යෝබ්ගේ ධන සම්පත්තිය හා ඔහුට පත් විපත්ති
1 යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි. 2 ඔහුට පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද උපන්නෝය. 3 ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය. 4 තවද ඔහුගේ පුත්‍රයෝ ගොස් එකිනෙකා තම තමාගේ දවසේ, තම තමාගේ ගෙදරදී, මංගල්‍යයක් පවත්වන්ටත් තමුන් සමඟ කෑම බීම පිණිස තමුන්ගේ සහෝදරියන් තුන්දෙනාට අඬගස්වා අරින්ටත් පුරුදුව සිටියෝය. 5 ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.
6 තවද එක් දවසක දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ස්වාමීන්වහන්සේ,ඉදිරියෙහි පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ඔවුන් අතරෙහි ආයේය. 7 එවිටස්වාමීන්වහන්සේ:නුඹ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන්ස්වාමීන්වහන්සේටඋත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආවෙමියි කීවේය. 8 එවිටස්වාමීන්වහන්සේ:නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක. 9 සාතන්ස්වාමීන්වහන්සේටඋත්තරදෙමින්: යෝබ් දෙවියන්වහන්සේ කෙරෙහි භයවන්නේ නිකමටද? 10 ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ. 11 නුමුත් ඔබගේ අත දිගුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇතැයි කීවේය. 12 එවිටස්වාමීන්වහන්සේසාතන්ට කථාකොට: බලව, ඔහුට ඇති සියල්ල නුඹේ අත යටතේය; නුමුත් ඔහුට විරුද්ධව නම් නුඹේ අත දිගු නොකරන්නැයි කීසේක. සාතන්ස්වාමීන්වහන්සේඉදිරියෙන් පිටතට ගියේය.
13 තවද එක් දවසක් ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රිකපානය බොමින් සිටියදී මෙසේ සිද්ධවිය. 14 පණිවිඩකාරයෙක් යෝබ් වෙතට ඇවිත්: ගවයන් සීසාමින්ද උන් ළඟ කොටළු දෙනුන් තණ කමින්ද සිටින අතර 15 ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. 16 ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. 17 ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. 18 ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: ඔබගේ පුත්‍රයන් සහ දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි කමින්ද මුද්‍රිකපානය බොමින්ද සිටියදී, 19 තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. 20 එවිට යෝබ් නැගිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ: 21 නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි.ස්වාමීන්වහන්සේදුන්සේක,ස්වාමීන්වහන්සේගත්සේක;ස්වාමීන්වහන්සේගේනාමයට ප්‍රශංසාවේවයි කීවේය. 22 මේ සියල්ලේදී යෝබ් පව්කෙළේවත් අඥානකමින් දෙවියන්වහන්සේට දොස් තැබුවේවත් නැත.
2යෝබ් පරීක්ෂාකරනු ලැබීම
1 නැවතත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ස්වාමීන්වහන්සේඉදිරිපිට පෙනීසිටින්ට ආ කල්හි සාතන්දස්වාමීන්වහන්සේඉදිරියෙහි පෙනීසිටින්ට ඔවුන් අතරෙහි ආයේය. 2 එවිටස්වාමීන්වහන්සේ:නුඹ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන්ස්වාමීන්වහන්සේටඋත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආයෙමියි කීවේය. 3 එවිටස්වාමීන්වහන්සේ:නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ කෙනෙක් පොළොවෙහි නැත. කරුණක් නැතුව ඔහු නාස්තිකරන්ට නුඹ ඔහුට විරුද්ධව මා පෙළඹෙවු නුමුත්, ඔහු තමාගේ අවංකකම තවම පවත්වාගන සිටීයයි සාතන්ට කීසේක. 4 සාතන්ස්වාමීන්වහන්සේටඋත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය. 5 නුමුත් ඔබගේ අත දිගුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා ඇතැයි කීවේය. 6 එවිටස්වාමීන්වහන්සේ:බලව, ඔහු නුඹ අතෙහිය; නුමුත් ඔහුගේ ජීවිතය ඉතුරුකරන්නැයි සාතන්ට කීසේක. 7 සාතන්ස්වාමීන්වහන්සේඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය. 8 ඔහු තමාගේ ඇඟ කසාගන්ට කැබිලිත්තක් ගත්තේය; තවද ඔහු අලුවල හිඳගත්තේය. 9 එවිට ඔහුගේ භාර්යාව: නුඹේ අවංකකම තවම පවත්වාගන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙවයි කීවාය. 10 එහෙත් ඔහු ඈට කථාකොට: නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.
මිත්‍රයන් තුන්දෙනාගේ පැමිණීම
11 යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය. 12 ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය. 13 මෙසේ ඔව්හු රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමඟ බිම හිඳගන උන්නෝය, කිසිවෙක්ද ඔහුට වචනයක්වත් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය ඉතා මහත් බව ඔව්හු දුටුවෝය.
3යෝබ් උපන්දිනට ශාපකර විලාප කීම
1 ඉන්පසු යෝබ් තමාගේ මුඛය හැර තමාගේ දවසට ශාපකෙළේය.
2 යෝබ් කථාකොට මෙසේ කීවේය:
3 මා උපන් දවසත් පිරිමි ළමයෙක් පිළිසිඳුණේය කී රාත්‍රියත් නැති වේවා.
4 ඒ දවස අන්ධකාරය වේවා;
5 අඳුරත් මරණ සෙවණත් ඒක හිමිකර ගනිත්වා;
6 ඒ රාත්‍රිය වනාහි ඝනාන්ධකාරයට අසුවේවා.
7 ඒ රාත්‍රිය වඳ එකක් වේවා;
8 දවස්වලට ශාපකරන්නාවූ, ලෙවියාතන් පුබුදුවන්ට සමර්ථව සිටින්නාවූ අය ඊට ශාපකෙරෙත්වා.
9 ඒකේ සවස්කාලයේ තාරකාවෝ අඳුරුවෙත්වා.
10 මක්නිසාද ඒක මා බිහිකළ කුසේ දොරවල් නොවැසුවේය, මාගේ ඇස්වලින් දුකද නොසැගෙවුවේය.
11 මා උපන් සැටියේම නොමැරුණේ මන්ද?
12 උකුළ මා පිළිගත්තේ මන්ද?
13 එසේ නොතිබුණා නම් මා දැන් සැතපී, පැමිණෙන්නේය.
14 එසේ, නටබුන් තැන් ගොඩනගා ගත්තාවූ, පොළොවේ රජුන් හා මන්ත්‍රීන් සමඟ,
15 නොහොත් රන් ඇත්තාවූ, තමුන්ගේ ගෙවල් රිදීයෙන් පුරවා ගත්තාවූ අධිපතීන් සමඟ, මට නිශ්චලයෙන් ඉන්ට තිබුණේය.
16 නොහොත් සඟවනලද ගබ්සාවක් මෙන්ද එළිය නුදුටු ළදරුවන් මෙන්ද මට පැවැත්මක් නොවෙනවා ඇත.
17 එහි දුෂ්ටයෝ කරදර කිරීමෙන් නැවතී හිඳිති, වෙහෙසට පත්වූවෝ එහි විශ්‍රාමය ලබති.
18 හිරකාරයෝ එහි එක්ව පහසු විඳිති;
19 කුඩා අයත් ලොකු අයත් එහි සිටිති;
20 උන්වහන්සේ දුඃඛිත අයට එළියත් ශෝක සිත් ඇත්තන්ට ජීවිතයත් දෙන්නේ මන්ද?
21 ඔවුන් මරණය ගැන බලාපොරොත්තුවෙන නුමුත්, නිදන් වස්තුවලට වඩා එය සොයන නුමුත්, ඒක නොපැමිණෙන්නේය.
22 මිනීවළ සම්මුඛවෙන කල ඔව්හු සන්තෝෂව, අතිශයින් ප්‍රීති වන්නෝය.
23 දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු වටකොට වැටක් බැඳ, ඔහුගේ මාර්ගය නොපෙනී තිබියදී, ඔහුට එළිය දී තිබෙන්නේ මක්නිසාද?
24 එසේය, මාගේ කෑම මෙන් මාගේ සුසුම්ලෑම පැමිණෙන්නේය, මාගේ කෙඳිරිගෑමද වතුර මෙන් වැගිරෙන්නේය.
25 මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.
26 මට පහසුවක් නැත, මට නිශ්චලතාවක් නැත, නිවාඩුවක් නැත;
එලීපස්ගේ පළමුවෙනි කථාව
1 එවිට තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:
2 යමෙක් නුඹ සමඟ කථාකරන්ට සිතට ගත්තොත් නුඹ අප්‍රසන්න වන්නෙහිද?
3 බලව, නුඹ බොහෝදෙනෙකුට දැනමුතුකම් දී, හෙළා වැටුණු අත් බලවත්කෙළෙහිය.
4 සෙලවෙන තැනැත්තා නුඹේ වචනවලින් නුඹ ස්ථිරකෙළෙහිය, නැමෙන දණහිස් සවිකෙළෙහිය.
5 එහෙත් දැන් ඒක නුඹට පැමිණි බැවින් නුඹ ක්ලාන්තවන්නෙහිය;
6 නුඹේ විශ්වාසය නුඹේ භක්තියත්, නුඹේ බලාපොරොත්තුව නුඹේ මාර්ගවල අවංකකමත් නොවේද?
7 නිදොස්ව සිට විනාශවුණේ කව්ද කියාත් අවංක අය සිඳිනු ලැබුවේ කොතැනද කියාත් කල්පනාකරන්න.
8 මා දැක තිබෙන හැටියට අධර්මිෂ්ඨකම හාලා අයුක්තිය වපුරන්නෝ ඒවාම කපාගනිති.
9 දෙවියන්වහන්සේගේ හුස්මට ඔව්හු විනාශවන්නෝය, උන්වහන්සේගේ උදහස නමැති සුළං පහරින් ඔව්හු පහව යන්නෝය.
10 සිංහයාගේ ගර්ජනාවත් රෞද්‍ර සිංහයාගේ හඬත් නැතිවිය, තරුණ සිංහයන්ගේ දත්ද බිඳී තිබේ.
11 මහලු සිංහයා ගොදුරු නැතුව විනාශ වන්නේය, සිංහධේනුවගේ පැටව්ද විසිරයන්නෝය.
12 කාරණාවක් රහසින් මට දන්වනලද්දේය, එහි ශබ්දය හෙමින් මාගේ කනේ වැටුණේය.
13 බරවූ නින්ද මනුෂ්‍යයන් පිට පැමිණෙන වේලාවට, රාත්‍රි දර්ශනවලින් හටගන්නා සිතිවිලි වලදී,
14 මාගේ සියලුම ඇට වෙවුලෙවුවාවූ භීතියක්ද චංචලයක්ද මට පැමුණුණේය.
15 එවිට ආත්මයක් මාගේ මුහුණ ඉදිරියෙන් ගියේය;
16 ආත්මය නැවතුණේය, නුමුත් ඒකේ ආකාරය දැනගන්ට මට නොහැකි විය;
17 මනුෂ්‍යයා දෙවියන්වහන්සේට වඩා ධර්මිෂ්ඨද?
18 බලව, උන්වහන්සේ තමන් මෙහෙකරුවන් කෙරෙහි විශ්වාසය නොතබනසේක;
19 ධූලියෙහි අත්තිවාරම ඇති, මැටි ගෙවල වාසයකරන්නන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද!
20 උදය පටන් සවස දක්වා ඔව්හු පොඩිවී යති, ඔව්හු සදාකාලයටම නැතිවී යති, කිසිවෙක් එය නොසලකයි.
21 ඔවුන් තුළ තිබෙන උතුම්කම පහව නොයන්නේද?
1 ඉතින් අඬගසන්න;
2 මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.
3 අඥානයා මුල් අදිනවා මම දුටිමි;
4 ඔහුගේ දරුවෝ සුරක්ෂිතකමෙන් දුරුව සිටිති, ඔව්හු දොරටුවේදී පොඩිකරනු ලබති, ඔවුන් ගළවන්ට කිසිවෙක්ද නැත්තේය.
5 ඔවුන්ගේ අස්වැන්න බඩගිනි ඇත්තා කන්නේය, එය කටුගස් අතරෙන් පවා ගන්නේය, මලපත ඔවුන්ගේ වස්තුව ගිලගන්ට කට අයා සිටියි.
6 මක්නිසාද විපත්තිය ධූලියෙන් හට නොගනියි, දුක භූමියෙන් පැන නොනගියි.
7 එසේය, ගිනි පුපුරු උඩට නගින්නාක්මෙන් මනුෂ්‍යයා දුක් විඳීමට උපදින්නේය.
8 එහෙත් මම නම් දෙවියන්වහන්සේ දෙසට හැරී, මාගේ කාරණය දෙවියන්වහන්සේට භාරදෙන්නෙමි.
9 සොයා දැනගන්ට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ කරනසේක.
10 පහත්ව ඉන්නන් උසස්කරන්ටත්, ශෝකයෙන් ඉන්නන් සුරක්ෂිත කරන්ටත්,
11 උන්වහන්සේ පොළොව පිටට වැසි වස්වනසේක, කෙත් පිටට වතුරත් එවනසේක.
12 ප්‍රයෝගකාරයන්ගේ අතින් කරන්ටගත් දෙය ඉෂ්ටකරන්ට බැරිවන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ උපායන් නිෂ්ඵලකරනසේක.
13 උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම ප්‍රයෝගයෙන් අසුකරගන්නසේක.
14 ඔව්හු දවාලේදී අන්ධකාරයට අසුවී, රාත්‍රියෙහි මෙන් ඉරමුදුන් වේලේදී අතගගා යති.
15 එසේ උන්වහන්සේ ඔවුන්ගේ මුඛය නමැති කඩුවෙන්ද බලවන්තයාගේ අතින්ද දිළින්දා ගළවනසේක.
16 මෙසේ දුප්පතාට බලාපොරොත්තුව තිබේ, අධර්මිෂ්ඨකමද තමාගේ කට පියාගනියි.
17 බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
18 මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක;
19 විපත්ති හයකින් උන්වහන්සේ නුඹ ගළවනසේක;
20 සාගතයේදී මරණයෙන්ද යුද්ධයේදී කඩුවේ බලයෙන්ද උන්වහන්සේ නුඹ මුදනසේක.
21 දිව නමැති කසයෙන් නුඹ සඟවනු ලබන්නෙහිය;
22 විනාශයටත් කෑම හානියටත් නුඹ සිනාසෙන්නෙහිය;
23 මක්නිසාද වනයේ ගල් සමඟ පවා නුඹේ ගිවිසුමක් වන්නේය;
24 මෙසේ නුඹේ කූඩාරම සමාදානයෙන් තිබෙන බව නුඹ දැනගන්නෙහිය;
25 තවද නුඹේ වංශය බොහෝ බවද නුඹෙන් පැවත එන්නන් පොළොවේ තණකොළ මෙන් වන බවද නුඹ දැනගන්නෙහිය.
26 ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් නුඹ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.
27 මෙන්න මේක අපි සෝදිසිකර, එසේම බව දැනගතිමුව;
යෝබ්ගේ උත්තරය
1 එවිට යෝබ් උත්තරදෙමින් මෙසේ කීවේය:
2 අනේ මාගේ ශෝකය කිරා බලන්ටත් මාගේ මුළු විපත්තිය තරාදිවල දමන්ටත් යෙදුණොත් යහපත!
3 එවිට ඒක මුහුදේ වැලිවලට වඩා බර වන්නේය.
4 මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය.
5 තණකොළ තිබෙන විට වල් කොටළුවා රාවය දෙයිද?
6 රස නැති දේ ලුණු නැතුව කනවාද?
7 මාගේ ආත්මය ඒවාට අතගසන්ට අකැමැතිය;
8 අහෝ මාගේ ඉල්ලීම මට ලැබුණොත්, මා ආශාවන දෙය දෙවියන්වහන්සේ මට දුන්නොත් යහපත!
9 එනම් දෙවියන්වහන්සේ මා පොඩිකරදමන්ට සතුටුවී, ස්වකීය හස්තය දිගුකොට මා සිඳ දමනසේක්වා!
10 එසේ මට නැවත සැනසීම වන්නේය;
11 මා බලාපොරොත්තුව සිටින පිණිස මාගේ ශක්තිය මොකක්ද?
12 මාගේ ශක්තිය ගල්වල ශක්තියද?
13 මාගේ උපකාරය මා තුළෙහි නැතිවී, පිහිට මාගෙන් සහමුලින් පහව ගියා නොවේද?
14 ක්ලාන්තවෙන්ට ළංව සිටින අයට තම මිත්‍රයාගෙන් කරුණාව ලැබිය යුතුය;
15 මාගේ සහෝදරයෝ ඔයක් මෙන්ද පහවී යන ඔයවල දිය පාරවල් මෙන්ද රැවටිලි ලෙස ක්‍රියාකළෝය.
16 ඒවා හිම කැටිවලින් කළුපාට වන්නේය, හිම ඒවායෙහි නොපෙනී යන්නේය.
17 ඒවා උණුවූ කල නොපෙනී යන්නේය.
18 ඒවායේ මාර්ගවල යන ගමන්කාර හමුදාවෝ අහකට හැරී, කාන්තාරයට ගොස් විනාශ වන්නෝය.
19 තේමාහි ගමන්කාර හමුදාවෝ ඒවා ගැන බලා සිටියෝය, ෂෙබාහි සමූහයෝ ඒවා බලාපොරොත්තුවුණෝය.
20 ඔව්හු බලාපොරොත්තුව සිට ලජ්ජාවට පත්වුණෝය;
21 එලෙසම දැන් නුඹලා හිස්කම වුණහුය;
22 මට යමක් දෙන්නය කියාවත්, නුඹලාගේ දෙයින් මා උදෙසා තෑග්ගක් දෙන්නය කියාවත්,
23 එදිරිකාරයාගේ අතින් මා ගළවා ගන්නය කියාවත්, පීඩාකරන්නන්ගේ අතින් මා මුදන්නය කියාවත් මම කීයෙම්ද?
24 මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි.
25 අවංකකමේ වචන කොපමණ බලවත්ද!
26 බලාපොරොත්තුවක් නැත්තාගේ කීම සුළඟට යද්දී නුඹලා වචනවලට තරවටුකරන්ට සිතන්නහුද?
27 එසේය, නුඹලා පියා නැත්තා ගැන පවා පසඇට දමා, නුඹලාගේ මිත්‍රයා වෙළඳාම් බඩුවක් කරගන්නහුය.
28 ඉතින් කරුණාකර මා දෙස බලන්න;
29 ඉතින් හැරෙන්න, කිසි අයුත්තක් සිද්ධ නොවේවා;
30 මාගේ දිවෙහි අයුක්තියක් තිබේද?
1 පොළොවේදී යුද්ධ සේවයක් මනුෂ්‍යයාට තිබෙනවා නොවේද?
2 සෙවණැල්ලට ඉතා ආශාවන්නාවූ මෙහෙකරුවෙකු මෙන්ද, කුලී ලබන්ට බලා ඉන්නාවූ කුලීකාරයෙකු මෙන්ද,
3 නිෂ්ඵලකමේ මාස මට උරුමව තිබේ, වෙහෙස ගෙනදෙන රැයවල්ද මට නියමවී තිබේ.
4 මා නින්දට යන කල:
5 පණුවන්ගෙන්ද පස්කැටිවලින්ද මාගේ මාංසය වැසී තිබේ;
6 මාගේ දවස් වියන්නාගේ නඩාවට වඩා ඉක්මන්ව, බලාපොරොත්තුවක් නැතුව ගෙවී යන්නේය.
7 අනේ මාගේ ජීවිතය සුළඟක් බව සිහිකළ මැනව.
8 මා දකින අයගේ ඇස තවත් මා නොදක්නේය.
9 වලාකුළ නැතිවී නොපෙනී යන්නාසේම ෂෙයෝලට බසින අය තවත් නැගීනොඑන්නේය.
10 ඔහු නැවත තමාගේ ගෙදරට හැරී නොඑන්නේය, ඔහුගේ ස්ථානයද නැවත ඔහුව දැන නොගන්නේය.
11 ඒ නිසා මම මාගේ මුඛය නවත්වා නොගෙන, මාගේ ආත්මයේ තද වේදනාවෙන් කථාකර, මාගේ ප්‍රාණයේ ශෝකයෙන් විලාප කියන්නෙමි.
12 ඔබ මට විරුද්ධව මුර තබන්නේ මම මුහුදක්ද?
13 මාගේ ඇඳ මා සනසන්නේය කියාත් මාගේ යහන මාගේ ශෝකය සහනය කරන්නේය කියාත් මා කියන කල,
14 ඔබ ස්වප්නවලින් මා භය ගන්වනසේක, දර්ශනවලින්ද මා ත්‍රස්තකරනසේක.
15 ඒ නිසා බෙල්ල මිරිකා නසනු ලැබීමටත්, මාගේ මේ ඇටවලට වඩා මරණයටත් මාගේ ආත්මය කැමතිවන්නේය.
16 මම ක්ෂයවී ඉඳිමි;
17 ඔබ විසින් මනුෂ්‍යයා උසස්කරන්ටත්, ඔහු කෙරෙහි ඔබගේ සිත තබන්ටත්,
18 උදයෙන් උදය ඔහු සලකන්ටත්, මොහොතෙන් මොහොත ඔහු සෝදිසිකරන්ටත් ඔහු මොකක්ද?
19 කෙල ගිලිනතුරුවත් ඔබ මා කෙරෙන් ඉවත නොබලා සිටින්නෙත්, මට නිකම් ඉන්ට නෑර සිටින්නෙත් කොපමණ කල්ද?
20 මනුෂ්‍යයන්ගේ ආරක්ෂාකාර තැනන්වහන්ස, මා පව්කර තිබෙන නුමුත් ඔබට කුමක් කරම්ද?
21 ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද?
බිල්දද්ගේ පළමුවෙනි කථාව
1 එකල ෂූහිය බිල්දද් උත්තර දෙමින් කියනුයේ:
2 නුඹ මේවා පවසන්නෙත් නුඹේ මුඛයේ වචන බලවත් හුළඟක්ව තිබෙන්නෙත් කොපමණ කල්ද?
3 දෙවියන්වහන්සේ විනිශ්චය පෙරළනසේක්ද?
4 නුඹේ දරුවන් උන්වහන්සේට විරුද්ධව පව්කරන්ටත්, උන්වහන්සේ ඔවුන්ගේ අපරාධයේ බලයට ඔවුන් පාවාදෙන්ටත් යෙදුණේ නම්,
5 නුඹ දෙවියන්වහන්සේ ඕනෑකමින් සොයා, සර්වපරාක්‍රමයාණන්ට කන්නලව් කරන්නෙහි නම්,
6 නුඹ පිරිසිදුව අවංකව සිටින්නෙහි නම්, සැබෑවටම දැන් නුඹ උදෙසා උන්වහන්සේ පිබිද, නුඹේ ධර්මිෂ්ඨකමේ නිවාසය සමාදානයෙන් වර්ධනයකරනසේක.
7 නුඹේ පටන්ගැන්ම කුඩා නුමුත් නුඹේ අන්තිමය බොහෝසෙයින් වැඩිවන්නේය.
8 එසේය, ප්‍රථම පරම්පරාවෙන් අසන්න, ඔවුන්ගේ පියවරුන් විභාගකළ දේට සිත යොමුකරන්න.
9 (මක්නිසාද අපි නම් ඊයේ දවසේ අයවල්ය, කිසිවක් නොදනිමුව, මක්නිසාද පොළොවෙහි අපේ දවස් සෙවණැල්ලක්ය.)
10 ඔව්හු නුඹට උගන්වා නුඹට කියාදී, තමුන්ගේ සිතින් නික්මෙන වචන නොකියන්නෝද?
11 මඩ නැති තැන පන් වැවේද?
12 ඒවා කපා නොදමා අමුව තිබෙද්දීම සියලු පලා ජාතිවලට පළමුවෙන් මැලවෙන්නේය.
13 දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියල්ලන්ගේ මාවත් එසේමය;
14 ඔහුගේ විශ්වාසය සිඳී යන්නේය, ඔහුගේ රක්ෂාස්ථානයද මකුළු දැලක්ය.
15 ඔහු තමාගේ ගෙට හේත්තුවුණාම ඒක නොතිබී යයි;
16 ඔහු සූර්යයා ඉදිරියෙහි සශ්‍රීකවී, ඔහුගේ රිකිළි ඔහුගේ වත්තේ සෑම තැනම විහිදී යන්නේය.
17 ඔහුගේ මුල් ගල් ගොඩ උඩ එතෙන්නේය.
18 ඔහු තමාගේ ස්ථානයෙන් නාස්තිවී ගියාම:
19 ඔහුගේ මාර්ගයේ ප්‍රීතිය නම් මේය, ඒ බිමෙන් වෙන අය නැගී එන්නෝය.
20 දෙවියන්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් පහකර දමන්නේවත් නපුර කරන්නන්ට ආධාර වෙන්නේවත් නැත.
21 උන්වහන්සේ නුඹේ මුඛය සිනාවෙනුත් නුඹේ තොල් ප්‍රීති ඝෝෂාවෙනුත් පුරවනසේක.
22 නුඹට වෛරවෙන්නෝ ලජ්ජාවෙන් අඳවනු ලබන්නෝය;
යෝබ්ගේ උත්තරය
1 එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 ඒ එසේමයයි මම සැබවින් දනිමි.
3 උන්වහන්සේ ඔහු සමඟ විවාද කරන්ට කැමතිවුණොත්, උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තරදෙන්ට ඔහුට බැරිය.
4 උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය.
5 උන්වහන්සේ හදිසියෙන්ම කඳු පහකර, තමන්ගේ උදහසින් ඒවා පෙරළා දමනසේක.
6 උන්වහන්සේ පොළොව ඒකේ ස්ථානයෙන් සොලවා හරිනසේක, ඒකේ කණුද වෙවුලන්නේය.
7 ඉර නොපායන හැටියට උන්වහන්සේ අණකරනසේක;
8 උන්වහන්සේ පමණක්ම අහස දිගහරිනසේක, මුහුදු රැළ පිටද ඇවිදිනසේක.
9 උන්වහන්සේ මහවලසාද මුවසිරසද හත්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක.
10 උන්වහන්සේ සොයා දැනගන්ට බැරිවූ මහත් දේද ගණන් නැති පුදුමවල්ද කරනසේක.
11 බලව, උන්වහන්සේ මා ළඟින් යන නුමුත් මට පෙනෙන්නේ නැත;
12 උන්වහන්සේ අල්ලාගන්න කල උන්වහන්සේ වලක්වන්නේ කවුද?
13 දෙවියන්වහන්සේ තමන් උදහස පහකර නොගන්නාසේක;
14 එසේවී නම් මම උන්වහන්සේට උත්තර දෙමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට මාගේ වචන තෝරාගන්නේ කොහොමද?
15 මම ධර්මිෂ්ඨවුවත්, උන්වහන්සේට උත්තර නොදී, මාගේ විරුද්ධකාරයාට කන්නලව් කරන්නෙමි.
16 මා යාච්ඤාකළ විට උන්වහන්සේ මට උත්තරදුන්නත්, උන්වහන්සේ මාගේ හඬට කන්දුන් බව විශ්වාස නොකරන්නෙමි.
17 මක්නිසාද උන්වහන්සේ කුණාටුවකින් මා පොඩිකර, නිකරුණේ මාගේ තුවාල වැඩිකරනසේක.
18 උන්වහන්සේ මට හුස්ම ගන්ටනොදී, තික්තකම්වලින් මා පුරවනසේක.
19 ශක්තිය ගැන කථාකරමු නම් එය ඇත්තේ උන්වහන්සේටය;
20 මම ධර්මිෂ්ඨයයි කීවත් මාගේ මුඛය මා වරදට පත්කරන්නේය, මම නිදොස්යයි කීවත් එය මා වරදකාරයෙක් බව ඔප්පුකරන්නේය.
21 මා නිදොස් වුවත් මාගේ ප්‍රාණය ගැන නොසලකමි;
22 කොයි එකත් එකය;
23 විපත නමැති කස පහරින් හදිසියෙන් මරණය වුවත්, නිදොස් අයගේ විපත්තියට උන්වහන්සේ සිනාසෙනසේක.
24 පොළොව දුෂ්ටයාගේ අතට භාරදී තිබේ.
25 මාගේ දවස් දුවන පණිවිඩකාරයෙකුට වඩා වේගවත්ය.
26 ඒවා ඉක්මනින් දුවන නැව් මෙන්ද ගොදුර පිටට වේගයෙන් බැස යන රාජාලියෙකු මෙන්ද පහව ගියේය.
27 මාගේ විලාපය මතකනැතිකර, මාගේ දුක්මුසු පෙනීම වෙනස් කරගෙන, සොම්නස්වන්නෙමියි කීවත්,
28 මාගේ සියලු දුක්වලට භයෙන් සිටිමි, ඔබ මා නිර්දෝෂ කොට ගණන් නොගන්න බව දනිමි.
29 මම වරදකාරයෙක් වන්නෙමි;
30 මා හිම දියෙන් නාගන, මාගේ අත් කොපමණ පවිත්‍රකර ගත්තත්,
31 ඔබ මා මඩ වළේ හෙළනසේක, මාගේම ඇඳුම් මට පිළිකුල්ය.
32 මක්නිසාද මා විසින් උන්වහන්සේට උත්තරදෙන්ටත්, මා උන්වහන්සේ සමඟ විනිශ්චයට පැමිණෙන්ටත් පුළුවන්වන ලෙස, උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයෙක් නොවේය,
33 අප දෙගොල්ල කෙරෙහි තමාගේ අත තබන්ට අප අතරේ බේරුම්කාරයෙක් නැත.
34 උන්වහන්සේ තමන් ඉපල මා කෙරෙන් පහකරගන්නසේක්වා, උන්වහන්සේගේ භීතිය මා ත්‍රස්ත නොකෙරේවා.
35 එවිට මම උන්වහන්සේට භය නැතුව කථාකරන්නෙමි;
1 මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය;
2 දෙවියන්වහන්සේට මම මෙසේ කියන්නෙමි:
3 ඔබ විසින් පීඩාකිරීමත්, ඔබගේ අත්වැඩය හෙළාදැකීමත්, දුෂ්ටයන්ගේ මන්ත්‍රණය කෙරෙහි බැබළීමත් ඔබට සුදුසුද?
4 ඔබට මාංසමය ඇස් තිබේද?
5 ඔබගේ දවස් මනුෂ්‍යයාගේ දවස් වාගේද?
6 මක්නිසාද මා දුෂ්ටයෙක් නොවන බවද ඔබගේ අතින් මුදන්ට පුළුවන් කිසිකෙනෙක් නැති බවද ඔබ දන්න නුමුත්,
7 ඔබ මාගේ අපරාධය විමසනසේක, මාගේ පාපයක් සොයා බලනසේක.
8 ඔබගේ අත්වලින් මා හැඩහුරුකොට සහමුලින්ම මා සෑදූ නුමුත්, ඔබ මා නාස්තිකරනසේක.
9 ඔබ මා මැටිවලින් මෙන් සෑදූ බව සිහිකරන ලෙස අයදිමි:
10 ඔබ මා කිරි මෙන් වත්කර, මිදුණු කිරි මෙන් මිදෙන්ට සලස්වා,
11 හමෙන්ද මාංසයෙන්ද මා පළඳවා, ඇටවලින්ද නහරවලින්ද මා වියන්ට නොයෙදුණේද?
12 ඔබ මට ජීවිතයත් කරුණාවත් දී, ඔබගේ දයා බැල්මෙන් මාගේ ආත්මය ආරක්ෂාකළසේක.
13 එහෙත් මේ දේවල් ඔබගේ සිතෙහි සඟවා තබාගත්සේක;
14 මම පව්කෙරෙම්නම් ඔබ එය බලා ගන්නසේක, මාගේ අපරාධයෙන් ඔබ මා නිදොස් නොකරනසේක.
15 මා දුෂ්ටයෙක්නම් මට දුක්වේ;
16 මාගේ හිස එසෙවුවොත් ඔබ සිංහයෙකු මෙන් මා පස්සේ එළවා, නැවත පුදුම ලෙස මා කෙරෙහි බලය පානසේක.
17 අමුතු සාක්ෂි මට විරුද්ධව පමුණුවා, මා කෙරෙහි ඔබගේ උදහස වැඩි කරනසේක;
18 එබැවින් ඔබ මා කුසෙන් බිහිකළේ මන්ද?
19 එකල මා නුවූවාක්මෙන් වෙනවා ඇත;
20 මාගේ දවස් ස්වල්ප නොවේද?
21 එනම් අන්ධකාරයේද මරණ සෙවණේද දේශයවූ, අන්ධකාරය වැනි තද කළුවරද
22 පිළිවෙළක් නැතුව මරණ සෙවණද ඇත්තාවූ, එළියත් අන්ධකාරයව පවත්නාවූ දේශයට මා යන්ට පළමුවෙන්, මට ස්වල්පයක් සැනසිල්ල ලැබෙන පිණිස, මාගෙන් අහක්වුව මැනවයි කීවේය.
11ශෝපර්ගේ පළමුවෙනි කථාව
1 එවිට නයමාතිය ශෝපර් උත්තර දෙමින් කියනුයේ:
2 වචන රාශියට උත්තරදිය යුතු නොවේද?
3 මනුෂ්‍යයන් නුඹේ ප්‍රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද?
4 මක්නිසාද:
5 අහෝ, දෙවියන්වහන්සේ කථාකොට, නුඹට විරුද්ධව උන්වහන්සේගේ තොල් විවරකරනසේක්වා!
6 ප්‍රඥාවේ රහස්ද උන්වහන්සේගේ ඥානය නානාප්‍රකාර බවද නුඹට පෙන්වනසේක්වා!
7 දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට නුඹට පුළුවන්ද?
8 ඒක ස්වර්ගය මෙන් උසය;
9 ඒකේ මිම්ම පොළොවට වඩා දිගය, මුහුදට වඩා පළලය.
10 උන්වහන්සේ අවුත් හිරකොට විනිශ්චයට අඬගැසුවොත්, උන්වහන්සේ වලක්වන්නේ කවුද?
11 මක්නිසාද උන්වහන්සේ බොරුකාරයන් දන්නාසේක;
12 නුමුත් නිරර්ථක මනුෂ්‍යයා අනුවණව සිටින්නේය, එසේය, මනුෂ්‍යයා වල් කොටළුවෙක්ව උපදින්නේය.
13 නුඹේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහකරන්න, අධර්මිෂ්ඨකමද නුඹේ කූඩාරම්වල වාසය නොකෙරේවා.
14 එවිට නුඹ නුඹේ සිත හරි ආකාර යොමුකොට උන්වහන්සේ දෙසට නුඹේ අත් දිගු කළොත්,
15 නුඹ කැලලක් නැතුව නුඹේ මුහුණ ඔසවාගන, ස්ථිරව භය නැතුව සිටිනවා ඇත.
16 එසේය, නුඹ නුඹේ දුක මතකනැති කර, බැසගිය ජලය මෙන් ඒ ගැන සිතනවා ඇත.
17 නුඹේ ජීවිතය ඉරමුදුන් වේලාවටත් වඩා දීප්තිමත් වන්නේය;
18 බලාපොරොත්තුව තිබෙන බැවින් නුඹ විශ්වාසයෙන් සිටින්නෙහිය;
19 නුඹ කිසිවෙකුගෙන් භයක් නොලැබ නිදාගන්නෙහිය;
20 නුමුත් දුෂ්ටයන්ගේ ඇස් ක්ෂයවන්නේය, ඔවුන්ට ගැළවීමක් නොලැබෙන්නේය, ඔවුන්ගේ බලාපොරොත්තුවද ප්‍රාණය ඉකුත්වීමයයි කීවේය.
12යෝබ්ගේ උත්තරය
1 එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 නොඅනුමානවම මිනිස්සු නම් නුඹලාය, නුඹලා නසින විට ප්‍රඥාවත් නසිනවා ඇත.
3 මටත් නුඹලාට වාගේම බුද්ධිය තිබේ;
4 මම දෙවියන්වහන්සේට යාච්ඤාකොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක් වූ කෙනෙක් මෙනි.
5 සැපෙන් සිටින අය තමාගේ සිතින් විපත්තිය ඇත්තා සුළුකරන්නේය;
6 කොල්ලකාරයන්ගේ කුඩාරම් සඵල වෙති, දෙවියන්වහන්සේ උදහස්කරවන්නෝද සුරක්ෂිතව සිටිති;
7 එහෙත් මෘගයන්ගෙන් අසන්න, උන් නුඹට උගන්වනවා ඇත;
8 නොහොත් පොළොවට කථාකරන්න, එවිට ඒක නුඹට උගන්වනවා ඇත;
9 ස්වාමීන්වහන්සේගේඅත මෙය කළ බව මේ සියල්ලෙන් දැන නොගන්නේ කවුද?
10 ජීවත්වෙන සියලු සත්වයන්ගේ පණද මුළු මනුෂ්‍ය වර්ගයාගේ ආත්මද උන්වහන්සේගේ අතෙහිය.
11 උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?
12 ප්‍රඥාව මහල්ලන් අතරෙහිය, වයස් වැඩිවීම ඥානයය.
13 ප්‍රඥාවත් බලයත් ඇත්තේ උන්වහන්සේ වෙතය;
14 බලව, උන්වහන්සේ කඩාදැමුවාම ගොඩනගනු නොලබන්නේය;
15 උන්වහන්සේ වතුර නැවැත්තුවාම ඒවා හිඳී යන්නේය;
16 බලයත් සමර්ථකමත් තිබෙන්නේ උන්වහන්සේ වෙතය;
17 උන්වහන්සේ මන්ත්‍රීන් වහල්කමට පමුණුවනසේක, විනිශ්චයකාරයන්ද මෝඩයන් කරනසේක.
18 උන්වහන්සේ රජුන්ගේ බැම්ම ලිහාදමා, ඔවුන්ගේ කටියෙහි පටියක් බඳිනසේක.
19 උන්වහන්සේ පූජකයන් වහල්කමට පමුණුවනසේක, බලවතුන් හෙළාදමනසේක.
20 උන්වහන්සේ විශ්වාස අයගෙන් කථාව පහකරනසේක;
21 උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, සවි ඇත්තන්ගේ ඉඟපටිය මුදනසේක.
22 උන්වහන්සේ අන්ධකාරයෙන් ගැඹුරු දේ එළිදරව්කර, මරණ සෙවණ ආලෝකයට පමුණුවනසේක.
23 උන්වහන්සේ ජාතීන් වර්ධනය කරනසේක, ඔවුන් නැතිකරනසේක.
24 උන්වහන්සේ පොළොවේ ජන ප්‍රධානීන්ගේ බුද්ධිය පහකොට, ඔවුන් පාරක් නැති කාන්තාරයක මුළාවයන්ට සලස්වනසේක.
25 ඔව්හු එළිය නැතුව අඳුරේ අතගගා යන්නෝය, උන්වහන්සේ ඔවුන් බේබද්දෙකු මෙන් ඔබ මොබ යන්ට සලස්වනසේක.
131 බලව, මේ සියල්ල මාගේ ඇසින් දැක, මගේ කනින් අසා තේරුම්ගතිමි.
2 නුඹලා දන්නා දේ මමත් දනිමි.
3 සැබවින් මම සර්වපරාක්‍රමයාණන්ට කථාකොට, දෙවියන්වහන්සේට කාරණා කියා සිටින්ට කැමැත්තෙමි.
4 නුඹලා නම් බොරු ගොතන්නෝය, නුඹලා සියල්ලෝම නොවටිනා වෙද්දුය.
5 නුඹලා නිශ්ශබ්දවම සිටියොත් හොඳය.
6 ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.
7 නුඹලා දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද?
8 නුඹලා උන්වහන්සේගේ තරම බලනවාද?
9 උන්වහන්සේ නුඹලා විමසා බැලුවොත් හොඳද?
10 නුඹලා රහසින් තරාතිරම බලනවානම් උන්වහන්සේ නුඹලාට දඬුවම් කරනවාම ඇත.
11 උන්වහන්සේගේ මහිමතාව නුඹලා භය නොගන්වන්නේද?
12 නුඹලාගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, නුඹලාගේ බලකොටු මැටි බලකොටුය.
13 නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න.
14 මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙත් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙත් මක්නිසාද?
15 උන්වහන්සේ මා මරනවා ඇත;
16 මේකත් මාගේ ගැළවීම වන්නේය;
17 මාගේ කථාව හොඳාකාර අසන්න, මාගේ කීමද නුඹලාගේ කන්වල වැටේවා.
18 මෙන්න, මම මාගේ විත්තිය පිළියෙළ කෙළෙමි;
19 මට විරුද්ධව නඩුකියන කෙනෙක් ඇද්ද?
20 කාරණා දෙකක් පමණක් මට නොකළමැනව, එවිට ඔබ ඉදිරියෙන් නොසැඟවී සිටින්නෙමි.
21 ඔබගේ අත මා කෙරෙන් අහක්කර ගත මැනව;
22 එවිට ඔබ අඬගැසුවාම උත්තරදෙන්නෙමි;
23 මාගේ අපරාධ සහ පව් කොපමණද?
24 ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද?
25 හුළඟට ගසාගන යන කොළයකට ඔබ හිරිහැරකරනසේක්ද?
26 මක්නිසාද ඔබ මට විරුද්ධව කර්කශ කාරණා ලියනසේක, මාගේ යෞවන කාලයේ අයුතුකම්ද මාගේ ගණනට තබනසේක.
27 ක්ෂයවෙන්නාවූ දිරාගිය දෙයක් මෙන්ද කාවුන් කෑ වස්ත්‍රයක් මෙන්ද වෙම් නමුත්,
28 ඔබ මාගේ පාද දඬුකඳේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක;
1 ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.
2 ඔහු මලක් මෙන් හටගෙන පහවීයන්නේය, ඔහු නොපැවතී සෙවණැල්ල මෙන් පලායන්නේය.
3 එබඳු අයෙකු දෙස ඔබගේ ඇස් අරිනසේක්ද?
4 අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද?
5 ඔහුගේ දවස් නියමව, ඔහුගේ මාස ගණන ඔබ වෙත තිබෙන නිසාත්, ඔහු පිටතට නොයන හැටියට ඔබ ඔහුගේ මායිම් පිහිටුවා තිබෙන නිසාත්,
6 ඔහු තමාගේ දවස කුලීකාරයෙකු මෙන් භුක්තිවිඳ නිමවෙන තුරු, ඔහු නිෂ්කලංකය ලබන පිණිස, ඔබගේ ඇස් ඔහු කෙරෙන් හරවාගත මැනව.
7 මක්නිසාද ගහක් කපාදැමුවොත් ඒක දෙවනු ලියලා, ඒකේ රිකිලි හටගන්නේය යන බලාපොරොත්තුව ඇත්තේය.
8 ඒකේ මුල බොහෝ කල් පොළොවෙහි පරණවී, ඒකේ කඳ බිමෙහි මැරුණත්,
9 වතුරට පෙඟීමෙන් ඒක දළුලා, පැළෑටියක් මෙන් අතු ලියලනවා ඇත.
10 නුමුත් මනුෂ්‍යයා මැරී දිරායන්නේය.
11 වැවකින් වතුර අඩුවෙන්නාක්මෙන්ද ගංගාවක් හිඳී වියළීයන්නාක්මෙන්ද
12 මනුෂ්‍ය තෙම සැතපුණු කල නොනැගිටින්නේය;
13 අහෝ, ඔබවහන්සේ මා ෂෙයෝලෙහි වසා තබා, ඔබගේ උදහස පහවන තුරු මා සඟවා, මට කාලයක් නියමකොට, මා සිහිකරනසේක් නම් කැමැත්තෙමි!
14 මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද?
15 ඔබ අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි;
16 එසේ නුමුත් දැන් ඔබ මාගේ පියවර ගණන්කරනසේක;
17 මාගේ වරද මල්ලක දමා මුද්‍රාකර තිබේ;
18 සැබවින් කන්ද වැටී පොඩිවෙන්නේය, පර්වතයද ඒකේ ඉඩමෙන් පහවයන්නේය;
19 ගල් වතුරට ගෙවීයන්නේය;
20 ඔබ නිතරම ඔහු පරාජයකරනසේක, ඔහු අහක්ව යන්නේය;
21 ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන නමුත් ඔහු නොදනියි;
22 එහෙත් ඔහුගේ මාංසයට ඒකේම වේදනා දැනෙන්නේය.
එලීපස්ගේ දෙවෙනි කථාව
1 එකල තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:
2 ප්‍රඥාවතෙක් සුළඟ වැනි හිස්වූ දැනගැන්මෙන් උත්තරදෙමින්, නැගෙනහිර සුළඟින් තමාගේ ළය පුරවාගන්නේද?
3 ඔහු නිෂ්ඵල වචනවලින් හෝ අප්‍රයෝජන කථාවලින් හෝ විවාද කරනවා ඇද්ද?
4 එසේය, නුඹ භක්තිය දුරුකර, දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙනෙහිකිරීම නවත්වන්නෙහිය.
5 නුඹ ප්‍රයෝගකාරයන්ගේ දිව තෝරාගන්න නුමුත්, නුඹේ අයුතුකම නුඹේ මුඛයෙන් ඔප්පුවෙන්නේය.
6 මා නොව නුඹේම මුඛය නුඹ වරදට පත්කරන්නේය;
7 උපන්නාවූ පළමුවෙනි මනුෂ්‍යයා නුඹද?
8 නුඹ දෙවියන්වහන්සේගේ මන්ත්‍රණ සභාවෙහි හිඳ, නුඹ වෙත ප්‍රඥාව තබාගන්නෙහිද?
9 අප නොදන්න මොන දෙයක් නුඹ දන්නවාද?
10 නුඹේ පියාටත් වඩා මහලුවූ හිස පැසුණු අයද ඉතා වයස්ගතවූවෝද අප අතරේ සිටිති.
11 දෙවියන්වහන්සේගේ සැනසිලිත් නුඹ සමඟ මෘදුලෙස කථාකරන වචනයත් නුඹට මදිද?
12 දෙවියන්වහන්සේට විරුද්ධව නුඹේ සිත හරවා, නුඹේ කටින් මෙබඳු වචන නික්මවන හැටියට,
13 නුඹේ සිත නුඹව ගෙනයන්නේ මන්ද?
14 මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?
15 බලව, උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් කෙරෙහි විශ්වාසය නොතබනසේක.
16 එසේ නම් පිළිකුල්වූ, කිළිටුවූ, අපරාධය වතුර මෙන් බොන්නාවූ මනුෂ්‍යයා පිරිසිදුකමින් ඊටත් කොපමණ අඩු නොවන්නේද?
17 නුඹට පෙන්වන්නෙමි, මා කියන දේ අසන්න;
18 එය ප්‍රඥාවන්තයෝ තමුන්ගේ පියවරුන්ගෙන් දැනගෙන, නොසඟවා දැන්නුවෝය.
19 දේශය දෙනලද්දේ ඔවුන්ට පමණක්ය, විදේශිකයෙක්ද ඔවුන් අතරට නොපැමුණුණේය.
20 දුෂ්ටයා තමාගේ සියලු දවස්වලද බලාත්කාරකාරයාට නියමකර තිබෙන අවුරුදු ගණන මුළුල්ලෙහිද වේදනාවෙන් පෙළෙන්නේය.
21 භයංකර ශබ්ද ඔහුගේ කන්වලට ඇසෙන්නේය;
22 තමා අන්ධකාරයෙන් මිදෙන්නේය කියා ඔහු විශ්වාස නොකරයි;
23 කෑම කොතැන තිබේද කියා සොයමින් ඔහු ඔබ මොබ යන්නේය;
24 විපත්තියත් වේදනාවත් ඔහු භයගන්වා, සටනට සැරසී සිටින රජෙකු මෙන් ඔහු පරාජයකරන්නේය.
25 මක්නිසාද ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ අත දිගුකෙළේය, සර්වපරාක්‍රමයාණන්ට විරුද්ධව උඩඟුකම් කර,
26 තමාගේ පලිස් ඝන ලෙස එකිනෙකට යාකරගන, තද කුළලක් ඇතුව උන්වහන්සේට විරුද්ධව දුවන්නේය.
27 ඔහු තමාගේ මුහුණ තරකමෙන් වසා, තුනටිය තරකරගෙන,
28 පාළු නුවරවලද වැසියන් නැත්තාවූ ගල් ගොඩවල් වෙන්ට නියමවූ ගෙවල්වලද වාසයකෙළේය.
29 ඔහු පොහොසත් වන්නේවත්, ඔහුගේ වස්තුව පවතින්නේවත්, ඔවුන්ගේ සම්පත් පොළොවෙහි පැතිර යන්නේවත් නැත.
30 ඔහු අන්ධකාරයෙන් පිටවී නොයන්නේය;
31 තමාම රවටාගනිමින් ඔහු දුෂ්ටකම කෙරෙහි විශ්වාසය නොතබාවා.
32 ඔහුගේ කාලයට පළමුවෙන් එය ඉෂ්ට වන්නේය, ඔහුගේ තල්අත්ත අමුව නොතිබෙන්නේය.
33 ඔහු මුද්‍රිකවැල මෙන් තමාගේ නො පැසුණු ඵල හෙළාදමන්නේය, ඔලීව ගස මෙන් තමාගේ මල් සොලවාදමන්නේය.
34 මක්නිසාද අභක්තිකයාගේ සමාගම නිස්සාරය;
35 ඔව්හු අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහිකරන්නෝය, ඔවුන්ගේ ගර්භයද ප්‍රයෝගය යොදන්නේයයි කීවේය.
16යෝබ්ගේ උත්තරය
1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ.
3 සුළඟ වැනි වචනවල කෙළවරක් ඇද්ද?
4 මටත් නුඹලා වාගේ කථාකරන්ට පුළුවන;
5 එහෙත් මාගේ මුඛයෙන් නුඹලා ශක්තිමත්කර, මාගේ තොල්වල සැනසිල්ලෙන් නුඹලා උසුලන්නෙමි.
6 මා කථාකරන නුමුත් මාගේ ශෝකය නොසන්සිඳෙයි.
7 සැබවින්ම උන්වහන්සේ මා වෙහෙසූසේක;
8 ඔබ මා අල්ලාගත්සේක, ඒක මට විරුද්ධව සාක්ෂියක්ය.
9 උන්වහන්සේ තමන් කෝපයෙන් මා ඉරා දමා මට ද්වේෂකළසේක;
10 ඔව්හු මට විරුද්ධව තමුන්ගේ කට අයා, නින්දාකරමින් මාගේ කම්මුලට ගැසුවෝය.
11 දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක;
12 මම සුවසේ සිටියෙමි, උන්වහන්සේ මා පොඩිකළසේක;
13 උන්වහන්සේගේ දුනුවායෝ මා වටකරගන සිටිති, උන්වහන්සේ කරුණා නොකර, මාගේ වකුගඩු පළා, මාගේ පිත බිම වගුරුවනසේක.
14 උන්වහන්සේ බිඳුම් පිට බිඳුම් කොට, මා පොඩිකරනසේක;
15 ගෝණි රෙදි මාගේ හම පිට මහගන, මාගේ ඇඟ දූවිල්ලෙහි දමාගන සිටිමි.
16 මාගේ මුහුණ ඇඬීමෙන් රතුවී තිබේ, මාගේ ඇසිපිය පිටද මරණයේ සෙවන තිබේ.
17 කිසි බලාත්කාරකමක් මාගේ අත්වල නැති නුමුත්, මාගේ යාච්ඤාව පිරිසිදු නුමුත්, මට එසේ වී තිබේ.
18 එම්බා පොළොව, මාගේ ලේ වසා නොගන්න, නැවතීමේ ඉඩමක්ද මාගේ මොරගැසීමට නොතිබේවා.
19 දැන් පවා මාගේ සාක්ෂිය ස්වර්ගයෙහිය;
20 මාගේ යහළුවෝ මට නින්දාකරති.
21 එසේ කරන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක් තවත් මනුෂ්‍යයෙකුට යුක්තිය කරන්නාක්මෙන් දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි මනුෂ්‍යයෙකුට යුක්තිය කරන පිණිසය.
22 මක්නිසාද අවුරුදු ස්වල්පයකට පසු, මම ආපසු නොඑන මාවතෙහි යන්නෙමි.
171 මාගේ ආත්මය ක්ෂයවී මාගේ දවස් ගෙවී ගියේය, මට ඇත්තේ මිනීවළය.
2 සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.
3 ඔබ වෙතම උකසක් තබාගෙන මට ඇපවුව මැනව;
4 මක්නිසාද ඔබවහන්සේ ඔවුන්ගේ සිත්වලින් නුවණ සඟවා තිබේ.
5 තමාගේ මිත්‍රයන් කොල්ලයක් පිණිස පාවාදෙන යමෙක් ඇද්ද, ඔහුගේ දරුවන්ගේ ඇස් පවා ක්ෂයවී යනවා ඇත.
6 උන්වහන්සේ මා සෙනඟ අතරේ නින්දා පාඨයක් කළසේක;
7 මාගේ ඇස් ශෝකයෙන් අඳුරුවී තිබේ, මාගේ අවයව සියල්ලම සෙවණැල්ලක් මෙන්ය.
8 අවංක මිනිස්සු මේ ගැන විස්මිත වෙති, නිර්දෝෂ තැනැත්තා අභක්තිකයාට විරුද්ධව ඇවිස්සී සිටින්නේය.
9 එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.
10 නුමුත් නුඹලා සියලු දෙනා දැන් හැරී එන්න.
11 මාගේ දවස් පහවී, මාගේ සිතේ සම්පත වන මාගේ අදහස් කඩවී තිබේ.
12 ඔව්හු රාත්‍රිය දවාලට පෙරළති.
13 මාගේ ගෙය කොට ෂෙයෝල ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි.
14 නුඹ මාගේ පියායයි කුණුවීමටත් නුඹ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි.
15 එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද?
16 ධූලියෙහි නිශ්චලය ලැබූ හැටියේම ඒක ෂෙයෝලේ අගුල් දක්වා බසිනවා ඇතැයි කීවේය.
18බිල්දද්ගේ දෙවෙනි කථාව
1 එවිට ෂූහියවූ බිල්දද් උත්තරදෙමින් කියනුයේ:
2 නුඹලාකොපමණ කල් වචනවලට උගුල් තබන්නහුද?
3 අප තිරිසනුන් මෙන් ගණන්ගනු ලබන්නෙත් නුඹලාගේ ඇස්වලට අපවිත්‍රව පෙනෙන්නෙත් මක්නිසාද?
4 තමාගේ කෝපයෙන් තමාම ඉරා ගන්න කෙනෙක්වූ නුඹ නිසා, පොළොව අත්හරිනු ලබන්ටත් නොහොත් පර්වතය ස්වකීය ස්ථානයෙන් අහක්ව යන්ටත් ඕනෑද?
5 එසේය, දුෂ්ටයාගේ එළිය නිවීයන්නේය, ඔහුගේ ගිනිදැල්ද නොබැබළෙන්නේය.
6 එළිය ඔහුගේ කූඩාරමෙහි අඳුරු වන්නේය.
7 ඔහුගේ වේගවත් අඩි හිරවන්නේය, තමාගේම මන්ත්‍රණයෙන් ඔහු වැටෙන්නේය.
8 මක්නිසාද තමාගේ පාදවලින් ඔහු දැලකට අසුවන්නේය, ඔහු මලපත් උඩ ඇවිදින්නේය.
9 උගුලක් ඔහුගේ විලුඹ අසුකරගන්නේය, මලපතක් ඔහු අල්ලාගන්නේය.
10 ඔහුට බිම තොණ්ඩුවක්ද පාරේ උගුලක්ද සඟවා තබා තිබේ.
11 භීතිය ඔහු හාත්පසින් භයගන්වමින් ඔහුගේ පාද ළඟම එළවා යන්නේය.
12 බඩගින්නෙන් ඔහුගේ ශක්තිය හීනවන්නේය, කොරගසමින් යන ඔහුට විපත්තිය ළංවන්නේය.
13 එය ස්වකීය හමේ කොටස් කාදමන්නේය, ඔහුගේ කුළුඳුලා ඔහුගේ අවයව කාදමන්නේය.
14 ඔහු තමාගේ විශ්වාසය වන තමාගේ කූඩාරමෙහි උදුරනු ලැබ, භයංකරකම්වලරජු ළඟට ගෙනයනු ලබන්නේය.
15 ඔහුට අයිති නැති අය ඔහුගේ කූඩාරමෙහි වසන්නෝය;
16 යටින් ඔහුගේ මුල් වියළීයයි, උඩින් ඔහුගේ අතු කපාදමනු ලබන්නේය.
17 ඔහු ගැන සිහිවීම පොළොවෙන් නැතිවීයන්නේය, අසල් ගම්වල ඔහුගේ නම නොකියවෙන්නේය.
18 එළියෙන් අඳුරට ඔහු තල්ලුකරනු ලැබ, ලෝකයෙන් එළවනු ලබන්නේය.
19 ඔහුගේ සෙනඟ අතරේ ඔහුට දරුවෙක්වත් මුනුබුරෙක්වත් නොසිටී, ඔහුගේ වාස භූමියෙහි ඉතුරුව සිටින කෙනෙක්ද නැත.
20 භීතිය පළමු සිටි අය අසුකරගත්තාක්මෙන් පසුව පැමිණෙන අය ඔහුගේ දවස ගැන විස්මපත්වන්නෝය.
21 සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථාන මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි කීවේය.
19යෝබ්ගේ උත්තරය
(තමාගේ මිදුම්කාරයා කෙරෙහි විශ්වාසය.)
1 එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 නුඹලා කොපමණ කල් මාගේ ආත්මය වෙහෙසමින්, වචනවලින් මා පොඩිකරන්නහුද?
3 දැන් දස වරක් නුඹලා මට නින්දා කළහුය;
4 මා ඇත්තටම වැරදි කළා නම්, මාගේ වැරැද්ද පවතින්නේ මා කෙරෙහිමය.
5 නුඹලා සැබෑවටම මට විරුද්ධව උසස් වෙන්ට නම්, මාගේ නින්දාව මට විරුද්ධව ඔප්පුකරන්න.
6 ඉතින් දෙවියන්වහන්සේ මාගේ කාරණා පෙරළා, තමන් දැල මා වටකර හෙළා තිබෙන බව දැනගන්න.
7 මෙන්න, මා අයුත්ත ගැන මොරගසන නුමුත්, මට උත්තරයක් නැත.
8 මා පිටත නොයන හැටියට උන්වහන්සේ මාගේ පාර අහුරා, මාගේ මාවත්වල අන්ධකාරය තබා තිබේ.
9 උන්වහන්සේ මාගේ ඉසුර මාගෙන් උදුරාදමා, මාගේ හිසෙන් ඔටුන්න පහකර තිබේ.
10 මා නැතිවීයන හැටියට වටකරින් උන්වහන්සේ මා කඩාදමා, මාගේ බලාපොරොත්තුව ගහක්මෙන් උදුරා දැමූසේක.
11 උන්වහන්සේ තමන් උදහස මට විරුද්ධව අවුළුවා, තමන්ගේ එදිරිකාරයෙකු ලෙස මා ගණන්ගන්නාසේක.
12 උන්වහන්සේගේ හමුදාවෝ එක්ව ඇවිත් මට විරුද්ධව තමුන්ගේ මාර්ගය උසට ගොඩනගා, මාගේ කූඩාරම වටකරින් කඳවුරු බඳිති.
13 උන්වහන්සේ මාගේ සහෝදරයන් මා වෙතින් දුරුකළසේක, මාගේ ඇඳුනුම්කාරයෝද මාගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණෝය.
14 මාගේ නෑයෝ අහක්වී, මාගේ හිතේසි මිත්‍රයෝ මා මතක නැතිකළෝය.
15 මාගේ ගෙදර නැවතී සිටින්නෝද මාගේ වැඩකාරියෝද මා අන්‍යයෙකු කොට ගණන්ගනිති.
16 මාගේ වැඩකාරයාට අඬගැසුවත් ඔහු මට උත්තර නොදෙයි, මාගේ මුඛයෙන් ඔහුට කන්නලව් කරන්ට සිදුවී තිබේ.
17 මාගේ හුස්ම මාගේ භාර්යාවට අප්‍රියය, මාගේ මවුගේ කුසේ උපන් දරුවන්ට මම පිළිකුලක්ය.
18 බාලයෝ පවා මා හෙළාදකිති;
19 මාගේ සියලු හිත මිත්‍රයෝම මට පිළිකුල්කරති.
20 මාගේ ඇට මාගේ හමටත් මාංසයටත් ඇලී තිබේ, මා ඉතිරිවී ඉන්නේ මාගේ දත්වල හම පමණක් ඇතුවය.
21 අනේ මාගේ මිත්‍රයෙනි, මට අනුකම්පාකරන්න, අනුකම්පාකරන්න;
22 නුඹලා දෙවියන්වහන්සේ මෙන් මා පස්සේ එළවාගෙන එන්නෙත් මාගේ මාංසය කෑමෙන් තෘප්තියට නොපැමිණ සිටින්නෙත් මක්නිසාද?
23 අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද!
24 යකඩ පන්හිඳකින් හා ඊයම්වලින් සදාකාලේටම පර්වතයෙහි කොටා තබන්ටත් යෙදුණොත් කොපමණ හොඳද!
25 එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.
26 මේ මාගේ හම නැතුව ගියායින් පසු, මාගේ මාංසය නැතුව නුමුත් දෙවියන්වහන්සේ දකින්නෙමි.
27 මමම උන්වහන්සේ දකින්නෙමි, අන්‍යයෙක් නොව මාගේම ඇස් උන්වහන්සේ දකින්නේය.
28 කාරණාවේ මුල මා තුළ සම්බවූ හෙයින්, අපි ඔහුට කෙසේ පීඩාකරමෝදැයි නුඹලා කියන්නහු නම්,
29 කඩුවට භයවෙන්න;
ශෝපර්ගේ දෙවෙනි කථාව
1 එකල නයමාතිය ශෝපර් උත්තරදෙමින් කියනුයේ;
2 ඒ නිසා එනම් මා තුළ තිබෙන මාගේ ඉක්මන්කම නිසා මාගේ සිතිවිලිවලින් මට උත්තර ලැබෙන්නේය.
3 මා ලජ්ජාවට පමුණුවන තරවටුව ඇසීමි, මාගේ තේරුම්ගැනීමේ ආත්මයද මට උත්තරදෙන්නේය.
4 පුරාණයේ සිටම, මනුෂ්‍යයා පොළොවෙහි පිහිටුණ තැන් පටන්, වුණාවූ මේ කාරණාව වන,
5 දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද?
6 ඔහුගේ උතුම්කම අහස දක්වා නැග්ගත්, ඔහුගේ හිස වලාකුල්වලට හැපුණත්,
7 ඔහුගේම අශූචි මෙන් ඔහු සදාකාලයටම නැතිවී යන්නේය, ඔහු දුටු අය:
8 ඔහු හීනයක් මෙන් පහවී ගොස් නොපෙනී යන්නේය.
9 ඔහු දුටු ඇස තවත් ඔහු නොදකින්නේය;
10 ඔහුගේ දරුවෝ දුප්පතුන්ගේ කරුණාව සොයන්නෝය, ඔහුගේ අත් ඔහුගේ සම්පත් ආපසු දෙන්නේය.
11 ඔහුගේ ඇට ඔහුගේ යෞවනභාවයෙන් පිරී තිබෙන නුමුත්, එය ඔහු සමඟ ධූලියෙහි වැදහෙන්නේය.
12 දුෂ්ටකම ඔහුගේ මුඛයෙහි මිහිරිව තිබෙන නුමුත්, ඔහු ඒක තමාගේ දිව යට සඟවා ගන්න නුමුත්;
13 ඒක අත් නොහැර ඉතුරුකොට තමාගේ මුඛය තුළ තබාගන්න නුමුත්;
14 ඔහුගේ කෑම ඔහුගේ අතුණුවල වෙනස්වී, ඔහු තුළ සර්පයන්ගේ විෂ වන්නේය.
15 ඔහු වස්තු ගිලගත් නුමුත් ඒවා වමාරන්නේය.
16 ඔහු සර්පයන්ගේ විෂ උරාබොන්නේය.
17 ඔහු ඔයවල්ද මීපැණි හා ගිතෙල් ගලායන ගංගාද නොදකින්නේය.
18 ඔහු උත්සාහකොට ලබාගත් දේ භුක්ති නොවිඳ ආපසු දෙන්නේය;
19 මක්නිසාද ඔහු දුප්පතුන්ට පීඩාකොට ඔවුන් අත්හැරියේය;
20 ඔහු තමාගේ ළය තුළ නිශ්චලය නැතුව සිටි බැවින්, තමා ප්‍රියවන දේවලින් කිසිවක් ගළවා නොගන්නේය.
21 ඔහුගේ තෘෂ්ණාවට ගොදුරු නොවූ දෙයක් නැත;
22 ඔහු බහුලත්වයෙන් සෑහී සිටින කල ඔහුට හිඟවන්නේය.
23 ඔහු තමාගේ බඩ පුරවාගන්ට හදන කල, දෙවියන්වහන්සේ තමන් බලවත් උදහස ඔහු පිට හෙළනසේක, ඔහු කෑම කන කල උන්වහන්සේ එය ඔහු පිටට වස්වනසේක.
24 ඔහු යකඩ ආයුධයෙන් පලාගියත්, පිත්තල දුන්නෙන් ඔහු සිදුරුකරනු ලබන්නේය.
25 ඔහු ඒක අදින විට ඒක ඔහුගේ ඇඟෙන් නික්මෙන්නේය.
26 ඔහුගේ නිධාන වෙනුවට සියලු ආකාර අන්ධකාරය රැස්කර තිබේ.
27 අහස ඔහුගේ අයුතුකම් එළිදරව් කරන්නේය.
28 ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.
29 දුෂ්ට මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ ගෙන් පැමිණෙන කොටසත් දෙවියන්වහන්සේ ඔහුට නියමකළ උරුමයත් මේයයි කීවේය.
21යෝබ්ගේ උත්තරය
1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 මාගේ කථාව සැලකිල්ලෙන් අසන්න;
3 මටත් කථාකරන්ට ඉඩ අරින්න;
4 මාගේ පැමිණිල්ල කරන්නේ මනුෂ්‍යයාටද?
5 මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න.
6 සිහිවෙන විටම මම කැලඹෙමි, තැතිගැන්ම මාගේ මාංසය අල්වාගනියි.
7 දුෂ්ටයන් ජීවත්වෙන්නෙත්, වෘද්ධ වයසට පැමිණ බලවත්වන්නෙත් මක්නිසාද?
8 ඔවුන් ඉදිරියෙහි ඔවුන්ගේ වංශයද ඔවුන්ගේ ඇස් හමුවෙහි ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ පිහිටෙන්නෝය.
9 ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, දෙවියන්වහන්සේගේ ඉපලද ඔවුන් පිට නැත.
10 ඔවුන්ගේ ගොනා නොවරද්දා පැටවුන් ජනිතකරයි;
11 ඔවුන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති, ඔවුන්ගේ දරුවෝද නටති.
12 ඔව්හු රබානද වීණාවද ඇතුව ගීතිකා කියති, නළාවේ ශබ්දයටද ප්‍රීතිවෙති.
13 ඔව්හු සැපතින් දවස් යවති, ඇසිල්ලකින් ෂෙයෝලට බැසයති.
14 ඔව්හු දෙවියන්වහන්සේට කථාකොට:
15 අප විසින් සර්වපරාක්‍රමයාණන්ට මෙහෙකරන්ට උන්වහන්සේ කවුද?
16 බලව, ඔවුන්ගේ සමෘද්ධිය ඔවුන්ගේ අතේ නොවේය.
17 දුෂ්ටයන්ගේ පහන නිවී, ඔවුන්ගේ විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නෙත්, දෙවියන්වහන්සේ ස්වකීය කෝපයෙන් දුක් බෙදාදෙන්නෙත්,
18 ඔවුන් සුළඟට ගහගනයන ඉපනැල්ල මෙන්ද සුළඟට අසුවීයන බොල් මෙන්ද වෙන්නෙත් කොපමණ වාරවලද?
19 දෙවියන්වහන්සේ ඔහුගේ අපරාධය ඔහුගේ දරුවන්ට රැස්කර තබනසේකැයි නුඹලා කියන්නහුය.
20 ඔහුගේ විනාශය ඔහුගේම ඇස්වලට පෙනේවා, ඔහු සර්වපරාක්‍රමයාණන්ගේ උදහස පානයකෙරේවා.
21 ඔහුගේ මාස ගණන මැදින් සිඳිනු ලැබූ කල්හි තමාට පසුව සිටින ඔහුගේ පවුලෙන් ඔහුට මොන සතුටක්ද?
22 උත්තමයන් විනිශ්චයකරන්නාවූ දෙවියන්වහන්සේට දැනගැන්ම උගන්වන්ට යමෙකුට පුළුවන්ද?
23 එක්කෙනෙක් සම්පූර්ණයෙන් සැපපහසු ඇතුව මුළු ශක්තියෙන් සිටියදී මියයන්නේය.
24 ඔහුගේ ඇළපත් තෙලෙන් පිරී, ඔහුගේ ඇටමිදුළු තෙත්ව තිබෙන්නේය.
25 තවත් කෙනෙක් කිසි සැපතක් නොවිඳ, සිත් ශෝකයෙන් සිට මියයන්නේය.
26 ඔව්හු එක්ව දූවිල්ලෙහි වැදහෙති, පණුවෝද ඔවුන් වසාගනිති.
27 බලව, නුඹලාගේ සිතිවිලිත් නුඹලා අයුතුලෙස මට විරුද්ධව කරන යෝජනාත් දනිමි.
28 මක්නිසාද:
29 මගයන්නන්ගෙන් නුඹලා අහලා නැද්ද?
30 එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය.
31 ඔහුගේ මාර්ගය ඔහුගේ මුහුණ ඉදිරියෙහි ප්‍රකාශකරන්නේ කවුද?
32 එහෙත් ඔහු පවා මිනීවළට ගෙනයනු ලබන්නේය, සොහොනද මුරකරනු ලැබේ.
33 මිටියාවතේ පිඩලි ඔහුට මිහිරිවන්නේය, සියලු මනුෂ්‍යයෝ ඔහුට පස්සෙනුත් ඔහුට පෙරටුවෙනුත් ගණනාවක් නැතුව පෙළ නොකැඩී යති.
34 එසේනම් නුඹලාගේ උත්තරවල බොරුව පමණක් තිබෙද්දී නිරර්ථකලෙස නුඹලා මා සනසන්ට හදන්නේ කෙසේදැයි කීවේය.
22එලීපස්ගේ තුන්වෙනි කථාව
1 එකල තේමානිය එලීපස් උත්තරදෙමින් කියනුයේ:
2 මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේට ප්‍රයෝජනවිය හැකිද?
3 නුඹ ධර්මිෂ්ඨව සිටියත් සර්වපරාක්‍රමයාණන්ට එයින් කිසි සතුටක් ඇද්ද?
4 උන්වහන්සේ නුඹට තරවටුකර නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නේ නුඹේ භක්තිය නිසාද?
5 නුඹේ දුෂ්ටකම මහත්ව තිබෙනවා නොවේද?
6 මක්නිසාද නුඹ කාරණයක් නැතුව නුඹේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය,
7 ක්ලාන්ත අයට නුඹ බොන්ට වතුර නුදුන්නෙහිය, බඩගිනි අයට කෑම නොදී සිටියෙහිය.
8 නුමුත් බලවතාට දේශය අයිති විය;
9 නුඹ වැන්දඹුවන් හිස් අතින් ඇරියෙහිය, පියා නැත්තන්ගේ අත්ද කඩනලද්දේය.
10 ඒ නිසා නුඹ වටකර මළපත් තිබෙයි, හදිසි භීතිය නුඹ කලඹන්නේය,
11 නොහොත් නුඹට නොපෙනෙන හැටියට අන්ධකාරයද ජල රාශියද නුඹ වසාගන්නේය.
12 දෙවියන්වහන්සේ ස්වර්ගයේ උසස් තැන්හි නොසිටිනසේක්ද?
13 නුඹ කථාකොට:
14 උන්වහන්සේට නොපෙනෙන හැටියට ඝන වලාකුල් උන්වහන්සේට මුවාවක්ව තිබේ;
15 දුෂ්ට මනුෂ්‍යයන් ඇවිද්දාවූ පුරාණ මාවතෙහිම නුඹ හැසිරෙන්නෙහිද?
16 ඔව්හු නියම කාලයට පළමුවෙන් උදුරාගනු ලැබුවෝය, ඔවුන්ගේ අත්තිවාරමද ජලප්‍රවාහයකින් මෙන් ගහගන ගියේය.
17 අප වෙතින් අහක්ව ගිය මැනව කියාත් සර්වපරාක්‍රමයාණන් අපට මක්කරනවා ඇද්ද කියාත් ඔව්හු දෙවියන්වහන්සේට කීවෝය.
18 එහෙත් උන්වහන්සේ යහපත් දෙයින් ඔවුන්ගේ ගෙවල් පිරෙවුසේක.
19 ධර්මිෂ්ඨයෝ ඒ දැක සන්තෝෂවෙති;
20 අපට විරුද්ධව නැගුටුණු අය සැබවින් සිඳිනු ලැබුවෝය, ඔවුන්ගේ ඉතිරිවූ දෙය ගින්නෙන් දාලා ගියේයයි කියති.
21 ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න.
22 උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන නුඹේ හිතේ තබාගන්න.
23 නුඹ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම නුඹේ කූඩාරම්වලින් පහකළොත්, නුඹ පිහිටුවනු ලබන්නෙහිය.
24 නුඹේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න;
25 එවිට සර්වපරාක්‍රමයාණෝ නුඹේ වස්තුවද නුඹට අනර්ඝ රිදීද වනසේක.
26 මක්නිසාද එකල නුඹ සර්වපරාක්‍රමයාණන් කෙරෙහි ප්‍රීතිමත්වී, නුඹේ මුහුණ දෙවියන්වහන්සේ දෙසට ඔසවනවා ඇත.
27 නුඹ උන්වහන්සේට යාච්ඤාකරන කල උන්වහන්සේ නුඹට උත්තර දෙනවා ඇත;
28 නුඹ කාරණයක් නියමකරගත් කල්හි ඒක නුඹට ස්ථිරවන්නේය;
29 ඔවුන් පහකරනු ලබන විට:
30 නිදොස් නොවන තැනැත්තා පවා උන්වහන්සේ මුදනසේක;
යෝබ්ගේ උත්තරය
1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 අද දක්වාම මාගේ විලාපය දුක්ඛිතය;
3 අහෝ උන්වහන්සේගේ ආසනය ළඟටම පැමිණ, උන්වහන්සේ සම්බවෙන්ට පුළුවන් තැන දැනගන්ට ඇත්නම්!
4 එවිට උන්වහන්සේ ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළට තබන්නෙමි, මාගේ මුඛයද තර්කවලින් පුරවන්නෙමි.
5 උන්වහන්සේ මට උත්තරදෙන වචන දැනගන්නෙමි, මට කියන දේ තේරුම්ගන්නෙමි.
6 උන්වහන්සේ තමන් බලයේ මහත් කමින් මා සමඟ විවාදකරනවා ඇද්ද?
7 එහිදී ධර්මිෂ්ඨ අයට උන්වහන්සේ සමඟ කාරණා කියා සිටින්ට පුළුවන;
8 නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත;
9 වම් පැත්තෙහි උන්වහන්සේ ක්‍රියාකරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි.
10 එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක;
11 මාගේ පාදය උන්වහන්සේගේ අඩි පාර අනුවම ගියේය;
12 උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.
13 එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද?
14 එසේය, මා ගැන නියමකර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ටකරනසේක.
15 එබැවින් මම උන්වහන්සේ ඉදිරියෙහි කැලඹෙමි;
16 දෙවියන්වහන්සේ මාගේ සිත ක්ලාන්තකළසේක, සර්වපරාක්‍රමයාණෝ මා කැලඹූසේක.
17 ඒ වනාහි අන්ධකාරය පැමිණෙන්ට මත්තෙන් මා සිඳිනු නොලැබූ නිසාත් උන්වහන්සේ මාගේ මුහුණෙන් ඝනාන්ධකාරය නොසැඟෙවු නිසාත්ය.
241 සර්වපරාක්‍රමයාණන් විසින් කාලයන් නියමකර නැත්තේ මන්ද?
2 මායිම් පහකරන්නාවූ අය සිටිති;
3 ඔව්හු පියා නැත්තාගේ කොටළුවා දක්කාගන යති, වැන්දඹුවගේ හරකා උකසට ගනිති.
4 ඔව්හු දිළිඳුන් මාර්ගයෙන් හරවති.
5 කාන්තාරයේ වල් කොටළුවන් මෙන් ඔව්හු කෑම සොයමින්ම තමුන්ගේ වැඩේට පිටත්ව යති;
6 ඔව්හු කෙතේ කටුසර බෝග කපාගනිති;
7 ඔව්හු රෑ මුළුල්ලේ වස්ත්‍ර නැතුව නග්නව ලගිති, ශීතලට වැස්මකුත් ඔවුන්ට නැත.
8 ඔව්හු කඳුවල වැස්සට තෙමී, මුවාවක් නැති හෙයින් පර්වතයට ඇලී හිඳිති.
9 පියා නැත්තා ළයෙන් උදුරාගන්නොත් අසරණයාගෙන් උකසක් ගන්නොත් ඇත.
10 එබැවින් ඔව්හු ඇඳුම් නැතුව නග්නව ඇවිදිති, සාගින්නෙන් යුක්තව ගොයම් මිටි ගෙනයති;
11 ඒ මනුෂ්‍යයන්ගේ තාප්ප ඇතුළෙහි ඔව්හු තෙල් හිඳිති;
12 ජනගහනවූ නුවර තුළ සිට මරණාසන්න වුවන් කෙඳිරිගාති, තුවාලවූවන්ගේ ආත්මද මොරගසති.
13 මොව්හු ආලෝකයට විරුද්ධව කැරළි ගසන්නෝ වෙති;
14 මිනීමරුවා එළිවෙන විටම නැගිට අසරණයාත් දිළින්දාත් මරන්නේය;
15 කාමමිථ්‍යාචාරිකයාගේ ඇසද ඇඳිරිවෙන තුරු බලා සිට:
16 ඔව්හු අන්ධකාරයේදී ගෙවල් උමංකණිති.
17 මක්නිසාද පහන්වීම ඔවුන් සියල්ලන්ට මරණ සෙවණ වැනිය;
18 ඔහු වනාහි ජලය මතුපිට තිබෙන සැහැල්ලු දෙයක් මෙන්ය;
19 නියඟය හා ග්‍රීෂ්මය හිම වතුර සිඳදමන්නේ යම්සේද, ෂෙයෝල වනාහි පව්කළ අයට එසේම කරන්නේය.
20 ඔහු බිහිකළ තැනැත්තී ඔහුව මතක නැතිකරයි;
21 දරුවන් බිහිනොකරන වඳ ස්ත්‍රියට ඔහු පීඩාකරයි;
22 ඔහු තමාගේ බලයෙන් බලවත් අය අහකට ඇද දමයි.
23 දෙවියන්වහන්සේ ඔවුන්ට සුවසේ සිටින්ට දෙන විට ඔව්හු නිශ්චලව සිටිති;
24 ඔව්හු උසස්වෙන නුමුත් ටික කලකින් නැතුව යති;
25 ඒ එසේ නොවේනම් මා බොරුකාරයෙක් බව ඔප්පුකොට මාගේ කථාව නිෂ්ප්‍රභාකරන්නේ කවුදැයි කීවේය.
25බිල්දද්ගේ තුන්වෙනි කථාව
1 එවිට ෂූහියවූ බිල්දද් උත්තර දෙමින් කියනුයේ:
2 අධිපතිකමද භයංකරකමද උන්වහන්සේ වෙත තිබේ;
3 උන්වහන්සේගේ හමුදාවලට ගණනක් තිබේද?
4 එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද?
5 බලව, චන්ද්‍රයා පවා දීප්තිමත් නොවේ;
6 පණුවෙක් වැනිවූ මනුෂ්‍යයාත් පණුවෙක් වැනිවූ මනුෂ්‍ය පුත්‍රයාත් ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේදැයි කීවේය.
26යෝබ්ගේ උත්තරය
1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 නුඹ ශක්තිය නැත්තාට උපකාරකළ හැටි!
3 නුවණ නැත්තාට දැනුමැතිකම් දී, සැබෑ දැනගැන්ම බොහෝසෙයින් ප්‍රකාශකළ හැටි!
4 නුඹ කාට වචන කීවෙහිද?
5 ජලය හා එහි වැසියන්ට යටින් නැසීගිය අය වෙවුලති.
6 ෂෙයෝල උන්වහන්සේ ඉදිරිපිට ඇරී තිබේ, අබද්දොනටද වැස්මක් නැත.
7 උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක.
8 උන්වහන්සේ තමන්ගේ ඝන වලාකුල්වල වතුර බැඳ තබනසේක;
9 උන්වහන්සේ තමන් වලාකුළ අතුරා, සිංහාසනය නොපෙනෙන ලෙස වසනසේක.
10 එළිය අඳුරට මාරුවෙන මායිම දක්වා උන්වහන්සේ ජල මතුයෙහි චක්‍රයක් ඇඳ තිබේ.
11 උන්වහන්සේගේ තරවටුවට අහසේ කණු වෙවුලා ත්‍රස්තවෙති.
12 උන්වහන්සේ තමන්ගේ බලයෙන් මුහුද නිශ්චලකරනසේක;
13 උන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන අහස අලංකාරව තිබේ;
14 මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි.
1 නැවත යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ:
2 මාගේ යුක්තිය වැලැක්වූ දෙවියන්වහන්සේද මාගේ ආත්මය ශෝකකළාවූ සර්වපරාක්‍රමයාණන්ද ජීවමාන බව සැබෑවාසේම,
3 (මාගේ හුස්ම මා තුළේද, දෙවියන්වහන්සේ දුන් පණ මාගේ නාසේද තිබෙන තුරුම,)
4 සැබවින් මාගේ තොල්වලින් අධර්මිෂ්ඨ දෙයක් නොකියන්නෙමි, මාගේ දිවෙන් ප්‍රයෝගයක් නොනික්මවන්නෙමි.
5 නුඹලා නිදොස්කිරීම මාගෙන් දුරුවේවා.
6 මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි.
7 මාගේ සතුරා දුෂ්ටයෙකු මෙන්ද මාගේ විරුද්ධකාරයා අධර්මිෂ්ඨයෙකු මෙන්ද වේවා.
8 අභක්තිකයා කොල්ලකාගන්න නුමුත්, දෙවියන්වහන්සේ ඔහුගේ ප්‍රාණය අහක්කරගන්න විට ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද?
9 විපත ඔහු පිටට පැමිණෙන විට දෙවියන්වහන්සේ ඔහුගේ හඬගැසීම අසනවා ඇද්ද?
10 ඔහු සර්වපරාක්‍රමයාණන් තුළ ප්‍රීතිවී, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤාකරනවා ඇද්ද?
11 සර්වපරාක්‍රමයාණන් වෙත තිබෙන දේ නොසඟවා, දෙවියන්වහන්සේගේ හස්තය ගැන නුඹලාට උගන්වන්නෙමි.
12 බලව, නුඹලා සියල්ලෝම එය දුටුවෝය;
13 දෙවියන්වහන්සේගෙන් දුෂ්ට මනුෂ්‍යයෙකුට ලැබෙන කොටසත් බලාත්කාරකාරයන්ට සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් මේය.
14 ඔහුගේ දරුවන් බෝවෙතත් ඒ කඩුවටය;
15 ඔහුගෙන් ඉතුරු අය වසංගතයෙන් මිනීවළට පත්වන්නෝය, ඔහුගේ වැන්දඹුවෝද නොවැලපෙන්නෝය.
16 ඔහු පස් වාගේ රිදී ගොඩකරගන, මැටි වාගේ වස්ත්‍ර සපයාගත්තත්,
17 ඔහු සපයන ඒවා ධර්මිෂ්ඨයා ඇඳගන, නිර්දෝෂ අය ඒ රිදී බෙදාගන්නවා ඇත.
18 කාවා මෙන්ද පැල් රකින්නා සාදන මඩුවක් මෙන්ද ඔහු තමාගේ ගෙය ගොඩනගයි.
19 ඔහු පොහොසත්ව සැතපෙන නුමුත් තවත් එසේ නොකරන්නේය;
20 භයානකකම් ජලයන් මෙන් ඔහු පිටට පැමිණෙන්නේය;
21 පෙරදිග සුළඟින් ඔහු ගෙනයනු ලබන්නේය, ඔහුද පහව යයි;
22 ඔහු දෙවියන්වහන්සේගේ හස්තය කෙරෙන් පලායන්ට හදන නුමුත්, උන්වහන්සේ ඔහුට කරුණා නොකොට ඔහු පිටට පහර එවනවා ඇත.
23 මනුෂ්‍යයෝ අත්පිඩිගසා නිග්‍රහකොට ඔහුගේ ස්ථානයෙන් ඔහු පන්නා දමන්නාහුය.
28(දිව්‍ය ප්‍රඥාවේ රහස.)
1 සැබවින් රිදී තිබෙන ආකරයක්ද පිරිසිදුකරන රනට ස්ථානයක්ද තිබේ.
2 යකඩ පොළොවෙන් හාරාගනු ලැබේ.
3 මනුෂ්‍යයා අන්ධකාරය පහකොට ඝනාන්ධකාරයෙත් මරණ සෙවණෙත් ගල් තීන්දුවටම සොයයි.
4 මිනිසුන් වාසයකරන තැනට දුරින් ඔහු පොළොව හාරා බසියි;
5 පොළොවෙන් කෑම හටගනියි.
6 ඒකේ ගල් අතරේ නීලමාණික්‍යද රන් සුණුද තිබේ.
7 ඒ මාවත කිසි පක්ෂියෙක් නොදනියි, උකුස්සාගේ ඇසට ඒක නොපෙනුණේය.
8 චණ්ඩ මෘගයෝ එහි පය නොතැබුවෝය, රෞද්‍ර සිංහයෙක්ද ඒ ළඟින් නොගියේය.
9 ඔහු තමාගේ අත ගිනිගල් පර්වතයට විරුද්ධව දිගුකොට, කඳු මුලින්ම පෙරළන්නේය.
10 ඔහු පර්වතවල දිය පාරවල් කපා සියලු ආකාර අනර්ඝ දේ තමාගේ ඇසින් දකින්නේය.
11 නොවැස්සෙන හැටියට ඔහු ගංගා අහුරයි;
12 නුමුත් ප්‍රඥාව සම්බවන්නේ කොතැන්හිද?
13 මනුෂ්‍යයා ඒකේ අගය නොදනියි;
14 ඒක මා තුළ නැතැයි ගැඹුර කියන්නේය.
15 රත්රන් දීලා ඒක ගන්ට බැරිය, ඒකේ වටිනාකමට රිදී කිරා දීලාවත් එය ලබාගත නොහැකිය.
16 ඒක ඕපීර්හි රනින්වත් අනර්ඝ නඛමාණික්‍යයෙන්වත් නීලකාන්තයෙන්වත් මිලකරන්ට බැරිය.
17 රන්වන් වීදුරුවත් ඊට සමාන නොවේ;
18 රතුකැට සහ පළිඟු සඳහන් කරන්ටවත් වුවමනා නැත.
19 කූෂ්හි පුෂ්පරාග ඊට සමාන නොවේ,
20 එසේ වී නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද?
21 ඒක පණ ඇති සියල්ලන්ගේ ඇස්වලට නොපෙනී, ආකාශ පක්ෂීන්ගෙන්ද සැඟවී තිබේ.
22 ඒකේ කීර්තිය අපේ කන්වලින් ඇසීමුයයි විනාශයත් මරණයත් කියති.
23 ඒකේ මාර්ගය දෙවියන්වහන්සේට තේරුම් තිබේ, එය තිබෙන ස්ථානයද උන්වහන්සේ දන්නාසේක.
24 මක්නිසාද උන්වහන්සේ පොළොවේ කෙළවරවල් දක්වා බලා, අහස යට සියල්ල දකිනසේක.
25 උන්වහන්සේ හුළඟ නිසි බරට හදන්ටත්, ජලයන් මිම්මකින් මනින්ටත්,
26 වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්ටත් යෙදුණු විට,
27 උන්වහන්සේ ඒක දැක කියාදුන්සේක;
28 උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට:
(ඉහතදී යෝබ්ට තිබුණු සැපත හා උසස් භාවය.)
1 නැවතත් යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ:
2 අනේ, ඉස්සර මාස වන දෙවියන්වහන්සේ මා රැකවල්කළ දවස්වලදී මෙන් මට සිටින්ට ඇත්නම්!
3 එකල උන්වහන්සේගේ පහන මාගේ හිසට උඩින් බැබළුණේය, මමද උන්වහන්සේගේ එළියෙන් අන්ධකාරය මැදින් ගියෙමි;
4 මාගේ සරත් කාලයෙහි මා සිටි ලෙසම සිටින්ට ඇත්නම්!
5 සර්වපරාක්‍රමයාණෝ ඒ දක්වා මා සමඟ සිටිසේක, මාගේ දරුවෝද මා වටකර සිටියෝය.
6 එකල මාගේ පියවර ගිතෙලින් සෝදා ගතිමි, පර්වතයෙන්ද තෙල් ගංගා මා වෙත ගලා ආවේය.
7 මා නුවර දොරටුව ළඟට නික්ම ගොස් එළිමහනෙහි මාගේ ආසනය තැබූ කල,
8 තරුණයෝ මා දැන සැඟවුණෝය, මහල්ලෝද නැගිට සිටියෝය.
9 අධිපතීහු කථාව නවත්වා සිටියෝය, අතින් තමුන්ගේ කට වසාගත්තෝය.
10 උත්තමයින්ගේ හඬ නැවතී, ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩුතල්ලේ ඇලුණේය.
11 මක්නිසාද කන ඇසූ කල්හි මට ආශීර්වාදකෙළේය;
12 මක්නිසාද හඬා සිටි අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද ගැළෙවුවෙමි.
13 නාස්තිවෙන්ට ළංව සිටි අයගේ ආශීර්වාදය මා පිටට පැමුණුණේය.
14 මම ධර්මිෂ්ඨකම පැළඳගතිමි, එයද මා පැළඳගත්තේය;
15 මම අන්ධයාට ඇස්ව කොරාට පාදව සිටියෙමි.
16 මම දිළිඳාට පියෙක් වීමි;
17 මම අධර්මිෂ්ඨයාගේ හක්ක බිඳදමා, ඔහුගේ දත්වලින් ගොදුර උදුරා හැරියෙමි.
18 එවිට මම කථාකොට:
19 මාගේ මුල ජලය දක්වා පැතිර ගියේය, පිනිද රෑ මුළුල්ලේ මාගේ අත්ත පිට පවතින්නේය.
20 මාගේ ඉසුර මා කෙරෙහි අමුව තිබේ, මාගේ දුන්නද මාගේ අතෙහි අලුත්වන්නේයයි කීමි.
21 මනුෂ්‍යයෝ මට ඇහුම්කන්දී බලාසිට, මාගේ දැනමුතුකම ලබන්ට නිශ්ශබ්දවුණෝය.
22 මාගේ වචනවලට පසු ඔව්හු කථානොකර සිටියෝය;
23 වැස්ස ගැන මෙන් ඔව්හු මා ගැන බලාසිටියෝය;
24 මා සිනාසී ඔවුන් දෙස බැලූ කල ඔව්හු විශ්වාස නොකළෝය;
25 මම ඔවුන්ගේ මාර්ගය නියමකරදී, ප්‍රධානියාව හිඳ, හමුදාවෙහි රජෙකු මෙන්ද වැලපෙන්නන් සනසන්නෙකු මෙන්ද වාසයකෙළෙමි.
30(තමාට දැනට තිබෙන විපත.)
1 නුමුත් දැන් වයසින් මට වඩා බාලයෝ මට සරදම්කරති, ඔවුන්ගේ පියවරුන් මාගේ මෘග රැළේ බල්ලන් සමඟ සිටවන්ටවත් වටීයයි නොසිතුවෙමි.
2 එසේය, ඔවුන්ගේ අත්වල ශක්තියෙන් මට ඇති කම මොකද?
3 හිඟකමද සාගතයද නිසා ඔව්හු කෘශව සිටිති;
4 ලුණු ගස් පඳුරු පිටින් උදුරාගනිති;
5 ඔව්හු මනුෂ්‍යයන් අතරෙන් එළවනු ලබති;
6 අඳුරු මිටියාවත් කුහරවලද පොළොවෙන් පර්වතවලත් ගුහාවලද ඔව්හු වාසයකෙරෙති.
7 පඳුරු අතරේ ඔව්හු මොරගසති, කටුගස් යට ලගිති.
8 ඔව්හු මෝඩයන්ගේ පුත්‍රයෝය; එසේය, නීචයන්ගේ පුත්‍රයෝය;
9 දැන් වනාහි මම ඔවුන්ගේ ගීතිකාව වී සිටිමි, එසේය, ඔවුන්ට නින්දා පාඨයක්ව සිටිමි,
10 ඔව්හු මා පිළිකුල්කොට මාගෙන් දුරුවෙති, මාගේ මුහුණ ඉදිරියෙහි කෙළගසන්ට භය නැත්තෝය.
11 උන්වහන්සේ තමන්ගේ පටිය ලිහා මට පීඩාකළ බැවින්, ඔව්හු මා ඉදිරියෙහි කටකලියාව අහක දැමුවෝය.
12 මාගේ දකුණු පැත්තෙහි කොලු රැළක් නැගිටිති;
13 ඔව්හු මාගේ පාර පෙරළාදමති, උදව්කාරයෙක් නැතුව සිටියදී, ඔව්හු මාගේ විපත්තිය වැඩිකරති.
14 ඔව්හු පළල් කපල්ලකින් මෙන් වැද, බිඳුණු තැන මැදින් මා පිටට පෙරළී එති.
15 භයානකකම් මා පිටට හැරී තිබේ;
16 දැන් මාගේ ආත්මය මා තුළ වැගිරෙයි;
17 රාත්‍රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ;
18 මාගේ රෝගයේ තදකම නිසා මාගේ වස්ත්‍රය දුර්වර්ණවී තිබේ.
19 උන්වහන්සේ මා මඩේ හෙළූසේක, මම දූවිලි සහ අළු මෙන් වී සිටිමි.
20 මා ඔබට හඬගසන නුමුත් ඔබ මට උත්තර නොදෙනසේක;
21 ඔබ මට කෲරතර වී සිටිනසේක, ඔබගේ අතේ බලයෙන් මට පීඩාකරනසේක.
22 ඔබවහන්සේ මා සුළඟට අසුකරදී, ගසාගන ගොස්, කුණාටුවෙන් දියවෙන්ට සලස්වනසේක.
23 මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමුණුවන බව දනිමි.
24 සැබවින් උන්වහන්සේ ජරාවාස පස් ගොඩකට විරුද්ධව තමන් අත දිගු නොකරනසේක;
25 දුකට පත්වූ අය ගැන මා වැලපුණේ නැද්ද?
26 මා විසින් සැපත බලාසිටි කල විපත පැමිණියේය;
27 මාගේ බඩවැල් නොනැවතී චංචල වෙති;
28 මම අව්වෙන් නොව ශෝකයෙන් කළුවී ඇවිදිමි;
29 මම සිවලුන්ට සහෝදරයෙක්ද පැස්බරුන්ට සමාගම්කාරයෙක්ද වී සිටිමි.
30 මාගේ හම කළුවී මා කෙරෙන් වැටෙන්නේය, මාගේ ඇට උෂ්ණයෙන් දැවෙන්නේය.
31 එබැවින් මාගේ වීණාව වැලපීමටත් මාගේ නළාව හඬන්නන්ගේ ශබ්දයටත් මාරුවී තිබේ.
31(යෝබ්ගේ නිර්දෝෂකම කියා සිටීම.)
1 මාගේ ඇස් සමඟ ගිවිසුමක් කෙළෙමි;
2 ඉහළ සිටින දෙවියන්වහන්සේගෙන් ලැබෙන කොටසත් උසස් තැන්හි සිටින සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් කිමෙක්ද?
3 අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?
4 උන්වහන්සේ මාගේ මාර්ග දැක, මාගේ සෑම අඩි ගණන්කරනවා නොවේද?
5 මා බොරුකාරකමෙන් හැසිරෙන්ටත් මාගේ පය වංචාවට ඉක්මන්වෙන්ටත් යෙදුණා නම්,
6 (උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නමැති තරාදියෙන් මා කිරාබලනසේක්වා, එවිට දෙවියන්වහන්සේ මාගේ අවංකකම දැනගන්නවා ඇත;)
7 මාගේ අඩිය මාර්ගයෙන් අහක්ව යන්ටත්, මාගේ සිත මාගේ ඇස් අනුව යන්ටත්, මාගේ අත්වලට කිසි කිලුටක් ඇලෙන්ටත් යෙදුණා නම්,
8 මා වපුරන ඒවා වෙන කෙනෙක් අනුභව කෙරේවා;
9 මාගේ සිත ස්ත්‍රියෙක් කෙරෙහි ඇදීගියේ නම්, මම මාගේ අසල්වාසියාගේ දොරකඩ ළඟ රැක සිටියෙම් නම්,
10 මාගේ භාර්යාව වෙන කෙනෙකුට ධාන්‍ය අඹරාවා, අන්‍යයෝද ඈ සමඟ සයනයකෙරෙත්වා.
11 මක්නිසාද එය දූෂ්‍ය අපරාධයක්ය;
12 එය විනාශය දක්වාම දවන ගින්නක්ය, එයින් මාගේ මුළු සම්පත උදුරාදමනු ලබන්නේය.
13 මාගේ වැඩකාරයාවත් වැඩකාරීවත් මා සමඟ විවාදකරන විට මම ඔවුන්ගේ යුක්තිය නොසලකා ඇරියෙම්නම්,
14 දෙවියන්වහන්සේ නැගිටින විට මම කුමක් කරම්ද?
15 කුසෙහි මා සෑදූ උන්වහන්සේ ඔහුත් නොසෑදූසේක්ද?
16 (පියා නැත්තා මාගේ බාල වයසේ පටන් පිය කෙනෙකු ළඟ මෙන් මා ළඟ ඇතිකළාවූද මාගේ මවු කුස පටන් වැන්දඹුවට ආධාරවුණාවූද මම)
17 දුප්පතුන් ආශාවූ දේ ඔවුන්ගෙන් වැලැක්වීම් නම්, නොහොත් වැන්දඹුවගේ ඇස් ක්ෂය වෙන්ට සැලැස්වීම් නම්,
18 පියා නැත්තාට මාගේ කොටසෙන් කන්ට නොදී තනියම ඒක කෑවෙම් නම්,
19 යමෙක් වස්ත්‍ර නැතිකමින් නසින බවත් දිළින්දාට වැස්මක් නැති බවත් මා දුටු විට,
20 මට ආශීර්වාදකරන හැටියට ඔහුගේ ඉඟටිය මාගේ බැටළු ලොම්වලින් උණුහුම් නොවී නම්,
21 මාගේ උපකාරකාරයෙක් දොරටුවේ සිටිනවා මා දුටු නිසා පියා නැත්තාට විරුද්ධව මාගේ අත එසවීම් නම්,
22 මාගේ උරහිස ඒකේ සන්ධිස්ථානයෙන් ගැළවී වැටෙවා, මාගේ හස්තය ඒකේ වැලමිටේන් බිඳීයේවා.
23 මක්නිසාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය, උන්වහන්සේගේ මහන්තත්ත්වය ඉදිරියෙහිද මට කිසිවක් කළ නොහැකිවිය.
24 මම රත්රන් මාගේ බලාපොරොත්තුව කොට ගතිම් නම්, නුඹ මාගේ විශ්වාසයයයි පවිත්‍ර රනට කීයෙම් නම්,
25 මාගේ සම්පත වැඩි නිසාත් මාගේ අත හුඟක් සම්බකරගත් නිසාත් ප්‍රීතිවීම් නම්,
26 ඉර බැබළෙන හැටිද හඳ දීප්තිමත්ව ගමන්කරන බවද මා දුටු විට
27 මාගේ සිත රහසින් පෙලඹී, මාගේ මුඛය මාගේ අත සිඹගත්තේ නම්,
28 ඉහළ සිටින දෙවියන්වහන්සේ මා විසින් එපාකළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතු අපරාධයක්ය.
29 මට වෛරවූ අයට පැමිණි විනාශයට මම සන්තෝෂවී, ඔහු විපත්තියට අසුවූ විට ප්‍රීතිවීම්නම්,
30 (එසේය, ඔහුගේ ජීවිතයට විරුද්ධව දෙස් කීමෙන් මාගේ මුඛයට පව්කරන්ට ඉඩනෑරියෙමි;)
31 ඔහුගේ කෑමෙන් තෘප්තිමත් නොවූ කෙනෙක් පෙන්වන්නේ කවුදැයි මාගේ කූඩාරමේ මනුෂ්‍යයෝ නොකීවෝ නම්,
32 අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකෙළේය;
33 මාගේ අයුතුකම මාගේ ළයේ සඟවා ගනිමින් මනුෂ්‍ය අන්දමින් මාගේ අපරාධ වැසීම් නම්,
34 මහත් සමූහයාට මා භයවූ නිසාත්, පවුල්වල හෙළාදැක්ම මා කැලඹුව නිසාත්, මා නිශ්ශබ්දව සිටි ගෙයින් පිට නොගියෙමි නම්–
35 අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්!
36 සැබවින් ඒක මාගේ කර පිට තබා ගන්නෙමි;
37 මාගේ අඩිවල ගණන උන්වහන්සේට කියා සිටින්නෙමි;
38 මාගේ බිම මට විරුද්ධව කෑගසා නම්, එහි සියලු හීවිටි අඬා පැමිණිලි කෙරේනම්,
39 මම මිල නොදී ඒකේ අස්වැන්න කා, ඒකේ අයිතිකාරයන්ගේ ප්‍රාණ හානි කෙළෙම් නම්,
40 තිරිඟු වෙනුවට කටුගස්ද යව වෙනුවට වල්ගස්ද වැවේවායි කීවේය.
එලීහුගේ කථාව
(දුක් පීඩා පැමිණෙන්නේ යහපතට බවත් දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බවත්.)
1 තමාම ධර්මිෂ්ඨයයි යෝබ් සිතූ බැවින් මේ මනුෂ්‍යයන් තුන්දෙනනා ඔහුට උත්තරදීම නැවැත්තුවෝය.
2 එවිට රාම්ගේ පෙළපතේ බූසිය බාරකෙල්ගේ පුත්‍රවූ එලීහුගේ උදහස ඇවුළුණේය. යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.
3 ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.
4 එලීහු යෝබ්ට උත්තර නොදී ප්‍රමාදව සිටියේය, මක්නිසාද ඔව්හු ඔහුට වඩා වැඩිමහල්ය.
5 මේ මනුෂ්‍යයන් තුන්දෙනාගේ මුඛයෙහි උත්තරයක් නැති බව එලීහු දුටු විට ඔහුගේ උදහස ඇවුළුණේය.
6 එකල බූසිය බාරකෙල්ගේ පුත්‍රවූ එලීහු උත්තරදෙමින් කියනුයේ:
7 වෘද්ධ වයස කථාකළ යුතුය, අවුරුදු රාශිය ප්‍රඥාව ඉගැන්විය යුතු යයි කීමි.
8 එහෙත් මනුෂ්‍යයා තුළ ආත්මයක් ඇත්තේමය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්මද ඔවුන්ට ඥානය දෙන්නේය.
9 ප්‍රඥාවන්තව සිටින්නේ මහත් අයම නොවේ, යුක්තිය දැනෙන්නේ වැඩිමහල්ලන්ටම නොවේ.
10 එබැවින්:
11 මම නුඹලාගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැයි නුඹලා සොයාගන්න තුරු නුඹලාගේ වාදයට ඇහුම්කන්දුනිමි,
12 එසේය, නුඹලාට මගේ සිත යොමු කෙළෙමි, එහෙත් යෝබ් හගිස්වන්ටවත් ඔහුගේ වචනවලට උත්තරදෙන්ටවත් කෙනෙක් නුඹලා අතරේ නොවීය.
13 එබැවින්:
14 මක්නිසාද ඔහු තමාගේ වචන මට විරුද්ධව යොමු නොකළේය;
15 ඔව්හු කැලඹී තවත් උත්තර නොදී සිටිති, කියන්ට ඔවුන්ට වචන නැත.
16 එසේ ඔවුන් කථානොකර, තවත් උත්තරනොදී, නිකම් සිටින නිසා මම බලා සිටිම්ද?
17 ඉතින් මමත් මාගේ වාරයේදී උත්තර දෙන්නෙමි, මමත් දන්න දේ කියන්නෙමි.
18 මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි;
19 මෙන්න, මාගේ බඩ රැස්නොගිය මුද්‍රිකපානයත් පිපිරෙන්ට ළංවූ අලුත් සම්භාජනත් මෙන්ය.
20 මට පහසු ලැබෙන පිණිස කථාකර, මාගේ තොල් ඇර උත්තර දෙන්නෙමි.
21 මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා;
22 මක්නිසාද ඉච්චාකරන්ට මම නොදනිමි.
1 ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන්න.
2 මෙන්න, මාගේ මුඛය ඇරියෙමි, මාගේ මුඛයෙහි මාගේ දිව කථාකෙළේය.
3 මාගේ කීම් මාගේ සිතේ අවංකකමින් වන්නේය;
4 දෙවියන්වහන්සේගේ ආත්මය මා සෑදුවේය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්ම මා ජීවත් කරන්නේය.
5 නුඹට පුළුවන්නම් මට උත්තරදෙන්න;
6 දෙවියන්වහන්සේ වෙත නුඹ යම්සේද මමත් එසේ වෙමි.
7 මාගේ භීතිය නුඹ ත්‍රස්ත නොකරන්නේය;
8 සැබවින් මා අසාගන සිටියදී, නුඹේ වචනවල ශබ්දය මට ඇසෙනලෙස නුඹ කථාකොට:
9 මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි.
10 උන්වහන්සේ මා ගැන විරුද්ධ කාරණා සොයාගන, සතුරෙකු කොට මා ගණන්ගන්නාසේක;
11 මාගේ පාද දඬුගසනසේක;
12 මේ ගැන නුඹ ධර්මිෂ්ඨලෙස කථානොකෙළෙහිය, මම නුඹට උත්තර දෙන්නෙමි;
13 උන්වහන්සේට විරුද්ධව නුඹ විවාද කරන්නේ මක්නිසාද?
14 මක්නිසාද මනුෂ්‍යයා නොසලකන නුමුත් දෙවියන්වහන්සේ එක වරක්, එසේය, දෙවරක්,
15 ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.
16 එකල මනුෂ්‍යයා ඔහුගේ අදහසින් හරවන පිණිසද, උඩඟුකම මනුෂ්‍යයාගෙන් පහකර,
17 ඔහුගේ ප්‍රාණය මිනීවළෙනුත් ඔහුගේ ජීවිතය කඩුවේ විනාශයෙනුත් ආරක්ෂාකරන පිණිසද,
18 උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ කන් අරවා, ඔවුන්ට දුන් දැනමුතුකම් මුද්‍රාකරනසේක.
19 ඔහු තමාගේ යහනේදී වේදනාවෙන්ද තමාගේ ඇටවල නිරන්තර පොරයකින්ද දඬුවම් ලබන්නේය.
20 ඔහුගේ ප්‍රාණය කෑමටද ඔහුගේ ආත්මය රස භෝජනයටද අප්‍රියකරන්නේය.
21 නොපෙනෙන ලෙස ඔහුගේ මාංසය ක්ෂයවී, නොපෙනුණාවූ ඔහුගේ ඇට පෑදෙන්නේය.
22 එසේය, ඔහුගේ ප්‍රාණය මිනීවළටත් ඔහුගේ ජීවිතය විනාශකාරයන්ටත් ළංවන්නේය.
23 මනුෂ්‍යයාට ඔහුගේ යුතුකම දක්වන පිණිස දහසක් අතරෙන් එක්කෙනෙක් වන දූතයෙකු එනම් තේරුම්කරදෙන කෙනෙකු ඔහුට ඇත්නම්,
24 උන්වහන්සේ ඔහුට කරුණාකොට:
25 එවිට දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත්වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.
26 ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කරනවා ඇත, උන්වහන්සේ ඔහු පිළිගෙන, උන්වහන්සේගේ මුහුණ ප්‍රීතියෙන් දකින්ට සලස්වා, නැවත මනුෂ්‍යයාට ඔහුගේ ධර්මිෂ්ඨකම පමුණුවනවා ඇත.
27 ඔහු මනුෂ්‍යයන් ඉදිරියේ ගීතිකා කරමින්:
28 මිනීවළට යාමෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මිදූසේක, මාගේ ජීවිතයද එළිය දකින්නේයයි කියනවා ඇත.
29 මනුෂ්‍යයාට ජීවත්වීමේ එළිය ලැබීමට ඔහුගේ ප්‍රාණය මිනීවළෙන් නැවත ගෙනෙන පිණිස,
30 දෙවියන්වහන්සේ දෙවරක්, එසේය, තුන්වරක්, මේ සියල්ල ඔහුට කරනසේක.
31 එම්බා, යෝබ්, සැලකිල්ලෙන් ඇහුම්කන්දෙන්න;
32 කියන්ට යමක් ඇත්නම් මට උත්තරදී, කථාකරන්න, මක්නිසාද නුඹ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට කැමැත්තෙමි.
33 නැත්නම් මට ඇහුම්කන්දී, නිශ්ශබ්දව සිටින්න, මම නුඹට ප්‍රඥාව උගන්වන්නෙමියි කීවේය.
341 ඇරත් එලීහු උත්තර දෙමින් කියනුයේ:
2 ප්‍රඥාවන්තයෙනි, මාගේ වචන අසන්න;
3 මක්නිසාද උඩුතල්ල කෑම රස බලන්නාක්මෙන් කනද වචන විමසන්නේය.
4 අපිම යුක්තිය සෝදිසිකර, යහපත කොයි එකද කියා අප අතරෙහි දැනගනිමු.
5 මක්නිසාද යෝබ් කථාකොට:
6 යුක්තිය මා කෙරෙහි තිබෙන නුමුත් මම බොරුකාරයෙකැයි ගණන්ගනු ලබමි, මා අත අපරාධයක් නැති නුමුත් මාගේ තුවාලය අසාධ්‍යයයි කීවේය.
7 යෝබ්ට සමාන මනුෂ්‍යයා කවරේද?
8 අයුතුකම්කරන්නන් හා සමාගම්වී, දුෂ්ට මනුෂ්‍යයන් සමඟ හැසිරෙන්නේය.
9 මක්නිසාද:
10 එබැවින් තේරුම් ඇති මනුෂ්‍යයෙනි, මට ඇහුම්කන්දෙන්න;
11 මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.
12 එසේය, සැබවින්ම දෙවියන්වහන්සේ දුෂ්ටකම් නොකරනසේක, සර්වපරාක්‍රමයාණෝ යුක්තිය නොපෙරළනසේක.
13 උන්වහන්සේට පොළොව භාරදුන්නේ කවුද?
14 උන්වහන්සේ තමන් සිත මනුෂ්‍යයා දෙසට යොමුකොට, ඔහුගේ ආත්මයද හුස්මද තමන් වෙතට එකතුකරගත්තොත්,
15 මාංසමයවූ සියල්ලෝ එකවිටම නසින්නෝය, මනුෂ්‍යයා දූවිල්ලට හැරීයන්නේය.
16 ඉතින් නුඹට ඥානය ඇත්නම් මේක අසා, මාගේ වචනවල හඬට ඇහුම්කන් දෙන්න.
17 සැබවින්ම යුක්තියට වෛරවෙන කෙනෙකුට ආණ්ඩුකරන්ට පුළුවන්ද?
18 රජෙකුට:
19 එසේනම් අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නාවූ, දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නාවූ තැනන්වහන්සේට එසේ කියන්නේ කොහොමද?
20 ඇසිල්ලකින්, මධ්‍යම රාත්‍රියෙහි පවා, ඔව්හු නසින්නෝය;
21 මක්නිසාද උන්වහන්සේගේ ඇස් මනුෂ්‍යයාගේ මාර්ග කෙරෙහිය, ඔහුගේ සියලු යාම් ඊම් උන්වහන්සේ දක්නාසේක.
22 අයුතුකම්කරන්නන්ට සැඟවී ඉන්ට පුළුවන්වූ අන්ධකාරයක්වත් මරණ සෙවණක්වත් නැත.
23 මක්නිසාද මනුෂ්‍යයෙක් දෙවියන් වහන්සේ වෙතට විනිශ්චයට පමුණුවන පිණිස, ඔහු ගැන වැඩි කල් කල්පනාකරන්ට උන්වහන්සේට ඕනෑ නැත.
24 විභාගයක් නැතුව උන්වහන්සේ බලවතුන් පොඩිකරදමා, ඔවුන් වෙනුවට වෙන තැනැත්තන් සිටුවනසේක.
25 එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියා දැන, ඔවුන් සුන්වන ලෙස රාත්‍රියේදී ඔවුන් පෙරළාදමනසේක.
26 ඔවුන් උන්වහන්සේ අනුවයාමෙන් අහකට හැරී, උන්වහන්සේගේ සියලුම මාර්ග නොසලකා හැර,
27 දුප්පතාගේ මොරගැසීම උන්වහන්සේ වෙතට පැමිණෙන්ට සැලැස්වූ බැවින්ද, අසරණයන්ගේ මොරගැසීම උන්වහන්සේට ඇසුණු බැවින්ද,
28 මනුෂ්‍යයන්ට පෙනෙන ස්ථානයේදී උන්වහන්සේ දුෂ්ටයන් හැටියට ඔවුන්ට පහරදෙනසේක.
29 උන්වහන්සේ ශාන්තිය දෙන විට වරද තබන්නේ කවුද?
30 එසේ අභක්තික මනුෂ්‍යයා රජකම් නොකරන ලෙසද, කිසිවෙකු විසින් සෙනඟ මලපතට අසුකර නොගන්න ලෙසද, ජාතියක් ගැන වේවා, එක මනුෂ්‍යයෙක් ගැන වේවා, එකාකාර සිද්ධ වන්නේය.
31 මක්නිසාද යමෙක් දෙවියන්වහන්සේට කථාකොට:
32 මට නොපෙනෙන දේ මට පෙන්නුව මැනව.
33 උන්වහන්සේගේ විපාකය නුඹ එපා කරන්නේ එය නුඹ කැමති ලෙස දිය යුතු නිසාද?
34 සිහි ඇති මනුෂ්‍යයෝද මාගේ වචන අසන සියලු නුවණ ඇත්තෝද කථාකොට:
35 යෝබ් දැනගැන්ම නැතුව කථාකරන්නේය, ඔහුට වචන ප්‍රඥා රහිතයයි මට කියන්නෝය.
36 දුෂ්ට මනුෂ්‍යයන් මෙන් යෝබ් උත්තරදෙන බැවින් ඔහු තීන්දුවටම සෝදිසිකරනු ලබන්නේනම් යෙහෙකි.
37 මක්නිසාද ඔහු තමාගේ පාපයට කැරළිකාරකම එකතුකොට, අප අතරේ අත්පිඩිගසා, දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ වචන වැඩිකෙරේයයි කීවේය.
351 එලීහු තවත් කථාකරමින් කියනුයේ:
2 මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි නුඹ කී එක හරිය කියා නුඹ සිතනවාද?
3 මක්නිසාද:
4 නුඹටත් නුඹ සමඟ සිටින නුඹේ මිත්‍රයන්ටත් මම උත්තරදෙමි.
5 අහස දෙසට ඇස් ඔසවා බලා, නුඹට ඉතා ඉහළින් තිබෙන ආකාශය බලා කල්පනාකරන්න.
6 නුඹ පව්කළත් නුඹ උන්වහන්සේට විරුද්ධව කුමක් කරනවාද?
7 නුඹ ධර්මිෂ්ඨව සිටියත් නුඹ උන්වහන්සේට දෙන්නේ කුමක්ද?
8 නුඹේ දුෂ්ටකමෙන් නුඹ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන;
9 පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති;
10 එහෙත්:
11 රාත්‍රියේදී ගීතිකා දෙන්නාවූ මාගේ මැවුම්කාර දෙවියන්වහන්සේ කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය.
12 එහි ඔවුන් කෑගසන නුමුත්, නපුරන්ගේ උඩඟුකම නිසා, කිසිවෙක් උත්තර නොදෙන්නේය.
13 සැබවින්ම දෙවියන්වහන්සේ නිෂ්ඵලකමට ඇහුම්කන් නොදෙනසේක, සර්වපරාක්‍රමයාණෝ ඒක නොසලකනසේක.
14 එසේනම්:
15 නුමුත් දැන් උන්වහන්සේ උදහසින් දඬුවම් නොකළ නිසාත්, අපරාධය තදලෙස නොසලකන නිසාත්,
16 යෝබ් තමාගේ මුඛය නිෂ්ඵලලෙස ඇර, දැනගැන්ම නැතුව වචන වැඩිකරගන්නේයයි කීවේය.
361 එලීහු තවත් කථාකරමින් කියනුයේ:
2 මා නුඹට පෙන්වාදෙන පිණිස මා ගැන ටිකක් ඉවසන්න;
3 මාගේ දැනගැන්ම දුර සිට ගෙනැවිත්, මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ධර්මිෂ්ඨ බව පෙන්වන්නෙමි.
4 මක්නිසාද සැබවින්ම මාගේ වචන බොරු නැත.
5 මෙන්න, දෙවියන්වහන්සේ බලවත්ය, එහෙත් කිසිවෙකු සුළු නොකරනසේක.
6 උන්වහන්සේ දුෂ්ටයන් ආරක්ෂා නොකරනසේක.
7 උන්වහන්සේ තමන් ඇස් ධර්මිෂ්ඨයන් වෙතින් අහක් නොකර, ඔවුන් උසස්වෙන හැටියට රජුන් සමඟ නිතරම සිංහාසනයෙහි සිටුවනසේක.
8 ඔව්හු විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති බැඳුම්වලට අසුවී සිටිත්නම්,
9 උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවද ඔවුන්ගේ අපරාධ එනම් ඔවුන් උඩඟුකම් කළ බවද ඔවුන්ට පෙන්වා,
10 දැනමුතුකමට ඔවුන්ගේ කන් අරවා, අයුතුකමෙන් හැරෙන්ට කියා ඔවුන්ට අණකරනසේක.
11 ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.
12 නුමුත් නාසා සිටියොත්, ඔව්හු කඩුවෙන් විනාශවන්නෝය, අනුවණකමින් නසින්නෝය.
13 නුමුත් අභක්තික සිත් ඇත්තෝ උදහස රැස්කරගනිති.
14 ඔව්හු යෞවන වයසේදී නසිති;
15 උන්වහන්සේ පීඩා විඳින්නන් පීඩාකරණකොටගෙන මුදා, පීඩිතකමේදී ඔවුන්ගේ කන් අරිනසේක.
16 එසේය, උන්වහන්සේ නුඹ විපත්තිවලින් මුදා අවහිරකමක් නැති විශාල තැනකට පමුණුවනසේක;
17 නුමුත් නුඹ දුෂ්ටයාගේ දඬුවමින් පිරී සිටින්නෙහිය.
18 එබැවින් දඬුවමට විරුද්ධව කෝපයෙන් නොපෙළඹෙන්න;
19 දුකට පත් නොවෙන ලෙස නුඹේ වස්තුවවත් නුඹේ ශක්තියේ මුළු බලයවත් සෑහෙන්නේද?
20 ජනයන් තමුන්ගේ ස්ථානයෙන් සිඳිනු ලබන රාත්‍රියට ආශා නොවෙන්න.
21 ප්‍රවේසම්වෙන්න, අධර්මිෂ්ඨකමට සිත නොදෙන්න.
22 බලව, දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උසස්ව සිටිනසේක.
23 උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේට නියමකෙළේ කවුද?
24 මනුෂ්‍යයන් ගීයෙන් ප්‍රශංසාකළාවූ උන්වහන්සේගේ කර්මාන්ත වර්ණනා කරන්ට සිහිකරගන්න.
25 සියලු මනුෂ්‍යයෝ ඒ දෙස බැලුවෝය;
26 බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය;
27 උන්වහන්සේ දිය බින්දු ඉහළට ඇදගන්න කල උන්වහන්සේගේ මීදුමෙන් වැස්ස සෑදෙන්නේය.
28 ඒවා වලාකුල්වලින් වැගිරී බොහෝසේ මනුෂ්‍යයන් පිටට වහින්නේය.
29 නුමුත් වලාපටලයේ පැතිර යාම වන උන්වහන්සේගේ මණ්ඩපයේ ගර්ජනා යමෙකුට තේරුම්ගත හැක්කේද?
30 බලව, උන්වහන්සේ තමන් ආලෝකය තමන් වටකර විහිදුවා, මුහුදේ පතුළ වසනසේක.
31 මක්නිසාද එයින් උන්වහන්සේ ජනයන්ට දඬුවම්කරනසේක;
32 උන්වහන්සේ ස්වකීය අත් විදුලියෙන් පුරවාගෙන, නියම ලකුණට වදින ලෙස ඊට අණකරනසේක.
33 ඒකේ ගර්ජනාව උන්වහන්සේ ගැන දන්වන්නේය, පැමිණෙන කුණාටුව ගවයන්ටද දැනෙන්නේය.
371 එසේය, ඊට මාගේ සිත වෙවුලා ඒකේ ස්ථානයෙන් ඉවත්වෙයි.
2 උන්වහන්සේගේ හඬේ ගර්ජනාවත් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන ගෙරවීමත් හොඳට අසන්න.
3 උන්වහන්සේ ඒක මුළු අහස යටද තමන්ගේ විදුලිය පොළොවේ කෙළවර දක්වාද යවනසේක.
4 ඊට පස්සෙන් ශබ්දයක් ගොරවාගන යන්නේය;
5 දෙවියන්වහන්සේ ස්වකීය හඬින් පුදුමලෙස ගර්ජනාකරනසේක.
6 මක්නිසාද උන්වහන්සේ හිමවලටත් එසේම වර්ෂාවටත් තමන් තද වර්ෂාවලටත් කථාකොට:
7 උන්වහන්සේගේ කර්මාන්තය වන සියලු මනුෂ්‍යයන් ඒක දැනගන්නා පිණිස උන්වහන්සේ හැම මිනිසුන්ගේ අත් මුද්‍රාකර තබනසේක.
8 එකල මෘගයොත් ගුහාවලට ඇතුල්වී, උන්ගේ බෙනවල නවතින්නෝය.
9 දකුණු නිවාසයෙන් සුළිහුළඟද උතුරෙන් ශීතලයද පැමිණෙන්නේය.
10 දෙවියන්වහන්සේගේ හුස්මෙන් වතුර මිදෙන්නේය.
11 එසේය, උන්වහන්සේ දියෙන් වලා පටලය බරකරනසේක;
12 දඬුවමක් වශයෙන් හෝ තමන්ගේ පොළොව උදෙසා හෝ කරුණාවක් වශයෙන් හෝ උන්වහන්සේ ඒවා පමුණුවන විට,
13 උන්වහන්සේ ඒවාට අණකරන සියල්ලම මිනිස් වාසයවූ ලෝකය මතුපිට එයින් සිද්ධවෙන පිණිස, ඒවා උන්වහන්සේගේ නියමය ප්‍රකාර හැම දිශාවලට හැරී යන්නෝය.
14 එම්බා, යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න.
15 දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා නුඹ දන්නෙහිද?
16 දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා, එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය නුඹ දන්නවාද?
17 දකුණු සුළඟින් පොළොව නිශ්චලවූ කල නුඹේ ඇඳුම් උණුහුම්වෙන්නේ කෙසේදැයි දන්නවාද?
18 වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට නුඹට පුළුවන්ද?
19 අප විසින් උන්වහන්සේට කිය යුතුදේ නුඹ අපට දන්වන්න.
20 මා කථාකරන්ට කැමති බව උන්වහන්සේට දන්වන්ටද?
21 ඉතින් හුළඟ ගසා අහස පැහැදුණාම, එහි දීප්තිමත් එළිය දරන්ට මනුෂ්‍යයන්ට බැරිය.
22 උතුරු දිගින් රන්වන් අලංකාරය පැමිණෙන්නේය.
23 සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය;
24 එබැවින් මනුෂ්‍යයෝ උන්වහන්සේට භයවෙති.
ස්වාමීන්වහන්සේගේ පළමුවෙනි උත්තරය
(තමන්වහන්සේගේ බලය හා ප්‍රඥාව ස්වකීය මැවිලිවලින් දැක්වීම.)
1 එවිටස්වාමීන්වහන්සේකුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් මෙසේ කීසේක:
2 අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?
3 ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන විට මට කියන්න.
4 මා පොළොව පිහිටෙවු කල නුඹ කොතැන සිටියෙහිද?
5 ඒකේ මිමි නියමකළේ කවුද?
6 ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද?
7 දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවත්වද්දී, ඒකේ කොනේ ගල තැබුවේ කවුද?
8 මුහුද බිහිවී ගැබින් නික්ම ආ විට, ඒක දොරවලින් වසා තැබුවෙත් කවුද?
9 මා විසින් වලාකුල් ඒකේ වස්ත්‍රයද ඝනාන්ධකාරය ඊට වෙළන පටියද කොට තබා,
10 ඊට මාගේ මායිම නියමකර, අගුල් සහ දොරවල්ද තබා:
11 මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය;
12 එළිය පොළොවේ කෙළවරට පැමිණීමෙන් දුෂ්ටයන් එතැනින් හෙළාදමනු ලබන හැටියට,
13 නුඹේ සෑම දවස්වල නුඹ උදයට අණකොට අලුයමට ඒකේ ස්ථානය දැන්නෙවුවෙහිද?
14 එය මුද්‍රා තබනලද මැටි මෙන් සියල්ල වෙනස්වී, වස්ත්‍රයකින් පැළඳී තිබෙන්නාක්මෙන් පෙනෙන්නේය.
15 එවිට දුෂ්ටයන්ගේ එළිය ඔවුන්ගෙන් පහවන්නේය, එසෙවූ හස්තයද බිඳදමනු ලබන්නේය.
16 නුඹ මුහුදේ උල්පත් ළඟට පැමිණියෙහිද?
17 මරහුගේ දොරටු නුඹට ප්‍රකාශවීද?
18 නුඹ පොළොවේ පළල කල්පනාකර බැලුවෙහිද?
19 නුඹ එළිය ඒකේ මායිමට ගෙනයන පිණිසත්, ඒකේ නිවාසයට යන මාවත් නුඹ විසින් තේරුම්ගන්නා පිණිසත්,
20 එය වාසයකරන තැනට යන මාර්ගය කොහේද?
21 නුඹ එවකට ඉපිද සිටිය බැවින්ද නුඹේ දවස් ගණනත් බොහෝ බැවින්ද නිසැකව නුඹ දන්නෙහිය!
22 කැලඹීමේ කාලයටද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන
23 හිම ගබඩා ළඟට නුඹ පැමින්නෙහිද?
24 එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?
25 මනුෂ්‍යයෙකු නැති දේශයකටත් කිසි මනුෂ්‍යයෙකු නැති කාන්තාරයටත් වැසි වස්වා,
26 වනයද පාළු තැන්ද සනහා, තෘණ වැවෙන්ට සැලැස්වීමට,
27 වර්ෂාවට පාරවල්ද අකුණුවල විදුලියට මාර්ගයක්ද විවරකළේ කවුද?
28 වර්ෂාවට පියෙක් ඇද්ද?
29 හිමකැට කාගේ ගැබෙන් නික්මුණාද?
30 ගලක් ඇතුළෙහි මෙන් වතුර සැඟවී තිබේ, ගැඹුරේ මතුපිටද මිදී තිබේ.
31 හත්දින්නේ තරුවැළ බඳින්ට නුඹට පුළුවන්ද?
32 මස්සරොත් ඒවායේ නියම කාලයට නික්මවන්ට නුඹට පුළුවන්ද?
33 නුඹ අහසේ නියෝග දන්නවාද?
34 වතුර රාශියක් නුඹ පිටට පැමිණෙන හැටියට වලාකුල්වලට නුඹේ හඬ නගන්ට පුළුවන්ද?
35 විද්‍යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට නුඹට පුළුවන්ද?
36 අධ්‍යාත්මයෙහි ප්‍රඥාව තැබුවේ කවුද?
37 ධූලි කැටි ගැසෙන කල්හිද, පිඩලි එකට ඇලෙන කල්හිද,
38 ප්‍රඥාවෙන් වලාකුල් ගනින්ට කාට පුළුවන්ද?
39 නුඹ සිංහධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහිද?
40 කැලෑවේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ ආශාව සංසිඳවනවාද?
41 කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන්වහන්සේට කෑගසන විට ඌට ගොදුරු සපයාදෙන්නේ කවුද?
391 පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය නුඹ දන්නවාද?
2 උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට නුඹට පුළුවන්ද?
3 උන් නැමී උන්ගේ පැටවුන් බිහිකර උන්ගේ රුදා පහකරගනිති.
4 උන්ගේ පැටව් ලොකුවී, එළියෙහි වැඩී, පිටත්ව ගොස් නෑවිත් සිටිති.
5 වල් කොටළුවා නිදහස්කර හැරියේ කවුද?
6 මම කාන්තාරය උගේ ගෙයද ලුණු භූමිය උගේ වාසස්ථානයද කොට නියමකෙළෙමි.
7 ඌ නගරයේ ඝෝෂාවට සිනාසෙයි, දක්කන්නාගේ මොරගැසීම් ඌට නෑසෙයි.
8 කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.
9 කුළුහරකා නුඹට වැඩකරන්ට කැමතිවේද?
10 කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට නුඹට පුළුවන්ද?
11 උගේ ශක්තිය මහත් බැවින් නුඹ ඌ විශ්වාසකර, නුඹේ වැඩ ඌට භාරදෙන්නෙහිද?
12 ඌ නුඹේ අස්වැන්න ගෙනැවිත් නුඹේ පාවරට එකතුකරනවා ඇත කියා නුඹ ඌ කෙරෙහි විශ්වාසය තබන්නෙහිද?
13 පැස්බරාගේ පියාපත් ප්‍රීතිමත්ලෙස වැනෙයි, නුමුත් ඒ පියාපත් හා පිහාටු කරුණාවත්ද?
14 නැත, ඌ උගේ බිජු බිම දමා, ධූලියෙහි උණුසුම්කර,
15 ඒවා පයට පෑගෙන්ටත් වල් සතුන්ට පොඩිවෙන්ටත් පුළුවන් බව මතකනැතිකරන්නේය.
16 උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය.
17 මක්නිසාද දෙවියන්වහන්සේ උගෙන් ප්‍රඥාව වලක්වා, ඌට නුවණ නොදී ඇරියසේක.
18 ඌ පියාපත් උස්සා ගසාගන යන කල, ඌ අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය.
19 නුඹ අශ්වයාට වෙර දුන්නෙහිද?
20 ඌට පළඟැටියෙකු මෙන් පනින්ට සැලැස්සුවෙහිද?
21 ඌ මිටියාවතෙහි කුරගසා, ශක්තිය නිසා ප්‍රීතිමත්වී, යුද්ධායුධවලට මූණපාන්ට යන්නේය.
22 ඌ භයට සරදම්කොට තැති නොගෙන සිටින්නේය;
23 ඊකොපුවද දිලියෙන හෙල්ලයද කුඩා හෙල්ලයද ඌට වැදී ශබ්ද නගින්නේය.
24 සැරකමෙන්ද කෝපයෙන්ද ඌ වේගයෙන් පැනයන්නේය;
25 ඇසෙන එක එක හොරණෑ ශබ්දයට ඌ:
26 උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ නුඹේ නුවණින්ද?
27 නොහොත් රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ නුඹේ අණටද?
28 ඌ පර්වතය පිට වාසයකරන්නේය, පර්වතයේද පර්වත කූටයේද වසන්නේය.
29 එතැන සිට ඌ ගොදුරු සොයන්නේය;
30 උගේ පැටව්ද ලේ උරා බොති.
යෝබ් තමාගේ වරද පිළිගැනීම
1 තවදස්වාමීන්වහන්සේයෝබ්ට උත්තරදෙමින්:
2 පොරට සිටින්නා සර්වපරාක්‍රමයාණන්වහන්සේ සමඟ විවාදකරන්නේද?
3 එකල යෝබ්ස්වාමීන්වහන්සේටඋත්තරදෙමින්:
4 මම නීචයෙක්මි;
5 මම එක වරක් කථාකෙළෙමි, එහෙත් උත්තර නොදෙන්නෙමි;
6 එවිටස්වාමීන්වහන්සේකුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් කියනසේක්:
7 ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන අතර මට දන්වන්න.
8 නුඹ මාගේ විනිශ්චය පවා අවලංගුකර, නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද?
9 නොහොත් දෙවියන්වහන්සේට වාගේ හස්තයක් නුඹට තිබේද?
10 උත්කෘෂ්ටකමෙන්ද ඓශ්චර්යයෙන්ද සැරසී, මහිමයද මහන්තත්ත්වයද පැළඳ ගන්න.
11 නුඹේ උදහස වගුරුවා හැර, උඩඟු සියල්ලන් බලා, ඔවුන් පහත් කරන්න.
12 උඩඟු සියල්ලන් බලා යටත්කර, දුෂ්ටයන් ඔවුන්ගේ ස්ථානයෙහි පාගා දමන්න.
13 ඔවුන් සියල්ලන් ධූලියෙහි සඟවා, ඔවුන්ගේ මුහුණු කළුවර ස්ථානයෙහි බැඳ තබන්න.
14 එවිට නුඹේ දකුණත නුඹ ගළවන්ට පොහොසත් බැවින්, මමත් නුඹට ප්‍රශංසාකරන්නෙමි.
15 බෙහෙමොත්බලන්න, නුඹ මෙන් ඌත් සෑදුවෙමි;
16 උගේ තුනටියෙහි තිබෙන උගේ ශක්තියත් උගේ බඩේ මස්ගොබවල තිබෙන උගේ බලයත් කල්පනාකරන්න.
17 ඌ උගේ වල්ගය කිහිරි ගසක් මෙන් වනන්නේය;
18 උගේ ඇට පිත්තල වැනිය;
19 දෙවියන්වහන්සේගේ වැඩවලින් ඌ ප්‍රධානියාය.
20 මක්නිසාද ඌට කෑම සම්බවෙන්නේ වනයේ සියලු සත්වයන් ක්‍රීඩාකරන කඳුවලය.
21 ඌ නෙළුම් ගස් යට, බටවලද වගුරේද මුවාවෙහි ලගින්නේය.
22 නෙළුම් ගස් ඌට සෙවණ දෙයි;
23 ගංගාවක් ගලන නුමුත් ඌ තැති නොගන්නේය, යොර්දාන උගේ කට දක්වා ගලා එන නුමුත් ඌ නිර්භීතව සිටියි.
24 ඌ බලාසිටියදී ඌ අල්ලාගන්ටවත් උගේ නාසය මලපත්වලින් සිදුරු කරන්ටවත් පුළුවන්ද?
411 කිඹුලා බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලනුවකින් පහත්කරන්ටවත් නුඹට පුළුවන්ද?
2 උගේ නාසයේ වැල්පටක් දමන්ටවත් උගේ හක්ක උලකින් සිදුරු කරන්ටවත් නුඹට පුළුවන්ද?
3 ඌ නුඹට බොහෝ කන්නලව් කරනවා ඇද්ද?
4 නුඹ හැම කලටම ඌ මෙහෙකරුවෙක් කොට ගන්න පිණිස ඌ නුඹ සමඟ ගිවිසුමක් කරනවා ඇද්ද?
5 පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම්කරනවාද?
6 මසුන් අල්ලන්නෝ උගෙන් වෙළඳාම්කර, වෙළඳුන් අතරේ ඌ බෙදන්නෝද?
7 උගේ හමට හෙල්ලවලින්වත් උගේ ඔළුවට මස් හෙල්ලවලින්වත් අනින්ට නුඹට පුළුවන්ද?
8 නුඹේ අත ඌ පිට තබා, සටන සිහිකරන්න, තවත් එසේ නොකරන්න.
9 අන්න, ඌ ගැන බලාපොරොත්තුවීම නිෂ්ඵලය.
10 ඌ අවුස්සන තරමට ධෛර්ය ඇති කෙනෙක් නැත.
11 පළමුකොට මට යමක් දුන්නේ කවුද?
12 උගේ ගාත්‍රාද බලයේ ශක්තියද නිසි ශරීර ලක්ෂණද ගැන නිශ්ශබ්දව නොසිටින්නෙමි.
13 උගේ පිට වස්ත්‍රය ගළවන්ට කාට පුළුවන්ද?
14 උගේ මුහුණේ දොරවල් අරින්ට පුළුවන් කාටද?
15 තද මුද්‍රාවකින් වැසුවාක්මෙන්වූ උගේ ශක්තිමත් කොරපොතු උගේ පාරට්ටුවය.
16 ඒවා අස්සට හුළඟ ඇතුල් නොවෙන හැටියට ඒවා එකිනෙකට යාව තිබේ.
17 ඒවා එකිනෙකට ඇලී, වෙන්කරන්ට බැරි ලෙස එකිනෙකට සම්බන්ධව තිබේ.
18 උගේ කිඹිසීම්වලින් එළියක් බබළයි;
19 උගේ කටින් ගිනිදැල් නික්මෙන්නේය, ගිනිපුපුරු පැනනගින්නේය.
20 ලිපේ තිබෙන හැළියකින්ද දැවෙන කටාරමකින්ද මෙන් උගේ නාස්පුටවලින් දුම් නගින්නේය.
21 උගේ හුස්මට අඟුරු පත්තුවෙන්නේය.
22 උගේ බෙල්ලෙහි බලය රඳා තිබේ, ඌ ඉදිරියෙහි භීතිය නටන්නේය.
23 උගේ මස්පිඩු එකට ඇලී, නොසෙල්වෙන හැටියට ඌ පිට තදව තිබේ.
24 උගේ සිත ගලක් මෙන් තදය;
25 ඌ නැගිටින කල බලවන්තයෝ භයපත්වී, අධික භය නිසා උමතුවෙති.
26 කඩුවද හෙල්ලයද කුඩා හෙල්ලයද ඊතලයද ඇතුව ඌට විරුද්ධව පැමින්නත්, ඒවා නිෂ්ඵලවෙයි.
27 යකඩ පිදුරු මෙන්ද පිත්තල දිරාගිය ලී මෙන්ද ඌ ගණන්ගන්නේය.
28 ඊගස කෙරෙන් ඌ පලා නොයන්නේය;
29 පොලු ඉපනැල්ල මෙන් ඌ ගණන්ගන්නේය;
30 උගේ යටිපැත්ත තියුණු කැබලිති වැනිය.
31 සැළියක වතුර මෙන් ඌ ගැඹුර නටවන්නේය.
32 ඌ යන කල පස්සෙන් පාර දිලියෙන්නේය;
33 ඌට සමාන එකෙක් භූමිය මතුපිට නැත;
34 ඌ උසස්ව තිබෙන සියල්ල බලන්නේය.
යෝබ් නැවත තමාගේ වරද පිළිගෙන පසුතැවිලිවීම
1 එවිට යෝබ්ස්වාමීන්වහන්සේටඋත්තරදෙමින් කියනුයේ:
2 ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි.
3 දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?
4 අනේ ඇසුව මැනව, එවිට මම කථාකරන්නෙමි;
5 මා ඔබ ගැන කනින් අසා තිබුණේය;
6 එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.
යෝබ් නැවත පිළිගනු ලැබ සමෘද්ධියට පත්වීම
7 තවදස්වාමීන්වහන්සේමේ වචන යෝබ්ට කී පසුස්වාමීන්වහන්සේතේමානිය එලීපස්ට කථාකොට: මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ. 8 එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය; එවිට නුඹලාගේ මෝඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක. 9 එබැවින් තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ගොස්ස්වාමීන්වහන්සේඔවුන්ට අණකළ ලෙස කළෝය.ස්වාමීන්වහන්සේද යෝබ් පිළිගත්සේක. 10 තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විටස්වාමීන්වහන්සේඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක. 11 එවිට ඔහුගේ සියලු සහෝදරයෝද ඔහුගේ සියලු සහෝදරියෝද පළමු ඔහු ඇඳින සිටි සියල්ලෝද ඔහු ළඟට ඇවිත්, ඔහුගේ ගෙදර ඔහු සමඟ කෑම කා,ස්වාමීන්වහන්සේඔහුට පැමිණෙවු සියලු විපත්ති ගැන ඔහු සමඟ ශෝකවී, ඔහු සැනසුවෝය. එක් එක්කෙනා කෙසීටා [නම්] මිලයකුත් එක් එක්කෙනා රන් මුදුවකුත් ඔහුට දුන්නේය. 12 මෙසේස්වාමීන්වහන්සේයෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාදකළසේක. බැටළුවන්ද එළුවන්ද දහහතර දහසකුත් ඔටුවන් හදහසකුත් ගොන්බාන් දහසකුත් කොටළුදෙනුන් දහසකුත් ඔහුට සිටියෝය. 13 ඒ ඇර පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද ඔහුට සිටියෝය. 14 ඔහු පළමුවෙනි තැනැත්තීට යෙමීමා යන නමද දෙවෙනි තැනැත්තීට කෙශීයා යන නමද තුන්වෙනි තැනැත්තීට කෙරෙන්-හප්පූක් යන නමද තැබීය. 15 යෝබ්ගේ දූවරුන් මෙන් රුව ඇති ස්ත්‍රීහු ඒ මුළු දේශයෙහි නොසිටියාහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දුන්නේය. 16 ඉන්පසු යෝබ් එකසිය හතළිස් අවුරුද්දක් ආයු වළඳා, සතරවෙනි පරම්පරාව දක්වා තමාගේ පුත්‍රයන්ද පුත්‍රයන්ගේ පුත්‍රයන්ද දුටුවේය. 17 ඉක්බිති යෝබ් මහලුව වයසින් පූර්ණව මළේය.