෝය. ඔහු: කැරළිකාරයිනි, අසන්න; අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්ටදැයි ඔවුන්ට කියා, 11 තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය. 12 ස්වාමීන්වහන්සේමෝසෙස් සහ ආරොන්ට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමුණුවන්නහුයයි කීසේක. 13 ඒ වනාහි මෙරිබාවතුරය; එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයෝස්වාමීන්වහන්සේසමඟ විවාදකළෝය, එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරවකරනු ලැබූසේක.

ඒදොම්ගේ සතුරුකම

14 එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: නුඹේ සහෝදරවූ ඉශ්‍රායෙල් මෙසේ කියයි–අපට පැමිණි සියලු අමාරුකම් නුඹ දන්නෙහිය. 15 අපේ පියවරු මිසරයට ගියෝය, අපි බොහෝ කල් මිසරයෙහි සිටියෙමුව; මිසරවරු අපටත් අපේ පියවරුන්ටත් නපුරුකම් කළෝය. 16 අපිස්වාමීන්වහන්සේටමොරගැසුවෙමුව, එවිට උන්වහන්සේ අපේ හඬ අසා දූතයෙකු එවා අප මිසරයෙන් පිටතට ගෙනාසේක. ඉතින් අපි නුඹේ සීමාන්තයෙහි නුවරක් වූ කාදෙෂ්හි සිටිමුව. 17 නුඹේ දේශය මැදින් යන්ට අපට අවසර ලැබේවා. අපි කෙත් මැදින්වත් මිදිවතු මැදින්වත් නොයන්නෙමුව, ළින්වලින් වතුර නොබොන්නෙමුව. රජ මාවත යන්නෙමුව, නුඹේ සීමාව පසුකරන තෙක් අපි දකුණටවත් වමටවත් නොහැරෙන්නෙමුයයි කියන්ට කීවේය. 18 ඒදොම්ද: නුඹ මාගේ රට මැදින් නොගිය යුතුය, ගියොත් මම නුඹට විරුද්ධව කඩුව ගෙන එන්නෙමියි ඔහුට කීවේය. 19 ඉශ්‍රායෙල් පුත්‍රයෝද: අපි මහ මාවත යන්නෙමුව. අපි එනම් මාද මාගේ සිව්පාවුන්ද නුඹේ වතුර බීවොත් ඒවාට මිල ගෙවන්නෙමු. වෙන කිසි දෙයක් නොකොට මට පයින් යන්ට පමණක් ඉඩ දුනමැනවයි කීවෝය. 20 ඔහු: නුඹ නොඑවයි කීවේය. තවද ඒදොම්වරු මහත් සෙනඟක්ද බලවත් අතක්ද ඇතුව ඔවුන්ට විරුද්ධව ආවෝය. 21 මෙසේ ඒදොම්වරු තමුන්ගේ සීමාව මැදින් ඉශ්‍රායෙල්ට යන්ට දෙන්ට අකැමැති වූහ. එබැවින් ඉශ්‍රායෙල්වරු ඔවුන් කෙරෙන් අහක්ව ගියෝය.

ආරොන්ගේ මරණය

22 ඉශ්‍රායෙල් පුත්‍රයෝ එනම් මුළු සභාව කාදෙෂ්හි සිට ගමන්කොට හෝර් කන්දට පැමුණුණෝය. 23 ස්වාමීන්වහන්සේඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේදී මෝසෙස්ට හා ආරොන්ට කථාකොට: 24 ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය. 25 ආරොන් සහ ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් කැඳවාගන හෝර් කන්දට අවුත්, 26 ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට අන්දවන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනඟට එකතුවන්නේයයි කීසේක. 27 මෝසෙස්ස්වාමීන්වහන්සේඅණකළ ලෙස කෙළේය. ඔව්හු මුළු සභාව ඉදිරියෙහි හෝර් කන්දට නැංගෝය. 28 එවිට මෝසෙස් ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට ඒවා ඇන්දෙවුවේය; ආරොන් එහි කන්ද මුදුනේදී මළේය. එවිට මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් බැස්සෝය. 29 මුළු සභාව එනම් මුළු ඉශ්‍රායෙල් වංශය ආරොන් මළ බව දුටු කල ආරොන් ගැන තිස් දවසක් වැලපුණාහ.

21

පිත්තල සර්පයා. බාෂාන අත්පත්කරගැනීම

1 දකුණු දිසාවෙහි වාසයකළ කානානීයවූ අරද්හි රජ අතාරීම් මාර්ගයෙන් ඉශ්‍රායෙල්වරුන් එන බව අසා ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් සමහරෙක් අල්ලාගත්තේය. 2 ඉශ්‍රායෙල්වරුදස්වාමීන්වහන්සේටභාරයක් වෙමින්: ඉදින් ඔබවහන්සේ මේ සෙනඟ මා අතට පාවාදෙනසේක්නම් මම ඔවුන්ගේ නුවරවල් මුළුමනින්ම විනාශකරන්නෙමියි කීය. 3 ස්වාමීන්වහන්සේඉශ්‍රායෙල්වරුන්ගේ හඬට ඇහුම්කන්දී කානානිවරුන් ඔවුන්ට පාවාදුන්සේක; එවිට ඔව්හු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහමුලින්ම විනාශකළෝය. ඒ ස්ථානයට හොර්මා යන නම තබනලදී.

4 ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය. 5 සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය. 6 ස්වාමීන්වහන්සේසෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය. 7 එබැවින් සෙනඟ මෝසෙස් ළඟට අවුත්: අපිස්වාමීන්වහන්සේටත් නුඹටත් විරුද්ධව කථාකිරීමෙන් පව්කෙළෙමුව;ස්වාමීන්වහන්සේඅප වෙතින් සර්පයන් පහකරනලෙස උන්වහන්සේට යාච්ඤාකළමැනවියි කීවෝය. මෝසෙස් සෙනඟ උදෙසා යාච්ඤාකෙළේය. 8 එවිටස්වාමීන්වහන්සේ:නුඹ ගිනි සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තබන්න. දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේයයි මෝසෙස්ට කීසේක. 9 මෝසෙස් පිත්තල සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තැබීය. තවද යමෙක් සර්පයෙකු විසින් දෂ්ටකරනු ලද්දේනම් ඔහු පිත්තල සර්පයා දෙස බැලූ කල්හි ජීවත්වුණේය. 10 පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට ඔබොත්හි කූඩාරම් ගසාගත්තෝය. 11 ඔව්හු ඔබොත් සිට පිටත්ව ගොස් මෝවබ් රට ඉදිරිපිට නැගෙනහිරට තිබෙන කාන්තාරයේ ඉයේ-අබාරීම්හි කූඩාරම් ගසාගත්තෝය. 12 එතැනින් ඔව්හු පිටත්ව ගොස් සෙරෙද් මිටියාවතේ කූඩාරම් ගසාගත්තෝය. 13 එතැනින් ඔව්හු පිටත්ව ගොස් අමෝරිවරුන්ගේ සීමාවෙන් ගලායන්නාවූ, කාන්තාරයෙහි තිබෙන අර්ණොන් ගඟ එගොඩ කූඩාරම් ගසාගත්තෝය. අර්ණොන් වනාහි මෝවබ්වරුන් හා අමෝරිවරුන් අතරේ තිබෙන මෝවබ් රටේ සීමාවය. 14 එබැවින්ස්වාමීන්වහන්සේගේයුද්ධ පොතෙහි:

14 සූඵායේ වහෙබ්ද අර්ණොන් මිටියාවත්ද

15 ආර් නිවසෙ දෙසට හැරීයන්නාවූ, මෝවබ් සීමාවට යාවූ, මිටියාවත්වල බෑවුමයයි

15 කියා තිබේ. 16 එතැනින් ඔව්හු බෙයේර්ට ගමන්කළෝය. ඒ වනාහි: මා සෙනඟට වතුර දෙන පිණිස ඔවුන් රැස්කරන්නැයිස්වාමීන්වහන්සේමෝසෙස්ට කී ස්ථානයෙහි තිබෙන ළිඳය.

17 එවිට ඉශ්‍රායෙල්වරු මේ ගීතිකාව කියමින්:

17 එම්බා ළිඳ, වතුර නගව;
17 ඊට ගී කියව්.

18 අධිපතීන් ජයකොන්තයෙන් හා තමුන් සැරයටිවලින් කැණුවාවූ,

18 සෙනඟගේ උත්තමයන් හෑරුවාවූ ළිඳ මේයයි ගීතිකාකළෝය. ඔව්හු කාන්තාරයෙන් මත්තානායටද, 19 මත්තානායෙන් නහලියෙලටද නහලීයෙලෙන් බාමොත්ටද, 20 බාමොතෙන් මෝවබ් රටේ තිබෙන මිටියාවත සහ කාන්තාරය ඉදිරිපිට තිබෙන පිස්ගා මුදුන දෙසටද ගමන් කළෝය.

21 ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ රජවූ සීහොන් වෙතට පණිවිඩකාරයන් යවමින්: 22 නුඹේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. අපි කෙත්වලටවත් මිදිවතුවලටවත් නොහැරෙන්නෙමුව. ළින්වලින් වතුර නොබොන්නෙමුව. නුඹේ සීමාව පසුකරන තෙක් රජ මාවත යන්නෙමුයයි කියන්ට කීවෝය. 23 එහෙත් සීහොන් තමාගේ සීමාව මැදින් යන්ට ඉශ්‍රායෙල්වරුන්ට ඉඩනොදී, තමාගේ සියලු සෙනඟ රැස්කොට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කාන්තාරයට අවුත් යහශ්ට පැමිණ, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කෙළේය. 24 එවිට ඉශ්‍රායෙල්වරු ඔහුට කඩුමුවහතින් පහරදී අර්ණොන් පටන් යබ්බොක්ට පැමිණෙනතුරු අම්මොන් පුත්‍රයන්ගේ සීමාව දක්වා ඔහුගේ දේශය හිමිකරගත්තෝය. මක්නිසාද අම්මොන් පුත්‍රයන්ගේ සීමාව බලවත්ව තිබුණේය. 25 ඉශ්‍රායෙල්වරු ඒ සියලු නුවරවල් අල්ලාගෙන අමෝරිවරුන්ගේ සියලු නුවරවල් වන හෙෂ්බොන්හිද ඊට අයිති සියලු නියම්ගම්වලද වාසයකළෝය. 26 හෙෂ්බොන් නම් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ නුවරය, ඔහු මෝවබ්හි ප්‍රථම රජුට විරුද්ධව යුද්ධකොට අර්ණොන් දක්වා ඔහුගේ මුළු දේශය ඔහුගේ අතින් ගත්තේය. 27 එබැවින් කිවිහු කියන්නෝ:

27 හෙෂ්බොන්ට එව්, සීහොන් නුවර ගොඩනගනුලැබ සවිවේවා.

28 මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය.

28 එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.

29 මෝවබ් තට දුක් විය! අහෝ කෙමොෂ් වැසියෙනි, තොපි නාස්ති වූහුය.

29 ඔහු තමාගේ පුත්‍රයන් පලායාමටත් තමාගේ දූවරුන් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට වාලටත් දුන්නේය.

30 අපි ඔවුන්ට විද්දෙමුව;

30 හෙෂ්බොන් දීබොන් දක්වාම නාස්තිවිය, නොඵා දක්වා පාළු කෙළෙමුව, මෙදීබා දක්වා ගිනි ඇවුළුණේයයි

30 කියති. 31 මෙසේ ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි වාසයකළෝය. 32 මෝසෙස් යාසේර් රට සෝදිසිකරන පිණිස හැරියේය, ඔව්හු එහි නියම්ගම් අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූහ. 33 තවද ඔව්හු හැරී බාෂාන්ට යන මාර්ගයෙන් ගියෝය. එවිට බාෂාන්හි රජවූ ඕග්ද ඔහුගේ මුළු සෙනඟද ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්ට එද්රෙයිට ආවෝය. 34 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: ඔහුට භය නොවන්න. මක්නිසාද ඔහු හා ඔහුගේ සියලු සෙනඟද ඔහුගේ දේශයද නුඹ අතට පාවාදුනිමි; හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් නුඹ ඔහුටත් කරන්නෙහියයි කීසේක. 35 එසේ ඔව්හු ඔහුගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන තුරු ඔහුට හා ඔහුගේ පුත්‍රයන්ටද ඔහුගේ සියලු සෙනඟටද පහරදී ඔහුගේ දේශය හිමිකර ගත්තෝය.

22

1 ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව ගොස් යෙරිකෝව ළඟ යොර්දානෙන් එතර මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.

ඉශ්‍රායෙල්ට ශාපකරන්ට කැඳවනු ලැබූ බාලාම්ගේ යාම

2 තවද ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඉශ්‍රායෙල් විසින් අමෝරිවරුන්ට කළ සියල්ල දුටුවේය. 3 සෙනඟ බොහෝවූ බැවින් මෝවබ්වරු ඔවුන් ගැන අතිශයෙන් භයපත්වුණෝය. එසේ මෝවබ් ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා කැලඹී, 4 මිදියන්හි වැඩිමහල්ලන්ට කථාකොට: ගවයා කෙතේ තෘණ කා දමන්නාක් මෙන් ඒ සමූහයා අප වටකර තිබෙන සියල්ල කාදමනවා ඇතැයි කීවේය. ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඒ කාලයේ මෝවබ්හි රජව සිටියේය. 5 ඔහු බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් කැඳවාගෙන එන්ට ඔහුගේ සෙනඟගේ පුත්‍රයන්ගේ දේශයවූ ගංගාව ළඟ තිබෙන පෙතෝර්ට පණිවිඩකාරයන් යවමින්: මිසරයෙන් සෙනඟක් ඇවිත් සිටිති. බලව, ඔව්හු පොළෝතලය වසාගෙන මට ඉදිරිපිටින් සිටිති. 6 එබැවින් දැන් ඇවිත් මා වෙනුවෙන් මේ සෙනඟට ශාපකළ මැනවි; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය. සමහරවිට ඔවුන්ට පහරදී ඔවුන් දේශයෙන් පන්නාදමන්ට මට පුළුවන්වන්නේය. මක්නිසාද නුඹ ආශීර්වාදකරන තැනැත්තා ආශීර්වාද ලබන බවත් නුඹ ශාපකරන තැනැත්තා ශාප ලබන බවත් දනිමියි කියන්ට කීවේය. 7 මෝවබ්හි වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාක්ගේ වචන ඔහුට කීවෝය. 8 ඔහු ඔවුන්ට කථාකොට: අද රාත්‍රියේ මෙහි නවතින්න.ස්වාමීන්වහන්සේමට කියන හැටියට නුඹලාට උත්තරදෙන්නෙමියි ඔවුන්ට කීවේය. එසේ මෝවබ්හි අධිපතියෝ බාලාම් වෙත නැවතුණෝය. 9 දෙවියන්වහන්සේ බාලාම් වෙතට අවුත්: නුඹ සමඟ සිටින මේ මනුෂ්‍යයෝ කවුරුදැයි ඇසූසේක. 10 බාලාම්ද: මෝවබ්හි රජවූ ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඔවුන් මා වෙතට එවා: 11 බලව, මිසරයෙන් ආ සෙනඟ පොළෝතලය වසාගෙන සිටිති. දැන් ඇවිත් මා උදෙසා ඔවුන්ට ශාපකරන්න; සමහරවිට ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන් පන්නාහරින්ට හැකිවන්නෙමියි කියා එවා තිබේයයි දෙවියන්වහන්සේට කීවේය. 12 දෙවියන්වහන්සේ: ඔවුන් සමඟ නොයන්න; ඒ සෙනඟට ශාප නොකරන්න. මක්නිසාද ඔව්හු ආශීර්වාදලත් සෙනඟක් යයි බාලාම්ට කීසේක. 13 බාලාම් උදය නැගිට බාලාක්ගේ අධිපතීන්ට කථාකොට: නුඹලාගේ දේශයට යන්න. මක්නිසාද නුඹලා සමඟ යන්ටස්වාමීන්වහන්සේමට ඉඩ නොදෙනසේකැයි කීවේය. 14 මෝවබ්හි අධිපතියෝ නැගිට බාලාක් වෙතට ගොස්: බාලාම් අප සමඟ එන්ට බැරිය කියන්නේයයි කීවෝය. 15 බාලාක් ගණනින් ඔවුන්ට වැඩිවූ ඔවුන්ට වඩා ගරුතරවූ අධිපතීන් නැවත යැවීය. 16 ඔව්හු බාලාම් වෙතට අවුත් කියන්නෝ: ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් මෙසේ කියයි: නුඹ මා වෙතට ඊමට කිසිවකින් නුඹට බාධාවක් නොවේවා. 17 මක්නිසාද මම නුඹ ඉතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි, නුඹ මට කියන කොයි දෙයක් නුමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනඟට මා උදෙසා ශාපකරන ලෙස නුඹෙන් ඉල්ලමියි කියන්නේයයි ඔහුට කීවෝය. 18 බාලාම් බාලාක්ගේ සේවකයන්ට උත්තරදෙමින්: බාලාක් තමාගේ ගෙය පුරවා රන් රිදී මට දෙතත් අඩුව හෝ වැඩිව හෝ කරන්ට මාගේ දෙවිවූස්වාමීන්වහන්සේගේවචනය ඉක්මවා යා නොහැක්කෙමි. 19 එබැවින්ස්වාමීන්වහන්සේතවත් මට කියන්නේ කිමෙක්දැයි මා දැනගන්නා පිණිස නුඹලාත් අද රාත්‍රියේ මෙහි සිටින්නැයි කීවේය. 20 දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ නුඹ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා නුඹට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක. 21 බාලාම් උදය නැගිට තමාගේ කොටළුදෙන සූදානම්කොට මෝවබ්හි අධිපතීන් සමඟ ගියේය. 22 ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය.ස්වාමීන්වහන්සේගේදූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය. 23 කොටළුදෙනස්වාමීන්වහන්සේගේදූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටින බව දැක මගින් ඉවත්ව කෙතට ගියාය. බාලාම් කොටළුදෙන මගට හරවන පිණිස ඈට ගැසීය. 24 එවිටස්වාමීන්වහන්සේගේදූතයා දෙපැත්තේ තාප්ප ඇති මිදිවතු අතරේ පටු පාරක සිටගත්තේය. 25 කොටළුදෙනස්වාමීන්වහන්සේගේදූතයා දැක තාප්පයට හැපී බාලාම්ගේ පය තාප්පයට වැද්දෙවුවාය. ඔහු නැවතත් ඈට ගැසුවේය. 26 ස්වාමීන්වහන්සේගේදූතයා තව දුරටත් ගොස්, දකුණටවත් වමටවත් හැරෙන්ට ඉඩ නැති නුපුළුල් ස්ථානයක සිටගත්තේය. 27 කොටළුදෙනස්වාමීන්වහන්සේගේදූතයා දැක බාලාම් ඈ පිට ඉන්දදීම බිම වැතුරුණාය. බාලාම්ගේ කෝපය ඇවුළුණේය, ඔහු තමාගේ කෙවිටෙන් කොටළුදෙනට ගැසීය. 28 එවිටස්වාමීන්වහන්සේකොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක, ඈද: මේ තුන් වරක්ම මට ගැසීමට මම ඔබට කුමක් කෙළෙම්දැයි බාලාම්ට කීවාය. 29 බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය. 30 කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය. 31 ඔහු: නැතැයි කීවේය. එවිටස්වාමීන්වහන්සේබාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහුස්වාමීන්වහන්සේගේදූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය. 32 ස්වාමීන්වහන්සේගේදූතයා ඔහුට කථාකොට: නුඹේ කොටළුදෙනට නුඹ මේ තුන් වරක්ම ගැසුවේ මක්නිසාද? නුඹේ මාර්ගය මා ඉදිරියෙහි ඇදව තිබෙන නිසා විරුද්ධකාරයෙක් මෙන් මෙහි ඇවිත් සිටිමි. 33 කොටළුදෙනද මා දැක මේ තුන් වරක්ම මා ඉදිරියෙන් ඉවත හැරුණාය. ඈ මා කෙරෙන් ඉවත නොහැරුණා නම් සැබවින් මා විසින් නුඹ මරා ඈ ඉතුරුකරනලද්දේ නොවේදැයි කීවේය. 34 බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියිස්වාමීන්වහන්සේගේදූතයාට කීවේය. 35 ස්වාමීන්වහන්සේගේදූතයා: ඒ මනුෂ්‍යයන් සමඟ යන්න. එහෙත් මා විසින් නුඹට කියන වචනය පමණක් නුඹ විසින් කිය යුතුයයි බාලාම්ට කීවේය. මෙසේ බාලාම් බාලාක්ගේ අධිපතීන් සමඟ ගියේය. 36 බාලාක්තෙමේ බාලාම් ආ බව අසා ඔහු සම්බ වන පිණිස අර්ණොන් සීමාවට ළංවූ සීමාන්තයෙහි තිබෙන මෝවබ් නුවරට ගියේය. 37 ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් නුඹට එන්ට කියා නෑරියෙම්ද? නුඹ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් නුඹ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය. 38 බාලාම් කථාකොට: මෙන්න, මම නුඹ වෙතට ඇවිත් සිටිමි. මොකවත් කියන්ට දැන් මට කිසි බලයක් ඇද්ද? දෙවියන්වහන්සේ මාගේ මුඛයෙහි තබන වචනයම කියන්නෙමියි බාලාක්ට කීවේය. 39 බාලාම් බාලාක් සමඟ ගියේය. ඔව්හු කිරියත්-හුශෝත්ට පැමුණුණෝය. 40 බාලාක් ගවයන් හා බැටළුවන් පූජාකොට බාලාම්ටද ඔහු සමඟ සිටි අධිපතීන්ටද කොටස් යැවීය. 41 තවද පසුව දා උදේ බාලාක් බාලාම් කැඳවාගෙන බාල්ගේ උස් තැන්වලට ගියේය, එහි සිට ඔහු කෙළවර දක්වාම සෙනඟ දිටීය.

23

බාලාම්ගේ අනාගතවාක්‍ය

1 බාලාම් තෙමේ බාලාක්ට කථාකොට: මෙහි මට පූජාසන සතක් ගොඩනගා ගොන් සත්දෙනෙක්ද බැටළුවන් සත්දෙනෙක්ද පිළියෙළ කරන්නැයි කීවේය. බාලාක් තෙමේ බාලාම් කී ලෙස කෙළේය; 2 බාලාක් සහ බාලාම් එක එක පූජාසනය පිට ගොනෙකු සහ බැටළුවෙකු බැගින් ඔප්පු කළෝය. 3 බාලාම් බාලාක්ට කථාකොට: නුඹ නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම යන්නෙමි; සමහරවිටස්වාමීන්වහන්සේමා සම්මුඛවෙන්ට එනසේක. උන්වහන්සේ මට පෙන්වන කොයි දෙයක් නුමුත් නුඹට දන්වන්නෙමියි කියා මුඩු හෙලකට ගියේය. 4 දෙවියන්වහන්සේ බාලාම්ට සම්මුඛවූසේක. ඔහුද: මම පූජාසන සත පිළියෙළකොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් ඔප්පු කෙළෙමියි උන්වහන්සේට කීවේය. 5 ස්වාමීන්වහන්සේබාලාම්ගේ මුඛයෙහි වචනයක් තබා: බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක. 6 බාලාම් ඔහු වෙතට හැරී ගියේය, බලව, ඔහුද මෝවබ්හි සියලු අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය. 7 ඔහු උපමා කථා පවසමින් කියනුයේ:

7 ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාපකරන්න, ඇවිත් ඉශ්‍රායෙල්ට දෙස් කියන්නැයි කියා මෝවබ්හි රජවූ බාලාක් අරාමෙන්ද පෙරදිග්හි කඳුවලින්ද මා ගෙන්වුවේය.

8 දෙවියන්වහන්සේ ශාපනොකළ අයට මම කෙලෙස ශාපකරම්ද?

8 ස්වාමීන්වහන්සේදෙස් නොකිවු අයට කෙලෙස දෙස් කියම්ද?

9 මක්නිසාද පර්වත මුදුනේ සිට ඔහු දකිමි, හෙල්වල සිට ඔහු බලමි.

9 බලව, ඔව්හු හුදකලාව වසන සෙනඟකි, ඔව්හු ජාතීන් අතරේ තමුන්ම ගණන්කර නොගන්නෝය.

10 යාකොබ්ගේ ධූලි ගණන් කරන්ටවත් ඉශ්‍රායෙල්ගෙන් සතරෙන් කොටසක් ගණන්කරන්ටවත් කාට හැකිද?

10 මාගේ මරණය ධර්මිෂ්ඨයන්ගේ මරණය මෙන් වේවා.
10 මාගේ අන්තිමය ඔවුන්ගේ අන්තිමය මෙන් වේවායි

10 කීවේය. 11 බාලාක්: නුඹ මට කළේ මොකද? මාගේ සතුරන්ට ශාපකරන්ට නුඹ ගෙන්වා ගත්තෙමි, එහෙත්, නුඹ ඔවුන්ට ආශීර්වාදම කෙළෙහියයි බාලාම්ට කීවේය. 12 ඔහු උත්තරදෙමින්:ස්වාමීන්වහන්සේමාගේ මුඛයෙහි තබන දේම කියන්ට මා විසින් බලාගත යුතු නොවේදැයි කීවේය. 13 බාලාක් ඔහුට කථාකොට: ඔවුන් දකින්ට පුළුවන් අන් තැනකට මා සමඟ එන්න; නුඹ ඔවුන් සියල්ලන් නොදැක ඔවුන්ගේ ඉතා ඈත කොටස පමණක් දක්නෙහිය. එහි සිට මා උදෙසා ඔවුන්ට ශාප කරන්නැයි කියා, 14 ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය. 15 ඔහු බාලාක්ට කථාකොට: මෙහි නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම අරෙහේස්වාමීන්වහන්සේසම්මුඛවන්නෙමියි කීවේය. 16 ස්වාමීන්වහන්සේබාලාම්ට සම්මුඛවී ඔහුගේ මුඛයෙහි වචනයක් තබා: නුඹ බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක. 17 හෙතෙම ඔහු ළඟට ආවේය, බලව, ඔහුද ඔහු සමඟ මෝවබ්හි අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය. බාලාක්:ස්වාමීන්වහන්සේකුමක් කීසේක්දැයි ඔහුගෙන් ඇසුවේය. 18 ඔහු උපමා කථා පවසමින් කියනුයේ:

18 බාලාක්, නැගිට අසන්න;
18 ශිප්පෝර්ගේ පුත්‍රය, කන් යොමුකරන්න.

19 බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක.

19 උන්වහන්සේ කී දේ නොකරනසේක්ද?
19 උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?

20 බලව, ආශීර්වාදකරන්ට අණ ලැබීමි.

20 උන්වහන්සේ ආශීර්වාදකළසේක, මට එය වෙනස්කරන්ට නොහැක්කේය.

21 උන්වහන්සේ යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්‍රායෙල් කෙරෙහි දූෂ්‍යකමවත් නුදුටුසේක.

21 ඔහුගේ දෙවිවූස්වාමීන්වහන්සේඔහු සමඟ සිටින සේක, ඔවුන් අතරේ රජෙකුගේ ජය ඝෝෂාව ඇත්තේය.

22 දෙවියන්වහන්සේ ඔවුන් මිසරයෙන් ගෙන එනසේක;

22 ඔහුට කුළුහරකා මෙන් ශක්තිය ඇත්තේය.

23 සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත.

23 දැනුදු යාකොබ් සහ ඉශ්‍රායෙල් ගැන:
23 දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද!
23 කියා කියනු ලැබේ.

24 බලව, ඒ සෙනඟ සිංහධේනුවක් මෙන් නැගිටියි, සිංහයෙකු මෙන් තමාම උසස්වෙයි. ඔහු ගොදුරු කන තෙක්ද මැරුම්කන්නන්ගේ ලේ බොන තෙක්ද නොලගින්නේයයි

24 කීවේය. 25 බාලාක් බාලාම්ට කථාකොට: ඔවුන්ට කොහෙත්ම ශාපවත් ආශීර්වාදවත් නොකරන්නැයි කීවේය. 26 එහෙත් බාලාම් බාලාක්ට උත්තරදෙමින්:ස්වාමීන්වහන්සේමට කියන සියල්ල මා විසින් කළ යුතුයයි නුඹට නොකීයෙම්දැයි කීවේය. 27 බාලාක්ද: එන්න, වෙන තැනකට නුඹ ගෙනයන්නෙමි; එතැන සිට මා උදෙසා ඔවුන්ට ශාප කරනවාට දෙවියන්වහන්සේ සමහරවිට ප්‍රසන්නවනසේකැයි බාලාම්ට කියා, 28 කාන්තාරය ඉදිරිපිට පෙනෙන පෙයෝර් මුදුනට බාලාම් ගෙනගියේය. 29 බාලාම්ද: මෙහි පූජාසන සතක් මට ගොඩනගා ගොන් සත්දෙනෙක් සහ බැටළුවන් සත්දෙනෙක් මෙහි මට පිළියෙළකරන්නැයි බාලාක්ට කීවේය. 30 බාලාක් බාලාම් කී ලෙස කොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.

24

1 එවිට ඉශ්‍රායෙල්ට ආශීර්වාදකිරීමටස්වාමීන්වහන්සේප්‍රසන්න බව බාලාම් දුටු කල වෙන වතාවල මෙන් මායම් කරන්ට නොගොස් තමාගේ මුහුණ කාන්තාරය දෙසට හරවා ගත්තේය. 2 බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය. 3 ඔහු උපමා කථා පවසමින් කියනුයේ:

3 බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,

4 දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:

5 එම්බා යාකොබ්, නුඹේ කූඩාරම්, එම්බා ඉශ්‍රායෙල්, නුඹේ මණ්ඩප කොපමණ ශෝභනද!

6 ඒවා මිටියාවත් මෙන්ද ගඟබඩ උයන් මෙන්දස්වාමීන්වහන්සේසිටෙවු අගරු ගස් මෙන්ද දිය අසල කිහිරි ගස් මෙන්ද විහිදී තිබේ.

7 ඔහුගේ භාජනවලින් වතුර ගලායන්නේය, ඔහුගේ බීජද බොහෝ ජල මතුයෙහි වන්නේය, ඔහුගේ රජ ආගග්ට වඩා උසස්වන්නේය, ඔහුගේ රාජ්‍යය උතුම් වන්නේය.

8 දෙවියන්වහන්සේ මිසරයෙන් ඔහු ගෙනෙන සේක;

8 ඔහුට කුළුහරකාට මෙන් ශක්තිය ඇත්තේය.
8 ඔහු තමාගේ සතුරන්වූ ජාතීන් කා දමා, ඔවුන්ගේ ඇට පොඩිකරන්නේය, තමාගේ ඊගස්වලින් ඔවුන් විද දමන්නේය.

9 ඔහු නැමී හුන්නේය, සිංහයෙකු මෙන්ද සිංහධේනුවකු මෙන්ද වැතුරුණේය;

9 ඔහු නැඟුටුවන්නේ කවුද?
9 නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාදකරනු ලබත්වා, නුඹට ශාපකරන සියල්ලෝ ශාපකරනු ලබත්වයි

9 කීවේය. 10 එවිට බාලාක්ගේ කෝපය බාලාම්ට විරුද්ධව ඇවුළුණේය, ඔහු තමාගේ අත් එකට ගසා: මාගේ සතුරන්ට ශාපකරන පිණිස නුඹ කැඳවාගතිමි, එහෙත් නුඹ දැන් තුන් වරක් ඔවුන්ට ආශීර්වාද කෙළෙහිය. 11 එබැවින් නුඹේ ස්ථානයට දුවන්න. මම නුඹ මහත් ගෞරවයට පමුණුවන්ට සිතීමි; එහෙත්ස්වාමීන්වහන්සේගෞරවයට පැමිණීමෙන් නුඹ වැලැක්වූසේකැයි බාලාම්ට කීවේය. 12 බාලාම්ද: බාලාක් තමුන් ගෙය පුරවා රන් රිදී මට දෙතත් මාගේම සිතින් යහපතවත් අයහපතවත් කිරීම පිණිසස්වාමීන්වහන්සේගේවචනය ඉක්මවායන්ට නොහැක්කෙමියි කියාද, 13 ස්වාමීන්වහන්සේකියන දේම කියන්නෙමියි කියාද, නුඹ මා වෙත එවූ නුඹේ දූතයන්ට නොකීයෙම්ද? 14 බලව, දැන් මාගේ සෙනඟ ළඟට යමි. එන්න, මතු දවස්වලදී මේ සෙනඟ නුඹේ සෙනඟට කරන දේ නුඹට දන්වන්නෙමියි බාලාක්ට කීවේය. 15 ඔහු උපමා කථා පවසමින් කියනුයේ:

15 බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,

16 දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, මහෝත්තමයාණන් ගැන දැනගැන්ම ඇත්තාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:

17 මම උන්වහන්සේ දකිමි, එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි, එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය, ඉශ්‍රායෙල්ගෙන් ජයකොන්තයක් නැගී එන්නේය, එය මෝවබ් දෙකෙළවර නටබුන්කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙළන්නේය.

18 ඒදොම් උරුමයක් වන්නේය, සේයිර්ද තමාගේ සතුරන්ට උරුමයක් වන්නේය; ඉශ්‍රායෙල්ද බලවන්තකම් කරන්නේය.

19 යාකොබ්ගෙන් කෙනෙක් රාජ්‍යය ලැබ නුවරින් ඉතුරුවෙන්නන් විනාශ කරන්නේයයි

19 කීවේය. 20 තවද ඔහු අමලෙක් දෙස බලා උපමා කථා පවසමින් කියනුයේ: අමලෙක් ජාතීන්ගෙන් පළමුවෙනි ජාතිය විය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වන්නේයයි කීවේය.

21 ඔහු කේනිවරුන් දෙස බලා උපමා කථා පවසමින් කියනුයේ:

21 නුඹේ වාසස්ථානය ස්ථිරය, නුඹේ කැදැල්ල පර්වතයෙහි පිහිටා තිබේ.

22 එසේ වුවත් අෂූර් නුඹ වහල්කමට ගෙන යන තෙක් කායින් නාස්තිකරනු ලබන්නේයයි කීවේය.

23 තවද ඔහු උපමා කථා පවසමින් කියනුයේ:

23 අහෝ, දෙවියන්වහන්සේ මෙය කරන විට කවුරු ජීවත්වන්නේද?

24 එහෙත් කිත්තීම් දිසාවෙන් නැව් එන්නේය, ඔව්හු අෂූර් යටහත්කරන්නෝය, ඒබෙර්ද යටහත්කරන්නෝය, ඔහුද විනාශයට පැමිණෙන්නේයයි

24 කීවේය. 25 බාලාම් නැගිට තමාගේ ස්ථානයට හැරී ගියේය. බාලාක්ද යන්ට ගියේය.

25

ඉශ්‍රායෙල්ගේ අනාචාරය සහ රූපවන්දනාවත් ඊට දඬුවමත්

1 ඉශ්‍රායෙල්වරු ෂිට්ටීම්හි සිටියෝය, එවිට සෙනඟ මෝවබ් දූවරුන් සමඟ වේශ්‍යාකම් කරන්ට පටන් ගත්තෝය. 2 ඒ තැනැත්තියෝ තමුන්ගේ දෙවිවරුන්ගේ යාගවලට සෙනඟ කැඳෙවුවෝය. සෙනඟ කා ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය. 3 තවද ඉශ්‍රායෙල් බාල්පෙයෝර්ට බැඳුණේ විය.ස්වාමීන්වහන්සේගේඋදහසද ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවුළුණේය. 4 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: සෙනඟගේ සියලු නායකයන් රැගෙනස්වාමීන්වහන්සේගේතද උදහස ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් පහවෙන පිණිස ඔවුන්ස්වාමීන්වහන්සේඋදෙසා සූර්යයා ඉදිරිපිට එල්ලා තබන්නැයි කීසේක. 5 මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන්ට කථාකොට: නුඹලා එකිනෙකා බාල්පෙයෝර්ට එක්වූ තම තමාගේ මිනිසුන් මරන්නැයි කීය. 6 එකල ඔවුන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ හඬමින් සිටියදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඉදිරියෙහිද මිදියන් ස්ත්‍රියෙකු කැඳවාගෙන තමාගේ සහෝදරයන් ළඟට ආයේය. 7 එවිට පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍ර වන පීනෙහාස් ඒ දැක සභා මධ්‍යයෙන් නැගිට හෙල්ලයක් අතින් ගෙන, 8 ඉශ්‍රායෙල් මනුෂ්‍යයා පස්සේ කූඩාරමට ඇතුල්වී ඉශ්‍රායෙල් මනුෂ්‍යයාද ඒ ස්ත්‍රීගේ බඩද සිදුරුවන ලෙස ඒ දෙදෙනාටම ඇන්නේය. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් වසංගතය නැවතුණේය. 9 වසංගතයෙන් මැරුණු අය විසිහතර දහසක්ය.

10 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 11 පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස් මා විසින් මාගේ ජවලිතයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙහි මාගේ ජවලිතයෙන් ජවලිතව සිටීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් මාගේ උදහස පහකෙළේය. 12 එබැවින් මාගේ ශාන්තියේ ගිවිසුම ඔහුට දෙමි. 13 ඔහු තමාගේ දෙවියන්වහන්සේ ගැන ජවලිතව සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කළ බැවින් එය ඔහුටත් ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත් සදාකාල පූජකකමක ගිවිසුමක් වන්නේය කියා කියන්නැයි කීසේක. 14 මරනු ලැබු එනම් මිදියන් ස්ත්‍රිය සමඟ මරනු ලැබූ ඉශ්‍රායෙල් මනුෂ්‍යයාගේ නම සිම්රීය, ඔහු වනාහි සාලුගේ පුත්‍රවූ, සිමියොන්වරුන්ගේ පිය වංශයක අධිපතියෙක්ය. 15 මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.

16 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 17 මිදියන්වරුන් පෙයෝර්ගේ කාරණයේදීද පෙයෝර්ගේ කාරණය නිසා වසංගතය පැමිණි දවසේදී මරනු ලැබූ ඔවුන්ගේ සහෝදරී වන මිදියන් අධිපතියෙකුගේ දුවවූ කොස්බීගේ කාරණයේදීද ඔවුන් නුඹලාට කළාවූ ඔවුන්ගේ ප්‍රයෝගවලින් ඔවුන් නුඹලාට සතුරුකම් කරන බැවින්, 18 ඔවුන්ට සතුරුකම්කොට පහරදෙන්නැයි කීසේක.

26

ඉශ්‍රායෙල් දෙවෙනි වර ගණන්කරනු ලැබීම

1 තවද වංසගතයට පසුස්වාමීන්වහන්සේමෝසෙස්ටද පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ටද කථාකොට: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන් වන මුළු සභාවෙන් විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, ඉශ්‍රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකි සියල්ලන්ගේ ගණන ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගන්නැයි කීසේක. 3 මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඔවුන්ට කථාකරමින්– 4 ස්වාමීන්වහන්සේමෝසෙස්ටද මිසරදේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද අණකළ ලෙස විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇති සෙනඟගේ ගණන ගන්නැයි කීවෝය.

5 ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ය. රූබෙන්ගේ පුත්‍රයෝ නම්: හනොක්ගෙන් පැවත ආ හනොක් පවුලය. පල්ලූගෙන් පැවත ආ පල්ලූ පවුලය. 6 හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. කර්මීගෙන් පැවත ආ කර්මී පවුලය. 7 රූබෙන්වරුන්ගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ සතළිස් තුන්දාස් හත්සිය තිස්දෙනෙක්ය. 8 පල්ලූගේ පුත්‍රයෝනම්: එලියාබ්ය. එලියාබ්ගේ පුත්‍රයෝනම්: නෙමුවෙල්, දාතාන් සහ අබීරාම්ය. මේ දාතාන් සහ අබීරාම් නම් කෝරාගේ සමාගමස්වාමීන්වහන්සේටවිරුද්ධව විවාදකළ කල්හි සභාවෙන් කැඳවනු ලැබ ඔවුන් සමඟ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව විවාදකළාවූ අයවල්ය. 10 ඒ සමාගම නැසුණු කල්හි එනම් ගින්නෙන් දෙසිය පනස් දෙනෙක් විනාශවූ කල්හි භූමිය ඇගේ මුඛය ඇර කෝරා සමඟ ඔවුන් ගිලගත්තාය. එසේ ඔව්හු අවවාද ලකුණක් වූහ. 11 එසේවී නුමුත් කෝරාගේ පුත්‍රයෝ නොනැසුණෝය.

12 තමුන්ගේ පවුල්වල හැටියට සිමියොන්ගේ පුත්‍රයෝ මොව්හුය: නෙමුවෙල්ගෙන් පැවත ආ නෙමුවෙල් පවුලය. යාමීන්ගෙන් පැවත ආ යාමීන් පවුලය. යාකීන්ගෙන් පැවත ආ යාකීන් පවුලය. 13 ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය. ෂාවුල්ගෙන් පැවත ආ ෂාවුල් පවුලය. 14 සිමියොන්වරුන්ගේ පවුල් ඒවාය, විසි දෙදාස් දෙසියයක්ය.

15 තමුන්ගේ පවුල්වල හැටියට ගාද්ගේ පුත්‍රයෝ නම් ශෙඵොන්ගෙන් පැවත ආ ශෙඵොන් පවුලය. හග්ගීගෙන් පැවත ආ හග්ගී පවුලය. ෂුනීගෙන් පැවත ආ ෂුනී පවුලය. 16 ඔශ්නීගෙන් පැවත ආ ඔශ්නී පවුලය. ඒරීගෙන් පැවත ආ ඒරී පවුලය. 17 අරොද්ගෙන් පැවත ආ අරොද් පවුලය. අර්යේලිගෙන් පැවත ආ අර්යේලි පවුලය. 18 ගාද්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස්දාස් පන්සියයක්ය.

19 යූදාගේ පුත්‍රයෝනම් ඒර් සහ ඕනාන්ය. ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. 20 තමුන්ගේ පවුල්වල හැටියට යූදාගේ පුත්‍රයෝනම්: ෂේලාගෙන් පැවත ආ ෂේලා පවුලය. පෙරෙශ්ගෙන් පැවත ආ පෙරෙශ් පවුලය. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය. 21 පෙරෙශ්ගේ පුත්‍රයෝනම්: හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. හාමුල්ගෙන් පැවත ආ හාමුල් පවුලය. 22 යූදාගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සැත්තෑ හදාස් පන්සියයක්ය.

23 තමුන්ගේ පවුල්වල හැටියට ඉස්සාඛර්ගේ පුත්‍රයෝ නම්: තෝලාගෙන් පැවත ආ තෝලා පවුලය. පූවාගෙන් පැවත ආ පූනී පවුලය. 24 යාෂුබ්ගෙන් පැවත ආ යාෂුබ් පවුලය. ෂිම්රොන්ගෙන් පැවත ආ ෂිම්රොන් පවුලය. 25 ඉස්සාකර්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය හැටහතරදාස් තුන්සියයක්ය.

26 තමුන්ගේ පවුල්වල හැටියට සාබුලොන්ගේ පුත්‍රයෝ නම්: සෙරෙද්ගෙන් පැවත ආ සෙරෙද් පවුලය. ඒලොන්ගෙන් පැවත ආ ඒලොන් පවුලය. යාලෙයෙල්ගෙන් පැවත ආ යාලෙයෙල් පවුලය. 27 සාබුලොන්වරුන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය හැටදාස් පන්සියයක්ය.

28 තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ නම්: 29 මනස්සේ සහ එප්‍රායිම්ය. මනස්සේගේ පුත්‍රයෝ නම්: මාකීර්ගෙන් පැවත ආ මාකීර් පවුලය. මාකීර්ට දාව ගිලියද් උපන්නේය. ගිලියද්ගෙන් පැවත ආ ගිලියද් පවුලය. 30 ගිලියද්ගේ පුත්‍රයෝ නම්: ඊයෙසෙර්ගෙන් පැවත ආ ඊයෙසෙර් පවුලය. හේලෙක්ගෙන් පැවත ආ හේලෙක් පවුලය. 31 අශ්‍රීයෙල්ගෙන් පැවත ආ අශ්‍රීයෙල් පවුලය. ෂෙකෙම්ගෙන් පැවත ආ ෂෙකෙම් පවුලය. 32 ෂෙම්දාගෙන් පැවත ආ ෂෙමිදා පවුලය. හේඵෙර්ගෙන් පැවත ආ හේඵෙර් පවුලය. 33 හේඵෙර්ගේ පුත්‍රවූ ශෙලෝඵෙහාද්ට දූවරු මිස පුත්‍රයෝ නොසිටියෝය. ශෙලෝඵෙහාද්ගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශාය. 34 මනස්සේගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස් දෙදාස් හත්සියයක්ය.

35 තමුන්ගේ පවුල්වල හැටියට එප්‍රායිම්ගේ පුත්‍රයෝ මොව්හුය: ෂුතෙලාගෙන් පැවත ආ ෂුතෙලා පවුලය. බෙකෙර්ගෙන් පැවත ආ බෙකෙර් පවුලය. තහන්ගෙන් පැවත ආ තහන් පවුලය. 36 ෂුතෙලාගේ පුත්‍රයෝ මොව්හුය. එරාන්ගෙන් පැවත ආ එරාන් පවුලය. 37 එප්‍රායිම්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය තිස් දෙදාස් පන්සියයක්ය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ ඔව්හුය.

38 තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ නම්: බෙලාගෙන් පැවත ආ බෙලා පවුලය. අෂ්බෙල්ගෙන් පැවත ආ අෂ්බෙල් පවුලය. අහිරාම්ගෙන් පැවත ආ අහිරාම් පවුලය. 39 ෂෙඵූඵාම්ගෙන් පැවත ආ ෂූඵාම් පවුලය. හූඵාම්ගෙන් පැවත ආ හූඵාම් පවුලය. 40 බෙලාගේ පුත්‍රයෝ නම්: අර්ද් සහ නාමාන්ය. අර්ද්ගෙන් පැවත ආ අර්ද් පවුලය. නාමාන්ගෙන් පැවත ආ නාමාන් පවුලය. 41 තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ ඔව්හුය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස් පන්දාස් හසියයක්ය.

42 තමුන්ගේ පවුල්වල හැටියට දාන්ගේ පුත්‍රයෝ මොව්හුය: ෂුහාම්ගෙන් පැවත ආ ෂුහාම් පවුලය. තමුන්ගේ පවුල්වල හැටියට දාන්ගේ පවුල් ඔව්හුය. 43 ෂුහාම්වරුන්ගේ සියලු පවුල්වලින් ගණන්කරනු ලැබූ අය සැට සතරදාස් හාරසියයක්ය.

44 තමුන්ගේ පවුල්වල හැටියට ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නාගෙන් පැවත ආ ඉම්නා පවුලය. ඉෂ්වීගෙන් පැවත ආ ඉෂ්වී පවුලය. බෙරියාගෙන් පැවත ආ බෙරියා පවුලය. 45 බෙරියාගේ පුත්‍රයන්ගෙන් හේබෙර්ගෙන් පැවත ආ හේබෙර් පවුලය. මල්කීයෙල්ගෙන් පැවත ආ මල්කීයෙල් පවුලය. 46 ආෂෙර්ගේ දුවගේ නම සෙරාය. 47 ආෂෙර් පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස්තුන්දාස් හාරසියයක්ය.

48 තමුන්ගේ පවුල්වල හැටියට නප්තලීගේ පුත්‍රයෝ නම්: යාශීල්ගෙන් පැවත ආ යාශීල් පවුලය. ගුනීගෙන් පැවත ආ ගුනී පවුලය. 49 යේශෙර්ගෙන් පැවත ආ යේශෙර් පවුලය. ෂිල්ලෙම්ගෙන් පැවත ආ ෂිල්ලෙම් පවුලය. 50 තමුන්ගේ පවුල්වල හැටියට නප්තලීගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස් පන්දාස් හාරසියයක්ය.

51 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ගණන්කරනු ලැබූ ඔව්හු සලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙක්ය.

52 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 53 නාම ගණන හැටියට දේශය මොවුන්ට උරුමයක් වෙන පිණිස බෙදනු ලැබිය යුතුය. 54 වැඩිව සිටින්නන්ට වැඩියෙන්ද අඩුව සිටින්නන්ට අඩුවෙන්ද ඔවුන්ගේ උරුමය දෙන්න. ගණන්කරනු ලැබූවන්ගේ ගණනේ ප්‍රකාරයට එක එක ගෝත්‍රයට උරුමය දෙනු ලැබේවා. 55 එසේවීනුමුත් පස ඇට දැමීමෙන් දේශය බෙදනු ලබාවා. ඔවුන්ගේ පිය ගෝත්‍රවල නාමවල හැටියට ඔවුන්ට උරුමය ලැබේවා. 56 පස ඇට වැටීමේ හැටියටම වැඩි නුමුත් ස්වල්ප නුමුත් ඔවුන්ගේ උරුමය බෙදා දෙනු ලැබේවයි කීසේක.

57 තමුන්ගේ පවුල්වල හැටියට ලෙවීවරුන්ගෙන් ගණන්කරන ලද්දෝ මොව්හුය: ගේර්ෂොන්ගෙන් පැවත ආ ගේර්ෂොන් පවුලය. කොහාත්ගෙන් පැවත ආ කොහාත් පවුලය. මෙරාරීගෙන් පැවත ආ මෙරාරී පවුලය. 58 ලෙවීවරුන්ගේ පවුල් මේවාය: ලිබ්නී පවුලය, හෙබ්‍රොන් පවුලය, මාලී පවුලය, මූෂී පවුලය, කෝරා පවුලය. කොහාත්ට දාව අම්රාම් උපන්නේය. 59 අම්රාම්ගේ භාර්යාවගේ නම යොකෙබෙද්ය, ඈ මිසරයේදී ලෙවීට දාව උපන්නාවූ ඔහුගේ දුවක්ය. ඈ අම්රාම් නිසා ආරොන්ද මෝසෙස්ද ඔවුන්ගේ සහෝදරීවූ මිරියාම්ද බිහිකළාය. 60 ආරොන්ට දාව නාදාබ් සහ අබිහුද එලෙයාසර් සහ ඊතාමාර්ද උපන්නෝය. 61 නාදාබ් සහ අබීහුස්වාමීන්වහන්සේඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි නැසුණෝය. 62 ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමි වන විසිතුන්දාහක්ය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ කිසි උරුමයක් ඔවුන්ට නුදුන් බැවින් ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබූහ.

63 යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ එලෙයාසර්ද විසින් ගණන්කරනු ලැබූවෝ මොව්හුය. 64 එහෙත් සීනයි කාන්තාරයෙහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ ආරොන්ද විසින් ගණන්කළවුන්ගෙන් කිසිවෙක් මොවුන් අතරේ නොසිටියෝය. 65 මක්නිසාද: ඔව්හු කාන්තාරයෙහි සැබවින්ම මියන්නෝයයිස්වාමීන්වහන්සේඔවුන් ගැන කීසේක. එහෙත් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර ඔවුන්ගෙන් කිසිවෙක්වත් ඉතුරු නොවීය.

27

උරුම ගැන නීතිය

1 එකල යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ වංශවලින් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍රවූ හේඵෙර්ගේ පුත්‍රයා වන ශෙලෝඵෙහාද්ගේ දූවරු ළංවුණෝය. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා, සහ තිර්ශාය. 2 ඔව්හු මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද අධිපතීන්ද මුළු සභාවද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිට කථාකොට: 3 අපේ පියා කාන්තාරයෙහි මළේය, ඔහු කෝරාගේ සමාගම වනස්වාමීන්වහන්සේටවිරුද්ධව රැස්වුණ සභාව අතරේ නොසිටියේය. ඔහු තමාගේ පාපය නිසාම මළේය; ඔහුට පුත්‍රයෝ නොසිටියෝය. 4 අපේ පියාණන්ට පුත්‍රයෙකු නැති බැවින් ඔහුගේ නාමය ඔහුගේ වංශය අතරෙන් පහවෙන්ට ඕනෑ මක්නිසාද? අපේ පියාගේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දුනමැනවියි කීවෝය. 5 මෝසෙස් ඔවුන්ගේ කාරණයස්වාමීන්වහන්සේඉදිරිපිටට ගෙනායේය. 6 එවිටස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 7 ශෙලෝඵෙහාද්ගේ දූවරුන් කියන දේ හරිය. නුඹ සැබවින් ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දිය යුතුය; ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට හිමිවෙන්ට සලසන්න. 8 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර: මනුෂ්‍යයෙක් පුත්‍රයෙකු නොලැබ නැසුණොත් ඔහුගේ උරුමය ඔහුගේ දුවට හිමිවෙන්ට සලසන්න. 9 ඔහුට දුවක් නැත්නම් ඔහුගේ සහෝදරයන්ට ඔහුගේ උරුමය දෙන්න. 10 ඔහුට සහෝදරයනුත් නැත්නම් ඔහුගේ පියාගේ සහෝදරයන්ට ඔහුගේ උරුමය දෙන්න. 11 ඔහුගේ පියාගේ සහෝදරයනුත් නැත්නම් ඔහුගේ වංශයෙන් ඔහුට ළඟ නෑයාට ඔහුගේ උරුමය දෙන්න. ඔහුට ඒක හිමිවිය යුතුය.ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළලෙස ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විනිශ්චය පිළිබඳ පනතක් වන්නේයයි කීසේක.

මෝසෙස්ගේ තනතුරට යෝෂුවා නියමකරනු ලැබීම

12 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: මේ අබාරීම්නම් කන්දට නැගී මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශය බලන්න. 13 නුඹ ඒක දුටු පසු නුඹේ සහෝදරවූ ආරොන් තමාගේ සෙනඟට එකතුවුණාක්මෙන් නුඹත් නුඹේ සෙනඟට එකතුවන්නෙහිය. 14 මක්නිසාද ශීන් කාන්තාරයෙහිදී සභාව කළ විවාදයේදී ඔවුන්ගේ ඇස් හමුවෙහි වතුර ළඟදී මා ගෞරවයට නොපමුණු වන ලෙස, නුඹලා මාගේ අණට විරුද්ධව කැරළි ගැසූ නිසායයි කීසේක. ඒ වනාහි ශීන් කාන්තාරයේ කාදෙෂ්හි තිබෙන මෙරීබා වතුරය. 15 එවිට මෝසෙස්ස්වාමීන්වහන්සේටකථාකොට: 16 මාංසමයවූ සියල්ලන්ගේ ආත්මවල දෙවිවූස්වාමීන්වහන්සේතමන්වහන්සේගේ සභාව එඬේරෙක් නැති බැටළුවන්මෙන් නොවන පිණිස, 17 ඔවුන්ට පෙරටුව පිටතට යන්ටත් ඔවුන්ට පෙරටුව ඇතුළට එන්ටත් ඔවුන් පිටතට ගෙනයන්ටත් ඇතුළට ගෙන එන්ටත් සභාව කෙරෙහි මනුෂ්‍යයෙකු පත්කරනසේක්වයි කීවේය. 18 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: ආත්මය ඇති මනුෂ්‍යයෙක් වන නූන්ගේ පුත්‍රවූ යෝෂුවා කැඳවා නුඹේ අත ඔහු පිට තබන්න; 19 පූජකවූ එලෙයාසර් සහ මුළු සභාව ඉදිරියෙහි ඔහු සිටුවා ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ඔහුට අණක් දෙන්න. 20 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඔහුට කීකරුවන පිණිස නුඹට ඇති ගරුතරකමෙන් කොටසක් ඔහු කෙරෙහි තබන්න. 21 පූජකවූ එලෙයාසර්ස්වාමීන්වහන්සේඉදිරියෙහි ඌරීම්විනිශ්චයෙන් ඔහු උදෙසා විභාගකරන පිණිස ඔහු එලෙයාසර් ඉදිරියට පැමිණේවා. එලෙයාසර්ගේ අණ පිට ඔහුද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද එනම් මුළු සභාවද පිටතට යෙත්වා, ඔහුගේ අණ පිට ඇතුළටද එත්වයි කීසේක. 22 මෝසෙස්ස්වාමීන්වහන්සේතමාට අණකළ ලෙස කොට යෝෂුවා කැඳවාගෙන පූජකවූ එලෙයාසර් සහ මුළු සභාව ඉදිරියෙහි සිටුවා, 23 තමාගේ අත් ඔහු පිට තබා,ස්වාමීන්වහන්සේමෝසෙස් ලවා කියෙවු ලෙස අණක් ඔහුට දුන්නේය.

28

පූජා සහ මංගල්‍ය සම්බන්ධ අණපනත්

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක: 2 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්, මාගේ පූජාව එනම් මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ යුතු මාගේ පූජා පිණිස මාගේ භෝජන ඒවායේ නියම කාලවලදී මට ඔප්පුකරන්ට බලාගන්නැයි ඔවුන්ට කියන්න. 3 නුඹ ඔවුන්ට මෙසේ කියන්න–නුඹලාස්වාමීන්වහන්සේටඔප්පුකරන්නාවූ ගිනි පූජාව නම් නිරන්තර දවන පූජාවක් පිණිස දවස්පතාම කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙක්ය. 4 එක බැටළුපැටවෙකු උදය පූජාකරන්න; අනික් බැටළුපැටවා සවස පූජාකරන්න; 5 ආහාර පූජාවකට කොටා සිඳගත් තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ මිශ්‍රකළ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ඔප්පුකරන්න. 6 එයස්වාමීන්වහන්සේටගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස සීනයි කන්දේදී නියමකළාවූ නිරන්තර දවන පූජාවක්ය. 7 ඒකේ පාන පූජාව එක එක බැටළුපැටවාට හිනකින් සතරෙන් කොටසක්ය.ස්වාමීන්වහන්සේටපාන පූජාවක් පිණිස ශුද්ධස්ථානයෙහි මද්‍යපානය වත්කරන්න. 8 අනික් බැටළු පැටවා සවස පූජාකරන්න. උදය ආහාර පූජාව මෙන්ද ඒකේ පාන පූජාව මෙන්ද ඒකස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට ඔප්පුකරන්න.

9 සබත් දවසේදී කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙකුද ආහාර පූජාවකට තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක්ද ඒකේ පාන පූජාවද ඔප්පුකරන්න. 10 මෙය වනාහි නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර එක එක සබත් දවසේදී ඔප්පුකරන දවන පූජාවය.

11 නුඹලාගේ මාසාරම්භවලදීස්වාමීන්වහන්සේටදවන පූජාවක් ඔප්පුකරන්න; එනම්ස්වාමීන්වහන්සේටගින්නෙන් කරන පූජාවක් වන මිහිරි සුවඳ ඇති දවන පූජාවක් පිණිස කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, 12 එක එක ගොනාට ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට ආහාර පූජාවක් කොට තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් දසයෙන් දෙකොටසක්ද, 13 එක එක බැටළුපැටවාට ආහාර පූජාවක් කොට තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් දසයෙන් කොටසක්ද ඔප්පුකරන්න. 14 උන්ගේ පාන පූජා නම් ගොනෙකුට මුද්‍රිකපාන හිනකින් දෙකෙන් කොටසක්ද එක එක බැටළුවාට හිනකින් තුනෙන් කොටසක්ද එක එක බැටළු පැටවාට හිනකින් සතරෙන් කොටසක්ද වන්නේය. මෙය අවුරුද්දේ මාසවලින් එක එක මාසයේ දවන පූජාවය. 15 නිරන්තර දවන පූජාව ඇරස්වාමීන්වහන්සේටපාප පූජාවක් පිණිස එළුවෙක්ද උගේ පාන පූජාවද ඔප්පුකරනු ලබන්නේය.

16 පළමුවෙනි මස දසසතරවෙනි දිනස්වාමීන්වහන්සේගේපාස්කුවය. 17 ඒ මාසයේ පසළොස්වෙනි දින මංගල්‍ය දවසක්ය. සත් දවසක් මුහුන් නොදැමූ රොටි කෑ යුතුය. 18 පළමුවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් වන්නේය; කිසි බර වැඩක් නොකරන්න. 19 තවදස්වාමීන්වහන්සේටදවන පූජාවක් වන ගිනි පූජාවක් කොට කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද රැගෙන ඔප්පුකරන්න. 20 උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, 21 බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද බැගින් ඔප්පුකරන්න; 22 නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවකට එක එළුවෙකුත් පූජාකරන්න. 23 නිරන්තර දවන පූජාවක් වන උදයේ දවන පූජාව ඇර මේවාත් ඔප්පුකරන්න. 24 එලෙස සත් දවසක් එක එක දවසටස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති ගිනි පූජාවේ ආහාරය ඔප්පුකරන්න. නිරන්තර දවන පූජාව ඇර ඒකත් ඒකේ පාන පූජාවත් ඔප්පුකරනු ලබන්නේය. 25 සත්වෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; බර වැඩක් නොකරන්න.

26 තවද නුඹලාගේ සති මංගල්‍යයේදී නුඹලාස්වාමීන්වහන්සේටඅලුත් ආහාර පූජාවක් ඔප්පුකරන ප්‍රථම ඵල දවසේදීත් ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. 27 එහෙත්ස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් පිණිස දවන පූජාවකට තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, 28 උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන්කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, 29 බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද, 30 නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න. 31 නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර උන්ද උන්ගේ පාන පූජාවල්ද ඔප්පුකරන්න. උන් කැලල් නැති සත්තු විය යුතුය.

29

1 සත්වෙනි මාසයේ පළමුවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. ඒක නුඹලාට හොරණෑ පිඹීමේ දවසක්ය. 2 ස්වාමීන්වහන්සේටගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස ඔවුන්ගේ නියෝගය ලෙස අමාවක දවසේ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද, 3 නිරන්තර දවන පූජාව සහ ආහාර පූජාවද ඒවායේ පාන පූජාද ඇරස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්කොට කැලල් නැති තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, 4 උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, 5 බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද, 6 නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරන්න.

7 මේ සත්වෙනි මස දසවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වා කිසි ආකාර වැඩක් නොකර දුක් විලාසයෙන් සිටින්න. 8 එහෙත් සමඟිකමක් කිරීමේ පාප පූජාව සහ නිරන්තර දවන පූජාවත් ඒකේ ආහාර පූජාවත් ඒවායේ පාන පූජාවලුත් ඇර, 9 ස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති දවන පූජාවක් කොට කැලල් නැති එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් සත් දෙනෙක්ද රැගෙන, 10 උන් සහ උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, 11 බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.

12 සත්වෙනි මස පසළොස්වෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න, සත් දවසක්ස්වාමීන්වහන්සේටමංගල්‍යයක් පවත්වන්න. 13 නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇරස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් පිණිස, 14 කැලල් නැති තරුණ ගොන් දහතුන් දෙනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 15 උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් ගොන් දහතුන් දෙනාගෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද බැටළුවන් දෙන්නාගෙන් එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, 16 බැටළුපැටවුන් දසසතර දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.

17 දෙවෙනි දවසේ නිරන්තරවූ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාද ඇර, 18 කැලල් නැති තරුණ ගොන් දොළොස් දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 19 ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.

20 තුන්වෙනි දවසේ නිරන්තරවූ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 21 කැලල් නැති ගොන් එකොළොස් දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 22 ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න.

23 සතරවෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 24 කැලල් නැති ගොන් දස දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 25 ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාවද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න.

26 පස්වෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 27 කැලල් නැති ගොන් නවදෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 28 ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න.

29 සවෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 30 කැලල් නැති ගොන් අට දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 31 ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.

32 සත්වෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, 33 කැලල් නැති ගොන් සත්දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, 34 ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.

35 අටවෙනි දවසේ ගරුමය රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. 36 එහෙත් නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද පාන පූජාවද ඇර, 37 ස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට දවන පූජාවක් පිණිස කැලල් නැති එක ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, 38 ගොනාටත් බැටළුවාටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාවද පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.

39 නුඹලාගේ බාරවලටත් නුඹලාගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ නුඹලාගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා නුඹලාගේ නියම මංගල්‍යවලදීස්වාමීන්වහන්සේටඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක. 40 මෝසෙස්දස්වාමීන්වහන්සේතමාට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.

30

බාරවල් ගැන නීතිය

1 මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන්ට කථාකොට:ස්වාමීන්වහන්සේඅණකර තිබෙන දේ මේය– 2 මනුෂ්‍යයෙක්ස්වාමීන්වහන්සේටබාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට බැඳෙන හැටියට දිවුරුමක් දිවුළොත් ඔහු තමාගේ වචනය කඩනොකර තමාගේ මුඛයෙන් නික්මෙන සියල්ල ලෙස කෙරේවා. 3 ස්ත්‍රියෙක් ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින අතරස්වාමීන්වහන්සේටබාරයක් වී යමකින් වැලකීමට බැඳෙන කල, 4 ඇගේ පියා ඇගේ බාරය හා ඈ බැඳුණු බැඳීමේ වචනද අසා ඒ ගැන කිසිවක් නොකියා සිටියොත්, ඇගේ සියලු බාරද ඈ විසින් ඉෂ්ට කරන්ට බැඳුණු හැම බැඳීම්ද ස්ථිරවන්නේය. 5 එහෙත් ඇගේ පියා එය ඇසූ දවසේදී ඈට තහනම්කළොත්, ඇගේ බාරද ඈ බැඳුණ බැඳීම්ද ස්ථිර නොවන්නේය. ඇගේ පියා ඈට තහනම් කළ බැවින්ස්වාමීන්වහන්සේඈට ක්ෂමාකරනසේක. 6 ඇගේ බාර ඈ පිට තිබියදී නොහොත් ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියාවුණාවූ දේ තිබියදී ඈ පුරුෂයෙකු සමඟ විවාහවූවානම්, 7 ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී කිසිවක් නොකීවොත්, ඇගේ බාරද ඈ බැඳුණු ඇගේ බැඳීම්ද ස්ථිර වන්නේය. 8 එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඈට තහනම් කළොත්, ඈ කෙරෙහි තිබෙන ඇගේ බාරයද ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියවුණාවූ වචනද ඔහු අවලංගුකරන්නේය.ස්වාමීන්වහන්සේද ඈට ක්ෂමාකරනසේක. 9 එහෙත් වැන්දඹුවකු විසින් හෝ අත්හරිනලද භාර්යාවකු විසින් හෝ බාරයක් වූ කල්හි ඈ බැඳුණු සියල්ලම ඈ කෙරෙහි ස්ථිරවන්නේය. 10 තවද ඇගේ පුරුෂයාගේ ගෙයිදී ඈ බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට ඈ දිවුරුමකින් බැඳුණොත්, 11 ඇගේ පුරුෂයාද ඒ අසා කිසිවක් නොකීයේනම්, ඈට තහනම් නොකෙළේ නම්, ඇගේ සියලු බාරද ඈ කරන්ට බැඳුණාවූ සියල්ලද ස්ථිරවන්නේය. 12 එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඒවා මුළුමනින්ම අවලංගු කෙළේනම්, ඇගේ බාරවල් ගැනද ඇගේ බැඳීම ගැනද ඇගේ තොල්වලින් නික්මුණාවූ කිසිවක් ස්ථිර නොවන්නේය. ඇගේ පුරුෂයා ඒවා අවලංගු කෙළේය;ස්වාමීන්වහන්සේද එය ඈට ක්ෂමාකරනසේක. 13 සියලු බාරවල්ද ප්‍රාණයට දුක් විලාසයෙන් සිටීමට කරන සියලු දිවුරුම්ද ඇගේ පුරුෂයාට ස්ථිර කරන්ට හෝ අවලංගුකරන්ට හෝ පුළුවන. 14 එහෙත් ඇගේ පුරුෂයා දවසින් දවස ඒ ගැන නිශ්ශබ්දව සිටියොත් ඈ කෙරෙහි තිබෙන ඇගේ සියලු බාරවල් හෝ ඇගේ සියලු බැඳීම් ඔහු විසින් ස්ථිරකරනු ලැබේ. ඔහු ඒ ඇසූ දවසේදී ඈට කිසිවක් නොකී බැවින් ඔහු ඒවා ස්ථීරකෙළේය. 15 එහෙත් ඔහු ඒවා ඇසුවායින් පසු යම් අන්දමකින් ඒවා අවලංගුකළොත්, ඔහු ඇගේ අයුතුකම දරන්නේයයි කීවේය. 16 පුරුෂයෙකු සහ ඔහුගේ භාර්යාව අතරේද පියෙකු සහ ඔහුගේ දුව ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින කල ඈ අතරේද පවත්වන ලෙසස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ පනත් මේවාය.

31

ඉශ්‍රායෙල්වරු මිදියන්වරුන්ගෙන් පළිගැනීම

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු නුඹ නුඹේ සෙනඟට එක්කරනු ලබන්නෙහියයි කීසේක. 3 මෝසෙස් සෙනඟට කථාකොට: මිදියන්වරුන්ට විරුද්ධව ගොස්ස්වාමීන්වහන්සේඋදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්නා පිණිස නුඹලා අතරෙන් මිනිසුන් යුද්ධයට සන්නද්ධකරන්න. 4 සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධයට යවන්නැයි කීවේය. 5 එලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණන් අතරෙන් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධය පිණිස සන්නද්ධවූ පුරුෂයෝ දොළොස් දාහක් භාරදෙනු ලැබූහ. 6 මෝසෙස්ද ගෝත්‍රයකින් දාහක් බැගින් වූ ඔවුන් සහ පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද ඔහු අතට ශුද්ධ ස්ථානයෙහි භාජනත් පිඹීමට නළාත් දී යුද්ධයට ඇරියේය. 7 ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස ඔව්හු මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධකොට සියලු පිරිමින් මැරුවෝය. 8 මරනලද්දවුන් අතරේ එවීද රෙකෙම්ද ශූර්ද හූර්ද රෙබාද යන මිදියන් රජුන් පස්දෙනාද මැරුවෝය. ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ද කඩුවෙන් මැරුවෝය. 9 ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිදියන් ස්ත්‍රින්ද ඔවුන්ගේ බාලයන්ද වහල්කමට ගෙන ඔවුන්ගේ සියලු ගවයන්ද ඔවුන්ගේ සියලු සිව්පා රැළවල්ද ඔවුන්ගේ සියලු සම්පත්ද කොල්ලයක් කොට ගත්තෝය. 10 ඔවුන් විසූ ස්ථානවල සියලු නුවරවල්ද ඔවුන්ගේ සියලු කොටුද ගින්නෙන් දවා දැමූහ. 11 එහෙත් මුළු කොල්ලයද මනුෂ්‍යයන්ගෙන් සහ මෘගයන්ගෙන් අල්ලාගත් සියල්ලද අරගත්තෝය. 12 ඔව්හු යොර්දාන් අසබඩ යෙරිකෝව සමීපයෙහි වූ මෝවබ් සමභූමිවල කඳවුරේ සිටි මෝසෙස් සහ පූජකවූ එලෙයාසර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවද වෙතට අල්ලාගත්තවුන් හා මෘගයන්ද කොල්ලයද ගෙනාවෝය.

13 මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද සභාවේ සියලු අධිපතිහුද ඔවුන් සම්බවෙන්ට කඳවුරෙන් පිටතට ගියෝය. 14 එවිට මෝසෙස් යුද්ධයෙන් හැරී ආවාවූ සහස්‍රාධිපතීන් වන සේනාවේ මුලාදෑනීන් කෙරෙහි උදහස්ව: 15 නුඹලා සියලු ස්ත්‍රීන් ඉතුරු කළහුද? 16 බලව, මොව්හු බාලාම්ගේ මන්ත්‍රණය කරණකොටගෙන පේයොර්ගේ කාරණයේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින්ස්වාමීන්වහන්සේටවිරුද්ධව අපරාධ කරන්ට සැලැස්සුවෝය, ඒ නිසාස්වාමීන්වහන්සේගේසභාව අතරෙහි වසංගතය විය. 17 එබැවින් බාලයන් අතරෙහි සියලු පිරිමින්ද පුරුෂයන් සමඟ සයනයකිරීමෙන් පුරුෂයන් දැනගත් සියලු ස්ත්‍රීන්ද මරා, 18 පුරුෂයන් සමඟ සයනයකිරීමෙන් පුරුෂයෙකු දැන නොගත් සියලුම ගෑනු දරුවන් ඉතුරුකර ගන්න. 19 නුඹලාද සත් දවසක් කඳවුරෙන් පිට සිටින්න. යමෙකු මැරූ සියල්ලෝද මැරුම් කෑ කිසිවෙකුට ස්පර්ශවූ සියල්ලෝද නුඹලා නුමුත් නුඹලා විසින් අල්වාගනු ලැබුවෝ නුමුත් තුන්වෙනි දවසේදීත් සත්වෙනි දවසේදීත් දෝෂ පහකරගන්න. 20 සියලු වස්ත්‍රද සියලු හම් බඩුද එළු ලොම්වලින් සෑදූ සියලු දේද සියලු ලී බඩුද නුඹලාම පවිත්‍රකරන්නැයි කීවේය. 21 පූජකවූ එලෙයාසර්ද සටනට ගිය යුද්ධකාරයන්ට කථාකොට:ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ව්‍යවස්ථාවේ පනත මේය– 22 රන් රිදී පිත්තල යකඩ බෙලෙක් ඊයම් සහ ගිනි ඉසිලිය හැකි 23 සියලු දේ ගින්නෙහි දමා අරගන්න, එවිට ඒවා පවිත්‍රවන්නේය; එසේවී නුමුත් අපවිත්‍රකම පහකිරීමේ වතුරෙන් ඒවායේ දෝෂ පහකළ යුතුය. එහෙත් ගිනි ඉසිලිය නොහැකි සියල්ල වතුරෙහි දමාගත යුතුය. 24 සත්වෙනි දවසේ නුඹලාගේ වස්ත්‍ර සෝදාගන්න, එවිට නුඹලා පවිත්‍රවන්නහුය, ඉන් පසු කඳවුරට ඇතුල්වෙන්ට පුළුවනැයි කීවේය.

25 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 26 නුඹද පූජකවූ එලෙයාසර්ද සභාවේ පිය පෙළපත්වල ප්‍රධානීහුද අල්ලාගනු ලැබූ මනුෂ්‍යයන් හා මෘගයන් යන කොල්ලය ගණන්කරන්න. 27 ඒ කොල්ලය සටනට ගිය යුද්ධ දක්ෂයන් සහ මුළු සභාව අතරේ දෙකොටසකට බෙදන්න. 28 සටනට ගිය යුද්ධකාරයන්ගෙන්ස්වාමීන්වහන්සේටආදායමක් කොට මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද පන්සියයකින් එකෙකු බැගින් අයකරන්න. 29 ඔවුන්ගේ කොටසෙන් එය ගෙනස්වාමීන්වහන්සේටඑසවීමේ පූජාවක් පිණිස පූජකවූ එලෙයාසර්ට දෙන්න. 30 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද සියලු ආකාර මෘගයන්ගෙන්ද පනසකින් එකෙකු බැගින් වෙන්කොට රැගෙනස්වාමීන්වහන්සේගේමණ්ඩපය භාරකාරවූ ලෙවීවරුන්ට දෙන්නැයි කීසේක. 31 එවිට මෝසෙස්ද පූජකවූ එලෙයාසර්දස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස කළෝය. 32 යුද්ධකාරයන් විසින් අල්වාගත් දේ හැර අනික් කොල්ලය බැටළුවන් සලක්ෂ හැත්තෑපන්දාහක්ද, 33 ගවයන් සැත්තෑ දෙදාහක්ද, 34 කොටළුවන් හැට එක්දාහක්ද, 35 පුරුෂයෙකු සමඟ සයනයකිරීම දැනනොගත් ස්ත්‍රීන් තිස් දෙදාහක්ද විය. 36 යුද්ධයට නික්ම ගිය තැනැත්තන්ගේ කොටස නම් ගණනින් තුන්ලක්ෂ තිස් හත්දාස් පන්සියයක් බැටළුවෝය. 37 බැටළුවන්ගෙන්ස්වාමීන්වහන්සේටඅයවූ කොටස හසිය හැත්තෑපස් දෙනෙක්ය. 38 ගවයෝ තිස්හය දහසක්ය; උන්ගෙන්ස්වාමීන්වහන්සේටඅයවූ කොටස සැත්තෑ දෙන්නෙක්ය. 39 කොටළුවෝ තිස්දහස්පන්සියයක්ය; උන්ගෙන්ස්වාමීන්වහන්සේටඅයවූ කොටස හැට එක දෙනෙක්ය. 40 මනුෂ්‍ය ප්‍රාණීන්ගෙන් සොළොස් දහසක්ය; ඔවුන්ගෙන්ස්වාමීන්වහන්සේටඅයවූ කොටස දෙතිස් දෙනෙක්ය. 41 මෝසෙස්ස්වාමීන්වහන්සේඔහුට අණකළ ලෙසස්වාමීන්වහන්සේගේඑසවීමේ පූජාව පූජකවූ එලෙයාසර්ට දුන්නේය. 42 යුද්ධකාරයන්ගෙන් මෝසෙස් විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අරගන දුන්නාවූ, 43 සභාවේ කොටසටත් බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දාස් පන්සියයක්ද, 44 ගවයන් තිස්හය දහසක්ද, 45 කොටළුවන් තිස්දාස් පන්සියයක්ද, 46 මනුෂ්‍ය ප්‍රාණීන්ගෙන් දහසය දහසක්ද විය. 47 මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මනුෂ්‍යයන්ගෙන් හා මෘගයන්ගෙනුත් පනසකින් එකෙකු බැගින් වෙන්කර රැගෙන උන්ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙසස්වාමීන්වහන්සේගේමණ්ඩප භාරය රක්ෂා කරන ලෙවීවරුන්ට දුන්නෝය. 48 එවිට සේනාවේ දහස් ගණන්වල මුලාදෑනිවන සහස්‍රාධිපතිහුද ශතාධිපතිහුද මෝසෙස් ළඟට අවුත්: 49 නුඹේ මෙහෙකරුවෝ වන අපි අප යටතේ සිටින යුද්ධකාරයන්ගේ ගණන් බලා අපෙන් එක මනුෂ්‍යයෙක්වත් අඩු නැති බව දැනගතිමුව. 50 එබැවින්ස්වාමීන්වහන්සේටපඬුරක් කොට එකිනෙකාට සම්බවී තිබෙන හැටියට ස්වර්ණාභරණ වන පාද මාලාද අත් වළලුද පේරැස් මුදුද කුණ්ඩලාභරණද මාලදස්වාමීන්වහන්සේඉදිරියෙහි අපේ ප්‍රාණ උදෙසා සමඟිකමක් කරන පිණිස ගෙනාවෙමුයයි මෝසෙස්ට කීවෝය. 51 මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් ඒ රන් එනම් සාදාපු සියලු ආභරණ ඔවුන්ගෙන් පිළිගත්තෝය. 52 එසේ සහස්‍රාධිපතීන්ගෙන්ද ශතාධිපතීන්ගෙන්ද ලැබීස්වාමීන්වහන්සේටඔප්පුකළ එසවීමේ පූජාවේ රන් සියල්ල ෂෙකෙල් සොළොස් දහස් සත්සිය පනසක්ය. 53 මක්නිසාද යුද්ධකාරයෝ තම තමුන්ට කොල්ලය ලබාගන සිටියෝය. 54 මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් සහස්‍රාධිපතීන්ගේද ශතාධිපතීන්ගේද රන් පිළිගෙන ඒවාස්වාමීන්වහන්සේඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස සම්මුඛවීමේ කූඩාරමට ගෙනාවෝය.

32

රූබෙන් ගාද් සහ මනස්සේ අතර දේශය බෙදාදීම

1 රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය. 2 එවිට ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද ඇවිත් මෝසෙස්ටත් පූජකවූ එලෙයාසර්ටත් සභාවේ අධිපතීන්ටත් කථාකොට: 3 ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිටස්වාමීන්වහන්සේපහර දුන් දේශය වන, 4 අතාරොත්ද දීබොන්ද යාසේර්ද නිම්රාද හෙෂ්බොන්ද එලෙයාලේද සෙබාම්ද නෙබෝද බෙයොන්ද සිව්පාවුන්ට සෑහෙන දේශයක්ය, නුඹේ මෙහෙකරුවන්ට සිව්පාවෝ සිටිති. 5 එබැවින් අපි නුඹ ඉදිරියෙහි කරුණාව ලදිමුනම් මේ දේශය නුඹේ මෙහෙකරුවන්ට උරුමයක් පිණිස දෙනු ලබාවා; යොර්දානෙන් එතරට අප නොපැමිණෙවුව මැනවයි කීවෝය. 6 එවිට මෝසෙස් ගාද් පුත්‍රයන් හා රූබෙන් පුත්‍රයන්ට කියනුයේ: නුඹලාගේ සහෝදරයන් යුද්ධයට යන අතර නුඹලා මෙහි නවතින්ට හදනවාද? 7 ස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශයට නොයන ලෙස ඔවුන්ගේ සිත් කුමට කලකිරවවුද? 8 දේශය බලන පිණිස මා විසින් නුඹලාගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔව්හුද එසේ කළෝය. 9 ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැකස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය. 10 ඒ දවසේදීස්වාමීන්වහන්සේගේඋදහස ඇවුළුණේය. උන්වහන්සේ කථාකොට: 11 සම්පූර්ණ ලෙසස්වාමීන්වහන්සේඅනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර, 12 මිසරයෙන් ආවාවූ විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ මනුෂ්‍යයන්ගෙන් කිසිවෙක් මා විසින් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශය සැබවින්ම නොදක්නෝය; මක්නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැතැයි කීසේක. 13 ස්වාමීන්වහන්සේගේඋදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය.ස්වාමීන්වහන්සේඉදිරියෙහි නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශවන තෙක් උන්වහන්සේ ඔවුන්ට සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ඔබමොබ යන්ට සැලැස්වූසේක. 14 දැන් නුඹලාත් පව්කාර වර්ගයක්වස්වාමීන්වහන්සේගේතද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය. 15 නුඹලා උන්වහන්සේ අනුව නොගොස් හැරීගියොත් නැවතත් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි තවත් නවත්වනවා ඇත; එසේ නුඹලා මේ මුළු සෙනඟ නාස්තිකරන්නහුයයි කීවේය. 16 එවිට ඔව්හු ළංවී කථාකොට: අපි මෙහි අපේ සිව්පාවුන්ට ගාල්ද අපේ බාලයන්ට නුවරවල්ද ගොඩනගන්නෙමුය. 17 නුමුත් අපි වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ ස්ථානයට පමුණුවනතුරු ඔවුන්ට පෙරටුව යන්ට සන්නද්ධව සිටින්නෙමුව. අපේ බාලයෝ දේශවාසීන් නිසා බලකොටු සහිත නුවරවල වසන්නෝය. 18 ඉශ්‍රායෙල් පුත්‍රයන් එකිනෙකා තම තමාගේ උරුමය හිමිකරගන්න තුරු අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමුව. 19 මක්නිසාද යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර පැත්තෙහි අපේ උරුමය අපට ලැබී තිබෙද්දී අපි ඔවුන් සමඟ යොර්දානෙන් එගොඩත් එයින් එහාත් උරුමය නොගන්නෙමුයයි කීවෝය. 20 එවිට මෝසෙස් ඔවුන්ට කථාකොට: නුඹලා මේ දේ කරමින්,ස්වාමීන්වහන්සේඉදිරියෙහි යුද්ධයට යාමට සැරසී, 21 උන්වහන්සේ තමන්ගේ සතුරන් තමන් ඉදිරියෙන් පන්නාදමන තෙක්ද දේශයස්වාමීන්වහන්සේඉදිරියෙහි යටත්කරන තෙක්ද නුඹලා අතරෙන් යුද්ධයට සැරසුණු සියල්ලන්ස්වාමීන්වහන්සේඉදිරියෙහි යොර්දානෙන් එතරට ගියොත්, 22 පසුව නුඹලාට ආපසු එන්ට පුළුවන, එසේ නුඹලාස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ද ඉදිරියෙහි නිදොස්ව සිටින්නහුය; මේ දේශයදස්වාමීන්වහන්සේඉදිරියෙහි නුඹලාට උරුමයක් පිණිස වන්නේය. 23 එහෙත්, නුඹලා එසේ නොකළොත්, බලව, නුඹලාස්වාමීන්වහන්සේටවිරුද්ධව පව්කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න. 24 නුඹලාගේ බාලයන්ට නුවරවල්ද නුඹලාගේ බැටළුවන්ට ගාල්ද ගොඩනගා නුඹලාගේ මුඛයෙන් නික්මුණු දේ කරන්නැයි කීවේය. 25 ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද මෝසෙස්ට කථාකොට: අපේ ස්වාමිතුමා අණකරන ලෙස නුඹවහන්සේගේ දාසයෝවන අපි කරන්නෙමුව. 26 අපේ බාලයෝද අපේ භාර්යාවෝද අපේ සිව්පාවෝද අපේ සියලු ගවයෝද මෙහි ගිලියද් නුවරවල සිටින්නෝය. 27 එහෙත් අපේ ස්වාමිතුමා කියන ලෙස නුඹවහන්සේගේ දාසයෝ සියල්ලෝම යුද්ධයට සැරසීස්වාමීන්වහන්සේඉදිරියෙහි සටනට එතර යන්නෝයයි කීවෝය.

28 මෝසෙස්ද ඔවුන් ගැන පූජකවූ එලෙයාසර්ටද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාටද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ටද අණකරමින්, 29 ගාද් පුත්‍රයන් සහ රූබෙන් පුත්‍රයන් සියල්ලන්ම යුද්ධයට සැරසීස්වාමීන්වහන්සේඉදිරියෙහි නුඹලා සමඟ යොර්දානෙන් එතරට ගියොත්, දේශය නුඹලා ඉදිරියෙහි යටත්කරනු ලැබූ කල්හි, ගිලියද් දේශය උරුමයක් කොට ඔවුන්ට දෙන්න. 30 එහෙත් ඔවුන් යුද්ධයට සැරසී නුඹලා සමඟ එතරට යන්නේ නැත්නම් ඔව්හු කානාන් දේශයෙහි නුඹලා අතරෙහි උරුම ලබත්වයි කීවේය. 31 ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද උත්තරදෙමින්: ඔබේ දාසයන්ටස්වාමීන්වහන්සේකී ලෙසම අපි කරන්නෙමුව. 32 අපි සන්නද්ධවස්වාමීන්වහන්සේඉදිරියෙහි කානාන් දේශයට එතරව යන්නෙමුව, අපේ උරුම කොටස යොර්දානෙන් මෙගොඩ අපට වේවයි කීවෝය. 33 මෝසෙස් ඔවුන්ට එනම් ගාද් පුත්‍රයන්ටත් රූබෙන් පුත්‍රයන්ටත් යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ රාජ්‍යයද බාෂාන්හි රජවූ ඕග්ගේ රාජ්‍යයද යන දේශය සහ එහි සීමාවල නුවරවල් වන දේශයෙහි වටකර තිබුණු නුවරවල්ද දුන්නේය. 34 ගාද් පුත්‍රයෝ දීබොන් සහ අතාරොත්ද අරෝයේර්ද; 35 අත්රොත්ෂොඵාන්ද යාසේර්ද යොග්බෙහාද; 36 බෙත්-නිම්රා සහ බෙත්-හාරන්ද යන බලකොටු සහිත නුවරවල් සහ බැටළුවන්ට ගාල්ද ගොඩනැගුවෝය. 37 රූබෙන් පුත්‍රයෝ හෙෂ්බොන් හා එලෙයාලේද කිරියතායිම්ද; 38 නම් වෙනස්වුණාවූ නෙබෝ හා බාල්මෙයොන්ද සිබ්මාද ගොඩනැගුවෝය. ඔව්හු තමුන් විසින් ගොඩනැගූ නුවරවලට වෙන නම් තැබුවෝය. 39 මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රයෝ ගිලියද් දේශයට ගොස් ඒක අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමුවෝය. 40 මෝසෙස් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ට ගිලියද් දේශය දුන්නේය; ඔහු එහි විසුවේය. 41 මනස්සේගේ පුත්‍රවූ යායිර් ගොස් එහි නුවරවල් අල්වා ගෙන ඒවාට හවොත්-යායිර්යයි නම් තැබීය. 42 නොබාද ගොස් කෙනත් සහ එහි ගම් අල්ලාගෙන තමාගේ නාමය හැටියට ඊට නොබායයි නම් තැබුවේය.

33

මිසරයේ සිට යොර්දානට ගමන් පිළිවෙළ

1 මෝසෙස් සහ ආරොන් යටතේ තමුන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් මේය. 2 මෝසෙස්දස්වාමීන්වහන්සේගේආඥාව පිට ඔවුන්ගේ ගමන්වල හැටියට ඔවුන්ගේ නික්මීම් ලියුවේය. ඔවුන්ගේ නික්මීම් ප්‍රකාර ඔවුන්ගේ ගමන් මේවාය. 3 ඔව්හු පළමුවෙනි මස පසළොස් වෙනි දින රාමෙසෙස්හි සිට පිටත්වුණෝය; එසේ ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාස්කුවට පසුවදා සියලු මිසරවරුන්ගේ ඇස් ඉදිරියෙහි එසෙවුවාවූ අතක් කරණකොටගෙන පිටතට ආවෝය. 4 එසේ ආවේ මිසරවරුන්ස්වාමීන්වහන්සේවිසින් ඔවුන් අතරෙහි පහරදෙනලද්දවුන් වන සියලුම කුලුඳුලන් ඔවුන් විසින් තැන්පත්කරද්දීය.ස්වාමීන්වහන්සේඔවුන්ගේ දෙවිවරුන් කෙරෙහිත් විනිශ්චයන් ඉෂ්ටකළසේක. 5 ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස් කෙරෙන් පිටත්ව සුකොත්හි කූඩාරම් ගසාගත්තෝය. 6 ඔව්හු සුකොත් කෙරෙන් පිටත්ව ගොස් කාන්තාරයේ අද්දර තිබෙන ඒතාම්හි කූඩාරම් ගසාගත්තෝය. 7 ඒතාමෙන් පිටත්ව ගොස් බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පීහාහිරොත්ට හැරී ගොස් මිග්දොල් ඉදිරියෙහි කූඩාරම් ගසාගත්තෝය. 8 ඔව්හු හාහිරොත් ඉදිරියෙන් පිටත්ව ගොස් මුහුද මැදින් කාන්තාරයට අවුත් ඒතාම් කාන්තාරයෙහි තුන් දවසක ගමන්ගෙන මාරාහි කූඩාරම් ගසාගත්තෝය. 9 මාරා කෙරෙන් පිටත්ව ගොස් ඒලීම්ට ආවෝය. ඒලීම්හි දිය උල්පත් දොළොසක් හා තල්ගස් සැත්තෑවක්ද තිබුණේය; ඔව්හු එහි කූඩාරම් ගසාගත්තෝය. 10 ඔව්හු ඒලීම් කෙරෙන් පිටත්ව ගොස් රතු මුහුද ළඟ කූඩාරම් ගසාගත්තෝය. 11 රතු මුහුද ළඟින් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය. 12 සීන් කාන්තාරයෙන් පිටත්ව ගොස් දොප්කාහි කූඩාරම් ගසාගත්තෝය. 13 දොප්කායෙන් පිටත්ව ගොස් අලුෂ්හි කූඩාරම් ගසාගත්තෝය. 14 අලුෂ් කෙරෙන් පිටත්ව ගොස් රෙපිඩිම්හි කූඩාරම් ගසාගත්තෝය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය. 15 ඔව්හු රෙපිඩිමෙන් පිටත්ව ගොස් සීනයි කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය. 16 සීනයි කාන්තාරයෙන් පිටත්ව ගොස් කිබ්රොත්-හත්තාවාහි කූඩාරම් ගසා ගත්තෝය. 17 කිබ්රොත්-හත්තාවායෙන් පිටත්ව ගොස් හශේරොත්හි කූඩාරම් ගසාගත්තෝය. 18 හශේරොතින් පිටත්ව ගොස් රිත්මාහි කූඩාරම් ගසාගත්තෝය. 19 රිත්මාවෙන් පිටත්ව ගොස් රිම්මොන්-පෙරෙශ්හි කූඩාරම් ගසාගත්තෝය. 20 රිම්මොන්-පෙරෙශෙන් පිටත්ව ගොස් ලිබ්නාහි කූඩාරම් ගසාගත්තෝය. 21 ලිබ්නාවෙන් පිටත්ව ගොස් රිස්සාහි කූඩාරම් ගසාගත්තෝය. 22 රිස්සාවෙන් පිටත්ව ගොස් කෙහේලාතාහි කූඩාරම් ගසා ගත්තෝය. 23 කෙහේලාතාවෙන් පිටත්ව ගොස් ෂෙඵෙර් කන්දෙහි කූඩාරම් ගසා ගත්තෝය. 24 ෂෙඵෙර් කන්දෙන් පිටත්ව ගොස් හරාදාහි කූඩාරම් ගසාගත්තෝය. 25 හරාදාවෙන් පිටත්ව ගොස් මක්හේ ලොත්හි කූඩාරම් ගසාගත්තෝය. 26 මක්හේලොතෙන් පිටත්ව ගොස් තාහත්හි කූඩාරම් ගසාගත්තෝය. 27 තාහතෙන් පිටත්ව ගොස් තෙරාහි කූඩාරම් ගසාගත්තෝය. 28 තෙරාවෙන් පිටත්ව ගොස් මිත්කාහි කූඩාරම් ගසාගත්තෝය. 29 මිත්කාවෙන් පිටත්ව ගොස් හෂ්මොනාහි කූඩාරම් ගසාගත්තෝය. 30 හෂ්මොනාවෙන් පිටත්ව ගොස් මොසේරොත්හි කූඩාරම් ගසාගත්තෝය. 31 මොසේරොතෙන් පිටත්ව ගොස් බෙනෙ-යාකාන්හි කූඩාරම් ගසාගත්තෝය. 32 බෙනෙ-යාකොනෙන් පිටත්ව ගොස් හෝර්-හග්ගිද්ගාද්හි කූඩාරම් ගසාගත්තෝය. 33 හෝර්-හග්ගිද්ගාදෙන් පිටත්ව ගොස් යොට්බාතාහි කූඩාරම් ගසාගත්තෝය. 34 යොට්බාතාවෙන් පිටත්ව ගොස් අබ්රොනාහි කූඩාරම් ගසාගත්තෝය. 35 අබ්රොනාවෙන් පිටත්ව ගොස් එශියොන්-ගෙබෙර්හි කූඩාරම් ගසාගත්තෝය. 36 එශියොන්-ගෙබෙර් කෙරෙන් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි එනම් කාදෙෂ්හි කූඩාරම් ගසාගත්තෝය. 37 ඔව්හු කාදෙෂ් කෙරෙන් පිටත්ව ගොස් ඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේ කූඩාරම් ගසාගත්තෝය. 38 පූජකවූ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු සතළිස්වෙනි අවුරුද්දේ පස්වෙනි මස පළමුවෙනි දිනස්වාමීන්වහන්සේගේඅණ පිට හෝර් කන්දට නැගී ගොස් එහි මැරුණේය. 39 ආරොන් හෝර් කන්දේ මැරෙන කල අවුරුදු එකසිය විසිතුනක් වයස්ව සිටියේය. 40 කානාන් දේශයේ දකුණු දිග විසූ කානානීය අරාද්හි රජ ඉශ්‍රායෙල් පුත්‍රයන් එන බව ඇසුවේය. 41 ඔව්හු හෝර් කන්දෙන් පිටත්ව ගොස් සල්මොනාහි කූඩාරම් ගසාගත්තෝය. 42 සල්මොනාවෙන් පිටත්ව ගොස් පූනොන්හි කූඩාරම් ගසාගත්තෝය. 43 පූනොනෙන් පිටත්ව ගොස් ඔබොතෙහි කූඩාරම් ගසාගත්තෝය. 44 ඔබොතෙන් පිටත්ව ගොස් මෝවබ් සීමාවෙහි වූ ඉයේ-ආබාරිම්හි කූඩාරම් ගසාගත්තෝය. 45 ඉයිම් කෙරෙන් පිටත්ව ගොස් දීබොන්-ගාද්හි කූඩාරම් ගසාගත්තෝය. 46 දීබොන්-ගාදෙන් පිටත්ව ගොස් අල්මොන්-දිබ්ලාතයිම්හි කූඩාරම් ගසාගත්තෝය. 47 අල්මොන්-දිබ්ලාතයි මෙන් පිටත්ව ගොස් නෙබෝ ඉදිරිපිට අබාරීම් කඳුවල කූඩාරම් ගසාගත්තෝය. 48 අබාරීම් කඳුවලින් පිටත්ව ගොස් යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය. 49 ඔව්හු යොර්දාන අසබඩ බෙත්-යෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.

50 ස්වාමීන්වහන්සේයොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස්ට කථාකොට කියනසේක්: 51 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා යොර්දානෙන් එතර කානාන් දේශයට පැමිණි කල, 52 දේශයේ සියලු වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා දමා ඔවුන්ගේ සියලු රූප සහිතවූ කැටයම් ගල්ද ඔවුන්ගේ සියලු වාත්තු පිළිමද නැතිකර දමා ඔවුන්ගේ සියලු උස් තැන් නටබුන්කරන්න. 53 දේශය හිමිකර ගෙන එහි වාසයකරන්න. මක්නිසාද හිමිකරගැනීමට දේශය මා විසින් නුඹලාට දී තිබේ. 54 පසඇට දැමීමෙන් නුඹලාගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; නුඹලාගේ පිය ගෝත්‍රවල හැටියට උරුමකරගන්න. 55 එහෙත් නුඹලා දේශයේ වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා නොදැමුවොත්, නුඹලා විසින් ඔවුන්ගෙන් ඉතුරුකරන අය නුඹලාගේ ඇස්වලට උල්ද නුඹලාගේ ඇලපත්වලට කටුද වී, නුඹලා වසන දේශයෙහි නුඹලාට සතුරුකම් කරනවා ඇත. 56 තවද මම ඔවුන්ට කරන්ට සිතූ ලෙස නුඹලාට කරන්නෙමියි කීසේක.

34

පොරොන්දුවූ දේශයේ සීමා

1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා කානාන් දේශයට පැමිණි කල්හි නුඹලාට උරුමයක් කොට වැටෙන දේශය නම් ඒකේ සීමාවල ප්‍රකාරයට කානාන් දේශයය. 3 එසේ නුඹලාගේ දකුණු පැත්ත ශීන් කාන්තාරයේ පටන් ඒදොම් දිශාව ළඟින් වන්නේය, නුඹලාගේ දකුණු සීමාව නැගෙනහිර දිග ලුණු මුහුදේ කෙළවර සිට පටන්ගෙන, 4 නුඹලාගේ සීමාව අක්‍රබ්බීම්හි නැගුමට දකුණෙන් හැරී ශීනට පැමිණ, කාදෙෂ්-බර්නේයට දකුණෙන් වැටී, එතැනින් හශර්-අද්දාර්ටත් එයින් අශ්මොන්ටත් වන්නේය. 5 අශ්මොන් පටන් සීමාව මිසර ඔය දෙසට හැරී ගොස් මුහුද ළඟ කෙළවර වන්නේය. 6 බස්නාඉර සීමාවට වනාහි මහ මුහුද නුඹලාගේ සීමාව වන්නේය. ඒක නුඹලාගේ බස්නාඉර සීමාව වන්නේය. 7 නුඹලාගේ උතුරු සීමාව මෙසේ වන්නේය: මහ මුහුද පටන් හෝර් කන්ද දක්වා ලකුණුකරගන, 8 හෝර් කන්දෙන් හමාත්ට ඇතුල්වන තැන දක්වා ලකුණුකරන්න; සීමාව ශෙදාද්ට පැමිණ, 9 ශිප්‍රොන්ට ගොස් හශර්-ඒනාන් ළඟ කෙළවර වන්නේය. ඒක නුඹලාගේ උතුරු සීමාව වන්නේය. 10 නුඹලාගේ නැගෙනහිර සීමාව හශර්-ඒනානෙන් ෂෙඵාම් දක්වා ලකුණුකරන්න. 11 සීමාවද ෂෙඵාම් පටන් අයින්ට නැගෙනහිරෙන් රිබ්ලාට බැස, කින්නෙරෙත් මුහුදේ නැගෙනහිර අද්දරින්ම බැස ඇවිත්, 12 එතනින් සීමාව යොර්දාන අද්දරින් බැස ලුණු මුහුද ළඟදී කෙළවර වන්නේය. වටකර සීමාවල ප්‍රකාරයට මේක නුඹලාගේ දේශය වන්නේයයි කීසේක. 13 මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්: නුඹලා විසින් පස ඇට දැමීමෙන් උරුමකරගත යුතුවන්නාවූ, ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් දෙන්ටස්වාමීන්වහන්සේඅණකළාවූ දේශය නම් මේය. 14 මක්නිසාද තමුන්ගේ පිය පෙළපත් ලෙස රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද තමුන්ගේ උරුමය ලැබීතිබේ. 15 එසේ ඒ ගෝත්‍ර දෙකටද අර්ධ ගෝත්‍රයටද යොර්දානෙන් මෙගොඩ යෙරිකෝව ළඟ නැගෙනහිර දිශාවෙහි තමුන්ගේ උරුමය ලැබීතිබේයයි කීවේය.

16 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 17 නුඹලාට දේශය උරුමයක් කොට බෙදා දෙන්නන් වූ මනුෂ්‍යයන්ගේ නාම නම්: පූජකවූ එලෙයාසර් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාය. 18 දේශය උරුම වශයෙන් බෙදන පිණිස සියලු ගෝත්‍රවලින් එක අධිපතියෙකු බැගින් ගන්න. 19 ඒ මනුෂ්‍යයන්ගේ නාම මේවාය: යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය. 20 සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අම්මීහුද්ගේ පුත්‍රවූ ෂෙමුවෙල්ය. 21 බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් කිස්ලොන්ගේ පුත්‍රවූ එලිදාද්ය. 22 දාන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් යොග්ලීගේ පුත්‍රවූ අධිපතියෙක්වූ බුක්කීය. 23 යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ඒඵොද්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ හන්නියෙල්ය. 24 එප්‍රායිම් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ෂිප්තාන්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ කෙමුවේල්ය. 25 සාබුලොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් පර්නාක්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ එලිශාඵාන්ය. 26 ඉස්සාකර් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අස්සාන්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පල්තියෙල්ය. 27 ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ෂෙලොමීගේ පුත්‍රවූ අධිපතියෙක්වූ ආහිහුද්ය. 28 නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අම්මීහුද්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පෙදහෙල්යයි කීසේක. 29 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි උරුමය බෙදාදෙන පිණිසස්වාමීන්වහන්සේඅණකළේ මොවුන්ටය.

35

ලෙවීවරුන්ගේ නුවරවල් සහ ආරක්ෂා නගර

1 තවදස්වාමීන්වහන්සේයොර්දාන් අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමුන්ට හිමිවූ උරුමයෙන් ලෙවීවරුන්ගේ වාසය පිණිස නුවරවල් දෙන්ට අණකරන්න; නුවරවලට වටකරින් ඒවාට පිට-බිම් ලෙවීවරුන්ට දෙන්න. 3 නුවරවල් ඔවුන්ගේ වාසය පිණිස වන්නේය; ඒවායේ පිට-බිම් ඔවුන්ගේ සිව්පාවුන්ටත් ඔවුන්ගේ දේපළවලටත් ඔවුන්ගේ සියලු මෘගයන්ටත් වන්නේය. 4 නුඹලා විසින් ලෙවීවරුන්ට දෙන නුවරවල පිට-බිම් නුවර පවුර පටන් රියන් දහසක් දුරට වටකරින් තිබේවා. 5 නුවර මැදිකර නුවරට පිටතින් නැගෙනඉර දෙසට රියන් දෙදහසක්ද දකුණු දෙසට රියන් දෙදහසක්ද බස්නාඉර දෙසට රියන් දෙදහසක්ද උතුරු දෙසට රියන් දෙදහසක්ද මනින්න. ඔවුන්ගේ නුවරවල පිට-බිම් එයාකාර වේවා. 6 නුඹලා ලෙවීවරුන්ට දිය යුතුවූ නුවරවල් නම් මිනීමරන්නාට පලායාම පිණිස දෙන්නාවූ ආරක්ෂා නුවරවල් හයය. ඒවා ඇර තව නුවරවල් සතළිස් දෙකක් දෙන්න. 7 නුඹලා ලෙවීවරුන්ට දිය යුතු සියලු නුවරවල් වනාහි නුවරවල් සතළිස් අටක්ය. ඒවාත් ඒවායේ පිට-බිමුත් දෙන්න. 8 නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයෙන් නුවරවල් දිය යුතු වන්නේ වැඩියේ ඇති අයගෙන් වැඩියේත් ස්වල්පයක් ඇති අයගෙන් ස්වල්පයකුත්ය. එකිනෙකාට ලැබෙන තමාගේ උරුමය ලෙස තම තමාගේ නුවරවලින් ලෙවීවරුන්ට දිය යුතුයයි කීසේක.

9 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 10 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා යොර්දානෙන් එතර කානාන් දේශයට පැමිණි කල, 11 අත්වැරුද්දෙන් යමෙකු මරන තැනැත්තා පලායන පිණිස නුඹලාට ආරක්ෂා නුවරවල් වශයෙන් නුවරවල් නියමකරගන්න. 12 මිනීමරන්නා විනිශ්චය පිණිස සභාව ඉදිරිපිට සිටින්ට පළමුවෙන් නොනස්නා පිණිස ඒ නුවරවල් පළිගන්නාගෙන් නුඹලාට ආරක්ෂාව පිණිස වන්නේය. 13 නුඹලා දෙන නුවරවල් වනාහි නුඹලා උදෙසා ආරක්ෂා නුවරවල් හයක් වන්නේය. 14 යොර්දානෙන් මෙගොඩ නුවරවල් තුනක්ද කානාන් දේශයේ නුවරවල් තුනක්ද ආරක්ෂා නුවරවල් කොට දෙන්න. 15 අත් වැරුද්දෙන් යමෙකු මරන තැනැත්තාට පලායාමට ඒ නුවරවල් හය ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් විදේශියාටත් ඔවුන් අතරේ සිටින ආගන්තුකයාටත් ආරක්ෂාව පිණිස වේවා. 16 එහෙත් යමෙක් මැරෙන ලෙස හෙතෙම යකඩ ආවුදයකින් ඔහුට පහර දුන්නේනම් ඔහු මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින්ම මරනු ලැබිය යුතුය. 17 යමෙකු මරන්ට පුළුවන් ගලක් අරගෙන මැරෙන ලෙස ඔහුට පහරදුන්නේනම්, හෙතෙම මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින් මරනු ලැබිය යුතුය. 18 නොහොත් යමෙකු මරන්ට පුළුවන් ලී ආවුදයක් රැගෙන ඔහු මැරෙන ලෙස පහර දුන්නේනම්, හෙතෙම මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින් මරනු ලැබිය යුතුය. 19 ලේ වල පළිය ගන්න තැනැත්තේම මිනීමරන්නා මරාවා. ඔහු සම්බවූවිට ඔහු මරාවා. 20 වෛරයක් නිසා මැරෙන ලෙස ඇන්නේනම්, නොහොත් රැකසිට ඔහු පිටට යමක් හෙළුවේනම්, 21 නොහොත් මැරෙන ලෙස සතුරුකමක් නිසා තමාගේ අතින් ඔහුට ගැසුවේ නම්, ඔහුට පහරදුන් තැනැත්තේ සැබවින් මරනු ලැබිය යුතුය; හෙතෙම මිනී මරන්නෙක්ය. ලේවල පළිය ගන්න තැනැත්තේ මිනීමරන්නා සම්බවූ විට ඔහු මරාවා. 22 එහෙත් සතුරුකමක් නිසා නොව අහම්බෙන් ඔහුට ඇන්නේනම්, නොහොත් රැක නොසිට ඔහු පිටට යමක් හෙළුවේනම්, 23 නොහොත් ඔහු නොදැක, ඔහු ඒ අයගේ සතුරෙක් නොවී, අන්තරායක් කරන්ට නොසිතා මනුෂ්‍යයෙකු මරන්ට පුළුවන්වූ යම් ගලක් මැරෙන ලෙස ඔහු පිටට වැටීමට ඇරියේනම්, 24 පහරදෙන්නා සහ ලේවල පළිය ගන්නා අතරේ මේ විනිශ්චයවල හැටියට සභාව විසින් විනිශ්චය කළ යුතුය. 25 ඔව්හු ලේවල පළිය ගන්නා අතින් මිනීමරන්නා මුදා ඔහු පලාගිය තමාගේ ආරක්ෂා නුවරට ඔහු නැවත පමුණුවන්නෝය. ශුද්ධ තෙලින් ආලේපලත් උත්තම පූජකයා නසිනතෙක් ඔහු එහි වාසය කෙරේවා. 26 එහෙත් මිනීමරන්නා යම් විටක තමා පලාගිය ආරක්ෂා නුවර සීමාවෙන් පිටතට ආවොත්, 27 ලේවල පළිය ගන්නාට ඔහුගේ ආරක්ෂා නුවර සීමාවෙන් පිටතදී ඔහු සම්බවී ඔහු මරන්නේවී නුමුත්, ඔහු ලේ ගැන වරදකාරයෙක් නොවන්නේය. 28 මක්නිසාද උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර සිටිය යුතු වූයේය. එහෙත් උත්තම පූජකයාගේ මරණින් පසු මිනීමරන්නාට තමාගේ උරුමය තිබෙන රටට හැරී එන්ට පුළුවන. 29 මේවා නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාට විනිශ්චයේ පනතක් වන්නේය. 30 කා විසින් නුමුත් යමෙකු මැරුවොත් මිනීමරන තැනැත්තේ සාක්ෂිකාරයන්ගේ කීම පරිද්දෙන් මරනු ලැබිය යුතුය. එහෙත් යමෙකු මරන පිණිස එක සාක්ෂිකාරයෙක් පමණක් ඔහුට විරුද්ධව සාක්ෂි නොදිය යුතුය. 31 මරනු ලබන්ට සුදුසු වරදකාරයෙක්ව සිටින මිනීමරන්නාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මුදලක් භාරනොගන්න. මක්නිසාද ඔහු සැබවින් මරනු ලැබිය යුතුය. 32 තමාගේ ආරක්ෂා නුවරට පලාගොස් සිටින තැනැත්තා උත්තම පූජකයා නසින්ට පළමුවෙන් දේශයෙහි වාසයකිරීමට හැරී එන පිණිස ඔහු උදෙසාත් මිදීමේ මුදලක් භාරනොගන්න. 33 එසේ නුඹලා වසන දේශය දූෂ්‍ය නොකරන්න. මක්නිසාද ලේ වැගිරීමෙන් දේශය පිළිකුල්වෙයි. තවද ලේ වැගිරෙවු තැනැත්තාගේ ලෙයින් මිස එහි වගුරුවනලද ලෙයේ දෝෂයෙන් දේශය මිදිය නොහැකිය. 34 නුඹලා පදිංචිවෙන දේශය තුළ මා වාසයකරන බැවින් ඒක අපවිත්‍ර නොකර සිටින්න. මක්නිසාදස්වාමීන්වහන්සේවන මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරමියි කීසේක.

36

උරුමක්කාරියන් සම්බන්ධ නීතිය

1 යෝසෙප් පුත්‍රයන්ගේ වංශවලින් මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද් පුත්‍රයන්ගේ වංශයේ පිය පෙළපත්වල ප්‍රධානියෝ අවුත් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීන්ව සිටි අධිපතීන් ඉදිරියෙහිද කථාකොට: 2 දේශය උරුමයක් කොට පසඇට දැමීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන ලෙසස්වාමීන්වහන්සේඅපේ ස්වාමිතුමාට අණකළසේක. අපේ ස්වාමිතුමා අපේ සහෝදරවූ ශෙලෝඵෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙසස්වාමීන්වහන්සේගෙන්‍‍‍අණ ලැබීය. 3 ඉදින් ඔවුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වෙන ගෝත්‍රවල පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විවාහවූවොත් ඔවුන්ගේ උරුමය අපේ පියවරුන්ගේ උරුමයෙන් පහවී ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලබනවා ඇත. මෙසේ ඒක අපේ උරුම කොටසින් පහවන්නේය. 4 මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ජුබිලිය පැමිණි කල්හි ඔවුන්ගේ උරුමය ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලැබ අපේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයෙන් පහවේයයි කීවෝය. 5 මෝසෙස්ස්වාමීන්වහන්සේගේවචනය හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට: යෝසෙප් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ අය කියනවා හරිය. 6 ස්වාමීන්වහන්සේශෙලෝඵෙහාද්ගේ දූවරුන් ගැන අණකර තිබෙන කාරණාව මේය–ඔව්හු තමුන් කැමති තැනැත්තන් සමඟ විවාහ වෙත්වා; එහෙත් ඔවුන් විවාහ විය යුතු තමුන්ගේ පියාගේ ගෝත්‍රයේ වංශයක තැනැත්තන් සමඟ පමණක්ය. 7 මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයක් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොයන්නේය. මක්නිසාද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයට බැඳී සිටිත්වා. 8 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තම තමුන්ගේ පියවරුන්ගේ උරුමය හිමිවෙන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි ගෝත්‍රයක උරුමයක් ලබන එක එක දුව ඇගේ පිය ගෝත්‍රයේ වංශයක කෙනෙකුගේ භාර්යාව වේවා. 9 මෙසේ උරුමයක් එක ගෝත්‍රයකින් වෙන ගෝත්‍රයකට මාරු නොවන්නේය; මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රයන් තම තමුන්ගේ උරුමයටම බැඳී සිටිනවා ඇතැයි කීවේය. 10 ශෙලෝඵෙහාද්ගේ දූවරුස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙසම කළෝය. 11 මෙසේ ශෙලෝඵෙහාද්ගේ දූවරුන්වූ මාලාද තිර්ශාද හොග්ලාද මිල්කාද නෝවාද යන මොව්හු තමුන්ගේ පියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් සමඟ විවාහ වූහ. 12 ඔව්හු යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පුත්‍රයන්ගේ වංශවල අය සමඟ විවාහ වූවෝය, ඔවුන්ගේ උරුමයද ඔවුන්ගේ පිය වංශයේ ගෝත්‍රයෙහිම පැවතුණේය.

13 ස්වාමීන්වහන්සේයොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකෙරෙවූ ආඥාද විනිශ්චයවල්ද මේවාය.