1

දේවමාළිගාව ගොඩනගන්ට පටන්ගැනීමට ආරාධනාවක්

1 දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදාස්වාමීන්වහන්සේගේවචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය. 2 සේනාවලස්වාමීන්වහන්සේකථාකොට:ස්වාමීන්වහන්සේගේගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි මේ සෙනඟ කියතියි කීසේක. 3 එකලස්වාමීන්වහන්සේගේවචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ: 4 මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන නුඹලාගේ ගෙවල්වල වාසයකිරීමට නුඹලාට මෙය නිසි කාලයද? 5 එබැවින් සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න. 6 නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය. 7 සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න. 8 මා විසින් ගෘහය කෙරෙහි ප්‍රසන්නවී ගෞරව ලබන පිණිස, නුඹලා කඳු රටට නැගී ගොස් ලී ගෙනවුත් ඒක ගොඩනගන්නැයිස්වාමීන්වහන්සේකියනසේක. 9 නුඹලා බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; නුඹලා ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවලස්වාමීන්වහන්සේඅසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී නුඹලා එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය. 10 එබැවින් නුඹලා නිසා ආකාශයෙන් පිනි නැවතී තිබේ, පොළොවෙන් එහි ඵල වැලකී තිබේ. 11 මම දේශය හා කඳුද ගොයමද මිදියුසද තෙල්ද භූමියෙන් අටගන්න දේවල්ද මනුෂ්‍යයන්ද සිව්පාවුන්ද සියලු හස්තකර්මද පිටට නියඟයක් එන්ට අණකෙළෙමියි කීවේය.

12 එකල ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාද සෙනඟගෙන් අනික් සියල්ලෝද තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේගේහඬටත් තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේවිසින් එවූ අනාගතවක්තෘවූ හග්ගයිගේ වචනවලටත් කීකරුවූවෝය; එසේ සෙනඟස්වාමීන්වහන්සේඉදිරියෙහි භයවූවෝය. 13 එකලස්වාමීන්වහන්සේගේපණිවිඩකාරයාවූ හග්ගයිස්වාමීන්වහන්සේගේපණිවිඩයේ හැටියට සෙනඟට කථාකොට: මම නුඹලා සමඟ සිටිමියිස්වාමීන්වහන්සේකියනසේකැයි කීවේය. 14 තවදස්වාමීන්වහන්සේෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ගේ ආත්මයද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ආත්මයද සෙනඟගෙන් අනික් සියල්ලන්ගේ ආත්මද පුබුදුකළසේක. 15 ඔව්හු දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ විසිහතරවෙනිදා ඇවිත් තමුන්ගේ දෙවිවූ සේනාවලස්වාමීන්වහන්සේගේගෘහයෙහි වැඩය කළෝය.

2

පළමුවෙනි දෙවෙනි මාළිගා දෙක

1 හත්වෙනි මාසයේ විසිඑක්වෙනිදාස්වාමීන්වහන්සේගේවචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ: 2 ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ටත් යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාටත් සෙනඟගෙන් අනික් අයටත් කථාකොට මෙසේ කියන්න: 3 මේ ගෘහය එහි පළමු තේජස ඇතුව තිබෙද්දී එය දුටු අයගෙන් නුඹලා අතරේ ඉතිරිව සිටින්නේ කවුද? මේක දැන් නුඹලාට පෙනෙන්නේ කොහොමද? මේක කිසිත් නැත්තාක්මෙන් නුඹලාගේ ඇස්වලට පෙනෙනවා නොවේද? 4 එහෙත්, සෙරුබ්බාබෙල්, දැන් බලවත්ව සිටින්නැයිස්වාමීන්වහන්සේකියනසේක; යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹත් බලවත්ව සිටින්න; දේශයේ සෙනඟ සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරන්නැයිස්වාමීන්වහන්සේකියනසේක. මක්නිසාද මම නුඹලා සමඟ සිටිමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 5 නුඹලා මිසරයෙන් පිටත්ව ආකල මා විසින් නුඹලා සමඟ ගිවිසගත් වචනයත් මාගේ ආත්මයත් නුඹලා අතරෙහි පවතින්නේය. භය නොවෙන්න. 6 මක්නිසාද සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: මම ටික කලකින් තව වරක් අහස සහ පොළොවත් මුහුද සහ ගොඩත් සොලවන්නෙමි; 7 සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 8 රිදී මාගේය, රන්ද මාගේයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 9 මේ ගෘහයේ අන්තිම තේජස පළමු ඒකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේකැයි කීය.

පූජකයින්ගේ අපිරිසිදුකම සහ සෙනඟගේ පමාවීම ගැන ස්වාමීන්වහන්සේගේ දඬුවම

10 දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ නවවෙනි මාසයේ විසිහතරවෙනිදාස්වාමීන්වහන්සේගේවචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ: 11 සේනාවලස්වාමීන්වහන්සේකථාකොට– 12 යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය. 13 එවිට හග්ගයි: මළකඳකින් අපවිත්‍රවී සිටින කෙනෙක් ඒවායෙන් යමකට තැවරුණොත් එය අපවිත්‍රවේදැයි ඇසුවේය. පූජකයෝ උත්තරදෙමින්: අපවිත්‍රවේයයි කීවෝය. 14 එවිට හග්ගයි උත්තරදෙමින් මෙසේ කීවේය: මා ඉදිරියෙහි මේ සෙනඟ එසේමය, මේ ජාතියද එසේමයයිස්වාමීන්වහන්සේකියනසේක; ඔවුන්ගේ අත්වල සියලු වැඩත් එසේමය; ඔවුන් එහි ඔප්පුකරන දේත් අපවිත්‍රය. 15 එබැවින් අද දවසේ පටන් මත්තට සිතට ගන්න,ස්වාමීන්වහන්සේගේමාළිගාවෙහි ගලක් පිට ගලක් තබන්ට පළමුවෙන් තිබුණු දවස්වල නම්, 16 යමෙක් මිමි විස්සක් තිබුණු ගොඩක් ළඟට ආකල තිබුණේ මිමි දහයක්ය; යමෙක් පුරා මිමි පනහක් අරගන්ට මුද්‍රික පැස ළඟට ආ කල තිබුණේ විස්සක්ය. 17 ගොයම් වියළීයාමෙන්ද ගොයම් රෝගයෙන්ද ගල් වර්ෂාවෙන්ද නුඹලාගේ අත්වල සියලු වැඩවලදී නුඹලාට පහරදුනිමි; එහෙත් නුඹලා මා වෙතට හැරුණේ නැතැයිස්වාමීන්වහන්සේකියනසේක. 18 අද දවස වන නවවෙනි මාසයේ විසිහතරවෙනිදා පටන් මත්තට සිතට ගන්න, එසේය,ස්වාමීන්වහන්සේගේමාළිගාවේ අත්තිවාරම තැබූ දවසේ පටන් සිතට ගන්න. 19 බීජ තවම අටුවෙහිද? එසේම මිදිවැලත් අත්තික්කා ගසත් දෙළුම් ගසත් ඔලීව ගසත් තවම ඵල දුන්නේ නැත; අද පටන් මම නුඹලාට ආශීර්වාදකරන්නෙමියි කීසේක.

රාජ්‍යවල් නැතිකරදැමීමට පොරොන්දුව

20 තවද මාසයේ විසිහතරවෙනිදාස්වාමීන්වහන්සේගේවචනය දෙවෙනි වර හග්ගයි වෙතට පැමිණ මෙසේ කීය. 21 යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ට කථාකොට මෙසේ කියන්න; මම අහස සහ පොළොවත් සොලවන්නෙමි. 22 මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය. 23 සේනාවලස්වාමීන්වහන්සේකථාකොට: ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවාවූ සෙරුබ්බාබෙල්, මම ඒ දවසේදී නුඹ රැගෙන පේරස්මුද්දක් කොට තබාගන්නෙමියිස්වාමීන්වහන්සේකියනසේක. මක්නිසාද නුඹ තෝරාගතිමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේකැයි කීවේය.