1

යෙරුසලම ගැන කනගාටු ආරංචි. නෙහෙමියාගේ යාච්ඤාව

1 හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල, 2 මාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක්වූ හනානීද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝද යුදයෙන් ආවෝය; එවිට වාල්කමෙන් ගැළවී ඉතුරුවුණ යුදෙව්වරුන් ගැනද යෙරුසලම ගැනද ඔවුන්ගෙන් විචාළෙමි. 3 ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය. 4 මම ඒ වචන ඇසූ කල හිඳගෙන අඬා, කීප දවසක් වැලපී නිරාහාරව සිට, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤාකෙළෙමි: 5 අහෝ ස්වර්ගයේ දෙවිවූස්වාමීන්වහන්ස,ඔබට ප්‍රේමකරමින් ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයානකවූ දෙවියන්වහන්ස, 6 ඔබගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දාවල් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන යාච්ඤාවද, ඉශ්‍රායෙල් පුත්‍රයන්වූ අප විසින් ඔබට විරුද්ධවකළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කන යොමා, ඔබගේ ඇස්ද ඇරී තිබේවයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එසේය, මමත් මාගේ පියවංශයත් පව්කෙළෙමුව. 7 අපි ඔබට විරුද්ධව ඉතා දූෂ්‍ය ලෙස ක්‍රියාකෙළෙමුව, ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ ආඥාද පනත්ද විනිශ්චයන්ද රක්ෂානොකෙළෙමුව. 8 අහෝ ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට ඔබ අණකළ දෙය සිහිකළ මැනව. එනම්: නුඹලා ද්‍රෝහිකම්කළොත් මම නුඹලා ජාතීන් අතරේ විසුරුවන්නෙමි. 9 එහෙත් නුඹලා මා වෙතට හැරී, මාගේ ආඥා රක්ෂාකරමින්, ඒවා ඉෂ්ටකළොත්, නුඹලාගෙන් සමහරෙක් පන්නාදමනු ලැබ අහසේ කෙළවර සිටියත්, මම ඔවුන් එතැනින් රැස්කර, මාගේ නාමය පිහිටුවන්ට මා විසින් තෝරාගත් ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමියි ඔබ කීසේක. 10 මොව්හු වනාහි ඔබගේ මහත් බලයෙන්ද බලවත් හස්තයෙන්ද ඔබ විසින් මුදාගත් ඔබගේ මෙහෙකරුවන් හා සෙනඟත්ය. 11 අහෝස්වාමීන්වහන්ස,ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.

2

නෙහෙමියා රජුගෙන් අවසර ලැබීම

1 තවද අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ නීසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රිකපානය තිබෙද්දී මම මුද්‍රිකපානය රැගෙන රජුට දුනිමි. මීට ප්‍රථම මම ඔහු ඉදිරියේදී මලානිකව නොසිටියෙමි. 2 එවිට රජු මට කථාකර: නුඹට අසනීපයක් නැති කොට නුඹේ මුහුණ මලානිකව තිබෙන්නේ මන්ද? මේක සිතේ කනගාටුවක් මිස වෙන කිසිවක් නොවේයයි කීවේය. 3 එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි. 4 එවිට රජ: නුඹ ඉල්ලා සිටින්නේ කුමක්දැයි මාගෙන් ඇසීය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට රජුට කථාකරමින්: 5 රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ දාසයා ඔබ ඉදිරියෙහි කරුණාව ලබාසිටී නම්, යූදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර ගොඩනගන පිණිස මා එහි හැරිය මැනවැයි කීමි. 6 මෙසේ රජතෙම බිසවත් තමා ළඟ වාඩිවී ඉන්දදී, කථාකොට: නුඹේ ගමනට කොපමණ කල් අල්ලනවා ඇද්ද කියාත් නුඹ නැවත එන්නේ කවදාද කියාත් මාගෙන් ඇසුවේය. මෙසේ රජ මා හරින්ට ප්‍රසන්න විය. මමද රජුට කාලයක් නියමකර කීවෙමි. 7 ඇරත් මම රජුට කථාකොට: රජතුමා ප්‍රසන්න නම් මා යුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්ට දෙන ලෙස එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම්ද, 8 ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය.

යෙරුසලමට පැමිණීම. පවුරු ගොඩනගන්ට නියමකර ගැනීම

9 එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට ගොස් රජුගේ හසුන්පත් ඔවුන්ට දුනිමි. රජ වනාහි සේනාධිපතීන්ද අසරුවන්ද මා සමඟ එවුවේය. 10 හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද ඒ අසා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණුකරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාපවූහ. 11 මෙසේ මම යෙරුසලමට ඇවිත් තුන් දවසක් එහි සිටියෙමි. 12 තවද මම මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ රාත්‍රියේ නැගිට, යෙරුසලම උදෙසා කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිතෙහි තැබූ කල්පනාව කිසිම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැගී ගිය සතා මිස වෙන යම් සතෙකු නැතුව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත්වී, 13 නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩාදමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා, 14 පසුව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. නුමුත් මා නැගී උන් සතාට යන්ට ඉඩ නොතිබුණේය. 15 මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී මිටියාවතේ දොරටුවෙන් ඇතුල්වී ආයෙමි. 16 මා ගිය තැනවත් කළ දෙයවත් මුලාදෑනීහු දැනනොගත්තෝය; මම ඒ වන තුරු යුදෙව්වරුන්ට හෝ පූජකයන්ටවත් උත්තමයන්ට හෝ මුලාදෑනීන්ටවත් වැඩේ කළ අනික් අයටවත් එය නොදැන්වීමි. 17 එකල මම ඔවුන්ට කථාකොට: අපට තිබෙන විපත්තිය එනම් යෙරුසලම පාළුව තිබෙන හැටිද ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙන හැටිද නුඹලාට පෙනෙයි. ඉතින් තවත් අපට නින්දා නොපැමිණෙන පිණිස යෙරුසලමේ පවුර ගොඩනගමුයයි කියා, 18 මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. ඔව්හුද: අපි නැගිට ගොඩනගමුයයි කීවෝය. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවිකර ගත්තෝය. 19 නුමුත් හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද අරාබිය ගෙෂෙම්ද ඒ අසා අපට කවටකම්කර අප හෙළාදැක: නුඹලා කරන මේ දෙය මොකද? නුඹලා රජුට විරුද්ධව කැරළිගසන්ට යනවාදැයි කීවෝය. 20 එවිට මම ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගයේ දෙවියන්වහන්සේම අපේ කාරණය සඵලකරනවා ඇත; එබැවින් උන්වහන්සේගේ සේවකයෝවූ අපි නැගිට ගොඩනගන්නෙමුව. නුමුත් නුඹලාට යෙරුසලමෙහි කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැතැයි කීවෙමි.

3

ගොඩනැගීම කළ ඒ ඒ අයගේ වැඩ

1 එකල උත්තම පූජකයාවූ එලියාෂීබ් තෙම පූජකයන්වූ ඔහුගේ සහෝදරයන් සමඟ නැගිට බැටළු දොරටුව ගොඩනගා, ඒක විශුද්ධකොට, ඒකේ දොරවල් තැබුවෝය; හම්මේයාහ කොතද හනනේල්ගේ කොතද දක්වා ඔව්හු ඒක විශුද්ධකළෝය. 2 ඔහු ගාව යෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැගුවෝය. ඔවුන් ගාව ඉම්රීගේ පුත්‍රවූ සක්කූර් ගොඩනැගුවේය. 3 මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැගුවෝය; ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය. 4 ඔවුන් ගාව හක්කොශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව මෙෂේසබෙල්ගේ පුත්‍රවූ බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍රවූ ශාදොක් අලුත්වාඩියාකෙළේය. 5 ඔවුන් ගාව තෙකෝවරු අලුත්වැඩියාකෙළෝය; නුමුත් ඔවුන්ගේ උත්තමයෝ තමුන්ගේ ස්වාමීන්ගේ සේවයට කර නුදුන්නෝය. 6 පරණ දොරටුව පාසේයාගේ පුත්‍රවූ යෝයාදාද බෙසෝදෙයාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ද අලුත්වැඩියාකළෝය, ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය. 7 ඔවුන් ගාව ගිබියෝනිය මෙලෙටියාද මෙරොනොතිය යාදොන්ද ගිබියොන් සහ මිශ්පාහි මනුෂ්‍යයෝද අලුත්වැඩියාකළෝය, ඔව්හු වනාහි ගඟ මෙගොඩ සිටි දිශාධිපතියාගේ ආණ්ඩුබලය යටතේය. 8 ඔවුන් ගාව රන්කරුවන්වූ හර්හායාගේ පුත්‍රවූ උස්සීයෙල් අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍රකරන්නන්ගෙන් කෙනෙක්වූ හනනියා අලුත්වැඩියාකෙළේය, ඔව්හු පළල් පවුර දක්වා යෙරුසලම සවිකළෝය. 9 ඔවුන් ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හූර්ගේ පුත්‍රවූ රෙපායා අලුත්වැඩියාකෙළේය. 10 ඔහු ගාව හරුමප්ගේ පුත්‍රවූ යෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව හෂබ්නෙයාගේ පුත්‍රවූ හට්ටූෂ් අලුත්වැඩියාකෙළේය. 11 හාරීම්ගේ පුත්‍රවූ මල්කියාද පාහත්-මෝවබ්ගේ පුත්‍රවූ හප්ෂූබ්ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියාකළෝය. 12 ඔහු ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හල්ලොහෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ද ඔහුගේ දූවරුද අලුත්වැඩියාකළෝය. 13 මිටියාවතේ දොරටුව හානූන්ද සානොවේ වැසියෝද අලුත්වැඩියාකළෝය; ඔව්හු ඒක ගොඩනගා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් රියන් දාහක්ද අලුත්වැඩියාකළෝය. 14 කසළ දොරටුව බෙත්-හක්කෙරෙම් පළාතේ අධිපතියාවූ රේකාබ්ගේ පුත්‍රවූ මල්කියා අලුත්වැඩියාකෙළේය; ඔහු ඒක ගොඩනගා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවේය. 15 උල්පත් දොරටුව මිශ්පා පළාතේ අධිපතියාවූ කොල්-හොසෙගේ පුත්‍රවූ ෂල්ලූන් අලුත්වැඩියාකෙළේය. ඔහු ඒක ගොඩනගා වසා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැගුවේය. 16 ඔහු ගාව බෙත්-ශූර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ අශ්බුක්ගේ පුත්‍රවූ නෙහෙමියා දාවිත්ගේ සොහොන්පළවල් ඉදිරිපිටට පැමිණෙන තුරුත් සාදනලද පොකුණ දක්වාත් බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියාකෙළේය. 17 ඔහු ගාව ලෙවීවරු බානීගේ පුත්‍රවූ රෙහුම් [යටතේ] අලුත්වැඩියාකළෝය. ඔහු ගාව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියාකෙළේය. 18 ඔහු ගාව ඔවුන්ගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හේනාදාද්ගේ පුත්‍රවූ බව්වයි [යටතේ] අලුත්වැඩියාකෙළෝය. 19 ඔහු ගාව මිශ්පායේ අධිපතියාවූ යේෂුවාගේ පුත්‍රවූ එසෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැගුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියාකෙළේය. 20 ඔහු ගාව සබ්බයිගේ පුත්‍රවූ බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයාවූ එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් ජ්වලිතකමින් අලුත්වැඩියාකෙළේය. 21 ඔහු ගාව හක්කෝශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂීබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියාකෙළේය. 22 ඔහු ගාව සමභූමියේ මනුෂ්‍යයෝවූ පූජකයෝ අලුත්වැඩියාකළෝය. 23 ඔවුන් ගාව බෙන්යමින්ද හෂ්ෂූබ්ද තමුන්ගේ ගෙය ඉදිරිපිට අලුත් වැඩියාකළෝය. ඔවුන් ගාව අනනියාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍රවූ අසරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියාකෙළේය. 24 ඔහු ගාව හෙනාදාද්ගේ පුත්‍රවූ බින්නුයි අසරියාගේ ගෙය පටන් පවුරේ හැරෙන තැන සහ කොන දක්වාත් තව කොටසක් අලුත්වැඩියාකෙළේය. 25 ඌසයිගේ පුත්‍රවූ පාලාල් පවුරු කොතත් හිරගෙයි මිදුල ළඟ ඉහළ රජගෙදරට ඉස්සරහපිටින් තිබෙන කොතත් අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව පරොෂ්ගේ පුත්‍රවූ පෙදායා අලුත්වැඩියාකෙළේය. 26 (එකල නෙතිනීම්වරු නැගෙනහිර දිසාවේ වතුර දොරටුවද පිටතින් තිබෙන කොතද ඉදිරිපිට තැන දක්වා ඕපෙල්හි විසුවෝය.) 27 ඔහු ගාව තෙකෝවරු පිටතින් තිබෙන ලොකු කොත ඉදිරිපිටද ඕපෙල්හි පවුර දක්වාද තව කොටසක් අලුත්වැඩියාකළෝය. 28 අශ්ව දොරටුවට ඉහළින් පූජකයෝ එකිනෙකා තම තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකළෝය. 29 ඔවුන් ගාව ඉම්මේර්ගේ පුත්‍රවූ ශාදොක් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව නැගෙනහිර දොරටුවේ රැකවලාවූ ෂෙකනියාගේ පුත්‍රවූ ෂෙමායා අලුත්වැඩියාකෙළේය. 30 ඔහු ගාව ෂෙලමියාගේ පුත්‍රවූ හනනියාද ශාලාප්ගේ හවෙනි පුත්‍රයාවූ හානූන්ද තව කොටසක් අලුත්වැඩියාකළෝය. ඔහු ගාව බෙරකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය. 31 ඔහු ගාව රන්කරුවෙක්වූ මල්කියා හම්මිප්කාද් දොරටුව ඉදිරිපිට නෙතිනීම්වරුන්ගේද වෙළෙන්දන්ගේද ගෙවල් දක්වාත් කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියාකෙළේය. 32 කොනේ උඩුමහලටත් බැටළුදොරටුවටත් අතරේ රන්කරුවෝද වෙළෙන්දෝද අලුත්වැඩියාකළෝය.

4

වැඩේට විරුද්ධවීම. නෙහෙමියා උපා යෙදීම

1 අප විසින් පවුර සාදන බව සන්බලාට් ඇසූ විට ඔහු කෝපවී, අතිශයින් උදහස්ව, යුදෙව්වරුන්ට නින්දාකරමින්, 2 තමාගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේදී කථාකොට: මේ බෙලහීන යුදෙව්වෝ මක්කරද්ද? මිනිසුන් ඔවුන්ට ඉඩදෙනවා ඇද්ද? ඔවුන් පූජාකරනවා ඇද්ද? දවසකින් තීන්දුකරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවාගන්නවා ඇද්දැයි කීවේය. 3 ඔහු ළඟ සිටි අම්මොනිය ටෝබියාද කථාකොට: ඔවුන් ගොඩනගන ඒවාත් මොනවාද? හිවෙලක් නැගුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩාදමනවා ඇතැයි කීවේය. 4 අපේ දෙවියන්වහන්ස, ඇසුව මැනව; මක්නිසාද අපි සුළුකරනු ලබමුව. ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ ඉස පිටට හරවා, වාල්කමේ රටක ඔවුන් කොල්ලකෑමට පාවාදුනමැනව. 5 ඔවුන්ගේ අපරාධය නොවැසුවමැනව, ඔවුන්ගේ පාපයද ඔබ ඉදිරියෙන් නොමැකේවා. මක්නිසාද ගොඩනගන්නන් ඉදිරිපිටදී ඔව්හු ඔබ උදහස්කළෝය. 6 නුමුත් අපි පවුර ගොඩනැගීමුව; මෙසේ භාගයක් උසට මුළු පවුර සාදනලද්දේය. එසේය, වැඩකරන්ට සෙනඟට හිත තිබුණේය.

7 තවද යෙරුසලමේ පවුරු හරිගැස්සීම ඉෂ්ටවෙන බවත් එහි බිඳුම් අහුරාගනයන බවත් සන්බලාට්ද ටෝබියාද අරාබිවරුද අම්මොන්වරුද අෂ්දොද්වරුද අසා, ඉතා කෝපවූහ; 8 ඔවුන් සියල්ලෝම යෙරුසලමට විරුද්ධව යුද්ධකර එහි වියවුලක් හටගන්වන්ට එක්ව කුමන්ත්‍රණයකළෝය. 9 නුමුත් අපි, අපේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට ඔවුන් නිසා රෑ දාවල් ඔවුන්ට විරුද්ධව මුරතැබීමුව. 10 යූදාවරු කථාකොට: බර ගෙනයන්නන්ගේ ශක්තිය හීනවී තිබේ, පස් ගොඩගැසී තිබේ; එබැවින් අපට පවුර ගොඩනගන්ට බැරියයි කීවෝය. 11 අපේ එදිරිකාරයෝ කථාකොට: අප ඔවුන් මැදට පැමිණ ඔවුන් මරා දමා, වැඩේ නවත්වන තුරු, ඔවුන්ට දැනෙන්නේවත් පෙනෙන්නේවත් නැතැයි කීවෝය. 12 තවද ඔවුන් ළඟ විසූ යුදෙව්වරු සියලු ස්ථානවලින් ඇවිත් දස වරක් අපට කථාකොට: නුඹලා අප ළඟට හැරී එන්ට ඕනෑයයි කීවෝය. 13 ඒ නිසා මම පවුරට පිටිපස්සෙන් පහත්වූ එළිමහන් ඉඩම්වල සෙනඟ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත් හෙල්ලත් දුනුත් ඇතුව සිටෙවුවෙමි. 14 මම බලා, නැගිට, උත්තමයන්ටත් මුලාදෑනීන්ටත් ඉතිරි මිනිසුන්ටත් කථාකොට: ඔවුන් ගැන භය නොවෙන්න. මහත්ව භයංකරව සිටිනස්වාමීන්වහන්සේසිහිකරමින් නුඹලාගේ සහෝදරයන්ද පුත්‍රයන්ද දූවරුන්ද භාර්යාවන්ද ගෙවල්ද උදෙසා සටන්කරන්නැයි කීවෙමි. 15 තවද අප ඒක දැනගත් බවද දෙවියන්වහන්සේ ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කළ බවද අපේ සතුරන්ට ආරංචිවූ කල, අපි සියල්ලෝම එකිනෙකා තම තමාගේ වැඩකිරීමට පවුරට හැරීගියෙමු. 16 එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩේ යෙදී සිටියෝය, කොටසක් හෙල්ලද පලිස්ද දුනුද යුද්ධ සැට්ටද රැගෙන සිටියෝය; අධිපතියෝද මුළු යූදා වංශයට පස්සෙන් සිටියෝය. 17 පවුර ගොඩනගන්නෝද බර ගෙනයන්නෝද තුමූම බර පටවාගෙන, එක අතකින් වැඩකරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියාහ. 18 ගොඩනගන්නෝද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගන ගොඩ නැගුවෝය. හොරණෑ පිඹින්නා මා ළඟ සිටියේය. 19 මම උත්තමයන්ටත් මුලාදෑනීන්ටත් ඉතිරි මිනිසුන්ටත් කථාකොට: මේ වැඩේ මහත්ය, විශාලය, අපි පවුර පිට විසිරී එකිනෙකාගෙන් දුරව සිටිමුව. 20 යම් තැනකින් නුඹලාට හොරණෑ ශබ්දය ඇසේද, එහි අප ළඟට රැස්වෙන්න; අපේ දෙවියන්වහන්සේ අප උදෙසා සටන්කරනසේකැයි කීමි. 21 මෙසේ වැඩේ යෙදී සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තරු පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝය. 22 එම කාලයේ මම සෙනඟට තවත් කථාකොට: රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත් දහවල් වැඩකරන පිණිසත් එකිනෙකා තම තමාගේ මෙහෙකරුවා සමඟ රාත්‍රියේ යෙරුසලමෙහි සිටීවයි කීවෙමි. 23 මමවත් මාගේ සහෝදරයෝවත් මාගේ සේවකයෝවත් මා කැටුව ආවාවූ රැකවල්ලුවත් ඇඳුම් නොගැළෙවුවෙමු, එකිනෙකා තම තමාගේ ආයුධ ඇතුවම වතුර ළඟට ගියේය.

5

සෙනඟට වූ හිංසා පීඩා ගැන නෙහෙමියා ක්‍රියාකිරීම

1 එකල සෙනඟද ඔවුන්ගේ භාර්යාවෝද තමුන්ගේ සහෝදර යුදෙව්වරුන්ට විරුද්ධව මහත් ඝෝෂාවක් කළෝය. 2 සමහර දෙනෙක්: අපේ පුත්‍රයන්ද දූවරුන්ද ඇතුළුව අපි බොහෝදෙනෙක් කාලා ජීවත්වෙන පිණිස ධාන්‍ය ලබාගනිමුයයි කීවෝය. 3 සමහරු: සාගින්න නිසා ධාන්‍ය ලබාගන්න පිණිස අප විසින් අපේ කෙත්ද මිදි වතුද ගෙවල්ද උකස්කරනවායයි කීවෝය. 4 තවත් සමහරෙක්: රජුගේ තීරුව දීමට අපේ බිම්ද මිදිවතුද බැඳ මිල ණයටගතිමු. 5 ඉතින් අපේ මාංසය අපේ සහෝදරයන්ගේ මාංසය වාගේය, අපේ දරුවොත් ඔවුන්ගේ දරුවන් වාගේය. එහෙත් අපේ පුත්‍රයන්ද දූවරුන්ද දාසකමට යටත්කරදෙමුව, අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනටම දාසකමට පත්ව සිටිති. එය වෙනස්කරන්ට අපට පුළුවන්කමකුත් නැත; අපේ බිම්ද මිදිවතුද අනුන්ට වී තිබේයයි කීවෝය. 6 මම ඔවුන්ගේ ඝෝෂාවද මේ වචනද ඇසූ විට ඉතා උදහස්වුණෙමි. 7 මම මාගේ සිතින් කල්පනාකොට පසුව උත්තමයන්ටද මුලාදෑනීන්ටද තරවටුකර: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොළිගන්නවායයි ඔවුන්ට කීවෙමි. මම ඔවුන්ට විරුද්ධව මහත් සමූහයක් රැස්කරවා ඔවුන්ට කථාකොට: 8 අන්‍ය ජාතීන්ට විකිණී සිටිය යුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිලදී මුදාගතිමු, ඉතින් නුඹලාම නුඹලාගේ සහෝදරයන් විකුණනවාද? ඔවුන් අපටත් විකුණනු ලැබිය යුතුදැයි කීවෙමි. එවිට ඔව්හු නිශ්ශබ්දව කිසි උත්තරයක් නැතුව සිටියෝය. 9 තවත් මම කථාකොට: නුඹලා කරන දේ හොඳ නැත. අපේ සතුරන්වූ ජාතීන්ගේ නින්දා නිසා නුඹලා අපේ දෙවියන්වහන්සේට භය ඇතුව හැසිරිය යුතුනොවේද? 10 මමත් මාගේ සහෝදරයොත් සේවකයොත් ඔවුන්ට මුදල්ද ධාන්‍යද පොළියට දෙමින් සිටිමුව. මෙයාකාර පොළීගැනීම අත්හරිමු. 11 ඔවුන්ගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද ගෙවල්ද, මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් නුඹලා ඔවුන්ගෙන් අයකරන සියයෙන් කොටසද, අදම ඔවුන්ට නැවත දෙන්නැයි කීමි. 12 එවිට ඔව්හු: අපි ඒවා නැවත දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර, ඔබ කියන ලෙසම කරන්නෙමුයයි කීවෝය. එවිට මම පූජකයන්ට අඬගසා, මේ කීම ලෙස කරන්ට ඔවුන් දිවුරවා, 13 මාගේ ඔඩොක්කුව ගසාදමා කථාකොට: මේ කීම ඉෂ්ට නොකරන කවුරු නුමුත් තම තමාගේ ගෙයිනුත් වැඩපළවලිනුත් දෙවියන්වහන්සේ මෙසේ ගසාදමනසේක්වා; ඔහු මෙසේ ගසාදමනු ලැබ හිස්වේවායි කීවේය. එවිට මුළු සභාව: ආමෙන් කියාස්වාමීන්වහන්සේටප්‍රශංසාකළාහ. සෙනඟ මේ කීමේ හැටියට කළෝය. 14 තවද යූදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා කොට මා පත්කරනු ලැබූ දවසේ සිට, එනම් අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ පටන් තිස්දෙවෙනි අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ, මමවත් මාගේ සහෝදරයෝවත් දිශාධිපතියාට නිසි කෑම නොකෑවෙමු. 15 නුමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාධිපතීහු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ෂෙකෙල් හතළිහකුත් ගත්තෝය; එසේය, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟ කෙරෙහි ආණ්ඩුකළෝය. එහෙත් මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි නිසා එසේ නොකෙළෙමි. 16 එසේය, මම පවුරේ වැඩේම යෙදී සිටියෙමි, අපි කිසි බිමක් මිලේට නොගතිමු. මාගේ සියලු සේවකයෝද ඒ වැඩේට එහි රැස්වී සිටියෝය. 17 ඇරත් යුදෙව්වරුන් සහ මුලාදෑනීන් එකසිය පනස් දෙනෙක්ද අප අවට සිටිය ජාතීන් වෙතින් අප ළඟට ආ තැනැත්තෝද මාගේ මේසයේ හිඳගත්තෝය. 18 මට දවස්පතා පිළියෙළ කරනලද්දේ ගොනෙකුත් තර බැටළුවන් හදෙනෙකුත්ය; මේ හැර පක්ෂීන්ද දස දවසකට වරක් සියලු වර්ගවල මුද්‍රිකපාන බොහොමයක්ද පිළියෙළ කරනලද්දේය. එසේ වී නුමුත් මෙහෙවරය මේ සෙනඟට බරක්ව තිබුණු නිසා දිශාධිපතියාට නිසි කෑම නොඉල්ලීමි. 19 මාගේ දෙවියන්වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මට යහපත පිණිස සිහිකළ මැනව.

6

තවත් විරුද්ධකම්. පවුර තීන්දුකිරීම

1 කිසි කැඩුමක් ඉතුරු නොවන ලෙස මා විසින් පවුර ගොඩනගන ලද බව සන්බලාට්ටද ටෝබියාටද අරාබිය ගෙෂෙම්ටද අපේ අනික් සතුරන්ටද සැලවුණේය. එහෙත් ඒ කාලය වෙනතුරුම මා විසින් දොරටුවල දොරවල් තබා නොතිබුණේය. 2 එවිට සන්බලාට්ද ගෙෂෙම්ද: එන්න, අපි ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක සම්මුඛවෙමුයයි මට කියා එවුවෝය. නුමුත් ඔව්හු මට අනතුරු කරන්ට සිතුවෝය. 3 මම ඔවුන් ළඟට පණිවිඩකාරයන් යවමින්: මම මහත් වැඩක යෙදී සිටිමි, ඒ නිසා එන්ට බැරිය. මා විසින් වැඩ අත්හැරදමා නුඹලා වෙතට එන පිණිස වැඩය නවතින්නේ කුමටදැයි කියෙවුවෙමි. 4 ඔව්හු මේ ප්‍රකාරයට සතර වරක් මට කියා එවුවෝය; මම වනාහි ඒ ප්‍රකාරයට ඔවුන්ට උත්තර ඇරියෙමි. 5 එවිට සන්බලාට් තෙම එපරිද්දෙන්ම තමාගේ සේවකයා අත නොපියෙවු ලියුමක් පස්වෙනි වරට මා ළඟට එවුවේය. 6 එහි මෙසේ ලියා තිබුණේය: නුඹත් යුදෙව්වරුත් කැරළිගසන්ට සිතන බවත්, ඒ නිසා නුඹ පවුර ගොඩනගන බවත්, මෙයාකාරයෙන් නුඹ ඔවුන්ගේ රජවෙන්ට සිටින බවත්– 7 යූදාහි රජෙක් සිටීයයි නුඹ ගැන යෙරුසලමෙහි ප්‍රකාශකරන්ට නුඹ ප්‍රොපේතවරුන් නියමකළ බවත් මේ ජාතීන් අතරෙහි සැලවී තිබේ, ගෂ්මු තෙමේද එසේ කියයි. ඉතින් මේ වචනවල හැටියට රජ්ජුරුවන්ට දන්වනු ලබනවා ඇත. ඒ නිසා එන්න, අපි එක්ව මන්ත්‍රණයකරගනිමු යනුයි. 8 එවිට මම පණිවිඩයක් යවා: නුඹ කියන ඔය කාරණාවල හැටියට සිද්ධවෙලා නැත, නුඹම ඒවා නුඹේ සිතින් උපදවාගත්තෙහියයි කීමි. 9 මක්නිසාද: ඒ වැඩ ඉෂ්ට නොවෙන හැටියට ඔවුන්ගේ අත් එයින් නවතීයයි සිතා, ඔවුන් සියල්ලෝම අප භයගන්වන්ට උත්සාහ කළෝය. එහෙත් දෙවියන්වහන්ස, දැන් මාගේ අත් සවිකළමැනව.

10 ඉක්බිති මම මෙහේටබෙල්ගේ පුත්‍රවූ දෙලායාගේ පුත්‍රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි, ඔහු දොර වසාගන සිටියේය; එවිට ඔහු: අපි එක්ව දෙවියන්වහන්සේගේ ගෘහයේ මන්දිරය ඇතුළට ගොස් මන්දිරයේ දොරවල් පියාගන සිටිමු. මක්නිසාද ඔවුන් නුඹ මරන්ට එනවා ඇත; නුඹ මරන්ට රාත්‍රියේ එනවායයි කීවේය. 11 මමද: මා වැනි කෙනෙකුට පලායන්ට හරිද? මා වැනි කවරෙක් ජීවිතය ගළවාගන්න පිණිස දේවමාලිගාවට ඇතුල්වේද? මම ඇතුල්නොවන්නෙමියි කීවෙමි. 12 පසුව මම විභාගකර, දෙවියන්වහන්සේ ඔහු එවුවා නොව, ටෝබියාද සන්බලාට්ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහු මා ගැන ඒ අනාගතවචනය කී බව දැනගතිමි. 13 ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භයවී එසේ කර පව්කරන පිණිසත්, එයින් මට නින්දාකිරීමට නපුරු ප්‍රවෘත්තියක් පතළකරන්ට කාරණා තමුන්ට ලැබෙන පිණිසත්ය. 14 මාගේ දෙවියන්වහන්ස, ටෝබියාද සන්බලාට්ද කළ මේ ක්‍රියාවල හැටියට, ඔවුන් සහ ප්‍රොපේතවරිය වූ නෝවදියාද මා භයගන්වන්ට උත්සාහකළ අනික් ප්‍රොපේතවරුන්ද සිහිකළ මැනව.

15 පවුර වනාහි පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස්වෙනිදා තීන්දු විය. 16 අපේ සියලු සතුරන් ඒ බව ඇසූකල අප අවට සිටි සියලු ජාතීහු භයවූහ, ඔවුන්ගේ ධෛර්යයද බොහෝ අඩුවුණේය. මක්නිසාද මේ වැඩ ඉෂ්ටවුණේ අපේ දෙවියන්වහන්සේ කරණකොටගෙන බව ඔවුන්ට පෙනුණේය. 17 තවද ඒ දවස්වලදී යූදාහි උත්තමයෝ ලියුම් බොහොමයක් ටෝබියාට ඇරියෝය, ටෝබියාගෙන්ද ඔවුන්ට ලියුම් ලැබුණේය. 18 මක්නිසාද ඔහු ආරාගේ පුත්‍රවූ ෂෙකනියාගේ බෑනා නිසාත් ඔහුගේ පුත්‍රවූ යෙහෝහානාන් බෙරෙකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ දුව පාවාගත් නිසාත් යූදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝය. 19 තවද ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියේදී කීවෝය, මාගේ වචනද ඔහුට දැන්නුවෝය. ටෝබියාද මා භයගන්වන්ට ලියුම් එවීය.

7

නුවර ආරක්ෂාකිරීමට විධි විධාන

1 පවුර ගොඩනැගුවායින් පසු මම දොරවල් පිහිටෙවුවෙමි, දොරටුපාලයෝද ගායනාකාරයෝද ලෙවීවරුද පත්කරනු ලැබුවෝය. 2 තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය. 3 මම ඔවුන්ට කථාකොට: අව්ව සැරවෙන තුරු යෙරුසලමේ දොරවල් අරින්ට නොදෙන්න; ඔවුන් මුරකරන අතරම දොරවල් වසා පොලු දමන්ට යෙදේවා. යෙරුසලමේ වැසියන්ගෙන් මුරකාරයන් එක් එක් කෙනා වශයෙන් තම තමාගේ ගෙය ඉදිරිපිට මුරට සිටුවන්නැයි කීවෙමි.

බබිලෝනියෙන් පැමිණියවුන්ගේ නාම

4 නුවර විශාලව මහත්ව තිබුණාය. නුමුත් එහි සිටි සෙනඟ ස්වල්පය, ගෙවල් ගොඩනගා තිබුණෙත් නැත. 5 පෙළපත් වශයෙන් ගණන් කරන පිණිස උත්තමයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිත පෙළෙඹවුසේක. පළමුවෙන්ම ආ අයින්ගේ පෙළපත් ලේඛනය මට සම්බවිය, 6 එහි ලියා තිබුණේ මෙසේය: බබිලෝනියේ රජවූ නෙබුඛද්නෙශර් විසින් ගෙනගිය අයින්ගෙන් වාල්කමෙන් මිදී යෙරුසලමටත් යූදාහි තම තමුන්ගේ නුවරවලටත් 7 සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද අසරියාද රයමියාද නහමානීද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පෙරෙත්ද බිග්වායිද නෙහූම්ද බානාද සමඟ හැරී ආවාවූ දේශයේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්‍රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය: 8 පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑ දෙදෙනෙක්ය. 9 ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑ දෙදෙනෙක්ය. 10 ආරාගේ පුත්‍රයෝ හසිය පනස් දෙදෙනෙක්ය. 11 පාහත්-මෝවබ්ගේ පුත්‍රයෝවූ යේෂුවාගේද යෝවාබ්ගේද පුත්‍රයන් දෙදාස් අටසිය දහඅට දෙනෙක්ය. 12 ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතර දෙනෙක්ය. 13 සට්ටුගේ පුත්‍රයෝ අටසිය හතළිස්පස් දෙනෙක්ය. 14 සක්කයිගේ පුත්‍රයෝ හත්සිය හැට දෙනෙක්ය. 15 බින්නුයිගේ පුත්‍රයෝ හසිය හතළිස්අට දෙනෙක්ය. 16 බේබයිගේ පුත්‍රයෝ හසිය විසිඅට දෙනෙක්ය. 17 අස්ගාද්ගේ පුත්‍රයෝ දෙදාස් තුන්සිය විසි දෙදෙනෙක්ය. 18 අදොනිකාම්ගේ පුත්‍රයෝ හසිය හැටහත් දෙනෙක්ය. 19 බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් හැටහත් දෙනෙක්ය. 20 ආදීන්ගේ පුත්‍රයෝ හසිය පනස්පස් දෙනෙක්ය. 21 හෙසකියාගේ වංශයට අයිතිවූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅට දෙනෙක්ය. 22 හාෂුම්ගේ පුත්‍රයෝ තුන්සිය විසිඅට දෙනෙක්ය. 23 බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිහතර දෙනෙක්ය. 24 හාරීප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස් දෙනෙක්ය. 25 ගිබියොන්හි පුත්‍රයෝ අනූපස් දෙනෙක්ය. 26 බෙත්-ලෙහෙමේ සහ නොටොපාහි මනුෂ්‍යයෝ එකසිය අසූඅට දෙනෙක්ය. 27 අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅට දෙනෙක්ය. 28 බෙත්-අස්මාවෙත්හි මනුෂ්‍යයෝ හතළිස් දෙදෙනෙක්ය. 29 කිරියත්-යෙයාරීම්හිද කෙපීරාහිද බෙයේ-රොත්හිද මනුෂ්‍යයෝ හත්සිය හතළිස්තුන් දෙනෙක්ය. 30 රාමාහිත් ගෙබාහිත් මනුෂ්‍යයෝ හසිය විසිඑක් දෙනෙක්ය. 31 මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසි දෙදෙනෙක්ය. 32 බෙතෙල්හිද හායිහිද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක්ය. 33 අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පනස් දෙදෙනෙක්ය. 34 අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස් හතර දෙනෙක්ය. 35 හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසි දෙනෙක්ය. 36 යෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස් දෙනෙක්ය. 37 ලොද්හිද හාදිද්හිද ඕනෝහිද පුත්‍රයෝ හත්සිය විසිඑක් දෙනෙක්ය. 38 සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් නවසිය තිස් දෙනෙක්ය. 39 පූජකයෝ නම්: යේෂුවාගේ වංශයේ යෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන් දෙනෙක්ය. 40 ඉම්මේර්ගේ පුත්‍රයෝ එක්දාස් පනස් දෙදෙනෙක්ය. 41 පෂ්හූර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත් දෙනෙක්ය. 42 හාරීම්ගේ පුත්‍රයේ එක්දාස් දහහත් දෙනෙක්ය. 43 ලෙවීවරු නම්: හෝදෙවාගේ පුත්‍රයන්ගෙන් කෙනෙක්වූ කද්මීයෙල්ගෙන් පැවත ආවාවූ යේෂුවාගේ පුත්‍රයෝ හැත්තෑහතර දෙනෙක්ය. 44 ගීතිකාකාරයෝවූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය හතළිස්අට දෙනෙක්ය. 45 දොරටුපාලයෝවූ ෂල්ලුම්ගේ පුත්‍රයෝද ආටෙර්ගේ පුත්‍රයෝද ටල්මොන්ගේ පුත්‍රයෝද අක්කුබ්ගේ පුත්‍රයෝද හටීටාගේ පුත්‍රයෝද ෂෝබයිගේ පුත්‍රයෝද එකසිය තිස්අට දෙනෙක්ය. 46 නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝය, හසුපාගේ පුත්‍රයෝය, ටබ්බාවොත්ගේ පුත්‍රයෝය; 47 කෙරොස්ගේ පුත්‍රයෝය, සියාගේ පුත්‍රයෝය, පාදොන්ගේ පුත්‍රයෝය; 48 ලෙබානාගේ පුත්‍රයෝය, හගාබාගේ පුත්‍රයෝය, සල්මයිගේ පුත්‍රයෝය; 49 හානාන්ගේ පුත්‍රයෝය, ගිද්දෙල්ගේ පුත්‍රයෝය, ගහර්ගේ පුත්‍රයෝය; 50 රෙයායාගේ පුත්‍රයෝය, රෙශීන්ගේ පුත්‍රයෝය, නෙකෝදාගේ පුත්‍රයෝය; 51 ගස්සාම්ගේ පුත්‍රයෝය, උස්සාගේ පුත්‍රයෝය, පාසේයාගේ පුත්‍රයෝය; 52 බේසයිගේ පුත්‍රයෝය, මේයූනීම්ගේ පුත්‍රයෝය, නෙපූෂෙසිම්ගේ පුත්‍රයෝය; 53 බක්බූක්ගේ පුත්‍රයෝය; හකූපාගේ පුත්‍රයෝය, හර්හූර්ගේ පුත්‍රයෝය; 54 බශ්ලීත්ගේ පුත්‍රයෝය, මෙහිදාගේ පුත්‍රයෝය, හර්ෂාගේ පුත්‍රයෝය. 55 බර්කොස්ගේ පුත්‍රයෝය, සීසෙරාගේ පුත්‍රයෝය, තෙමාගේ පුත්‍රයෝය; 56 නෙශියාගේ පුත්‍රයෝය, හටීපාගේ පුත්‍රයෝය. 57 සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝය, සොපෙරෙත්ගේ පුත්‍රයෝය, පෙරීදාගේ පුත්‍රයෝය; 58 යයලාගේ පුත්‍රයෝය, දර්කොන්ගේ පුත්‍රයෝය, ගිද්දෙල්ගේ පුත්‍රයෝය; 59 ෂෙපටියාගේ පුත්‍රයෝය, හට්ටිල්ගේ පුත්‍රයෝය, පොකෙරෙත්හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝය, ආමොන්ගේ පුත්‍රයෝය. 60 නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය. 61 තේල්-මෙලෙහෙන්ද තේල්-හර්ෂායෙන්ද කෙරුබෙන්ද අද්දෝනෙන්ද ඉම්මේරෙන්ද ආවාවූ, තමුන් ඉශ්‍රායෙල්වරුන් බවට තමුන්ගේ පියවංශයත් තමුන්ගේ පෙළපතත් පෙන්වන්ට බැරිවූ අය නම්: 62 දෙලායාගේ පුත්‍රයොත් ටෝබියාගේ පුත්‍රයොත් නෙකෝදාගේ පුත්‍රයොත් හසිය හතළිස් දෙදෙනෙක්ය. 63 පූජකයන්ගෙන් හෝබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයොත්ය. 64 මොව්හු නාම සටහන්වූ තමුන්ගේ පෙළපත් ලේඛනය සෙවු නුමුත් සම්බනූණ බැවින් අපවිත්‍ර අය මෙන් ගණන්ගන්නාලදුව පූජකකමෙන් අහක්කරනු ලැබුවෝය. 65 ඌරීම් සහ තුම්මීම් ඇති පූජකයෙක් නැගිටින තුරු ඔවුන් විසින් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතුයයි තිර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය. 66 මුළු සභාවේ ගණන නම් හතළිස් දෙදාස් තුන්සිය හැටක්ය. 67 ඒ ඇර ඔවුන්ගේ වැඩකාරයොත් වැඩකාරියොත් හත්දාහස් තුන්සිය තිස්හත් දෙනෙක් වූවෝය. ඔවුන් අතරේ ගී කියන පුරුෂයොත් ගී කියන ස්ත්‍රීවරුත් දෙසිය හතළිස්පස් දෙනෙක් සිටියෝය. 68 ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස් හදෙනෙක්ය; ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස් දෙනෙක්ය. 69 ඔටුවෝ හාරසිය තිස්පස් දෙනෙක්ය; කොටළුවෝ හදාස් හත්සිය විසි දෙනෙක්ය.

වැඩේට පඬුරු දීම

70 තවද පියවංශවල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩේට දායකවුණෝය. තිර්ෂාතා රන් දරික් මිල දහසකුත් පාත්‍රා පනසකුත් පූජක-ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේය. 71 පියවංශවල ප්‍රධානීන්ගෙන් සමහරු රන් දරික් මිල විසිදහසකුත් රිදී රාත්තල් දෙදාස් දෙසියයකුත් වැඩ-ගබඩාවට දුන්නෝය. 72 සෙනඟගෙන් ඉතිරි අය දුන්නේ රන් දරික් මිල විසි දහසකුත් රිදී රාත්තල් දෙදහසකුත් පූජක-ඇඳුම් හැට හතකුත්ය. 73 මෙසේ පූජකයෝද ලෙවීවරුද දොරටුපාලයෝද ගායනාකාරයෝද සෙනඟගෙන් සමහරුද නෙතිනීම්වරුද සියලු ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ නුවරවල විසුවෝය.

8

ව්‍යවස්ථාපොත කියවා තේරුම් කරදීම

1 හත්වෙනි මාසය පැමිණි කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ නුවරවල සිටියෝය.

1 මුළු සෙනඟද එක්කෙනෙකු මෙන් වතුරදොරටුව ඉදිරිපිට තිබුණු එළිමහනෙහි රැස්වූහ. එවිට,ස්වාමීන්වහන්සේවිසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ මෝසෙස්ගේ ව්‍යවස්ථාපොත ගෙනෙන්ට ලියන්නා වන එස්රාට කීවෝය. 2 පූජකයාවූ එස්රාද හත්වෙනි මාසයේ පළමුවෙනිදා සභාව ඉදිරියට එනම් පුරුෂයන්ද ස්ත්‍රීන්ද අසා තේරුම්ගන්ට පුළුවන්වූ සියල්ලන්ද ඉදිරියට ව්‍යවස්ථාපොත ගෙනවුත්, 3 වතුර දොරටුව ඉස්සරහපිට තිබුණු එළිමහන් ඉඩම ඉදිරිපිට සිට, පුරුෂයන්ද ස්ත්‍රීන්ද තේරුම්ගන්ට පුළුවන් තැනැත්තන්ද ඉදිරියේදී පහන් වේලාවේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේය; මුළු සෙනඟද ව්‍යවස්ථාපොතට ඇහුම්කන් දුන්නෝය. 4 ඒ පිණිස සාදනලද ලී මංචකයක් පිට ලියන්නාවූ එස්රා සිටියේය; ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියාද ෂෙමාද අනායාද උරියාද හිල්කියාද මයසේයාද; වම් පැත්තෙන් පෙදායාද මිෂායෙල්ද මල්කියාද හාෂූම්ද හෂ්බද්දානාද ශෙකරියාද මෙෂුල්ලාම්ද සිටියෝය. 5 මුළු සෙනඟට ඉහළින් සිටි එස්රා මුළු සෙනඟගේ ඇස් හමුවෙහි පොත දිගඇරියේය; ඔහු ඒක දිගඅරින විට මුළු සෙනඟ නැගිට්ටෝය. 6 එස්රා උතුම් දෙවිවූස්වාමීන්වහන්සේටප්‍රශංසාකෙළේය. මුළු සෙනඟද අත් ඔසවමින්: ආමෙන් ආමෙන් කියා, මුහුණින් බිමට නැමීස්වාමීන්වහන්සේටනමස්කාරකළෝය. 7 තවද යේෂුවාද බානීද ෂේරෙබියාද යාමීන්ද අක්කූබ්ද ෂබ්බෙතයිද හෝදියාද මයසේයාද කෙලීටාද අසරියාද යෝසාබාද්ද හානාන්ද පෙලායාද ලෙවීවරුද ව්‍යවස්ථාව සෙනඟට තේරුම්කරදුන්නෝය. සෙනඟ තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය. 8 මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත පැහැදිලිලෙස කියවා අර්ථය තෝරාදුන්නෝය, මිනිස්සුද කියෙවු දේ තේරුම්ගත්තෝය. 9 තිර්ෂාතාවූ නෙහෙමියාද ලියන්නාවූ පූජක එස්රාද සෙනඟට ඉගැන්වූ ලෙවීවරුද මුළු සෙනඟට කථාකොට: අද දවස නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේටශුද්ධය; වැලපෙන්ටවත් අඬන්ටවත් එපායයි කීවෝය. මක්නිසාද මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූකල ඇඬුවෝය. 10 එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේස්වාමීන්වහන්සේටශුද්ධය.ස්වාමීන්වහන්සේකෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය. 11 ලෙවීවරුද: අද දවස ශුද්ධ නිසා නිශ්ශබ්දවෙන්න; ශෝක නොවෙන්නැයි කියා මුළු සෙනඟ නිශ්චල කළෝය. 12 එසේ මුළු සෙනඟ කන්ටත් බොන්ටත් කොටස් අරින්ටත් බොහෝසේ ප්‍රීතිවෙන්ටත් ගියෝය, මක්නිසාද තමුන්ට දන්වනලද වචන ඔව්හු තේරුම්ගත්තෝය.

පැල් මංගල්‍යය නැවත පිහිටුවීම

13 දෙවෙනිදා මුළු සෙනඟගේ පියවංශවල ප්‍රධානියෝද පූජකයෝද ලෙවීවරුද ව්‍යවස්ථාවේ වචන කල්පනාකරන පිණිස ලියන්නාවූ එස්රා වෙතට රැස්වුණෝය. 14 එවිට හත්වෙනි මාසයේ මංගල්‍යයේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් පැල්වල වාසයකළ යුතුය කියාත්, ලියා තිබෙන හැටියට: 15 පැල් සාදන පිණිස නුඹලා කඳුකරයට ගොස් ඔලීව අතුද වල් ඔලීව අතුද මරඳ අතුද තල් අතුද අතු ඝනව තිබෙන ගස්වල අතුද ගෙනෙන්නැයි ඔවුන්ගේ සියලු නුවරවලද යෙරුසලමෙහිද ප්‍රසිද්ධකර දැන්විය යුතුය කියාත්ස්වාමීන්වහන්සේමෝසෙස් ලවා අණකෙරෙවු බව ව්‍යවස්ථාවේ ලියා තිබෙනවා සම්බවුණේය. 16 එබැවින් සෙනඟ ගොස් ඒවා ගෙනැවිත්, එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත් තමුන්ගේ මිදුල්වලත් දෙවියන්වහන්සේගේ ගෘහයේ මිදුල්වලත් වතුරදොරටුවේ එළිමහනෙත් එප්‍රායිම් දොරටුවේ එළිමහනෙත් පැල් සාදාගත්තෝය. 17 වහල්කමෙන් මිදී ආ තැනැත්තන්වූ මුළු සභාව පැල් සාදාගන පැල්වල විසුවෝය. නූන්ගේ පුත්‍රවූ යේෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ නොකළෝය. ඉතා මහත් සන්තෝෂයක්ද විය. 18 තවද පළමුවෙනිදා පටන් අන්තිම දවස දක්වා ඔහු දවසින් දවස දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත කියෙවුවේය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්තුවෝය; අටවෙනිදා නියමය ලෙස ගරුමය මංගල්‍යය රැස්වීමක් වූයේය.

9

සෙනඟ නිරාහාරව හිඳීම සහ කන්නලව්කිරීම

1 තවද ඒ මාසයේ විසි හතරවෙනිදා ඉශ්‍රායෙල් පුත්‍රයෝ නිරාහාරව ගෝණි රෙදි හැඳ, තමුන්ගේ හිස පිට පස් ලාගෙන, රැස්ව සිටියෝය. 2 ඉශ්‍රායෙල් වංශය සියලු අන්‍ය ජාතීන්ගෙන් වෙන්ව සිටගන තමුන්ගේ පව්ද තමුන්ගේ පියවරුන්ගේ අපරාධද කියාදුන්නෝය. 3 ඔව්හු තමුන්ගේ ස්ථානයෙහි නැගිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේගේව්‍යවස්ථාපොත කියෙවුවෝය; තවත් හතරෙන් කොටසක් තුළ පව් කියාදී තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේටනමස්කාරකළෝය. 4 එවිට යේෂුවාද බානීද කද්මීයෙල්ද ෂෙබනියාද බුන්නීද ෂේරෙබියාද බානීද කෙනානීද ලෙවීවරුන්ගේ මංචකයේ පඩි පිට සිට මහත් හඬකින් තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේටයාච්ඤාකළෝය. 5 පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේටසදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා. 6 ඔබම, ඔබ පමණක්ම,ස්වාමීන්වහන්සේය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක, ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාරකෙරෙති. 7 ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබුවාවූ දෙවිවූස්වාමීන්වහන්සේය; 8 ඔබ ඉදිරියෙහි ඔහුගේ සිත විශ්වාසව තිබෙන බව දැක, ඔබ කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද ගිර්ගාෂිවරුන්ගේද දේශය දෙන්ට–ඔහුගේ වංශයට දෙන්ට–ඔහු සමඟ ගිවිසුමක් කර, ඔබගේ වචන ඉෂ්ටකළසේක; මක්නිසාද ඔබ ධර්මිෂ්ඨය. 9 තවද මිසරයේදී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටුසේක, රතු මුහුද ළඟදී ඔවුන්ගේ මොරගැසීමද ඔබ ඇසූසේක; 10 ඵාරාවෝද ඔහුගේ සියලු සේවකයන්ද ඔහුගේ දේශයේ මුළු සෙනඟද කෙරෙහි ලකුණු හා ආශ්චර්ය කර වදාළසේක; මක්නිසාද ඔවුන්ට විරුද්ධව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගන සිටිසේක; ඔබද අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවා ගත්සේක. 11 තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද බෙදූසේක; ඔවුන් ඔස්සේ ලුහුබඳවාගෙන ආ තැනැත්තන් ඔබ මහත් ජලයෙහි ගලක් දමන්නාක් මෙන් ගැඹුරට හෙළූසේක. 12 ඔබ දවල් වලා ටැඹකින්ද ඔවුන් යන මාර්ගයේදී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින්ද ඔවුන් ගෙනගියසේක. 13 ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කථාකර, හරිවූ විනිශ්චයන්ද සැබෑ ව්‍යවස්ථාවන්ද යහපත් පනත්ද ආඥාද ඔවුන්ට දුන්සේක. 14 ඔබගේ මෙහෙකරුවාවූ මෝසෙස් ලවා ඔබගේ ශුද්ධවූ සබත් දවස්ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාද පනත්ද ව්‍යවස්ථාවක්ද ඔවුන්ට නියමකළසේක. 15 ඔවුන්ගේ බඩගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට කෑම දුන්සේක, ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්මෙවුසේක, ඔබ ඔවුන්ට දෙන ලෙස ඔබගේ අත ඔසවා දිවුළ දේශය හිමිකරගැනීමට ඇතුල්වෙන්ට කියාද ඔවුන්ට අණකළසේක. 16 නුමුත් ඔව්හුද අපේ පියවරුද උඩඟුකම්කර, තමුන්ගේ කුළල් තදකරගන, ඔබගේ ආඥාවන්ට ඇහුම්කන්නොදී සිටියෝය. 17 ඔව්හු කීකරුවෙන්ට අකැමැතිවී, ඔවුන් අතරේ ඔබ කළ පුදුමවල් සිහි නොකර, තමුන්ගේ කුළල් තදකරගෙන, වාල්කමට හැරී යන පිණිස තමුන්ගේ කැරළිකාරකමෙන් ප්‍රධානියෙකු පත්කරගත්තෝය. එහෙත් ඔබ කමාවෙන්නාවූ, දයාබරවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, කරුණාභරිතවූ දෙවිකෙනෙක් බැවින්, ඔබ ඔවුන් අත් නොහැරියසේක. 18 එසේය, ඔව්හු තමුන්ට වාත්තු වස්සෙක් සාදාගෙන: මිසරයෙන් නුඹ ගෙනාවාවූ නුඹේ දෙවියන්වහන්සේ මේයයි කියා මහත් දේව අපහාසයන් කළ විටත්, 19 ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් කාන්තාරයෙහි අත් නොහැරියසේක. මාර්ගයේ ඔවුන් ගෙනගිය වලා ටැඹ දවාලේවත්, ඔවුන් යා යුතු මාර්ගයේදී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේවත් ඔවුන් කෙරෙන් පහ නොවීය. 20 ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබගේ යහපත් ආත්මය ඔබ දුන්සේක, ඔවුන්ගේ මුඛයෙන් ඔබගේ මන්නා ඔබ අහක්කර නොගත්සේක, ඔවුන්ගේ පිපාසයටද ඔබ ඔවුන්ට වතුර දුන්සේක. 21 එසේය, ඔබ හතළිස් අවුරුද්දක් කාන්තාරයේදී ඔවුන් පෝෂණයකළසේක, ඔවුන්ට කිසි හිඟකමක් නොවීය; ඔවුන්ගේ ඇඳුම් පරණවුණේවත් ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැත. 22 තවද ඔබ රාජ්‍යයන්ද ජනයන්ද ඔවුන්ටදී, ඔවුන් පළාත්වලට බෙදා නියමකළසේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශය එනම් හෙෂ්බොන්හි රජුගේ දේශයත් බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයත් හිමිකරගත්තෝය. 23 ඔබ අහසේ තාරකාමෙන් ඔවුන්ගේ දරුවන් වැඩිකර, හිමිකරගන්ට ඔවුන් ඇතුල්විය යුතුය කියා ඔබ ඔවුන්ගේ පියවරුන්ට කී දේශයට ඔවුන් පැමිණෙවුසේක. 24 ඔවුන්ගේ දරුවෝද ඇතුල්වී දේශය හිමිකරගත්තෝය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන්වූ කානානිවරුන් යටත්කර, ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන්ද ඔවුන්ගේ රජවරුන්ද දේශයේ ජාතීන්ද ඔවුන් අතට පාවාදුන්සේක. 25 ඔව්හු පවුරු ඇති නුවරවල්ද සාරවූ රටක්ද අල්ලාගන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල්ද හෑරූ තටාකද මිදි වතුද ඔලීව වතුද ඵලදෙන බොහෝ ගස්ද හිමිකරගන, කා තෘප්තියට පැමිණ තරවී, ඔබගේ මහත් යහපත්කම කරණකොටගෙන සැපෙන් පසුවූවෝය. 26 එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය. 27 එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ට පීඩාකළෝය. ඔවුන්ගේ පීඩා කාලයේදී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් ගැළවුම්කාරයන් ඔවුන්ට දුන්සේක. 28 නුමුත් ඔවුන්ට නිදහස ලැබුණ විට ඔව්හු නැවත ඔබ ඉදිරියෙහි නපුරුකම් කළෝය. එවිට ඔවුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වන පිණිස ඔබ ඔවුන් සතුරන්ගේ අතට අත්හැරියසේක. එහෙත් ඔවුන් නැවතත් මොරගැසූවිට ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබගේ අනුකම්පාවල හැටියට බොහෝ වතාවල ඔවුන් නිදහස්කළසේක; 29 ඔබගේ ව්‍යවස්ථාවට ඔවුන් හරවාගන්ට ඔබ ඔවුන්ට අවවාදකළසේක. එහෙත් ඔව්හු උඩඟුකම්කර, ඔබගේ ආඥාවලට ඇහුම්කන්නොදී, මනුෂ්‍යයා ජීවත්වෙන පිණිස ඔහු විසින් කළ යුතුවූ ඔබගේ විනිශ්චයවලට විරුද්ධව පව්කොට, පෙරළිකාර කරක් ඇතුව, තමුන්ගේ කුළල් තදකරගන, ඇහුම්කන්නොදී සිටියෝය. 30 එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබගේ ආත්මයෙන් ඔබගේ ප්‍රොපේතවරුන් ලවා ඔවුන්ට අවවාදකෙරෙවුසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවාදුන්සේක. 31 එසේ වී නුමුත් ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැතිකරදැමුවේවත් ඔවුන් අත් හැරදැමුවේවත් නැත; මක්නිසාද ඔබ දයාබරවූ අනුකම්පා ඇත්තාවූ දෙවිකෙනෙක්ය. 32 ඉතින් අපේ දෙවියන්වහන්ස, මහත්වූ, බලවන්තවූ, භයානකවූ, ගිවිසුමද කරුණාවද පවත්වන්නාවූ දෙවියන්වහන්ස, අෂූර්හි රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පූජකයන්ටත් අපේ ප්‍රොපේතවරුන්ටත් අපේ පියවරුන්ටත් ඔබගේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළුව නොපෙනේවා. 33 ඔබ වනාහි අපට පැමිණි සියල්ල ගැන ධර්මිෂ්ඨව සිටිනසේක; මක්නිසාද ඔබ සැබෑ ලෙස ක්‍රියාකළසේක, අපි නම් දුෂ්ටකම් කෙළෙමුව. 34 අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද අපේ පූජකයන්ද අපේ පියවරුන්ද ඔබගේ ව්‍යවස්ථාව පැවැත්තුවේවත්, ඔබගේ ආඥාවලටද ඔබ ඔවුන්ට කළ ඔබගේ අවවාදවලටද ඇහුම්කන්දුන්නේවත් නැත. 35 ඔවුන් තමුන්ගේ රාජ්‍යයේදීද ඔබ ඔවුන්ට දුන් මහත් යහපත්කමින්ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේදීද ඔබට සේවයකළේවත්, තමුන්ගේ නපුරු ක්‍රියාවලින් අහක්වුණේවත් නැත. 36 මෙන්න, අපි දැනට දාසයෝය, උපදින ඵලද හොඳ දේවල්ද භුක්තිවිඳින්ට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහිම මෙන්න, අපි දාසයෝව සිටිමුව. 37 එය අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත්කළ රජුන්ට බොහෝ අස්වැන්න උපදවන්නේය. ඔව්හු තමුන්ගේ කැමැත්ත පරිදි අපේ ශරීර කෙරෙහිත් බලය පවත්වති, අපිද මහත් දුකින් සිටිමුව. 38 මේ සියල්ල තිබෙද්දීත් අපි ස්ථීරවූ ගිවිසුමක් කර, ඒක ලියා තබමුව; අපේ අධිපතීහුද අපේ ලෙවීවරුද අපේ පූජකයෝද ඒක මුද්‍රාකෙරෙතියි කීවෝය.

10

ගිවිසුමට බැඳුණු අය. එහි කාරණා

1 මුද්‍රාකළ අය නම්: හකලියාගේ පුත්‍රවූ තිර්ෂාතාවූ නෙහෙමියාද ශෙදෙකියාද; 2 සෙරායාද අසරියාද යෙරමියාද; 3 පෂ්හූර්ද අමරියාද මල්කියාද; 4 හට්ටුෂ්ද ෂෙබනියාද මල්ලූක්ද; 5 හාරීම්ද මෙරේමොත්ද ඔබදියාද; 6 දානියෙල්ද ගින්නෙතොන්ද බාරුක්ද; 7 මෙෂුල්ලාම්ද අබියාද මියාමින්ද; 8 මයසියාද බිල්ගයිද ෂෙමායාද යන පූජකයෝය. 9 ලෙවීවරු වන අසනියාගේ පුත්‍රවූ යේෂුවාද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ බින්නුයිද කද්මීයෙල්ද; 10 ඔවුන්ගේ සහෝදරයෝවූ ෂෙබනියාද හෝදියාද කෙලීටාද පෙලායාද හානාන්ද; 11 මීකාද, රොහොබ්ද, හෂබියාද, 12 සක්කූර්ද ෂේරෙබියාද ෂෙබනියාද; 13 හෝදියාද බානීද බෙනීනූද යන තැනැත්තෝය. 14 සෙනඟගේ ප්‍රධානියෝවූ පාරොෂ්ද පාහත්-මෝවබ්ද ඒලාම්ද සට්ටුද බානීද; 15 බුන්නීද අස්ගාද්ද බේබයිද; 16 අදෝනියාද බිග්වායිද ආදීන්ද; 17 ආටෙර්ද හෙසකියාද අස්සූර්ද; 18 හෝදියාද හාෂුම්ද බේශයිද; 19 හාරීප්ද අනාතෝත්ද නෝබයිද; 20 මග්පියාෂ්ද මෙෂුල්ලාම්ද හේසීර්ද; 21 මෙෂේසබ්යෙල්ද ශාදොක්ද යද්දුවාද; 22 පෙලටියාද හානාන්ද අනායාද; 23 හෝෂෙයාද හනනියාද හෂ්ෂූබ්ද; 24 හල්ලෝහෙෂ්ද පිල්හාද ෂෝබෙක්ද; 25 රෙහුම්ද හෂබ්නාද මයසේයාද; අහියාද හානාන්ද ආනාන්ද; 27 මල්ලූක්ද හාරීම්ද බානාද යන තැනැත්තෝය. 28 සෙනඟගෙන් ඉතිරි අයද පූජකයෝද ලෙවීවරුද දොරටුපාලයෝද ගීතිකාකාරයෝද නෙතිනීම්වරුද දේශවල ජනයන්ගෙන් වෙන්ව දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙනුත් දැනුම් තේරුම් ඇති සියල්ලෝද, 29 තමුන්ගේ උත්තමයන් වන තමුන්ගේ සහෝදරයන්ට එකතුවී, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් අතින් දෙනලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ ස්වාමිවූස්වාමීන්වහන්සේගේආඥාවද විනිශ්චයන්ද පනත්ද පවත්වා ඉෂ්ටකරන හැටියටත්, 30 දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්නා හැටියටත්, 31 දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේවත් ශුද්ධ දවසකවත් ඔවුන්ගෙන් මිලේට නොගන්නා හැටියටත්, හත්වෙනි අවුරුද්දේ පල ප්‍රයෝජන සහ සියලු ණයද අත්හරින හැටියටත් ශාපයකින් හා දිවුරුමකින් බැඳුණෝය. 32 තවද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයවූ සබත් දවස්වලද අමාවක්වලද පිදීමේ රොටි සඳහාත් නිරන්තර ආහාර පූජාව සඳහාත්, නිරන්තර දවන පූජාව සඳහාත් නියම මංගල්‍ය සඳහාත්, ඉශ්‍රායෙල් උදෙසා සමගිකම්කිරීමේ පාප පූජා සඳහාත්, 33 අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මුළු වැඩ සඳහාත් ෂෙකෙලකින් තුනෙන් පංගුවක් අවුරුදු පතා දෙන ලෙස අපට නියෝග පනවාගතිමු. 34 තවද ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවිවූස්වාමීන්වහන්සේගේපූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලවලට අපේ පියවංශවල ප්‍රකාරයට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන දර පඬුරු ගෙනඊම ගැන පූජකයෝද ලෙවීවරුද සෙනඟද වන අපි පස ඇට දැමුවෙමු. 35 අපේ බිම්වල ප්‍රථම අස්වැන්නද සියලු ආකාර ගස්වල සියලු ඵලවලින් ප්‍රථම ඵලද අවුරුද්දෙන් අවුරුද්දස්වාමීන්වහන්සේගේගෘහයට ගෙනෙන හැටියටත්, 36 ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිව්පාවුන්ගෙන් කුලුඳුලන්ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට එනම් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සේවයකරන පූජකයන් වෙතට ගෙනෙන හැටියටත්, 37 අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවාද අපේ එසවීම් පූජාවල්ද සියලු ආකාර ගස්වල ඵලද මුද්‍රික යුස හා තෙල්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවලට පූජකයන් වෙතටද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙතටද ගෙනෙන හැටියටත්, 38 ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවේ ඇතුල් ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට ආරොන්ගේ පුත්‍රයෙක්වූ පූජකයෙක් ඔවුන් සමඟ සිටින හැටියටත් නියමකරගතිමු. 39 මක්නිසාද ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන්නාවූ, සේවයකරන පූජකයන්ද දොරටුපාලයන්ද ගීතිකාකාරයන්ද සිටින්නාවූ ඇතුල් ගෙවලට ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ලෙවී පුත්‍රයන්ද ධාන්‍යවලිනුත් මුද්‍රික යුසයෙනුත් තෙල්වලිනුත් එසවීම් පඬුර ගෙනෙන්ට ඕනෑය. තවද අපි අපේ දෙවියන්වහන්සේගේ ගෘහය අත් නොහරින්නෙමු.

11

යෙරුසලමෙහි සහ වෙනත් නුවරවල සෙනඟ වාසයකරවීම

1 තවද සෙනඟගේ අධිපතීහු යෙරුසලමෙහි වාසයකළෝය. අනික් සෙනඟ තමුන් අතරෙන් දසදෙනෙකුගෙන් එක්කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන යෙරුසලමෙහි වාසයකිරීමට එවන පිණිස පසඇට දැමුවෝය, නව කොටසක් අනික් නුවරවල වාසයකළෝය. 2 යෙරුසලමෙහි වාසයකිරීමට කැමැත්තෙන්ම ආවාවූ සියලු මනුෂ්‍යයන්ට සෙනඟ ආශීර්වාදකළෝය. 3 යූදාහි නුවරවල ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද තමුන්ගේ නුවරවල තිබුණු තම තමුන්ගේ උරුමවල වාසයකළෝය. යෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොව්හුය. 4 යූදා පුත්‍රයන්ගෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගෙන්ද සමහරෙක් යෙරුසලමෙහි වාසයකළෝය. යූදා පුත්‍රයන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මහලලේල්ගේ පුත්‍රවූ ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත්‍රවූ අතායාය. 5 ෂිලොනියයාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යෝයාරීබ්ගේ පුත්‍රවූ අදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත්‍රවූ කොල්-හොසෙක්ගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත්‍රවූ මයසේයාය. 6 යෙරුසලමෙහි විසූ පෙරෙශ්ගේ සියලු පුත්‍රයෝ නම් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හාරසිය හැටඅට දෙනෙක්ය. 7 බෙන්යමින්ගේ පුත්‍රයෝ නම් යෙෂායාගේ පුත්‍රවූ ඊතියෙල්ගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍රවූ කෝලායාගේ පුත්‍රයා වන පෙදායාගේ පුත්‍රවූ යෝවෙද්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ සල්ලුය. 8 ඔහු ළඟට ගබ්බයි සහ සල්ලයි ආදිවූ නවසිය විසිඅට දෙනෙක්ය. 9 සික්රීගේ පුත්‍රවූ යෝවෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය. හස්සෙනුවාගේ පුත්‍රවූ යූදාතෙම නුවර කෙරෙහි දෙවෙනියාව සිටියේය. 10 පූජකයන්ගෙන් යෝයාරීබ්ගේ පුත්‍රවූ යෙදායාද, යාකීන්ද, 11 දෙවියන්වහන්සේගේ ගෘහයෙහි අධිපතියාවූ අහිටූබ්ගේ පුත්‍රවූ මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත්‍රවූ සෙරායාද, 12 ගෘහයේ වැඩපළ කළාවූ ඔවුන්ගේ සහෝදරයන් අටසිය විසි දෙදෙනෙක්ද, මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර්ගේ පුත්‍රයා වන සෙකරියාගේ පුත්‍රවූ අම්ශීගේ පුත්‍රයා වන පෙලලියාගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන අදායාද, 13 පියවංශවල ප්‍රධානීන් වන ඔහුගේ සහෝදරයන් දෙසිය හතළිස් දෙදෙනෙක්ද, ඉම්මෙර්ගේ පුත්‍රවූ මෙෂිල්ලේමොත්ගේ පුත්‍රයා වන අඃසයිගේ පුත්‍රවූ අසරේල්ගේ පුත්‍රයා වන අමෂ්සයිද, 14 බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්වූ ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅට දෙනෙක්ද යන මොව්හුය. හග්ගෙදෝලීම්ගේ පුත්‍රවූ සබ්දීයෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය. 15 ලෙවීවරුන්ගෙන් බුන්නීගේ පුත්‍රවූ හෂබියාගේ පුත්‍රයා වන අස්රීකාම්ගේ පුත්‍රවූ හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායාද, 16 ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන් දෙවියන්වහන්සේගේ ගෘහයේ පිටත කාරණා බලාගත්තාවූ ෂබ්බෙතයිද යෝසාබාද්ද; 17 යාච්ඤාවේදී ස්තුතිදීම පටන්ගැනීමට ප්‍රධානියාව සිටියාවූ ආසාප්ගේ පුත්‍රයා වන සබ්දීගේ පුත්‍රවූ මීකාගේ පුත්‍රයා වන මත්තනියාද, ඔහුගේ සහෝදරයන් අතරේ දෙවෙනියාවූ බක්බුකියාද, යෙදූතුන්ගේ පුත්‍රවූ ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත්‍රවූ අබ්දාද යන මොව්හුය. 18 ශුද්ධ නුවර සිටිය සියලු ලෙවීවරු දෙසිය අසූ හතර දෙනෙක්ය. 19 තවද දොරටු රැකවල්කළාවූ අක්කූබ්ද ටල්මොන්ද ඔවුන්ගේ සහෝදරයෝවූ දොරටුපාලයෝද එකසිය හැත්තෑ දෙදෙනෙක්ය. 20 අනික් ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද යූදාහි සියලු නුවරවල එකිනෙකා තම තමාගේ උරුම භූමියෙහි සිටියෝය. 21 නුමුත් නෙතිනීම්වරු ඕපෙල්හි වාසයකළෝය. ශීහාද ගිෂ්පාද නෙතිනීම්වරුන්ට ප්‍රධානියෝව සිටියෝය. 22 යෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ මුලාදෑනියා නම් ගීතිකාකාරයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මීකාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත්‍රවූ බානීගේ පුත්‍රයා වන උස්සීය; ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩපළ කෙරෙහි පත්ව සිටියේය. 23 මක්නිසාද ගීතිකාකාරයන් ගැන රජුගේ ආඥාවක් තිබුණේය, ඔවුන් උදෙසා දවස්පතා උවමනාවූ කොටසක්ද නියමකර තිබුණේය. 24 යූදාගේ පුත්‍රයා වන සෙරාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මෙෂශෙබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේය. 25 ගම් සහ ඒවායේ කෙත් ගැන වනාහි යූදා පුත්‍රයන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා සහ ඒකේ ගම්වලද, දීබොන්හි සහ ඒකේ ගම්වලද, යෙකබ්සෙයෙල්හි සහ ඒකේ ගම්වලද; 26 යේෂුවාහිද මොලාදාහිද බෙත්පෙලෙට්හිද; 27 හශර්-ෂුවාල්හිද බෙයෙර්-ෂෙබාහි සහ ඒකේ ගම්වලද; 28 ශික්ලග්හිද මෙකොනාහි සහ ඒකේ ගම්වලද; 29 ඒන්-රිම්මෝන්හිද ශොරාහිද යර්මූත්හිද; 30 සානොවාහිද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වලද, ලාකීෂ්හි සහ ඒකේ කෙත්වලද, අසේකාහි සහ ඒකේ ගම්වලද විසුවෝය. මෙසේ ඔව්හු බෙයෙර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝය. 31 බෙන්යමින්ගේ පුත්‍රයෝත් ගෙබා සිට මික්මාෂ්හිද අයියාහිද බෙතෙල්හිද ඒවායේ ගම්වලද; 32 අනාතෝත්හිද නොබ්හිද අනනියාහිද; 33 හාශොර්හිද රාමාහිද ගිත්තයිම්හිද; 34 හාදීද්හිද ශෙබෝයිම්හිද නෙබල්ලාට්හිද; 35 කර්මාන්තකාරයන්ගේ මිටියාවතේ තිබෙන ලොද්හිද ඕනෝහිද විසුවෝය. 36 ලෙවීවරුන්ගෙන්ද යූදාහි සමහර පංක්ති බෙන්යමින්හි සිටියෝය.

12

බබිලෝනියෙන් ආ පූජකයන් සහ ලෙවීවරු

1 ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යේෂුවාද, සමඟ ආවාවූ පූජකයොත් ලෙවීවරුත් මොව්හුය: සෙරායා, යෙරෙමියා, එස්රා; 2 අමරියා, මල්ලූක්, හට්ටුෂ්; 3 ෂෙකනියා, රෙහුම්, මෙරේමොත්; 4 ඉද්දෝ, ගින්නෙතොයි, අබියා; 5 මියාමීන්, මයදියා, බිල්ගා; 6 ෂෙමායා, යෝයාරීබ්, යෙදායා; 7 සල්ලු, ආමොක්, හිල්කියා සහ යෙදායාය. මොව්හු යේෂුවාගේ දවස්වලදී පූජකයන්ගෙන්ද ඔවුන්ගේ සහෝදරයන්ගෙන්ද ප්‍රධානියෝව සිටියෝය. 8 තවද ලෙවීවරු නම්: යේෂුවා, මින්නුයි, කද්මීයෙල්, ෂේරෙබියා, යූදා සහ මත්තනියාය, ඔහුත් ඔහුගේ සහෝදරයොත් ස්තුති ගායනා කණ්ඩායම් කෙරෙහි පත්ව සිටියෝය. 9 තවද ඔවුන්ගේ සහෝදරයෝ වන බක්බුකියාද උන්නෝද ඔවුන් ඉදිරිපිට වාර පිළිවෙළින් සිටියෝය. 10 යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය, 11 යෝයාදාට දාව යොනාතාන් උපන්නේය, යොනාතාන්ට දාව යද්දුවා උපන්නේය. 12 යෝයාකීම්ගේ දවස්වල පියපෙළපත්වල ප්‍රධානියෝවූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායාය; යෙරෙමියාගෙන් හනනියාය; 13 එස්රාගෙන් මෙෂුල්ලාම්ය; අමරියාගෙන් යෙහෝහානාන්ය; 14 මල්ලුකීගෙන් යොනාතාන්ය; ෂෙබනියාගෙන් යෝසෙප්ය; 15 හාරීම්ගෙන් අද්නාය; මෙරායොත්ගෙන් හෙල්කයිය; 16 ඉද්දෝගෙන් ශෙකරියාය; ගින්නෙතොන්ගෙන් මෙෂුල්ලාම්ය; 17 අබියාගෙන් සික්රීය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයිය; 18 බිල්ගාගෙන් ෂම්මුවාය; සෙමායාගෙන් යෙහෝනාතාන්ය; 19 යෝයාරීබ්ගෙන් මත්තෙනයිය; 20 යෙදායාගෙන් උස්සීය; සල්ලයිගෙන් කල්ලයිය; ආමොක්ගෙන් ඒබෙර්ය; 21 හිල්කියාගෙන් හෂබියාය; යෙදායාගෙන් නෙතෙනේල්ය. 22 එලියාෂිබ්ගේද යෝයාදාගේද යෝහානාන්ගේද යද්දුවාගේද දවස්වල ලෙවීවරුන්ගේ පියපෙළපත්වල ප්‍රධානියෝ ලියවුණෝය. පූජකයොත් පාර්සියාවේ දාරියුස්ගේ රජකම්කිරීම දක්වා එසේ වූය. 23 පියපෙළපත්වල ප්‍රධානියෝවූ ලෙවීගේ පුත්‍රයෝ එලියාෂීබ්ගේ පුත්‍රවූ යොහානාන්ගේ දවස් දක්වාම ලේකම් පොතෙහි ලියවුණෝය. 24 ලෙවීවරුන්ගේ ප්‍රධානියන්වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මීයෙල්ගේ පුත්‍රවූ යේෂුවාද තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇතුව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝය. 25 මත්තනියාද බක්බුකියාද ඔබදියාද මෙෂුල්ලාම්ද ටල්මොන්ද අක්කූබ්ද දොරටු ගබඩාවල දොරටුපාලයෝව සිට රැකවල්කළෝය. 26 මොව්හු යොශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයා වන යෝයාකීම්ගේ දවස්වලද දිශාධිපතියාවූ නෙහෙමියාගෙත් ලියන්නාවූ පූජක එස්රාගෙත් දවස්වලද සිටියෝය.

පඬුරු කැපකිරීම

27 යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය. 28 එවිට ගීතිකාකාරයන්ගේ පුත්‍රයෝ යෙරුසලම වටකර සමතලා ප්‍රදේශයෙනුත් නෙටොපාතිවරුන්ගේ ගම්වලිනුත් 29 බෙත්-ගිල්ගාලෙනුත් ගෙබාහිද අස්මාවෙත්හිද කෙත්වලිනුත් රැස්වූවෝය. මක්නිසාද ගීතිකාකාරයෝ යෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝය. 30 පූජකයොත් ලෙවීවරුත් පවිත්‍රවී සෙනඟද දොරටුද පවුරද පවිත්‍රකළෝය. 31 එවිට මම යූදාහි අධිපතීන් පවුර පිටට නගින්ට සලස්වා, ස්තුතිකිරීමටත් පෙරහරින් යාමටත් මහත් කණ්ඩායම් දෙකක් නියමකෙළෙමි; එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේය. 32 ඔවුන් පස්සේ හෝෂායාද යූදාහි අධිපතීන්ගෙන් භාගයක්ද, 33 අසරියාද එස්රාද මෙෂුල්ලාම්ද, 34 යූදා සහ බෙන්යමින්ද සෙමායාද යෙරෙමියාද, 35 නළා ඇතිව පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම් ආසාප්ගේ පුත්‍රවූ සක්කූර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත්‍රවූ යෝනාතාන්ගේ පුත්‍රයා වන සෙකරියා සහ, 36 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව ඔහුගේ සහෝදරයෝ වන ෂෙමායාද අසරේල්ද මිලලයිද ගිලලයිද මායයිද නෙතනල්ද යූදාද හනානීද ඔවුන්ට පෙරටුවෙන් සිටි ලියන්නාවූ එස්රාද ගියෝය. 37 ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමුන් ඉදිරිපිටද තිබුණු දාවිත්ගේ ගෙට ඉහළින් පවුරට නැගුමෙහි දාවිත්ගේ නිවර පඩිවලින් නැගී, නැගෙනහිරට තිබෙන වතුර-දොරටුව ළඟට ගියෝය. 38 අනික් අතට ස්තුතිකරන දෙවෙනි කණ්ඩායමද ඔවුන් පස්සේ මමද සෙනඟගෙන් භාගයක්ද, පවුර පිට උදුන් කොත උඩින් පළල් පවුර දක්වාත්, 39 එප්‍රායිම් දොරටුවට උඩිනුත් පුරාණ දොරටුව ළඟිනුත් මත්ස්‍ය-දොරටුවද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු-දොරටුව දක්වා ගොස්, හිරගෙයි දොරටුව ළඟ නැවතුණෝය. 40 මෙසේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ස්තුති දෙන කණ්ඩායම් දෙකද මමද මා සමඟ මුලාදෑනීන්ගෙන් භාගයක්ද, නළා ඇතුව එලියාකීම්, 41 මයසේයා, මිනියාමින්, මීකායා, එලියෝයේනයි, ශෙකරියා, හනනියා යන පූජකයෝද; 42 මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උස්සී, යෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒසෙර් යන මොව්හුද සිටියෝය. ගීතිකාකාරයෝ වනාහි යෙශ්‍රාහිය, තමුන්ගේ ප්‍රධානියා කොට ඇතුව ශබ්දනගා ගායනාකළෝය. 43 එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.

දේව මාලිගාවේ මෙහෙය පිහිටුවීම

44 ඒ දවසේ පූජකයන්ටත් ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියමවූ කොටස් නුවරවල කෙත්වල හැටියට ගබඩා ගෙවල්වල රැස්කර තබන පිණිස ඒවා කෙරෙහි එසවීම් පූජාද ප්‍රථම ඵලද ඔතුද සම්බන්ධව මනුෂ්‍යයෝ පත්වුණෝය. මක්නිසාද සේවයකරමින් සිටි පූජකයන්ද ලෙවීවරුන්ද ගැන යූදාවරු සන්තෝෂවූවෝය. 45 ඔව්හුද ගීතිකාකාරයෝද දොරටුපාලයෝද දාවිත්ගේ සහ ඔහුගේ පුත්‍රවූ සාලමොන්ගේ ආඥාව ලෙස තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියම මුරයත් පවිත්‍රවීම පිළිබඳ නියම මුරයත් පැවැත්තුවෝය. 46 මක්නිසාද ඉස්සර දාවිත්ගේද ආසාප්ගේද දවස්වල ප්‍රධාන ගීතිකාකාරයෝ සිටියෝය, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසා ගීතිකාද පැවතුණේය. 47 සියලුම ඉශ්‍රායෙල්වරුද යෙරුබ්බාබෙල්ගේ දවස්වලත් නෙහෙමියාගේ දවස්වලත් දවසින් දවස ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් කොටස් සහ ලෙවීවරුන්ට කැපකළ යුතුවූ දේවලුත් දුන්නෝය; ලෙවීවරුද ආරොන්ගේ පුත්‍රයන්ට කැපකළ යුතුවූ දේවල් දුන්නෝය.

13

වැරදි දේ හරිගැස්සීම

1 ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී: අම්මොන්වරුන්ද මෝවබ්වරුන්ද රොටි සහ වතුර රැගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පෙරමගට නෑවිත් ඔවුන්ට ශාපකරන පිණිස බාලාම් කුලියට ගත් නිසා, 2 අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් දෙවියන්වහන්සේගේ සභාවට කිසිකලක ඇතුල් නොවන්නේය කියා ලියා තිබෙනවා සම්බවිය. ඒ ශාපය අපේ දෙවියන්වහන්සේ ආශීර්වාදයකට හැරෙවූසේක. 3 තවද ඔව්හු ව්‍යවස්ථාව අසා, මුළු මිශ්‍ර සමූහයා ඉශ්‍රායෙල්ගෙන් වෙන්කළෝය.

4 මීට පළමුවෙන් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවල් කෙරෙහි පත්ව සිටියාවූ, ටෝබියාට නෑකම් ඇත්තාවූ, 5 පූජකවූ එලියාෂීබ් ආහාර පූජාද තුවරලාද භාණ්ඩද, ලෙවීවරුන්ගෙත් ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් නියම කොටසවූ ධාන්‍යයෙන් සහ මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටසද, පූජකයන්ට ලැබෙන එසවීම් පූජාද, පළමු තැබූ ස්ථානයෙහි, ටෝබියාට මහත් ඇතුල් ගෙයක් දසාදාදී තිබුණේය. 6 ඒ සියල්ලේදී මම යෙරුසලමෙහි නොසිටියෙමි. මක්නිසාද බබිලෝනියේ රජවූ අර්තක්ෂස්තාගේ තිස්දෙවෙනි අවුරුද්දේදී මම රජු ළඟට ගියෙමි, තවද දවස් ගණනකට පසු රජුගෙන් අවසර ඉල්ලාගෙන, 7 යෙරුසලමට ආවෙමි. එවිට එලියාෂීබ් දෙවියන්වහන්සේගේ ගෘහයේ මළුවල ටෝබියාට ඇතුල් ගෙයක් සූදානම්කර දීමෙන් ඔහු උදෙසා කළ නපුර දැනගත්තෙමි. 8 ඊට මම ඉතා අප්‍රසන්නවී ටෝබියාගේ ගෙයි බඩු සියල්ල ඇතුල් ගෙයින් පිටතට දැමුවෙමි. 9 එවිට මාගේ ආඥාව පිට ඔව්හු ඇතුල් ගෙවල් පිරිසිදුකළෝය. තවද දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද ආහාර පූජාද තුවරලාද මම නැවත එතැනට ගෙනායෙමි. 10 ලෙවීවරුන්ගේ කොටස් ඔවුන්ට නුදුන් බවද වැඩපළ කරන ලෙවීවරුන්ද ගීතිකාකාරයන්ද තම තමුන්ගේ කෙත්වලට පලාගිය බවද දැක, 11 මම මුලාදෑනීන්ට කථාකර: දෙවියන්වහන්සේගේ ගෘහය අත්හරිනු ලැබුවේ මක්නිසාද කියා තරවටුකෙළෙමි. තවද මම ඔවුන් රැස්කරවා, ඔවුන්ගේ ස්ථානවලට ඔවුන් පත්කෙළෙමි. 12 එවිට සියලු යූදාවරු ධාන්‍යයෙනුත් මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝය. 13 ගබඩාවල් කෙරෙහි පූජකවූ ෂෙලෙමියාද ලියන්නාවූ සාදොක්ද ලෙවීවරුන්ගෙන් පෙදායාද ඔවුන් යටතේ මත්තනියාගේ පුත්‍රයාවූ සක්කූර්ගේ පුත්‍රවූ හානාන්ද ගබඩාකාරයන් කෙළෙමි. මක්නිසාද ඔව්හු විශ්වාස අය කොට සලකනලද්දෝය, තමුන්ගේ සහෝදරයන්ට බෙදාදීම ඔවුන්ට භාරව තිබුණේය. 14 මාගේ දෙවියන්වහන්ස, මේ ගැන මා සිහිකළ මැනව, මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයද ඒකේ නියම පිළිවෙත්ද උදෙසා මා විසින් කළ යහපත් ක්‍රියා නොමැකුව මැනව.

සබත් දවස පැවැත්වීම ගැන

15 ඒ දවස්වලදී යූදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනැවිත් ඒවා සහ මුද්‍රිකපානයද මුද්‍රික වලුද අත්තික්කා ඵලද සියලු ආකාර බරද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේදී යෙරුසලමට ගෙනෙන බවත් මම දැක, ඔවුන් ආහාර විකුණන දවසේදී ඔවුන්ට තරවටුකෙළෙමි. 16 තීර්වරුත් එහි වාසයකොට මාලු සහ සියලු ආකාර බඩු ගෙනැවිත් යූදා පුත්‍රයන්ටත් යෙරුසලමෙහිත් සබත් දවසේදී වික්කෝය. 17 එබැවින් මම යූදාහි උත්තමයන්ට තරවටුකරමින්: සබත් දවස දූෂ්‍යකොට නුඹලා කරන මේ නපුරු ක්‍රියාව මොකද? 18 නුඹලාගේ පියවරුන් මෙසේ කළ බැවින් අපේ දෙවියන්වහන්සේ මේ සියලු විපත්ති අප පිටටත් මේ නුවර පිටටත් පැමිණෙවුවා නොවේද? එසේ වී නුමුත් නුඹලා සබත් දවස දූෂ්‍යකිරීමෙන් ඉශ්‍රායෙල් කෙරෙහි උදහස වැඩිකරන්නහුයයි ඔවුන්ට කීවෙමි. 19 තවද සබත් දවසට ඉස්සරින් යෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරවල් පියන්ටත්, සබත් දවස පසුවෙන තුරු ඒවා නාරින්ටත් අණකර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි. 20 ඒ නිසා වෙළෙන්දෝද සියලු ආකාර බඩු විකුණන්නෝද වරක් දෙවරක් යෙරුසලමෙන් පිට නැවතුණේය. 21 මම ඔවුන්ට තරවටුකොට: නුඹලා පවුර ළඟ නවතින්නේ මක්නිසාද? නුඹලා නැවත එසේ කළොත් නුඹලා අල්ලාගන්නෙමියි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔව්හු සබත් දවසේදී නාවෝය. 22 තවද සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදුවී ඇවිත් දොරටු රැකවල් කරන්ටය කියා මම ලෙවීවරුන්ට අණකළෙමි. මාගේ දෙවියන්වහන්ස, මේ නිසාත් මා සිහිකර, ඔබගේ කරුණාවේ මහත්කම පරිද්දෙන් මට දයාවී වදාළ මැනව.

අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගැනීම ගැන

23 තවද ඒ දවස්වලදී සමහර යූදාවරුන් අෂ්දෝද්හිද අම්මොන්හිද මෝවබ්හිද ස්ත්‍රීන් පාවාගෙන සිටිනවා දුටුවෙමි. 24 ඔවුන්ගේ දරුවෝද අර්ධයක් වශයෙන් අෂ්දෝද් භාෂාවෙන් කථාකළෝය. යුදෙව් භාෂාවෙන්ම කථාකරන්නට ඔවුන් නොදැන ඒ සෙනඟගෙත් මේ සෙනඟගෙත් භාෂාවලින් කථාකළෝය. 25 මම ඔවුන්ට තරවටුකර, ඔවුන්ට ශාපකර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුළා, නුඹලාගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් නුඹලාගේ පුත්‍රයන්ට හා නුඹලාට ගන්ටවත් එපාය කියා දෙවියන්වහන්සේ ගැන ඔවුන් දිවුරවා, 26 ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්‍රායෙල් කෙරෙහි ඔහු රජකළසේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය. 27 එසේනම් අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මුළු මහත් නපුර කොට අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකරන හැටියට නුඹලාට ඇහුම්කන්දෙන්නෙමුදැයි කීමි. 28 උත්තම පූජකවූ එලියාෂීබ්ගේ පුත්‍රයා වන යෝයාදාගේ පුත්‍රයෙක් හොරොනිය සන්බලාට්ට බෑනාව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙවුවෙමි. 29 මාගේ දෙවියන්වහන්ස, ඔවුන් පූජක තනතුරද පූජකකමෙත් ලෙවීවරුන්ගෙත් ගිවිසුමද අපිරිසිදුකළ නිසා ඔවුන් සිහිකළ මැනව. 30 මෙසේ මම විදේශී සියල්ලන් පහකිරීමෙන් ඔවුන් පිරිසිදුකර, එක් එක්කෙනා තම තමාගේ වැඩේ ප්‍රකාරයට 31 පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් කටයුතු නියම කාලවලට දර පඬුරුද ප්‍රථම ඵලද ගැන නියමකෙළෙමි. මාගේ දෙවියන්වහන්ස, යහපත පිණිස මා සිහිකළ මැනව.