සියොන් නුවර පාළුව තිබීම පිළිබඳ ශෝකවීම
1 සෙනඟගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි!
1 ඈ වැන්දඹුවක් මෙන් වූ හැටි!
2 ඈ රාත්‍රියෙහි අතිශයින් හඬයි, ඇගේ කඳුළු ඇගේ කම්මුල් පිට තිබේ;
3 පීඩාව නිසාද අධික දාසකම නිසාද යූදා වහල්කමට ගියාය;
4 මංගල්‍ය රැස්වීමට එන කෙනෙක් නැති බැවින් සියොන්ට යන මාර්ගයෝ වැලපෙන්නාහ;
5 ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති;
6 සියොන් දියණියගේ මුළු මහිමශ්‍රීය ඇගෙන් පහව ගියේය.
7 යෙරුසලම ඇගේ පීඩාව සහ දුක් දවස්වලදී පුරාණ දවස් පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහිකරයි.
8 යෙරුසලම බලවත්ලෙස පව්කළ බැවින් ඈ කිලුටක් වී සිටින්නීය.
9 ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය;
10 එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය.
11 ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති;
12 මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද?
13 උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි.
14 මාගේ අපරාධ නැමති වියගහ බැඳ තිබෙන්නේ උන්වහන්සේගේ අතින්ය;
15 මා තුළ සිටි මාගේ සියලු බලවතුන්ස්වාමීන්වහන්සේහෙළාදැක්ක සේක;
16 මේ දේවල් නිසා අඬමි;
17 සියොන් ඇගේ අත් විදහාගන ඉඳියි;
18 ස්වාමීන්වහන්සේධර්මිෂ්ඨය;
19 මාගේ ප්‍රේමවන්තයන්ට අඬගැසීමි, නුමුත් ඔව්හු මා රැවටුවෝය.
20 ස්වාමීන්වහන්ස,බැලුව මැනව;
21 මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය;
22 ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේවා;
මේ දුක් පීඩා ස්වාමීන්වහන්සේගේ කෝපය නිසා වන බව
1 ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි!
2 ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට,
3 උන්වහන්සේ බලවත් උදහසෙන් ඉශ්‍රායෙල්ගේ අඟ සහමුලින් සිඳ දැමූසේක;
4 උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක.
5 ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක;
6 උන්වහන්සේ තමන් මණ්ඩපය වත්තක් මෙන් පාළුකරදැමූසේක;
7 ස්වාමීන්වහන්සේතමන් පූජාසනය අහකදැමූසේක, තමන් ශුද්ධස්ථානය පිළිකුල්කළසේක, ඇගේ මාළිගාවල පවුරු සතුරා අතට පාවාදුන්සේක.
8 ස්වාමීන්වහන්සේසියොන් දුවගේ පවුර නාස්තිකරන්ට අදහස්කළසේක;
9 ඇගේ දොරටු පොළොවට ගිලුණේය;
10 සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති;
11 මාගේ දියණිය වන සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස් කඳුළින් ක්ෂයවේ, මාගේ බඩවැල් කැලඹී, මාගේ අක්මාව බිම වැගිරී තිබේ;
12 නුවර වීථිවල තුවාලවූවන් මෙන් ඔව්හු ක්ලාන්තවෙමින්, තමුන්ගේ ප්‍රාණ තමුන්ගේ මවුවරුන්ගේ ළයෙහි වගුරුවන කල්හි, ධාන්‍ය සහ මුද්‍රිකපානයත් කොයිදැයි තමුන්ගේ මවුවරුන්ට කියති.
13 යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද?
14 නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය;
15 මග යන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පුඩිගසති;
16 නුඹේ සියලු සතුරෝ නුඹට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති;
17 ස්වාමීන්වහන්සේතමන් යෝජනා කළ දේ ඉෂ්ටකළසේක;
18 ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේට කෑගැසීය.
19 නැගිට, රාත්‍රී යාමවල මුලදී ඝෝෂා කොට, නුඹේ සිත ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිට වතුර මෙන් වගුරුවන්න.
20 ස්වාමීන්වහන්ස,ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව.
21 බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති;
22 මංගල්‍ය රැස්වීමකදී මෙන් භීති මා වටකරින්ම එන ලෙස ඔබ අඬගැසූසේක, කිසිවෙක්ස්වාමීන්වහන්සේගේඋදහස් දවසේදී ගැළවී ඉතුරු නොවීය.
සියොන් දුවගේ බලාපොරොත්තුව දෙවියන්වහන්සේගේ කරුණාව කෙරෙහි බව
1 උන්වහන්සේගේ කෝපය නැමති දණ්ඩෙන්දුක අත්දුටුවාවූ මනුෂ්‍යයා මමය.
2 උන්වහන්සේ මා ගෙනගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්ට සැලැස්වූසේක.
3 සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක.
4 උන්වහන්සේ මාගේ මාංසයත් හමත් ජරාවට පමුණුවා, මාගේ ඇට බින්දසේක.
5 උන්වහන්සේ මට විරුද්ධව පවුරු ගොඩනගා, තික්තකමෙන්ද ගාවිනාවෙන්ද මා වටකළසේක.
6 පුරාණයේ නැසීගියවුන් මෙන් උන්වහන්සේ අඳුරු තැන්වල විසීම මට සැලැස්වූසේක.
7 පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක;
8 එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක.
9 උන්වහන්සේ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා, මාගේ මාවත් ඇදකළසේක.
10 උන්වහන්සේ මාහට රැක සිටින වලසෙක්ද රහස් තැන්වල ඉන්න සිංහයෙක්ද මෙන්ය.
11 උන්වහන්සේ මාගේ මාර්ග ඉවත්කොට මා ඉරාදැමූසේක;
12 උන්වහන්සේ තමන් දුන්න තැත්කවා, ඊගහට ඉලක්කයක් කොට මා තැබූසේක.
13 උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක.
14 මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි.
15 උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක.
16 උන්වහන්සේ බොරළුවලින් මාගේ දත් බින්දසේක, අලුයෙන් මා වැසූසේක.
17 ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක;
18 මාගේ සවියත්ස්වාමීන්වහන්සේකෙරෙන් මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේයයි කීමි.
19 කොසඹ සහ වසද වැනිවූ මාගේ පීඩාවත් මාගේ දුකත් සිහිකළ මැනව.
20 මාගේ ආත්මය තවම ඒවා සිහිකර මා තුළ පහත්වන්නේය.
21 මේක මතක්කරගන්නෙමි, එබැවින් මට බලාපොරොත්තුව ඇත්තේය.
22 අප විනාශ නූණේස්වාමීන්වහන්සේගේකරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.
23 ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ;
24 මාගේ කොටස නම්ස්වාමීන්වහන්සේයයි මාගේ ආත්මය කියයි;
25 ස්වාමීන්වහන්සේගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය.
26 ස්වාමීන්වහන්සේගෙන්වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.
27 තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.
28 උන්වහන්සේ ඒක ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්දව සිටීවා.
29 සමහරවිට බලාපොරොත්තුවක් තිබේය කියා තමාගේ මුඛය දූවිල්ලෙහි තබාගන හිඳීවා.
30 ඔහු තමාට පහරදෙන අයට කම්මුල පෑවාවේ;
31 මක්නිසාද ස්වාමීන්වහන්සේ සදාකාලයටම අහකදමන්නේ නැත.
32 උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක.
33 මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක, ඔවුන් ශෝකයට නොපමුණුවනසේක.
34 පොළොවේ සෑම හිරකාරයන් පාදයට පොඩිකිරීමටත්,
35 මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේදී මනුෂ්‍යයෙකුගේ යුක්තිය පෙරළා දැමීමටත්,
36 මනුෂ්‍යයෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරීමටත් ස්වාමීන්වහන්සේ සතුටු නොවනසේක.
37 ස්වාමීන්වහන්සේ අණ නොකළසේක්නම් යමක් සිද්ධවේයයි කියන්නේ කවුද?
38 මහෝත්තමයාණන්ගේ මුඛයෙන්ම විපතත් සැපතත් නොනික්මේද?
39 ජීවත්ව සිටින මනුෂ්‍යයෙක් තමාගේ පව් ගැන දඬුවම ලබන නිසා කොඳුරන්නේ මන්ද?
40 අපේ මාර්ග සෝදිසිකර විමසාස්වාමීන්වහන්සේවෙතට නැවත හැරෙමු.
41 ස්වර්ගයෙහි සිටින දෙවියන්වහන්සේ වෙතට අපගේ අත් සමඟ අපේ සිත්ද ඔසවමු.
42 අපි වනාහි වරදකොට කැරළිගැසීමුව;
43 ඔබවහන්සේ උදහසින් සැඟවී සිට අප පස්සේ එළවාගෙන ආසේක;
44 අපේ යාච්ඤාව ඔබ වෙතට නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබම වසාගෙන සිටිනසේක.
45 ඔබ ජනයන් අතරෙහි අප කසළ සහ බොර මෙන් කළසේක.
46 අපේ සියලු සතුරෝ අපට විරුද්ධව බොහෝසේ කට ඇරියෝය.
47 භයානකකම සහ වළත් නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ.
48 මාගේ සෙනඟ වන දියණියගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලන්නේය.
49 ස්වාමීන්වහන්සේස්වර්ගයේ සිට බලා සලකන තුරු,
50 මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙන්නේය.
51 මාගේ නුවර සියලු දූවරුන් නිසා මාගේ ඇස්වලින් මාගේ ආත්මයට වේදනා පැමිණෙන්නේය.
52 නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය.
53 ඔව්හු මාගේ ප්‍රාණය හිරගෙයිදී සිඳ දමා, මා පිට ගලක් හෙළුවෝය.
54 වතුරු මාගේ හිසට උඩින් ගලා ගියේය;
55 ස්වාමීන්වහන්ස,මම ගැඹුරු වළේ සිට ඔබගේ නාමය කියා යාච්ඤා කෙළෙමි;
56 ඔබ මාගේ හඬ ඇසූසේක;
57 මා ඔබට යාච්ඤාකළ දවසේදී ඔබ ළංවී:
58 ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ආත්මය වෙනුවට කාරණා කීසේක;
59 ස්වාමීන්වහන්ස,ඔබ මාගේ පීඩාව දුටුසේක;
60 ඔවුන්ගේ සියලුම පළිගැනීම් සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනා ඔබ දුටුසේක.
61 ස්වාමීන්වහන්ස,ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනාද,
62 මට විරුද්ධව නැගුටුණවුන්ගේ වචනද දවස මුළුල්ලේ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ අදහස්ද ඔබ ඇසූසේක.
63 ඔවුන්ගේ හිඳීමත් නැගිටීමත් බැලුව මැනව;
64 ස්වාමීන්වහන්ස,ඔවුන්ගේ අත්වල ක්‍රියා ලෙස ඔබ ඔවුන්ට ප්‍රතිඵල දෙනසේක.
65 සිත් දැඩිකම වන ඔබගේ ශාපය ඔබ ඔවුන්ට දෙනසේක.
66 ඔබ උදහසින් ඔවුන් එළවාගෙන ගොස්,ස්වාමීන්වහන්සේගේඅහස යටින් ඔවුන් විනාශකරදමන සේක.
4සියොන් නුවරේ ප්‍රථම තේජස හා වර්තමාන අසරණකම සමානකිරීම
1 රත්රන් අඳුරුවී තිබෙන හැටි!
2 රනට සමානවූ සියොන්හි උතුම් පුත්‍රයන් කුම්භකාරයාගේ අත්වල වැඩ වන මැටි භාජන මෙන් සලකනු ලබන හැටි!
3 සිවල්දෙන්නු පවා තනන ඇද උන්ගේ පැටවුන්ට කිරි පොවති.
4 කිරිදරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි.
5 රස කෑම කෑ අය අසරණව වීථිවල හිඳිති.
6 මක්නිසාද, කිසිවෙකු විසින් අත් හෙළන්නේ නැතුව ඇසිල්ලකින් මෙන් විනාශවුණ සොදොමේ පාපයට වඩා මාගේ සෙනඟ වන දියණියගේ අයුතුකම මහත්ය.
7 ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදුව කිරිවලට වඩා සුදුව සිටියෝය, රතුකැටවලට වඩා ඔවුන්ගේ ශරීර රතුව තිබුණේය, ඔවුන්ගේ ඔපය නීලමාණික්‍යය මෙන් විය.
8 දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළුය;
9 සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේය;
10 දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය;
11 ස්වාමීන්වහන්සේතමන් කෝපය තීන්දුවට ඉෂ්ටකොට, තමන් බලවත් උදහස වැගිරෙවුසේක;
12 පොළොවේ රජවරුද ලෝකයේ සියලු වැසියෝද එදිරිකාරයා සහ සතුරා යෙරුසලමේ දොරටුවලට ඇතුල්වන්නේයයි විශ්වාස නොකළෝය.
13 මෙසේ වුණේ ධර්මිෂ්ඨයන්ගේ ලේ ඈ තුළ වැගිරෙවුවාවූ ප්‍රොපේතවරුන්ගේ පව් නිසාත් පූජකයන්ගේ අපරාධ නිසාත්ය.
14 ඔව්හු අන්ධයන් මෙන් වීථිවල ඔබ මොබ යති, මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්ට බැරි තරමට ඔව්හු ලෙයින් කිලුටුවී සිටිති.
15 අහක්වෙන්න, අපවිත්‍රය!
16 ස්වාමීන්වහන්සේගේඋදහස ඔවුන් භේදකෙළේය;
17 නිෂ්ඵලවූ උපකාර ගැන බලාසිටීමෙන් අපේ ඇස් තවම ක්ෂයවන්නේය.
18 අපේ වීථිවල අපට යන්ට බැරිවන ලෙස ඔව්හු අපේ අඩිපාරේ එළවති.
19 අප පස්සේ එළවාගන ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත්වූහ.
20 ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ,ස්වාමීන්වහන්සේගේඅභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.
21 ඌශ් දේශයෙහි වාසයකරන ඒදොම් දුව, ප්‍රීති සන්තෝෂවෙයන්න.
22 එම්බා සියොන් දියණිය, නුඹේ අයුතුකමේ දඬුවම ඉෂ්ටවිය;
මිදීම සඳහා සියොන් දුව ඕනෑකමින් යාච්ඤා කිරීම
1 ස්වාමීන්වහන්ස,අපට සිද්ධවී තිබෙන දේ සිහිකළ මැනව.
2 අපේ උරුමය අන්‍යයන්ටත් අපේ ගෙවල් විදේශීන්ටත් අයිතිවී තිබේ.
3 අපි කාත් නැත්තෝය, පියා නැති දරුවෝය, අපේ මවුවරුන් වැන්දඹුවන් මෙන්ය.
4 අපි අපේම වතුර මිලේට ගෙන බීමුව, අපේම දර අපට විකුණනු ලැබේ.
5 අප ලුහුබඳින්නෝ අපට ඉතා ආසන්නය.
6 සෑහෙන පමණ කෑම ලැබෙන පිණිස මිසරවරුන්ටත් අෂූර්වරුන්ටත් අත දුනිමුව.
7 අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත;
8 වැඩකාරයෝ අප කෙරෙහි ආණ්ඩුකරති.
9 කාන්තාරයේ තිබෙන කඩුව නිසා, අපේ ප්‍රාණයට අන්තරාය ඇතුව අපේ කෑම ලබාගනිමුව.
10 සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත්ව තිබේ.
11 සියොන්හි ස්ත්‍රීන්ටත් යූදා නුවරවල කන්‍යාවන්ටත් ඔව්හු බලාත්කාරකළෝය.
12 අධිපතීහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය.
13 යෞවනයෝ ඇඹරුම්ගල උසුලාගන ගියෝය, ළමයි දරවල බරින් වැටී ගියෝය.
14 වැඩිමහල්ලෝ දොරටුවෙන් පහව ගියෝය.
15 අපේ සිතේ ප්‍රීතිය නැවතුණේය;
16 අපේ හිසින් ඔටුන්න වැටුණේය.
17 මේ නිසා අපේ සිත ක්ලාන්තවී තිබේ;
18 පාළුව තිබෙන සියොන් කන්ද නිසා–අපේ ඇස් අඳුරුවී තිබේ;
19 ස්වාමීන්වහන්ස,ඔබ සදාකාලටම සිටිනසේක;
20 ඔබ නිතරම අප මතකනැතිකරන්නෙත් මෙපමණ කල් අප අත්හරින්නෙත් මක්නිසාද?
21 ස්වාමීන්වහන්ස,අප හැරී එන පිණිස ඔබ වෙතට අප හරවාගත මැනව;
22 මක්නිසාද ඔබ සහමුලින් අප පහකර දැමූසේක, ඔබ අප කෙරෙහි අතිශයින් කෝපව සිටිනසේක.