මෝසෙස්ගේ තුන්වෙනි පොත
1පූජා ගැන අණපනත්
දවන පූජා
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට: 2 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්නැයි කීසේක–නුඹලාගෙන් යම් මනුෂ්‍යයෙක්ස්වාමීන්වහන්සේටපූජාවක් ඔප්පුකරන කල සිව්පාවුන්ගෙන් එනම් ගව රැළෙන්ද එළු බැටළු රැළෙන්ද නුඹලාගේ පූජාව ඔප්පුකරන්න.
3 ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය.ස්වාමීන්වහන්සේඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය. 4 ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමඟිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය. 5 ඔහුස්වාමීන්වහන්සේඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය. 6 ඔහු දවන පූජා සතා හමගසා උගේ කොට්ඨාසවලට කැපිය යුතුය. 7 පූජකවූ ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනය පිට ගිනි දල්වා ගිනි පිට දර පිළිවෙළින් තබත්වා. 8 ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් හිසද තෙලද යන කොට්ඨාස පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ පිළිවෙළින් තැබිය යුතුය. 9 එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එයස්වාමීන්වහන්සේටගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.
10 ඉදින් දවන පූජාවක් පිණිස ඔහුගේ පූජාව බැටළු රැළෙන්වත් එළු රැළෙන්වත් වන්නේනම්, ඔහු නොකැලල් පිරිමි සතෙකු පූජාකළ යුතුය. 11 ඔහු පූජාසනයට උතුරු පැත්තේස්වාමීන්වහන්සේඉදිරියෙහි ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා. 12 ඔහු උගේ හිසද තෙලද සමඟ ඌ කොට්ඨාසවලට කපාවා. පූජකයාද පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ ඒවා පිළිවෙළින් තැබිය යුතුය; 13 එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒකස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.
14 ඉදින්ස්වාමීන්වහන්සේටඔහුගේ පූජාව පක්ෂීන්ගෙන් වූ දවන පූජාවක් නම්, කොබෙයියන්ගෙන් හෝ පරෙවි පැටවුන්ගෙන් හෝ ඔහු තමාගේ පූජාව ඔප්පුකළ යුතුය. 15 පූජකයාද ඌ පූජාසනයට ගෙනවුත් උගේ හිස කඩාදමා පූජාසනය පිට දැවිය යුතුය; උගේ ලේ පූජාසනයේ පැත්තේ වැගිරෙන්ට හැරීය යුතුය. 16 ඔහු උගේ ගොදුරු බොක්කද උගේ පිහාටුද පහකර ඒවා පූජාසනය ළඟ නැගෙනහිරින් අළු දමන තැන දැමිය යුතුය. 17 ඌ වෙන් නොකොට අත්හැඳි ළඟින් ඉරා පූජකයා පූජාසනය පිට ගින්නෙහි තිබෙන දර පිට ඌ දැවිය යුතුය. ඒකස්වාමීන්වහන්සේටගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති දවන පූජාවක්ය.
2ආහාර පූජා
1 යමෙක් ආහාර පූජාවක්ස්වාමීන්වහන්සේටඔප්පුකරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය; ඔහු ඊ පිට තෙල් වත්කොට, ඊ පිට තුවරලා දමා, 2 ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් වෙතට එය ගෙනවුත්; එහි සිහින් පිටියෙන් සහ තෙලින් අතළොස්සක් එහි සියලු තුවරලා සමඟ ගත යුතුය. පූජකයාස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් වූ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාසනය පිට දැවිය යුතුය. 3 ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එයස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
4 උදුනෙහි පුලුස්සනලද ආහාර පූජාවක් නුඹ විසින් ඔප්පුකරන කල එය තෙල් මිශ්‍රකොට සිහින් පිටියෙන් සෑදූ මුහුන් නැති සිහින් රොටි හෝ තෙල ගල්වනලද මුහුන් නුමුසු පෙති කැවුම් හෝ විය යුතුය. 5 නුඹේ පූජාව ඇතිලියේ පුලුස්සන ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකරනලද මුහුන් නුමුසු සිහින් පිටියෙන් විය යුතුය. 6 එය කැබලි කොට කඩා ඒ පිට තෙල් වත්කරන්න. එය ආහාර පූජාවක්ය. 7 නුඹේ පූජාව සැළියේ බදින ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකොට සිහින් පිටියෙන් සෑදිය යුතුය. 8 නුඹ මේ දේවලින් සාදනලද ආහාර පූජාවස්වාමීන්වහන්සේවෙතට ගෙනෙන්න. එය පූජකයාට ඔප්පුකරනු ලැබිය යුතුය, පූජකයාද එය පූජාසනය ළඟට ගෙනෙන්ට ඕනෑය. 9 තවද පූජකයා ආහාර පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට දැවිය යුතුය. එයස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ පූජාවක්ය. 10 ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එයස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය. 11 නුඹලාස්වාමීන්වහන්සේටඔප්පුකරන කිසි ආහාර පූජාවක් මුහුන් මිශ්‍රකොට නොසෑදිය යුතුය. මක්නිසාදස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවක් වශයෙන් මුහුන්වත් මීපැණිවත් නොදැවිය යුතුය. 12 ප්‍රථම ඵල පූජාවක් කොට ඒවාස්වාමීන්වහන්සේටඔප්පුකරන්ට නුඹලාට පුළුවන. එහෙත් ඒවා මිහිරි සුවඳක් පිණිස පූජාසනය පිටට නොපැමිණවිය යුතුය. 13 නුඹේ සියලු ආහාර පූජා ලුණෙන් රසකරන්න; නුඹේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු නුඹේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. නුඹේ සියලු පූජාවල් සමඟ ලුණු ඔප්පුකළ යුතුය.
14 ඉදින් ප්‍රථම ඵලවලින් නුඹස්වාමීන්වහන්සේටආහාර පූජාවක් ඔප්පු කරන්නෙහිනම් ගින්නෙන් බැදපු ශස්‍ය කරල්වලින් පොඩිකරගත් අලුත් ධාන්‍ය නුඹේ ආහාර පූජාව කොට ඔප්පුකරන්න. 15 ඊ පිට තෙල් වත්කර ඊ පිට තුවරලා තබන්න. එය ආහාර පූජාවක්ය. 16 එවිට පූජකයා මඩිනලද එහි ධාන්‍ය කොටසකින්ද එහි තෙල් කොටසකින්ද යුත් ඒ සිහිවීමේ කොටස එහි තුවරලා සියල්ල සමඟ දවන්ට ඕනෑය. ඒකස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවක්ය.
3ශාන්ති පූජා
1 ඔහුගේ පූජාව ශාන්ති පූජාවක් නම්, ඔහු ගවරැළෙන් පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පුදන්නේනම්, කැලල් නැති එකෙකුස්වාමීන්වහන්සේඉදිරියේ පූජාකළ යුතුය. 2 ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ ඉස පිට තබා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිත්වා. 3 ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද, 4 වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟින් තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද වෙන්කොටස්වාමීන්වහන්සේටශාන්ති පූජා යාගයෙන් ගින්නෙන් කළ පූජාවක් ඔප්පු කෙරේවා. 5 ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනයෙහි ගින්නේ දර පිට තිබෙන දවන පූජාව මත්තෙහි එය දවත්වා. එයස්වාමීන්වහන්සේටගින්නෙන් කළ මිහිරි සුවඳ පූජාවක්ය.
6 ස්වාමීන්වහන්සේටශාන්ති පූජාවක් පිණිස ඔහුගේ පූජාව එළු රැළෙන් හෝ බැටළු රැළෙන් නම් ඔහු කැලල් නැති පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පූජාකළ යුතුය. 7 තමාගේ පූජාවකොට ඔහු බැටළු පැටවෙකු ඔප්පුකරන්නේනම්ස්වාමීන්වහන්සේඉදිරියෙහි ඌ ඔප්පු කෙරේවා. 8 ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා. 9 ඔහු උගේ තෙල සහ පිටිකොන්ද ළඟින් කපාගන්න මුළු තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල සියල්ලද, 10 වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද අහක්කොට ශාන්ති පූජාවෙන්ස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවක් ඔප්පුකෙරේවා. 11 පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවාස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ.
12 ඔහුගේ පූජාව එළුවෙක් නම්, ඔහුස්වාමීන්වහන්සේඉදිරියේ ඌ පූජා කළ යුතුය. 13 ඔහු තමාගේ අත උගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා. 14 ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද, 15 වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කොට ඒවායින් තමාගේ පූජාව එනම්ස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවක් ඔප්පුකළ යුතුය. 16 පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා මිහිරි සුවඳක් පිණිස ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ. තෙල සියල්ලමස්වාමීන්වහන්සේටඅයිතිය. 17 නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.
4පාප පූජා
1 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න–නොකටයුතුයයිස්වාමීන්වහන්සේවිසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.] 3 සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැනස්වාමීන්වහන්සේටපාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා. 4 ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟටස්වාමීන්වහන්සේඉදිරියට ගොනා ගෙනවුත් තමාගේ අත ගොනාගේ හිස පිට තබා,ස්වාමීන්වහන්සේඉදිරියෙහි ගොනා මරන්ට ඕනෑය. 5 එවිට ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයින් මඳක් රැගෙන එය සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනා යුතුය. 6 පූජකයාද තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ශුද්ධස්ථානයේ තිරය ඉදිරිපිටස්වාමීන්වහන්සේඉදිරියෙහි ඒ ලෙයින් සත් වරක් ඉසිය යුතුය. 7 තවද පූජකයා ලෙයින් මඳක්ස්වාමීන්වහන්සේඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තිබෙන සුවඳ දුම් පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ගොනාගේ ලේ සියල්ල වත්කළ යුතුය. 8 ඔහු ශාන්ති පූජාවේ ගොනාගෙන් තෙල වෙන්කොට ගත්තාක් මෙන් පාප පූජා ගොනාගේ තෙල සියල්ලද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන මුළු තෙලද, 9 වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කළ යුතුය. 10 පූජකයා දවන පූජාසනය පිට 11 ඒවා දවා ගොනාගේ හමද උගේ මාංස සියල්ලද හිසද කකුල්ද 12 අතුණු සහ ගොමද යන මුළු ගොනා කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙනගොස් දර පිට ගින්නෙන් දවන්නේය. අළු දමන ස්ථානයෙහි ඌ පුලුස්සා දැමිය යුතුය.
13 මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයිස්වාමීන්වහන්සේඅණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්, 14 ඔවුන් කළ පාපය දැනගත් කල සමූහයා පාප පූජාවක් පිණිස ගොන් නාම්බෙකු ඔප්පුකර ඌ සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ගෙනා යුතුය. 15 සභාවේ වැඩිමහල්ලෝස්වාමීන්වහන්සේඉදිරියෙහි තමන්ගේ අත් ගොනාගේ හිස පිට තැබිය යුතුය. තවද ගොනාස්වාමීන්වහන්සේඉදිරියෙහි මරනු ලබන්නේය. 16 ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයෙන් මඳක් සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනවුත්, 17 තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වාස්වාමීන්වහන්සේඉදිරියෙහි තිරය ඉදිරිපිට සත් වරක් එය ඉසිය යුතුය. 18 තවද ඔහු ලෙයින් මඳක්ස්වාමීන්වහන්සේඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ඉතිරි ලේ සියල්ල වත්කළ යුතුය. 19 ඔහු උගේ තෙල සියල්ලම අහක්කොට ඒවා පූජාසනය පිට දැවිය යුතුය. 20 ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය. 21 ඔහු ඒ ගොනා කඳවුරෙන් පිටතට ගෙනගොස් ප්‍රථම ගොනා දැවුවාක් මෙන් ඌ දැවිය යුතුය. එය සමූහයා උදෙසා පාප පූජාවය.
22 අධිපතියෙක් තමාගේ දෙවිවූස්වාමීන්වහන්සේනොකටයුතුයයි අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කොට වැරදිකාරයෙක්ව සිටින කල, 23 තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්, 24 තමාගේ අත එළුවාගේ හිස පිට තබාස්වාමීන්වහන්සේඉදිරියෙහි දවන පූජාව මරන තැන්හිදී ඌ මරාවා. එය පාප පූජාවක්ය. 25 පූජකයාද තමාගේ ඇඟිල්ලෙන් පාප පූජාවේ ලේ ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ දවන පූජාසනය මුල වත්කෙරේවා. 26 උගේ තෙල සියල්ලම ශාන්ති පූජාවේ තෙල මෙන් පූජාසනය පිට දවන්ට ඕනෑය. මෙසේ පූජකයා ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, එවිට ඔහු ක්ෂමා කරනු ලබන්නේය.
27 පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයිස්වාමීන්වහන්සේඅණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්, 28 ඔහු තමා කළ පාපය ඔහු දැනගත්තොත් තමා කළාවූ පාපය නිසා එළුවන්ගෙන් කැලල් නැති ගෑනු සතෙකු ඔහුගේ පූජාව පිණිස ගෙනා යුතුය. 29 ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාවේ ස්ථානයෙහි පාප පූජාවේ සතා මරාවා. 30 පූජකයාද උගේ ලෙයින් මඳක් තමාගේ ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා. 31 ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එයස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
32 ඉදින් ඔහු පාප පූජාවක් පිණිස බැටළු පැටවෙකු ගෙනෙන්නේනම් කැලල් නැති ගෑනු සතෙකු ගෙනේවා. 33 ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාව මරන තැන්හිදී ඌ පාප පූජාවක් පිණිස මැරිය යුතුය. 34 පූජකයා පාප පූජාවේ ලෙයින් මඳක් ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා. 35 ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොටස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
511 කොබෙයියන් දෙදෙනෙක්වත් පරෙවි පැටවුන් දෙදෙනෙක්වත් ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම්, ඔහු කළ පාපය ගැන පාප පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනෙන්ට ඕනෑය; ඒවා පාප පූජාවක් බැවින් ඒ පිට තෙල්වත් තුවරලාවත් නොදැමිය යුතුය. 12 ඔහු ඒවා පූජකයා වෙතට ගෙනා යුතුය, පූජකයාද එයින් අහුරක් වන එහි සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිටස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජා මතුයෙහි දැවිය යුතුය. එය පාප පූජාවක්ය. 13 මෙසේ පූජකයා ඔහු මේ දේවලින් එකක් ගැන කළාවූ ඔහුගේ පාපය ගැන සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. ඉතිරි කොටස ආහාර පූජාව මෙන් පූජකයාට වන්නේයයි කීසේක.
අපරාධ පූජා
14 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 15 යමෙක්ස්වාමීන්වහන්සේගේශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකුස්වාමීන්වහන්සේවෙතට ගෙනවුත්, 16 ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
17 යමෙක් පව්කොටස්වාමීන්වහන්සේනොකරන්ට අණකළ දේවලින් යමක් කළොත් ඔහු එය නොදැන සිටිය නුමුත් වැරදිකාරයෙක්ව, තමාගේ අයුතුකම දැරිය යුතුය. 18 ඔහු නුඹ නියමකරන ගණනට අපරාධ පූජාවක් පිණිස රැළෙන් කැලල් නැති බැටළුවෙකු පූජකයා වෙතට ගෙනා යුතුය. පූජකයාද ඔහු වැරදිල්ලකින් නොදැන කළ වරද ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. එය අපරාධ පූජාවක්ය. 19 සැබවින් ඔහුස්වාමීන්වහන්සේඉදිරියෙහි වරදකාරයෙක්යයි කීසේක.
6පූජා සම්බන්ධව පූජකයන්ගේ යුතුකම්
8 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 9 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට අණකරමින් මෙසේ කියන්න: දවන පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය–දවන පූජාව මුළු රාත්‍රියෙහි උදය දක්වා පූජාසනයේ මැස්ස පිට තිබිය යුතුය; පූජාසනයේ ගින්නද එහි දැල්වෙමින් තිබිය යුතුය. 10 එවිට පූජකයා තමාගේ හණ වස්ත්‍රය හැඳ තමාගේ මාංසය පිට හණ කලිසම ලාගෙන පූජාසනය පිට දවන පූජාව දැවූ ගින්නේ අළු රැගෙන පූජාසනය ළඟ දමන්නේය. 11 ඔහු තමාගේ ඇඳුම් ගළවා වෙන ඇඳුම් ඇඳගෙන කඳවුරෙන් පිට පවිත්‍ර තැනකට අළු ගෙනේවා. 12 පූජාසනය පිට ගින්න නොනිවී එහි දැල්වෙමින් තිබිය යුතුය; පූජකයාද හැම උදයම ඒ මතුයෙහි දර දවන්නේය. ඔහු ඊ පිට දවන පූජාව පිළිවෙළට තබා එහි ශාන්ති පූජාවල තෙල දවන්නේය. 13 ගින්න පූජාසනය පිට නිතර දැල්වෙමින් නොනිවී තිබියයුතුය.
14 ආහාර පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ආරොන්ගේ පුත්‍රයන්ස්වාමීන්වහන්සේඉදිරියෙහි පූජාසනය ඉදිරිපිට ඒක ඔප්පුකළ යුතුය. 15 ඔහු ආහාර පූජාවේ සිහින් පිටියෙන්ද ඒකේ තෙලින්ද අහුරක් සහ ආහාර පූජාව පිට තිබෙන තුවරලා සියල්ලත් රැගෙන ඒ සිහිවීමේ කොටසස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. 16 එයින් ඉතිරි හරිය ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ කත්වා. එය ශුද්ධවූ තැනකදී මුහුන් නැතුව කෑ යුතුය; ඔව්හු ඒක සම්මුඛවීමේ කූඩාරමේ මළුවේදී කත්වා. 17 ඒක මුහුන් දමා බදිනු නොලැබිය යුතුය. ගින්නෙන් කළ මාගේ පූජාවලින් ඔවුන්ගේ කොටස මෙන් ඒක දුනිමි; පාප පූජාව මෙන්ද අපරාධ පූජාව මෙන්ද ඒක අති ශුද්ධය. 18 ස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවලින් නුඹලාගේ පරම්පරාවල නිරන්තරයෙන්ම අයිති කොටසක් මෙන් ආරොන්ගේ දරුවන් අතරේ සියලු පිරිමින්ට එයින් කන්නට පුළුවන. ඊට තැවරෙන කවරෙක් නුමුත් ශුද්ධවන්නේයයි කීසේක.
19 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 20 ආරොන් ආලේප ලබන දවසෙහි ඔහු සහ ඔහුගේ පුත්‍රයන් විසින්ස්වාමීන්වහන්සේටඔප්පුකරන්නාවූ ඔවුන්ගේ පූජාව මේය–නිරන්තර ආහාර පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසකින් උදයේ එයින් භාගයක්ද සවස එයින් භාගයක්ද වේ. 21 ඒවා තෙල් ඇතුව ඇතිලියක පිළියෙළකරනු ලැබිය යුතුය; ඒවා පෙඟුණු කල ඇතුළට ගෙනැවිත් පිලිස්සු ආහාර පූජාවක් කොට කැබලි වශයෙන්ස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න. 22 ඔහුගේ පුත්‍රයන්ගෙන් ඔහු වෙනුවට ආලේපලත් පූජකයා ඒක පූජාකළ යුතුය. නිරන්තර පනතකින් ඒකස්වාමීන්වහන්සේටසහමුලින්ම දවනු ලැබිය යුතුය. 23 පූජකයෙකුගේ සියලු ආහාර පූජා සහමුලින්ම දවනු ලබන්ට ඕනෑය. ඒවා නොකෑ යුතුයයි කීසේක.
24 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 25 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–පාප පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: දවන පූජාවේ සතා මරන තැනදී පාප පූජාවේ සතාදස්වාමීන්වහන්සේඉදිරියෙහි මැරිය යුතුය. එය අති ශුද්ධය. 26 පාප පූජාවක් කොට එය ඔප්පුකරන පූජකයා එය කන්ට ඕනෑය. සම්මුඛවීමේ කූඩාරමේ මළුවෙහිදී, ශුද්ධවූ තැනක එය කනු ලැබේවා. 27 ඒකේ මාංසයෙහි ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධවන්නේය. ඒකේ ලේ කිසි වස්ත්‍රයක ඉසුණොත් ඒ ඉසුණු වස්ත්‍රය ශුද්ධවූ ඉඩමක සෝදන්න. 28 එහෙත් ඒක තැම්බූ මැටි භාජනය බිඳ දැමිය යුතුය. එය පිත්තල භාජනයක තම්බන ලද්දේ වීනම් භාජනය මැදලා වතුරෙන් සේදිය යුතුය. 29 පූජකයන් අතරෙහි සියලු පිරිමි එයින් කන්නෝය. එය අති ශුද්ධය. 30 ශුද්ධ ස්ථානයෙහි සමගි කිරීම පිණිස යම් පාප පූජාවක ලේවලින් සම්මුඛවීමේ කූඩාරමට ගෙනෙනු ලැබේද ඒ පූජාව නොකෑ යුතුය. එය ගින්නෙන් දවනු ලබන්නේය.
711 යම් කෙනෙක්ස්වාමීන්වහන්සේටඔප්පුකරන ශාන්ති පූජා යාගය පිළිබඳ ව්‍යවස්ථාව මේය. 12 ඒක ස්තුති වශයෙන් ඔප්පුකරන්නේනම්, ස්තුති පූජාව සමඟ තෙල් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපද තෙල් ගෑවාවූ මුහුන් නොදැමූ පෙතිද පෙඟුණු සිහින් පිටිවලින් බදිනලද තෙල් මිශ්‍රවූ පූපද ඔප්පුකළ යුතුය. 13 පූප ඇතුළුව මුහුන් මුසු රොටිත් ඔහු තමාගේ පූජාවකොට තමාගේ ශාන්ති පූජාව සමඟ ස්තුති වශයෙන් ඔප්පුකළ යුතුය. 14 එක එක පූජාවෙන් එකක් බැගින්ස්වාමීන්වහන්සේටඑසවීමේ පූජාවක් පිණිස ඔහු එයින් ඔප්පු කෙරේවා; එය ශාන්ති පූජාවල ලේ ඉසින පූජකයාට හිමි වන්නේය. 15 ස්තුති දීම පිණිස වූ ඔහුගේ ශාන්ති පූජා යාගයේ මාංසය පිදූ දවසෙහිම කෑ යුතුය; උදය දක්වා එයින් කිසිවක් ඉතුරුනොකළ යුතුය. 16 එහෙත් ඔහු ඔප්පුකරන තමාගේ පූජාව භාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් නම්, ඔහුගේ පූජාව ඔප්පුකරන දවසෙහි එය කෑ යුතුය. එයින් ඉතුරුවෙන දෙය පසුවදා කන්ට පුළුවන. 17 එහෙත් තුන්වෙනි දවස දක්වා පූජාවේ මාංසයෙන් ඉතුරුවෙන ඒවා ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය. 18 ඔහුගේ ශාන්ති පූජාවල යාගයේ මාංසයෙන් කිසිවක් තුන්වෙනි දවසෙහි කෑවොත් එය පිළිගනු ලැබීමවත් එය පූජාකරන තැනැත්තාගේ ගණනට තබනු ලැබීමවත් නොවිය යුතුය. එය පිළිකුලක් වන්නේය, එයින් කන තැනැත්තේද තමාගේ අයුතුකම දරන්නේය. 19 අපවිත්‍ර යම් දෙයක ස්පර්ශවන මාංසය නොකා ගින්නෙන් දැවිය යුතුය. ඉතිරි මාංසය පවිත්‍රව සිටින සියල්ලන් විසින් කන්නට පුළුවන. 20 එහෙත් අපවිත්‍රකමක් ඇතුවස්වාමීන්වහන්සේටඅයිති ශාන්ති පූජාවේ මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ කෙරෙන් සිඳිනු ලබන්නේය. 21 මනුෂ්‍යයෙකුගේ අපවිත්‍රකමක් වේවා අපවිත්‍ර මෘගයෙක් වේවා අපවිත්‍ර පිළිකුල්කමක් වේවා කිසියම් අපවිත්‍රකමක ස්පර්ශවීස්වාමීන්වහන්සේටඅයිති ශාන්ති පූජාවල මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.
22 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 23 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–නුඹලා ගොනෙකුගේවත් බැටළුවෙකුගේවත් එළුවෙකුගේවත් තෙල නොකෑ යුතුය. 24 ඉබේ මළාවූ සතාගේ තෙලද මෘගයන් විසින් ඉරාදැමූ සතාගේ තෙලද අන්කිසියම් වැඩකට ගත හැකිය. නුමුත් නුඹලා කිසිසේත් ඒවායින් නොකෑයුතුය. 25 කුමක්හෙයින්ද මනුෂ්‍යයන් විසින්ස්වාමීන්වහන්සේටගින්නෙන් පූජා කිරීමට ඔප්පුකරන්නාවූ මෘගයෙකුගේ තෙල කන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය. 26 පක්ෂියෙකුගේ වේවා මෘගයෙකුගේ වේවා කිසි ලෙයක් නුඹලාගේ කොයි වාසස්ථානයකදීවත් නොකෑයුතුය. 27 ලේ කන්නා වූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.
28 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 29 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේටශාන්ති පූජා යාගය ඔප්පුකරන තැනැත්තේ තමාගේ ශාන්ති පූජාවල යාගයෙන් තමාගේ පූජාවස්වාමීන්වහන්සේවෙතට ගෙනේවා. 30 ස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාව ඔහු තමාගේම අතින් ගෙනේවා; ළැපැත්තස්වාමීන්වහන්සේඉදිරියේ තේව පූජාවක් කොට තේවකරන පිණිස ළැපැත්ත සමඟ තෙල ගෙනේවා; 31 පූජකයාද තෙල පූජාසනය පිට දවන්නේය. එහෙත් ළැපැත්ත ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් හිමිවන්නේය. 32 නුඹලාගේ ශාන්ති පූජා යාගවලින් එසවීමේ පූජාවක් පිණිස දකුණු කළවය පූජකයාට දෙන්න. 33 ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් ශාන්ති පූජාවල ලේද තෙලද ඔප්පු කරන්නාට ඔහුගේ කොටස වශයෙන් දකුණු කළවය දෙනු ලැබේවා. 34 මක්නිසාද මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජා යාගවලින් තේව ළැපැත්තද එසවීමේ කළවයද ගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් පූජකයාවූ ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් සදාකාලයටම අයිතියක් කොට දුනිමියි කීසේක.
35 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක තනතුරෙහිස්වාමීන්වහන්සේටමෙහෙකරන පිණිස මෝසෙස් ඔවුන් ගෙනා දවසෙහි ගින්නෙන් කළ පූජාවලින් ඔවුන්ට ලැබෙන හැටියට නියමවූ කොටස මේකය; 36 සදාකාලේටම තමන්ගේ පරම්පරාවල නියම කොටසක්කොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් එය ඔවුන්ට දෙනු ලබන ලෙස, ඔවුන් ආලේපකළ දවසේදීස්වාමීන්වහන්සේඅණකළසේක. 37 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමන්ගේ පූජාස්වාමීන්වහන්සේටඔප්පුකරන ලෙස සීනයි වනයෙහිදී මෝසෙස් ඔවුන්ට අණකළ දවසේදී, 38 ස්වාමීන්වහන්සේසීනයි කන්දේදී මෝසෙස්ට අණකළාවූ දවන පූජාවේද ආහාර පූජාවේද පාප පූජාවේද අපරාධ පූජාවේද කැප කිරීමේදී ශාන්ති පූජා යාගයේද නියමය ඒකය.
8පූජකයන් කැපකිරීම
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 2 ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද වස්ත්‍රද ආලේප තෙල්ද පාප පූජාවට ගොනාද බැටළුවන් දෙදෙනාද මුහුන් නොදැමූ රොටි පැසද රැගෙන, 3 සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට මුළු සභාව රැස්කරවන්නැයි කීසේක. 4 මෝසෙස්ස්වාමීන්වහන්සේතමාට අණකළ ලෙස කෙළේය; සභාවද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස්වූවාය. 5 ස්වාමීන්වහන්සේකරන්ට අණකළ දේ මේයයි මෝසෙස් සභාවට කීවේය. 6 මෝසෙස් ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ගෙන්වා ඔවුන් වතුරෙන් නෑවුවේය. 7 ඔහු දික් යට ඇඳුම ඔහුට හඳවා, ඉණපිටිය ඔහුගේ ඉඟටියේ බැඳ, සළුව ඔහුට පළඳවා, ඒඵොද් සැට්ටයද ඔහුට හඳවා, ඒඵොද්හි විසිතුරු ලෙස වියනලද පටිය දමා, එය ඔහුගේ ඉඟටියේ බැන්දේය. 8 ඔහු ළය වැස්ම ඔහු පිට පිහිටුවා ඒ ළය වැස්මෙහි ඌරිම් සහ තුම්මිම් තැබුවේය. 9 තවද ඔහුගේ හිස පිට මකුටය ලා, මකුටය පිට ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ ඔටුන්නස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස තැබුවේය. 10 මෝසෙස් ආලේප තෛලය රැගෙන මණ්ඩපය හා එහි තිබුණු සියල්ල ආලේපකරමින් ඒවා පවිත්‍ර කෙළේය. 11 ඔහු එයින් පූජාසනය පිට සත් වරක් ඉස පූජාසනය සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය හා ඒකේ අඩියද පවිත්‍රකරන පිණිස ඒවා ආලේපකෙළේය. 12 ඔහු ආරොන් පවිත්‍රකරන පිණිස ඔහුගේ හිස පිට ආලේප තෛලය වත්කොට ඔහු ආලේපකෙළේය. 13 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස ඔහු ආරොන්ගේ පුත්‍රයන් ගෙන්වා, ඔවුන්ට දික් යට ඇඳුම් හඳවා, ඉණපිටි ඔවුන්ගේ ඉඟටිවල බැඳ, ඔවුන්ගේ හිස්වල ඔටුනු බැන්දේය. 14 එවිට ඔහු පාප පූජාවේ ගොනා ගෙනායේය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද පාප පූජාවේ ගොනාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය. 15 ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය. 16 ඔහු අතුණු පිට තිබෙන තෙල සියල්ලද අක්මාවේ දැලද වකුගඩු දෙකද ඒවායේ තෙලද ගත්තේය, මෝසෙස් ඒවා පූජාසනය පිට දැවුවේය. 17 එහෙත් ගොනා සහ උගේ සමද මාංසයද ගොමදස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස ඔහු කඳවුරෙන් පිටත ගින්නෙන් පුලුස්සාදැමුවේය. 18 ඔහු දවන පූජාවේ බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබූහ. 19 ඔහු ඌ මැරීය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය. 20 ඔහු බැටළුවා උගේ කොටස්වලට කැපීය; මෝසෙස් උගේ හිස සහ කැබලිත් තෙලත් දැවුවේය. 21 ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදුවේය; මෝසෙස් මුළු බැටළුවා පූජාසනය පිට දැවීය. ඒකස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස මිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්දස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවක්ද වූයේය. 22 ඔහු කැපකිරීමේ බැටළුවා වන අනික් බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය. 23 ඔහු ඌ මැරීය; මෝසෙස් උගේ ලෙයින් මඳක් රැගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරෙහිද ඔහුගේ දකුණතේ මාපට ඇඟිල්ලෙහිද ඔහුගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය. 24 ඔහු ආරොන්ගේ පුත්‍රයන්ද ගෙනායේය, මෝසෙස් ලෙයින් මඳක් ඔවුන්ගේ දකුණු කන් කෙළවරෙහිද ඔවුන්ගේ දකුණත මාපට ඇඟිල්ලෙහිද ඔවුන්ගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය. 25 ඔහු තෙලද තර වල්ගයද අතුණු පිට තෙල සියල්ලද අක්මාවේ දැලද වකුගඩු දෙකද ඒවායේ තෙලද දකුණු කළවයද රැගෙන, 26 ස්වාමීන්වහන්සේඉදිරියෙහි වූ මුහුන් නොදැමූ රොටි පැසින් මුහුන් නැති එක රොටියක්ද තෙල් මිශ්‍රවූ එක රොටි කැවුමක්ද එක පූප පෙත්තක්ද ගෙන ඒවා තෙල පිටත් දකුණු කළවය පිටත් තබා, 27 ඒ සියල්ල ආරොන්ගේ අත්වල සහ ඔහුගේ පුත්‍රයන්ගේ අත්වලත් තබා,ස්වාමීන්වහන්සේඉදිරියෙහි තේව පූජාවක් පිණිස ඒවා තේව කෙළේය. 28 මෝසෙස් ඒවා ඔවුන්ගේ අත්වලින් ගෙන පූජාසනයෙහි දවන පූජාව පිට දැවුවේය. ඒවා මිහිරි සුවඳක් වන පිණිස කැපකිරීමක් විය. එයස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවක්ය. 29 මෝසෙස් ළැපැත්ත රැගෙන තේව පූජාවක් පිණිසස්වාමීන්වහන්සේඉදිරියෙහි තේවකෙළේය.ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස ඒක කැපකිරීමේ බැටළුවාගෙන් මෝසෙස්ගේ කොටස විය. 30 මෝසෙස් ආලේප තෙලින් හා පූජාසනය පිට තිබුණු ලෙයින් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයන් පිටද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර පිටද ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද විශුද්ධ කෙළේය. 31 මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට කියනුයේ: සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ ඒ මාංසය තම්බන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විසින් එය කෑ යුතුයයි මා විසින් අණකළ ලෙස එහිදී කැපකිරීමේ පැසෙහි තිබෙන රොටිත් සමඟ එය කන්න. 32 මාංසය හා රොටිවලින් ඉතුරු ඒවා ගින්නෙන් දවන්න. 33 නුඹලා සත් දවසක් සම්පූර්ණවන තෙක් එනම් නුඹලාගේ කැපකිරීමේ දවස් සම්පූර්ණවන තෙක් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොයන්න. මක්නිසාද සත් දවසක් නුඹලා කැපකරනු ලබන්නහුය. 34 නුඹලා වෙනුවට සමගිකමක් කරන පිණිස, අද දවසේදී කළාක්මෙන් කරන්ටස්වාමීන්වහන්සේඅණකර තිබේ. 35 නුඹලා නොනස්නා පිණිස සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ රෑ දාවල් සත් දවසක් සිටිමින්ස්වාමීන්වහන්සේගේනියමය පවත්වන්න. මක්නිසාද එසේ මට අණකර තිබේයයි කීවේය. 36 මෙසේ ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝස්වාමීන්වහන්සේමෝසෙස් ලවා අණකළ සියල්ල කළෝය.
9පූජකයන්ගේ සේවය පටන්ගැන්ම
1 තවද අටවෙනි දින මෝසෙස් ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද කැඳවා ආරොන්ට කථාකොට: 2 පාප පූජාවක් පිණිස කැලලක් නැති එළවස්සෙක්ද දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවෙක්ද රැගෙනස්වාමීන්වහන්සේඉදිරියෙහි උන් ඔප්පුකරන්න. 3 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්:ස්වාමීන්වහන්සේඉදිරියෙහි පූජාකරන්ට පාප පූජාවක් පිණිස එළුවෙක්ද දවන පූජාවක් පිණිස අවුරුද්දක් පිරුණු කැලලක් නැති එළවස්සෙක් හා බැටළු පැටවෙක්ද, 4 ශාන්ති පූජාව පිණිස ගොනෙක්ද බැටළුවෙක්ද තෙල් මිශ්‍රවූ ආහාර පූජාවක්ද ගෙනෙන්න. මක්නිසාද අදස්වාමීන්වහන්සේනුඹලාට පෙනෙනසේකැයි කියන්නැයි කීවේය. 5 ඔව්හු මෝසෙස් අණකළ දේ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ගෙනාවෝය. මුළු සභාවද ළඟට අවුත්ස්වාමීන්වහන්සේඉදිරියෙහි සිටියාය. 6 මෝසෙස්ද: නුඹලා විසින් කළ යුතුයයිස්වාමීන්වහන්සේඅණකළ දේ මේය. එවිටස්වාමීන්වහන්සේගේතේජස නුඹලාට පෙනෙන්නේයයි කීය. 7 මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹ පූජාසනයට ළඟාවීස්වාමීන්වහන්සේඅණකළ ලෙස නුඹේ පාප පූජාවද නුඹේ දවන පූජාවද පූජාකොට නුඹ උදෙසාත් සෙනඟ උදෙසාත් සමගිකමක් කරන්න. සෙනඟගේ පූජාව පූජාකොට ඔවුන් උදෙසා සමගිකමක් කරන්නැයි කීවේය. 8 එවිට ආරොන් පූජාසනයට ළඟාවී තමා උදෙසා වූ පාප පූජාවේ එළවස්සා මැරුවේය. 9 ආරොන්ගේ පුත්‍රයෝද ලේ ඔහු ළඟට ගෙනාවෝය. ඔහු තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා පූජාසනයේ අංවල ගා පූජාසනය මුල ලේ වත්කෙළේය. 10 එහෙත්ස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ හැටියට තෙලද වකුගඩුද පාප පූජාවේ අක්මාවේ දැලද පූජාසනය පිට දැවීය. 11 මාංසයද හමද ඔහු කඳවුරෙන් පිටදී ගින්නෙන් පුලුස්සා දැමුවේය. 12 තවද ඔහු දවන පූජාවේ සතා මැරුවේය; ආරොන්ගේ පුත්‍රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට වටේට ඉස්සේය. 13 ඔව්හු දවන පූජාව කොට්ඨාස වශයෙන් හිසත් ඇතුළුව ඔහුට රැගෙන දුන්නෝය. ඔහු ඒවා පූජාසනය පිට දැවුවේය. 14 ඔහු අතුණුද කකුල්ද සෝදා පූජාසන මතුයෙහි දවන පූජාව පිට දැවුවේය. 15 ඔහු සෙනඟගේ පූජාව ගෙනැවිත් සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා රැගෙන මරා පළමු එකා මෙන් පාපය නිසා ඔප්පුකෙළේය. 16 ඔහු දවන පූජාවද ගෙනැවිත් නියමය ලෙස එය ඔප්පුකෙළේය. 17 ඔහු ආහාර පූජාව ගෙනැවිත් එයින් අතපුරා රැගෙන උදයේ දවන පූජාව හැර ඒවාත් පූජාසනය පිට දැවුවේය. 18 ඔහු සෙනඟ උදෙසා වූ ශාන්ති පූජාව වන ගොනාත් බැටළුවාත් මැරුවේය. ආරොන්ගේ පුත්‍රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට හාත්පසින් ඉස්සේය. 19 ඔව්හු ගොනාගේ තෙලද බැටළුවාගේ තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද වකුගඩුද අක්මාවේ දැලද ගෙනවුත්, තෙල ළැපැත්ත පිට තැබුවෝය, 20 ඔහු තෙල පූජාසනය පිට දැවුවේය. 21 මෝසෙස් අණකළ ලෙස ආරොන් තේව පූජාවක් පිණිස ළැපැත්ත හා දකුණු කළවයද රැගෙනස්වාමීන්වහන්සේඉදිරියෙහි තේව කෙළේය. 22 ආරොන් සෙනඟ දෙසට තමාගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකොට පාප පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔප්පුකළ ස්ථානයෙන් බැස්සේය. 23 මෝසෙස් සහ ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව පිටට අවුත් සෙනඟට ආශීර්වාද කළෝය. එවිටස්වාමීන්වහන්සේගේමහිමය මුළු සෙනඟට පෙනුණේය. 24 ස්වාමීන්වහන්සේඉදිරියෙන් ගිනි නික්ම අවුත් පූජාසනය පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේය. මුළු සෙනඟ ඒ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණෝය.
10නාදාබ් සහ අබිහුගේ පාපය
1 ආරොන්ගේ පුත්‍රයෝවූ නාදාබ් සහ අබිහු තම තමාගේ ධූම භාජනය රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමාස්වාමීන්වහන්සේඔවුන්ට අණනොකළාවූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය. 2 තවදස්වාමීන්වහන්සේකෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැම්මේය, එසේ ඔව්හුස්වාමීන්වහන්සේඉදිරියෙහි මළෝය. 3 එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියිස්වාමීන්වහන්සේකී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය. 4 එවිට මෝසෙස් ආරොන්ගේ බාල පියා වන උසියෙල්ගේ පුත්‍රයන්වූ මිෂායෙල් හා එල්ශාඵාන් කැඳවා: නුඹලා ළඟාවී නුඹලාගේ සහෝදරයන් ශුද්ධ ස්ථානය ඉදිරියෙන් කඳවුරෙන් පිටතට උස්සාගන යන්නැයි ඔවුන්ට කීවේය. 5 ඔව්හු මෝසෙස් කී හැටියට ළඟාවී ඒ අය ඔවුන්ගේ දික් යට ඇඳුම් පිටින් කඳවුරෙන් පිටතට උස්සාගෙන ගියෝය. 6 මෝසෙස් ආරොන්ටත් ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට හා ඊතාමාර්ටත් කථාකොට: නුඹලා නොනස්නා පිණිසද උන්වහන්සේ මුළු සභාව කෙරෙහි උදහස් නොවන පිණිසද නුඹලාගේ හිසකේ විදහා නොගන්න, නුඹලාගේ වස්ත්‍ර ඉරානොගන්න. එහෙත් නුඹලාගේ සහෝදරයෝ වන මුළු ඉශ්‍රායෙල් වංශයස්වාමීන්වහන්සේඇවිලෙවු දැවීම ගැන වැලපෙත්වා. 7 ස්වාමීන්වහන්සේගේආලේප තෛලය නුඹලා පිට තිබෙන නිසා, නුඹලා නොනස්නා පිණිස, සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොගොස් සිටින්නැයි කීවේය. ඔව්හු මෝසෙස්ගේ වචනය ලෙස කළෝය.
පූජකයන්ට තවත් ආඥා
8 ස්වාමීන්වහන්සේආරොන්ට කථාකොට: 9 සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන කල නුඹවත් නුඹේ පුත්‍රයෝවත් නොනසින පිණිස මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් පානයනොකරන්න. 10 නුඹලා විසින් ශුද්ධ දේ සහ අකැප දේ අතරෙහිත් අපවිත්‍ර දේ සහ පවිත්‍ර දේ අතරෙහිත් වෙනසක් කරන පිණිසද, 11 ස්වාමීන්වහන්සේමෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියෙවූ සියලු පනත් නුඹලා ඔවුන්ට උගන්වන පිණිසද ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල නියෝගයක් වන්නේයයි කීසේක.
12 මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට:ස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය. 13 ස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවලින් එය නුඹේද නුඹේ පුත්‍රයන්ගේද නියම කොටස වන නිසා එය ශුද්ධවූ තැනකදී කන්න. මක්නිසාද එසේ මට අණකරනලද්දේය. 14 නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ දූවරුද තේව ළැපැත්ත සහ එසවීමේ කළවය පවිත්‍ර තැනකදී කෑ යුතුය. මක්නිසාද ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් නුඹේද නුඹේ පුත්‍රයන්ගේද නියම කොටස කොට දෙන ලද්දේය. 15 ඔව්හුස්වාමීන්වහන්සේඉදිරියෙහි තේව පූජාවකට තේවකරන පිණිස ඔසවන කළවයද තේව ළැපැත්තද ගින්නෙන් කළ පූජාව වන තෙල සමඟ ගෙනෙත්වා. ඒකස්වාමීන්වහන්සේඅණකළ ලෙස නුඹටද නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටද සදාකාලේටම අයිතිවන්නාවූ කොටසක්යයි කීවේය.
16 මෝසෙස් පාප පූජාවේ එළුවා ඕනෑකමින් සෙවීය, බලව, ඒකා පුලුස්සාදමා තිබුණේය. ඔහු ඉතිරිව සිටිය ආරොන්ගේ පුත්‍රයන් වූ එලෙයාසර්ද ඊතාමාර්ද කෙරෙහි උදහස්ව: 17 නුඹලා පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් නුඹලා සභාවේ අයුතුකම පහකරන පිණිසදස්වාමීන්වහන්සේඉදිරිපිට ඔවුන් උදෙසා සමගිකමක් කරන පිණිසද උන්වහන්සේ එය නුඹලාට දී තිබේ. 18 බලව, ඒකේ ලේ ශුද්ධ ස්ථානය ඇතුළට නොගෙනෙන ලද්දේය. මා අණකළ ලෙස ඒක සැබවින් ශුද්ධ ස්ථානයෙහිදී නුඹලා විසින් කෑ යුතුව තිබුණේයයි කීය. 19 ආරොන් මෝසෙස්ට කථාකොට: ඔව්හු මේ දවසෙහි තමුන්ගේ පාප පූජාව සහ දවන පූජාවස්වාමීන්වහන්සේඉදිරියෙහි පූජාකළෝය; නුමුත් මෙයාකාර දේ මට සිද්ධවී තිබේ. ඉදින් මම පාප පූජාව අද කෑවෙම් නම් ඒකස්වාමීන්වහන්සේඉදිරියෙහි යහපත්ව පෙනේදැයි කීවේය. 20 මෝසෙස් ඒ ඇසූ කල එය යහපත් බව ඔහුට පෙනුණේය.
11පිරිසිදු අපිරිසිදු සතුන් පිළිබඳ නියෝග
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ටත් ආරොන්ටත් කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ-කියන්න–පොළොවෙහි සියලු මෘගයන් අතරෙන් නුඹලා විසින් කෑ යුතු වන්නේ මේ ජීවමාන සත්වයෝය. 3 මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් නුඹලාට කන්ට පුළුවන. 4 එසේ වී නුමුත් වමාරාකන මෘගයන්ගෙන්ද කුරය බෙදුණවුන්ගෙන්ද මොවුන් නුඹලා විසින් නොකෑ යුතුය: එනම් ඔටුවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා නුඹලාට අපවිත්‍රය. 5 බෙන් හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය. 6 හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය. 7 ඌරා, කුරය බෙදී වෙන්ව තිබෙන නුමුත් වමාරානොකන නිසා ඌ නුඹලාට අපවිත්‍රය. 8 උන්ගේ මාංස නොකන්න, උන්ගේ මළකුණු ස්පර්ශනොකරන්න; උන් නුඹලාට අපවිත්‍රය.
9 ජලයෙහි ඉන්න සියල්ලන්ගෙන් නුඹලාට කන්ට පුළුවන්වන්නේ මේ සත්වයෝය: එනම් මුහුදුවලත් ගංගාවලත් ජලයෙහි ඉන්නාවූ වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන. 10 එහෙත් ජලයෙහි හැසිරෙන සියල්ලන්ගෙන්ද ජලයෙහි ඉන්නාවූ පණ ඇති සියලු සතුන්ගෙන්ද මුහුදුවලත් ගංගාවලත් ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති සියල්ලෝ නුඹලාට පිළිකුලක්ය, 11 උන් නුඹලාට පිළිකුලක් වන්නෝය; උන්ගේ මාංසය නොකන්න, උන්ගේ මළකුණු පිළිකුල් කොට සලකන්න. 12 ජලයෙහි ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති කොයි සතෙක් නුමුත් නුඹලාට පිළිකුලක්ය.
13 පක්ෂීන් අතරෙන් නුඹලා විසින් පිළිකුල්කළ යුතු වන්නේ මේ සත්තුය; උන් නොකෑ යුතුය, උන් පිළිකුලක්ය–එනම් රාජාලියාද මහ ගිජුලිහිණියාද මුහුදු උකුස්සාද; 14 උකුස්සාද ඒ ඒ වර්ගයේ කුරුළුගොයිද; 15 ඒ ඒ වර්ගයේ සියලු කපුටුවෝද; 16 පැස්බරාද රෑ උකුස්සාද මුහුදු ලිහිණියාද ඒ ඒ වර්ගයේ උකුස්සෝද; 17 බස්සාද දියකාවාද බකමූණාද; 18 උලමාද කරවැල් කොකාද ගිජුලිහිණියාද; 19 මානකොකාද ඒ ඒ වර්ගයේ කොක්කුද හුපුවාද වවුලාද යන උන්ය.
20 පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු නුඹලාට පිළිකුලක්ය. 21 එහෙත් පියාපත් ඇති බඩගා යන සතර පයින් ඇවිදින භූමිය පිට පැනයන පිණිස පාදවලට ඉහළින් කකුල් ඇති සියලු සතුන් අතරෙන් මුන් නුඹලාට කන්ට පුළුවන: 22 එනම් ඒ ඒ වර්ගයේ පළඟැටියෝද ඒ ඒ වර්ගයේ තට්ට පළඟැටියෝද ඒ ඒ වර්ගයේ ගොඩ වෙලුවෝද ඒ ඒ වර්ගයේ තනගිරව්ද නුඹලාට කන්ට පුළුවන. 23 එහෙත් පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු නුඹලාට පිළිකුලක්ය.
24 නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී. 25 උන්ගේ මළකුණුවලින් කිසිවක් උසුලා ගෙනයන කවරෙක් නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. 26 බෙදුණු නුමුත් වෙන්නූණ කුර ඇති වමාරානොකන සියලු මෘගයෝ නුඹලාට අපවිත්‍රය. උන්ට ස්පර්ශවන සියල්ලෝද අපවිත්‍ර වන්නෝය. 27 පාද සතරෙන් යන සියලු ආකාර මෘගයන් අතරෙන් පතුල් තබායන සියල්ලෝ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රවන්නේය. 28 උන්ගේ මළකුණු උසුලාගනයන්නා තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ සත්තු නුඹලාට අපවිත්‍රය.
29 පොළොව පිට බඩගායන සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය: එනම් ඒ ඒ වර්ගයේ මුගටියාද බටුමීයාද ඒ ඒ වර්ගයේ කබරගොයි හා තලගොයිද 30 හූනාද ගොඩ කිඹුලාද හිකනැලාද වැලි හූනාද කටුස්සාද යන උන්ය. 31 බඩගායන සියලු සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය. උන් මළ පසු උන්ට ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී. 32 උන් මළ පසු යම් බඩුවක් පිටට වැටුණොත් ලී භාජනයක් නුමුත් ඇඳුමක් නුමුත් හමක් නුමුත් මල්ලක් නුමුත් යම් වැඩකට පාවිච්චිකරන වෙනයම් භාජනයක් නුමුත් ඒක අපවිත්‍රවන්නේය, එය වතුරෙහි දැමිය යුතුය, එය සවස දක්වා අපවිත්‍රව තිබේ; ඉන්පසු එය පවිත්‍රවන්නේය. 33 උන්ගෙන් යම් එකෙක් මැටි භාජනයක වැටුණොත් එහි තිබෙන සියල්ල අපවිත්‍රවන්නේය, ඒකද බිඳ දැමිය යුතුය; 34 එහි තිබෙන කන්නාවූ කොයි කෑමක් පිටට නුමුත් [උන්ගේ] වතුර වැටේද ඒ කෑම අපවිත්‍රවන්නේය; එබඳු හැම භාජනවලින් බොන සියලු බීම අපවිත්‍රවන්නේය. 35 උන්ගේ මළකුණෙන් කිසිවක් යම් දෙයක් පිටට එනම් උදුනක හෝ වලන් මැස්සක හෝ වැටුණොත් එය බිඳදැමිය යුතුය. ඒවා අපවිත්‍රය, ඒවා නුඹලාට අපවිත්‍රවන්නේය. 36 එසේවී නුමුත් උල්පතක් හෝ වතුර එකතුවෙන වළක් හෝ පවිත්‍රය. නුමුත් උන්ගේ මළකුණු ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය. 37 උන්ගේ මළකුණුවලින් කිසිවක් වපුරන්ට තිබෙන මොන බිත්තර වී පිට නුමුත් වැටුණත් ඒවා පවිත්‍රය. 38 එහෙත් ඒ බිත්තර වී පිට වතුර වත්කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒ පිට වැටුණොත් ඒවා නුඹලාට අපවිත්‍රය.
39 නුඹලා කෑමට ගන්න මෘගයින්ගෙන් එකෙක් මැරුණොත් උගේ මළකුණේ ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටී. 40 ඒ මළකුණෙන් කන තැනැත්තේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ මළකුණ උසුලාගන යන තැනැත්තේද තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.
41 බිම බඩගායන සියලු සත්තුද පිළිකුල්ය; උන් නොකෑ යුතුය. 42 බඩගා යන්නාවූද සතර පයින් යන්නාවූද නොහොත් බොහෝ පා ඇත්තාවූ එනම් පොළොව පිට බඩගායන්නාවූද සියලු සතුන් නොකෑ යුතුය; මක්නිසාද උන් පිළිකුල්ය. 43 බඩගායන කොයි සතෙකුගෙන්වත් පිළිකුල් නොවන්න, උන්ගෙන් පිළිකුල්වන ලෙස උන් කරණකොටගෙන අපවිත්‍රනොවන්න. 44 මක්නිසාද මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රවී ශුද්ධව සිටින්න. පොළොව පිට බඩගා යන කොයි සතෙකුගෙන්වත් නුඹලාම අපවිත්‍රකර නොගන්න. 45 මක්නිසාද මම වනාහි නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූස්වාමීන්වහන්සේය. මම ශුද්ධ බැවින් නුඹලාත් ශුද්ධව සිටින්න.
46 අපවිත්‍රයන්ද පවිත්‍රයන්ද අතරෙත් කෑමට සුදුසු සතුන්ද කෑමට නුසුදුසු සතුන්ද අතරෙත් වෙනස දැක්වීමට, 47 මෘගයන්ද පක්ෂීන්ද ජලයෙහි හැසිරෙන පණ ඇති සතුන්ද බිම බඩගායන සියලු සතුන්ද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.
12මව්වරුන්ගේ පිරිසිදුවීම
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර මෙසේ කියන්න–ස්ත්‍රියෙක් ගර්භිණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ සත් දවසක් අපවිත්‍රව සිටින්නීය; ඈ ඔසප්වී වෙන්ව සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නීය. 3 අටවෙනි දවසේදී ඔහුගේ චර්මාග්‍රමාංසය ජේදනය කරනු ලැබිය යුතුය. 4 තවද ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ තිස්තුන් දවසක් සිටින්නීය; ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවන තෙක් කිසි ශුද්ධ දෙයක ස්පර්ශ නොවිය යුතුය, ශුද්ධ ස්ථානයට ඇතුල් නොවිය යුතුය. 5 එහෙත් ඈ ගෑනු ළමයෙකු වැදුවොත් ඇගේ වෙන්ව සිටීම ලෙස ඈ දෙසතියක් අපවිත්‍රව සිටින්නීය; ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ හැටහදවසක් සිටිය යුතුය. 6 පුත්‍රයෙකු සඳහා හෝ දුවෙකු සඳහා හෝ ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල්හි දවන පූජාවකට අවුරුද්දක්වූ බැටළුවස්සෙක්ද පාප පූජාවකට පරෙවි පැටියෙක් හෝ කොබෙයියෙක්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනා යුතුය. 7 ඔහු ඌස්වාමීන්වහන්සේඉදිරියෙහි ඔප්පුකර ඈ වෙනුවට සමගිකමක් කරන්නේය; මෙසේ ඈ ලේ ධාරාව කෙරෙන් පවිත්‍රවන්නීය. පිරිමි දරුවෙකු හෝ ගැහැනු දරුවෙකු හෝ වදන තැනැත්තිය ගැන ව්‍යවස්ථාව ඒකය. 8 බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීයයි කීසේක.
13කුෂ්ඨ රෝගය පිළිබඳ අණ පනත්
1 ස්වාමීන්වහන්සේමෝසෙස් සහ ආරොන්ට කථාකොට: 2 මනුෂ්‍යයෙකුගේ ශරීරයේ හමෙහි බිබිලක්වත් කබොල්ලක්වත් රතුපල්ලක්වත් හටගැනී ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කුෂ්ඨ ලකුණක් වන්නේ නම් ඔහු පූජකයාවූ ආරොන් වෙතට හෝ ඔහුගේ පුත්‍රයන්වූ පූජකයන්ගෙන් එක්කෙනෙකු වෙතට හෝ පමුණුවනු ලබාවා. 3 පූජකයාද ශරීරයේ හමෙහි රෝගය බලාවා. රෝගය තිබෙන තැන මයිල් සුදුවූ බවද ඒ රෝගය සෑදී තිබෙන ස්ථානය ඔහුගේ ශරීරයේ හමට වඩා පහත්ව තිබෙන බවද පෙනේනම් ඒක කුෂ්ඨයේ ලකුණක්ය. පූජකයා ඔහු බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය. 4 නුමුත් ඔහුගේ ශරීරයේ හමෙහි තිබෙන පැල්ලම සුදු බවද හමට වඩා පහත්ව නැති බවද එහි මයිල් සුදු නොවී තිබෙන බවද පෙනේනම් පූජකයා රෝගකාරයා සත් දිනක් වෙන්කර සිටුවා, 5 සත්වෙනි දින ඔහු බලන්නේය; එවිට ඒ ලකුණ හමෙහි පැතිර නොගොස් නැවතී තිබෙන බව ඔහුට පෙනේනම් තවත් සත් දිනක් පූජකයා ඔහු වෙන්කොට සිටුවා, 6 සත්වෙනි දිනදී නැවත ඔහු බලාවා, එවිට ඒ කුෂ්ඨ ලකුණු හමෙහි පැතිර නොගොස් මැලවී තිබේනම් පූජකයා ඔහු පවිත්‍රයයි කිය යුතුය. ඒ කබොල්ලක්ය. ඔහු තමාගේ වස්ත්‍ර සෝදා පවිත්‍රවන්නේය. 7 එහෙත් ඔහුගේ පවිත්‍රවීම පිණිස ඔහු පූජකයාට පෙනුණු පසු කබොල්ල හමෙහි පැතිර ගියොත් ඔහු නැවත පූජකයාට පෙනේවා. 8 එවිට පූජකතැන බලා කබොල්ල හමෙහි පැතිර තිබෙන බව පෙනේනම් ඔහු අපවිත්‍රයයි කිය යුතුය. ඒක කුෂ්ඨ රෝගයය.
9 මනුෂ්‍යයෙකුට කුෂ්ඨ ලකුණක් හටගත් කල්හි ඔහු පූජකයා ළඟට පමුණුවනු ලැබිය යුතුය; 10 පූජකයා ඔහු බලාවා, එවිට හමෙහි සුදු බිබිලක් තිබී එයින් මයිල් සුදුවී බිබිලෙහි අමු මාංස පෙනේනම්, ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කල්ගිය කුෂ්ඨ රෝගයක්ය, 11 පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකොට ඔහු අපවිත්‍ර බැවින් සිරකර නොසිටුවන්නේය. 12 කුෂ්ඨය හමෙහි පැතිර ගොස් රෝගාතුරයාගේ මුළු හම ඔහුගේ හිස පටන් ඔහුගේ පාද දක්වාම පූජකයාට පෙනෙන සෑම තැනම කුෂ්ඨයෙන් වැසී තිබේනම්, පූජකයා බලාවා, 13 එවිට ඔහුගේ මුළු ශරීරය කුෂ්ඨයෙන් වැසී තිබේනම් රෝගාතුරයා පවිත්‍රයයි ඔහු විසින් කිය යුතුය. සියල්ල සුදුවී තිබෙන බැවින් ඔහු පවිත්‍රය. 14 එහෙත් කිසිවිටක අමු මාංස පෙනේනම් ඔහු අපවිත්‍රය. 15 පූජකයාද අමු මාංස බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය. අමු මාංස අපවිත්‍රය. ඒ කුෂ්ඨයය. 16 අමු මාංස නැවත වෙනස්වී සුදුවුණොත් ඔහු පූජකයා වෙතට පැමිණේවා, 17 පූජකයා ඔහු බැලුවාම කුෂ්ඨ ලකුණ සුදුවී තිබෙන බව දුටුවොත් රෝගාතුරයා පවිත්‍රය කියා පූජකයා කිය යුතුය. ඔහු පවිත්‍රය.
18 ශරීරයේ හමේ ගඩගෙඩියක් තිබී සුව වුණාට පසු, 19 ගඩගෙඩිය තිබුණු තැන සුදු බිබිලක්වත් රතට හුරු සුදු පල්ලක්වත් හටගත්තොත් එය පූජකයාට පෙන්විය යුතුය; 20 පූජකයා බැලූ කල එය හමට වඩා පහත්වී එහි මයිල් සුදුවී තිබෙන බව දුටුවොත් ඔහු අපවිත්‍රයයි පූජකයා කිය යුතුය. එය කුෂ්ඨ ලකුණය, ඒක ගඩගෙඩියෙන් හටගත්තේය. 21 එහෙත් පූජකයා එය බැලූ කල එහි තුළ සුදු මයිල් නැතුව හමට වඩා පහත් නොවී මැලවී තිබුණොත් පූජකයා ඔහු සත් දිනක් වෙන්කර සිටුවිය යුතුය. 22 ඉදින් ඒක හමේ පැතුරුණොත් ඔහු අපවිත්‍රයයි පූජකයා කිය යුතුය. ඒක කුෂ්ඨ ලකුණක්ය. 23 එහෙත් පල්ල පැතිර නොගොස් තිබුණු තැනම නැවතුණොත් ඒක ගඩගෙඩියේ කැලලය; පූජකයා ඔහු පවිත්‍රයයි කියාවා.
24 නොහොත් ශරීරයේ හමෙහි ගින්නෙන් දැවීමක් වූ කල දෑවාවූ තුවාලයේ මාංසය රතට හුරුව සුදු පල්ලක් වන්නේ නම්, 25 පූජකයා ඒක බලාවා. එවිට පැල්ලමේ මයිල් සුදුවී ඒක හමට වඩා පහත් බව පෙනේ නම් ඒක කුෂ්ඨරෝගයය, ඒක දෑවාවූ තුවාලයෙන් හටගත්තේය. ඔහු අපවිත්‍රයයි පූජකයා කියයුතුය. 26 ඒක කුෂ්ඨරෝගයය. එහෙත් පූජකයා බැලූ කල පැල්ලමේ සුදු මයිල් නැතුව හමට වඩා පහත්නොවී මැලවී තිබුණොත් පූජකයා ඔහු සත් දවසක් වෙන්කර සිටුවිය යුතුය. 27 සත්වෙනි දින පූජකයා ඔහු බලාවා. ඒක හමේ පැතිර තිබේනම් ඔහු අපවිත්‍රයයි පූජකයා ප්‍රකාශකෙරේවා. ඒක කුෂ්ඨරෝගයය. 28 එහෙත් පල්ල පැතිර නොගොස්, තිබුණු තැනම නැවතී මැලවී තිබුණොත්, ඒක දෑවාවූ තුවාලයෙන් හටගත් ඉදිමුමය, පූජකයා ඔහු පවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක තුවාලයේ කැලලය.
29 පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට හෝ හිසේ නොහොත් රැවුලේ ලපයක් තිබෙන විට, 30 පූජකයා ලපය බැලිය යුතුය. එවිට ඒක හමට වඩා පහත් බවද ඒකේ කහවන් සිහින් මයිල් තිබෙන බවද පෙනුණොත් පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක කබොල්ලක්ය, හිසේ නොහොත් රැවුලේ කුෂ්ඨයක්ය. 31 නුමුත් පූජකයා කබලු ලකුණ බැලුවාම ඒක හමට වඩා පහත් බව නොපෙනුණොත්, ඒකේ කළු මයිල් නැතුව තිබුණොත් පූජකයා කබලු ලපය ඇත්තා සත් දවසක් හිරකර සිටුවාවා. 32 සත්වෙනි දින ඔහු ලපය බලාවා. එවිට කබොල්ල පැතිර නොගොස් එහි කහවන් මයිල් නැතුව කබොල්ල හමට වඩා පහත් නැති බව පෙනේ නම්, 33 ඔහුගේ හිස මුඩුකරනු ලැබිය යුතුය, එහෙත් ලපය මුඩු නොකළ යුතුය; පූජකයා කබොල්ල ඇත්තා තවත් සත් දිනක් වෙන්කර සිටුවා තබාවා. 34 තවද සත්වෙනි දින පූජකයා ලපය බලාවා. එවිට කබොල්ල හමෙහි පැතිර නොගොස් හමට වඩා පහත්ව නැති බව පෙනුණොත් ඔහු පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කෙරේවා. ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන පවිත්‍රවන්නේය. 35 එහෙත් ඔහුගේ පවිත්‍රවීමෙන් පසු කබොල්ල හමේ පැතුරුණොත් පූජකයා ඔහු බලාවා. 36 එවිට කබොල්ල හමේ පැතිර තිබුණොත් පූජකයා කහපාට මයිල් ඇද්දැයි සොයන්ට ඕනෑ නැත; ඔහු අපවිත්‍රය. 37 එහෙත් කබොල්ල නැවතී එහි තුළ කළු මයිල් හටගැනී තිබෙන බව ඔහුට පෙනේනම් කබලුව සුවවී ඔහු පවිත්‍රව සිටී. පූජකයා ඔහු පවිත්‍රයයි ප්‍රකාශකෙරේවා.
38 පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට හෝ ඔවුන්ගේ ශරීරයේ හමේ පල්ල එනම් සුදු පල්ල හටගත් කල්හි, 39 පූජකතෙමේ බලාවා; එවිට ඔවුන්ගේ ශරීරයේ හමේ සුදුමැලි පලු තිබෙන බව දුටුවොත් ඒවා හමේ හටගත් ගෝමරය; ඒ අය පවිත්‍රය.
40 යමෙකුගේ හිසකේ වැටී ඔහු හිස මුඩුකෙනෙක් වුණත් ඔහු පවිත්‍රය. 41 යමෙකුගේ ඉස්සරහ පැත්තේ හිසකේ වැටී නළල මුඩු කෙනෙක් වුණත් ඔහු පවිත්‍රය. 42 නුමුත් මුඩු හිසේවත් මුඩු නළලේවත් රතට හුරු සුදු ලපයක් හටගත්තොත් එය ඔහුගේ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි හෝ හටගන්න කුෂ්ඨයක්ය. 43 එවිට පූජකයා ඔහු බලාවා. තවද ශරීරයේ හමේ කුෂ්ඨරෝගයේ පෙනීම වාගේ රතට හුරු සුදු කුෂ්ඨ ඉදිමුමක් ඔහුගේ මුඩු හිසේවත් මුඩු නළලේවත් තිබුණොත්, 44 ඔහු කුෂ්ඨ රෝගකාරයෙක්ය, ඔහු අපවිත්‍රය; ඔහු අපවිත්‍රයයි පූජකයා සැබවින් ප්‍රකාශකළ යුතුය; ඔහුගේ රෝගය ඔහුගේ හිසෙහිය.
45 කුෂ්ඨරෝගය ඇති අය තමාගේ වස්ත්‍ර ඉරාගන හිසකේ විදහාගන උඩු තොල වසාගන: අපවිත්‍රය අපවිත්‍රය කියා මොරගැසිය යුතුය. 46 රෝගය ඔහුට තිබෙන මුළු කාලයෙහි ඔහු අපවිත්‍රව සිටින්නේය; අපවිත්‍ර බැවින් ඔහු තනියම වාසයකළ යුතුය; ඔහුගේ වාසස්ථානය කඳවුරෙන් පිටත වන්නේය.
47 ලොම් වස්ත්‍රයකවත් හණ වස්ත්‍රයකවත් හණ නුමුත් ලොම් නුමුත්, 48 දිග නූල්වලටත් හරස් නූල්වලවත් හමකවත් හමෙන් සෑදූ යම් දෙයකවත් කුෂ්ඨයක් හටගැනී, 49 ඒ කුෂ්ඨය වස්ත්‍රයේ හෝ හම්වල හෝ දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමින් සෑදූ යම් දෙයකවත් කොළපාට ඇතුව නොහොත් රතුව පෙනුණොත්, ඒක කුෂ්ඨයක් බැවින් පූජකයාට පෙන්විය යුතුය. 50 පූජකයා ඒ කුෂ්ඨය බලා කුෂ්ඨය ඇති දෙය සත් දිනක් වසා තබාවා. 51 ඔහු සත්වෙනි දින කුෂ්ඨය බලාවා. ඉදින් වස්ත්‍රයේ දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමේවත් හමෙන් සෑදූ කොයියම් දෙයකවත් කුෂ්ඨය පැතිර තිබෙන බව පෙනේනම් එය වස කුෂ්ඨයක්ය; ඒක අපවිත්‍රය. 52 ඒ වස්ත්‍රයත් ලෝම වුවත් හණ වුවත් දිග නූල් හෝ හරස් නූල් හෝ කුෂ්ඨය ඇති සියලුම හම් බඩුත් ඔහු පුලුස්සා දැමිය යුතුය; මක්නිසාද එය වස කුෂ්ඨයක්ය; ඒක ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය. 53 නුමුත් පූජකයා බැලූ කල වස්ත්‍රයේවත් දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමෙන් සෑදූ යම් දෙයකවත් කුෂ්ඨය පැතිර නැති බව දුටුවොත්, 54 කුෂ්ඨය ඇති දෙය සෝදන්ට ඔවුන්ට අණකර, තවත් සත් දිනක් ඒක වසා තැබිය යුතුය. 55 එසේ සේදුවාට පසු පූජකයා කුෂ්ඨය නැවත බැලූ කල කුෂ්ඨයේ පෙනීම වෙනස්නොවී තිබේ නම්, කුෂ්ඨය පැතිරී නැත්නම්, ඒක අපවිත්‍රය; එය ගින්නෙන් පුලුස්සා දමන්න. ඒක ඇතුල් පැත්තේවත් පිට පැත්තේවත් තිබෙන දිරුමක්ය. 56 නුමුත් ඒක සේදුවාට පසු කුෂ්ඨය මැලවී තිබෙන බව පූජකයා දුටුවොත් වස්ත්‍රයෙන්වත් හමෙන්වත් දිග නූල්වලින්වත් හරස් නූල්වලින්වත් ඒක ඉරා දැමිය යුතුය. 57 නුමුත් එය වස්ත්‍රයේවත් දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමෙන් සෑදූ යම් දෙයකවත් තවත් පෙනුණොත් එය පැතිරෙන බැවින් කුෂ්ඨය ඇති දෙය ගින්නෙන් පුලුස්සා දමන්න. 58 නුඹ සෝදන වස්ත්‍රයෙන්වත් දිග නූල්වලින්වත් හරස් නූල්වලින්වත් හමෙන් සෑදූ දෙයකින්වත් කුෂ්ඨය පහවුණොත් ඒක දෙවෙනි වරත් සෝදනු ලැබිය යුතුය, එවිට ඒක පවිත්‍රවන්නේය. 59 ලෝම නොහොත් හණ වස්ත්‍රයක්වත් දිග නූල්වත් හරස් නූල්වත් හමෙන් සෑදූ යම් දෙයක්වත් පවිත්‍රය නොහොත් අපවිත්‍රයයි කියන පිණිස ඒවායේ කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේකයයි කීසේක.
141 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 කුෂ්ඨරෝගියා පවිත්‍රවීමේ දවසෙහි ඔහු පිළිබඳ ව්‍යවස්ථාව මේය–ඔහු පූජකයා වෙතට පමුණුවනු ලැබිය යුතුය. 3 පූජකයාද කඳවුරෙන් පිටතට ගොස් ඔහු බැලිය යුතුය, කුෂ්ඨරෝගය සුවවී කුෂ්ඨරෝගියාගෙන් පහවී තිබෙන බව දුටුවොත්, 4 පවිත්‍ර වෙන්ට සිටින්නා උදෙසා පණ ඇති පවිත්‍රවූ පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද ගෙනෙන්ට පූජකයා අණකරාවා. 5 පක්ෂීන්ගෙන් එකෙකු මැටි භාජනයක බැසයන ජලය පිට මරන්ට අණකළ යුතුය. 6 එවිට පූජකයා පණ ඇති පක්ෂියා සහ කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන ඒවාද පණ ඇති පක්ෂියාද බැස යන ජලය පිට මරනලද පක්ෂියාගේ ලෙයෙහි ගිල්වා, 7 කුෂ්ඨයෙන් පවිත්‍රවෙන්ට සිටින්නාට සත් වරක් ඉස ඔහු පවිත්‍රයයි කියා පණපිටින් සිටින පක්ෂියා එළිමහනෙහි නිදහස්කර හරීවා. 8 පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය. 9 සත්වෙනි දවසේදී තමාගේ සියලු කේස එනම් තමාගේ ඉසකෙස්ද තමාගේ රැවුලද තමාගේ ඇස්බැමිද බූගාගන තමාගේ වස්ත්‍ර සෝදාගන තමාගේ ශරීරය වතුරෙන් නාවාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. 10 අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා. 11 ඔහු පවිත්‍රකරන පූජකයාද පවිත්‍රවෙන්ට සිටින මනුෂ්‍යයා සහ ඒ දේවල්ස්වාමීන්වහන්සේඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තබා, 12 එක බැටළු වස්සෙක්ද තෙල් හුණ්ඩුවක්ද රැගෙන අපරාධ පූජාවක් පිණිස ඔප්පුකරමින්ස්වාමීන්වහන්සේඉදිරියෙහි තේව පූජාවක් කොට ඒවා තේවකෙරේවා. 13 ශුද්ධ ස්ථානයෙහි පාප පූජාවේද දවන පූජාවේද සතුන් මරන ස්ථානයෙහි ඔහු බැටළු පැටවා මැරිය යුතුය. මක්නිසාද පාප පූජාව පූජකයාට අයිතිවාක් මෙන් අපරාධ පූජාවත් අයිතිය. ඒක අතිශුද්ධය. 14 පූජකයාද අපරාධ පූජාවේ ලෙයින් ස්වල්පයක් ගෙන පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අත මාපට ඇඟිල්ලේද ඔහුගේ දකුණු පය මාපට ඇඟිල්ලේද ගා, 15 තෙල් හුණ්ඩුවෙන් ස්වල්පයක් තමාගේ වම් අල්ලේ වත්කරගන, 16 තමාගේ වම් අල්ලේ තිබෙන තෙලෙහි තමාගේ දකුණු ඇඟිල්ල ගිල්වා, තමාගේ ඇඟිල්ලෙන්ස්වාමීන්වහන්සේඉදිරියෙහි සත්වරක් තෙල් ඉස, 17 තමාගේ අතේ ඉතිරිවෙන තෙලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අත මාපට ඇඟිල්ලේද දකුණු පය මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ පිට ගා, 18 පූජකයාගේ අතේ ඉතිරිව තිබෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නාගේ හිසේ ගා,ස්වාමීන්වහන්සේඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කෙරේවා. 19 තවද පූජකයා පාප පූජාව ඔප්පුකර තමාගේ අපවිත්‍රකම නිසා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා සමගිකමක් කෙරේවා; පසුව ඔහු දවන පූජාවේ සතා මරාවා. 20 පූජකයා ඒ දවන පූජාවද ආහාර පූජාවද පූජාසනය පිට ඔප්පුකොට ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔහු පවිත්‍රවන්නේය.
21 නුමුත් ඔහු එපමණ වත්කම නැති දිළින්දෙක් නම්, තමා උදෙසා සමගිකමක් කරන්ට තේව කරන අපරාධ පූජාවක් පිණිස එක බැටළුවස්සෙක්ද ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් පංගුවක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා; 22 තවද තමාගේ වත්කමේ හැටියට කොබෙයියන් දෙන්නෙක්ද නොහොත් පරෙවි පැටවුන් දෙන්නෙක්ද එකෙක් පාප පූජාවක් පිණිසත් අනිකා දවන පූජාවක් පිණිසත් ගනීවා. 23 ඔහු තමාගේ පවිත්‍රවීම පිණිස අටවෙනි දවසේදීස්වාමීන්වහන්සේඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ඒවා පූජකයා වෙතට ගෙනේවා. 24 පූජකයාද අපරාධ පූජාවේ බැටළු පැටවා සහ තෙල් හුණ්ඩුවද රැගෙනස්වාමීන්වහන්සේඉදිරියෙහි ඒවා තේව පූජාවක් කොට තේවකෙරේවා. 25 අපරාධ පූජාවේ බැටළු පැටවාද මරා අපරාධ පූජාවේ ලේවලින් මඳක් ගෙන පවිත්‍ර වෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද ගා, 26 තෙලින් මඳක් තමාගේ වම් අල්ලේ වත්කොට, 27 තමාගේ වම් අල්ලේ තිබෙන තෙල්වලින් තමාගේ දකුණු ඇඟිල්ලෙන්ස්වාමීන්වහන්සේඉදිරියෙහි සත් වරක් ඉස, 28 තමාගේ අතේ තිබෙන තෙල්වලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ තිබෙන තැන ගා, 29 පූජකයාගේ අල්ලේ ඉතුරුවෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසාස්වාමීන්වහන්සේඉදිරියෙහි සමගිකමක් කිරීමට ඔහුගේ හිසේ ගෑ යුතුය. 30 එවිට ඔහු තමාගේ වත්කමේ හැටියට කොබෙයියන්ගෙන්වත් පරෙවි පැටවුන්ගෙන්වත්, 31 තමාගේ වත්කමේ හැටියට එකෙක් පාප පූජාවක් කොටද අනිකා දවන පූජාවක් කොටද ආහාර පූජාව ඇතුළුව ඔප්පුකෙරේවා. එසේ පූජකයා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසාස්වාමීන්වහන්සේඉදිරියෙහි සමගිකමක් කරන්නේය. 32 තමාගේ පවිත්‍රවීමට නිසි දෙය සපයාගන්ට වත්කම මදිවූ කුෂ්ඨරෝගියා ගැන ව්‍යවස්ථාව ඒකයයි කීසේක.
33 ස්වාමීන්වහන්සේමෝසෙස්ට සහ ආරොන්ට කථාකොට කියනසේක්: 34 නුඹලාට භුක්තියක් පිණිස මා විසින් දෙන කානාන් දේශයට නුඹලා පැමුණුණ කල්හි නුඹලා භුක්තිවිඳින දේශයේ ගෙයකට මම කුෂ්ඨරෝගය පැමිණෙවුවෙම්නම්, 35 ගේ අයිතිකාරයා ඇවිත්: ගෙයි කුෂ්ඨයක් තිබෙනවා වාගේ මට පෙනේයයි පූජකයාට කියන්නේය. 36 එවිට ගෙයි තිබෙන සියල්ල අපවිත්‍ර නොවන පිණිස පූජකයා කුෂ්ඨය බැලීමට ඇතුල් වෙන්ට මත්තෙන් ගේ හිස්කරන්ට ඔවුන්ට අණකළ යුතුය. ඉන්පසු පූජකයා ගෙය බලන්ට ඇතුල්විය යුතුය. 37 ඔහු කුෂ්ඨය බැලූ කල කුෂ්ඨය ගෙයි බිත්තිවල පලාවන් හෝ රත්වන් හෝ පැළුණු රේඛා සහිතව බිත්තියට වඩා පහත් පෙනීමක් ඇතුව තිබුණොත්, 38 පූජකයා ගෙයින් පිටතට දොරකඩ ළඟට ඇවිත් සත් දවසක් ගෙය වසා තබා, 39 සත්වෙනි දවසෙහි නැවත අවුත් බලාවා. එවිට කුෂ්ඨය ගෙයි බිත්තිවල පැතිර තිබුණොත්, 40 කුෂ්ඨය ඇති ගල් ගළවා නුවරින් පිට අපවිත්‍ර ස්ථානයක ඒවා දමන්ට පූජකයා අණකළ යුතුය. 41 තවද ඔහු ගෙයි ඇතුළත වටකරින් සූරන්ට සැලැස්විය යුතුය, ඔව්හු සූරාදමන බදාම නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයක දමා, 42 වෙන ගල් ගෙන අනික් ගල් තිබුණු තැන්වල තබත්වා; ඔහු වෙන බදාම රැගෙන ගෙයි බදාම ගෑ යුතුය. 43 ගල් අහක්කොට ගෙනගොස් ගේ සූරාදමා එහි බදාම ගෑ පසු කුෂ්ඨය නැවත පැමිණ ගෙයි පැතිරෙන්නේනම්, 44 පූජකයා ඇවිත් බලාවා. එවිට කුෂ්ඨය ගෙයි පැතිර තිබේනම් එය ගෙයි තිබෙන වස කුෂ්ඨයක්ය. ඒක අපවිත්‍රය. 45 ඔහු ගෙය ඒකේ ගල්ද ඒකේ දඬුද ගෙයි බදාම සියල්ලද ඇතුළුව කඩාදමා නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයකට ගෙන ගිය යුතුය. 46 තවද ගෙය වසා තිබෙන කාලය තුළ එහි ඇතුල්වන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. 47 ඒ ගෙයි නිදන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය; ඒ ගෙයිදී කෑම කන්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගත යුතුය. 48 පූජකයා අවුත් බැලූ විට ගෙය බදාම ගෑ පසු කුෂ්ඨය ගෙයි පැතිර ගොස් නැත්නම් කුෂ්ඨය සුවවූ බැවින් ගෙය පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කරාවා. 49 ඔහු ගෙය පවිත්‍රකරන පිණිස පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන, 50 පක්ෂීන්ගෙන් එකෙකු මැටි භාජනයක බැස යන ජලය පිට මරා, 51 කිහිරි දඬුද හිසොප්ද රතුලොම්ද පණ ඇති පක්ෂියාද රැගෙන, මැරූ පක්ෂියාගේ ලෙයෙහිත් බැස යන ජලයෙහිත් ගිල්වා සත් වරක් ගෙට ඉස, 52 එසේ පක්ෂියාගේ ලෙයින්ද බැස යන ජලයෙන්ද පණ ඇති පක්ෂියාගෙන්ද කිහිරි දඬුවලින්ද හිසොප්වලින්ද රතු ලොම්වලින්ද ගෙය පවිත්‍ර කොට, 53 පණ ඇති පක්ෂියා නුවරින් පිටත එළිමහනෙහි නිදහස්කර හරීවා. මෙලෙස ඔහු ගෙය උදෙසා සමගිකමක් කරන්නේය; ඒක පවිත්‍රවන්නේය.
54 සියලු ආකාර කුෂ්ඨරෝගද කබලුද, 55 වස්ත්‍රයක හා ගෙයක කුෂ්ඨයද, 56 ඉදිමුමද කබුලද පල්ලද සම්බන්ධව, 57 ඒවා පවිත්‍ර කොයි විටද අපවිත්‍ර කොයි විටදැයි ඉගැන්වීමට ව්‍යවස්ථාව මේය. කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේයයි කීසේක.
15නොයෙක් අපවිත්‍රකම් ගැන අණපනත්
1 ස්වාමීන්වහන්සේමෝසෙස් සහ ආරොන්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–යම් මනුෂ්‍යයෙකුට තමාගේ මාංසයෙන් ප්‍රමේහයක් ඇති කල ඔහුගේ ප්‍රමේහය නිසා ඔහු අපවිත්‍රය. 3 ප්‍රමේහය සම්බන්ධව ඔහුගේ අපවිත්‍රකම මේය: ඔහුගේ ප්‍රමේහය ඔහුගේ මාංසයෙන් නික්මෙන නුමුත් මාංසය තුළ නවතින නුමුත් ඒක ඔහුගේ අපවිත්‍රකමය. 4 ප්‍රමේහය ඇති අය සයනය කරන සියලු යහන් අපවිත්‍රවන්නේය. ඔහු හිඳින සියලු බඩුද අපවිත්‍රවන්නේය. 5 ඔහුගේ යහනේ ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 6 ප්‍රමේහය ඇති අය හිඳගන්න කිසිවක් පිට හිඳින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 7 ප්‍රමේහය ඇත්තාගේ ශරීරයෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 8 ප්‍රමේහය ඇති අය පවිත්‍ර කෙනෙකු පිටට කෙළගැසුවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රවන්නේය. 9 ප්‍රමේහය ඇති අය නැගී යන සියලු රථවාහනද අපවිත්‍රවන්නේය. 10 ඔහුගේ ඇඟට යටව තිබුණු කිසි දෙයක ස්පර්ශවන කවුරු නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. ඒවා ගෙනයන්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 11 ප්‍රමේහය ඇති අය තමාගේ අත් වතුරෙන් සෝදා නොගෙන අතගසන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය. 12 ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය. 13 ප්‍රමේහය ඇති අය ප්‍රමේහයෙන් පවිත්‍රවූ කල ඔහු තමාගේ පවිත්‍රවීමට සත් දවසක් පසුකොට තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ ශරීරය බැස යන වතුරෙන් නාවා ගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. 14 අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙකු හෝ පරෙවිපැටවුන් දෙන්නෙකු හෝ රැගෙනස්වාමීන්වහන්සේඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අවුත් උන් පූජකයාට දේවා. 15 පූජකයාද උන්ගෙන් එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, ඔහුගේ ප්‍රමේහය ගැනස්වාමීන්වහන්සේඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.
16 යම් පුරුෂයෙකුගේ ශුක්‍රධාතුව ඔහු කෙරෙන් පිටවුණොත් ඔහු තමාගේ මුළු ශරීරය වතුරෙන් සෝදාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය. 17 ශුක්‍රධාතුව තැවරෙන සියලු වස්ත්‍රද හම්ද සෝදනු ලැබිය යුතුය, ඒවා සවස දක්වාද අපවිත්‍රවන්නේය. 18 ශුක්‍රධාතුව වැගිරීම ඇති පුරුෂයෙක් ස්ත්‍රියෙක් සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනම වතුර නාගත යුතුය, ඔව්හු සවස දක්වාද අපවිත්‍රව සිටින්නෝය.
19 යම් ස්ත්‍රියෙකුට ප්‍රමේහයක් ඇතිවී ඇගේ ශරීරයේ ප්‍රමේහය ලේවීනම් ඈ සත් දවසක් ඇගේ කිලුටුකමෙහි වන්නීය. ඈ ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. 20 ඇගේ කිලුටුකමේදී ඈ සැතපෙන සියල්ලද අපවිත්‍ර වන්නේය. ඈ හිඳගන්න සියල්ලද අපවිත්‍රවන්නේය. 21 ඇගේ යහනෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 22 ඈ හිඳගන්න කිසිවක ස්පර්ශවන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 23 යහන පිටවත් ඈ හිඳගන්න දෙයක් පිටවත් තිබෙන දෙයෙහි ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. 24 යම් පුරුෂයෙක් ඈ සමඟ සයනය කොට ඇගේ කිලුට ඔහු පිට වන්නේනම්, ඔහු සත් දවසක් අපවිත්‍රව සිටින්නේය; ඔහු සැතපෙන සියලු යහන්ද අපවිත්‍රව තිබෙන්නේය.
25 යම් ස්ත්‍රියෙකුට ඇගේ කිලුටුකමේ කාලයට ඇතුළත් නැති බොහෝ දවසක් ලේ වැගිරීමක් වන්නේනම් නොහොත් ඇගේ කිලුටුකමේ කාලයට වැඩි කාලයක් ලේ වැගිරීමක් වන්නේනම් ඇගේ අපවිත්‍රකමේ සියලු දවස්වල ඇගේ කිලුටුකමේ දවස්වලදී මෙන් සිටින්නීය. ඈ අපවිත්‍රය. 26 ඇගේ වැගිරීමේ සියලු දවස්වලදී ඇ සැතපෙන සියලු යහන් ඇගේ කිලුටුකමේ යහන මෙන් වන්නේය. ඈ හිඳින සියල්ලද ඇගේ කිලුටුකමේ අපවිත්‍රකම මෙන්ම අපවිත්‍රවන්නේය. 27 එහි ස්පර්ශවන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය, ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. 28 නුමුත් ඇගේ වැගිරීමෙන් ඈ පවිත්‍රවූවානම් සත් දවසක් ගතකළාට පසු ඈ පවිත්‍රවන්නීය. 29 අටවෙනි දවසෙහි කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ රැගෙන සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට උන් ගෙනා යුතුය. 30 පූජකයාද එකෙක් පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකොට ඇගේ අපවිත්‍රකමේ වැගිරීම සඳහාස්වාමීන්වහන්සේඉදිරියෙහි ඈ උදෙසා සමගිකමක් කරන්නේය.
31 එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස නුඹලා ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.
32 වැගිරීමක් ඇත්තාද ශුක්‍ර වැගිරීමෙන් අපවිත්‍ර වෙන්නාද ඔසප් ඇතිවීමෙන් අසනීපව සිටින්නීද, 33 පුරුෂයෙක් නුමුත් ස්ත්‍රියෙක් නුමුත් වැගිරීමක් ඇති අයද අපවිත්‍ර ස්ත්‍රියෙක් සමඟ සයනයකරන්නාද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.
16සමගිකම්කිරීමේ දවස
1 ස්වාමීන්වහන්සේඉදිරියට ළඟාවී සිටිද්දී මැරුණු, ආරොන්ගේ පුත්‍රයන් දෙදෙනාගේ මරණයෙන් පසු, 2 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි. 3 ආරොන් ශුද්ධස්ථානයට ඇතුල්විය යුතු මෙසේය: පාප පූජාවකට ගොන් නාම්බෙක්ද දවන පූජාවකට බැටළුවෙක්ද රැගෙන ඔප්පුකිරීමෙන්ය. 4 ඔහු ශුද්ධ හණ යට ඇඳුම ඇඳ, තමාගේ ඇඟේ හණ කලිසම දමාගෙන, හණ පටිය ඉඟටියේ බැඳගන, මකුටය පැලඳ ගන්නේය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඔහු තමාගේ ශරීරය වතුරෙන් සෝදාගෙන ඒවා පැලඳගත යුතුය. 5 ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවෙන් පාප පූජාවකට එළුවන් දෙන්නෙක්ද දවන පූජාවකට එක බැටළුවෙක්ද ගන්නේය. 6 එවිට ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකර තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරන්නේය. 7 ඔහු එළුවන් දෙදෙනා රැගෙනස්වාමීන්වහන්සේඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටවන්නේය. 8 එවිට ආරොන් එළුවන් ගැන පසඇට දැමිය යුතුය:ස්වාමීන්වහන්සේටඑක පස ඇටයක්ය, අශාශෙල්ටඑක පස ඇටයක්ය. 9 පසඇට දැමීමෙන්ස්වාමීන්වහන්සේටවූ එළුවා ගෙනැවිත් ආරොන් පාප පූජාවක් කොට ඔප්පුකරන්නේය. 10 එහෙත් පසඇට දැමීමෙන් අශාශෙල්ටවූ එළුවා අශාශෙල් උදෙසා වනාන්තරයෙහි නිදහසට ඇරීමට උගෙන් සමගිකමක් කරන පිණිස ඌ පණපිටින්ස්වාමීන්වහන්සේඉදිරියෙහි සිටවනු ලැබේවා. 11 ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකොට, තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරමින්, තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා මරන්නේය. 12 එවිට ඔහුස්වාමීන්වහන්සේඉදිරියෙහි තිබෙන පූජාසනයේ ගිනි අඟුරුවලින් ධූප භාජනයක් පුරවා, කුඩුකළාවූ සුගන්ධ ද්‍රව්‍යයෙන් තමාගේ අත් පුරවාගෙන, තිරයෙන් ඇතුළට ඇවිත්, 13 ඔහු නොනසින පිණිස ධූප පටලය සාක්ෂිය මතුයෙහි තිබෙන කරුණාසනය වසාගන්නා ලෙස ඒ සුවඳ ද්‍රව්‍යස්වාමීන්වහන්සේඉදිරියෙහි ගින්න පිට දමන්නේය. 14 තවද ඔහු ගොනාගේ ලෙයින් ස්වල්පයක් ගෙන තමාගේ ඇඟිල්ලෙන් කරුණාසනයෙහි නැගෙන ඉර පැත්තේ ඉසින්නේය; ඔහු කරුණාසනය ඉදිරියෙහි තමාගේ ඇඟිල්ලෙන් ඒ ලේ සත් වරක් ඉසිය යුතුය. 15 එවිට ඔහු සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා මරා උගේ ලේ තිරයෙන් ඇතුළට ගෙනගොස් ගොනාගේ ලෙයින් කළ ලෙසම උගේ ලෙයිනුත් කරමින් කරුණාසනය පිටද කරුණාසනය ඉදිරියෙහිද ඉසින්නේය. 16 එසේ ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය. 17 ඔහු ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන්ට ඇතුල්වන කල තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද මුළු ඉශ්‍රායෙල් සභාව උදෙසාද සමගිකමක් කොට පිටතට එනතුරු කිසිවෙක් සම්මුඛවීමේ කූඩාරමෙහි නොසිටිය යුතුය. 18 ඔහුස්වාමීන්වහන්සේඉදිරියෙහි තිබෙන පූජාසනය ළඟට පිටතට ගොස් ඒක උදෙසා සමගිකමක් කරමින් ගොනාගේ ලෙයින්ද එළුවාගේ ලෙයින්ද මඳ මඳ රැගෙන පූජාසනයේ අංවල වටේට ගාන්නේය. 19 ඔහු ඒ පිට සත්වරක් තමාගේ ඇඟිල්ලෙන් ලේ ඉස ඒක පවිත්‍රකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධකෙරේවා. 20 ඔහු ශුද්ධස්ථානයද සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද උදෙසා සමගිකමක්කොට නිමවූ කල පණ පිටින් සිටින එළුවා ඉදිරියට ගෙනේවා. 21 ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවියයුතුය. 22 එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය. 23 එවිට ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව තමා ශුද්ධස්ථානයට ඇතුල්වෙන විට හැඳගන සිටි හණ වස්ත්‍ර ගළවා එහි තබා, 24 ශුද්ධ ඉඩමකදී වතුර නාවාගන, තමාගේ වස්ත්‍ර හැඳගන පිටතට අවුත්, තමාගේ දවන පූජාවද සෙනඟගේ දවන පූජාවද ඔප්පුකර, තමා උදෙසාද සෙනඟ උදෙසාද සමගිකමක් කරන්නේය. 25 පාප පූජාවේ තෙල පූජාසනය පිට දැවිය යුතුය. 26 අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය. 27 තවද ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන පිණිස ලේ ගන්ට යෙදුණු පාප පූජාවේ ගොනාද පාප පූජාවේ එළුවාද කඳවුරෙන් පිටතට ගෙන ගොස් උන්ගේ හම්ද මාංසද ගොමද ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය. 28 ඒවා පුලුස්සාදමන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන, වතුර නාගන, පසුව කඳවුරට එන්නේය.
29 එය නුඹලාට නිරන්තර පනතක් වන්නේය. සත්වෙනි මාසේ දසවෙනි දිනදී නුඹලාගේ ප්‍රාණවලට පීඩාකරගත යුතුය, ස්වදේශියාවත් නුඹලා අතරේ වසන විදේශියාවත් කිසිම වැඩක් නොකළ යුතුය. 30 මක්නිසාද නුඹලාගේ සියලු පාපවලින් නුඹලාස්වාමීන්වහන්සේඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස නුඹලා පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ නුඹලා උදෙසා සමගිකමක් කරනු ලබන්නේය. 31 ඒක නුඹලාට ශුද්ධවූ නිවාඩුවක් වන සබතක්ය, නුඹලා නුඹලාගේ ආත්මවලට දුක් දිය යුතුය. එය සදාකාල නියෝගයක්ය. 32 ආලේපය ලබා තමාගේ පියා වෙනුවට පූජකකම් කිරීමට පත්වෙන්නාවූ පූජකයා එසේ සමඟිකම කළ යුතුය. ඔහු හණ වස්ත්‍ර එනම් ශුද්ධ වස්ත්‍ර හැඳගන, 33 අති ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කළ යුතුය, සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසාත් සමගිකමක් කළ යුතුය. 34 ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ සියලු පව් ගැන අවුරුද්දකට වරක් සමගිකමක් කරන පිණිස මේක නුඹලාට නිරන්තර පනතක් වන්නේයයි කීසේක. ඔහුස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළලෙස කෙළේය.
17මණ්ඩපයට පමණක් පූජා රැගෙන ආ යුතු බව
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේඅණකළ දේ නම් මේය: 3 ඉශ්‍රායෙල් වංශයේ කොයි මනුෂ්‍යයෙක් නුමුත් ගවයෙක්වත් බැටළුපැටවෙක්වත් එළුවෙක්වත්ස්වාමීන්වහන්සේගේමණ්ඩපය ඉදිරියෙහිස්වාමීන්වහන්සේටපූජාවක්කොට ඔප්පුකරන්ට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනැවිත්, 4 කඳවුරේදී හෝ පිටතදී හෝ ඌ මැරුවොත් ඒ මනුෂ්‍යයාට ලේ අපරාධය තබනු ලැබේ; ඒ මනුෂ්‍යයා ලේ වැගිරෙවු බැවින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. 5 මෙසේ අණකරන්නේ ඉශ්‍රායෙල් පුත්‍රයන් එළිමහනේ පූජාකරන තමන්ගේ පූජාවල්ස්වාමීන්වහන්සේවෙතට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනවුත් ශාන්ති පූජාවල් කොටස්වාමීන්වහන්සේටපූජාකරන පිණිසය. 6 පූජකයාද ඒ ලේ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තිබෙනස්වාමීන්වහන්සේගේපූජාසනය පිට ඉසස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් පිණිස තෙල දැවිය යුතුය. 7 ඔවුන් යක්ෂයන්පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය.
8 තවද ඔවුන්ට මෙසේ කියන්න: ඉශ්‍රායෙල් වංශයෙන්වත් ඔවුන් අතරෙහි වසන විදේශීන්ගෙන්වත් දවන පූජාවක් හෝ යාගයක් හෝ පූජාකරන කවරෙක් නුමුත්, 9 ස්වාමීන්වහන්සේටඔප්පුකරන පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනාවොත් ඒ මනුෂ්‍යයා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
ලෙය නොකෑ යුතු බව
10 ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි. 11 මක්නිසාද මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කෙළෙමි. මක්නිසාද සමගිකමක් සිදුකරන්නේ ලේය, එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය. 12 එබැවින්: නුඹලාගෙන් කිසිවෙක් ලේ නොකෑයුතුය, නුඹලා අතරෙහි වසන විදේශියාද ලේ නොකෑ යුතුයයි මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි.
13 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්වත් ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන්වත් කිසිවෙක් කෑමට ගන්නාවූ මෘගයෙක් හෝ පක්ෂියෙක් හෝ දඩයම් කරගත්තොත් ඔහු උගේ ලේ වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය. 14 මක්නිසාද සියලුම මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය, එය පණ හා සමානය. එබැවින් කිසි මාංසයක ලේ නොකෑයුතුයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි. මක්නිසාද සියලු මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය; එය කන කවරෙක් නුමුත් සිඳදමනු ලබන්නේය. 15 ස්වදේශීවූ හෝ විදේශීවූ හෝ කවරෙක් නුමුත් ඉබේ නැසුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනලද සතෙකුගේ මාංස කෑවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය, ඊට පසු ඔහු පවිත්‍රවන්නේය. 16 එහෙත් ඔහු ඒවා සෝදාගන්නේවත් තමාම වතුර නාගන්නේවත් නැත්නම් ඔහු තමාගේ අයුතුකම දරනවා ඇතැයි කීසේක.
18නීති විරෝධ විවාහය සහ කාම තෘෂ්ණාවත් තහනම්කිරීම
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 3 නුඹලා විසූ මිසර දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. මා විසින් නුඹලා පමුණුවනු ලබන කානාන් දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. ඔවුන්ගේ පනත් ලෙස නොහැසිරෙන්න. 4 නුඹලා මාගේ විනිශ්චයයන් ඉෂ්ටකර මාගේ පනත් පවත්වා ඒවායේ හැටියට හැසිරෙන්න. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 5 එබැවින් නුඹලා මාගේ පනත් සහ විනිශ්චයයන් පවත්වන්න. මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය. මමස්වාමීන්වහන්සේය.
6 නුඹලාගෙන් කිසිවෙක් තමාගේ කිට්ටු නෑයෙකු කරා නග්නභාවය හරින පිණිස ළංනොවිය යුතුය. මමස්වාමීන්වහන්සේය. 7 නුඹේ පියාගේ නග්නභාවය එනම් නුඹේ මවුගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ මෑණියෝය; ඇගේ නග්නභාවය නොහරින්න. 8 නුඹේ පියාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය නුඹේ පියාගේ නග්නභාවයය. 9 ගෙදර උපන් හෝ පිටත උපන් හෝ නුඹේ පියාගේ දුවවත් නුඹේ මවුගේ දුවවත් වන නුඹේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. 10 නුඹේ පුත්‍රයාගේ දුවගේ හෝ නුඹේ දියණියන්ගේ දුවගේ හෝ නග්නභාවය නොහරින්න. මක්නිසාද ඔවුන්ගේ නග්නභාවය නුඹේම නග්නභාවයය. 11 නුඹේ පියාට දාව උපන්නාවූ නුඹේ පියාගේ භාර්යාවගේ දුව වන නුඹේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. 12 නුඹේ පියාගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පියාට කිට්ටු නෑයෙක්ය. 13 නුඹේ මවුගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. මක්නිසාද ඈ නුඹේ මවුගේ කිට්ටු නෑයෙක්ය. 14 නුඹේ පියාගේ සහෝදරයාගේ නග්නභාවය නොහරින්න, එනම් ඔහුගේ භාර්යාවට ළංනොවන්න. ඈ නුඹේ කුඩම්මාය. 15 නුඹේ ලේලිගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පුත්‍රයාගේ භාර්යාවය; නුඹ ඇගේ නග්නභාවය නෑරිය යුතුය. 16 නුඹේ සහෝදරයාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය නුඹේ සහෝදරයාගේ නග්නභාවය. 17 ස්ත්‍රියෙකුගේ සහ ඇගේ දුවගේත් නග්නභාවය නොහරින්න; ඇගේ පුත්‍රයාගේ දුවවත් ඇගේ දියණියන්ගේ දුවවත් නග්නභාවය හරින පිණිස නොගනින්න; ඔව්හු ළඟ නෑකම් ඇත්තියෝය. ඒක දූෂ්‍යකමක්ය. 18 නුඹේ භාර්යාව ජීවත්ව සිටියදී විරුද්ධකම් හටගන්න හැටියට, ඈ හැර ඇගේ සහෝදරීත් නග්නභාවය හරින පිණිස පාවානොගන්න. 19 ස්ත්‍රියෙක් මාසේ මාරුවී අපවිත්‍රව සිටින තුරු ඇගේ නග්නභාවය හැරීමට ඈ කරා නොපැමිණෙන්න. 20 නුඹේ අසල්වාසියාගේ භාර්යාව සමඟ නුඹ කිලුටු වන පිණිස ඈ සමඟ සංවාසය නොකළයුතුය. 21 නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මමස්වාමීන්වහන්සේය. 22 ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාසය නොකරන්න. ඒක පිළිකුලක්ය. 23 කිසි මෘගයෙකු සමඟ සංවාසයකොට අපවිත්‍ර නොවන්න. කිසි ස්ත්‍රියෙක්ද සංවාසය පිණිස මෘගයෙකු ඉදිරියට නොපැමිණිය යුතුය. ඒක ව්‍යාකූල දෙයක්ය.
24 මේ කිසිවකින් තමුන්ම කිලුටුකර නොගන්න. මක්නිසාද මා විසින් නුඹලා ඉදිරියෙන් පහකරන ජාතීහු මේ සියලු දේවලින් අපවිත්‍රව සිටිති. 25 දේශයද කිලුටුවී තිබේ. ඒ නිසා එහි අයුතුකම ඒ පිටට පමුණුවන්නෙමි, දේශයද එහි වැසියන් වමාරා දමන්නීය. 26 නුඹලා මේ පිළිකුල්වලින් කිසිවක් නොකොට, මාගේ පනත් හා මාගේ විනිශ්චයයන් පවත්වන්න; ස්වදේශියෙක් වුවත් නුඹලා අතරේ සිටින විදේශියෙක් වුවත් එසේ පවත්වන්ට ඕනෑය. 27 (මක්නිසාද නුඹලාට පළමුවෙන් දේශයෙහි විසූ මනුෂ්‍යයෝ මේ සියලු පිළිකුල්කම් කොට දේශය කිලුටුකළෝය.) 28 එසේ නුඹලාත් දේශය අපවිත්‍රකළොත් දේශය නුඹලාට පළමුවෙන් සිටිය ජාතීන් වමාරාදැමුවාක්මෙන් නුඹලාත් වමාරා දමනවා ඇත. 29 මක්නිසාද කවුරු නුමුත් මේ පිළිකුල්කම්වලින් කිසිවක් කළොත් එසේ කරන අය තමුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නෝය. 30 එබැවින් නුඹලාට පළමුවෙන් කරනලද මේ පිළිකුල් සිරිත්වලින් කිසිවක් පවත්වා නුඹලා ඒවායින් අපවිත්‍ර නොවෙන පිණිස, මාගේ නියමය රක්ෂාකරන්න. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේයයි කීසේක.
19සුචරිතය සහ සත්පුරුෂ ගුණය ගැන අණපනත්
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න–නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේවන මම ශුද්ධය. 3 නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 4 රූප වෙතට නොහැරෙන්න, වාත්තු දේවතාවුන් සාදානොගන්න. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 5 නුඹලා ශාන්ති පූජාවක්ස්වාමීන්වහන්සේටපූජාකරන කල නුඹලා පිළිගනු ලබන ලෙස එය පූජාකළ යුතුය. 6 එය නුඹලා විසින් පූජාකරන දවසේදීද පසු දවසේදීද කෑ යුතුය. තුන්වෙනි දවස දක්වා කිසිවක් ඉතුරුව තිබුණොත් ඒවා ගින්නෙන් දවනු ලැබිය යුතුය. 7 එයින් කිසිවක් තුන්වෙනි දවසේදී කෑවොත් එය පිළිකුල්ය; එය පිළිගනු නොලබන්නේය. 8 එය කන තැනැත්තේ තමාගේ අපරාධය දරන්නේය, මක්නිසාද ඔහුස්වාමීන්වහන්සේගේශුද්ධවූ දේ අපවිත්‍රකෙළේය. ඒ තැනැත්තා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
9 නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලු තීන්දුවට කපා නොගන්න, කපන විට වැටෙන කරල් එකතුකර නොගන්න. 10 නුඹේ මිදිවත්තේ දෙවරක් වලු කපානොගන්න, නුඹේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 11 සොරකම් නොකරන්න; වංචා නොකරන්න, ඔවුනොවුන්ට බොරු නොකියන්න. 12 නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාස නොපැමිණෙන පිණිස මාගේ නාමයෙන් බොරුවට නොදිවුරන්න. මමස්වාමීන්වහන්සේය. 13 නුඹේ අසල්වාසියාට හිංසා නොකරන්න, ඔහුගෙන් කොල්ල නොකන්න. කුලීකාරයාගේ කුලී පසුවදා උදය වනතුරු රෑ මුළුල්ලේ නුඹ වෙත නොතිබිය යුතුය. 14 බිහිරාට දෙස් නොකියන්න, අන්ධයාට ඉස්සරහ පැකිළවන දෙයක් නොතබා, නුඹේ දෙවියන්වහන්සේට භයව සිටින්න. මමස්වාමීන්වහන්සේය. 15 විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්ත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන්න. 16 නුඹේ සෙනඟ අතරෙහි කේලාම් කියමින් ඔබමොබ නොයන්න. නුඹේ අසල්වාසියාගේ ප්‍රාණයට විරුද්ධව නොනැගිටින්න. මමස්වාමීන්වහන්සේය. 17 නුඹේ සිතින් සහෝදරයාට වෛරනොවෙන්න. නුඹේ අසල්වාසියාගේ හේතුවෙන් නුඹ පාපය නොදරන පිණිස සැබවින් ඔහුට තරවටු කරන්න. 18 පළිගන්නේවත් නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මමස්වාමීන්වහන්සේය. 19 මාගේ පනත් රක්ෂාකරන්න. නුඹේ ගවයන්ට වෙනස් වර්ගයක සතුන් සමඟ සංවාසය කරන්ට ඉඩ නොදියයුතුය. දෙවර්ගයක බීජ නුඹේ කෙතේ නොවපුළ යුතුය. දෙවර්ගයක නූල් මිශ්‍රකර වියාපු වස්ත්‍රයක් හැඳ නොගත යුතුය. 20 පුරුෂයෙකුට විවාහබස් දී කිසිසේත් මුදනු නොලැබ, නිදහස ලබානොගෙන, සිටින දාසියක් සමඟ යමෙක් සංවාසය කළොත් ඔවුන්ට දඬුවම්කළ යුතුය; ඈ නිදහස්ව නොසිටි නිසා ඔව්හු මරනු නොලබන්නෝය. 21 ඔහු තමාගේ අපරාධ පූජාවට බැටළුවෙකු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අපරාධ පූජාවක් පිණිසස්වාමීන්වහන්සේවෙතට ගෙනා යුතුය. 22 පූජකයාද ඔහු කළ පාපය ගැනස්වාමීන්වහන්සේඉදිරියෙහි අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කෙරේවා. එවිට ඔහු කළ පාපය ගැන ඔහුට ක්ෂමාව ලැබේ. 23 නුඹලා දේශයට අවුත් ආහාර පිණිස සියලු ආකාර ගස් සිටෙවු කල එහි ඵල ඒවායේ අචර්මඡේද්‍යය මෙන් සලකන්න. ඒවා තුන් අවුරුද්දක් නුඹලාට අචර්මඡේද්‍යය මෙන් තිබිය යුතුය; ඒවා නොකෑ යුතුය. 24 එහෙත් සතරවෙනි අවුරුද්දේ එහි සියලු ඵලස්වාමීන්වහන්සේටප්‍රශංසාවේ මංගල්‍යයක් පිණිස ශුද්ධ වන්නේය. 25 ඒවායේ ඵල ප්‍රයෝජන නුඹලාට වැඩි වන ලෙස පස්වෙනි අවුරුද්දේ ඒවායේ ඵල කන්න. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 26 නුඹලා ලේ සමඟ කිසිවක් නොකෑ යුතුය. ශාස්ත්‍ර නොබලන්න, මායම් භාවිතා නොකරන්න. 27 නුඹලාගේ නළල් කෙළවරවල් වට නොකළ යුතුය, නුඹලාගේ රැවුලේ කොන් නොකැපිය යුතුය. 28 මළවුන් නිසා නුඹලාගේ ශරීරවල කැපුමක් කර නොගන්න, නුඹලාගේ ශරීරයෙහි කිසි සායම් ලකුණක්ද කොටා නොගන්න. මමස්වාමීන්වහන්සේය. 29 දේශය වේශ්‍යාකමට වැටී දූෂ්‍යකමින් නොපිරෙන පිණිස නුඹේ දුව වේශ්‍යාකමට දී අපවිත්‍ර නොකරන්න. 30 මාගේ සබත් රක්ෂාකරන්න, මාගේ ශුද්ධස්ථානයට ගෞරව කරන්න. මමස්වාමීන්වහන්සේය. 31 ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙන්න; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 32 පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න. නුඹේ දෙවියන්වහන්සේට භයවෙන්න; මමස්වාමීන්වහන්සේය. 33 විදේශියෙක් නුඹලාගේ දේශයෙහි නුඹ ළඟ වසන්නේනම් ඔහුට අයුත්තක් නොකරන්න. 34 නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 35 විනිශ්චයයෙන්වත් මනින දණ්ඩෙන්වත් කිරුමෙන්වත් මැනීමෙන්වත් අධර්මිෂ්ඨකම් නොකරන්න. 36 හරි තරාදිද හරි බරද හරි ඒඵාවක්ද හරි හිනක්ද නුඹලාට තබාගන්න. මම මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 37 එබැවින් නුඹලා මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද පවත්වා ඒවා ඉෂ්ටකරන්න. මමස්වාමීන්වහන්සේයයි කීසේක.
20ඉහත කී වරදවලට නිසි දඬුවම්
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් හෝ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් හෝ තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කවරෙකු නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය; දේශයේ වැසියෝ ඔහුට ගල්ගසත්වා. 3 ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි. 4 ඒ මනුෂ්‍යයා තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කල දේශයේ වැසියෝ යම් ආකාරයකින් ඔහු කෙරෙන් තමුන්ගේ ඇස් වසාගෙන ඔහු නොමරන්නෝනම්, 5 මම ඒ මනුෂ්‍යයාටද ඔහුගේ පවුලටද විරුද්ධව මාගේ මුහුණ යොමුකොට, ඔහුද මොලෙක් සමඟ වේශ්‍යාකම් කරන්ට ඔහු සමඟ වේශ්‍යාකමට ගිය සියල්ලන්ද ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි. 6 ආත්ම බන්ධනකාරයන් දෙසටත් ශාස්ත්‍රකාරයන් දෙසටත් හැරී ඔවුන් පස්සේ වේශ්‍යාකමට යන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි. 7 එබැවින් නුඹලා නුඹලාම පවිත්‍රකරගෙන ශුද්ධව සිටින්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 8 මාගේ පනත් රක්ෂාකරමින් ඒවා ඉෂ්ටකරන්න. මම නුඹලා පවිත්‍රකරනස්වාමීන්වහන්සේය. 9 පියාට හෝ මෑණියන්ට හෝ දෙස් කියන කවරෙක් නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය. ඔහු තමාගේ පියාට හෝ මෑණියන්ට දෙස් කීවේය; ඔහුගේ ලේ ඔහු පිට වන්නේය. 10 අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය. 11 තමාගේ පියාගේ භාර්යාව සමඟ සයනයකරන මනුෂ්‍යයා තම පියාගේ නග්නභාවය හැරීය බැවින් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය. 12 මනුෂ්‍යයෙක් තම පුත්‍රයාගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය. ඔව්හු ව්‍යාකූලයක් කළෝය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය. 13 මනුෂ්‍යයෙක් ගැහැනියකු සමඟ සයනයකරන්නාක්මෙන් පිරිමියෙකු සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය. 14 මනුෂ්‍යයෙක් භාර්යාවක් සහ ඇගේ මෑණියන් පාවා ගත්තොත් ඒක දූෂ්‍යකමක්ය. නුඹලා අතරේ දුෂ්ටකමක් නොවන පිණිස ඔහුද ඔව්හුද ගින්නෙන් දවනු ලබත්වා. 15 මනුෂ්‍යයෙක් මෘගයෙකු සමඟ සංවාසය කළොත් ඔහු සැබවින් මරනු ලැබිය යුතුය. ඒ මෘගයාද මරාදමන්න. 16 තවද ස්ත්‍රියෙක් මෘගයෙකු සමඟ සංවාසය කරන්ට ඌට ළංවුණොත් ඒ ස්ත්‍රිය හා මෘගයාද මරාදමන්න. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය. 17 මනුෂ්‍යයෙක් තමාගේ පියාගේ දුව නොහොත් තමාගේ මවගේ දුව වන තමාගේ සහෝදරිය පාවාගෙන ඇගේ නග්නභාවය දුටුවොත්, ඈද ඔහුගේ නග්නභාවය දුටුවොත්, එය නින්දිතකමක්ය; ඔවුන් තමන් සෙනඟගේ පුත්‍රයන්ගේ ඇස් හමුවෙහි සිඳදැමිය යුතුය. ඔහු තමාගේ සහෝදරියගේ නග්නභාවය හැරීයේය; ඔහු තමාගේ අපරාධය දැරිය යුතුය. 18 මනුෂ්‍යයෙක් ඔසප්වී සිටින ස්ත්‍රියෙකු සමඟ සයනයකර ඇගේ නග්නභාවය හැරීයොත් ඔහු ඇගේ උල්පත නග්නකෙළේය, ඈද තමාගේ ලේ උල්පත හැරීයාය. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සෙනඟ අතරෙන් සිඳදැමිය යුතුය. 19 නුඹේ මෑණියන්ගේ සහෝදරීගේවත් පියාගේ සහෝදරීගේවත් නග්නභාවය නොහරින්න. මක්නිසාද ඔහු තමාගේ කිට්ටු නෑයා නග්නකෙළේය. ඔව්හු තමුන්ගේ අපරාධය දරන්නෝය. 20 මනුෂ්‍යයෙක් තමාගේ මහම්මා නොහොත් කුඩම්මා සමඟ සයනයකළොත් ඔහු තමාගේ මවුගේ සහෝදරයාගේ හෝ පියාගේ සහෝදරයාගේ හෝ නග්නභාවය හැරීයේය; ඔවුන් තමුන්ගේ පාපය දරා දරුවන් නොලැබ මැරෙනවා ඇත. 21 මනුෂ්‍යයෙක් තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්නේනම් එය කිලුටුකමක්ය. ඔහු තමාගේ සහෝදරයාගේ නග්නභාවය හැරීයේය; ඔවුන් දරුවන් නොලැබ සිටිනවා ඇත.
22 එබැවින් නුඹලා වාසය කරන පිණිස මා විසින් නුඹලා පමුණුවන දේශය නුඹලා වමාරානොදමන පිණිස මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද රක්ෂාකරමින් පවත්වන්න. 23 නුඹලා ඉදිරියෙන් මා විසින් පහකරනු ලබන සෙනඟගේ සිරිත් ප්‍රකාරයට නොහැසිරෙන්න. මක්නිසාද ඔවුන් මේ සියලු දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල්කෙළෙමි. 24 එහෙත්: නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගන්නහුය, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන ඒක හිමිකරගන්නා පිණිස නුඹලාට දෙන්නෙමියි නුඹලාට කීයෙමි. මම වනාහි ජාතීන් කෙරෙන් නුඹලා වෙන්කර ගත්තාවූ නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 25 එබැවින් නුඹලා පවිත්‍ර අපවිත්‍ර මෘගයන් අතරේද අපවිත්‍ර පවිත්‍ර පක්ෂීන් අතරේද වෙනස සලකන්න. නුඹලාට අපවිත්‍රකොට මා විසින් වෙන් කරනලද්දාවූ මෘගයන්ගෙන්වත් පක්ෂීන්ගෙන්වත් බඩගා යන කිසි සතෙකුගෙන්වත් නුඹලාගේ ආත්ම පිළිකුල්කර නොගන්න. 26 නුඹලා මට ශුද්ධව සිටින්න. මක්නිසාදස්වාමීන්වහන්සේවන මම ශුද්ධය, මාගේ සෙනඟ වන පිණිස මනුෂ්‍ය ජාතීන් අතරෙන් නුඹලා වෙන්කරගතිමි.
27 ආත්ම බන්ධනකරුවූ නොහොත් ශාස්ත්‍රකාරවූ පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ සැබවින් මරනු ලැබිය යුතුය. ඔවුන් ගල්ගසනු ලැබිය යුතුය. ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේයයි කීසේක.
21පූජකයන්ගේ චරිතානුකූලවූද ශාරීරිකවූද සුදුසුකම්
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ගේ පුත්‍රවූ පූජකයන්ට කථාකරමින් මෙසේ කියන්න–කිසිවෙක් තමාගේ සෙනඟ අතරේ මළවුන් උදෙසා අපවිත්‍ර නොවිය යුතුය; 2 එහෙත් ඔහුට කිට්ටුවූ ඔහුගේ නෑයා උදෙසා එනම් තමාගේ මවු උදෙසාද තමාගේ පියා උදෙසාද තමාගේ පුත්‍රයා උදෙසාද තමාගේ දුව උදෙසාද තමාගේ සහෝදරයා උදෙසාද, 3 පුරුෂයෙකු නොගත් තමා ළඟ ඉන්න කන්‍යාවක්වූ තමාගේ සහෝදරී උදෙසාද අපවිත්‍රවෙන්ට ඔහුට පුළුවන. 4 තමාගේ සෙනඟ අතරේ නායකයෙක්වූ ඔහු තමා දූෂණයවන ලෙස අපවිත්‍ර නොවිය යුතුය. 5 ඔව්හු තමුන්ගේ හිස් මුඩු නොකරත්වා, රුවුළේ කොන් බූනොගාත්වා, ඔවුන්ගේ ශරීරයෙහි කිසි කැපීමක් නොකරත්වා. 6 ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වනස්වාමීන්වහන්සේගේගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය. 7 ඔව්හු වේශ්‍යාවක්වත් කිලුටු කරනු ලැබූ තැනැත්තියෙක්වත් පුරුෂයාගෙන් පහකරනු ලැබූ ස්ත්‍රියෙක්වත් පාවා නොගනිත්වා. මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ශුද්ධ කෙනෙක්ය. 8 එබැවින් නුඹ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු නුඹේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු නුඹට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද නුඹලා විශුද්ධකරනස්වාමීන්වහන්සේවන මම ශුද්ධය. 9 තවද යම්කිසි පූජකයෙකුගේ දුවක් වේශ්‍යාකමෙන් තොමෝම දූෂණයවන්නීනම් ඈ තමාගේ පියාට අපහාසකරන්නීය. ඈ ගින්නෙන් පුලුස්සා දමනු ලැබිය යුතුය.
10 තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය; 11 ඔහු කිසි මළකඳක් ළඟට නොයා යුතුය, තමාගේ පියා උදෙසාවත් තමාගේ මවු උදෙසාවත් අපවිත්‍ර නොවිය යුතුය; 12 ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුය, තමාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය කිලුටු නොකළ යුතුය; මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෛලය නමැති ඔටුන්න ඔහු පිට තිබේ. මමස්වාමීන්වහන්සේය. 13 ඔහු භාර්යාවක් ඇගේ කන්‍යා භාවයෙහිදී පාවාගනීවා. 14 ඔහු වැන්දඹුවක්වත් අත්හරිනලද ස්ත්‍රියෙක්වත් දූෂණයවූ තැනැත්තියෙක්වත් වේශ්‍යාවක්වත් පාවානොගෙන තමාගේම සෙනඟ අතරෙන් කන්‍යාවක් භාර්යාව කොට පාවාගත යුතුය. 15 ඔහු තමාගේම සෙනඟ අතරෙහි තමාගේ වංශය දූෂණයනොකොට සිටිය යුතුය. මක්නිසාද මම ඔහු විශුද්ධකරනස්වාමීන්වහන්සේයයි කීසේක.
16 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 17 ආරොන්ට මෙසේ කියන්න–නුඹේ වංශයේ පරම්පරාවලදී ශරීරයේ කැලලක් ඇති කිසිවෙක් ඇද්ද, හෙතෙම තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරන්ට ළංනොවේවා. 18 කැලලක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත් ළංනොවිය යුතුය. අන්ධයෙක්වත් කොරෙක්වත් මුක්කමෙක්වත් විකල් අංග ඇත්තෙක්වත්, 19 අත පය කැඩුණු කෙනෙක්වත්, 20 කුදෙක්වත් මිට්ටෙක්වත් ඇසේ සුදක් ඇති කෙනෙක්වත් කබොල්ලක් ඇත්තෙක්වත් දද ඇත්තෙක්වත් තැළුණු අණ්ඩ ඇත්තෙක්වත් ළංනොවිය යුතුය; 21 පූජකවූ ආරොන්ගේ වංශයෙහි ශරීරයේ කැලලක් ඇති කිසි මනුෂ්‍යයෙක්ස්වාමීන්වහන්සේගේදවන පූජා ඔප්පුකරන්ට ළංනොවිය යුතුය; ඔහුට පලුදුවක් ඇති බැවින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔප්පුකරන පිණිස ළංනොවිය යුතුය. 22 අති ශුද්ධවූද ශුද්ධවූද දේවලින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔහුට කන්ට පුළුවන. 23 නුමුත් ඔහුට කැලලක් තිබෙන බැවින් මාගේ ශුද්ධස්ථානය දූෂණයනොකරන පිණිස ඔහු තිරයෙන් ඇතුළට පැමිණෙන්ටවත් පූජාසනයට ළංවෙන්ටවත් යුතු නැත. මක්නිසාද මම ඒවා විශුද්ධකරනස්වාමීන්වහන්සේයයි කීසේක. 24 මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද එසේ කීයේය.
22ශුද්ධ මෙහෙයේදී ක්‍රියාකළයුතු අන්දම
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් මට කැපකරන ශුද්ධ දේවලින් වෙන්ව සිටින්ටත් මාගේ ශුද්ධ නාමය දූෂණයනොකරන්ටත් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද කියන්න. මමස්වාමීන්වහන්සේය. 3 ඔවුන්ට මෙසේ කියන්න: නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ මුළු වංශයෙන් කවරෙක් නුමුත් තමාගේ අපවිත්‍රකම තිබෙද්දී ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින්ස්වාමීන්වහන්සේටකැපකරන ශුද්ධවූ දේවලට ළංවුණොත්, ඒ තැනැත්තා මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේය. මමස්වාමීන්වහන්සේය. 4 ආරොන්ගේ වංශයෙන් කොයි පුරුෂයෙක් නුමුත් කුෂ්ඨ රෝගියෙක් හෝ යම් ප්‍රමේහයක් ඇත්තෙක් හෝ වන්නේද ඔහු පවිත්‍රවනතෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. මළවුන් කරණකොටගෙන අපවිත්‍රවී තිබෙන කිසි දෙයකට ස්පර්ශවන කෙනෙක්වත් ශුක්‍ර වැගිරීමක් ඇති කෙනෙක්වත්, 5 තමා අපවිත්‍රකළ හැකි බඩගායන කිසි සතෙකුට හෝ තමා කොයි අන්දමින් නුමුත් අපවිත්‍රකළ හැකි අපවිත්‍රකමක් ඇති කිසි පුරුෂයෙකුට හෝ, 6 ස්පර්ශවන තැනැත්තෙක්වත් සවස දක්වා අපවිත්‍රවන්නේය, තමා වතුර නාගත්තොත් මිස නැත්නම් ඔහු ශුද්ධ දේවලින් නොකෑ යුතුය. 7 නුමුත් ඉර බැස්ස කල ඔහු පවිත්‍රවන්නේය; පසුව ශුද්ධවූ දේ කන්ට ඔහුට පුළුවන, මක්නිසාද ඔහුගේ භෝජන ඒවාය. 8 ඔහු ඉබේ මැරුණු නොහොත් මෘගයන් විසින් මරාදැමූ සතෙකුගේ මස් කා අපවිත්‍ර නොවිය යුතුය. මමස්වාමීන්වහන්සේය. 9 එබැවින් ඔව්හු මාගේ නියමය දූෂණයකොට, ඒ නිසා පාපය දරා, එහි නොනසින පිණිස එය රක්ෂාකරත්වා. මම ඔවුන් විශුද්ධකරනස්වාමීන්වහන්සේය. 10 අන්‍යවූ කිසිවෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. පූජකයා ළඟ සිටින ආගන්තුකයෙක්වත් කුලියට ගත් වැඩකාරයෙක්වත් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. 11 එහෙත් පූජකයෙකු විසින් තමාගේ මිලයෙන් මිලේට ගත් කෙනෙකුට එයින් කන්ට පුළුවන; ඔහුගේ ගෙදර උපන් අයටත් ඔහුගේ භෝජනවලින් කන්ට පුළුවන. 12 පූජකයෙකුගේ දුවක් අන්‍ය ගෝත්‍රයක පුරුෂයෙකුගේ භාර්යාව වුණොත් ඈ ශුද්ධ දේවල එසවීමේ පූජාවෙන් නොකෑ යුතුය. 13 එහෙත් පූජකයෙකුගේ දුව වැන්දඹුවක්ව නොහොත් අත්හරිනු ලැබ දරුවන් නැතුව ඇගේ පියාගේ ගෙට හැරී ඇවිත් සිටී නම්, ඇගේ තරුණ වයසේදී මෙන් ඇගේ පියාගේ භෝජනවලින් ඈට කන්ට පුළුවන. නුමුත් අන්‍යවූ කිසිවෙක් එයින් නොකෑ යුතුය. 14 තවද යම් මනුෂ්‍යයෙක් නොදැනුවත්ව ශුද්ධ දෙයක් කෑවොත් ඔහු ඒ තරමෙන් පහෙන් කොටසක් ඊට එකතුකොට ශුද්ධ දෙය පූජකයාට දියයුතුය. 15 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින්ස්වාමීන්වහන්සේටපූජාකරන්නාවූ ඔවුන්ගේ ශුද්ධ දේවල් කෑමෙන් දෝෂ පමුණුවන අයුතුකම දරන්ට නොසලස්වන පිණිස ඔව්හු ඒවා දූෂණයනොකෙරෙත්වා. 16 මක්නිසාද මම ඒවා විශුද්ධකරනස්වාමීන්වහන්සේයයි කීසේක.
17 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 18 ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද කථාකොට මෙසේ කියන්න–ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඉශ්‍රායෙල්හි වසන විදේශීන්ගෙන් හෝ තමුන් පූජාව ඔප්පුකරන කවරෙක් නුමුත් ඔහුගේ භාරවලින් එකක්වත් ඔහුගේ සතුටු පඬුරුවලින් එකක්වත්ස්වාමීන්වහන්සේටදවන පූජාවක් කොට ඔප්පුකරන්නේනම්; 19 නුඹලා පිළිගනු ලබන පිණිස ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ කැලලක් නැති පිරිමි සතෙකු ඔප්පුකරන්න. 20 කැලලක් ඇති එකෙකු ඔප්පුනොකරන්න. මක්නිසාද එය නුඹලා උදෙසා පිළිගනු නොලබන්නේය. 21 යමෙක් භාරයක් ඉෂ්ටකිරීමට නොහොත් සතුටු පඬුරක් පිණිස ගවයන්ගෙන්වත් එළු බැටළු රැළෙන්වත් ශාන්ති පූජාවක් ඔප්පුකරන විට එය පිළිගනු ලබන පිණිස එහි අංග සම්පූර්ණව තිබිය යුතුය; උගේ කිසි කැලලක් නොතිබිය යුතුය. 22 අන්ධවූද අවයව කැඩුණාවූද අබ්බාගාතවූද වණවත් පිළිකාවත් දදවත් ඇත්තාවූද සතුන්ස්වාමීන්වහන්සේටඔප්පු නොකරන්න, උන්ගෙන් පූජාසනය පිටස්වාමීන්වහන්සේටගිනි පූජාවක් ඔප්පුනොකරන්න. 23 අංග විකල්වූ නොහොත් අඩුපාඩුවූ ගවයෙකු හෝ බැටළුවෙකු හෝ ස්වෙච්ඡා පූජාවක් පිණිස පූජාකළ හැකිය; නුමුත් භාරයක් පිණිස ඌ පිළිගනු නොලබන්නේය. 24 අණ්ඩ මඩිනලද හෝ පොඩිකරනලද හෝ කඩාදමනලද හෝ කපාදමනලද හෝ සතෙක්ස්වාමීන්වහන්සේටපූජා නොකරන්න: නුඹලාගේ දේශයෙහි එසේ නොකරන්න. 25 නුඹලාගේ දෙවියන්වහන්සේගේ භෝජනය පිණිස මුන්ගෙන් කිසිවෙකු විදේශියෙකුගේ අතින් ගෙන ඔප්පුනොකරන්න; මක්නිසාද උන්ට අන්සීනයක් වී තිබේ, උන්ට කැලලක් ඇත්තේය. උන් නුඹලා උදෙසා පිළිගනු නොලබන්නේයයි කීසේක.
26 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 27 ගවයෙක් හෝ බැටළුවෙක් හෝ එළුවෙක් හෝ බිහිවූ කල්හි ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දවස පටන් ඉන් මත්තට ඌස්වාමීන්වහන්සේටගිනි පූජාවක්කොට ඔප්පුකිරීමට සුදුසු එකෙක්ව සිටියි. 28 තවද එළදෙනෙක් වුවත් බැටළු දෙනෙක් වුවත් ඌ සහ උගේ පැටවා එක දවසෙහි නොමරන්න. 29 නුඹලා ස්තුති පූජාවක්ස්වාමීන්වහන්සේටපූජාකරන කල්හි නුඹලා පිළිගනු ලබන ලෙස පූජාකරන්න. 30 එම දවසෙහිම එය කෑ යුතුය; පසුවදා වන තුරු එයින් කිසිවක් ඉතුරුනොකළ යුතුය. මමස්වාමීන්වහන්සේය. 31 එබැවින් මාගේ ආඥා රක්ෂාකොට ඒවා පවත්වන්න. මමස්වාමීන්වහන්සේය. 32 නුඹලා මාගේ ශුද්ධවූ නාමයට අපහාස නොකළ යුතුය; මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි විශුද්ධකරනු ලබන්නෙමි. මම 33 නුඹලා විශුද්ධකරනස්වාමීන්වහන්සේය, නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස නුඹලා මිසර දේශයෙන් ගෙනාවෙමි. මමස්වාමීන්වහන්සේයයි කීසේක.
23ශුද්ධ මංගල්‍ය
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතුස්වාමීන්වහන්සේගේමංගල්‍යයන් එනම් මාගේ නියම මංගල්‍යයන් මේවාය: 3 සදවසක් වැඩකරන්ට පුළුවන. එහෙත් සත්වෙනි දවසේ ගරුමය නිවාඩුවේ සබත්ය, ශුද්ධ සභා රැස්වීමක්ය; නුඹලා කිසිම වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවලස්වාමීන්වහන්සේටපැවැත්විය යුතු සබතක්ය.
4 ඒ ඒ නියම කාලවල නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ශුද්ධ සභා රැස්වීම් වනස්වාමීන්වහන්සේගේනියම මංගල්‍යයන් මේවාය. 5 පළමුවෙනි මස දස සතරවෙනි දින සවසස්වාමීන්වහන්සේගේපාස්කුව වේ. 6 එම මස පසළොස් වෙනි දිනස්වාමීන්වහන්සේටමුහුන් නොදැමූ රොටි මංගල්‍යය වන්නේය. සත් දවසක් මුහුන් නැති රොටි කන්න. 7 පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. 8 එහෙත් ගින්නෙන් කරන පූජාවක් සත් දවසක්ස්වාමීන්වහන්සේටඔප්පුකළ යුතුය. සත්වෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය; කිසිම බර වැඩක් නොකළ යුතුයයි කීසේක.
9 ස්වාමීන්වහන්සේමෝසෙස්ට තවත් කථාකොට කියනසේක්: 10 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා අවුත් එහි ගොයම් කපන කල නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න. 11 ඒ මිටිය නුඹලා උදෙසා පිළිගනු ලබන පිණිස ඔහුස්වාමීන්වහන්සේඉදිරියෙහි එය තේවකරන්නේය. සබත් දවසට පසුවදා පූජකයා එය තේවකෙරේවා. 12 නුඹලා ඒ මිටිය තේවකරන දවසේදීස්වාමීන්වහන්සේටදවන පූජාවක් කොට කැලලක් නැති අවුරුද්දක බැටළුවස්සෙක්ද, 13 ඊට ආහාර පූජාවක් පිණිසස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවක්ද ඊට පාන පූජාවක් කොට මුද්‍රිකපාන හිනකින් සතරෙන් පංගුවක්ද ඔප්පු කරන්න. 14 එසේ ඒ දවස දක්වා නුඹලාගේ දෙවියන්වහන්සේගේ පඬුරක් නුඹලා ගෙනෙන තුරුම රොටිවත් විලඳවත් අමුකරල්වත් නුඹලා විසින් නොකෑ යුතුය. එය නුඹලාගේ සියලු පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල සදාකාල පනතක්ය.
15 සබතට පසුවදා වන නුඹලාගේ තේව මිටිය ගෙනෙන දවසේ පටන් ගැණලා සබත් දවස් සතක්ම පසුවෙන්ට ඇර, 16 සත්වෙනි සබත් දවසට පසුව දා දක්වා පනස් දවසක් ගණන්කරගෙන, අලුත් ආහාර පූජාවක්ස්වාමීන්වහන්සේටඔප්පුකරන්න. 17 නුඹලාගේ වාසස්ථානවලින් සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සෑදුවාවූ මුහුන් දමා පිලිස්සුවාවූ තේව රොටි දෙකක්ස්වාමීන්වහන්සේටනාඹුල් ඵල කොට ගෙනෙන්න. 18 නුඹලා ඒ රොටි සමඟස්වාමීන්වහන්සේටදවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවස්සන් සත්දෙනෙක්ද එක ගොන් නාම්බෙක්ද බැටළුවන් දෙන්නෙක්දස්වාමීන්වහන්සේටමිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ දවන පූජාවක් කොට උන්ගේ ආහාර පූජාද පාන පූජාද සමඟ ඔප්පුකළ යුතුය. 19 තවද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ශාන්ති පූජාවක් පිණිස එක් අවුරුදු බැටළුපැටවුන් දෙන්නෙක්ද ඔප්පුකළ යුතුය. 20 පූජකයාද නාඹුල් ඵලවලින් සෑදූ රොටි සහ බැටළු පැටවුන් දෙදෙනා සමඟ උන්ස්වාමීන්වහන්සේඉදිරියෙහි තේව පූජාවක් කොට තේවකෙරේවා. එය පූජකයාට ලැබෙන පිණිසස්වාමීන්වහන්සේටශුද්ධවන්නේය. 21 එම දවසේම ශුද්ධ සභා රැස්වීමක් ප්‍රසිද්ධකර පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.
22 නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලුවලින් සහමුලින් කපා නොගන්න, වැටී තිබෙන කරල් එකතුකර නොගන්න. ඒවා දිළිඳුන්ට හා විදේශීන්ට අරින්න. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේයයි කීසේක.
23 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 24 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය. 25 නුඹ කිසිම බර වැඩක් නොකළ යුතුය.ස්වාමීන්වහන්සේටගිනි පූජාවක් ඔප්පුකළ යුතුයයි කීසේක.
26 ස්වාමීන්වහන්සේමෝසෙස්ට තවත් කථාකොට කියනසේක්: 27 ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්මවලට දුක්දීස්වාමීන්වහන්සේටගිනි පූජාවක් ඔප්පුකළ යුතුය. 28 නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේඉදිරියෙහි නුඹලා උදෙසා සමගිකමක් කරන පිණිස එය සමඟි කිරීමේ දවසක් නිසා ඒ දවසේදී කිසිම වැඩක් නොකළ යුතුය. 29 ඒ දවසේ තමාට දුක්නොදෙන්නාවූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. 30 ඒ දවසේදී කිසියම් වැඩක් කරන කවරෙකු නුමුත් ඔහුගේ සෙනඟ අතරෙන් විනාශ කරන්නෙමි. 31 කිසිම වැඩක් නොකරන්න. ඒක නුඹලාගේ සියලු පරම්පරාවලට නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක්ය. 32 ඒක නුඹලාට ගරුමය නිවාඩුවක් වන සබතක්ය, නුඹලාගේ ආත්මවලට දුක්දෙන්න. මාසේ නවවෙනි දින සවස එනම් සවස පටන් සවස දක්වා නුඹලාගේ සබත් පවත්වන්න කීසේක.
33 තවදස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 34 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–මේ සත්වෙනි මස පසළොස්වෙනි දින පටන් සත් දවසක්ස්වාමීන්වහන්සේටකූඩාරම් මංගල්‍යය වන්නේය. 35 පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න. කිසිම බර වැඩක් නොකරන්න. 36 සත් දවසක් ගිනි පූජාවක්ස්වාමීන්වහන්සේටඔප්පුකරන්න. අටවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වා ගිනි පූජාවක්ස්වාමීන්වහන්සේටඔප්පුකරන්න. එය මංගල්‍ය රැස්වීමක් බැවින් නුඹලා කිසිම බර වැඩක් නොකළ යුතුය.
37 ස්වාමීන්වහන්සේගේසබත්ද නුඹලාගේ දානද නුඹලාගේ සියලු භාරවල්දස්වාමීන්වහන්සේටදෙන නුඹලාගේ සියලු සතුටු පඬුරුද ඇර, 38 ඒ ඒ දවසට නියම ලෙසස්වාමීන්වහන්සේටගින්නෙන් කරන පූජාවක් වන දවන පූජාවක්ද ආහාර පූජාවක්ද යාගයක්ද පාන පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතුස්වාමීන්වහන්සේගේනියම මංගල්‍යයන් මේවාය.
39 ඒ කෙසේ වුවත් දේශයේ අස්වැන්න රැස්කරගත් කල්හි සත්වෙනි මස පසළොස්වෙනි දින පටන් සත් දවසක්ස්වාමීන්වහන්සේගේමංගල්‍ය පවත්වන්න. පළමුවෙනි දින ගරුමය නිවාඩුවක්ද අටවෙනි දිනත් ගරුමය නිවාඩුවක්ද වන්නේය. 40 පළමුවෙනි දින ලක්ෂණ ගස්වල ඵලද තල් අතුද බොහෝ කොළ ඇති ගස්වල අතුද ගංනළා ගස්ද රැගෙන සත් දවසක් නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේඉදිරියෙහි ප්‍රීතිවෙන්න. 41 අවුරුද්දකට සත් දවසක් එයස්වාමීන්වහන්සේටමංගල්‍යයක් කොට පවත්වන්න. එය නුඹලාගේ පරම්පරාවල නිරන්තර පනතක්ය. සත්වෙනි මාසයේ ඒක පවත්වන්න. 42 මා ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් පැල්වල වාසය කෙරෙවු බව නුඹලාගේ පරම්පරාවල අය දැනගන්නා පිණිස සත් දවසක් පැල්වල වාසයකරන්න. 43 ඉශ්‍රායෙල්හි ස්වදේශිකවූ සියල්ලෝ පැල්වල වාසය කෙරෙත්වා. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේයයි කීසේක. 44 මෝසෙස්දස්වාමීන්වහන්සේගේනියම මංගල්‍යයන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දන්වා දුන්නේය.
24තෙල් සහ පිදීමේ රොටි
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට: 2 එළිය පිණිස පහනක් නිතරම දැල්වීම සඳහා කොටා හිඳගත් පවිත්‍ර ඔලීව තෙල් නුඹ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න. 3 සම්මුඛවීමේ කූඩාරමෙහි සාක්ෂියේ තිරයට පිටතින් සවස පටන් උදය දක්වා ආරොන් ඒකස්වාමීන්වහන්සේඉදිරියෙහි නිතරම පිළියෙළකර තබන්නේය. ඒක නුඹලාගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය. 4 ඔහුස්වාමීන්වහන්සේඉදිරියෙහි පවිත්‍ර පහන්රුක මත්තෙහි පහන් නිතරම පිළියෙළකර තැබිය යුතුය.
5 සිහින් පිටි ගෙන එයින් රොටි දොළොසක් පුලුස්සන්න. එක එක රොටිය ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සාදන්න. 6 ඒවාස්වාමීන්වහන්සේඉදිරියෙහි පවිත්‍ර මේසය උඩ පෙළකට සයක් බැගින් දෙපෙළකට තබන්න. 7 ස්වාමීන්වහන්සේටගිනි පූජාවක්මෙන් රොටිවල සිහිවීමක් පිණිස ඒ දෙපෙළ පිට පවිත්‍ර තුවරලා තබන්න. 8 ඔහු ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා නිරන්තර ගිවිසුමක් වන පිණිස හැම සබත් දවසේමස්වාමීන්වහන්සේඉදිරියෙහි නිතරම පිළිවෙළට තබන්නේය. 9 ඒවා ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට වන්නේය; ඔව්හු ශුද්ධ තැනකදී ඒවා කත්වා. මක්නිසාද ඒවාස්වාමීන්වහන්සේටගින්නෙන් කළ පූජාවලින් ඔහුට නිරන්තර පනතකින් අතිශුද්ධ යයි කීසේක.
දෙස් තැබීමට නියම අච්චුව
10 ඉශ්‍රායෙල් ස්ත්‍රියෙකුගේද මිසරීය පුරුෂයෙකුගේද පුත්‍රයෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ මිසරයෙන් ආවේය. ඉශ්‍රායෙල් ස්ත්‍රියගේ පුත්‍රයාද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්ද කඳවුරෙහිදී ඩබරකර ගත්තෝය; 11 ඉශ්‍රායෙල් ස්ත්‍රියගේ පුත්‍රයාස්වාමීන්වහන්සේගේනාමයට අපහාසකොට දෙස් කීවේය. ඔව්හු ඔහු මෝසෙස් ළඟට ගෙනාවෝය. ඔහුගේ මවුගේ නම ෂෙලොමිත්ය, ඈ දාන්ගේ ගෝත්‍රයේ දිබ්රීගේ දුවය. 12 ස්වාමීන්වහන්සේගේමුඛයෙන් ඔවුන්ට දන්වන තුරු ඔව්හු ඔහු හිර අඩස්සි කළෝය.
13 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 14 දෙස්කීවාවූ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනයන්න; ඔහුගේ වචන ඇසූ සියල්ලෝ තමුන්ගේ අත් ඔහුගේ හිස පිට තබත්වා, මුළු සභාවද ඔහුට ගල්ගසාවා. 15 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: තමාගේ දෙවියන්වහන්සේට දෙස්කියන කවරෙක් නුමුත් තමාගේ පාපය දරන්ට ඕනෑයයි කියන්න. 16 ස්වාමීන්වහන්සේගේනාමයට අපහාසකරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය; මුළු සභාව සැබවින් ඔහු ගල්ගසා මැරිය යුතුය. විදේශියා වුවත් ස්වදේශියා වුවත්ස්වාමීන්වහන්සේගේනාමයට අපහාසකළොත් මරනු ලැබිය යුතුය. 17 මනුෂ්‍යයෙකුට මැරෙන්ට පහර දෙන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය; 18 මෘගයෙකුට මැරෙන්ට පහර දෙන තැනැත්තා මෘගයා වෙනුවට මෘගයෙකු දී පළි ගෙවිය යුතුය. 19 මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට පලුදුවක් කළොත් ඔහු කළ ලෙසම ඔහුටත් කරනු ලැබේවා; 20 බිඳුමට බිඳුමක්ද ඇසට ඇසක්ද දතට දතක්ද වශයෙන් මනුෂ්‍යයෙකුට ඔහු කළ පලුදුවේ හැටියට ඔහුටත් කරනු ලැබේවා. 21 මෘගයෙකු මරන්නා ඊට පළි ගෙවිය යුතුය. නුමුත් මනුෂ්‍යයෙකු මරන්නා මරනු ලැබිය යුතුය. 22 ස්වදේශියාට මෙන් විදේශියාටද එක විනිශ්චය ක්‍රමයක් නුඹලාට තිබෙන්ට ඕනෑය. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේයයි කීසේක. 23 මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකෙළේය, ඔහු කී ලෙස ඔව්හු දෙස් කීවාවූ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනවුත් ගල්ගසා මැරුවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝස්වාමීන්වහන්සේමෝසෙස්ට අණකළ ලෙස කළෝය.
25සබත් වර්ෂය සහ ජුබිලි වර්ෂය
1 ස්වාමීන්වහන්සේසීනයි කන්දේදී මෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා පැමිණි කල දේශයස්වාමීන්වහන්සේටසබතක් පවත්වන්නීය. 3 සාවුරුද්දක් නුඹේ කෙත වපුරන්න, සාවුරුද්දක් නුඹේ මිදිවැල් කප්පාදුකොට එහි ඵල එක්කරගන්න; 4 එහෙත් සත්වෙනි අවුරුද්දස්වාමීන්වහන්සේටපවත්වන සබතක් වන දේශයට ගරුමය නිවාඩුවේ සබත් කාලයක් වන්නේය. නුඹේ කෙත නොවපුරන්න, නුඹේ මිදිවැල් කප්පාදු නොකරන්න. 5 නුඹේ ගොයමින් ඉබේම හටගන්න ඒවා කපා නොගන්න, කප්පාදු නොකළ නුඹේ මිදිවැළේ වලු රැස්කර නොගන්න. එය දේශයට ගරුමය නිවාඩුවේ අවුරුද්දක් වන්නේය. 6 දේශයේ සබත් නුඹලාට එනම් නුඹටත් නුඹේ මෙහෙකරුවාටත් නුඹේ මෙහෙකාරීටත් නුඹේ කුලීකාරයාටත් නුඹ සමඟ වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය; 7 එහි මුළු වර්ධනය නුඹේ ගවයන්ටත් නුඹේ දේශයෙහි සිටින මෘගයන්ටත් ගොදුරු පිණිස වන්නේය.
8 අවුරුදුවල සත් සබතක් නුඹට ගණන්කර ගන්න, එනම් සත් වරක් සත් අවුරුද්දක්ය; එවිට අවුරුදුවල සත් සබතක දවස් එනම් හතළිස් නව අවුරුද්දක් නුඹට වන්නේය. 9 පසුව සත්වෙනි මාසයේ දසවෙනි දින හොරණෑ ශබ්දය සෑම තැනම පවත්වන්න; සමගිකමක් කිරීමේ දවසේදී නුඹලාගේ දේශය මුළුල්ලේ හොරණෑව පිඹින්න. 10 එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය නුඹලාට ජුබිලියක් වන්නේය; එකල නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය. 11 ඒ පනස්වෙනි වර්ෂය නුඹලාට ජුබිලියක් වන්නේය. ඒ කාලයෙහි වපුරන්ටවත් ඉබේම හටගන්න ඒවා කපාගන්ටවත් කප්පාදු නොකළ මිදි වැළෙන් ඵල නෙලාගන්ටවත් යුතු නැත. 12 මක්නිසාද එය ජුබිලියක්ය; ඒක නුඹලාට ශුද්ධවන්නේය. ඒකේ අස්වැන්න කෙතෙන්ම ගෙන කන්න. 13 ඒ ජුබිලි වර්ෂයෙහිදී නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයට නැවත පැමිණිය යුතුය. 14 නුඹේ අසල්වාසියාට කිසිවක් වික්කොත් නොහොත් නුඹේ අසල්වාසියා අතින් මිලේට ගත්තොත් ඔවුනොවුන්ට අයුතුකම් නොකරන්න. 15 ජුබිලි වර්ෂයට පසුව තිබෙන අවුරුදු ගණන හැටියට නුඹේ අසල්වාසියාගෙන් මිලේට ගන්න, අස්වනු ලැබෙන අවුරුදු ගණන හැටියට ඔහු නුඹට විකිණිය යුතුය. 16 අස්වැන්න ලැබෙන ප්‍රමාණයට ඔහු නුඹට ඒවා විකුණන නිසා, අවුරුදුවල වැඩිකමේ ප්‍රකාරයට එහි මිල ගණන වැඩිකළ යුතුය, අවුරුදුවල අඩුකමේ ප්‍රකාරයට එහි මිල ගණන අඩුකළ යුතුය. 17 එබැවින් ඔවුනොවුන්ට අයුතුකම් නොකොට, නුඹේ දෙවියන්වහන්සේට භය ඇතුව සිටින්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 18 එබැවින් මාගේ පනත් ඉෂ්ටකොට, මාගේ විනිශ්චයයන් පවත්වා, ඒවා රක්ෂාකරන්න; එවිට නුඹලා දේශයෙහි සුවසේ වාසයකරනවා ඇත. 19 දේශය තමාගේ ඵලය දෙන්නීය, නුඹලා තෘප්තියට පැමිණෙනතෙක් කා එහි සුවසේ වාසයකරන්නහුය. 20 ඉදින් අප විසින් වපුරන්නේවත් අපේ අස්වැන්න රැස්කරගන්නේවත් නැත්නම් සත්වෙනි අවුරුද්දේ කුමක් කමුදැයි නුඹලා අසනවානම් මෙසේ කියමි. 21 හවෙනි අවුරුද්දේ තුන් අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා කෙරෙහි පැමිණෙන්ට අණකරන්නෙමි. 22 එසේ නුඹලා අටවෙනි අවුරුද්දේ වපුරා පරණ ඵලයෙන් කන්නහුය; නවවෙනි අවුරුද්දේ ඵල ලැබෙන තුරුම පරණ ඵල කන්නහුය. 23 දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. නුඹලා වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය. 24 නුඹලාට උරුමවෙන මුළු දේශයෙහි බිම් මුදාගන්ට නුඹලා ඉඩඇරිය යුතුය.
25 නුඹේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය. 26 එසේ යමෙකුට මිදුම්කාරයෙක් නැති නුමුත් ඔහු පොහොසත්ව එය මුදාගැනීමට සෑහෙන පමණ වත්කම ලබාගත්තොත්, 27 ඔහු වික්ක දා පටන් අවුරුදු ගණන්කොට වැඩිව තිබෙන මුදල් ඒක මිලේට ගත් තැනැත්තාට නැවත දී තමාගේ උරුමයට දෙවනු පැමිණේවා. 28 එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.
29 මනුෂ්‍යයෙක් පවුරු ඇති නුවරක තිබෙන ගෙයක් වික්කොත් එය වික්ක තැන් පටන් සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී ඒක මුදාගත හැකි වන්නේය; අවුරුද්දක් තුළේම එය මුදාගන්ට ඔහුට බලය තිබේ. 30 සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී එය මුදනු නොලැබුවොත් පවුරු ඇති නුවර තිබෙන ගේ මිලේට ගත් තැනැත්තාට එය ඔහුගේ පරම්පරාවල නිරන්තර උරුමයක් වන්නේය. එය ජුබිලි වර්ෂයෙහිදී ආපසු නොයන්නේය. 31 එහෙත් වටකරින් පවුරු නැති ගම්වල ගෙවල් දේශයේ කෙත් සමඟ ගණන්ගනු ලබන්නේය. ඒවා මුදාගත හැකිවන්නේය, ජුබිලි වර්ෂයෙහිදී ඒවා ආපසු යන්නෝය. 32 එසේවී නුමුත් ලෙවීවරුන්ගේ නුවරවල් එනම් ඔවුන්ගේ උරුම නුවරවල ගෙවල් කොයි කලෙක වුවත් ලෙවීවරුන්ට මුදාගත හැකිය. 33 ලෙවීවරුන්ගෙන් කවරෙක්වත් මිදුවොත් විකුණනලද ගෙයද ඔහුගේ උරුම නුවරද ජුබිලි වර්ෂයේදී ආපසු යන්නේය. මක්නිසාද ලෙවීවරුන්ගේ නුවරවල ගෙවල් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ගේ උරුමයය. 34 එහෙත් ඔවුන්ගේ නගරබද ප්‍රදේශයේ කෙත් විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයක්ය.
35 නුඹ වෙත නුඹේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාරකරන්න. විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු නුඹ වෙත වාසයකෙරේවා. 36 නුඹේ සහෝදරයා නුඹ වෙත රක්ෂාවෙන පිණිස පොළීවත් ලාභයක්වත් ඔහුගෙන් නොගෙන නුඹේ දෙවියන්වහන්සේට භයව සිටින්න. 37 නුඹේ මිල පොළියටවත් නුඹේ ආහාර ලාභ ලබන පිණිසවත් ඔහුට නොදිය යුතුය. 38 මම වනාහි කානාන් දේශය නුඹලාට දී නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය.
39 නුඹ වෙත නුඹේ සහෝදරයා දිළිඳු බවට පැමිණ නුඹට තමාම වික්කොත් ඔහුගෙන් දාසයෙකුගේ වැඩ නොගත යුතුය. 40 කුලීකාරයෙකු මෙන්ද විදේශියෙකු මෙන්ද ඔහු නුඹ වෙත සිටිමින් ජුබිලි වර්ෂය දක්වා නුඹට මෙහෙකෙරේවා. 41 එකල ඔහුද ඔහු හා සමඟ ඔහුගේ දරුවෝද නුඹ වෙතින් ගොස් තමාගේ පෙළපතටත් තමාගේ පියවරුන්ගේ උරුමයටත් නැවත පැමිණෙත්වා. 42 මක්නිසාද ඔව්හු මිසර දේශයෙන් මා විසින් ගෙනෙනලද මාගේ මෙහෙකරුවෝය. දාසයන් මෙන් ඔවුන් විකුණනු නොලැබිය යුතුය. 43 තදකමින් ඔහු කෙරෙහි අධිපතිකම් නොකොට නුඹේ දෙවියන්වහන්සේට භය වෙන්න. 44 නුඹට ඇතිවන්නාවූ දාස දාසීන් ගැන නම්, නුඹලා වටකරින් සිටින ජාතීන්ගෙන්ම දාස දාසීන් මිලේට ගත යුතුය. 45 ඇරත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාවූ අන් රට වැසියන්ගේ දරුවන්ගෙන්ද ඔවුන්ට නුඹලාගේ දේශයෙහිදී උපදින්නාවූ නුඹලා ළඟ සිටින ඔවුන්ගේ පවුල්වලින්ද මිලේට ගන්න. ඔවුන් නුඹලාගේ උරුමයක් කොට තබාගන්ට පුළුවන. 46 නුඹලාට පසුව නුඹලාගේ දරුවන්ටද උරුමයක් කොට ඔවුන් හිමිකර දෙන්ට පුළුවන; ඔවුන් අතරෙන් සදාකාලේටම නුඹලාගේ දාසයන් ලබාගත හැකිය. එහෙත් නුඹලාගේ සහෝදරයන්වූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි එනම් එක එකා තමතමාගේ සහෝදරයා කෙරෙහි තදකමින් අධිපතිකම් නොකළ යුතුය.
47 නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ කෙනෙක් පොහොසත්වෙන්ටත් ඔහු වෙත සිටින නුඹේ සහෝදරයෙක් දිළිඳුව නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ අයට හෝ විදේශියාගේ පවුලේ කෙනෙකුට හෝ විකුණනු ලබන්ටත් යෙදුණොත්, 48 ඔහු විකුණු පසු නැවත මුදනු ලැබිය හැකිය; ඔහුගේ සහෝදරයන්ගෙන් එක් කෙනෙකුට ඔහු මුදාගත හැකිය. 49 ඔහුගේ මවුගේවත් පියාගේවත් සහෝදරයාට හෝ මවුගේවත් පියාගේවත් සහෝදරයාගේ පුත්‍රයාට හෝ ඔහුගේ පවුලට ළඟ නෑයින්ගෙන් කෙනෙකුට හෝ ඔහු මුදාගන්ට පුළුවන; නොහොත් ඔහු ධනවත් වන්නේනම් තමාම මුදාගන්ට හැකිවන්නේය. 50 ඔහු මිලේට ගත් තැනැත්තා සමඟ විකුණනු ලබන අවුරුද්ද පටන් ජුබිලි අවුරුද්ද දක්වා ගණන්බලාවා. ඔහුගේ විකිණීමේ මිල ඒ අවුරුදු ගණන හැටියට වන්නේය; ඔහු පඩියට වැඩකරන්නෙකුගේ කාලය ලෙස ඔහු සමඟ සිටීවා. 51 බොහෝ අවුරුදු ඉතුරුව තිබේනම් ඒවායේ හැටියට තමාගේ මිදීමේ මිලය තමා විකුණනු ලැබූ මිලයෙන් නැවත ගෙවිය යුතුය. 52 ජුබිලි අවුරුද්ද දක්වා ඉතුරුව තිබෙන්නේ අවුරුදු ස්වල්පයක් නම් ඔහු සමඟ ගණන බලා තමාගේ අවුරුදුවල හැටියට තමාගේ මිදීමේ මිල නැවත දේවා. 53 අවුරුද්දෙන් අවුරුද්ද පඩියට වැඩකරන්නෙකු මෙන් ඔහු ඒ අය වෙත සිටීවා. ඒ අය නුඹ ඉදිරිපිට ඔහු කෙරෙහි තද ලෙස අධිපතිකම් නොකෙරේවා. 54 මේ අන්දම්වලින් ඔහු මුදනු නොලබන්නේනම්, ඔහු සහ ඔහු සමඟ ඔහුගේ දරුවෝද ජුබිලි අවුරුද්දේ නිදහස්ව යන්නෝය. 55 මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මාගේ මෙහෙකරුවෝය; ඔව්හු මා විසින් මිසර දේශයෙන් ගෙනාවාවූ මාගේ මෙහෙකරුවෝය. මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය.
26අවවාද සහ පොරොන්දු
1 රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 2 නුඹලා මාගේ සබත් රක්ෂාකළ යුතුය, මාගේ ශුද්ධස්ථානයට ගෞරව කළ යුතුය. මමස්වාමීන්වහන්සේය.
3 නුඹලා මාගේ පනත් ලෙස හැසිර මාගේ ආඥාවන් රක්ෂාකරමින් ඒවා පවත්වන්නහු නම්, 4 මම නියම සෘතුවෙහි නුඹලාගේ වර්ෂාවල් දෙන්නෙමි, දේශය එහි වර්ධනයන් දෙන්නීය, කෙතේ ගස්ද ඒවායේ ඵල දෙන්නේය. 5 නුඹලාගේ ගොයම් මඩින කාලය මුද්‍රිකඵල නෙළන කාලය දක්වා පවත්නේය, මුද්‍රිකඵල නෙළන කාලය වපුරන කාලය දක්වා පවත්නේය. නුඹලා සෑහෙන්ට කෑම කා නුඹලාගේ දේශයෙහි සුරක්ෂිතව සිටින්නහුය. 6 නුඹලා නිදාගන්න කල කිසිවෙක් නුඹලා භය නොගන්වන ලෙස දේශයෙහි සමාදානය දෙන්නෙමි. දේශයෙන් චණ්ඩ මෘගයන් පහකරන්නෙමි, කඩුවද නුඹලාගේ දේශය මැදින් නොයන්නේය. 7 නුඹලා නුඹලාගේ සතුරන් එළවන්නහුය, ඔව්හු නුඹලා ඉදිරියෙහි කඩුවෙන් වැටෙන්නෝය. 8 නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනෙක්ද නුඹලාගෙන් සියදෙනෙක් දසදහසක්ද එළවනවා ඇත. එසේ නුඹලාගේ සතුරෝ නුඹලා හමුවෙහි කඩුවෙන් වැටෙන්නෝය. 9 මම නුඹලා සලකා බෝකොට වැඩිකරන්නෙමි; මාගේ ගිවිසුම නුඹලා සමඟ පිහිටුවන්නෙමි. 10 නුඹලා බොහෝ කල් රැස්කර තිබුණු පරණ දේ කන්නහුය, අලුත් දේ කන පිණිස පරණ දේ පහකරන්නහුය. 11 මමද මාගේ මණ්ඩපය නුඹලා අතරෙහි පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද නුඹලා පිළිකුල් නොකරන්නේය. 12 මම නුඹලා අතරෙහි හැසිර නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලා මාගේ සෙනඟ වන්නහුය. 13 මම වනාහි නුඹලා මිසරවරුන්ගේ වහලුන්ව නොසිටින පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේය; මම නුඹලාගේ වියගහේ බැඳුම් බිඳ නුඹලාට කෙලින්ව යන්ට සැලැස්වීමි.
14 එහෙත් නුඹලා මට ඇහුම්කන් නොදී මේ සියලු ආඥා නොපවත්වා, 15 මාගේ පනත් ප්‍රතික්ෂේප කරන්නහුනම්, නුඹලාගේ ප්‍රාණය මාගේ විනිශ්චයයන් පිළිකුල්කරන්නේනම්, එසේ මාගේ සියලු ආඥා නොපවත්වා මාගේ ගිවිසුම් කඩකරන්නහුනම්, 16 මමද නුඹලාට මෙසේ කරන්නෙමි: මම නුඹලා කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. නුඹලා නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද නුඹලාගේ සතුරෝ ඒවා කන්නෝය. 17 මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය. 18 තවද මේ සියල්ල නිසාවත් නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත් තව සත් ගුණයක් නුඹලාගේ පව් නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. 19 මම නුඹලාගේ බලයේ උඩඟුකම බිඳින්නෙමි; නුඹලාගේ අහස යකඩ මෙන්ද නුඹලාගේ භූමිය පිත්තල මෙන්ද කරන්නෙමි. 20 එසේ නුඹලාගේ ශක්තිය නිකරුණේ වියදම්වන්නේය. මක්නිසාද නුඹලාගේ දේශය එහි වර්ධනය නොදෙන්නීය, දේශයේ ගස්ද ඵල නොදෙන්නේය. 21 නුඹලා මට විරුද්ධව හැසිර මට ඇහුම්කන් නොදෙන්නහුනම් මම නුඹලාගේ පාපවල හැටියට තව සත් ගුණයක් නුඹලාට පීඩා පමුණුවන්නෙමි. 22 මම නුඹලා අතරට වන මෘගයන් එවන්නෙමි, උන් නුඹලාගේ දරුවන් නුඹලාගෙන් කොල්ලකන්නෝය, නුඹලාගේ ගවයන් විනාශකරන්නෝය; නුඹලා ගණනින් අඩුකරන්නෝය; එසේ නුඹලාගේ මාර්ග පාළුවන්නේය. 23 මේ දේවලින්වත් නුඹලා මා කෙරෙහි හරිනොගැසී මට විරුද්ධව හැසුරුණොත්, 24 මමත් නුඹලාට විරුද්ධව හැසිර නුඹලාගේ පාපවල් නිසා සත්ගුණයක් පහරදෙන්නෙමි. 25 මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් නුඹලා පිටට පමුණුවන්නෙමි; නුඹලා නුඹලාගේ නුවරවල රැස්ව සිටින කල්හි නුඹලා අතරට වසංගතය පමුණුවන්නෙමි; නුඹලාද නුඹලාගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය. 26 මා විසින් නුඹලාගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි නුඹලාගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. නුඹලා කා සෑහීමට නොපැමිණෙන්නහුය.
27 ඉදින් නුඹලා මේ සියල්ල නිසාවත් මට ඇහුම්කන් නොදී මට විරුද්ධව හැසිරෙන්නහුනම්, 28 මම නුඹලාට විරුද්ධව උදහසින් හැසිර නුඹලාගේ පාපවල් නිසා සත් ගුණයක් නුඹලාට දඬුවම් කරන්නෙමි. 29 නුඹලාද නුඹලාගේ පුත්‍රයන්ගේ මාංස කනවා ඇත, නුඹලාගේ දූවරුන්ගේ මාංසද කනවා ඇත. 30 මම නුඹලාගේ උස් තැන් විනාශකොට, නුඹලාගේ සූර්ය රූප සිඳදමා, නුඹලාගේ දේවරූප කැබලි පිට නුඹලාගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද නුඹලා පිළිකුල් කරන්නේය. 31 මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි. 32 මම දේශය නාස්තිකරන්නෙමි. එහි වාසය කරන නුඹලාගේ සතුරෝද ඒ ගැන විස්මයට පත්වන්නෝය. 33 මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය. 34 එකල නුඹලාගේ සතුරන්ගේ දේශයෙහි නුඹලා සිටින අතර නාස්තිවීමේ කාලය මුළුල්ලෙහි දේශය ඒකේ සබත් කාලවල් භුක්ති විඳිනවා ඇත; එකල දේශය නිවාඩු ලැබ ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනවා ඇත. 35 නුඹලා එහි වාසයකරද්දී නුඹලාගේ සබත් කාලවල ඊට නොලැබුණු නිවාඩුව නටබුන් භාවයේ කාලයෙහිදී ලබනවා ඇත. 36 නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය. 37 කඩුව ඉදිරියෙන් දුවන්නාක් මෙන් කිසිවෙකු ලුහු නොබඳින කල ඔව්හු එකිනෙකා පිට හැපී වැටෙන්නෝය. නුඹලාගේ සතුරන් ඉදිරිපිට සිටින්ට නුඹලාට කිසි බලයක් නැතිවන්නේය. 38 නුඹලා ජාතීන් අතරෙහි නැතිවන්නහුය, නුඹලාගේ සතුරන්ගේ දේශය, නුඹලා කා දමන්නීය. 39 නුඹලාගෙන් ඉතිරිවන අය තමුන්ගේ අපරාධ නිසාත් තමුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසාත් නුඹලාගේ සතුරන්ගේ දේශවලදී ක්ෂයවී යනවා ඇත. 40 එවිට ඔවුන් මට විරුද්ධව කළ ද්‍රෝහිකමෙන් වුණාවූ තමුන්ගේ අයුතුකමද, තමුන්ගේ පියවරුන්ගේ අයුතුකමද, ඔවුන් මට විරුද්ධව හැසුරුණු නිසා, 41 මාත් ඔවුන්ට විරුද්ධව හැසිර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පැමිණෙවු බවද කියා දෙනවා ඇත. එකල්හිවත් ඔවුන්ගේ අචර්මඡේදිත සිත් යටහත්වී ඔව්හු තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්, 42 මම යාකොබ් සමඟ කළ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; ඊසාක් සමඟ කළ මාගේ ගිවිසුමත් ආබ්‍රහම් සමඟ කළ මාගේ ගිවිසුමත් සිහිකරන්නෙමි; 43 දේශයද සිහිකරන්නෙමි. දේශයද ඔවුන් නිසා පාළුව තිබෙන තෙක් ඔවුන් විසින් අත්හරිනු ලැබ එහි සබත් කාලවල් භුක්තිවිඳින්නීය; ඔව්හුද තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝය. මක්නිසාදයත් ඔව්හු මාගේ විනිශ්චයයන් ප්‍රතික්ෂේපකොට තමුන්ගේ සිතින් මාගේ පනත් පිළිකුල්කළෝය. 44 එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේය. 45 ඔවුන්ගේ මුතුන් මුත්තන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මිසර දේශයෙන් මා විසින් ගෙනෙන ලද්දාවූ ඒ තැනැත්තන් සමඟ කළ ගිවිසුම මම ඔවුන් උදෙසා සිහිකරන්නෙමි. මමස්වාමීන්වහන්සේයයි කීසේක.
46 ස්වාමීන්වහන්සේතමන්වහන්සේද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද අතරේ සීනයි කන්දේදී මෝසෙස් ලවා පිහිටුවනලද පනත්ද විනිශ්චයයන්ද ව්‍යවස්ථාද මේවාය.
27කැපකරනලද තැනැත්තන් හා දේවල් ගැන
1 ස්වාමීන්වහන්සේමෝසෙස්ට කථාකොට කියනසේක්: 2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මනුෂ්‍යයෙක් භාරයක් ඉෂ්ටකරන කල භාරයට ඇතුළත් අයවල් නුඹ නියමකරන ගණනේ හැටියටස්වාමීන්වහන්සේටඅයිති වන්නෝය. 3 විසි අවුරුද්ද පටන් සැට අවුරුද්ද දක්වා වයස් ඇති පුරුෂයෙක් ගැන නුඹේ නියමකිරීම ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට රිදී ෂෙකෙල් පනහක් වන්නේය. 4 ස්ත්‍රියෙක් නම් නුඹේ නියමකිරීම ෂෙකෙල් තිසක් වන්නේය. 5 පස් අවුරුද්ද පටන් විසි අවුරුද්ද දක්වා වයස් ඇති කෙනෙක් නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම ෂෙකෙල් විස්සක්ද ගෑනු කෙනෙක් ගැන ෂෙකෙල් දසයක්ද වන්නේය. 6 මසක් පටන් පස් අවුරුද්ද දක්වා වයස් ඇති කෙනෙක්නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම රිදී ෂෙකෙල් පහක්ද ගෑනු කෙනෙක් ගැන නුඹේ නියමකිරීම රිදී ෂෙකෙල් තුනක්ද වන්නේය. 7 සැට අවුරුද්ද පටන් වැඩි වයස් ඇති කෙනෙක් නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම ෂෙකෙල් පසළොසක්ද ගෑනු කෙනෙක් ගැන ෂෙකෙල් දසයක්ද වන්නේය. 8 නුමුත් ඔහු නුඹ නියමකරන ගණනේ තරම ගෙවන්ට බැරි දිළින්දෙක් නම් පූජකයා ඉදිරිපිට සිටවනු ලැබිය යුතුය, පූජකයා ඔහුට ගණනක් නියම කෙරේවා; භාරයක්වූ තැනැත්තාගේ වත්කමේ ප්‍රකාරයට පූජකයා ඔහුට නියමකෙරේවා.
9 මනුෂ්‍යයන් විසින්ස්වාමීන්වහන්සේටපූජාවක් ඔප්පුකිරීමට ගන්නාවූ මෘගයෙක් නම්, මනුෂ්‍යයෙකුස්වාමීන්වහන්සේටදෙන්නාවූ එබඳු සියල්ලම ශුද්ධවන්නේය. 10 ඔහු හොඳ එකෙකු නරක එකෙකුට හෝ නරක එකෙකු හොඳ එකෙකුට හෝ වෙනස් නොකළ යුතුය, මාරුනොකළ යුතුය. කොයි ආකාරයකින්වත් මෘගයෙකුට මෘගයෙකු මාරුකරන්නේනම් ඒකාද ඌට මාරුකළ එකාද ශුද්ධවන්නෝය. 11 නුමුත්ස්වාමීන්වහන්සේටපූජාවක් ඔප්පුකිරීමට නොගන්නාවූ යම් අපවිත්‍ර මෘගයෙක් නම්, ඔහු ඒ මෘගයා පූජකයා ඉදිරිපිට සිටවිය යුතුය. 12 පූජකයා උගේ හොඳ නරක හැටියට උගේ ගණන නියමකෙරේවා. පූජකයාවූ නුඹේ නියම කිරීමේ හැටියටම වේවා. 13 නුමුත් ඌ මුදාගන්ට ඔහු කැමතිනම් නුඹ නියමකරන ගණනට ඔහු පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.
14 මනුෂ්‍යයෙක් තමාගේ ගෙයස්වාමීන්වහන්සේටශුද්ධකොට කැපකරන කල පූජකයා ඒකේ හොඳ නරක හැටියට ගණන නියමකෙරේවා. පූජකයා නියමකරන ගණනේ හැටියටම එය ස්ථිරවේවා. 15 කැපකළ තැනැත්තේ තමාගේ ගෙය මුදාගන්ට කැමතිනම් නුඹ නියමකරන මුදලට එයින් පහෙන් පංගුවක් එකතුකර දේවා, එවිට ඒක ඔහුගේ වන්නේය.
16 මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රවේණි බිමෙන් කොටසක්ස්වාමීන්වහන්සේටකැපකරන්නේනම් නුඹේ නියමකිරීම ඒකේ වැපිරීමේ හැටියට වන්නේය. යව බීජ හෝමරයක වපසරිය රිදී ෂෙකෙල් පනහක් බැගින් වේවා. 17 ඔහු තමාගේ කෙත ජුබිලි වර්ෂය පටන් කැප කරන්නේනම් නුඹේ නියමකිරීමේ හැටියට එය ස්ථිරවන්නේය. 18 එහෙත් ඔහුගේ කෙත ජුබිලි වර්ෂයට පසුව කැපකරන්නේනම් පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඉතිරිව තිබෙන අවුරුදු ලෙස ඔහුට මිල ගණන් බලා කියාවා, ඒ හැටියට නුඹේ නියමකිරීම අඩුවන්නේය. 19 බිම කැපකරන තැනැත්තා ඒක මුදාගන්ට කැමතිනම් නුඹ නියමකරන මුදලට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය. එවිට ඒක ඔහුට ස්ථිරවන්නේය. 20 නුමුත් ඔහු කෙත මුදානොගන්නේනම් නොහොත් ඔහු කෙත වෙන කෙනෙකුට විකුණා තිබේනම් ඒක තවත් මුදනු නොලබන්නේය. 21 ඒ බිම ජුබිලි වර්ෂයේදී නිදහස් වෙන විට තීන්දුවටම කැපවූ බිමක් මෙන්ස්වාමීන්වහන්සේටශුද්ධවන්නේය; ඒකේ අයිතිය පූජකයාට වන්නේය. 22 යමෙක් තමාගේ උරුම බිමක් නොවන්නාවූ තමා මිලේටගත් කෙතක්ස්වාමීන්වහන්සේටකැපකරන්නේනම්, 23 පූජකයා ජුබිලි වර්ෂය දක්වා නුඹ නියමකරන මිලයේ හැටියට ඔහුට ගණන බලා කියාවා. ඔහු ඒ දවසේදී නුඹ නියමකරන ගණනස්වාමීන්වහන්සේටශුද්ධ දෙයක්කොට දේවා. 24 ජුබිලි වර්ෂයේදී ඒ කෙත එය වික්කාවූ එහි උරුමය අයිතිවූ තැනැත්තාට නැවත ලැබෙන්නේය. 25 නුඹේ සියලු නියමකිරීම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් විය යුතුය.
26 නුමුත් කුලුඳුල්ව ඉපිදස්වාමීන්වහන්සේටඅයිතිවෙන කුලුඳුල් මෘගයෙක් කිසිවෙකු විසින් කැපනොකළ යුතුය; ගවයෙක් වුවත් එළුවෙක් හෝ බැටළුවෙක් වුවත් ඌස්වාමීන්වහන්සේටම අයිතිය. 27 ඌ අපවිත්‍ර මෘගයෙක්නම් ඔහු නුඹ නියමකරන ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර ඌ මුදාගත යුතුය. මුදා නොගත්තොත් ඌ නුඹ නියමකරන ගණනට විකුණනු ලැබිය යුතුය.
28 ඒ අතරම කිසිවෙක් තමා සන්තක සියල්ලෙන් එනම් මිනිසුන්ගෙන් හෝ මෘගයන්ගෙන් හෝ තමාගේ උරුම කෙතෙන් හෝස්වාමීන්වහන්සේටතීන්දුවටම කැපකරන කිසිවක් විකුණන්ටවත් මුදාගන්ටවත් නුපුළුවන. තීන්දුවටම කැපකරන සියල්ලස්වාමීන්වහන්සේටඅති ශුද්ධය. 29 මනුෂ්‍යයන්ගෙන් තීන්දුවටම කැපකරනු ලැබූ කෙනෙක් මුදනු නොලබන්නේය, ඔහු මරනු ලබන්ටම ඕනෑය.
30 භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක්ස්වාමීන්වහන්සේටඅයිතිය. එයස්වාමීන්වහන්සේටශුද්ධය. 31 යමෙකු තමාගේ දසයෙන් කොටසෙන් යමක් මුදාගන්ටම කැමති නම් ඔහු ඒ ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය. 32 කෙවිට යටින් යන්නාවූ සියලුම මෘගයන් වන ගව එළු බැටළු රැළවලින් දසයෙන් කොටසක්ස්වාමීන්වහන්සේටශුද්ධය. 33 ඔහු විසින් ඌ හොඳද නරකද කියා සොයන්ට හෝ ඌ මාරුකරන්ට හෝ යුතු නැත. මාරුකළොත් ඌ සහ ඌට මාරුකරන එකාත් ශුද්ධය; ඌ මුදනු නොලබන්නේයයි කීසේක.
34 ඉශ්‍රායෙල් පුත්‍රයන් සඳහාස්වාමීන්වහන්සේසීනයි කන්දේදී මෝසෙස්ට දුන් ආඥා මේවාය.