අහසියා සහ එලියා. අහසෙන් ගිනි බැස්සවීම
1 ආහබ් මැරුණු පසු මෝවබ්වරු ඉශ්‍රායෙල්ට විරුද්ධව කැරළිගැසුවෝය. 2 තවද අහසියා සමාරියෙහි තමාගේ උඩුමහලේ ගරාදි අතරෙන් වැටී රෝගාතුරවිය. නුඹලා ගොස් මම මේ රෝගයෙන් සුවවෙන්නෙම්දැයි එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැයි කියා ඔහු පණිවිඩකාරයන් ඇරියේය. 3 නුමුත්ස්වාමීන්වහන්සේගේදූතයා තිෂ්බිය එලියාට කථාකොට: නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමගට ගොස්–නුඹලා එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට යන්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? 4 එබැවින්–නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයිස්වාමීන්වහන්සේවදාරනසේක කියා ඔවුන්ට කියන්නැයි කීවේය. එලියා පිටත්ව ගියේය. 5 එවිට පණිවිඩකාරයෝ රජු ළඟට හැරී ආවෝය, නුඹලා හැරී ආවේ මක්නිසාදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. 6 ඔව්හු: මනුෂ්‍යයෙක් අපේ පෙරමගට ඇවිත්–නුඹලා එවූ රජු ළඟට හැරී ගොස්: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට අරින්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයිස්වාමීන්වහන්සේවදාරනසේක කියා ඔහුට කියන්නැයි අපට කීවෝය. 7 නුඹලාගේ පෙරමගට ඇවිත් මේ වචන නුඹලාට කී මනුෂ්‍යයාගේ අන්දම කොයි හැටිදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. 8 ඔව්හු ඔහුට උත්තරදෙමින්: ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ ඉඟටියෙහි සම්පටියක් බැඳගත් මනුෂ්‍යයෙකැයි කීවෝය. ඔහු: ඒ තිෂ්බිය එලියායයි කීවේය. 9 එවිට රජ පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු වෙතට ඇරියේය. හෙතෙමේ කන්ද මුදුනේ හිඳගන උන් එලියා ළඟට ගොස්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, බැස එන්න කියා රජු කියන්නේයයි ඔහුට කීවේය. 10 එලියා පනසාධිපතියාට උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් නම් අහසින් ගිනි බැස නුඹද නුඹේ පනස්දෙනාද දවාදමන්නැයි කීවේය. එවිට අහසින් ගිනි බැස ඔහුද ඔහුගේ පනස්දෙනාද දවාදැමුවේය. 11 රජ නැවත තවත් පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු ළඟට ඇරියේය. ඔහු කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඉක්මනින් බැස එන්න කියා රජ කියන්නේයයි ඔහුට කීවේය. 12 එලියා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් නම් අහසින් ගිනි බැස නුඹද නුඹේ පනස්දෙනාද දවාදමන්නැයි ඔවුන්ට කීවේය. එවිට දෙවියන්වහන්සේගේ ගිනි අහසින් බැස ඔහුද ඔහුගේ පනස්දෙනාද දවාදැමුවේය. 13 රජ නැවතත් තුන්වෙනි වර පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඇරියේය. පනසට අධිපතිවූ තුන්වෙනියාද නැගී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤාකරමින්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයද ඔබගේ මෙහෙකරුවන්වූ මේ පනස්දෙනාගේ ප්‍රාණද ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවා. 14 බැලුව මැනවි, අහසින් ගිනි බැස පළමු පනසාධිපතීන් දෙදෙනාද ඔවුන්ගේ පනසවල්ද දවාදැමුවේය. නුමුත් දැන් මාගේ ප්‍රාණය ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවායි ඔහුට කීවේය. 15 එවිටස්වාමීන්වහන්සේගේදූතයා කථාකොට: භයනොවී ඔහු සමඟ යන්නැයි එලියාට කීවේය. ඔහු නැගිට ඔහු සමඟ රජු ළඟට බැස ගියේය. 16 ඔහු කථාකොට: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට පණිවිඩකාරයන් ඇරියේ දේව වාක්‍යයෙන් විචාරන්ට ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිකෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නෙහියයිස්වාමීන්වහන්සේකියනසේකැයි ඔහුට කීවේය. 17 මෙසේ එලියා කීස්වාමීන්වහන්සේගේවචනය ලෙස ඔහු මළේය. ඔහුට පුත්‍රයෙකු නොසිටිය බැවින් ඔහු වෙනුවට යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම්ගේ දෙවෙනි අවුරුද්දේදී රජවුණේය. 18 අහසියා කළ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
2එලියා ස්වර්ගයට ගෙනයනු ලැබීම. එලිෂා කළ නොයෙක් ආශ්චර්යයෝ
1 තවදස්වාමීන්වහන්සේඑලියා සුළි හුළඟකින් ස්වර්ගයට ගන්ට කැමතිවූ ප්‍රස්තාවේදී එලියා එලිෂා සමඟ ගිල්ගාල්හි සිට ගියේය. 2 එලියා:ස්වාමීන්වහන්සේමා බෙතෙල්ට යවන නිසා මෙහි නවතින්නැයි එලිෂාට කීවේය. එලිෂාද:ස්වාමීන්වහන්සේජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු බෙතෙල්ට බැස ගියෝය. 3 බෙතෙල්හි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්:ස්වාමීන්වහන්සේඅද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි කීය. 4 එලියා ඔහුට කථාකොට: එලිෂා, මෙහි නවතින්න; මක්නිසාදස්වාමීන්වහන්සේමා යෙරිකෝවට යවනසේකැයි කීවේය. ඔහුද:ස්වාමීන්වහන්සේජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු යෙරිකෝවට ආවෝය. 5 යෙරිකෝවෙහි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්:ස්වාමීන්වහන්සේඅද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි උත්තර දුන්නේය. 6 එලියාද:ස්වාමීන්වහන්සේමා යොර්දානට යවන නිසා මෙහි නවතින්නැයි ඔහුට කීවේය. ඔහු:ස්වාමීන්වහන්සේජීවමාන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. එවිට ඒ දෙදෙනාම ගියෝය. 7 ප්‍රොපේත පුත්‍රයන්ගෙන් පනස්දෙනෙක්ද ගොස් ඔවුන් ඉස්සරහපිට දුරින් සිටියෝය. ඒ දෙදෙනාද යොර්දාන ළඟ සිටියෝය. 8 එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන අකුළා වතුරට ගැසීය, වතුර දෑතට බෙදී ගියේය, ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩවූවෝය. 9 තවද ඔවුන් එගොඩවූ කල එලියා කථාකොට: නුඹ වෙතින් මා ගන්ට පළමුවෙන් නුඹට මගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැයි එලිෂාට කීය. එලිෂාද: ඔබට තිබෙන ආත්මයෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේවයි කීවේය. 10 ඔහුද: නුඹ අමාරු දෙයක් ඉල්ලුවෙහිය. එහෙත් නුඹ වෙතින් මා ගන්න විට නුඹ මා දුටුවොත් නුඹට එසේ වන්නේය; නැතහොත් එසේ නොවන්නේයයි කීය. 11 තවද ඔවුන් කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි හුළඟකින් ස්වර්ගයට නැගී ගියේය. 12 එලිෂා ඒ දැක: ඉශ්‍රායෙල්ට රථ සහ අසරුවන් වැනිවූ මාගේ පියාණෙනි, මාගේ පියාණෙනියි කීවේය. ඔහු තවත් ඔහු නුදුටුවේය. එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා, 13 එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ඇවිත් යොර්දාන අද්දර සිට, 14 එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව අරගෙන: එලියාගේ දෙවිවූස්වාමීන්වහන්සේකොයිද කියා වතුරට ගැසුවේය. ඔහුත් වතුරට ගැසූවිට එය දෑතට බෙදී ගියේය. එලිෂා එගොඩවුණේය. 15 ඔහු ඉස්සරහින් යෙරිකෝවේ සිටි ශිෂ්‍ය ප්‍රොපේතවරු ඔහු දැක: එලියාට තිබුණු ආත්මය එලිෂා කෙරෙහි පිහිටා තිබේය කියා ඔහුගේ පෙරමගට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය. 16 ඔව්හු ඔහුට කථාකොට: මෙහි ඔබගේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මනුෂ්‍යයෝ පනස් දෙනෙක් සිටිති; ඔව්හු ගොස් ඔබගේ ස්වාමියා සොයත්වා. සමහරවිටස්වාමීන්වහන්සේගේආත්මය ඔහු ගෙනගොස් යම් කිසි කන්දක් පිටවත් යම් කිසි මිටියාවතකවත් දමන්ට ඇතැයි ඔහුට කීවෝය. 17 ඔහුද: අරින්ට එපායයි කීය. නුමුත් ඔහු ඛේදයට පත්වෙන තුරුම ඔවුන් ඔහුට කරදරකළ බැවින්: හරින්නැයි ඔහු කීවේය. එවිට ඔව්හු මනුෂ්‍යයන් පනස්දෙනෙකු හැරියෝය; ඔවුන් තුන් දවසක් සෙවූ නුමුත් ඔහු සම්බනූණේය. 18 ඔව්හු යෙරිකෝවේ නැවතී සිටි ඔහු ළඟට හැරී ආවෝය; ඔහුද: නොයන්නැයි මා නුඹලාට කීවා නොවේදැයි ඔවුන්ට කීවේය.
19 ඒ නුවර මනුෂ්‍යයෝ එලිෂාට කථාකොට: මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්නය. නුමුත් වතුර නරකය, පොළොවත් වඳ වෙන්ට සලස්වනවායයි කීවෝය. 20 ඔහුද: අලුත් සැළියක් මා ළඟට ගෙනැවිත් එහි ලුණු දමන්නැයි කීවේය. ඔව්හුද එය ඔහු ළඟට ගෙනාවෝය. 21 ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා: මේ වතුර සුවපත් කෙළෙමියි කියාත් තවත් එයින් මරණයවත් වඳවීමවත් නොවන්නේය කියාත්ස්වාමීන්වහන්සේවදාරනසේකැයි කීවේය. 22 මෙසේ එලිෂා කී වචනය ලෙස ඒ වතුර අද දක්වා සුවපත්ව පවතියි.
23 ඔහු එතැනින් බෙතෙල්ට ගියේය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව ඇවිත් ඔහුට කවටකම්කරමින්: පලායව තට්ටයා, පලායව තට්ටයායයි කීවෝය. 24 ඔහු පස්සට හැරී ඔවුන් දැකස්වාමීන්වහන්සේගේනාමයෙන් ඔවුන්ට ශාපකෙළේය. එවිට වැළහින්නියන් දෙන්නෙක් කැලෑවෙන් ඇවිත් ඒ ළමයින්ගෙන් සතළිස් දෙදෙනෙකු ඉරා දැමුවෝය. 25 හෙතෙම එතැනින් කර්මෙල් කන්දට ගොස් එයින් සමාරියට හැරී ආවෝය.
3ඉශ්‍රායෙල් රජවූ යෙහෝරාම් මෝවබ්ට විරුද්ධව යාම
1 තවද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ දහඅටවෙනි අවුරුද්දේදී සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජ වී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය. 2 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කෙළේය; එහෙත් තමාගේ පියාද මවුද මෙන් නොවේ. මක්නිසාද ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භය පහකෙළේය. 3 එසේ වුවත් ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී, ඒවාට ඇලුම්ව සිටියේය.
4 මෝවබ්හි රජවූ මෙෂා බැටළු හිමියෙක් ව සිටියේය; ඔහු ඉශ්‍රායෙල් රජුට එක් ලක්ෂයක් බැටළු පැටවුන්ගේද එක් ලක්ෂයක් බැටළුවන්ගේද ලෝම දෙන සිරිතක් තිබුණේය. 5 නුමුත් ආහබ් මැරුණු කල මෝවබ්හි රජ ඉශ්‍රායෙල් රජුට විරුද්ධව කැරළිගැසීය. 6 යෙහෝරාම් රජද ඒ කාලයේ සමාරියෙන් පිටත්ව ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කොට ගණන්කෙළේය. 7 තවද ඔහු ගොස් යූදාහි රජවූ යෙහෝෂාපාට් වෙත පණිවිඩයක් යවමින්: මෝවබ්හි රජ මට විරුද්ධව කැරළිගැසුවේය, ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධව යුද්ධයට යන්නෙහිදැයි අසා ඇරියේය. ඔහුද: යන්නෙමි. මම ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි කීවේය. 8 ඔහු: අපි කුමන පාරකින් යමුදැයි ඇසුවේය. ඔහුද: ඒදොම් කාන්තාරයේ පාරෙන්යයි උත්තරදුන්නේය. 9 මෙසේ ඉශ්‍රායෙල්හි රජද යූදාහි රජද ඒදොම්හි රජද ගියෝය. ඔවුන් සත් දවසක ගමන් වටේට ගිය විට සේනාවටත් ඔවුන් අනුව ගිය සිව්පාවුන්ටත් වතුර නැතිවිය. 10 එවිට ඉශ්‍රායෙල් රජ: අහෝස්වාමීන්වහන්සේමෝවබ් අතට පාවා දෙන්ට මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි කීය.
එලිෂාගෙන් විභාගකිරීම
11 නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින්ස්වාමීන්වහන්සේගෙන්විචාරන පිණිසස්වාමීන්වහන්සේගේප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය. 12 යෙහෝෂාපාට්ද:ස්වාමීන්වහන්සේගේවචනය ඔහු වෙත තිබේයයි කීය. මෙසේ ඉශ්‍රායෙල් රජද යෙහෝෂාපාට්ද ඒදොම්හි රජද ඔහු ළඟට ගියෝය. 13 එලිෂා ඉශ්‍රායෙල් රජුට කථාකොට: මාගෙන් නුඹට කම මොකද? නුඹේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් නුඹේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්‍රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාදස්වාමීන්වහන්සේමෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය. 14 එලිෂා කථාකොට: මා සේවයකරන සේනාවලස්වාමීන්වහන්සේජීවමාන බව සැබෑවාසේම සැබවින් යූදාහි යෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම් මා නුඹ දෙස බලන්නේවත් නුඹ දකින්නේවත් නැත. 15 දැන් ඉතින් වීණාකාරයෙකු මා ළඟට ගෙනෙන්නැයි කීවේය. වීණාකාරයා ගායනා කරද්දීස්වාමීන්වහන්සේගේහස්තය එලිෂා පිටට පැමිණියේය. 16 ඔහු කථාකොට:ස්වාමීන්වහන්සේමෙසේ කියනසේක–මේ මිටියාවත පුරාම අගල් කපන්න. 17 මක්නිසාද නුඹලා හුළඟක්වත් වැස්සවත් නොදකින නුමුත් නුඹලාටත් නුඹලාගේ සිවුපාවුන්ටත් නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ මිටියාවත වතුරෙන් පිරෙනවා ඇතැයිස්වාමීන්වහන්සේකියනසේක. 18 මේත්ස්වාමීන්වහන්සේඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද නුඹලා අතට පාවාදෙනසේක. 19 නුඹලා පවුරු ඇති සියලු නුවරවල්ද සියලු අනර්ඝ නුවරවල්ද නාස්තිකර, සියලු හොඳ ගස් කපා දමා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ බිම් ගල් දමා නරක් නරන්නහුයයි කීවේය. 20 පසුවදා උදය පූජාව ඔප්පුකරන වේලාව පමණේදී ඒදොම් දිශාවෙන් වතුර ඇවිත් එයින් රට පිරීගියේය.
මෝවබ්වරුන් පරාජයවීම
21 තවද සියලු මෝවබ්වරු තමුන්ට විරුද්ධව යුද්ධකරන්ට රජුන් ආ බව ඇසූ විට යුද්ධායුධ පළඳින්ට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස්වූද සියල්ලෝ රැස්වී සීමාව ළඟ සිටියෝය. 22 ඔවුන් අලුයම නැගිටි කල ඒ වතුර පිටට හිරුරැස් වැටුණේය, මෝවබ්වරු තමුන් ඉදිරිපිට තිබුණු වතුර ලේ මෙන් රතුව තිබෙනවා දැක: මේ නම් ලේය; 23 සැබවින් රජවරු විනාශවූවෝය, ඔවුන් එකිනෙකා මරාගන්ට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැයි කීවෝය. 24 ඔවුන් ඉශ්‍රායෙල් කඳවුරට පැමිණිවිට ඉශ්‍රායෙල්වරු නැගිට මෝවබ්වරුන් තමුන් ඉදිරියෙන් පලායන තුරු ඔවුන්ට පහරදී, ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්නෝය. 25 ඔව්හු නුවරවල් කඩාදමා, රටේ සියලු හොඳ බිම්වලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමුවෝය. කීර්-හරෙසෙත්හි ඉතුරුකළේ ගල් පමණක්ය; ගල්පටිකාරයෝ ඒක වටලාගෙන ඊට පහර දුන්නෝය. 26 මෝවබ් රජ සටන තමාට ඉතා සැරව තිබුණු බව දැක ඒදොම් රජු කරා සේනාව මැදින් බිඳගන යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් සත්සියයක් රැගෙන ආවේය. එහෙත් ඔවුන්ට යන්ට නුපුළුවන්විය. 27 එකල ඔහු තමා වෙනුවට රජ වෙන්ට සිටි තමාගේ කුළුඳුල් පුත්‍රයා රැගෙන දවන පූජාවක් කොට පවුර පිට පුදකෙළේය. මහත් උදහසක්ද ඉශ්‍රායෙල් පිටට පැමුණුණේය. එවිට ඔව්හු ඔහු වෙතින් අහක්වී තමුන්ගේ දේශයට හැරී ගියෝය.
4වැන්දඹුවගේ තෙල්කුළාව
1 ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවාස්වාමීන්වහන්සේකෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය. 2 එලිෂා කථාකොට: මම නුඹට කුමක්කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදැයි මට කියන්නැයි ඈට කීවේය. තෙල් කුළාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතැයි ඈ කීවාය. 3 එවිට ඔහු: නුඹ පිටත ගොස් නුඹේ සියලු අසල්වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගන්න. 4 නුඹත් නුඹේ පුත්‍රයනුත් ඇතුල්වී දොර පියාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත්කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැයි කීවේය. 5 ඈ ඔහු ළඟින් ගොස්, ඈත් ඇගේ පුත්‍රයොත් ඇතුල්වී දොර පියාගත්තෝය; ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝය, ඈ තෙල් වත්කළාය. 6 භාජන පිරුණු කල ඈ: තවත් භාජනයක් මට ගෙනෙන්නැයි ඇගේ පුත්‍රයාට කීවාය. තවත් භාජනයක් නැතැයි ඔහු ඈට කීවේය. තෙල් නැවතුණේය. 7 එවිට ඈ ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දැන්නුවාය. ඔහුද: නුඹ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් නුඹත් නුඹේ පුත්‍රයොත් රක්ෂාවෙන්නැයි කීවේය.
ෂුනෙම්මිය ස්ත්‍රියගේ ළමයාට ජීවනය දීම
8 එක් දවසක් එලිෂා ෂුනෙම්ට ගියේය. එහි සිටි උත්තම ස්ත්‍රියෙක් කෑම කන්ට ඔහුට පෙරැත්තකළාය. මෙසේ ඔහු යන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතුණේය. 9 ඈ ඇගේ පුරුෂයාට කථාකොට: නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන්වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයෙක් බව මට පෙනෙයි. 10 අපි භිත්ති ඇති කුඩා උඩුමහලක් සාදා ඇඳකුත් මේසයකුත් පුටුවකුත් පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආ කල එහි සිටින්ට පුළුවනැයි කීවාය. 11 එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේය. 12 තවද ඔහු: ෂුනෙම්මිය ස්ත්‍රීට අඬගසන්නැයි තමාගේ වැඩකාරයාවූ ගෙහාසීට කීය. ඔහු ඈට අඬගැසූ විට ඔහු ඉදිරියට ආවාය. 13 එලිෂාද කථාකොට: මේ සියලු සැලකිලිවලින් නුඹ අප ගැන සැලකුවෙහිය; නුඹ උදෙසා කුමක් කටයුතුද? රජුට හෝ සේනාපතියාට හෝ නුඹ වෙනුවට කථාකරනවාට කැමතිද කියා ඇගෙන් අසන්නැයි ගෙහාසීට කීවේය. ඈද: මාගේම සෙනඟ අතරේ වාසයකරමියි උත්තරදුන්නාය. 14 එසේවීනම් ඈ උදෙසා කරන්ට තිබෙන්නේ කිමෙක්දැයි ඔහු ඇසුවේය. ගෙහාසී: ඈට පුත්‍රයෙක් නැත; ඇගේ පුරුෂයාත් මහලුයයි කීවේය. 15 ඈට අඬගසන්නැයි ඔහු කීය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවාය. 16 ඔහු: ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට නුඹ පුත්‍රයෙකු වැළඳගන්නීයයි කීවේය. ඈද: නැත, මාගේ ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසීට බොරු කියන්ට එපායයි කීවාය. 17 ඒ ස්ත්‍රී ගර්භිණීව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණිවිට පුත්‍රයෙකු බිහිකළාය. 18 ඒ ළමයා වැඩුණුකල එක් දවසක් ගොයම් කපන්නන් අතරේ සිටි තමාගේ පියා ළඟට ගියේය. 19 එවිට ඔහු: අනේ මගේ ඔළුව, මගේ ඔළුව යයි තමාගේ පියාට කීය. පියාද: ඔහුගේ මවු ළඟට ඔහු ගෙනියන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. 20 වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙනගියේය. ඔහු ඉරමුදුන් වේලාව දක්වා ඇගේ උකුළේ හිඳ මළේය. 21 එවිට ඈ නැගී ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා දොර පියා පිටතට ගියාය. 22 තවද ඈ තමාගේ පුරුෂයාට අඬගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හණික ගොස් එන පිණිස වැඩකාරයෙකුත් කොටළු දෙනෙකුත් මට එවන්ටයයි කීවාය. 23 ඔහුද: නුඹ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා, 24 කොටළුදෙන සූදානම්කර ඇගේ වැඩකාරයාට කථාකොට: දක්කාගෙන යන්න; මා නුඹට නොකියා, මා නිසා නුඹේ දැක්කීම බාල නොකරන්නැයි කීවාය. 25 මෙසේ ඈ ගොස් කර්මෙල් කන්දට, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණියාය. තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඈ දුරදී දැක තමාගේ මෙහෙකරුවූ ගෙහාසීට කථාකොට: අන්න, අර ෂුනෙම්මිය ස්ත්‍රී එනවා. 26 දැන්ම ඇගේ පෙරමගට දිවගොස්: නුඹ සුවසේද? නුඹේ පුරුෂයා සුවසේද? ළමයා සුවසේද කියා ඇගෙන් අසන්නැයි කීවේය. සුවසේයයි ඈ උත්තරදුන්නාය. 27 ඈ වනාහි කන්දේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්වාගත්තාය. එවිට ගෙහාසී ඈ අහක්කරන පිණිස ළංවිය; නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා කථාකොට: ඈ නිකම් උන්නාවේ. ඇගේ ආත්මය ශෝකව තිබෙයි;ස්වාමීන්වහන්සේඑය මට නොදන්වා, මාගෙන් සැඟවූසේකැයි කීවේය. 28 එවිට ඈ: මාගේ ස්වාමීන්ගෙන් මම පුත්‍රයෙකු ඉල්ලුවෙම්ද? මා රවටන්ට එපායයි නොකීයෙම්දැයි කීවාය. 29 එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් නුඹට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය. 30 නුමුත් ළමයාගේ මවු:ස්වාමීන්වහන්සේජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්හැර නොයමියි කීවාය. එවිට ඔහු පිටත්වී ඈ අනුව ගියේය. 31 ගෙහාසී ඔවුන්ට ඉස්සරව ගොස් සැරයටිය ළමයාගේ මුහුණ පිට තැබුවේය; නුමුත් කිසි හඬක්වත් සැලකීමක්වත් නොවීය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමගට හැරී ඇවිත්: ළමයා පිබිදුණේ නැතැයි ඔහුට දැන්නුවේය. 32 එලිෂා ඒ ගෙදරට පැමුණුණ විට ළමයා මැරී තමාගේ ඇඳේබාවා ඉන්නවා දුටුවේය. 33 එවිට ඔහු ඇතුල්වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගනස්වාමීන්වහන්සේටයාච්ඤාකෙළේය. 34 තවද ඔහු නැගීගොස් ළමයා පිට වැතිර තමාගේ කට ඔහුගේ කට පිටද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිටද තමාගේ අත් ඔහුගේ අත් පිටද තබා ළමයා පිට දිගාවුණේය; ළමයාගේ මාංසයද උණුහුම් වුණේය. 35 එවිට ඔහු හැරී ඇවිත් ගෙයි එහා මෙහා වරක් ඇවිද නැවත නැගී ගොස් ඔහු පිට දිගාවුණේය. එවිට ළමයා සත්වරක් කිඹිස ඇස් ඇරියේය. 36 ඔහු ගෙහාසී කැඳවා: ඒ ෂුනෙම්මිය ස්ත්‍රියට අඬගසන්නැයි කීවේය. ඔහු ඈට අඬගැසුවේය. ඈ ඔහු ළඟට ආ කල: නුඹේ පුත්‍රයා අරගන්නැයි ඔහු කීවේය. 37 ඈද ඇතුල්වී ඔහුගේ පාමුල වැටී බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා අරගන ගියාය.
එලිෂාගේ තවත් ආශ්චර්යයන් දෙකක්
38 එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය. 39 එක්කෙනෙක් පලා එකතුකරන්ට කෙතට ගොස් වල් වැළක් සම්බවී එයින් වල් කැකිරි කඩා තමාගේ ඔඩොක්කුව පුරවාගෙන ඇවිත් ඒවා කෑලිකොට කපා කෑම සැළියේ දැමීය. මක්නිසාද ඔව්හු ඒ මොනවාදැයි දැන නොගත්තෝය. 40 තවද ඔව්හු ඒවා මිනිසුන්ට කන පිණිස වත්කර දුන්නේය. නුමුත් ඔව්හු ඒ කෑම කන අතර මොරගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, සැළියේ මරණය තිබේයයි කීවෝය. 41 ඔවුන්ට ඒවා කන්ට නොහැකිවිය. ඔහුද: එසේවීනම් පිටි ගෙනෙන්නැයි කියා ඒවා සැළියෙහි දමා කථාකොට: කන පිණිස සෙනඟට වත්කර දෙන්නැයි කීවේය. එවිට සැළියෙහි කිසි වසක් නොවීය.
42 තවද බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් රොටිද යව රොටි විස්සක්ද අලුත් ගොයම් කරල්ද තමාගේ මල්ලේ දමා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙතට ගෙනාවේය. ඔහුද: සෙනඟට කන්ට දෙන්නැයි කීවේය. 43 ඔහුගේ මෙහෙකරුවා: කිමෙක්ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්ටදැයි කීවේය. එහෙත් ඔහු: ඒවා සෙනඟට කන්ට දෙන්න; මක්නිසාද–ඔවුන් කා ඉතුරුකරනවා ඇත කියාස්වාමීන්වහන්සේවදාරනසේකැයි කීවේය. 44 එවිට ඔහු ඒවා ඔවුන් ඉදිරියෙහි තැබීය, ඔව්හු එයින් කාස්වාමීන්වහන්සේගේවචනය ලෙස ඉතුරු කළෝය.
5නාමන්ගේ කුෂ්ඨය සුවකිරීම
1 සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙනස්වාමීන්වහන්සේසිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය. 2 සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය. 3 ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කථාකොට: මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇතැයි කීවාය. 4 එවිට එක්කෙනෙක් ඇතුළට ගොස්: ඉශ්‍රායෙල් දේශයෙන් ආ කෙල්ල මේ මේ හැටියට කීවාය කියා තමාගේ ස්වාමියාට කීය. නාමන්ගේ කුෂ්ඨය සුවකිරීම 5 සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය. 6 ඔහු ඒ ලියුම ඉශ්‍රායෙල් රජ වෙතට ගෙනාවේය. මේ ලියුම ඔබට ලැබුණාම නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුවකරන පිණිස ඔහු ඔබ ළඟට එවීමියි එහි ලියා තිබුණේය. 7 ඉශ්‍රායෙල් රජ ලියුම කියවා තමාගේ ඇඳුම් ඉරාගෙන: මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුවකරන්ට කියා මොහු මට ලියා එවන්නේ මරන්ටත් ජීවත්කරන්ටත් මම දෙවියන්වහන්සේද? මොහු මට විරුද්ධව ඩබරයකට කාරණයක් සොයන හැටි කල්පනාකර බලන්නැයි කීවේය. 8 ඉශ්‍රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලිෂා අසා: නුඹ මක්නිසා නුඹේ ඇඳුම් ඉරාගත්තෙහිද? ඔහු මා ළඟට ආවාවේ, එවිට ඔහු ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටින බව දැනගන්නේයයි රජුට කියා ඇරියේය. 9 මෙසේ නාමන් තමාගේ අශ්වයන්ද රථද ඇතුව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේය. 10 එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය. 11 නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූස්වාමීන්වහන්සේගේනාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි. 12 දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්‍රායෙල් දේශයේ සියලු ජලවලට වඩා හොඳ නොවේද? ඒවායේ නාලා පවිත්‍රවෙන්ට මට බැරිදැයි කීවේය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේය. 13 ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කථාකර: මාගේ පියාණෙනි, අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේවී නම් නාලා පවිත්‍රවන්නැයි ඔහු ඔබට කී කල ඒක කරන්ට බැරිදැයි කීවෝය. 14 එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය. 15 එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය. 16 ඔහුද: මා සේවයකරනස්වාමීන්වහන්සේජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය. 17 එවිට නාමන්: එසේ නැත්නම් අශ්වතරයන් දෙන්නෙකුගේ බරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා; මක්නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවාස්වාමීන්වහන්සේටමිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත. 18 මේ කාරණය ගැනස්වාමීන්වහන්සේඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වා: එනම්, මාගේ ස්වාමියා රිම්මොන්ගේ ගෘහයෙහි වඳින්ට එහි මාගේ අතේ හේත්තුවී යන විට මාත් රිම්මොන්ගේ ගෘහයෙහිදී වැන්දොත්, එසේ රිම්මොන්ගේ ගෘහයෙහිදී වඳින විට,ස්වාමීන්වහන්සේඒ කාරණය ගැන ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වයි කීවේය. 19 ඔහුද: සමාදානයෙන් පලයන්නැයි ඔහුට කීවේය. එවිට ඔහු එලිෂා වෙතින් පිටත්ව ටිකක් දුර ගියේය.
ගෙහාසී කෙරෙහි දඬුවම් පැමිණවීම
20 එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය.ස්වාමීන්වහන්සේජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය. 21 මෙසේ ගෙහාසී නාමන් පස්සේ ගියේය. නාමන් තමා පස්සේ කෙනෙක් දුවගන එනවා දැක ඔහු සම්බවෙන්ට රථයෙන් බැස: සියල්ල හොඳදැයි ඇසීය. 22 ඔහුද: සියල්ල හොඳය; මාගේ ස්වාමියා–ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙතට ආවෝය; ඔවුන්ට රිදී තලෙන්තයකුත් ඇඳුම් කුට්ටම් දෙකකුත් දුනමැනවැයි කියන්ට මා එවුවේයයි කීවේය. 23 නාමන්ද: නුඹ තලෙන්ත දෙකක් ගන්ට සතුටු වෙන්නැයි කියා ඔහුට පෙරැත්ත කර, රිදී තලෙන්ත දෙකක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් සමඟ තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේය; ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝය. 24 හෙල ළඟට පැමිණි විට ඔහු ඔවුන් අතින් ඒවා රැගෙන ගෙයි තබා ඒ මනුෂ්‍යයන් යන්ට හැරියේය, ඔව්හු ගියෝය. 25 ඔහු වනාහි ඇතුල්වී තමාගේ ස්වාමියා ඉදිරියෙහි සිටියේය. එලිෂා කථාකොට: ගෙහාසී, නුඹ කොහේ ගොහින් ආවා දැයි ඔහුගෙන් ඇසීය. ඔබගේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැයි ඔහු කීවේය. 26 එලිෂා: ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස නුඹ සම්බවෙන්ට හැරී ආ විට මාගේ ආත්මය නුඹ සමඟ ගියේ නැද්ද? මේක මුදල් පිළිගන්ටත් ඇඳුම්ද ඔලීවවතුද මිදිවතුද බැටළුවන්ද ගවයන්ද දාස දාසීන්ද පිළිගන්ටත් වේලාවක්ද? 27 එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.
6එලිෂා විසින් පොරෝතලය පාවෙන්ට සැලැස්වීම
1 ශිෂ්‍ය ප්‍රොපේතවරු එලිෂාට කථාකොට: බැලුව මැනවි, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදිය. 2 යොර්දාන ළඟට ගොස් එතනින් එක එකා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්ට අපට අවසර ලැබේවයි කීවෝය. 3 එක්කෙනෙක්: ඔබද ඔබගේ මෙහෙකරුවන් සමඟ යන්ට සතුටුවුවමැනවැයි කීවේය. මම යමියි කියා, ඔහු ඔවුන් සමඟ ගියේය. 4 ඔව්හු යොර්දාන ළඟට පැමිණ ගස් කැපුවෝය. 5 එක් කෙනෙක් ලීයක් කපද්දී පොරෝතලය වතුරේ වැටුණේය. ඔහු: අනේ මාගේ ස්වාමිනි, ඒක ඉල්ලාගත් එකකැයි කෑගසා කීවේය. 6 එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඒක වැටුණේ කොතනදැයි ඇසුවේය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය, එවිට යකඩය පාවුණේය. 7 ඔහු: ඒක අරගන්නැයි කීය. හෙතෙම අත දිගුකර ඒක ගත්තේය.
සිරියවරුන්ගේ වටලෑම වියවුල්කිරීම
8 සිරියේ රජ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණයකරමින්: අසවල් අසවල් තැන මාගේ කඳවුර විය යුතුයයි කීවේය. 9 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: සිරියවරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනවැයි ඉශ්‍රායෙල් රජුට කියා ඇරියේය. 10 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තමාට ප්‍රවේසම්වෙන්ට කියා දැනුම්දුන් ස්ථානයට ඉශ්‍රායෙල් රජ මනුෂ්‍යයන් යවා ගැළවීගත්තේය; එසේ වුණේ වරක් දෙවරක් පමණක් නොවේය. 11 මේ කාරණය ගැන සිරියේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා: අපෙන් ඉශ්‍රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවුද කියා නුඹලා මට දන්වන්නේ නැද්දැයි කීවේය. 12 ඔහුගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, එසේ නොවේ. ඔබගේ යහන් ගබඩාවේදී ඔබ කියන වචන ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවූ එලිෂා, ඉශ්‍රායෙල් රජුට දන්වන්නේයයි කීවේය. 13 එවිට ඔහු: මා විසින් ඔහු ගෙන්වා ගන්නා පිණිස ඔහු කොතනද කියා නුඹලා ගොස් බලන්නැයි කීවේය. ඔහු දෝතාන්හි සිටින්නේයයි ඔහුට දන්වන ලද්දේය. 14 එබැවින් ඔහු අශ්වයන්ද රථද මහත් හමුදාවක්ද එහි ඇරියේය. ඔව්හු රාත්‍රියේ ඇවිත් නුවර වටලාගත්තෝය. 15 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු: අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි ඔහුට කීය. 16 ඔහුද: භයනොවන්න. මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය. 17 එවිට එලිෂා යාච්ඤාකොට:ස්වාමීන්වහන්ස,දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය.ස්වාමීන්වහන්සේතරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය. 18 ඔවුන් එලිෂා ළඟට බැස්ස කල ඔහු: මේ සෙනඟ අන්ධකළ මැනවයිස්වාමීන්වහන්සේටයාච්ඤාකෙළේය. උන්වහන්සේ එලිෂාගේ වචනය ලෙස ඔවුන් අන්ධකළසේක. 19 එවිට එලිෂා ඔවුන්ට කථාකොට: ඒ පාර මේක නොවේ,ඒ නුවරත් මේක නොවේ. මා පසුපස්සේ එන්න, නුඹලා සොයන මනුෂ්‍යයා ළඟට මම නුඹලා ගෙනයන්නෙමියි කියා ඔවුන් සමාරියට ගෙනගියේය. 20 තවද ඔවුන් සමාරියට පැමුණුණ විට එලිෂා:ස්වාමීන්වහන්ස,පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවයි කීවේය.ස්වාමීන්වහන්සේඔවුන්ගේ ඇස් පැහැදුසේක; ඔව්හු බැලූ විට තමුන් සමාරිය මැද සිටින බව දුටුවෝය. 21 ඉශ්‍රායෙල් රජ ඔවුන් දැක: මාගේ පියාණෙනි, ඔවුන්ට පහරදෙම්ද? පහරදෙම්දැයි එලිෂාගෙන් ඇසුවේය. 22 ඔහු: නුඹ ඔවුන්ට පහර නොදිය යුතුය; නුඹේ කඩුවෙන්ද නුඹේ දුන්නෙන්ද අල්වාගත් තැනැත්තන්ට නුඹ පහරදෙන්නෙහිද? ඔවුන් කා බී තමුන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන් ඉදිරියෙහි කෑමද වතුරද තබන්නැයි කීවේය. 23 ඔහු ඔවුන්ට මහත් කෑමක් පිළියෙළ කෙළේය. ඔවුන් කෑවායින් බීවායින් පසු ඔහු ඔවුන් පිටත්කර හැරියේය, ඔව්හු තමුන්ගේ ස්වාමියා ළඟට ගියෝය. සිරියේ සේවා කණ්ඩායම් තවත් ඉශ්‍රායෙල් රටට නාවෝය.
සමාරිය වටලාගැනීම
24 ඉන්පසු සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගෙන ඇවිත් සමාරිය වටලා ගත්තේය. මහත් සාගතයක්ද සමාරියෙහි විය. 25 කොටළුහිසක් රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවිවසුරු කැබ් එකකින් සතරෙන් කොටසක් රිදී ෂෙකෙල් පහකටත් විකිණෙනතෙක් ඔව්හු සමාරිය වටලාගන සිටියෝය. 26 ඉශ්‍රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, පිහිටවුවමැනවැයි කියා මොරගැසුවාය. 27 ඔහු:ස්වාමීන්වහන්සේනුඹට පිහිට නොවනසේක් නම් මම කොතැනින් නුඹට පිහිටවෙම්ද? පාවරෙන්ද නොහොත් මිදි පැසෙන්දැයි කියා: 28 නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: නුඹේ පුත්‍රයා අද අපට කන්ට දෙන්න, මගේ පුත්‍රයා හෙට අපි කන්නෙමුයයි මේ ස්ත්‍රී මට කීවාය. 29 එසේ අපි මගේ පුතා උයා කෑවෙමුව. පසුවදා–නුඹේ පුත්‍රයා අපට කන්ට දෙන්නැයි ඈට කීවෙමි. නුමුත් ඇගේ පුත්‍රයා ඈ සඟවාගෙන ඉන්නවායයි කීවාය. 30 එකල රජ පවුර පිට යමින් සිටියේය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචන අසා තමාගේ ඇඳුම් ඉරාගත්තේය. සෙනඟද බලා, ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනවා දුටුවෝය. 31 එවිට ඔහු: ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන්වහන්සේ මටත් එසේමද ඊට වැඩියෙන්ද කරනසේක්වයි කීවේය. 32 එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව නුඹලාට පෙනෙනවාද? නුඹලා බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය. 33 ඔහු ඔවුන් සමඟ කථාකරද්දීම පණිවිඩකාරයා ඔහු ළඟට ආවේය. රජු කථාකොට: මේ නපුරස්වාමීන්වහන්සේගෙන්ය;ස්වාමීන්වහන්සේගැන මා තවත් බලාපොරොත්තු වෙන්නේ මොකටදැයි කීවේය.
71 එවිට එලිෂා කථාකොට:ස්වාමීන්වහන්සේගේවචනය අසන්න–හෙට මේ වේලාවට පමණ ෂෙකෙලයකට සිහින් පිටි මිම්මක්ද ෂෙකෙලයකට යව මිමි දෙකක්ද සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියාස්වාමීන්වහන්සේවදාරනසේකැයි කීවේය. 2 එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්:ස්වාමීන්වහන්සේඅහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.
සමාරිය ගළවාගැනීම
3 කුෂ්ඨරෝගීන් සතරදෙනෙක් වාසල් දොරකඩ සිටියෝය. ඔව්හු එකිනෙකාට කථාකොට: අපි නහින තුරු කුමට මෙහි සිටිමුද? 4 අපි නුවරට ඇතුල්වෙමුයයි කීවත් නුවර සාගතය තිබෙන බැවින් අප එහි නසිනවා ඇත. මෙහි සිටියත් නසිනවා ඇත. ඉන්නිසා දැන් එන්න, අපි සිරියවරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂාකළොත් අපි ජීවත්වන්නෙමුව; ඔවුන් අප මැරුවොත් අපට මරණය සිද්ධවෙනවා පමණකැයි කීවෝය. 5 එසේ ඔව්හු සිරියවරුන්ගේ කඳවුරට යන පිණිස අරුණු වේලෙහිම නැගුටුණෝය. නුමුත් ඔවුන් සිරියවරුන්ගේ කඳවුරේ සීමාවට පැමුණුණ විට එහි කිසිවෙක් නැති බව දුටුවෝය. 6 මක්නිසාදස්වාමීන්වහන්සේරථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා, 7 නැගිට රැයින් පලාගියෝය. ඔව්හු තමුන්ගේ කූඩාරම්ද අශ්වයන්ද කොටළුවන්ද ඇතුළුව කඳවුර තිබුණු හැටියටම අත්හැර තමුන්ගේ ප්‍රාණය ගළවාගන්ට පලාගියෝය. 8 ඒ කුෂ්ඨරෝගීන් කඳවුරේ සීමාවට පැමුණුණ විට ඔව්හු එක් කූඩාරමකට ඇතුල්වී කා බී, එතනින් රන් රිදී සහ වස්ත්‍ර රැගෙන ගොස් සඟවා තබා, නැවත හැරී ඇවිත් වෙන කූඩාරමකට ඇතුල්වී, එතැනිනුත් රැගෙන ගොස් සඟවා තැබුවෝය. 9 එවිට ඔව්හු එකිනෙකාට කථාකොට: අප කරන දේ හරි නැත. අද දවස හොඳ ආරංචි ඇති දවසක්ව තිබෙද්දී අපි නිශ්ශබ්දව සිටිමුව. උදය එළිවෙන තුරු ප්‍රමාදවුණොත් අපට වරද පැමිණෙයි. ඉන්නිසා එන්න, අපි රජ ගෙදරට දන්වමුයයි කීවෝය. 10 මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය. 11 දොරටුපාලයෝ හඬගසා රජ ගෙදර වැසියන්ට දැන්නුවෝය. 12 රජතෙමේ රාත්‍රියේ නැගිට තමාගේ සේවකයන්ට කථාකොට: ඉතින් සිරියවරුන් අපට කර තිබෙන කාරණය නුඹලාට දන්වමි. අපට බඩගිනි ඇති බව ඔව්හු දනිති; එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා නුවරට ඇතුල්වෙන්ට සිතාගෙන පිටත සැඟවී ඉන්ට කඳවුර අත්හැර ගියෝයයි කීවේය. 13 සේවකයන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: නුවර ඉතුරුව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන ගොස් බලන්ට මනුෂ්‍යයන් යවමු, ඔවුන් මෙහි ඉතුරුව සිටින මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්ය; ඔවුන් විනාශවූ මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්යයි කීවේය. 14 ඔව්හු අශ්වයන් යෙදූ රථ දෙකක් ගත්තෝය; ගොස් බලන්නය කියා රජ සිරිය සේනාව පස්සේ ඔවුන් යැවීය. 15 ඔව්හු ඔවුන් පස්සේ යොර්දාන් දක්වා ගියෝය. මාවත දිගටම සිරියවරුන් ඉක්මනින් පලායද්දී වීසිකළ වස්ත්‍රවලින් සහ භාජනවලින් පිරී තිබුණේය. පණිවිඩකාරයෝ හැරී ඇවිත් රජුට දැන්නුවෝය. 16 සෙනඟ ගොස් සිරියවරුන්ගේ කඳවුර කොල්ල කෑවෝය. මෙසේස්වාමීන්වහන්සේගේවචනය ලෙස ෂෙකෙලයකට සිහින් පිටි නැළියක්ද ෂෙකෙලයකට යව නැළි දෙකක්ද විකිණෙන්ට යෙදුණේය. 17 තමාගේ අත පිට රජු හේත්තුවී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත්කරනලද්දේය. ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය. මෙසේ රජු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධවුණේය. 18 යව නැළි දෙකක් ෂෙකෙලයකටද සිහින් පිටි නැළියක් ෂෙකෙලයකටද හෙට මේ වේලාවට පමණ සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා රජුට කථාකර කී විට, 19 ඒ අධිපතියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: බලව,ස්වාමීන්වහන්සේඅහසේ කවුළු සෑදුවත් එබඳු දෙයක් සිද්ධවිය හැකිදැයි කීවේය. එලිෂා කථාකොට: නුඹ ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි කීවේය. 20 එසේම ඔහුට සිද්ධවිය; ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය.
8ෂුනෙම්මිය ස්ත්‍රීගේ දේපළ. හසායෙල් රජවීම
1 තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: නුඹේ ගෙයි වැසියන් සමඟ නුඹ පිටත්ව ගොස් නුඹට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාදස්වාමීන්වහන්සේසාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය. 2 ඒ ස්ත්‍රී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වචනය ලෙස කරමින් ඇගේ ගෙයි වැසියන් සමඟ පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගේ දේශයෙහි සත් අවුරුද්දක් සිටියාය. 3 සත් අවුරුද්ද කෙළවරදී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවාය. තවද ඈ ඇගේ ගෙය සහ බිම් ගැන රජුට අයදින්ට පිටත්ව ආවාය. 4 එකල්හි රජ: එලිෂා කළාවූ සියලු මහත් දේවල් මට කියන්නැයි කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කථාකරකර සිටියේය. 5 ඔහු විසින් මළ කෙනෙකු ජීවත්කළ හැටි රජුට කියද්දීම, බලව, එසේ ඔහු විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවු තමාගේ ගෙය සහ බිම් ගැන රජුට අයැද සිටියාය. ගෙහාසී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මෑ ඒ ස්ත්‍රීය, මේ එලිෂා විසින් නැවත පණ දුන් ඇගේ පුත්‍රයායයි කීය. 6 රජුද ස්ත්‍රීගෙන් ඇසූ විට ඈ ඔහුට කීවාය. තවද රජ තෙමේ ඈ ගැන එක්තරා මුලාදෑනියෙකු නියමකොට: ඈට අයිතිවූ සියල්ලද ඈ දේශය අත්හැර ගිය දා පටන් මේ වන තුරු බිමෙන් හටගත් සියලු ඵලද ඈට ලබදෙන්නැයි කීවේය.
7 එලිෂා දමස්කයට පැමුණුණේය; එකල්හි බෙන්-හදද් රජ ලෙඩින් සිටියේය. එවිට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි ආයේය කියා ඔහුට දන්වනලද්දේය. 8 රජ හසායෙල්ට කථාකොට: නුඹේ අතේ තෑග්ගක් රැගෙන දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්මුඛවෙන්ට ගොස්–මේ ලෙඩෙඩන් මට සුව වන්නේදැයි ඔහු ලවාස්වාමීන්වහන්සේගෙන්විචාරන්නැයි කීවේය. 9 එවිට හසායෙල් තමාගේ අතේ තෑග්ගක් ගෙන, දමස්කයේ සියලු ආකාර හොඳ දේවල් ඔටුවන් සතළිස් දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙතට පැමිණ ඔහු ඉදිරියෙහි සිට: මේ ලෙඩෙන් මට සුවවන්නේද කියා විචාරන්ට ඔබගේ පුත්‍රවූ සිරියේ රජවූ බෙන්-හදද් මා ඔබ ළඟට එවුවේයයි කීවේය. 10 එලිෂාද: නුඹ ගොස්-සැබවින් ඔබට සුවවන්නේයයි ඔහුට කියන්න; නුමුත් ඔහු සැබවින් නසින බවස්වාමීන්වහන්සේමට පෙන්වා තිබේයයි ඔහුට කීවේය. 11 තවද ඛේදයට පත්වෙන තුරුම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු දෙස තදින් බලාසිට පසුව ඇඬුවේය. 12 එවිට හසායෙල්; මාගේ ස්වාමියා අඬන්නේ මක්නිසාදැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කරන්ට යන නපුර මා දන්නා නිසාය. නුඹ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිමගසා මරා, ඔවුන්ගේ ගර්භීණීන් ඉරාදමන්නෙහියයි කීවේය. 13 හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: නුඹ සිරිය කෙරෙහි රජ වෙන බවස්වාමීන්වහන්සේමට පෙන්වා තිබේයයි කීවේය. 14 ඔහු එලිෂා වෙතින් ගොස් තමාගේ ස්වාමියා ළඟට පැමිණි විට එලිෂා නුඹට කීවේ කුමක්දැයි හෙතෙම ඔහුගෙන් ඇසුවේය. සැබවින් ඔබට සුවවෙනවා ඇතැයි මට කීයේයයි ඔහු කීය. 15 පසුවදා ඔහු දළ රෙද්දක් ගෙන වතුරේ ගල්වා ඔහුගේ මුහුණ පිට එළා තැබුවේය, එයින් ඔහු මැරුණේය. හසායෙල් ඔහු වෙනුවට රජ වුණේය.
යෙහෝරාම්ගේ හා අහසියාගේ රාජ්‍ය පාලනය
16 ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ පස්වෙනි අවුරුද්දේ යෙහෝෂාපාට් යූදාහි රජව සිටියදී යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම් රජ වුණේය. 17 ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමේ අට අවුරුද්දක් රජකම්කෙළේය. 18 ආහබ්ගේ වංශය කළාක්මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුව සරණපාවාගෙනස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 19 එසේවී නුමුත්ස්වාමීන්වහන්සේතමන්ගේ මෙහෙකරුවූ දාවිත්ට ඔහුගේ පුත්‍රයන් අතරෙන් නිතරම පහනක් දෙන්ට පොරොන්දුවුණු ලෙස, ඔහු නිසා යූදා නැතිකරන්ට අකැමැතිවූසේක. 20 ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා, යූදා යටතෙන් අහක්ව, තමුන්ට රජෙකු පත්කරගත්තෝය. 21 එවිට යෝරාම් තමාගේ සියලු රථ රැගෙන ශායීර්ට ගොස් රෑ නැගිට තමා වටකරගන සිටි ඒදොම්වරුන්ටත් රථාධිපතීන්ටත් පහරදුන්නේය. එවිට සෙනඟ තමුන්ගේ කුඩාරම්වලට පලාගියෝය. 22 මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන්ට විරුද්ධව කැරළිගසන්නෝය. එම කාලයේදී ලිබ්නාවරුද කැරළිගැසුවෝය. 23 යෝරාම්ගේ අනික් ක්‍රියාවල්ද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 24 යෝරාම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජවුණේය.
25 ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ දොළොස්වෙනි අවුරුද්දේදී යූදාහි රජ වන යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියා රජ වුණේය. 26 අහසියා විසි දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමේ අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතාලියාය, ඈ ඉශ්‍රායෙල් රජවූ ඔම්රීගේ දුවෙක්ය. 27 ඔහු ආහබ්ගේ වංශයේ මාර්ගයෙහි හැසිර, ආහබ්ගේ වංශය කළ ලෙසස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. මක්නිසාද ඔහු ආහබ්ගේ පවුලට බෑනා වුණේය. 28 ඔහු ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාල කළෝය. 29 යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධ කරද්දී රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හි සුවකර ගන්නා පිණිස හැරී ආවේය. යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් රෝගාතුරව සිටිය නිසා ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.
9යේහු. ඔහු විසින් ලේ වැගිරවීම
1 අනාගතවක්තෘවූ එලිෂා ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුට අඬගසා: නුඹ ඉඟටිය බැඳගෙන මේ තෙල් කුලාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න. 2 නුඹ එහි පැමිණි කල නිම්ෂීගේ පුත්‍රයා වන යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු සොයාගන එහි ඇතුල්වී, ඔහුගේ සහෝදරයන් අතරෙන් ඔහු කැඳවාගන ඇතුල් ගෙයකට ගොස්, 3 තෙල් කුලාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට: මම නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකෙළෙමියිස්වාමීන්වහන්සේවදාරන සේක කියා, දොර හැර ප්‍රමාද නොවී පලායන්නැයි කීවේය. 4 මෙසේ ඒ තරුණ ප්‍රොපේත තැන රාමොත්-ගිලියද්ට ගියේය. 5 ඔහු ඇතුල්වෙන කොට සේනාපතියෝ හිඳගෙන උන්නෝය; එවිට ඔහු: අධිපතියාණනි, නුඹට වචනයක් කියන්ට මට තිබේයයි කීය. අප සියල්ලන්ගෙන් කාටදැයි යේහු ඇසීය. අධිපතියාණෙනි, නුඹටයයි ඔහු කීවේය. 6 හෙතෙම නැගිට ගේ ඇතුළට ගියේය; එවිට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත්කොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේමෙසේ වදාරනසේක–ස්වාමීන්වහන්සේගේසෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමට නුඹ ආලේපකෙළෙමි. 7 මාගේ මෙහෙකරුවන් වූ ප්‍රොපේතවරුන්ගේ ලේදස්වාමීන්වහන්සේගේසියලු මෙහෙකරුවන්ගේ ලේද ගැන මා විසින් යෙසෙබෙල්ගෙන් පළිගන්නා පිණිස නුඹේ ස්වාමිවූ ආහබ්ගේ වංශයට පහර දෙන්න. 8 ආහබ්ගේ මුළු වංශය විනාශවන්නේය. ඉශ්‍රායෙල්වරුන් අතරේ දාසයන් නුමුත් නිර්දාසයන් නුමුත් ආහබ්ගේ සියලු පිරිමින් සිඳදමා, 9 ආහබ්ගේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන්ද අහියාගේ පුත්‍රවූ බාෂාගේ වංශය මෙන්ද වන්ට සලස්වන්නෙමි. 10 බල්ලෝ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහිදී යෙසෙබෙල් කන්නෝය, ඈ තැන්පත්කරන්ට කිසිවෙක් නොසිටින්නේයයි කීසේකැයි ඔහුට කියා දොර හැර පලාගියේය. 11 එකල යේහු තමාගේ ස්වාමියාගේ සේවකයන් වෙතට ආයේය. එක්කෙනෙක්: සියල්ල හොඳද? ඒ පිස්සා නුඹ ළඟට ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: ඒ මනුෂ්‍යයාත් ඔහුගේ කථාවත් නුඹලා දන්නහුයයි ඔවුන්ට කීවේය. 12 ඒ බොරුය, අපට කියන්නැයි ඔව්හු කීවෝය. හෙතෙමේ: මම ඉශ්‍රායෙල් කෙරෙහි නුඹ රජකමට ආලේපකෙළෙමියිස්වාමීන්වහන්සේවදාරනසේක කියා මේ මේ හැටියට මට කීවේයයි කීය. 13 එවිට ඔව්හු ඉක්මන්ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩිපෙළ මත්තෙහි එළා, හොරණෑ පිඹ: යේහු රජ්ජුරුවෝයයි කීවෝය. 14 මෙසේ නිම්ෂීගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු යෝරාම්ට විරුද්ධව කුමන්ත්‍රණයකෙළේය. (එකල යෝරාම්ද සියලු ඉශ්‍රායෙල්වරුද සිරියේ රජවූ හසායෙල් නිසා රාමොත්-ගිලියද් මුරකරමින් සිටියෝය.) 15 නුමුත් යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධකරන අතර සිරියවරුන් විසින් තමාට කළ තුවාල සුවකරගන්න පිණිස යෙස්‍රෙයෙල්ට හැරී ඇවිත් සිටියේය. තවද යේහු: නුඹලා කැමතිනම් යෙස්‍රෙයෙල්ට ගොස් දන්වන පිණිස නුවරින් කාටවත් ගැළවී යන්ට ඉඩනොදෙන්න කියා, 16 රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය; මක්නිසාද යෝරාම් එහි ඔත්පළව උන්නේය. යූදාහි රජවූ අහසියාද යෝරාම් බලන්ට එහි ඇවිත් සිටියේය. 17 යෙස්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා යේහුගේ හමුදාව එනවා දැක: හමුදාවක් මට පෙනේයයි කීය. යෝරාම්ද: නුඹ අසරුවෙකුට අඬගසා–සමාදානයෙන්දැයි අසන්ට ඔවුන්ගේ පෙරමගට අරින්නැයි කීවේය. 18 මෙසේ එක්කෙනෙක් අශ්වයෙකු පිට නැගී ඔහුගේ පෙරමගට ගොස්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය. මුරකාරයා කථාකොට: පණිවිඩකාරයා ඔවුන් ළඟට පැමුණුණ නුමුත් ආපසු නොඑන්නේයයි කීවේය. 19 එවිට ඔහු දෙවෙනි අසරුවෙකු යැවීය, ඔහුද ඔවුන් ළඟට ඇවිත්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය. 20 මුරකාරයාද: ඔහු ඔවුන් ළඟට පැමුණුණ නුමුත් නැවත නොඑන්නේය. දැක්කීම නම් නිම්ෂීගේ පුත්‍රවූ යේහුගේ දැක්කීම වාගේය; මක්නිසාද ඔහු වේගයෙන් දක්කන්නේය කියා දැන්නුවේය. 21 යෝරාම්ද: රථය සූදානම්කරන්නැයි කීවේය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝය. ඉශ්‍රායෙල් රජවූ යෝරාම්ද යූදාහි රජවූ අහසියාද තම තමාගේ රථයට නැගී පිටත්වී යේහුගේ පෙරමගට ගොස්, යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසේදී ඔහුට සම්මුඛවුණෝය. 22 යෝරාම් යේහු දුටු විට: යේහු, සමාදානයෙන්දැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි කීවේය. 23 එවිට යෝරාම් හැරී පලායමින්: අහෝ අහසියා, මෙන්න, ද්‍රෝහිකමය කියා අහසියාට කීවේය. 24 නුමුත් යේහු මුළු ශක්තියෙන් දුන්න ඇද යෝරාම්ගේ බාහු දෙක අතරට විද්දේය, ඊගහ වනාහි ඔහුගේ හෘදයෙන් පිටවුණේය, ඔහු රථයෙහි වැටුණේය. 25 එවිට යේහු තමාගේ අධිපතියාවූ බිද්කර්ට කථාකොට: ඔහු රැගෙන යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසෙහි දමන්න. මක්නිසාද මාත් නුඹත් එක්ව ඔහුගේ පියවූ ආහබ් පස්සෙන් අසුන් පිට යන විටස්වාමීන්වහන්සේඔහුට විරුද්ධව කී තීරණ-වාක්‍යය සිහිකරන්න; 26 එනම්: සැබවින් නාබොත්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ලේ ඊයේ දුටුවෙමියිස්වාමීන්වහන්සේවදාරනසේක. තවද මම මේ බිම් කොටසේදී නුඹට ප්‍රතිඵල දෙන්නෙමියිස්වාමීන්වහන්සේකියනසේකැයි කීවේය. එබැවින් ඔහු රැගෙනස්වාමීන්වහන්සේගේවචනය ලෙස මේ බිම් කොටසෙහි දමන්නැයි කීවේය. 27 යූදාහි රජවූ අහසියා ඒ දැක උයනේ ගේ මගින් පලාගියේය. යේහු ඔහු පස්සේ එළවාගනගොස්: ඔහුටත් රථයේ සිටින විට පහරදෙන්නැයි කීවේය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගුර් නම් ගොඩැල්ලේදී ඔහුට පහරදුන්නෝය. ඔහු මෙගිද්දෝට පලාගොස් එහිදී මළේය. 28 ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් යෙරුසලමට ගෙනගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන්ගෙයි තැන්පත්කළෝය.
29 ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ එකොළොස්වෙනි අවුරුද්දේදී අහසියා යූදා කෙරෙහි රජවුණේය.
30 යේහු යෙස්‍රෙයෙල්ට ආ කල යෙසෙබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන් ගා හිස සරසාගෙන කවුළුවෙන් බැලුවාය. 31 යේහු දොරටුවෙන් ඇතුල්වෙන විට ඈ කථාකොට: ස්වකීය ස්වාමියා මැරූ සිම්රි, නුඹ සමාදානයෙන්දැයි ඇසුවාය. 32 ඔහු කවුළුව දෙසට මුහුණ ඔසවා: මාගේ පැත්තට සිටින්නේ කවුද? කවුදැයි ඇසුවේය. එවිට නපුංසකයන් දෙතුන් දෙනෙක් ඔහු දෙස බැලුවෝය. 33 ඈ පහළට හෙළන්නැයි ඔහු කීය. ඔව්හු ඈ පහළට හෙළුවෝය. ඇගේ ලේවලින් මදක් භිත්තියෙත් අශ්වයන් පිටත් ඉසුණේය. ඔහු ඈ පාගාගත්තේය. 34 ඔහු ඇතුල්වී පසුව කා බී: ඒ ශාපලත් ස්ත්‍රිය රජෙකුගේ දුවෙක් නිසා බලා ඈ තැන්පත්කරන්නැයි කීවේය. 35 ඔව්හු ඈ තැන්පත්කරන්ට ගිය විට ඇගේ ඉස්කබලද පාදද දෙඅල්ලද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බනොවී, 36 හැරී ගොස් ඔහුට දැන්නුවෝය. ඔහු කථාකොට: මේස්වාමීන්වහන්සේතමන්ගේ මෙහෙකරුවූ තිෂ්බිය එලියා ලවා කියෙවු වචනයය–යෙස්‍රෙයෙල් බිම් කොටසේදී බල්ලෝ යෙසෙබෙල්ගේ මාංස කන්නෝය. 37 මේ යෙසෙබෙල්යයි කියන්ට බැරිවන ලෙස යෙසෙබෙල්ගේ මළකඳ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේය කියා කීසේකැයි කීවේය.
10රාජකුමාරයන් මරාදැමීම
1 ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියෝය. යේහු ලියුම් ලියා සමාරියේ සිටි යෙස්‍රෙයෙල්හි අධිපතීන්වූ වැඩිමහල්ලන්ටද ආහබ්ගේ දරුවන් ඇතිදැඩිකළ තැනැත්තන්ටද ඇරියේය. 2 එහි ලියා තිබුණේ: නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රයන් නුඹලා ළඟ සිටින නිසාත් රථ සහ අශ්වයන්ද පවුරු ඇති නුවරක්ද යුද්ධායුධද තිබෙන නිසාත් මේ ලියුම් නුඹලාට ලැබුණු වහාම, 3 නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ සුදුසු තැනැත්තා තෝරාගෙන ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා, නුඹලාගේ ස්වාමියාගේ වංශය උදෙසා සටන්කරන්නැයි යනුය. 4 නුමුත් ඔව්හු අතිශයින් භයව කථාකොට: බලව, ඒ රජවරුන් දෙදෙනාට ඔහු ඉදිරිපිට සිටින්ට නුපුළුවන්විය, එසේ නම් අපි කෙසේ සිටිමුදැයි කීවෝය. 5 එවිට ගෙයි ප්‍රධානියාද නුවර ප්‍රධානියාද වැඩිමහල්ලෝද රාජ කුමාරයන් ඇතිදැඩිකළ අයද යේහු වෙතට පණිවිඩයක් යවමින්: අපි ඔබගේ මෙහෙකරුවෝය, ඔබ අපට අණකරන සියල්ල කරන්නෙමුව; කිසිවෙකු රජකර නොගන්නෙමුව. ඔබට යහපත්ව පෙනෙන හැටියට කළමැනවැයි කීවෝය. 6 එවිට ඔහු දෙවෙනි වර ඔවුන්ට ලියුමක් ලියා: නුඹලා මාගේ පක්ෂයට සිට මාගේ හඬට ඇහුම්කන් දෙනවා නම්, නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රවූ මනුෂ්‍යයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා ළඟට යෙස්‍රෙයෙල්ට එන්නැයි කියා හැරියේය. රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩිකළ නුවර මුලාදෑනීන් වෙත සිටියෝය. 7 තවද ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්වා, හැත්තෑ දෙනෙක් වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා, ඔහු වෙතට යෙස්‍රෙයෙල්ට යැවුවෝය. 8 එවිට පණිවිඩකාරයෙක් ඇවිත්: රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනැවිත් තිබේයයි ඔහුට දැන්නුවේය. හෙට වෙන තුරු ඒවා ගොඩවල් දෙකක් කොට දොරටුව ළඟ තබන්නැයි ඔහු කීවේය. 9 පසුවදා උදෑසන ඔහු පිටතට ගොස් සිටගන මුළු සෙනඟට කථාකොට: නුඹලා ධර්මිෂ්ඨයෝය. මම මාගේ ස්වාමියාට විරුද්ධව කුමන්ත්‍රණය කොට ඔහු මැරීමි; නුමුත් මොවුන් සියල්ලන් මැරුවේ කවුද? 10 එබැවින්ස්වාමීන්වහන්සේආහබ්ගේ වංශයට විරුද්ධව කී තමන්ගේ වචනයෙන් කිසිවක් හිස් නොවන බව දැනගන්න.ස්වාමීන්වහන්සේතමන්ගේ මෙහෙකරුවූ එලියා ලවා කියෙවු දේ ඉෂ්ටකළසේකැයි කීවේය. 11 මෙසේ යේහු යෙස්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතුරුව සිටි සියල්ලන්ද ඔහුගේ සියලු ප්‍රධාන තැනැත්තන්ද ඔහුගේ නෑයන්ද ඔහුගේ පූජකයන්ද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොකර මැරුවේය. 12 ඔහු නැගිට සමාරියට යන්ට පිටත්වුණේය. ඔහු මගදී බැටළු ලොම් කපන්නන්ගේ ගෙට ළංව සිටියදී, 13 යූදාහි රජවූ අහසියාගේ සහෝදරයන් යේහුට සම්බවී: නුඹලා කවුරුදැයි ඇසුවේය. අපි අහසියාගේ සහෝදරයෝය. රජුගේ පුත්‍රයන්ටත් බිසවගේ පුත්‍රයන්ටත් ආචාරකරන්ට යමුයයි ඔව්හු කීවෝය. 14 ඔහුද: ඔවුන් පණපිටින් අල්ලාගන්නැයි කීය. ඔව්හු ඔවුන් පණපිටින් අල්ලාගෙන මනුෂ්‍යයන් සතළිස් දෙදෙනෙක්වූ ඔවුන් බැටළු ලොම් කපන්නන්ගේ ගෙය ළඟදී මැරුවෝය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඔහු ඉතුරුකළේ නැත.
15 ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමගට ආ රේකාබ්ගේ පුත්‍රවූ යෙහෝනාදාබ් සම්බවී ඔහුට ආචාරකොට: මාගේ සිත නුඹේ සිත කෙරේ අවංකව තිබෙන්නාක්මෙන් නුඹේ සිතත් අවංකදැ යි ඇසුවේය. යෙහෝනාදාබ්: එසේයයි කීවිට: එසේ නම් මට නුඹේ අත දෙන්නැයි ඔහු කීවේය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේය. 16 එවිට යේහු තමාගේ රථයට ඔහු නංවාගෙන කථාකොට:ස්වාමීන්වහන්සේඋදෙසාවූ මාගේ ජ්වලිතකම බලන්ට මා සමඟ එන්නැයි කීවේය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝය. 17 ඔහු සමාරියට ආ කලස්වාමීන්වහන්සේඑලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගෙන් ඉතුරුව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශවනතුරු මරාදැමුවෝය.
බාල් අදහන්නන් මරාදැමීම
18 තවද යේහු මුළු සෙනඟ රැස්කර ඔවුන්ට කථාකොට: ආහබ් බාල්ට ස්වල්ප වශයෙන් සේවයකෙළේය. නුමුත් යේහු ඔහුට බොහෝසෙයින් සේවය කරන්නේය. 19 එබැවින් බාල්ගේ සියලු ප්‍රොපේතවරුන්ද ඔහු අදහන සියල්ලන්ද සියලු පූජකයන්ද එක්කෙනෙක්වත් නෑර මා වෙතට අඬගහගන එන්න. මක්නිසාද මා විසින් බාල්ට මහත් පූජාවක් ඔප්පුකරන්ට තිබේ; නේන සියල්ලෝම මරණයට පත්වන්නෝයයි කීවේය. නුමුත් යේහු බාල් අදහන්නන් නැතිකරන පිණිස ප්‍රයෝගයෙන් ඒක කෙළේය. 20 තවද යේහු: බාල් උදෙසා ශුද්ධ රැස්වීමක් නියමකරන්නැයි කීවේය. ඔව්හු එසේ ප්‍රසිද්ධකළෝය. 21 එසේ යේහු ඉශ්‍රායෙල් රට මුළුල්ලේම පණිවිඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්වත් නෑවිත් නොසිට සියල්ලෝම බාල්ගේ ගෘහයට ඇතුල් වුණෝය; බාල්ගේ ගෘහය එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරී ගියේය. 22 ඔහු වස්ත්‍ර ගබඩාවේ මුලාදෑනියාට කථාකොට: බාල් අදහන සියල්ලන්ට වස්ත්‍ර ගෙනෙන්නැයි කීවේය. ඔහු වස්ත්‍ර ගෙනායේය. 23 යේහුද රේකාබ්ගේ පුත්‍රවූ යෙහෝනාදාබ්ද බාල්ගේ ගෘහයට ගොස්: බාල් අදහන සියල්ලන් මිස මෙහි නුඹලා සමඟස්වාමීන්වහන්සේගේසේවකයන් කිසිවෙකු නොසිටින ලෙස සොයා බලන්නැයි බාල් අදහන්නන්ට කීවේය. 24 ඔව්හු යාගද දවන පූජාද ඔප්පුකරන්ට ඇතුළට ගියෝය. එවිට යේහු මනුෂ්‍යයන් අසූදෙනෙක් පිටත සිටුවා: මා විසින් නුඹලා අතට අසුකරදෙන මනුෂ්‍යයන්ගෙන් කිසිවෙකු ගැළවී ගියොත්, ඔහු යන්ට අරින අයගේ ප්‍රාණය ඔහුගේ ප්‍රාණය වෙනුවට දෙන්ට වේයයි කියා තිබුණේය. 25 තවද යේහු දවන පූජාව පුදා නිමකළ කෙණෙහිම ඔහු මුරකාරයන්ටත් ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කථාකොට: ඇතුළට ගොස් කාටවත් පිටතට එන්ට නෑර ඔවුන් මරන්නැයි කීවේය. එසේ මුරකාරයෝද මුලාදෑනිහුද කඩුමුවහතින් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ ගෙයි මළුව දක්වාත් ගියෝය. 26 තවද ඔව්හු බාල්ගේ ගෘහයේ රූප-කුළුනු, පිටතට ගෙනැවිත් පුලුස්සාදමා, 27 බාල්ගේ රූපස්තම්භ බිඳ දමා, බාල්ගේ ගෘහයත් බිඳ දමා, අද දක්වා තිබෙන හැටියට එය වැසිකිළියක් කළෝය. 28 මෙසේ යේහු ඉශ්‍රායෙල්වරුන් අතරෙන් බාල් නැතිකර දැමුවේය. 29 එසේවී නුමුත් බෙතෙල්හිද දාන්හිද තිබුණ රන් වස්සන් කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් යේහු අහක්නොවීය. 30 ස්වාමීන්වහන්සේයේහුට කථාකොට: නුඹ මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කිරීමෙන් යුතුලෙස ක්‍රියාකොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතරවෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳගන්නෝයයි කීසේක. 31 එහෙත් යේහු තමාගේ මුළු සිතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේගේව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්ට ප්‍රවේසම් නුවූයේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.
32 ඒ කාලයේදීස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් හීනකරන්ට පටන්ගත්සේක. 33 හසායෙල් යොර්දානට නැගෙනහිරින් තිබෙන ඉශ්‍රායෙල්ගේ සියලු පළාත්වූ අර්ණොන් මිටියාවත ළඟවූ අරොයේර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත් රූබෙන්වරුන්ටත් මනස්සේවරුන්ටත් පහර-දුන්නේය. 34 යේහුගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ සියලු බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 35 යේහු තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝවාහාස් ඔහු වෙනුවට රජ වුණේය. 36 යේහු සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය විසිඅට අවුරුද්දක්ය.
11අතලියා රාජ්‍යය පැහැරගැනීම. යෝවාෂ් රජකොට ප්‍රකාශකිරීම
1 අහසියාගේ මවුවූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු රාජ වංශය විනාශකළාය. 2 නුමුත් යෝරාම් රජුගේ දුවූ අහසියාගේ සහෝදරීවූ යෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ්ද ඔහුගේ කිරිමවද යහන්ගෙට හොරෙන් ගෙනගියාය; ඔහු මරනු නොලබන ලෙස ඔව්හු අතලියාගෙන් ඔහු සැඟෙවුවෝය. 3 ඔහුස්වාමීන්වහන්සේගේගෘහයෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.
4 සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා පණිවිඩ යවා කාරියවරුන්ගේද මුරකාරයන්ගේද ශතාධිපතීන් ගෙන්වාස්වාමීන්වහන්සේගේගෘහයට තමා ළඟට පමුණුවාගෙන, ඔවුන් සමඟ ගිවිසුමක්කොට,ස්වාමීන්වහන්සේගේගෘහයෙහිදී ඔවුන්ගෙන් දිවුරුම්ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කථාකොට: 5 නුඹලා විසින් කරන්ට ඕනෑ දේ මේය–සබත් දවසේදී ඇතුල්වෙන නුඹලාගෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට, 6 තුනෙන් කොටසක් සූර් දොරටුවේද තුනෙන් කොටසක් මුරකාරයන්ට එහායින් තිබෙන දොරටුවේද සිටින්න. මෙසේ ගෘහය මුරකර ආරක්ෂාකරන්න. 7 නුඹලාගෙන් කොට්ඨාස දෙකක්වන සබත් දවසේදී පිටත යන සියල්ලෝම රජු ළඟස්වාමීන්වහන්සේගේගෘහයෙහි මුරකරන්න. 8 නුඹලා එක එකා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පංක්ති ඇතුළට එන තැනැත්තා මරන්ට ඕනෑය. රජ යන එන විට නුඹලා ඔහු සමඟ සිටින්නය කියා ඔවුන්ට අණකෙළේය. 9 ශතාධිපතියෝ යෙහෝයාදා පූජකයා අණකළ සියල්ල ලෙස කරමින්, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් සබත් දවසේදී පිටත යන තැනැත්තන්ද සමඟ කැඳවාගන යෙහෝයාදා පූජකයා ළඟට ආවෝය. 10 පූජකයාස්වාමීන්වහන්සේගේගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේය. 11 මුරකාරයෝ එකඑකා තම තමාගේ අතින් ආයුධ රැගෙන ගෘහයේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත් ගෘහයත් ළඟ රජු වටකර සිටියෝය. 12 එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනැවිත් ඔහුගේ හිස පිට ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දුන්නේය; ඔව්හු රජකමට ඔහු ආලේපකොට අත්පොළසන්දී: රජතුමා සැරදේවයි කීවෝය. 13 අතලියා තොමෝ මුරකාරයන්ගෙත් සෙනඟගෙත් ඝෝෂාව අසාස්වාමීන්වහන්සේගේගෘහයෙහි සිටි සෙනඟ ළඟට ආවාය. 14 ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත් දේශයේ මුළු සෙනඟ ප්‍රීතිව හොරණෑ පිඹිනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමය කියා මොරගැසුවාය. 15 එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන්ට කථාකොට: ඈ පංක්ති අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද:ස්වාමීන්වහන්සේගේගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය. 16 මෙසේ ඔව්හු ඈට යන්ට ඉඩ ඇරියෝය; ඈ රජගෙදරට අශ්වයන් ඇතුල්වෙන මාර්ගයෙන් ගොස් එහිදී මරනුලැබුවාය.
17 යෙහෝයාදා තෙමේස්වාමීන්වහන්සේගේසෙනඟව සිටින හැටියටස්වාමීන්වහන්සේසහ රජුද සෙනඟද අතරේ ගිවිසුමක් කෙරෙවුවේය. එසේම රජුද සෙනඟද අතරෙත් කෙරෙවුවේය. 18 දේශයේ මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩා, ඔහුගේ පූජාසනද රූපද මුළුමනින්ම බිඳ දමා, පූජාසන ඉදිරියෙහිදී බාල්ගේ පූජකයාවූ මත්තාන් මැරුවෝය. පූජක තෙමේස්වාමීන්වහන්සේගේගෘහය කෙරෙහි මුලාදෑනීන් පත්කෙළේය. 19 තවද ඔහු ශතාධිපතීන්ද කාරියවරුන්ද මුරකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙනස්වාමීන්වහන්සේගේගෘහයේ සිට රජු ගෙනගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජගෙදරට පැමුණුණේය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි හිඳගත්තේය. 20 මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීතිවූවෝය, නුවරද නිශ්චලව තිබුණේය. ඔව්හු අතලියා රජගෙදරදී කඩුවෙන් මැරුවෝය.
12යෙහෝවාෂ් (හෙවත් යෝවාෂ්) ගේ රාජ්‍ය පාලනය
21 යෙහෝවාෂ් රජවෙන විට අවුරුදු සතක් වයස්ව සිටියේය. 1 යේහුගේ සත්වෙනි අවුරුද්දේදී යෙහෝවාෂ් රජවී යෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම ශිබියාය, ඈ බෙයාර්-ෂෙබාහි කෙනෙක්ය. 2 යෙහෝවාෂ් වනාහි යෙහෝයාදා පූජකයා විසින් තමාට දැනමුතුකම් දුන් කාලය මුළුල්ලෙහිස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. 3 නුමුත් උස් තැන් පහනොකරනලද්දේය. ඒ කාලයෙත් සෙනඟ උස්තැන්වල පූජා ඔප්පුකොට සුවඳ දුම් දැවූහ.
4 යෙහෝවාෂ් වනාහි පූජකයන්ට කථාකොට:ස්වාමීන්වහන්සේගේගෘහයට ගෙනෙනලද්දාවූ කැපකළ දේවල මිල සියල්ලද එනම් එක් එක්කෙනා විසින් ගෙවන්ට නියමවෙන මුදල්ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන්ස්වාමීන්වහන්සේගේගෘහයට ගෙනෙන සියලු මුදල්ද, 5 පූජකයෝ තම තමුන් අඳුනන්නවුන්ගෙන් ව්‍යවහාර මුදලින් ගනිත්වා, ඔව්හුද ගෘහයේ කොයියම් තැනක නුමුත් දකින කැඩුම් හරිගස්සත්වයි කීවේය. 6 එහෙත් පූජකයන් විසින් යෙහෝවාෂ් රජුගේ විසිතුන්වෙනි අවුරුද්ද දක්වා ගෘහයේ කැඩුම් හරි නොගස්සා තිබුණේය. 7 එවිට යෙහෝවාෂ් රජ පූජකවූ යෙහෝයාදාටත් අනික් පූජකයන්ටත් හඬගසා: නුඹලා ගෘහයේ කැඩුම් හරිනොගස්සන්නේ මක්නිසාද? ඉතින් නුඹලා අඳුනන්නන්ගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම් හරිගස්සන්ට භාරදෙන්නැයි කීවේය. 8 පූජකයෝ සෙනඟගෙන් තවත් මුදල් නොගන්ටත් ගෘහයේ කැඩුම් හරි නොගස්සන්ටත් එකඟවූවෝය. 9 එහෙත් පූජකවූ යෙහෝයාදා පෙට්ටියක් ගෙන පියනේ සිදුරක් කොටස්වාමීන්වහන්සේගේගෘහයට එන මාර්ගයේ දකුණු පැත්තේ පූජාසනය ළඟ තැබුවේය. තවදස්වාමීන්වහන්සේගේගෘහයට ගෙනා මුදල් සියල්ලම දොරටුපාලයෝවූ පූජකයෝ එහි දැමුවෝය. 10 තවද පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම්ද නායක පූජකයාද ඇවිත්ස්වාමීන්වහන්සේගේගෘහයෙහි තිබුණ ඒ මුදල් ගණන්කරමින් මිටි බැන්දෝය. 11 කිරාදෙනලද ඒ මුදල් ඔව්හුස්වාමීන්වහන්සේගේගෘහයේ වැඩකළාවූද වැඩකෙරෙවුවාවූද තැනැත්තන් අතට දුන්නෝය. ඔව්හුදස්වාමීන්වහන්සේගේගෘහයේ වැඩකළ වඩුවන්ටත් ගොඩනගන්නන්ටත්, 12 පෙදරේරුවරුන්ටත් ගල්කපන්නන්ටත්ස්වාමීන්වහන්සේගේගෘහයේ කැඩුම් හරිගැස්සීමට ලී සහ කැපූ ගල් මිලේට ගන්නා පිණිසත් ගෘහය අලුත්වැඩියා කිරීමට ඕනෑකළ සියල්ලටත් ඒ මුදල් දුන්නෝය. 13 එහෙත්ස්වාමීන්වහන්සේගේගෘහය නිසා රිදී කුසලාන්ද පහන් කතුරුද තලිද හොරණෑද යම් රන් භාජන හෝ රිදී භාජනද නොසාදා, 14 ඒ මුදල් වැඩේ කළ තැනැත්තන්ට දී, එයින්ස්වාමීන්වහන්සේගේගෘහය අලුත්වැඩියා කෙරෙවුවෝය. 15 තවද වැඩකරන්නන්ට දෙන්ට මිල භාරදෙනු ලැබූ මනුෂ්‍යයන් විශ්වාස ලෙස කටයුතුකළ බැවින් ඔවුන්ගෙන් ගණනක් නොගන්නා ලද්දේය. 16 අපරාධ පූජා සහ පාප පූජා උදෙසා දුන් මිලස්වාමීන්වහන්සේගේගෘහයට නොගෙනෙනලද්දේය. ඒ මිල පූජකයන්ගේ විය.
17 එකල සිරියේ රජවූ හසායෙල් ඇවිත් ගාද්ට විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු කෙළේය. 18 එවිට යූදාහි රජවූ යෙහෝවාෂ් තමාගේ පියවරුන්වූ යෙහෝෂාපාට්ද යෙහෝරාම්ද අහසියාද යන යූදාහි රජවරුන් විසින් කැපකළ සියලුම ශුද්ධ දේවල්ද තමාගේම ශුද්ධ දේවල්දස්වාමීන්වහන්සේගේගෘහයේ ගබඩාවලත් රජ ගෙයිත් තිබුණාවූ සියලු රන්ද රැගෙන සිරියේ රජවූ හසායෙල්ට හැරියේය. එවිට ඔහු යෙරුසලමෙන් අහක්ව ගියේය. 19 යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 20 ඔහුගේ සේවකයෝ නැගිට කුමන්ත්‍රණයකොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි ගෙයිදී යෝවාෂ් මැරුවෝය. 21 ඔහුගේ සේවකයෝ වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ යෝසාඛාර්ද ෂොමෙර්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ද ඔහුට පහරදී මැරුවෝය; ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝය. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.
13යෙහෝවාහාස් සහ යෙහෝවාෂ් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කිරීම
1 අහසියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෝවාෂ්ගේ විසිතුන්වෙනි අවුරුද්දේ යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස් සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දහහත් අවුරුද්දක් රජකම් කෙළේය. 2 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින් ඉශ්‍රායෙල්වරුන්ට පව්කිරීමට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී ඒවායේ හැටියට හැසුරුණේය. 3 ස්වාමීන්වහන්සේගේඋදහස ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඇවිළ උන්වහන්සේ සිරියේ රජවූ හසායෙල් අතටත් හසායෙල්ගේ පුත්‍රවූ බෙන්-හදද් අතටත් ඒ කාලය මුළුල්ලෙහි ඔවුන් පාවාදුන්සේක. 4 නුමුත් යෙහෝවාහාස්ස්වාමීන්වහන්සේටකන්නලව්කළ විටස්වාමීන්වහන්සේඔහුට ඇහුම්කන්දුන්සේක. මක්නිසාද සිරියේ රජ ඉශ්‍රායෙල්ට පීඩා කරන විට, ඔවුන්ට පැමුණුණු පීඩාවස්වාමීන්වහන්සේදුටුසේක. 5 (තවදස්වාමීන්වහන්සේඉශ්‍රායෙල්වරුන් සිරියවරුන්ගේ අත යටතින් නිදහස්වෙන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පළමු ලෙස තමුන්ගේ කූඩාරම්වල වාසයකළෝය. 6 එසේවීනුමුත් ඔව්හු ඉශ්‍රායෙල්වරුන් පව්කරන්ට සැලැස්සුවාවූ යෙරොබොවම්ගේ වංශයේ පාපවලින් අහක්නොවී ඒවායෙහි හැසුරුණෝය. අෂේරාකණුද ඒ වන තෙක් සමාරියේ තිබුණේය.) 7 සිරියේ රජ යෙහෝවාහාස්ට සේනාවෙන් ඉතුරුකළේ අසරුවන් පනසක්ද රථ දශයක්ද පාබලසෙනඟ දස දහසක්ද පමණය; මක්නිසාද ඔහු ඔවුන් විනාශකොට, ඔවුන් මැඩ දූවිලි මෙන් කෙළේය. 8 යෙහෝවාහාස්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ වික්‍රමයද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 9 යෙහෝවාහාස්ද තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යෝවාෂ් ඔහු වෙනුවට රජ වුණේය.
10 යූදාහි රජවූ යෝවාෂ්ගේ තිස්හත්වෙනි අවුරුද්දේදී යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී අවුරුදු දහසයක් රජකම්කෙළේය. 11 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, ඉශ්‍රායෙල්වරුන් පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු පාපවලින් අහක්නොවී, ඒවායෙහි හැසුරුණේය. 12 යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ බලවන්තකම් වන ඔහු යූදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධකළ හැටිද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 13 යෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; යෙරොබොවම් ඔහුගේ සිංහාසනයෙහි හිඳගත්තේය. යෝවාෂ් සමාරියෙහි ඉශ්‍රායෙල් රජුන් සමඟ තැන්පත්කරනු ලැබුවේය.
14 එලිෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුණුවිට ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් ඔහු වෙතට ගොස් ඔහු ළඟ සිටගන අඬා: මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි, ඉශ්‍රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවෝයයි කීය. 15 එලිෂාද: දුන්නක් හා ඊගස් ගන්නැයි ඔහුට කීය. ඔහු දුන්න සහ ඊගස් ගත්තේය. 16 එලිෂා: නුඹේ අත දුන්න පිට තබන්නැයි ඉශ්‍රායෙල් රජුට කීවේය. ඔහු තමාගේ අත තැබුවේය. එවිට එලිෂා තමාගේ අත් රජුගේ අත් පිට තබා: 17 නැගෙනහිර කවුළුව අරින්නැයි කීවේය. ඔහු ඒක ඇරියවිට: විදින්නැයි එලිෂා කීවේය. ඔහු විද්දේය. එවිට එලිෂා ඒස්වාමීන්වහන්සේගේජය ඊගසය; එනම් සිරියවරුන්ගෙන් ජයගැනීමේ ඊගසය. නුඹ සිරියවරුන් නැතිකරන තුරු අපෙක්හිදී ඔවුන්ට පහර දෙන්නෙහියයි කීවේය. 18 ඔහු: ඊගස් ගන්නැයි කීවේය. ඔහු ගත්විට: බිම ගසන්නැයි ඔහු ඉශ්‍රායෙල් රජුට කීවේය. ඔහු තුන් වරක් ගසා නැවතුණේය. 19 එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු කෙරෙහි උදහස්වී: නුඹ පස්වරක් හෝ හයවරක් ගසන්ට යුතුව තිබුණේය; එසේ කෙළේවී නම් නුඹ සිරියවරුන් විනාශවන තුරු ඔවුන්ට පහරදෙනවා ඇත. නුමුත් දැන් නුඹ තුන්වරක් පමණක් සිරියවරුන්ට පහරදෙන්නෙහියයි කීවේය.
එලිෂාගේ මරණය
20 එලිෂා මැරී තැන්පත්කරනු ලැබුවේය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදාවල් දේශයට ඇතුල්වූවෝය. 21 මිනිස්සු මිනියක් වළලන්ට යනවිට හමුදාවක් දැක එලිෂාගේ සෙහොන්ගෙයි ඒ මිනිය දැමුවෝය. ඒ මිනිය එලිෂාගේ ඇටවලට තැවරුණු හැටියේම පණ ලැබ නැගිට සිටියේය.
22 සිරියේ රජවූ හසායෙල් යෙහෝවාහාස්ගේ මුළු කාලයෙහි ඉශ්‍රායෙල්වරුන්ට පීඩාකෙළේය. 23 නුමුත්ස්වාමීන්වහන්සේආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණාකොට, ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන් සැලකූසේක. උන්වහන්සේ ඔවුන් නැතිකරන්ට අකැමැතිව, ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් අහක නොදමා සිටිසේක. 24 සිරියේ රජවූ හසායෙල් මළේය; ඔහුගේ පුත්‍රවූ බෙන්-හදද් ඔහු වෙනුවට රජවුණේය. 25 යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් තමාගේ පියවූ යෙහෝවාහාස් අතින් හසායෙල් විසින් යුද්ධකොට අල්ලාගත් නුවරවල් ඔහුගේ පුත්‍රයාවූ බෙන්-හදද්ගේ අතින් නැවත අල්ලාගත්තේය. යෝවාෂ් තුන්වරක් ඔහුට පහරදී ඉශ්‍රායෙල් නුවරවල් දෙවනු ගත්තේය.
14යූදාහි අමශියාද ඉශ්‍රායෙල්හි යෙරබෝවම්ද රජකම්කිරීම
1 ඉශ්‍රායෙල් රජු යෝවාහාස්ගේ පුත්‍රවූ යෝවාෂ්ගේ දෙවෙනි අවුරුද්දේදී යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශියා රජවුණේය. 2 ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙහෝයද්දින්ය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය. 3 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් තමාගේ පියවූ දාවිත් මෙන් නොවේය. තමාගේ පියවූ යෝවාෂ් කළ සියල්ල ලෙස ඔහු කෙළේය. 4 එසේ වී නුමුත් උස් තැන් අහක් නොකරනලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය. 5 තවද රජකම ඔහු අතේ ස්ථිරවූ කෙණෙහිම ඔහු තමාගේ පියරජු මැරුවාවූ තමාගේ සේවකයන් මැරුවේය. 6 නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා; එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියාස්වාමීන්වහන්සේඅණකළ පරිද්දෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස, ඔහු ඒ මිනීමරුවන්ගේ දරුවන් නොමැරුවේය. 7 ඔහු ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධකොට සේලා අල්ලාගන, අද දක්වා තිබෙන හැටියට ඊට යොක්තෙයේල් යන නම තැබුවේය.
8 එකල අමශියා පණිවිඩකාරයන් යවා: එන්න, අපි මුණගැසෙමු කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස්ගේ පුත්‍ර වන ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ්ට කියා ඇරියේය. 9 ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් උත්තරදෙමින්: නුඹේ දුව මාගේ පුතාට භාර්යාකොට දෙන්නැයි ලෙබනොන්හිවූ ගොකටුගස ලෙබනොන්හිවූ කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු ගස පාගාදැමුවේය. 10 නුඹ ඒදොම්වරුන්ට පහර දුන්නා සැබෑය, නුඹේ සිතද උඩඟුවී තිබේ. ඒ ගෞරවය ඇතුව ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙනලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා ඇරියේය. 11 එහෙත් අමශියා ඇහුම්කන් දුන්නේ නැත. ඒ නිසා ඉශ්‍රායෙල් රජවූ යොහෝවාෂ් ගියේය; ඔහුද යූදාහි රජවූ අමශියාද යූදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී එකිනෙකා මුණගැසුණෝය. 12 යූදාවරු ඉශ්‍රායෙල්වරුන්ට පරාජයවී සියල්ලෝම තම තමුන්ගේ කූඩාරම්වලට පලාගියෝය. 13 ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් අහසියාගේ පුත්‍රවූ යෙහෝවාෂ්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ අමශියා බෙත්-ෂෙමෙෂ්හිදී අල්ලාගෙන යෙරුසලමට ඇවිත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක් බිඳහෙලා, 14 ස්වාමීන්වහන්සේගේගෘහයෙහිත් රජගෙයි ගබඩාවලත් තිබුණු රන් රිදී සියල්ලද භාජන සියල්ලද ඇපකාරයන්ද රැගෙන, සමාරියට හැරී ගියේය. 15 යෙහෝවාෂ් කළ අනික් ක්‍රියාද ඔහුගේ වික්‍රමයද ඔහු යූදාහි රජවූ අමශියාට විරුද්ධව යුද්ධ කළ හැටිද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 16 යෙහෝවාෂ්ද තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි ඉශ්‍රායෙල් රජුන් ළඟ තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ යෙරොබොවම් ඔහු වෙනුවට රජ වුණේය.
17 යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ්ගේ මරණයෙන් පසු යෝවාෂ්ගේ පුත්‍රවූ යුදයේ රජවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්වුණේය. 18 අමශියාගේ අනික් ක්‍රියා යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 19 මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා, 20 එහිදී ඔහු මරා අශ්වයන් පිට තබා ගෙනවුත් යෙරුසලමෙහි දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ තැන්පත්කළෝය. 21 එකල යූදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්ව සිටි අශරියා කැඳවාගෙන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය. 22 රජ තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලත් ගොඩනගා එය යූදාට නැවත අයිතිකරගත්තේය.
23 යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශි-යාගේ පසළොස්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් සමාරියෙහි රජ වී සතළිස් එක් අවුරුද්දක් රජකම්කෙළේය. 24 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු පාපවලින් ඔහු අහක්නූණේය. 25 ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේතමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්‍රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය. 26 මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතළ බවත් දාසයන්ද නිර්දාසයන්ද නැතිවී ගිය බවත් ඉශ්‍රායෙල්ට උපකාරකරන කෙනෙක් නැති බවත්ස්වාමීන්වහන්සේදුටු සේක. 27 තවද ඉශ්‍රායෙල් යන නාමය අහස යටින් මකාදමන්නෙමියිස්වාමීන්වහන්සේනොකීසේක. එබැවින් උන්වහන්සේ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් ලවා ඔවුන් ගැළෙවුසේක. 28 යෙරොබොවම්ගේ අනික් ක්‍රියාත් ඔහු කළ සියල්ලත් ඔහුගේ වික්‍රමය එනම් ඔහු යුද්ධකළ හැටිත් යූදාට අයිතිව තිබූ දමස්කයද හමාත්ද ඔහු නැවත ඉශ්‍රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 29 යෙරොබොවම්ද තමාගේ පියවරුන් වන ඉශ්‍රායෙල් රජුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ සෙකරියා ඔහු වෙනුවට රජවුණේය.
15නොයෙක් රජවරුන්ගේ ප්‍රවෘත්ති
1 ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ අමශියාගේ පුත්‍රවූ අශරියා රජවුණේය. 2 ඔහු දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකොලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රීයෙක්ය. 3 ඔහු තමාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙසස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. 4 එසේ වුවත් උස් තැන් පහ නොකරන ලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය. 5 ස්වාමීන්වහන්සේරජුට පහරදුන්සේක, ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව, වෙනම ගෙයක වාසයකෙළේය. රජුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය. 6 අශරියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 7 අශරියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් ඔහු වෙනුවට රජවුණේය.
8 යූදාහි රජවූ අශරියාගේ තිස්අටවෙනි අවුරුද්දේදී යෙරොබොවම්ගේ පුත්‍රවූ ශෙකරියා සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි හමාසයක් රජකම්කෙළේය. 9 ඔහු තමාගේ පියවරුන් කළාක්මෙන්ස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නූණේය. 10 යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට සෙනඟ ඉදිරියේ ඔහුට පහරදී මරා, ඔහු වෙනුවට රජවුණේය. 11 ශෙකරියාගේ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ. 12 මෙය වනාහි: නුඹේ පුත්‍රයෝ සතරවෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝයයිස්වාමීන්වහන්සේයේහුට වදාළ වචනයය. එලෙසම සිද්ධවුණේය.
13 යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් යූදාහි රජවූ උස්සියාගේ තිස්නවවෙනි අවුරුද්දේදී රජවී මාසයක කාලය සමාරියෙහි රජකම්කෙළේය. 14 එවිට ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් තිර්ශා සිට පිටත්වී සමාරියට ඇවිත් යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ට සමාරියේදී පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය. 15 ෂල්ලුම්ගේ අනික් ක්‍රියාද ඔහු කළාවූ කුමන්ත්‍රණයද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ. 16 එකල මෙනහෙම් තිප්සාටත් එහි සිටි සියල්ලන්ටත් තීර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහරදී එහි සිටි සියලු ගර්භීණීන් ඉරාදැමුවේය.
17 යූදාහි රජවූ අශරියාගේ තිස්නවවෙනි අවුරුද්දේදී ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේය. 18 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු තමාගේ සියලු දවස්වල අහක්නොවී සිටියේය. 19 අෂූර්හි රජවූ පූල් දේශයට විරුද්ධව ආයේය; මෙනහෙම්ද රජකම තමාගේ අතේ සවිකරගැනීමට පූල් තමාට උදව්වෙන පිණිස රිදී තලෙන්ත දහසක් ඔහුට දුන්නේය. 20 මෙනහෙම් තෙමේ අෂූර්හි රජුට දෙන පිණිස එක් එක්කෙනාගෙන් රිදී ෂෙකෙල් පනහක් බැගින් ඉශ්‍රායෙල්හි සියලු පොහොසත් බලවතුන්ගෙන් අයකෙළේය. එවිට අෂූර්හි රජ දේශයේ නොනැවතී හැරීගියේය. 21 මෙනහෙම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 22 මෙනහෙම්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ පෙකහියා ඔහු වෙනුවට රජවුණේය.
23 යූදාහි රජවූ අශරියාගේ පනස්වෙනි අවුරුද්දේදී මෙනහෙම්ගේ පුත්‍රවූ පෙකහියා සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසි අවුරුද්දක් රජකම්කෙළේය. 24 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේකෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය. 25 ඔහුගේ රථාධිපතියාවූ රෙමලියාගේ පුත්‍රවූ පෙකා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මනුෂ්‍යයන් පනස්දෙනෙකුන් කැඳවාගෙන ඇවිත්, සමාරියෙහි රජගෙයි බලකොටුවේදී ඔහුටත් අර්ගොබ්ටත් අරියාටත් පහරදී මරා ඔහු වෙනුවට රජ වුණේය. 26 පෙකහියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියාතිබේ.
27 යූදාහි රජවූ අශරියාගේ පනස්දෙවෙනි අවුරුද්දේදී රෙමලියාගේ පුත්‍රවූ පෙකා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසි අවුරුද්දක් රජකම්කෙළේය. 28 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය. 29 ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය. 30 උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය. 31 පෙකාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.
32 රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල්හි රජවූ පෙකාගේ දෙවෙනි අවුරුද්දේදී යූදාහි රජවූ උස්සියාගේ පුත්‍රවූ යෝතාම් රජවුණේය. 33 ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙරුෂාය, ඈ ශාදොක්ගේ දුවණියක්ය. 34 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි හරිව තිබුණු දේ කරමින් තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස කෙළේය. 35 නුමුත් උස් තැන් පහනොකරන ලද්දේය. ඒ වන තෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය. ඔහුස්වාමීන්වහන්සේගේගෘහයේ ඉහළ දොරටුව ගොඩනැගුවේය. 36 යෝතාම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 37 ඒ දවස්වලදීස්වාමීන්වහන්සේසිරියේ රජවූ රෙශින්ද රෙමලියාගේ පුත්‍රවූ පෙකාද යූදාට විරුද්ධව යවන්ට පටන්ගත්සේක. 38 යෝතාම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආහාස් ඔහු වෙනුවට රජවුණේය.
16ආහාස් රජ සහ අෂූර් රට
1 රෙමලියාගේ පුත්‍රවූ පෙකාගේ දහහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ යෝතාම්ගේ පුත්‍රවූ ආහාස් රජවුණේය. 2 ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් තමාගේ දෙවිවූස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකර, 3 ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිර,ස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ ජාතීන්ගේ පිළිකුල් භාවිතා ලෙස තමාගේ පුත්‍රයා ගිනිමැඳින් යවා පූජාකෙළේය. 4 ඔහු උස් තැන්වලත් හෙල් පිටත් සියලු විශාල ගස් යටත් පූජා ඔප්පුකොට සුවඳ ද්‍රව්‍ය දැවුවේය. 5 එකල සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ පෙකාද යුද්ධ කරන පිණිස යෙරුසලමට ඇවිත් ආහාස් වැටලූ නුමුත් ඔහු පරදවන්ට බැරි වූවෝය. 6 ඒ කාලයේදී සිරියේ රජවූ රෙශීන් ඒලත් නැවත සිරියට ලබාගන යූදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමුවේය. සිරියවරු ඒලත්ට ඇවිත් අද දක්වා එහි වසති. 7 එකල ආහාස් අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් වෙතට පණිවිඩකාරයන් යවා: මම ඔබගේ මෙහෙකරුවාය, ඔබගේ පුත්‍රයාය. ඇවිත් මට විරුද්ධව නැගිට සිටින සිරියේ රජුගේ අතිනුත් ඉශ්‍රායෙල් රජුගේ අතිනුත් මා ගැළවුවමැනවැයි කියා යැවුවේය. 8 තවද ආහාස්ස්වාමීන්වහන්සේගේගෘහයෙහිත් රජගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අෂූර්හි රජුට තෑග්ගක් කොට ඇරියේය. 9 අෂූර්හි රජ ඔහුට ඇහුම්කන්දී දමස්කයට විරුද්ධව ගොස්, එය අල්ලාගෙන, එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙනගියේය, රෙශීන්ද මැරුවේය. 10 ආහාස් රජ අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් සම්බවෙන්ට දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි ආදර්ශයක්ද එහි හැඩයද උරියා පූජකයාට එවුවේය. 11 උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැගුවේය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්ට පළමුවෙන් ඒක සෑදුවේය. 12 රජ දමස්කයෙන් ඇවිත් ඒ පූජාසනය දැක ඊට ළංව ඒ පිට පූජාකෙළේය. 13 ඔහු තමාගේ දවන පූජාවත් ආහාර පූජාවත් දවා, තමාගේ පාන පූජාව වත්කොට, තමාගේ ශාන්ති පූජාවල ලේ පූජාසනය පිට ඉස්සේය. 14 ස්වාමීන්වහන්සේඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත්ස්වාමීන්වහන්සේගේගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය. 15 ආහාස් රජ පූජකවූ උරියාට අණකරමින්: උදේ දවන පූජාවත් සවස ආහාර පූජාවත් රජුගේ දවන පූජාවත් ඔහුගේ ආහාර පූජාවත් දේශයේ මුළු සෙනඟගේ දවන පූජාවත් සවස ඔවුන්ගේ ආහාර පූජාවත් ඔවුන්ගේ පාන පූජාවලුත් මහත් පූජාසනය පිට දවා දවන පූජාවේ සියලු ලේත් පූජාවේ සියලු ලේත් ඊ පිට ඉසින්න. පිත්තල පූජාසනය වනාහි මා විසින් විභාගකරන පිණිස වන්නේයයි කීය. 16 ආහාස් රජු අණකළ සියල්ල ලෙස පූජකවූ උරියා කෙළේය. 17 තවද ආහාස් රජ අෂූර්හි රජු නිසා මැහිවල පනේල කපා දමා ඒවා උඩ තිබුණු භාජනය අහක් කෙළේය; මුහුද යට තිබුණු පිත්තල ගවයන්ගේ පිටෙන් මුහුද බස්වා ගල් අතුළ බිමක තැබුවේය. 18 සබත් දවසේ යාම පිණිස ගෘහයෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගයද රජුට ඇතුල්වීමට තිබුණු පිට ස්ථානයද ඔහුස්වාමීන්වහන්සේගේගෘහය දෙසට හරවා තැබීය. 19 බලව, ආහාස් කළ අනික් ක්‍රියා යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 20 ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජවුණේය.
17හෝෂෙයා රජ. ඉශ්‍රායෙල් වහල්කමට ගෙනයාම
1 යූදාහි රජවූ ආහාස්ගේ දොළොස් වෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී නව අවුරුද්දක් රජකම්කෙළේය. 2 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය, එහෙත් තමාට පළමුවෙන් සිටි ඉශ්‍රායෙල් රජවරුන් මෙන් නොවේය. 3 අෂූර්හි රජවූ ෂල්මනෙසේර් ඔහුට විරුද්ධව ආයේය; හෝෂෙයා ඔහුට මෙහෙකරුවී කප්පන් දුන්නේය. 4 නුමුත් හෝෂෙයා මිසරයේ සෝ රජු ළඟට පණිවිඩකාරයන් යැවූ නිසාත් අවුරුදුපතා කළ හැටියට අෂූර්හි රජුට කප්පන් ගෙනක් නුදුන් නිසාත් ඔහු කුමන්ත්‍රණය කළ බව අෂූර්හි රජ දැනගෙන ඔහු හිර අඩස්සිකොට බැන්දේය. 5 එවිට අෂූර්හි රජ දේශය මුළුල්ලේ ගොස් සමාරියට පැමිණ තුන් අවුරුද්දක් ඒක වටලාගන සිටියේය. 6 තවද හෝෂෙයාගේ නවවෙනි අවුරුද්දේ අෂූර්හි රජ සමාරිය අල්ලාගන ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝසාන් ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචි කෙරෙවුවේය. 7 එසේ වුණේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඵාරාවෝගේ අත යටතින් තමුන් නිදහස්කොට මිසර දේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේටවිරුද්ධව පව්කරමින්, වෙන දෙවිවරුන්ට භයව, 8 ස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පනත්වලද ඉශ්‍රායෙල් රජුන් සාදාගත් පනත්වලද හැටියට හැසුරුණු නිසාය. 9 තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේටවිරුද්ධව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නුවර දක්වා තමුන්ගේ හැම නුවරවල උස් තැන් සාදාගෙන, 10 උස්වූ සියලු හෙල් පිටද සියලු විශාල ගස් යටද රූපස්තම්භ සහ අෂේරා කණු පිහිටුවාගෙන, 11 ඔවුන් ඉදිරියෙන්ස්වාමීන්වහන්සේගෙන ගිය ජාතීන් කළාක් මෙන් ඒ සියලු උස්තැන්වල සුවඳ දුම් ඔප්පුකළෝය;ස්වාමීන්වහන්සේටඋදහස උපදවන හැටියට නපුරු දේවල්ද කළෝය. 12 රූපවලට සේවය නොකරන්නැයිස්වාමීන්වහන්සේඔවුන්ට කී නුමුත් ඔව්හු ඒ දේ කළෝය. 13 එහෙත්ස්වාමීන්වහන්සේතමන්ගේ සියලු ප්‍රොපේතවරුන්ද දර්ශකයන්ද ලවා ඉශ්‍රායෙල්වරුන්ටත් යූදාවරුන්ටත් අවවාද කරවමින්: නුඹලාගේ නපුරු මාර්ගවලින් අහක්වී, නුඹලාගේ පියවරුන්ට මා අණකළාවූ, මාගේ සේවකයන්වූ ප්‍රොපේතවරුන් අත නුඹලාට එවුවාවූ මාගේ මුළු ව්‍යවස්ථාවේ හැටියට මාගේ ආඥා පවත්වන්නැයි කීසේක. 14 නුමුත් ඔව්හු ඇහුම්කන් නොදී, තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේකෙරෙහි නොඇදහු ඔවුන්ගේ පියවරුන්ගේ කුළල් මෙන් තමුන්ගේ කුළල් තදකරගෙන, 15 උන්වහන්සේගේ පනත්ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුමද ඔවුන්ට උන්වහන්සේ දුන්නාවූ උන්වහන්සේගේ අවවාදවල්ද ඔවුන් එපාකර, නිස්සාරකම අනුව ගොස්, නිස්සාරකම් කරමින්, ඔවුන් වටකර සිටි ජාතීන් මෙන් නොකරන හැටියටස්වාමීන්වහන්සේඔවුන්ට අණ කළ නුමුත්, ඒ ජාතීන් අනුව ගියෝය. 16 ඔව්හු තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේගේසියලු ආඥා අත්හැර, වාත්තුකළ පිළිම වන වස්සන් දෙන්නෙක්ද අෂේරා කණුවක්ද සාදාගන, මුළු අහස් සේනාවට නමස්කාරකරමින්, බාල්ට සේවයකළෝය. 17 ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගිනි මැදින් යවා පූජාකළෝය, පේනකීමද ශාස්ත්‍රබැලීමද භාවිතාකළෝය,ස්වාමීන්වහන්සේඋදහස්කරවන ලෙස උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කිරීමටද භාරවුණේය. 18 ඒ නිසාස්වාමීන්වහන්සේඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස්වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළසේක. ඉතුරුවුණේ යූදා ගෝත්‍රය පමණක්ය. 19 යූදාවරුත් තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේගේආඥා රක්ෂානොකොට, ඉශ්‍රායෙල්වරුන් විසින් සාදාගත් පනත් ලෙස හැසුරුණෝය. 20 ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල් වංශය අත්හැර, ඔවුන්ට පීඩාකොට, ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් අහක්කරදමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක. 21 මක්නිසාද උන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන්කළසේක; ඔව්හුද නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් රජකොට පත්කරගත්තෝය. යෙරොබොවම්ස්වාමීන්වහන්සේවෙතින් ඉශ්‍රායෙල්වරුන් අහක්කොට, ඔවුන් විසින් මහත් පාපයක් කරන්ට සැලැස්සුවේය. 22 මෙසේස්වාමීන්වහන්සේතමන්ගේ සියලු මෙහෙකරුවන්වූ ප්‍රොපේතවරුන් ලවා කියෙවු ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු යෙරොබොවම් කළ සියලුම පාපවලින් අහක් නොවී ඒවායෙහි හැසුරුණෝය. 23 මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ දේශයෙන් අෂූර්ට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.
සමාරියයන්ගේ පටන්ගැන්ම සහ නමස්කාර විධිය
24 අෂූර්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචිකෙරෙවුවේය. ඔව්හු සමාරිය හිමිකරගෙන එහි නුවරවල වාසයකළෝය. 25 ඔව්හු එහි වාසයකරන්ට පටන්ගන්න කලස්වාමීන්වහන්සේකෙරෙහි භය ඇතුව නොසිටියෝය. එබැවින්ස්වාමීන්වහන්සේඔවුන් අතරට සිංහයන් යැවුසේක, උන් ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරුවෝය. 26 එබැවින් ඔව්හු අෂූර්හි රජුට කථාකොට: ඔබ විසින් ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචිකෙරෙවු ජාතීහු ඒ දේශයේ දෙවියන්ගේ අන්දම නොදනිති. ඒ නිසා උන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් එවූසේක, ඔවුන් දේශයේ දෙවියන්ගේ විධිය නොදන්නා නිසා සිංහයෝ ඔවුන් මරතියි කීවෝය. 27 එවිට අෂූර්හි රජ අණකරමින්: නුඹලා එතැනින් ගෙනා පූජකයන්ගෙන් එක්කෙනෙකු එහි කැඳවාගෙන යන්න. ඔහු ගොස් එහි වාසයකරමින් ඒ දේශයේ දෙවියන්ගේ විධිය ඔවුන්ට උගන්වා දේවයි කීවේය. 28 මෙසේ ඔවුන් සමාරියෙන් ගෙනගිය පූජකයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් බෙතෙල්හි වාසයකොට,ස්වාමීන්වහන්සේකෙරෙහි භයවිය යුතු අන්දම ඔවුන්ට ඉගැන්නුවේය. 29 එසේ වුවත් ඒ ඒ ජාතීහු තම තමුන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ඒ ජාතීන් විසූ නුවරවල තිබුණාවූ උස් තැන්හි ගෘහවල ඒවා තැබුවෝය. 30 එසේ බබිලෝනි මනුෂ්‍යයෝ සුක්කොත්-බෙනොත්ද, කූත්හි මනුෂ්‍යයෝ නේර්ගල්ද, හමාත්හි මනුෂ්‍යයෝ අෂීමාද, 31 අව්විවරු නිබ්හස්ද තර්තාක්ද යන දෙවිවරුන් සෑදුවෝය, සෙපර්විවරුද සෙපර්වයිමේ දෙවිවරුන්වූ අද්‍රම් මෙලෙක් සහ අනම්මෙලෙක් සඳහා තමුන්ගේ දරුවන් ගින්නෙන් දැවුවෝය. 32 ඔව්හුස්වාමීන්වහන්සේකෙරෙහි භයපවත්වමින්, උස්තැන්හි ගෘහවල ඔවුන් උදෙසා පූජාකරන පිණිස තමුන් අතරෙන් උස් තැන්වල පූජකයන් පත්කරගත්තෝය. 33 ඔව්හුස්වාමීන්වහන්සේකෙරෙහි භය ඇතිව, තමුන් අත්ඇර ආවාවූ ඒ ජාතීන්ගේ විධියේ හැටියට තමුන්ගේ දෙවිවරුන්ට සේවයකළෝය. 34 අද දක්වා ඔව්හු පළමු විධි ලෙස කෙරෙති. ඔව්හුස්වාමීන්වහන්සේකෙරෙහි භය අතුව නොසිටිති, තමුන්ගේම නියෝගද පනත්ද ලෙස නොකෙරෙති,ස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් යන නම තැබූ, යාකොබ්ගේ පුත්‍රයන්ට අණකළ උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද ආඥාවේද හැටියට නොකෙරෙති; 35 ස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ගිවිසුමක් කරමින්: අන් දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා, ඔවුන්ට නමස්කාර නොකොට, සේවය නොකොට, පූජා නොකොට, 36 මහත් බලයෙන්ද දිගුකළ හස්තයකින්ද මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූස්වාමීන්වහන්සේකෙරෙහි භය පවත්වා, උන්වහන්සේටම නමස්කාර කොට, උන්වහන්සේටම පූජාකරන්න. 37 අන් දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා, උන්වහන්සේ ලියාදුන් නියෝගද පනත්ද ව්‍යවස්ථාද ආඥාද සෑම කල්හිම පවත්වන්ට බලාගන්න. 38 මා විසින් නුඹලා සමඟ කළාවූ ගිවිසුම මතකනැති නොකරන්න; වෙන දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා. 39 නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේකෙරෙහි භය ඇතුව සිටින්න; උන්වහන්සේ නුඹලාගේ සියලු සතුරන් අතින් නුඹලා ගළවනවා ඇතැයි කීසේක. 40 එසේවී නුමුත් ඔව්හු ඇහුම්කන් නොදී, තමුන්ගේ පළමු විධිය ලෙස කළෝය. 41 මෙසේ මේ ජාතීහුස්වාමීන්වහන්සේකෙරෙහි භය පවත්වමින් තමුන්ගේ රූපවලට සේවයකළෝය; එලෙසම ඔවුන්ගේ දරුවෝද දරුවන්ගේ දරුවෝද තමුන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කෙරෙති.
18හෙසකියා සහ සෙනකෙරිබ්
1 ඒලාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ තුන්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ ආහාස්ගේ පුත්‍රවූ හෙසකියා රජවුණේය. 2 ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී විසිනව අවුරුද්දක් යෙරුසලමේ රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම් අබීය, ඈ සෙකරියාගේ දුවෙක්ය. 3 ඔහුගේ පියවූ දාවිත් කළ සියල්ල ලෙස ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. 4 ඔහු උස් තැන් පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කණු කපාදමා, මෝසෙස් විසින් සෑදූ පිත්තල සර්පයාත් කැබලිකොට දැමුවේය; මක්නිසාද ඒ දවස් දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඊට සුවඳ දුම් ඔප්පුකළෝය; ඔහු ඊට නෙහුෂ්තාන්යයි නම් තැබුවේය. 5 ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේකෙරෙහි විශ්වාස කෙළේය; ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවවත් ඔහුට ප්‍රථමවත් යූදාහි සියලු රජුන් අතරේ නොසිටියේය. 6 ඔහුස්වාමීන්වහන්සේටඇලුම්ව සිට, උන්වහන්සේ අනුව යාම අත්නොහැර,ස්වාමීන්වහන්සේවිසින් මෝසෙස්ට අණකළ උන්වහන්සේගේ ආඥා රක්ෂාකෙළේය. 7 ස්වාමීන්වහන්සේද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය. 8 ඔහු ගාසා සහ එහි සීමාවල් දක්වාද මුර කොටුව පටන් පවුරු සහිත නුවර දක්වාද පිලිස්තිවරුන්ට පහර දුන්නේය.
9 ඒලාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ සත්වෙනි අවුරුද්ද වන හෙසෙකියා රජුගේ සතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ ෂල්මෙනෙසෙර් සමාරියට විරුද්ධව ඇවිත් ඒක වටලාගෙන, 10 තුන් අවුරුද්දකට පසු ඒක අල්ලාගත්තේය. ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ නවවෙනි අවුරුද්ද වන හෙසකියාගේ හවෙනි අවුරුද්දේදී සමාරිය අල්ලාගන්නාලද්දේය. 11 අෂූර්හි රජද ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝෂාන්හි ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචිකෙරෙවුවේය. 12 මෙසේ සිද්ධවුණේ ඔවුන් තමුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේගේහඬට කීකරුනොවී, උන්වහන්සේගේ ගිවිසුම වන,ස්වාමීන්වහන්සේගේමෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල කඩකළ නිසාය, ඔව්හු ඒවා අසන්ටවත් කරන්ටවත් නොකැමැතිවූහ.
13 හෙසකියා රජුගේ දහහතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරිබ් යූදාහි රජවරුන්ගේ නුවරවලට විරුද්ධව ඇවිත් ඒවා අල්වාගත්තේය. 14 එවිට යූදාහි රජවූ හෙසකියා: මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගියමැනවි. ඔබ මා පිට තබන දෙයක් දරන්නෙමියි කියා ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා ඇරියේය. අසිරියාවේ රජද රිදී තලෙන්ත තිහක්ද දෙන්ට යූදාහි රජවූ හෙසකියාට නියමකෙළේය. 15 හෙසකියාස්වාමීන්වහන්සේගේගෘහයෙත් රජ ගෙදර ගබඩාවලත් තිබුණු රිදී සියල්ල ඔහුට දුන්නේය. 16 ඒ කාලයෙහි හෙසකියාස්වාමීන්වහන්සේගේමාලිගාවේ දොරටුවලින්ද යූදාහි රජවූ හෙසකියා රනින් වැසුවාවූ කුළුනුවලින්ද රන් කපාගෙන ඒවා අෂූර්හි රජුට දුන්නේය. 17 නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය. 18 එවිට රජගෙදර ප්‍රධානියාවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නා ලේකමද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද පිටත්ව ඔවුන් ළඟට ගියෝය. 19 එවිට රබ්-ෂාකේ ඔවුන්ට කථාකොට: අෂූර්හි රජවූ මහරජ්ජුරුවෝ මෙසේ කියන්නාහ–නුඹ විශ්වාසය තබන ඔය දේ කිමෙක්ද? 20 යුද්ධය පිණිස මන්ත්‍රණයද බලයද තිබේයයි නුඹ කියන්නෙහිය. නුමුත් ඒවා හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාසකරගනද? 21 මෙන්න, නුඹ විශ්වාසකරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බර වුණොත් ඒක ඔහුගේ අතට ඇනී හිල්වෙයි. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එසේමය. 22 නුමුත්-අපේ දෙවිවූස්වාමීන්වහන්සේකෙරෙහි විශ්වාසකරමුයයි නුඹලා සමහරවිට මට කියනවා ඇත. නුමුත් නුඹලා යෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා, හෙසකියා උන්වහන්සේගේ උස් තැන්ද පූජාසනද පහකරදැමුවා නොවේද? 23 ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇපදුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. 24 එසේ නුඹට බැරි නම් නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙක් වුවත් එළවාදමන්නේ කොහොමද? රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගන සිටිනවාද? 25 මා දැන් මේ ස්ථානය විනාශකරන්ට ඊට විරුද්ධව ආවේස්වාමීන්වහන්සේනැතුවද? මේ දේශයට විරුද්ධව ගොස් ඒක විනාශකරන්නැයිස්වාමීන්වහන්සේමට කීසේක කියා නුඹලා හෙසකියාට කියන්නැයි කීවේය. 26 එකල හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේ කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථානොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කථාකළමැනවැයි කීවෝය. 27 එහෙත් රබ්-ෂාකේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ නුඹේ ස්වාමියාත් නුඹත් ළඟටද? නොහොත් පවුර පිට ඉන්න මනුෂ්‍යයන් නුඹලා සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මූත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට නොවේදැයි කීවේය. 28 එවිට රබ්-ෂාකේ සිටගෙන යුදෙව් භාෂාවෙන් මහත් ශබ්දයකින් මොරගසා: අෂූර්හි රජ වන මහ රජ්ජුරුවන්ගේ වචන අසන්න. 29 නුඹලා රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න. මක්නිසාද මාගේ අතින් නුඹලා ගළවාගන්ට ඔහුට බැරිය. 30 ස්වාමීන්වහන්සේසැබවින් අප ගළවාගන්නසේකැයි කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාදස්වාමීන්වහන්සේකෙරෙහි නුඹලා විශ්වාසකරවන්ටත් ඉඩනාරින්න. 31 හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින්ද අෂූර්හි රජ මෙසේ කියයි–මා හා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න; එවිට මම ඇවිත්, නුඹලාගේ දේශයට සමානවූ, ධාන්‍ය හා මුද්‍රිකපානය ඇති, කෑමද මිදිවතුද ඇති, ඔලීව තෙල්ද මීපැණිද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු, 32 නුඹලා එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන. මෙසේ නුඹලා නොනැසී ජීවත්වන්නහුය.ස්වාමීන්වහන්සේඅප ගළවාගන්නවා ඇත කියා හෙසකියා නුඹලා පොළඹවන කල ඔහුට ඇහුම්කන් නොදෙන්න. 33 ජාතීන්ගේ දෙවිවරු තම තමුන්ගේ දේශ අෂූර්හි රජුගේ අතින් කිසිසේත් ගළවාගත්තෝද? 34 හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හිද හේනාහිද ඉව්වාහිද දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝද? 35 ස්වාමීන්වහන්සේයෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන් වන ලෙස දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ කොයි දෙවිවරුද කියා අසන්නේයයි කීවේය. 36 නුමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් නොදී නිශ්ශබ්දව සිටියෝය. මක්නිසාද: ඔහුට උත්තරදෙන්ට එපාය කියා රජුගේ ආඥාවක් තිබුණේය. 37 එවිට රජගෙදර ප්‍රධානියෝවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම් නම් ගෘහාධිපතියාද ෂෙබ්නා ලේකම්ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.
19හෙසකියා විසින් යෙසායාට කළ අයදුම
1 හෙසකියා රජ ඒ අසා තමාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි පෙරවාගෙනස්වාමීන්වහන්සේගේගෘහයට ඇතුල්වුණේය. 2 තවද ඔහු රජගෙදර ප්‍රධානියා වන එලියාකිම්ද ෂෙබ්නා ලේකම්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට ඇරියේය. 3 ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය–අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්ට ශක්තිය නැත. 4 ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූස්වාමීන්වහන්සේඅසා ඒ ඇසූ වචනවලට උන්වහන්සේ ප්‍රති තර්ජනයක් කරනසේක. එබැවින් තවම ඉතුරුව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පුකරන්නැයි කියන්නේයයි කීවෝය. 5 මෙසේ හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමුණුණෝය. 6 යෙසායා ඔවුන්ට කථාකොට: නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කීවාවූ වචනවලට භයනොවන්න. 7 ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.
8 අෂූර්හි රජු ලාකීෂ්හි සිට පිටත්ව ගිය බව රබ්-ෂාකේ අසා හැරීගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය. 9 කූෂ්හි රජවූ තිර්හාකා රජ නුඹට විරුද්ධව යුද්ධකරන්ට එන්නේයයි ඔහුට සැලවිය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත පණිවිඩකාරයන් එවා: 10 නුඹලා යූදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න–අෂූර්හි රජු අතට යෙරුසලම අසුනොවන්නේය කියා නුඹ විශ්වාසකරන නුඹේ දෙවියන්වහන්සේට නොරැවටෙන්න. 11 මෙන්න, අෂූර්හි රජවරුන් සියලු දේශවලට කළ දේ එනම් ඒවා විනාශකර දැමූ බව නුඹ අසා තිබේ. එසේ නම් නුඹ ගැළවෙනවා ඇද්ද? 12 මාගේ පියවරුන් විසින් නැතිකළාවූ ගෝසාන්ද හාරාන්ද රෙශෙප්ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් පුත්‍රයන්ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවාගත්තෝද? 13 හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය. 14 හෙසකියා පණිවිඩකාරයන් අතින් ලියුම ගෙන කියවා,ස්වාමීන්වහන්සේගේගෘහයට ගොස්,ස්වාමීන්වහන්සේඉදිරියෙහි ඒක විදහා පා, 15 ස්වාමීන්වහන්සේඉදිරියෙහි යාච්ඤාකරමින්: කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්ස,පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබම, ඔබ පමණක්ම දෙවියන්වහන්සේය; ඔබ අහසත් පොළොවත් මැවූසේක. 16 ස්වාමීන්වහන්ස,ඔබගේ කන නමා ඇසුවමැනව;ස්වාමීන්වහන්ස,ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව. 17 ස්වාමීන්වහන්ස,අෂූර්හි රජවරුන් ජාතීන්ද ඔවුන්ගේ දේශවල්ද පාළුකොට 18 ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයවූ ලී සහ ගල් ව තිබුණේය; ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය. 19 එබැවින් අපේ දෙවිවූස්වාමීන්වහන්ස,ඔබම, ඔබ පමණක්මස්වාමිවූ දෙවියන්වහන්සේබව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.
20 එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරිබ් ගැන නුඹ මට කළ යාච්ඤාව මම ඇසීමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේකියනසේක. 21 ඔහු ගැනස්වාමීන්වහන්සේකියන වචනය මේය–සියොනේ කන්‍යා දුව නුඹ සුළුකරනවාය, නුඹට කවටකම්කරනවාය; යෙරුසලමේ දුව නුඹට ඉස වනනවාය. 22 නුඹ නින්දාකළෙත් අපහාස කළෙත් කාටද? නුඹ හඬනැගුවෙත් නුඹේ ඇස් උඩට එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. 23 නුඹේ පණිවිඩකාරයන් ලවා නුඹස්වාමීන්වහන්සේටනින්දාකරවා කථාකොට: මාගේ රථ සමූහය හා සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපා දමා, ඒකේ දුරස්තර නිවාසවලටත් උයනක් වැනි ඒකේ වනයටත් ඇතුල්වන්නෙමි. 24 මම හාරා අන්‍ය දේශවල වතුර බීවෙමි, මාගේ අඩි තැබීමෙන් මිසරයේ සියලු ගංගා හින්දවන්නෙමියි කීයෙහිය. 25 මම බොහෝ කාලයක සිට ඒක අභිප්‍රායකර, පුරාණයේ දවස්වල පටන් ඒක නියම කළ බව නුඹ ඇසුවේ නැද්ද? දැන් නුඹ පවුරු ඇති නුවරවල් නාස්තිකොට ජරාවාස ගොඩවල් කරන හැටියට ඒක ඉෂ්ට කෙළෙමි. 26 එබැවින් ඒවායේ වැසියෝ බෙලහීනව සිටියෝය, ඔව්හු කැලඹී වියවුලට පත්වුණෝය; ඔව්හු කෙතේ තෘණද අමුපලාද පියසි උඩ තණකොළද වැඩෙන්ට පළමුවෙන් වේළුන ගොයම්ද මෙන් වූවෝය. 27 නුමුත් මම නුඹේ හිදීමද නුඹේ යාමඊමද මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකමද දනිමි. 28 මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකම නිසාද නුඹේ අහංකාරය මගේ කන්වලට පැමුණුණ නිසාද නුඹේ නාසයේ මාගේ වළල්ලත් නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා, නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි යනුයි. 29 මෙය නුඹට ලකුණු වන්නේය. එනම් මේ අවුරුද්දේ ඉබේම හටගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න. 30 යූදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළින් ඵල දරනවා ඇත. 31 මක්නිසාද ඉතිරි ගණනක් යෙරුසලමෙන්ද මිදුණ ගණනක් සියොන් කන්දෙන්ද නික්මෙනවා ඇත.ස්වාමීන්වහන්සේගේජ්වලිතකම මෙය ඉෂ්ටකරන්නේය. 32 එබැවින්ස්වාමීන්වහන්සේඅෂූර්හි රජු ගැන මෙසේ කියනසේක: අෂූර්හි රජ මේ නුවරට ඇතුල්වෙන්නේවත් ඊගහක් ඊට විදින්නේවත් ඒ ඉදිරිපිටට පලිහක් රැගෙන එන්නේවත් ඊට විරුද්ධව ගොඩැල්ලක් නගන්නේවත් නැත. 33 ඔහු මේ නුවර තුළට නෑවිත් තමා ආ මගින් හැරී යන්නේ යයිස්වාමීන්වහන්සේකියනසේක. 34 මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම ඒක රැකගන්නෙමියි කියනසේකැයි කියා ඇරියේය.
අෂූර්වරුන් විනාශවීම
35 ඒ රාත්‍රියේස්වාමීන්වහන්සේගේදූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන් දහසකට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණ විට, බලව, ඒ සියල්ලන් මැරිලාය. 36 එවිට අෂූර්හි රජවූ සෙනකෙරිබ් පිටත්ව ගොස් නිනිවෙහි වාසයකෙළේය. 37 තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රයෝ වන අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා, අරාරාත් දේශයට පලාගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ වුණේය.
20හෙසකියාගේ රෝගය සහ සුවවීම
1 ඒ කාලයේදී හෙසකියා රෝගීව මරණාසන්න විය. ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියාස්වාමීන්වහන්සේකියනසේකැයි ඔහුට කීවේය. 2 එවිට ඔහු තමාගේ මුහුණ භිත්තිය දෙසට හරවාගනස්වාමීන්වහන්සේටයාච්ඤා කරමින්: 3 අහෝස්වාමීන්වහන්ස,මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය. 4 යෙසායා මැද මිදුල දක්වා යන්ට පළමුවෙන්ස්වාමීන්වහන්සේගේවචනය ඔහු වෙතට පැමිණ කියනුයේ: 5 නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියාවූ හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුලු දුටිමි. බලව, මම නුඹ සුවපත්කරන්නෙමි. තුන්වෙනි දින නුඹස්වාමීන්වහන්සේගේගෘහයට යන්නෙහිය. 6 නුඹේ වයසට පහළොස් අවුරුද්දක් එකතුකරන්නෙමි; මම අෂූර්හි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා, මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර රැකගන්නෙමියි කියා කියන්නැයි කීවේය. 7 එවිට යෙසායා: අත්තික්කා කැටියක් ගෙනෙන්නැයි කීය. ඔව්හු ගෙනවුත් එය ගෙඩිය පිට තැබුවෝය, එවිට ඔහුට සුවවිය. 8 හෙසකියා යෙසායාට කථාකොට:ස්වාමීන්වහන්සේමා සුවපත් කරන බවටත් තුන්වෙනිදා මාස්වාමීන්වහන්සේගේගෘහයට යන බවටත් ලකුණ කිමෙක්දැයි ඇසුවේය. 9 යෙසායා කථාකොට:ස්වාමීන්වහන්සේකී දේ කරන බවටස්වාමීන්වහන්සේගෙන්නුඹට ලැබෙන ලකුණ මේය: එනම් ඡායාව අංශක දසයක් ඉස්සරහට යන්ටද නැතහොත් පස්සට හැරී එන්ටදැයි ඇසීය. 10 හෙසකියාද: ඡායාව අංශක දශයක් බසින එක සුළු දෙයක්ය; එසේ නොව ඡායාව අංශක දශයක් පස්සට හැරී ඒවයි කීවේය. 11 එවිට අනාගතවක්තෘවූ යෙසායාස්වාමීන්වහන්සේටයාච්ඤා කෙළේය. උන්වහන්සේ ආහාස්ගේ හෝරා මණ්ඩලය පිට ඡායාව බැසගිය තැනින් අංශක දශයක් පස්සට පැමිණෙවුසේක.
බබිලෝනියේ රජු වෙතින් පණිවිඩකාරයන් පැමිණීම
12 ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝන්හි රජවූ බෙරොදක්-බලදාන් හෙසකියා රෝගීව සිටිය බව අසා ලියුම්ද තෑග්ගක්ද ඔහු වෙතට හැරියේය. 13 හෙසකියා ඔවුන්ට ඇහුම්කන්දී තමාගේ මුළු සම්පත් ගබඩාවද එහි තිබුණු රන් රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෙයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. තමාගේ ගෙදරවත් මුළු රාජ්‍යයෙහිවත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නොවීය. 14 එවිට අනාගතවක්තෘවූ යෙසායා හෙසකියා රජු ළඟට ඇවිත්: ඒ මනුෂ්‍යයෝ කුමක් කීවෝද? ඔව්හු කොතැනින් නුඹ වෙතට ආවෝදැයි ඔහුගෙන් ඇසුවේය. හෙසකියාද: ඔව්හු දුර රටක්වූ බබිලෝනියේ සිට ආවෝයයි කීවේය. 15 එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි කුමක් දුටුවෝදැයි ඇසුවේය. මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්නූ කිසිවක් නැතැයි හෙසකියා කීවේය. 16 එවිට යෙසායා හෙසකියාට කථාකොට:ස්වාමීන්වහන්සේගේවචනය අසන්න– 17 බලව, නුඹේ ගෙයි තිබෙන සියල්ලත් නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස්කර තැබූ දේවලුත් කිසිවක් ඉතුරු නොකොට බබිලෝනියට ගෙනයන දවස් පැමිණෙන්නේය. 18 නුඹ තුළින් නික්මෙන, නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් බබිලෝනියේ රජුගේ මාලිගාවෙහි නපුංසකයන් වන පිණිස ගනු ලබන්නෝයයිස්වාමීන්වහන්සේකියනසේකැයි කීවේය. 19 එවිට හෙසකියා: නුඹ කීස්වාමීන්වහන්සේගේවචනය යහපත්යයි යෙසායාට කීවේය. තවද ඔහු: සමාදානයත් සැබෑකමත් මාගේ දවස්වල ඇත්නම් හොඳ නොවේදැයි යෙසායාට කීවේය. 20 හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යූදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද? 21 හෙසකියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය. ඔහුගේ පුත්‍රවූ මනස්සේ ඔහු වෙනුවට රජවුණේය.
21මනස්සේ රජ කිරීම
1 මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හෙප්ශීබාය. 2 ස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල් ලෙස ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 3 තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය. 4 තවද: මාගේ නාමය යෙරුසලමෙහි තබන්නෙමියිස්වාමීන්වහන්සේයම් ගෘහයක් ගැන කීසේක්ද ඒ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැගුවේය. 5 ස්වාමීන්වහන්සේගේගෘහයේ මිදුල් දෙකෙහි මුළු අහස් සේනාවටත් පූජාසන ගොඩනැගුවේය. 6 ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහුස්වාමීන්වහන්සේකෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය. 7 තමා සෑදූ අෂේරා රූපයද ඔහුස්වාමීන්වහන්සේගේගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැනස්වාමීන්වහන්සේදාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිද මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් යෙරුසලමේද මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි. 8 මා විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ සියල්ල ප්‍රකාරයටද මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔවුන්ට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයටද කරන්ට ඔවුන් බලාගත්තොත් ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දුන් දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළාව යන්ට නොසලස්වන්නෙමියි කීසේක. 9 එහෙත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.ස්වාමීන්වහන්සේඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකළාවූ ජාතීන්ට වඩා නපුරුකම්කරන ලෙස මනස්සේ ඔවුන් මුළාකෙළේය. 10 ස්වාමීන්වහන්සේතමන් මෙහෙකරුවූ අනාගතවක්තෘන් ලවා කථාකරවා: 11 යූදාහි රජවූ මනස්සේ මේ පිළිකුල්කම් කරමින් ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට, යූදාවරුන්ටද තමාගේ දේව රූපවලින් පව්කරන්ට සැලැස්වූ නිසා, 12 ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේමෙසේ කියනසේක-බලව, අසන සියල්ලන්ගේ කන්දෙක ලෙළදෙන තරම් මම යෙරුසලම සහ යූදාවරුන් පිටට විපත්තිය පමුණුවන්නෙමි. 13 තවද සමාරිය මැන්න ලනුවද ආහබ්ගේ වංශයේ ලඹයද යෙරුසලම කෙරෙහි අල්ලා, මනුෂ්‍යයෙක් තැටියක් පිසදමා, පිසදැමුවාම මුණින් පෙරළා තබන්නාක් මෙන් යෙරුසලම පිසදමන්නෙමි. 14 මාගේ උරුමයෙන් ඉතුරු කොටස මම අත්හැරදමා, ඔවුන් තමුන්ගේ සියලු සතුරන්ට ගොදුරක්ද කොල්ලයක්ද වෙන පිණිස ඔවුන්ගේ සතුරන් අතට ඔවුන් පාවාදෙන්නෙමි; 15 මක්නිසාද ඔවුන්ගේ පියවරුන් මිසරයෙන් පිටත්ව ආ දවස පටන් අද දවස දක්වාම ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට මා කෝප කළෝයයි වදාරනසේකැයි කියෙවුසේක. 16 තවදස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරන ලෙස එසේ යූදාට පව්කරන්ට සැලැස්වීමෙන් ඔහු විසින් කළ පාපය හැර, ඔහු යෙරුසලම එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝකොට වැගිරවිය. 17 මනස්සේගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහු කළ පාපයද ගැන යූදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද? 18 මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී, තමාගේ ගෙට අයිති උයන වන උස්සාගේ උයනෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවුණේය.
ආමොන්ගේ රජ කිරීම
19 ආමොන් විසි අවුරුදු වයසේදී රජවී දෑවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මෙෂුල්ලෙමෙත්ය, ඈ යොත්බාහි හාරුශ්ගේ දුවෙක්ය. 20 ඔහු තමාගේ පියවූ මනස්සේ කළ ලෙසස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, 21 තමාගේ පියා හැසුරුණ මුළු මාර්ගයෙහිම හැසිර, තමාගේ පියා සේවයකළ දේව රූපවලට සේවයකරමින් ඒවාට නමස්කාරකෙළේය. 22 ඔහුස්වාමීන්වහන්සේගේමාර්ගයෙහි නොහැසිර තමාගේ පියවරුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේඅත්හැරියේය. 23 ආමොන්ගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේ ගෙදරදී ඔහු මැරුවෝය. 24 නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. 25 ආමොන් කළ අනික් ක්‍රියා යූදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද? 26 උස්සාගේ උයනේ තිබුණ ඔහුගේ සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජවුණේය.
22යොෂියාගේ කාලයේදී ව්‍යවස්ථා පොත සම්බවීම
1 යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස් එක් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙදීදාය, ඈ බොශ්කත්හි අදායාගේ දුවෙක්ය. 2 ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි හරිව තිබුණු දේ කොට, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ පියවූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි හැසුරුණේය.
3 යොෂියා රජ තමාගේ දහඅටවෙනි අවුරුද්දේදී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශලියාගේ පුත්‍රවූ ෂාපාන් ලේකමස්වාමීන්වහන්සේගේගෘහයට යවමින් කථාකොට: 4 නුඹ නායක පූජකයාවූ හිල්කියා වෙතට ගොස්ස්වාමීන්වහන්සේගේගෘහයට ගෙනෙනලද මුදල් වන දොරටු පාලයන් සෙනඟගෙන් එකතුකරගත් ඒවා භාරදෙන ලෙස ඔහුට දන්වන්න. 5 ඒවාස්වාමීන්වහන්සේගේගෘහයෙහි වැඩකරවීමට පත්ව සිටින තැනැත්තන් අතට දෙනු ලැබේවා; ඔව්හුදස්වාමීන්වහන්සේගේගෘහයේ කැඩුම් හරිගැස්සීමට කර්මාන්තකාරයන්ට, 6 එනම් වඩුවන්ටත් ගොඩනගන්නන්ටත් පෙදරේරුවන්ටත් ගෘහය අලුත්වැඩියාකිරීමට ලී සහ කැපූ ගල්ද මිලේට ගැනීම පිණිස ඒවා දෙත්වයි කීවේය. 7 එසේ වී නුමුත් ඔවුන් විශ්වාසලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොවූයේය. 8 නායක පූජකවූ හිල්කියා ෂාපාන් ලේකමට කථාකොට: ව්‍යවස්ථා පොතස්වාමීන්වහන්සේගේගෘහයෙහි මට සම්බවීයයි කියා පොත ෂාපාන්ට දුන්නේය, ඔහු ඒක කියෙවුවේය. 9 ලේකම වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්: ගෘහයෙහි තිබුණ මුදල් ඔබගේ සේවකයෝ රැගෙනස්වාමීන්වහන්සේගේගෘහයෙහි වැඩ කරවීමට පත්ව සිටින්නන් අතට දුන්නෝයයි රජුට කීවේය. 10 තවද ෂාපාන් ලේකමට කථාකොට: පූජකවූ හිල්කියා පොතක් මට දුන්නේය කියා රජුට දන්වා ඒක රජු ඉදිරියෙහි කියෙවුවේය. 11 රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල තමාගේ ඇඳුම් ඉරාගෙන, 12 පූජකවූ හිල්කියාටත් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටත් මිකායාගේ පුත්‍රවූ අක්බොර්ටත් ෂාපාන් ලේකමටත් රජුගේ සේවකයාවූ අසායාටත් අණකොට: 13 නුඹලා ගොස් මේ සම්බවුණ පොතේ වචන ගැන මා උදෙසාත් සෙනඟ උදෙසාත් සියලු යූදාවරුන් උදෙසාත්ස්වාමීන්වහන්සේගෙන්විචාරන්න. මක්නිසාද අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙනස්වාමීන්වහන්සේගේඋදහස මහත්යයි කීවේය.
හුල්දා නම් අනාගතවක්ත්‍රිය ගෙන් විමසීම
14 එවිට පූජකවූ හිල්කියාද අහිකාම්ද අක්බොර්ද ෂාපාන්ද අසායාද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා අනාගතවක්ත්‍රිය ළඟට ගොස් ඈට කථාකළෝය. ඈ යෙරුසලමේ දෙවෙනි කොට්ඨාසයෙහි වාසයකළාය. 15 ඈ ඔවුන්ට කියන්නී: ඉශ්‍රායෙල්හි දෙවිවූස්වාමීන්වහන්සේමෙසේ කියනසේක–නුඹලා මා වෙතට එවූ මනුෂ්‍යයාටස්වාමීන්වහන්සේමෙසේ කියනසේකැයි කියන්න: 16 මම මේ ස්ථානය පිටටත් මෙහි වැසියන් පිටටත් යූදාහි රජු විසින් කියෙවු පොතේ සියලු වචනවල හැටියට විපත පමුණුවන්නෙමි. 17 ඔව්හු මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින්, මාගේ උදහස මේ ස්ථානය කෙරෙහි ඇවිලෙන්නේය, ඒක නිවෙන්නේ නැත. 18 නුමුත්ස්වාමීන්වහන්සේගෙන්විචාරන පිණිස නුඹලා එවූ යූදාහි රජුට මෙසේ කියන්න: නුඹ ඇසූ වචන ගැන වනාහි ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේමෙසේ කියනසේක– 19 පාළුවක්ද ශාපයක්ද වේය කියා මා විසින් මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් විරුද්ධව කියා තිබෙන කාරණා නුඹ ඇසූ විට නුඹේ සිත මෘදුවී, නුඹස්වාමීන්වහන්සේඉදිරියෙහි යටහත්වී, නුඹේ ඇඳුම් ඉරාගන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් නුඹට ඇහුම්කන්දුන්නෙමියිස්වාමීන්වහන්සේකියනසේක. 20 එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි, මා විසින් මේ ස්ථානයට පමුණුවන සියලුම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හු හැරී ඇවිත් රජුට කීවෝය.
23යොෂියාගේ ධාර්මික ක්‍රියා සහ මරණය
1 එවිට රජ යූදාහිද යෙරුසලමේද සියලු වැඩිමහල්ලන් තමා ළඟට රැස්කරවාගන, 2 යූදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ සියලු වැසියන්ද පූජකයන්ද අනාගතවක්තෘන්ද ලොකු කුඩා සියලු සෙනඟද සමඟස්වාමීන්වහන්සේගේගෘහයට ගොස්ස්වාමීන්වහන්සේගේගෘහයෙහි සම්බවුණ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය. 3 තවද රජ මඤ්චකය උඩ සිට, ඒ පොතේ ලියා තිබුණ ඒ ගිවිසුමේ වචන ඉෂ්ටකරන පිණිසස්වාමීන්වහන්සේඅනුව යන ලෙසත් උන්වහන්සේගේ ආඥාද උන්වහන්සේගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පවත්වන ලෙසත්ස්වාමීන්වහන්සේඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේය. මුළු සෙනඟද ගිවිසුමට එකඟවූවෝය. 4 එවිට බාල්ටත් අෂේරාටත් මුළු අහස් සේනාවටත් සාදා තිබුණ සියලු භාජනස්වාමීන්වහන්සේගේමාලිගාවෙන් පිටතට ගෙනයන්ට කියා රජ නායක පූජකවූ හිල්කියාටත් දෙවෙනි පංක්තියේ පූජකයන්ටත් දොරටු පාලයන්ටත් අණකෙළේය. ඔහු යෙරුසලමෙන් පිටත කිද්‍රොන් භූමිවල ඒවා පුලුස්සාදමා, ඒවායේ අලු බෙතෙල්ට ගෙනාවේය. 5 යූදාහි නුවරවලද යෙරුසලම වටකරද තිබුණු උස් තැන්වල සුවඳ දුම් ඔප්පු කරන පිණිස යූදාහි රජුන් විසින් පත්කරනලද කපුවන්ද බාල්ට සහ ඉර සඳටත් ග්‍රහතාරකාවලට සහ මුළු අහස් සේනාවටත් සුවඳ දුම් ඔප්පු කළ කපුවන්ද ඔහු පහකෙළේය. 6 ඔහු අෂේරා පිළිමයස්වාමීන්වහන්සේගේගෘහයෙන් අහක්කොට යෙරුසලමෙන් පිටත කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුලුස්සාදමා කුඩුකර, ඒ කූඩු පොදු සෙනඟගේ මිනීවළවල් උඩ විසුරුවා දැමුවේය. 7 ස්වාමීන්වහන්සේගේගෘහය ළඟ තිබුණාවූසොදොමියයන්ගේ ගෙවලුත් ඔහු බිඳදැම්මේය. එහි ස්ත්‍රීහු අෂේරා රූපවලට තිර වියුවෝය. 8 තවද ඔහු යූදාහි නුවරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයෙර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පුකළ උස් තැන් දූෂ්‍යකෙළේය; දොරටු ළඟ තිබුණ උස් තැන්ද නුවර අධිපතියාවූ යෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණු උස් තැන්ද කඩාදැමුවේය. 9 එසේ වී නුමුත් උස් තැන්වල පූජකයෝ තමුන්ගේ සහෝදරයන් සමඟ මුහුන් නොදැමූ රොටි කෑවෝය, නුමුත් යෙරුසලමෙහිස්වාමීන්වහන්සේගේපූජාසනය ළඟට නාවෝය. 10 කිසිවෙක් තමාගේ පුත්‍රයෙක්වත් දුවෙක්වත් මොලෙක්ට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයනගේ මිටියාවතෙහි තිබෙන තොපෙත් දූෂ්‍යකෙළේය. 11 යූදාහි රජුන් විසින් සූර්යයාට කැපකළ අශ්වයන් ඔහුස්වාමීන්වහන්සේගේගෘහට ඇතුල්වෙන තැනින් අහක්කොට උප නගරයෙහි සිටි ඇමතියාවූ නාතන්-මෙලෙක්ගේ ගෙට ඇරියේය; සූර්ය රථද ගින්නෙන් පුලුස්සාදැමුවේය. 12 ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබුණාවූ, යූදාහි රජවරුන් විසින් සෑදුවාවූ පූජාසනදස්වාමීන්වහන්සේගේමිදුල් දෙකේ මනස්සේ විසින් සෑදූ පූජාසනද කඩා එතනින් හෙළාදමා, ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසිකෙළේය. 13 යෙරුසලම ඉදිරිපිටින් විනාශ කන්දට දකුණෙන් තිබුණාවූ ශීදොන්වරුන්ගේ පිළිකුලවූ අෂ්ටොරෙත්ටත් මෝවබ්වරුන්ගේ පිළිකුල්වූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මිල්කොම්ටත් ඉශ්‍රායෙල් රජවූ සාලමොන් විසින් ගොඩනැගූ උස්තැන් රජ දූෂ්‍යකෙළේය. 14 ඔහු රූප කුළුනුද බිඳ, අෂේරා රූප කපාදමා, ඒවා තිබුණු තැන් මිනී ඇටවලින් පිරෙවුවේය. 15 තවද බෙතෙල්හි තිබුණ පූජාසනයද ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් සෑදූ උස්තැනද වන පූජාසනයත් උස්තැනත් ඔහු කඩා දමා, උස්තැන පුලුස්සා දමා කුඩුකර, අෂේරා පිළිමයද පුලුස්සාදැමුවේය. 16 යොෂියා හැරුණු විට එහි කන්දේ තිබුණු සොහොන් ගෙවල් දැක, මේ කාරණා ප්‍රකාශකළාවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා විසින් ප්‍රකාශකළස්වාමීන්වහන්සේගේවචනය ප්‍රකාර ඒවා පූජාසනය පිට පුලුස්සා ඒක දූෂ්‍ය කෙළේය. 17 තවද ඔහු: මට පෙනෙන අර සොහොන් කොත මොකදැයි ඇසීය. නුවර මනුෂ්‍යයෝ: ඒක යූදා සිට ඇවිත් බෙතෙල්හි පූජාසනයට විරුද්ධව ඔබ කළ මේ දේවල් කලින් ප්‍රකාශකළාවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සොහොන්ගේයයි ඔහුට කීවෝය. 18 රජද: ඔහු එසේ සිටියාවේ; කිසිවෙක් ඔහුගේ ඇටවලට අත නොගසාවයි කීවේය. මෙසේ ඔව්හු ඔහුගේ ඇටද සමාරියෙන් ආ අනාගතවක්තෘගේ ඇටද තිබෙන්ට ඇරියෝය. 19 සමාරියේ නුවරවල තිබුණාවූ,ස්වාමීන්වහන්සේකෝපකරවන ලෙස ඉශ්‍රායෙල් රජුන් විසින් සෑදුවාවූ උස්තැන්හිවූ සියලු ගෙවල් යොෂියා පහකොට, බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල ප්‍රකාර ඒවාටත් කෙළේය. 20 එහි සිටි උස්තැන්වල සියලු පූජකයන්ද පූජාසන පිට මරා, ඒවා පිට මිනී ඇට පුලුස්සා, ඔහු යෙරුසලමට හැරී ආවේය.
21 තවද රජ කථාකොට: මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේටපාස්කුව පවත්වන්නැයි මුළු සෙනඟට අණකෙළේය. 22 ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකළ විනිශ්චයකාරයන්ගේ දවස්වල පටන් ඉශ්‍රායෙල් රජුන්ගේද යූදා රජුන්ගේද මුළු කාලයෙහි සැබවින්ම එබඳු පාස්කුවක් නොපවත්වන ලද්දේය. 23 ඒ පාස්කුවස්වාමීන්වහන්සේඋදෙසා යෙරුසලමේ පවත්වනලද්දේ යොෂියා රජුගේ දහඅටවෙනි අවුරුද්දේදීය. 24 තවදස්වාමීන්වහන්සේගේගෘහයේදී පූජකවූ හිල්කියාට සම්බවුණ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස යොෂියා ආත්මබන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේවතාරූපද පිළිමද යූදා දේශයෙහිත් යෙරුසලමෙහිත් දක්නාලද අනික් සියලු පිළිකුල්ද පහකරදැමුවේය. 25 මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද තමාගේ මුළු ශක්තියෙන්දස්වාමීන්වහන්සේවෙතට හැරුණාවූ ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන්වත් ඔහුට පසුවවත් නොසිටියේය. 26 එසේවීනුමුත් මනස්සේ විසින්ස්වාමීන්වහන්සේකෝපකළ සියලු කාරණා නිසා යූදා කෙරෙහි ඇවිළී තිබුණ උන්වහන්සේගේ මහත් උදහසේ බලවත්කම උන්වහන්සේ පහකරනොගත්සේක. 27 ස්වාමීන්වහන්සේකථාකොට: මා විසින් ඉශ්‍රායෙල් පහකරදැමුවාක්මෙන් යූදාත් මාගේ ඇස් හමුයෙන් පහකරදමා, මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය එහි පවතින්නේයයි මා කී ගෘහයද අත්හැර දමන්නෙමියි කීසේක. 28 යොෂියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 29 ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය. 30 ඔහුගේ සේවකයෝ මළාවූ ඔහු රථයකින් මෙගිද්දෝ සිට යෙරුසලමට ගෙනවුත් ඔහුගේම සොහොන්ගෙයි ඔහු තැන්පත්කෙළෝය. එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගන ආලේපකොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත්කළෝය.
යෙහෝවාහාස්ගේ සහ යෙහෝයාකිම්ගේ රජකිරීම
31 යෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය. 32 ඔහුගේ පියවරුන් කළ සියල්ල ලෙස ඔහුස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 33 එවිට ඔහු යෙරුසලමෙහි රජකම් නොකරන පිණිස ඵාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහිදී ඔහු හිර අඩස්සිකොට, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගැසුවේය. 34 තවද ඵාරාවෝ-නෙකො තෙමේ යොෂියා රජුගේ පුත්‍රවූ එලියාකිම් ඔහුගේ පියවූ යොෂියා වෙනුවට රජකමට පත්කොට, ඔහුගේ නාමය යෙහෝයාකිම්ය කියා වෙනස් කෙළේය. නුමුත් ඔහු යෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේය; එහිදී ඔහු මළේය. 35 යෙහෝයාකිම් ඒ රිදීද රන්ද ඵාරාවෝට දුන්නේය; නුමුත් ඵාරාවෝගේ ආඥාවේ ප්‍රකාර ඒ මුදල් දෙන පිණිස ඔහු දේශයට ගණන නියමකොට, ඵාරාවෝ-නෙකොට දීමට එකිනෙකාට නියමකළ හැටියට ඒ රිදීද රන්ද දේශයේ සෙනඟගෙන් අයකෙළේය.
36 යෙහෝයාකිම් විසිපස් අවුරුදු වයසේදී රජවී එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම ශෙබිදාය, ඈ රූමාහි පෙදායාගේ දුවෙක්ය. 37 ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙසස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
241 ඔහුගේ දවස්වලදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් පැමිණියේය, යෙහෝයාකිම්ද තුන් අවුරුද්දක් ඔහුට සේවයකොට පසුව ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. 2 ස්වාමීන්වහන්සේකල්දිවරුන්ගේ හමුදාවල්ද සිරියවරුන්ගේ හමුදාවල්ද මෝවබ්වරුන්ගේ හමුදාවල්ද අම්මොන් පුත්‍රයන්ගේ හමුදාවල්ද ඔහුට විරුද්ධව එවූ සේක, තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන් ලවාස්වාමීන්වහන්සේකියෙවු වචනයේ හැටියට යූදා නැතිකරන පිණිස ඊට විරුද්ධව උන්වහන්සේ ඔවුන් එවූසේක. 3 යූදාවරුන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන පිණිසස්වාමීන්වහන්සේගේආඥාවෙන් මෙය ඔවුන් පිටට පැමුණුණේ මනස්සේගේ පාපවල් වන ඔහු කළ සියල්ල නිසාත්; 4 ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත්ය; මක්නිසාද ඔහු නිදොස් ලේවලින් යෙරුසලම පිරෙවුවේය.ස්වාමීන්වහන්සේද කමාවෙන්ට නොකැමැතිවූසේක. 5 යෙහෝයාකිම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 6 යෙහෝයාකිම් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝයාඛින් ඔහු වෙනුවට රජවිය. 7 බබිලෝනියේ රජු මිසරයේ ඔය පටන් ප්‍රාත් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා මිසරයේ රජ තවත් තමාගේ දේශයෙන් පිටතට ආවේ නැත.
යූදා සෙනඟ පළමුවෙනි වර වාලට ගෙනයනු ලැබීම
8 යෙහෝයාඛින් දහඅට අවුරුදු වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම නෙහෂ්තාය, ඈ යෙරුසලමේ එල්නාතාන්ගේ දුවෙක්ය. 9 ඔහු තමාගේ පියා කළ සියල්ල ලෙසස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 10 ඒ කාලයෙහි බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ සේවකයෝ යෙරුසලමට විරුද්ධව ආවෝය, නුවරද වටලනලද්දේ විය. 11 ස්වකීය සේවකයන් නුවර වටලාගන සිටිද්දී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද එතැනට ආයේය. 12 එවිට යූදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය. 13 ඔහුස්වාමීන්වහන්සේකී ලෙසස්වාමීන්වහන්සේගේගෘහයේ වස්තු සියල්ලද රජගෙයි වස්තුද එතැනින් පිටතට ගෙනයනුයේ, ඉශ්‍රායෙල් රජවූ සාලමොන් විසින්ස්වාමීන්වහන්සේගේමාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලිකොට කැපීය. 14 ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය; දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතුරු නොවීය. 15 ඔහු යෙහෝයාඛින් බබිලෝනියට ගෙනගියේය; රජුගේ මෑණියන්ද රජුගේ භාර්යාවන්ද ඔහුගේ ඇමතියන්ද දේශයේ බලවන්තයන්ද ඔහු හිරගණනට ගෙන යෙරුසලමේ සිට බබිලෝනියට ගෙනගියේය. 16 සත් දහසක් වූ සියලු යුද්ධකාරයන්ද කර්මාන්තකාරයන් සහ ආචාරීන් දහසක්ද වන යුද්ධකරන සියලු බලවන්තයන් බබිලෝනියේ රජ හිරගණනේ බබිලෝනියට ගෙනගියේය. 17 බබිලෝනියේ රජද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත්කොට ඔහුගේ නම ශෙදෙකියාය කියා වෙනස්කෙළේය.
ශෙදෙකියා රජ. දෙවෙනි වර වාලට ගෙනයනු ලැබීම
18 ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය. 19 ඔහු යෙහෝයාකිම් කළ සියල්ල ලෙසස්වාමීන්වහන්සේගේඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 20 මක්නිසාදස්වාමීන්වහන්සේඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවුණේය.
25ශෙදෙකියා බබිලෝනියේ රජුට විරුද්ධව කැරළිගැසීය.
1 තවද ඔහුගේ රජකමේ නවවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ දහවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව කොටු ගොඩනැගුවේය. 2 මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස්වෙනි අවුරුද්ද දක්වා නුවර වටලා තිබුණේය. 3 සතරවෙනි මාසයේ නවවෙනිදා දේශයේ සෙනඟට කෑම නැතිවෙන තරම් සාගතය නුවර තුළ බලවත් විය. 4 එකල නුවර අසුවී කල්දිවරුන් නුවර වටකර සිටිද්දී, සියලු යුද්ධකාරයෝ රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලාගියෝය. රජ අරබා සමභූමි පාරෙන් ගියේය. 5 එහෙත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස් යෙරිකෝවේ සමභූමිවලදී ඔහු කිට්ටුකර ආවෝය. ඔහුගේ මුළු සේනාවද ඔහු වෙතින් විසිර ගියාය. 6 ඔව්හු රජු අල්ලා බබිලෝනියේ රජු ළඟට රිබ්ලාට ගෙන ගියෝය; එවිට ඔව්හු ඔහු ගැන තීන්දුව දුන්නෝය. 7 ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුවෙහි මරා, ඔහුගේ ඇස් අන්ධකොට, ඔහු විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝය.
8 තවද බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ සත්වෙනිදා බබිලෝනියේ රජුගේ සේවකයෙක්වූ රැකවලුන්ගේ අධිපතිවූ නෙබු-සරදාන් යෙරුසලමට ඇවිත්, 9 ස්වාමීන්වහන්සේගේගෘහයද රජ ගෙයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනිලෑවේය, ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවාදැමුවේය. 10 රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව යෙරුසලමේ පවුරු හාත්පසින්ම බිඳ දැමුවෝය. 11 සෙනඟගෙන් නුවර ඉතුරුව සිටිය අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයටවූ අයද සමූහයාගෙන් අනික් අයද රැකවලුන්ගේ අධිපතිවූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේය. 12 නුමුත් මිදිවතු වවන්ටත් ගොවිතැන් කරන්ටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙක් ඉතුරුකොට ගියේය. 13 තවද කල්දිවරුස්වාමීන්වහන්සේගේගෘහයෙහි තිබුණු පිත්තල කණුද මැහිදස්වාමීන්වහන්සේගේගෘහයෙහි තිබුණු පිත්තල මුහුදද කඩාගන ඒවායේ පිත්තල බබිලෝනියට ගෙනගියේය. 14 ඇතිලිද හැඳිද පහන් කතුරුද පාත්‍රාද මෙහෙයට පාවිච්චිකළ පිත්තල බඩු සියල්ලද ඔව්හු ගත්තෝය. 15 ගිනිකබල්ද තාළිද රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නාලද්දේය. 16 සාලමොන් විසින්ස්වාමීන්වහන්සේගේගෘහයට සෑදූ කුළුනු දෙකත් මුහුදත් මැහිත් යන සියලු බඩුවල පිත්තල බර ගණනක් නැතුව තිබුණේය. 17 එක එක කුළුනේ උස දහඅට රියනක්ය, ඒක පිට පිත්තල පේකඩයක් විය. පේකඩයේ උස තුන් රියනක්ය; පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන් විය. දෙවෙනි කුළුන පිටත් එයාකාරම දැල් වැඩ තිබුණේය. 18 තවද රැකවලුන්ගේ අධිපතිතෙම නායක පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපතියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය. 19 යුද්ධකාරයන්ගේ අධිපතියෙක්වූ ඇමතියෙක්ද රජු ඉදිරියෙහි සිටිය මනුෂ්‍යයන්ගෙන් නුවර සිටිය පස්දෙනෙක්ද දේශයේ සෙනඟ යුද්ධයට රැස්කළ සේනාපතියාගේ ලේකම්ද නුවර සිටිය දේශයේ සෙනඟගෙන් හැට දෙනෙක්ද අල්ලා ගත්තේය. 20 එවිට රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් ඔවුන් බබිලෝනියේ රජු ළඟට රිබ්ලාට ගෙනගියේය. 21 බබිලෝනියේ රජ හමාත් රටේ රිබ්ලාහිදී ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය. මෙසේ යූදාවරු තමුන්ගේ ප්‍රවේණි භූමියෙන් ගෙනයනලද්දෝය. 22 තවද ඔහු යූදා දේශයෙහි ඉතුරුව සිටියාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඉතුරුකර ගියාවූ සෙනඟ කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා අධිපතියා කොට පත්කෙළේය.
යූදා රට බබිලෝනියේ රජු විසින් ආණ්ඩුකිරීම
23 බබිලෝනියේ රජු විසින් ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත්කළ බව සේනාවල සියලු අධිපතීන්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇසූ විට ඔව්හු එනම් නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරියාගේ පුත්‍රවූ යෝහානාන්ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද මයකාතියයාගේ පුත්‍රවූ යාශනියාද ඔවුන්ගේ මිනිස්සුද ගෙදලියා ළඟට මිශ්පාට ආවෝය. 24 ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දී කථාකොට: කල්දිවරුන්ගේ සේවකයන්ට භයනොවී දේශයෙහි වාසයකොට බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට නුඹලාට ශුභසිද්ධවන්නේයයි කීවේය. 25 නුමුත් සත්වෙනි මාසයේදී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුන් සමඟ ඇවිත් ගෙදලියාටත් මිශ්පාහි ඔහු සමඟ සිටි යුදෙව්වරුන්ටත් කල්දිවරුන්ටත් පහරදී මැරුවේය. 26 එවිට ලොකු කුඩා සියලු මනුෂ්‍යයෝද සේනාවන්ගේ අධිපතීහුද මිසරයට පිටත්ව ගියෝය. මක්නිසාද ඔව්හු කල්දිවරුන්ට භයවූහ.
27 යූදාහි රජවූ යෙහෝයාඛින් ගෙනයනු ලැබ තිස්හත්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ විසිහත්වෙනිදා, බබිලෝනියේ රජවූ එවිල්-මෙරොදක් තමා රජවුණ අවුරුද්දේදී යූදාහි යෙහෝයාඛින්ගේ හිස ඔසවා, හිරගෙයින් ඔහු නිදහස්කර, 28 ඔහුට කරුණාවෙන් කථාකොට, බබිලෝනියෙහි ඔහු සමඟ සිටි රජුන්ගේ සිංහාසනවලට වඩා ඔහුගේ සිංහාසනය උසස්කෙළේය. 29 ඔහුගේ හිරකාර ඇඳුම්ද මාරුකෙළේය, තවද ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල නිතරම රජු ඉදිරියෙහි කෑම කෑවේය. 30 ඔහුගේ ආහාර කොටසද නියමලෙස දවස්පතාම රජු වෙතින් ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට දෙනලද්දේය.