හිතෝපදේශවල අගය
1 1 රාජා 4:32 ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය:
2 ඒවායින්, ප්‍රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත.
3 ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්‍රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත.
4 ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත.
5 හිතෝපදේශ හා උපහැරණ ද
6 බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය;
7 ජෝබ් 28:28; ගීතා 111:10; හිතෝ 9:10 දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි;
තරුණයන්ට අවවාද
8 මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න;
9 ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.
10 මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න:
11 “අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු;
12 පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු;
13 නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු;
14 එන්න, අපේ කල්ලියට එක් වන්න;
15 මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න;
16 ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති;
17 කුරුල්ලා බලා සිටිය දී දැල දැමීමෙන් පලක් නැත.
18 මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති;
19 අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ.
ප්‍රඥාවගේ ආයාචනය
20 හිතෝ 8:1-3 ප්‍රඥා තොමෝ වීදිවල හඬනඟයි;
21 දෙනෝදහසක් රැස් වන මංසන්දිවල ඈ හඬනඟයි;
22 “අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද?
23 මාගේ තරවටුව හිතට ගන්න;
24 මම හඬගැසුවෙමි;
25 ඔබ මාගේ සියලු දැනමුතුකම් ගණනට නොගත්තහු ය;
26 ඒවායින් ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි;
27 භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි.
28 එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි;
29 ඔබ කවදත් දැනුම හෙළා දුටුවහු ය;
30 ඔබ කිසිදාක මාගේ දැනමුතුකම් පිළිගත්තේ නැත;
31 කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය;
32 අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති;
33 එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.
2ප්‍රඥාව ගැන ප්‍රශංසා
1 මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් හිතට ගන්න;
2 ප්‍රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න.
3 නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න.
4 රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න;
5 එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි.
6 මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි.
7 සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක;
8 සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක;
9 මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය.
10 ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි;
11 සිහි නුවණ ඔබ රැකවල් කරයි;
12 එය දුදනන්ගේ මාර්ගවලින් ද මිනිසුන්ගේ රැවටිලි කතාවෙන් ද ඔබ මුදාගනියි;
13 අන්ධකාර මාර්ගවල යන පිණිස, අවංක මාවත් හැර දමන්නන්ගෙන් ඔබ මුදාගනියි.
14 ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය;
15 ඔවුන්ගේ ක්‍රියා වංක ය;
16 ඒ මඟින්, දුසිරිතට සිත දුන් ස්ත්‍රියකගෙන්, ඉච්චා බස් දොඩන ස්ත්‍රියකගෙන්,
17 පතිවත කඩන ස්ත්‍රියකගෙන්, දේව ගිවිසුම් කඩ කරන ස්ත්‍රියකගෙන්, ඔබ ගැළවෙන්නෙහි ය.
18 ඇගේ නිවස මරණයට බැස යන බෑවුමකි;
19 ඈ වෙතට යන්නෙකු ආපසු එන්නේ නැත;
20 මෙය මා කියන්නේ, නුඹ යහ මඟ හැසිර, දැහැමි මඟ ඇවිදින පිණිස ය.
21 අවංක අය මිහි පිට දිගු කල් වසති;
22 එහෙත් දුදනෝ පොළොවෙන් පහකර දමනු ලබති;
සදාචාරයේ අගය
1 මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න;
2 එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය;
3 පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න;
4 ලූක් 2:52 එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය.
5 හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න.
6 හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න;
7 රෝම 12:16 ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න.
8 එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත.
9 ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න.
10 එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත;
11 ජෝබ් 5:17 හෙබ්‍රෙ 12:5-6 මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න.
12 එළිද 3:19 පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද, එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක.
ප්‍රඥා සම්පත
13 ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත!
14 එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය.
15 ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය;
16 දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය:
17 ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය;
18 ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි;
19 සමිඳාණෝ ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් ලූ සේක.
20 එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය;
නැණවතුන්ගේ වාසනාව
21 මාගේ පුත්‍රය, විචක්ෂණ බුද්ධිය ද තීක්ෂණ ඥානය ද දියුණු කරගන්න.
22 ඒවා ඔබට ජීවනය ද ඔබේ ගෙලට ආභරණයක් ද වනු ඇත.
23 එවිට ඔබේ දෙපා නොපැකිළ, ඔබ සුව සේ ජීවන මඟ යනු ඇත;
24 සැතපෙන කල ඔබට බියක් නැත;
25 හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත්, බිය නොවන්න.
26 සමිඳාණෝ ඔබ සුරක්නා සේක;
27 ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න.
28 හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න.
29 ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී,
30 ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.
31 සාහසිකයෙකු ආදර්ශයට නොගන්න;
32 වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි;
33 දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත;
34 ජාකො 4:6; 1 පේදු 5:5 නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක;
35 නැණවතුන් හට කීර්තිය උරුම වේ;
ප්‍රඥාවේ ඵල
1 මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න;
2 මන්ද, මම මනා උවදෙස් ඔබට දෙමි;
3 මම මාගේ පියාගේ ද මවගේ ද ළදබොළඳ ප්‍රියාදර එක ම පුත් රුවන වූයෙමි.
4 මාගේ පියා මට මෙසේ අවවාද කෙළේ ය:
5 ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න;
6 ප්‍රඥා සම්පත ඉවත නොදමන්න;
7 ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය;
8 ඇයට ගරු සම්මාන පිරිනමන්න, එවිට ඈ ඔබ උසස් කරනු ඇත.
9 ඈ ඔබේ සිරසෙහි දිමුතු මල් මාලාවක් තබනු ඇත;
10 මාගේ පුත්‍රය, සවන් දී, මේ මාගේ අවවාද මුළු සිතින් පිළිගන්න.
11 ප්‍රඥාවේ මාර්ගය මම ඔබට උගන්වමි;
12 එවිට ඔබ ඇවිදින කල ඔබට අවහිරයක් නොවනු ඇත;
13 මාගේ උපදෙස් තරයේ පිළිගෙන, ඉවත නොලා, රැකගන්න.
14 අදමිටුන්ගේ මාවතෙහි පා නොතබන්න;
15 නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න;
16 නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත;
17 කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ.
18 එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.
19 දුදනන්ගේ මඟ ගනඳුරින් වැසී ඇත;
20 මාගේ පුත්‍රය, මා කියන දෙයට සවන් දෙන්න, මාගේ අවවාදයට කන් යොමු කරන්න.
21 ඒවා ඔබේ සිතින් පහ නොවේ වා;
22 ඒවායින් ඔබට ජීවන සම්පත ද ඔබේ සර්වාංගයට සුව සැපත ද අත් වේ.
23 අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න;
24 රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න.
25 දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න;
26 හෙබ්‍රෙ 12:13 ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න;
27 හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න;
පරදාර සේවනය ගැන අවවාද
1 මාගේ පුත්‍රය, මාගේ ප්‍රඥා සම්පතට සිත යොමු කරන්න;
2 එවිට ඥාන සම්පතින් ඔබ රැකෙනු ඇත.
3 වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි;
4 එහෙත් ඒවා අවසානයේ දී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත;
5 ඇගේ දෙපා මරණය බලා යයි;
6 ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි;
7 එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න;
8 එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න;
9 එසේ යාමෙන්, ඔබේ ගෞරවය අනුන් ඉදිරියේ නැති කරගනු ඇත.
10 ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත.
11 අවසානයේ දී ඔබේ ඇඟපත දිරා ගොස්, ඔබ කෙඳිරිගානු ඇත.
12 එවිට ඔබ මෙසේ කියනු ඇත:
13 මම ධර්ම දේශකයන්ගේ බසට කීකරු නොවූයෙමි, ගුරු ඇදුරන්ගේ අවවාදයට කන් නුදුන්නෙමි.
14 හැම නපුරෙහි යෙදී නරක නමක් ලද්දෙමි, ප්‍රසිද්ධියේ ම මහ නින්දාවට පත් වුණෙමි.”
15 ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න.
16 ඔබේ උල්පත පිටතට වත්, ජලධාරා වීදියට වත් ගලා යා යුතු නැත.
17 ඔබේ දූදරුවන් අන් අයට නොව, ඔබට ම සතු වස්තුවක් වේ වා!
18 ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා!
19 සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න.
20 මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද?
21 මිනිසාගේ සියලු ක්‍රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත.
22 දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි;
23 ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි;
ගැටළුවලින් ගැළවීම
1 මාගේ පුත්‍රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී,
2 ඔබේ වචනවලට අසු වී, ඔබේ පොරොන්දුවලට මැදි වී සිටින්නෙහි ද?
3 මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න;
4 නිදි නොගෙන, කිරා නොවැටී,
5 දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න.
කුහුඹුවාගෙන් පාඩම්
6 අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න.
7 ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත.
8 එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි;
9 අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද?
10 හිතෝ 24:33-34 ‘තව ටිකක් නිදාගනිමි, තව ඇබිත්තක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි’යි කියන ඔබ වෙතට,
11 දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන් ද එනු ඇත.
තක්කඩියාගේ විනාශය
12 සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, තක්කඩියෙකි.
13 ඔහු සිය දෙනෙතින් ඉඟි කරයි, දෙපයෙන් හැඟුම් දක්වයි, ඇඟිලිවලින් සංඥා කරයි.
14 ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි.
15 එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි.
සමිඳුන් නුරුස්සන කරුණු
16 සමිඳාණන් නුරුස්සන කරුණු සයකි, එතුමන්ට පිළිකුල් කරුණු සතකි.
17 අහංකාර ඇස් ද බොරුකාර දිව ද නිදොස් ලේ වගුරුවන අත් ද
18 දුෂ්ට උපා යොදන සිත ද නපුරට වහා දුව යන පා ද මුසා බස් තෙපලන බොරු සාක්කිකරු ද
19 මිතුරන් අතර වාද භේද අවුස්සන අය ද වෙත්.
පරදාර සේවනයේ දුර්විපාක
20 මාගේ පුත්‍රය, ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න;
21 ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න.
22 ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි;
23 අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි.
24 නරක ගැහැණියකගෙන් ද ඉච්චා බස් දොඩන අන් අඹුවන්ගෙන් ද ඒවා ඔබ රැකගනියි.
25 ඇගේ රුවට සිතින් ඇදී නොයන්න;
26 වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි;
27 ගිනිදැල් තුරුලු කර ගතහොත්, මිනිසෙකුගේ ඇඳුම් නොපිළිස්සේ ද?
28 ගිනි අඟුරු මත ඇවිද්දොත්, ඔහුගේ දෙපා නොදැවේ ද?
29 සිය අසල්වැසියාගේ බිරිඳ වෙත එළඹෙන අයට එසේ වේ.
30 සොරෙකු සිය සාගින්න නිවාගනු වස් සොරකම් කළත් මිනිස්සු ඔහු වරදින් නිදහස් නොකරති.
31 ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදු වෙයි;
32 පරදාර සේවනය කරන්නා අනුවණයෙකි;
33 උවදුරු හා අවනම්බුව ඔහුට හිමි වෙයි;
34 මන්ද, කාම ක්‍රෝධය සැමියෙකු උදහස් කරලයි;
35 ඔහු කිසි වන්දි මුදලක් නොපිළිගනු ඇත;
1 මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් පිළිපදින්න;
2 මාගේ ආඥා පැවැත්වුවහොත් ඔබට ජීවනය ඇත;
3 ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න.
4 ප්‍රඥාව ඔබේ සොහොයුරිය මෙන් ද නැණනුවණ ඔබේ මිතුරිය මෙන් ද සලකන්න.
5 එවිට ඔබ දුරාචාර කාන්තාවගෙන් ද ඉච්චා බස් දොඩන වෙසඟනගෙන් ද ආරක්ෂා වනු ඇත.
දුරාචාර ස්ත්‍රියගේ මායා
6 එක දිනක්, මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.
7 එවිට අනුවණයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි.
8 ඔහු, අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේ දී, මැදියම් රෑ කළුවරෙහි දී,
9 ඇගේ ගේ අද්දර වීදිය පසු කොට ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කෙළේ ය.
10 එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර හැඳ, රැවටිලිකාර ස්ත්‍රියක මෙන් ඔහුට මුණගැසුණා ය.
11 ඈ අඟරදඟර කරන චපල ස්ත්‍රියකි, ඈ කොයි වේලාවෙත් ගෙදර නැත.
12 විටක ඈ වීදිවල ද විටක ඈ වෙළෙඳ පොලේ ද සෑම මංසන්දියක ද සෝදිසියෙන් බලා සිටියි.
13 මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විළි ලජ්ජා කිසිත් නැති ව ඔහුට මෙසේ කීවා ය:
14 “මම අද මාගේ පුද පූජා පැවැත්වීමි;
15 ඔබ හමු වන පිණිස ආශාවෙන් ඔබ සොයා ආයේ ඒ නිසා ය.
16 මිසරයේ පාට පාට නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත.
17 සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි.
18 එන්න, උදය වන තුරු පෙම් බඳුනෙන් බොමු;
19 අද මාගේ පුරුෂයා ගෙදර නැත;
20 ඔහු බොහෝ මුදල් රැගෙන ගියේ ය;
21 ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය.
22 එකෙණෙහි ම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන් ද මලපුඩුවට දුවන මුවෙකු මෙන් ද
23 උගුලට වහා පියාඹා යන පක්ෂියෙකු මෙන් ද ඇය කැටුව ගියේ ය.
24 එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න, මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න.
25 ඇගේ මාවත්වල යාමට ඔබේ සිත නොපෙළඹේ වා!
26 බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත් වූ හ;
27 ඇගේ නිවස පාතාලයට යන මඟ ය, මරුගේ මැදිරිවලට බැස යන මාවත ය.
8ප්‍රඥාවේ අනුහස
1 හිතෝ 1:20-21 ප්‍රඥා තුමීගේ මොරගැසීම අසන්න;
2 ඕ තොමෝ කඳු මුදුන්හි ද පාර අද්දර ද මංසන්දිවල ද සිටින්නී ය.
3 නගරයට පිවිසෙන වාසල් දොරටු ළඟ ඈ හඬ නඟා මෙසේ කියන්නී ය:
4 “සෙනඟෙනි, මාගේ ආයාචනය ඔබට ය, මම හැම මිනිසාට ම කතා කරමි.
5 අනුවණයෙනි, නුවණ ලබාගන්න, දැනුම්තේරුම් ඇති අය වන්න;
6 අසන්න, මම උදාර දේ පවසමි.
7 මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි.
8 මා කියන කවර දේත් සාධාරණ ය, ඒවායෙහි ඇදකුද, හොරබොරු කිසිත් නැත.
9 නුවණැත්තන්ට ඒ සියල්ල සක්සුදක් සේ පැහැදිලි ය;
10 රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා දැනගැන්ම ද පිළිගන්න.
11 මන්ද, ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේ ය;
12 මාගේ නාමය ප්‍රඥා තොමෝ ය.
13 දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය.
14 මන්ත්‍රණයෙහි දක්ෂතාව හා විමංසන බුද්ධිය මට ඇත;
15 මාගේ පිහිටෙන් භූපතීහු රජකම් කරති;
16 මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති;
17 මට පෙම් කරන්නන්ට මමත් පෙම් කරමි, මා සොයන්නන්ට මා සම්බ වනු ඇත.
18 වස්තුව ද ගෞරවය ද අසීමිත සම්පත් ද දැහැමි ජීවිතයේ ආසිරි ද මා වෙත ඇත.
19 මාගේ අස්වැන්න රනට, පෙරූ රනට වඩා අගනේ ය;
20 මට පෙම් කරන්නන්ට වස්තුව හිමි කර දීමෙන්
21 ඔවුන්ගේ ගබඩා පුරවා දමිටු මඟෙහි ද යුක්තියේ මංවල ද මම සැරිසරමි.
22 එළිද 3:14 සමිඳාණෝ තමන් මැවූ හැම දෙයට ම පෙර සියලු මැවිලිවල පළමුවැන්නා මෙන් මා මැවූ සේක.
23 දූරාතීතයෙහි, මහ පොළොව ඇති වන්නට පෙර, ආරම්භයේ දී, මම මවනු ලැබුවෙමි.
24 සත් සමුදුර ඇති වන්නට පෙර ජලය පිරුණු උල්පත් නොවූ සමයෙහි මම ජනිත වූයෙමි.
25 ගිරිකුළු හා කඳුවැටි නියම තැන්වල පිහිටෙන්නට පෙර, මාගේ උපත විය.
26 සමිඳාණන් මහ පොළොව හා කෙත් වතු මවන්නට පෙර, ප්‍රථම පස් පිඩැල්ල සාදන්නට පෙර, මම ඉපිද සිටියෙමි.
27 සමිඳාණන් අහස් කුස පිහිටෙවු කල ද, මම එහි සිටියෙමි.
28 ඉහළ අහසෙහි වලාකුළු පිහිටුවන විට, සත් සමුදුර උල්පත් සවි කරන විට,
29 මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.
30 මම එතුමන්ගේ නිර්මාණ ශිල්පියෙකු මෙන් ළඟ සිටියෙමි.
31 එතුමන් මවා නිම කළ ලොවෙහි ලෝවැසියන් සමග සන්තෝෂ වූයෙමි.
32 ඒ නිසා, මාගේ පුත්‍රයෙනි, මට සවන් දෙන්න;
33 මාගේ උපදෙස් ප්‍රතික්ෂේප නොකරන්න;
34 දිනෙන් දින මාගේ වාසල් දොරටු ළඟ සිට, මාගේ ද්වාර මණ්ඩප රැකවල් කොට, ඔවදන් අසන මිනිසා භාග්‍යවන්තයෙකි.
35 මා සොයාගන්නා ජීවනය සොයාගනියි.
36 එහෙත් මා සොයා නොඑන්නා තමාට ම අනතුරු කරගනියි.
ප්‍රඥාව හා අඥානකම
1 ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුළුණු සතක් සාදා ඇත.
2 සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත.
3 තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය:
4 “අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.”
5 “එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න.
6 අනුවණකම හැරදමා ජීවත් වන්න;
7 ගරහන්නෙකුට ඔවා බස් දෙන්නා හට ඇති වන්නේ ලජ්ජාව පමණ ය;
8 ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න;
9 බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි.
10 ජෝබ් 28:28; ගීතා 111:10; හිතෝ 1:7 දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ.
11 ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.
12 ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය;
13 අමනකම වූ කලී, කටකාර, අනුවණ, විලිබිය නැති ගැහැණියක වැනි ය.
14 ඇගේ ම ගෙදර දොරකඩ හෝ නගරයේ ඉහළ ම තැන්වල හෝ ඈ අසුන්ගන්නී ය.
15 තමාගේ පාඩුවේ වැඩට යන මගීන් මුළා කරනු වස්
16 ඈ මෙසේ කියන්නී ය:
17 “සොරාගත් වතුර ඉමිහිරි ය, සොරාගත් කෑම වඩා රස ය.”
18 ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති.
10දමිටු හා අදමිටු සමාජය
1 සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය:
2 වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි;
3 සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක;
4 අලසකමින් දිළිඳුකම උපදියි;
5 ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි;
6 දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි;
7 දැහැමි දනා සැමරීම වාසනාවකි;
8 පැණවතා අණපණත් පිළිගනියි;
9 අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි;
10 වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි;
11 සුදනන්ගේ කතාව ජීවන උල්පතකි;
12 ජාකො 5:20; 1 පේදු 4:8 වෛරය කලහ උපදවයි;
13 නුවණැත්තා සිහිනුවණින් කතා කරයි;
14 නැණවත්හු දැනුම රැස් කරගනිති;
15 ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි;
16 දමිටුන්ගේ විපාකය ජීවනය වේ;
17 ශික්ෂා පිළිපදින්නා ජීවන මඟ යයි;
18 බොරු කියන්නා වෛරය උපදවන්නෙකි;
19 කතාව වැඩි තැන වරදට ඉඩ ඇත;
20 සුදනන්ගේ තෙපුල් පිරිසිදු රිදී මෙනි;
21 දැහැමියන්ගේ බස් බහු ජන හිත සුව පිණිස වේ;
22 සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි;
23 අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය;
24 දුෂ්ටයා බිය වන දේ ම ඔහු පිටට එයි;
25 සැඬ සුළඟ පහවෙත් ම දුදනෝ ද පහ වී යති;
26 අලසයාගෙන් කිසි වැඩක් නොගන්න;
27 සමිඳුන් කෙරෙහි ගෞරවය දිගාසිරි දෙයි;
28 දමිටුන්ගේ පැතුම සොම්නස ගෙන දෙයි;
29 සමිඳුන්ගේ මඟ අවංක අයට බලකොටුවකි;
30 දැහැමියා සිය තැනින් කිසිදා නොසෙල් වෙයි;
31 දැහැමියාගේ මුවින් ප්‍රඥාව ගලා යයි;
32 දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි;
1 හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි;
2 අහංකාරය සමඟ නින්දාව එයි;
3 අවංක අයට අවංකකම මඟපෙන්වයි.
4 මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත;
5 දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ;
6 අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති;
7 දුදනාගේ මරණය සමඟ ඔහුගේ පැතුම ද නැසෙයි;
8 ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත;
9 අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති;
10 දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි;
11 අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි;
12 සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි;
13 කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි.
14 දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති;
15 නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි;
16 විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි;
17 කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය;
18 දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි.
19 දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති;
20 වංක අය සමිඳුන් හට පිළිකුලකි;
21 දුෂ්ටයා දඬුවම් ලබනු සහතික ය;
22 ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය.
23 දමිටුන්ගේ මන දොළ හුදෙක් යහපත සඳහා වේ;
24 කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති;
25 ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය;
26 අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත;
27 යහපත ගැන වීර්ය කරන්නා කරුණාව ලබයි;
28 වස්තුව කෙරේ විශ්වාසය තබන්නා වියළි කොළයක් මෙන් වැටෙයි;
29 සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි;
30 ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පල දරයි;
31 1 පේදු 4:18 බලන්න, ධර්මිෂ්ඨයා මොලොව දී හොඳ ප්‍රතිඵල ලබයි;
1 අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි;
2 සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි;
3 දුෂ්ටකමින් මිනිසෙකුට ස්ථිර ජීවිතයක් නැත;
4 ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි;
5 දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය;
6 දුෂ්ටයන්ගේ වචන මරණ උගුලකි;
7 දුෂ්ටයෝ වැටී නැත්තට ම නැති වෙති;
8 මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි;
9 පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි.
10 දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති;
11 වැර වීරියෙන් වගා කරන්නාට බතබුලත බහුල ය;
12 දුෂ්ටයාගේ බලකොටුව මැටි පවුරක් මෙන් බිඳ වැටෙයි;
13 දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි;
14 එක් මිනිසෙක් සිය වදනින් සඵලවත් වෙයි;
15 අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි;
16 මෝඩයා සිය කෝපය වහා පෙන්වයි;
17 ඇත්ත කියන්නා සත්‍යය දක්වයි;
18 කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි;
19 ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත;
20 නපුරට මාන බලන්නාගේ සිතෙහි වංචාව ඇත;
21 දැහැමි අයට කිසිදු අනතුරක් සිදු නොවේ ම ය;
22 බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි;
23 බුද්ධිමතා තම දැනුම ගැන පුරසාරම් නොදොඩයි;
24 කාර්යක්ෂම අත රට පාලනය කරයි;
25 සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි.
26 ධර්මිෂ්ඨයා සිය අසල්වැසියා හට මඟපෙන්වයි;
27 අලසයා දඩයමේ ගියත් කෑමට මස් නොලබයි;
28 දැහැමි මාවතෙහි ජීවනය ඇත;
1 පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි;
2 සුදනෝ සිය වදනින් යසඉසුරු වළඳති;
3 දිව රැකගන්නා දිවි රැකගනියි;
4 අලස අය ආසා වුවත් කිසිත් නොලබති;
5 දැහැමියා මුසාවාද පිළිකුල් කරයි;
6 දමිටුකම සුදනන්ට ආරක්ෂාව දෙයි;
7 පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය;
8 ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි;
9 දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි;
10 උඩඟුකම වාද විවාද ඇති කරයි;
11 නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි;
12 පැතූ දෙය පමා වීමෙන් සිත කලකිරෙයි;
13 ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි;
14 පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි;
15 හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි;
16 බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි;
17 අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි;
18 අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත;
19 මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය.
20 නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත;
21 විපත පවිටුන් ලුහුබැඳ එයි;
22 සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි:
23 වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය,
24 වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි;
25 දමිටු අයට කෑම හිඟයක් නැත;
1 නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය;
2 අවංක මිනිසා සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෙකි;
3 මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි;
4 ගවයන් නැති විට අටුකොටු හිස් ව ඇත;
5 විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි:
6 උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි;
7 අඥානයා කෙරෙන් ඈත් වන්න;
8 නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති;
9 අනුවණයාට පාපය සෙල්ලමකි;
10 ඔබේ දුක සැප දන්නේ ඔබ ම ය;
11 දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත;
12 හිතෝ 16:25 මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක.
13 සිනාවේ පවා සිත් තැවුලක් විය හැක;
14 දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි;
15 නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි;
16 ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි;
17 වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි.
18 අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි;
19 නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති;
20 දිළින්දාට කිසි ම හිතවතෙක් නැත;
21 කෙනෙකු හෙළා දැකීම පාපයකි;
22 නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි;
23 වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ;
24 නැණවතුන්ගේ කිරුළ ඔවුන්ගේ නැණනුවණ වේ;
25 සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි;
26 දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත;
27 දේව ගරුබිය ජීවන උල්පතකි;
28 රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය;
29 කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි;
30 නිසල් සිත, ගතට සුවය දෙයි;
31 දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි;
32 දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි;
33 නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි;
34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි;
35 කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති;
1 මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි;
2 පැණවතාගේ බස් දැනුම පතුරුවයි;
3 සමිඳාණෝ දිවැසින් මුළු ලොව නරඹන සේක, සුදනන් හා දුදදන් පිරික්සා බලන සේක.
4 මුදු මොළොක් වදන් දිවි රුකක් වැනි ය, එහෙත් කටුක වදන් මිනිස් සිත තුවාළ කරයි.
5 මෝඩයා තම පියාගේ ඔවා බස් හෙළා දකියි.
6 සුදනන්ගේ නිවසෙහි සම්පත් බොහෝ ය;
7 පැණවතුන්ගේ වචන දැනුම පතුරුවාලයි;
8 දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි;
9 දුදනන්ගේ ක්‍රියා කලාපය සමිඳුන්ට පිළිකුලකි;
10 යහ මඟ හැර යන අයට තද දඬුවම් ඇත;
11 පාතාලය හා අපාය වුව ද සමිඳුන්ගේ බැල්මෙන් සැඟවී නැත;
12 උඩඟු මිනිසා අවවාදය නුරුස්සයි;
13 සතුටු සිත මුහුණ එළිය කරයි;
14 නැණැතියෝ දැනුම සොයා යති;
15 පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි;
16 කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.
17 වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.
18 වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි;
19 අලසයාට පාර කටු මාවතකි;
20 නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි;
21 අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි;
22 උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි;
23 සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි;
24 නැණවතා පාතාලය දෙස පහළට නොව, ජීවනය දෙස ඉහළට ගමන් කරයි.
25 සමිඳාණෝ උඩඟු වූවන්ගේ ගේදොර වනසන සේක;
26 දුදනන්ගේ අදහස් සමිඳුන් හට පිළිකුලකි;
27 ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි;
28 දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි;
29 සමිඳාණෝ දුදනන් වෙතින් ඈත් ව සිටින සේක;
30 සිනහා මුහුණ මන පිනවයි;
31 යහපත් අවවාදයට කන් දෙන තැනැත්තේ, නැණවතුන් අතර නැණවතෙකි.
32 අවවාද එපා කරන මිනිසා තමාට ම සතුරෙක් වෙයි.
33 දේව ගරුබිය ප්‍රඥාවේ පාසලකි;
1 සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය;
2 තම ක්‍රියාවලිය හරි යයි මිනිසා සිතයි;
3 ඔබේ ක්‍රියාවලිය සමිඳුන් හට කැප කරන්න;
4 සමිඳුන් මැවූ හැම දෙයට ම ඉරණමක් ඇත;
5 උඩඟු සිත් ඇති අය සමිඳුන්ට පිළිකුලකි.
6 දෙවිඳුන් කෙරේ පක්ෂපාත ව විශ්වාසී ව සිටින්න;
7 මිනිසෙකුගේ කල්ක්‍රියාවලට සමිඳුන් සතුටු වන විට, ඔහුගේ සතුරෝ වුවද මිතුරන් වනු ඇත.
8 වංකකමින් ලබන සැප සම්පත් රාශියට වඩා අවංකකමින් උපයන අල්පයක් වුව ද යහපත.
9 මිනිසා සැලැස්ම සාදයි, සමිඳාණෝ ඔහුගේ ගමන හසුරුවන සේක.
10 රජ තෙම දෙවි අනුහසින් කතා කරයි.
11 තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය.
12 පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය.
13 අවංක කතාබහ රාජ ප්‍රසාදය දිනයි;
14 රජුගේ උදහස මාර දූතයෙකු වැන්න, නැණවතා ඒ උදහස සංසිඳුවයි.
15 රජුගේ මුහුණේ බැබළෙන එළියෙහි ජීවනය ඇත;
16 රනට වඩා පැණ ද රිදියට වඩා නැණ ද ප්‍රසන්න ය.
17 නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය;
18 විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.
19 උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා, යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත.
20 දෙව් වදන් සලකන අයට සව් සැපත ද සමිඳුන් අදහන අයට වාසනාව ද ඇත.
21 සිතෙහි ප්‍රඥාව ඇත්තා නැණවතෙකි;
22 නුවණැත්තාගේ ප්‍රඥාව ඔහුට ජීවන උල්පතකි.
23 නැණවතා කතාවට පෙර සිතා බලයි;
24 ප්‍රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය,
25 හිතෝ 14:12 මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය.
26 සාගින්න කම්කරුවා වැඩට යවයි;
27 දුදනා නපුරු කටකතා පතුරුවයි:
28 කලහකාරී අය වාද භේද පතුරුවති;
29 දාමරිකයෝ මිතුරන් මුළා කරති;
30 දෙතොල තද කරගන්නා විපත ගෙන දෙයි;
31 පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි.
32 ඉවසීම, බලතලවලට වඩා ප්‍රශස්ත ය;
33 තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ;
1 අඬදබර ඇති ගෙදරක මංගල භෝජන වැළඳීමට වඩා සාමදානයෙන් වියළි පාන් කෑල්ලක් කෑම හොඳ ය.
2 නාස්තිකාර පුතෙකු සිටින තැන සිහි නුවණ ඇති දාසයා පාලකයා වෙයි.
3 රිදී සෝදිසි කර බැලීමට කෝවය ද රන් සෝදිසි කර බැලීමට උදුන ද ඇත;
4 නපුරා නපුරු කතාවලට කන් දෙයි;
5 දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි.
6 මහලු වියේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝ ය.
7 හරබර කතාව මෝඩයෙකුට නොගැළපෙයි;
8 සමහරු අල්ලස සිතුමිණකැ යි සිතති;
9 අනුන් කළ වරද සිතට නොගන්නා මිතුදම දියුණු කරයි;
10 අනුවණයාට පහර සියයකට වඩා, නුවණැතියාට එක අවවාදයක් වැඩදායක වෙයි.
11 නපුරාගේ එක ම අරමුණ කැරලි ගැසීම ය;
12 මෝඩ දෙයක් කරන මෝඩයෙකු හමු වීමට වඩා, පැටවුන් නැති වුණු වැලහින්නකට මුහුණ පෑම යහපත.
13 කළ හොඳට නරකක් කරන මිනිසාගේ නිවසින් විපත පහ ව යන දවසක් එන්නේ ම නැත.
14 නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය;
15 දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.
16 දැනුම් තේරුම් නැති මෝඩයෙකුට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමෙන් වැඩක් ඇද් ද?
17 මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය;
18 අසල්වැසියාගේ ණයතුරුස්වලට මැදි වී අත්තිකාරමක් දෙන්නා සිහි නුවණ නැති මිනිසෙකි.
19 දබරයට ප්‍රිය කරන්නා පාපයට ප්‍රිය කරයි;
20 වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත.
21 අනුවණ පුතාගේ පියාට සෝදුක ඇත, මෝඩ පුතාගේ පියාට ප්‍රීතියක් නැත.
22 සතුටු සිත මහා ඖෂධයකි;
23 දූෂිත විනිසකරුවෝ රහස් අල්ලස් ගනිති;
24 දැනුම්තේරුම් ඇති මිනිසාගේ ඉලක්කය ප්‍රඥාව ය;
25 අනුවණ පුතා සිය පියා හට ශෝකයකි, වැදූ මවට දුකකි.
26 දැහැමි අයට දඩ ගැසීම නුසුදුසු ය;
27 දිව දමනය කරන්නාට ප්‍රඥාව ඇත;
28 මෝඩයා පවා නිහඬ ව සිටින විට නැණවතෙකු මෙන් සැලකේ;
1 හුදකලාව වසන මිනිසා තම මතය ම අනුගමනය කරයි;
2 අනුවණයා යමක් තේරුම්ගැනීමට කැමැත්තක් නොදක්වයි;
3 දුෂ්ටකම ඇති තැන නින්දාව ඇත;
4 මිනිසාගේ කියමන්, මහ සයුර මෙන් ගැඹුරු ය, ගලා යන දොළක් වැනි ය, නොසිඳෙන උල්පතක් වැනි ය.
5 විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත.
6 මෝඩයාගේ කතාබහින් වාද විවාද ඇති වෙයි, ඔහුගේ කට නිසා ගුටි බැට ලබයි.
7 අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ;
8 කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය.
9 අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනි ය.
10 සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි;
11 පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි.
12 විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත;
13 පිළිතුරු දීමට පෙර සවන් දෙන්න;
14 මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩ දුක් උසුලයි;
15 බුද්ධිමත් සිත දැනුම ලබාගනියි;
16 ඔබ දෙන ත්‍යාගය ඔබට අලුත් දොරවල් ඇර දෙයි;
17 උසාවියේ දී විත්තිය හරස් ප්‍රශ්න අසන තුරු පැමිණිල්ල සාධාරණ යයි පෙනේ.
18 පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය, බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.
19 සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය;
20 මිනිසෙකු පවසන දේ ගැන වගකීම ඔහු ම දැරිය යුතු ය.
21 ජීවිතය හා මරණය ඔබේ වචන මත රඳා ඇත;
22 බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී;
23 දිළිඳා නම් බැගෑපත් ව අයැදියි;
24 සමහර මිතුරෝ කලකට පමණ ය.
1 අවංක ගතිගුණ ඇති දිළිඳා වංචා කතා කියන මෝඩයාට වඩා උතුම් ය.
2 දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ.
3 සමහරු මෝඩකමින් විපතට පත්වෙති;
4 සම්පත් ඇති තැන මිතුරෝත් බහුල ය;
5 බොරු සාක්කි කියන්නාට දඬුවම් නියත ය;
6 බොහෝ දෙන ලොකු ලොක්කන්ගේ හොඳ හිත සොයති;
7 දිළිඳාගේ සියලු සොහොයුරෝ ඔහු අප්‍රිය කරති, එසේ නම්, ඔහුගේ මිතුරෝ ඊටත් වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද් ද?
8 ප්‍රඥාව ලබාගන්නා අර්ථ සිද්ධිය සාදාගනියි;
9 බොරු සාක්කිකරුට දඬුවම නියත ය;
10 මෝඩයෙකුට නායකත්වය නොහොබී;
11 සිහිකල්පනාව ඇත්තා වහා නොකිපෙන සුලු ය;
12 රජුගේ උදහස සිහ රදෙකුගේ ගර්ජනාව වැනි ය, ඔහුගේ කරුණාව තණ මත පිනි බිඳු වැනි ය.
13 අනුවණ පුතා පියාගේ විනාශය වේ.
14 ගෙවතු හා වස්තුව පියාගෙන් ලැබෙන උරුමයකි;
15 කුසීතකම බර නින්දට පමුණුවයි.
16 දේව නීති පිළිපදින අයට දිගායු ඇත, ඒවා මඟහරින අයට මරණය ඇත.
17 දිළිඳුන්ට දෙන්නා සමිඳුන්ට ණයට දෙයි, පසු ව සමිඳාණෝ ඔහුට වැඩි වැඩියෙනුත් දෙන සේක.
18 බාල වියේ දී ම පුතුට දඬුවම් දී හික්මවන්න, එහෙත් මැරෙන තරම් ඔහුට නොතළන්න.
19 වහා කිපෙන අය දඬුවම් විඳිනු ඇත;
20 අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න;
21 මිනිසා සිතින් බොහෝ දේ අරමුණු කරයි;
22 මිනිසෙකුගේ පැතුම විය යුත්තේ දයා කරුණාව ය;
23 සමිඳුන්ට ගරුබිය, ජීවනයේ මඟ ය;
24 අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි, එහෙත් එය කටට ගන්න පවා කම්මැළි ය.
25 උඩඟු මිනිසාට තළන්න, අනුවණයා නැණවත් වන්නේ එවිට ය.
26 පියාට ගරහන, මව ගෙදරින් පිටමං කරන පුතා, හිරිඔතප් නැති, නින්දිත කෙනෙකි.
27 අවවාදයට සවන් නොදෙන පුතා, ප්‍රඥාවේ වචනයට පිටුපා යනු නියත ය.
28 නීච සාක්ෂිකරු යුක්තිය පෙරළයි;
29 උඩඟු මිනිහාට දඬුවම සිකුරු ය;
1 මද්‍යපානය කේලාම්කරුවෙකි;
2 රාජ කෝපය සිංහ රාජයෙකුගේ ගර්ජනාව මෙන් බියකරු ය;
3 ඕනෑ ම මෝඩයෙකුට දබරයක් ඇරඹිය හැකි ය;
4 නියම කන්නයේ දී වැපිරීමට අලස වන ගොවියාට කපන කාලයේ දී අස්වැන්නක් නැත.
5 මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනි ය;
6 සිය පක්ෂපාතකම ගැන පුරසාරම් දොඩන අය බොහෝ ය,
7 සත්ගුණවත් අවංක පියෙකුගේ දරුවෝ භාග්‍යවන්තයෝ ය.
8 සිහසුන් අරා නඩු අසන රජෙක් සිය නැණැසින් හරි වැරදි විසඳයි.
9 “මගේ සිත පිරිසිදු ය;
10 දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත.
11 ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ, එයින් ඔහුගේ අවංකකම ද පිරිසිදුකම ද දැනගත හැකි ය.
12 ඇසීමට කණ ද, බැලීමට ඇස ද යන දෙක ම මැවුයේ සමිඳාණෝ ය.
13 නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත.
14 පාරිභෝගිකයා ගිනි ගණන් ගැන වෙළෙඳාට දොස් නඟයි,
15 ලොවෙහි රන්මුතු කොතරම් ඇතත් නැණවත් කියමන දුර්ලභ මැණිකකි.
16 අමුත්තෙකුට ඇප වන විට ඇපවන්නාගේ ඇඳුම ගන්න;
17 සොරාගත් කෑම කටට රස ය, එහෙත් පසු ව එය කටේ පස් මෙන් ය.
18 හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත;
19 වාචාලයා රහස් එළිදරව් කරයි;
20 පියාට හෝ මවට හෝ දොස් කියන අයගේ ජීවිතය ගන’ඳුරේ නිවී යන පහනක් වැනි ය.
21 මුල දී වහා ගොඩනඟන සම්පතින් අන්තිමේ දී වැඩි සෙතක් නැත.
22 නපුරට නපුර කරමි යි නොකියන්න, සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න, එතුමාණෝ නුඹ සුරකින සේක.
23 දෙයාකාර කලන් පඩි සමිඳුන්ට පිළිකුලකි, හොර තරාදි සුදුසු නැත.
24 මිනිසෙකුගේ ගමන් මඟ සමිඳාණෝ මෙහෙය වන සේක, එසේ නම්, යමෙකුට තමා යන මඟ තේරුම්ගත හැකි ද?
25 බාරයක් වෙන්න පෙර සිතා බලන්න,
26 නැණවත් නිරිඳා වරදකරුවන් සොයා බලා, දයා විරහිත ව දැඩි දඬුවම් දෙයි.
27 මිනිසාගේ හෘදයසාක්ෂිය සමිඳාණන් දැල්වූ පහනකි;
28 කරුණාව හා අවංකකම රජුට ආරක්ෂාව සලසයි;
29 යෞවනයන්ගේ අලංකාරය ඔවුන්ගේ කාය ශක්තිය වේ;
30 වැරදි මඟ හරි මඟ කරගැනීමට නම් ඇතැම් විට දුක් බර අත්දැකීම් අවශ්‍ය වේ.
211 රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.
2 මිනිසෙකුට තමන් කරන කොයි දෙයත් හරි යයි පෙනේ, එහෙත් සමිඳාණෝ මිනිස් හදවත කිරා බලන සේක.
3 දැහැමිකම හා යුක්තිය ඉටු කරන්න, එය පුද පඬුරුවලට වඩා සමිඳුන්ට ප්‍රසන්න ය.
4 උඩඟු බැල්ම ද අහංකාර සිත ද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ.
5 හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය;
6 වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහ ව යයි, ඔහු මරණයේ මලපත්වල ද පැටලේ.
7 යුක්තිය කරන්න අකමැති නිසා දුෂ්ටයෝ තමන්ගේ ම අපරාධවලින් වැනසෙති.
8 වරදකරුවන්ගේ මඟ ඇද ය;
9 කලහකාරී බිරිඳක සමඟ ගෙදර විසීමට වඩා අටුවේ මුල්ලක විසීම හොඳ ය.
10 දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය;
11 උඩඟු මිනිසාට තළන්න, එවිට නූගතා ගුරුකම් ලබයි.
12 දැහැමි දෙවිඳාණෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක;
13 දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.
14 රහසින් දෙන තිළිණය කෝපය සංසිඳුවයි;
15 යුක්තිය ඉටු වන විට සුදනන්ට සතුට ද දුදනන්ට විපත ද පැමිණේ.
16 ප්‍රඥා මාවතෙන් මුළා ව යන මිනිසා මළවුන්ගේ ලෝකයෙහි වසයි.
17 සැප සෙල්ලමට ඇලුම් වන්නා හිඟමනට බසියි;
18 දුදනන් සුදනන් හට දෙන වද දුදනන් පිටට ම ආපසු පැමිණෙයි.
19 බැණ වදින, දබරකාරී බිරිඳක සමඟ විසීමට වඩා මරු කතරක තනියම විසීම හොඳ ය.
20 නැණවතාගේ නිවෙස සැපසම්පතින් පිරී ඇත.
21 දැහැමි, කාරුණික ජීවිතයක් ගත කරන්න;
22 උපායෙහි දක්ෂ සෙනෙවියා අවි ගත් බළ සෙබළුන් රකින නුවරකට නගියි.
23 විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න.
24 ගර්විත උඩඟු මිනිසාගේ නම ‘ගරහන්නා’ යනුයි.
25 දෑත වෙහෙසා වැඩ නොකරන අලසයා ඔහුගේ ම මරණයට මඟ පාදයි.
26 දවස පුරා ඔහු ආශා වන දෙය ඔහුට ලැබෙන්නේ නැත;
27 දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි, වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.
28 බොරු සාක්කිකරු වැනසී යයි;
29 දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි;
30 ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.
31 යුද බිමෙහි අශ්ව සේනාව සැරසී සිටියත්, ජයශ්‍රීය එන්නේ සමිඳුන්ගෙනි.
221 ධන සම්භාරයට වඩා හොඳ නාමය ද රන් රිදීවලට වඩා ගෞරවය ද අගනේ ය.
2 සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි.
3 නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි.
4 යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත.
5 වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත;
6 දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි.
7 පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති;
8 අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි.
9 කුළුණු ගුණෙන් දිළිඳුන් හට කෑම දෙන අය සෙත් සිරි ලබනු ඇත.
10 අහංකාර මිනිසා දුරින් දුරු කරන්න;
11 සුමිහිරි බස රාජ ප්‍රසාදය දිනයි;
12 සමිඳාණෝ මුසාවාදීන්ගේ වදන්හි අසත්‍යය පෙන්වන සේක;
13 “පිටත සිංහයෙක් සිටියි, වීදියට ගියොත් මා මැරෙනු ඇතැ”යි අලසයා කියයි.
14 වෙසඟනකගේ කට ගැඹුරු වළක් වැන්න;
15 ළාමක වැඩ කිරීම ළමයින්ගේ සහජ ගතියකි.
16 කෙනෙක් දිළිඳුන් පෙළීමෙන් පොහොසත් වෙති.
ආප්තෝපදේශ තිහ
17 මාගේ උපදේශයන්ට සවන් දෙන්න;
18 ඒවා සිතෙහි නිදන් කරගන්න;
19 ඔබේ විශ්වාසය සමිඳුන් කෙරේ තබන්න;
20 දැනුම හා නැණවත් උපදෙස් සහිත කියුම් තිහක් මම මෙහි ලියා තබමි.
21 එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය.
- 1 -
22 දිළිඳා දිළිඳු නිසා ඔහුගෙන් අයුතු වාසියක් නොගන්න;
23 මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
- 2 -
24 වහා කිපෙන අයෙකු සමඟ මිත්‍ර නොවන්න;
25 එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත.
- 3 -
26 උකස් දෙන්නන්ගේ ගණනට එකතු නොවන්න;
27 ඇපය ගෙවීමට ඔබට නොහැකි වූවොත් ඔවුන් ඔබේ නිදන යහන පවා ගෙන යන්නට බැරි නැත.
- 4 -
28 ඔබේ මුතුන්මිත්තන් පිහිටෙවූ පැරණි මායිම් ගල් කිසි විටෙක වෙනස් නොකරන්න.
- 5 -
29 තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.
23- 6 -
1 ඔබ රජ කුමරෙකු සමඟ කෑමට හිඳින කල අබිමුවෙහි ඇති දේ ගැන කල්පනාකාරී වන්න.
2 ඔබ කෑදර නම් කෑදරකම දමනය කරගන්න.
3 ඔහුගේ රසවත් කෑමට ගිජු නොවන්න, මෙය ඔබ රැවටීමේ උපායක් වන්නට බැරි නැත.
- 7 -
4 පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.
5 වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.
- 8 -
6 මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න.
7 “තව බෙදාගන්න, හොඳට කන්නැ”යි ඔහු කියතත්, ඔහුගේ සිත අවංක නැත.
8 එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත.
- 9 -
9 අනුවණයාට නුවණින් කතා කිරීමෙන් වැඩක් නැත;
- 10 -
10 පැරණි මායිම් ගල් කිසි දා වෙනස් නොකරන්න;
11 මන්ද, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න ය;
- 11 -
12 ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්‍රඥාවට ද යොමු කරන්න.
- 12 -
13 දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න, කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.
14 කෝටුවෙන් ඔහුට තළන්න, එයින් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.
- 13 -
15 මාගේ පුත්‍රය, ඔබ නැණවතෙකු වුණොත් මටත් කොතරම් ප්‍රීතියක් ද?
16 ඔබ නැණවත් දේ පවසන විට මාගේ හදවත පිනා යයි.
- 14 -
17 පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න.
18 එසේ කළොත්, ඔබට අනාගතයක් ඇත, එය දීප්තිමත් අනාගතයක් වනු ඇත.
- 15 -
19 මාගේ පුත්‍රය, ම වදන් අසා නැණවත් වන්න;
20 සුරා සොඬුන් ද මස් මාංසයට කෑදර වූවන් ද ඇසුරු නොකරන්න.
21 මන්ද, බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති.
- 16 -
22 ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න;
23 සත්‍යය ද ප්‍රඥාව ද උගත්කම ද නැණනුවණ ද මිල දී ගන්න, ගත් පසු, ඒවා කිසි ම දාක නොවිකුණන්න.
24 දැහැමි පුතෙකුගෙන් පියාට ප්‍රීතිය ඇත;
25 ඔබේ පියාට ද මවට ද ආඩම්බරයක් වන්න;
- 17 -
26 මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.
27 වෙසඟන ගැඹුරු වළකි;
28 මොවුහු හොරුන් මෙන් සැඟවී බලා සිටිති, බොහෝ දෙන පරදාර සේවනයට පොළඹවති.
බීමත්කමේ දුර්විපාක
- 18 -
29 දුක කාට ද?
30 සුරා බෝතලය ළඟ පමා වන මිනිසාට ය.
31 මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න.
32 අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි;
33 එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;
34 එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන් ද කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද වනු ඇත.
35 එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත:
- 19 -
1 පවිටුන් ආදර්ශයට නොගන්න, ඔවුන් ඇසුරට ආශා නොවන්න.
2 ඔවුන්ගේ සිතේ එක ම අරමුණ සැහැසිකමක් කිරීම ය;
- 20 -
3 ගෙදරක පදනම් දැමිය යුත්තේ ප්‍රඥාවෙනි, එය ගොඩනැඟිය යුත්තේ ඥානයෙනි.
4 එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි.
- 21 -
5 පැණවතා බලවතාට වඩා උදාර ය.
6 රණ බිමෙහි විජය සඳහා දක්ෂ උපා අවශ්‍ය ය;
- 22 -
7 මෝඩයෙකුට ප්‍රඥාව ඔරොත්තු නොදෙයි;
- 23 -
8 කොයි වේලෙත් හොර මැරකම් කිරීමේ අදහස ඇති මිනිස්සු “ඉහළ පෙළේ තක්කඩි”යයි කියනු ලබති.
9 මෝඩයාගේ කොයි යෝජනාවත් පාපී ය.
- 24 -
10 අර්බුදයක් ඉදිරියෙහි දුබල වන මිනිසා, සැබැවින් ම දුබල මිනිසෙකි.
- 25 -
11 මරණයට ගෙනයනු ලබන අය මුදාගන්න;
12 “මම මේ ගැන කිසිත් නොදනිමි”යි ඔබ කියතත්, යටි හිත විමසන දෙවි තුමාණෝ එය නොදකිත් ද?
- 26 -
13 මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය;
14 ඔබේ ජීවිතයට ප්‍රඥාව ද එසේ ම ය;
- 27 -
15 දැහැමියාගේ නිවස වටා නපුරෙකු මෙන් සැඟවී නොසිටින්න;
16 දැහැමියා සත් වරක් වැටුණත් ඔහු යළි නැඟිටියි;
- 28 -
17 ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න;
18 ඔබේ ඒ ප්‍රීතිය දක්නා සමිඳාණන් අසතුටු වනු ඇත.
- 29 -
19 නපුරන් ගැන නොකිපෙන්න;
20 නපුරන්ට අනාගතයක් නැත;
- 30 -
21 මාගේ පුත්‍රය, සමිඳුන්ට ද රජුට ද ගරුබිය දක්වන්න;
22 මන්ද, හිටිහැටියේ ඔවුන්ගෙන් විපත පැමිණෙනු ඇත.
තවත් උපදේශ
23 මේවාත් ප්‍රාඥයින්ගේ කියමන් ය:
24 “වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත.
25 එහෙත් වැරදිකරුට දඬුවම දෙන අය කීර්තිය දිනාගනියි;
26 අවංක පිළිතුර සුහදතාවේ ලකුණකි.
27 කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.
28 හේතුවක් නැති ව අසල්වැසියාට විරුද්ධ ව සාක්ෂි නොදෙන්න;
29 “ඔහු මට කළ දේ ම මමත් ඔහුට කරමි;
30 මම අලසයාගේ කෙත ළඟින් ද අනුවණයාගේ මිදි වත්ත අසලින් ද ගියෙමි.
31 එහි හැම තැන ම කටු පඳුරු වැවී තිබිණි, මුළු ඉඩම කහඹිලියාවලින් වල් බිහි වී තිබිණි, ගල් තාප්පය බිඳ වැටී තිබිණි.
32 මම එය හොඳින් බලා, තේරුම්ගතිමි.
33 හිතෝ 6:10-11 තව ටිකක් නිදාගන්න, ටිකක් සැතපෙන්න, අත් දෙක පොරවාගෙන නිකම් ඉන්න,
34 එවිට ඔබ වෙත දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවි ගත් කෙනෙකු මෙන් ද පැමිණෙනු නියත ය.
25සලමොන් රජුගෙන් තවත් උපදේශ
1 ජුදාහි රජ වූ හෙසකියාගේ ලේකම්වරුන් විසින් පිටපත් කරන ලද සලමොන් නිරිඳුන්ගේ තවත් උපදේශ පහත දක්වනු ලැබේ.
2 අබිරහස් ගැන අපි දෙවිඳුන්ට ගරු කරමු;
3 රජුගේ හිතුම් පැතුම් අහස මෙන් උස ය, මුහුද මෙන් ගැඹුරු ය, අචින්ත්‍ය ය.
4 රිදීයෙන් බොර පහකරන්න, එවිට විසිතුරු බඳුනක් තැනීමට රිදීකරුවාට හැකි වේ.
5 රජු වෙතින් දුදනන් පහකරන්න;
6 ලූක් 14:8-10 රජු අබිමුවෙහි මහන්තත්ත්වය නොපාන්න;
7 රජ කුමරෙකු ඉදිරියෙහි පහත්කරනු ලැබීමට වඩා “ඉහළ තැනට එන්නැ”යි කියා කැඳවනු ලැබීම කොතරම් හොඳ ද?
8 ඔබ දුටු යමක් ගැන ඉක්මන් වී උසාවි නොයන්න;
9 අසල්වැසියා සමඟ ම ආරාවුල බේරාගන්න;
10 එසේ කළොත් ඔවුන් ඔබට අවලාද කියනු ඇත.
11 තැනට කැපෙන වචනය රිදී තැටියක නෙළූ රන් කැටයමක් වැන්න.
12 මැනවින් සවන් දෙන අයට නැණවතාගේ ඔවා බස් රන් අරුංගල් ජෝඩුවක් ද තනි රන් මාලයක් ද වැන්න.
13 විශ්වාසවත් පණිවුඩකරු තම හිමියාට ගිම්හානයේ රස්නය නිවන සිහිල් හිම මෙන් සතුට ගෙන දෙයි.
14 දීමට පොරොන්දු වී නො දී සිටින අය වැහි නොදෙන සුළං හා වලාකුළු මෙනි.
15 ඉවසීමෙන් අධිපතියකු වුව ද නම්මාගත හැක;
16 මී පැණි ලදහොත් තරමට පමණක් කන්න;
17 අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර නොයන්න;
18 අනුන්ට විරුද්ධ ව බොරු සාක්ෂි කියන්නා මුගුරක් ද කඩුවක් ද තියුණු ඊගසක් ද මෙන් නපුරු ය.
19 විපත්ති දවසේ දී චපල මිනිසෙකු කෙරේ විශ්වාසය තැබීම, දිරා ගිය දතක් ද කොර කකුලක් ද ඇති ව සිටීම මෙනි.
20 දුකින් පෙළෙන කෙනෙකුට මියුරු ගීයක් ගැයීම තුවාළයක් මත විනාකිරි දැමීමත් සීත දවසක ඔහුගේ කබාය ගැලවීමත් සමාන ය.
21 රෝම 12:20 ඔබේ සතුරාට සාගිනි නම් කන්න දෙන්න;
22 මෙසේ හිස ගිනිගත් කෙනෙකු මෙන් ඔහුට දැරිය නොහැකි ලජ්ජාවකින් දැවීමට සලසනු ඇත.
23 උතුරු සුළඟ වැස්ස ගෙනෙයි, එලෙස ම කේළාම් කීම කෝපය අවුස්සයි.
24 කලහකාරී බිරිඳක සමඟ ගෙයි විසීමට වඩා එහි අටුවේ මුල්ලක විසීම හොඳ ය.
25 දුර රටකින් එන හොඳ ආරංචිය, පිපාසයෙන් වේළුණු උගුරට ඇල් වතුර මෙනි.
26 දුදනා අබිමුව බියෙන් ගැහෙන සුදනා බොර දිය නඟින උල්පතක් ද පල් වතුර ඇති ළිඳක් ද වැනි ය.
27 මී පැණි ගොඩක් බීම හොඳ නැත;
28 අසංවර මිනිසා කොටු පවුරු නැති බිඳ වැටුණු නුවරක් වැන්න.
261 ගිම්හානයේ දී හිම ද, ගොයම් නෙළන කාලයේ දී වැස්ස ද, අනුවණයෙකුට ගරු සම්මාන ද හරි නැත.
2 ඔබමොබ පියාඹන ගේ කුරුල්ලා මෙන් ද ඉගිළී යන වැහිලිහිණියා මෙන් ද හේතුවක් නැති ව කරන සාපය නොරැඳී පලා යයි.
3 අශ්වයාට කසය ඇත;
4 මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි.
5 මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට දිය යුත්තේ මෝඩ පිළිතුරකි.
6 අනුවණයා අත පණිවුඩයක් යවන්නා, සිය දෙපා කපාගෙන දුකට පත් වෙයි.
7 අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ කොරාගේ කකුල් මෙන් පණ නැත.
8 අනුවණයාට ගෞරවය දීම ගල පටියේ බැඳ විදීම මෙන් නිෂ්ඵල ය.
9 අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ, බේබද්දා අතින් වනන කටු අත්තක් වැනි ය.
10 මඟ යන අඥානයකු කුළී වැඩට ගන්නා, පාරේ යන හැම අයට ම තුවාළ කරන දුනුවායෙකු මෙනි.
11 2 පේදු 2:22 එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනි ය.
12 මෝඩයා වුව ද ‘තමා නැණවතෙකැ’යි කියා සිතන අනුවණයාට වඩා හොඳ ය.
13 අලසයා වැඩට නොයන පිණිස මෙසේ කියයි:
14 දොර, අසව්ව පිට ඒ මේ අත හැරෙයි, අලසයා ද තම යහනේ ඒ මේ අත පෙරළෙයි.
15 අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි; එහෙත් එය කටට ගන්න වත් කම්මැළි ය.
16 නුවණැති ව පිළිතුරු දෙන සත්දෙනෙකුට වඩා ‘තමා නැණවතෙකැ’යි අලසයා සිතයි.
17 අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය.
18 තමාගේ අසල්වැසියා රවටමින්,
19 “මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය.
20 දර නැති තැන ගින්න නිවෙයි;
21 ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය.
22 කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය.
23 නපුරු හදවත් සඟවාගෙන කරන සිනිඳු කතාව රිදී ගෑ මැටි බඳුනක් වැන්න.
24 කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි.
25 ඔහුගේ හදවත උතුරා යන තරම් නපුරෙන් පිරී ඇත, මිතුරු වචන කීවත් ඔහු විශ්වාස නොකරන්න.
26 තම නපුරුකම ව්‍යාජයෙන් වසාගත්තත්, ඔහුගේ දුෂ්ටකම සියල්ලන් හට හෙළි වනු ඇත.
27 ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය;
28 මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි, ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි.
271 ජාකො 4:13-16 “අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න.
2 අන්‍යයෝ ඔබට ප්‍රශංසා කරත් වා;
3 ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.
4 කෝපය කුරිරු ය;
5 කෙළින් තරවටු කිරීම ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමයට වඩා අගනේ ය.
6 මිතුරාගෙන් වන රිදුම හිතවත්කමේ ලකුණකි.
7 කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ;
8 සිය රට හැර යන මනුෂ්‍යයා කැදැල්ල හැර පියාඹන කුරුල්ලා වැනි ය.
9 සඳුන්, කපුරු, සුවඳ විලවුන් මන පිනවයි;
10 ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න.
11 මාගේ පුත්‍රය, මට ගරහන අයට උත්තර දෙන පිණිස නැණවත් ව ම සිතට සතුට දෙන්න.
12 නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි;
13 අමුත්තෙකුට ඇප වන විට ඇප වන්නාගේ ඇඳුම ඇපයට ගන්න, එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.
14 ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය.
15 කලහකාරී කතගේ කන්දොස්කිරියාව නොනැවතී වසින වැස්සක් වැන්න.
16 ඇය නැවැත්වීමට තැත් කිරීම සුළඟ අල්ලාගැනීම වැනි ය.
17 යකඩින් යකඩ මුවහත් වෙයි;
18 අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි;
19 වතුරෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම මුහුණ ය;
20 පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි;
21 රිදී, කෝවයෙන් දැනගනිති;
22 මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද?
23 ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න;
24 ධන සම්පත් සදහට ම පවතින්නේ නැත.
25 තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි.
26 ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත.
27 ඔබේ ද ඔබේ ගෙයි වැසියන්ගේ ද කෑම පිණිසත්, ඔබේ සේවිකාවන්ගේ නඩත්තුව පිණිසත්, සෑහෙන තරම් එළු කිරි ලැබෙනු ඇත.
281 කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි;
2 කැරලිකාර රාජ්‍යයක නායකයෝ බොහෝ දෙනෙකි, එහෙත් නැණවත් පැණසර අයගෙන් යුත් රාජ්‍යයක් තිරසර ව පවතියි.
3 දිළිඳුන් පෙළන දුෂ්ටයා අස්වැන්න වනසන මහ වැස්සක් වැන්න.
4 නීති රීති කඩන්නෝ දුෂ්ටයන්ට පැසසුම් කරති;
5 නපුරු මිනිස්සු යුක්තිය තේරුම් නොගනිති;
6 වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.
7 නීතිය රකින්නා නැණවත් පුත්‍රයෙකි;
8 වැඩි පොළියෙන් හා අයුතු ලාභයෙන් උපයන ඔබේ ධනය දිළිඳුන්ට දයාව දක්වන කෙනෙකුට හිමි වේ.
9 දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.
10 අවංක අය නපුරු මඟට හරවන්නා තමා කැපූ වළේ ම වැටෙනු නියත ය;
11 ධනවතා තමන් නැණවතෙකැ යි සිතයි;
12 දමිටු අය බලය ලබන කල සියල්ලෝ උත්සව පවත්වති.
13 තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි;
14 දේව ගරුබිය ඇත්නම් ඔබට වාසනාව ඇත;
15 දුබල සෙනඟක් ආණ්ඩු කරන දුෂ්ටයා ගොරවන සිංහයෙකි, ගොදුරු සොයා යන වලසෙකි.
16 නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි;
17 මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි;
18 අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි;
19 වැර වීරියෙන් වගාකරන්නාට බතබුලත බහුල ය;
20 විශ්වාස කටයුතු මිනිසාට ආසිරි විපුල ය;
21 තරාතිරම් බැලීම හරි නැත;
22 වස්තු ලෝභියා වස්තුව සොය සොයා වේගයෙන් දුවයි;
23 කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය.
24 දෙමවුපියන්ගෙන් සොරාගෙන එහි වරදක් නැතැ යි කියන්නා අන්ත හොරෙකි.
25 තණ්හාව ඇත්තා කලහ අවුස්සයි;
26 හුදෙක් සිය නුවණෙහි රැඳෙන්නා මෝඩයෙකි;
27 දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත;
28 නොදැහැමි අය බලයට පත් වන විට වැසියෝ බියෙන් සැඟවෙති;
1 බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත;
2 දමිටු අය පාලකයන් වන විට රට වැසියෝ ප්‍රීති වෙති.
3 ප්‍රඥාවට ගරු කරන්නා සිය පියාට ප්‍රීතිය ගෙන දෙයි;
4 යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි, එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි.
5 අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.
6 දුදනාගේ අයුතු වැඩ ඔහුට ම මලපතකි;
7 දැහැමියා දිළිඳාගේ හිමිකම් සලකයි;
8 අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති.
9 නුවණැතියා මෝඩයෙකු උසාවියට ගෙන ගියොත් තමා ම නින්දා අපහාස ලබනු මිස ඉන් වන වැඩක් නැත.
10 මිනීමරුවෝ නිදොස් අයට වෙර බඳිති;
11 අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි;
12 පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති.
13 දිළින්දා හා ඔහු පෙළන අය අතර එක පොදු දෙයක් ඇත, ඒ දෙදෙනාට ම සෙත උදාවෙන්නේ සමිඳුන්ගෙනි.
14 සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය.
15 කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි;
16 දුදනන් පාලනයට පත් වන විට අපරාධ වැඩි වෙයි;
17 පුතු හික්මවන්න;
18 ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත.
19 මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි;
20 හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද?
21 මෙහෙකරුවෙකු බාලවියේ සිට ම සව් සැප දී ඇති කළත්, අන්තිමේ දී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත.
22 කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි;
23 අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ;
24 හොරෙකුට හවුල් වන්නා තමාගේ ම පරම සතුරෙකි;
25 මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි;
26 පාලකයන්ගේ අනුග්‍රහය පතන්නෝ බොහෝ ය;
27 අදමිටු අය දමිටුන්ට පිළිකුලකි;
ආගුර්ගේ ඔවදන්
1 පහත දැක්වෙන්නේ, ජාකේගේ පුත් ආගුර්ගේ විශිෂ්ට අවවාදානුශාසනා ය:
2 මම මිනිසෙකු නොව, තිරිසනෙකු ව සිටිමි.
3 මම කවදාවත් ප්‍රඥාව දැන නොගතිමි;
4 සගලොවට නැඟී බැස ආවේ කවරෙක් ද?
5 දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ;
6 එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න;
7 මා ඔබ වෙත ගෙනා අයැදුම් දෙකක් ඇත;
8 වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව.
9 එසේ දිය යුත්තේ, මා සැප සම්පතින් පිරී, ඔබ හැරදමා, “ඔය කියන සමිඳාණෝ කවරෙක් දැ”යි නොකියන පිණිසත්, මා දිළිඳෙකු වී, සොරකමට වැටී, දෙවිඳුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත් ය.
10 මෙහෙකරුවෙකු ගැන හාම්පුතුට කේළාම් නොකියන්න, එසේ කළොත් සමහර විට ඔබ මෙහෙකරුගේ සාපය ලැබ දුක් විඳිනු ඇත.
11 සිය මුතුන්මිත්තන්ට දෙස් කියන, සිය මවුවරුන්ට සෙත් නොපතන, මිනිසුන් ඇත.
12 තමන්ගේ කිළිටි ගති සෝදා නොදමා, තමන් පවිත්‍ර යයි සිතන, මිනිසුන් ඇත.
13 අහංකාර, උඩඟු බැල්මක් ඇති මිනිසුන් ඇත.
14 මිහි පිට දිළිඳුන් ද ජනතාව අතරෙන් දුගීන් ද ගිලදැමීමට, කඩුපත් වැනි දත් හා පිහියා වැනි හකු ද ඇති මිනිසුන් ඇත.
15 “දෙන්න, දෙන්නැ”යි කියන, දූවරුන් දෙදෙනෙක් කූඩැල්ලාට ඇත.
16 එනම්, පාතාලය ද වඳ ගැබ ද පිපාසයෙන් පෙළෙන මහ පොළොව ද දැවෙන ගින්න ද යන මේවා ය.
17 පියාට ගරහන, මහලු මව හෙළා දකින අයගේ දෑස දෙණියේ කපුටන් කනු ඇත, ගිජු ලිහිණියන්ට ගොදුරු වනු ඇත.
18 මට තේරුම්ගත නොහැකි කාරණා තුන හතරක් ඇත.
19 එනම්, අහස් කුසෙහි රාජාලියා පියාඹන මාවත ද කඳු මත සර්පයා යන පාර ද මහ සයුරේ නැව් යන මඟ ද ළඳක සමඟ මිනිසෙකුගේ පෙම් මාවත ද යන මේවා ය.
20 වෙසඟනකගේ කල්ක්‍රියාව මෙසේ ය:
21 මහ පොළොව කම්පා කරවන, ඊට ඉසිලිය නොහැකි කරුණු තුන සතරක් ඇත.
22 එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද
23 පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.
24 කුඩා වුව ද ඉතා නැණවත් ජාති සතරක් ලොව සිටිති.
25 කුරාකුහුඹුවෝ දුබල සත්තු ය;
26 බෙන් හාවෝ බෙලහීන සත්තු ය;
27 පළඟැටියන්ට රජෙක් නැත;
28 හූනා අතින් අල්ලාගත හැකි සතෙකි;
29 අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති.
30 එනම්, මෘගයන් අතර ඉතා බලවත්, කිසිවෙකු වෙතින් අහකට හැරී නොයන සිංහ රාජයා ද
31 කිකිළියන් මැද නටන කුකුළා ද රැළට පෙරටු ව යන එළුවා ද සිව්රඟ සෙනඟ පිරිවරා යන රජ ද යන මොවුහු ය.
32 නුඹ මෝඩකමින් උඩඟු වී නපුරු බස් දොඩන්න පෙළෙඹෙන විට කට පියාගෙන නිහඬ වන්න.
33 කිරි කැලැත්තීමෙන් වෙඬරු සෑදෙයි, නහය මිරිකීමෙන් ලේ ගලා එයි, උදහස ඇවිස්සීමෙන් අඬදබර හටගනියි.
31මවගෙන් රජුට ඔවාබස්
1 මස්සාහි ලෙමුවෙල් රජුගේ මව ඔහුට දුන් උපදේශ මේ ය:
2 මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න.
3 ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න;
4 ලෙමුවෙල්, මෙය අසන්න:
5 සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති:
6 මත්පැන් දිය යුත්තේ මරණාසන්න අයට ය;
7 එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා.
8 තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න;
9 ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න;
සත්ගුණවත් බිරිඳ
10 කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද?
11 සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි.
12 දිවි ඇති තාක් ම ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නී ය.
13 ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි.
14 ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි.
15 ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි;
16 ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි;
17 ඈ කඩිසර ව වැඩ කරන්නී ය;
18 සිය වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ඇති බව ඈ දනියි;
19 ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි.
20 ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත;
21 හිම වැටෙන කල එන විට පවුල ගැන ඇයට බියක් නැත;
22 ඈ ඇඳ ඇතිරිලි සාදාගනියි;
23 ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි;
24 ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි;
25 ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි.
26 ඈ නැණනුවණින් කතා බස් කරයි;
27 ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි;
28 ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති.
29 “අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත;
30 රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි;
31 ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න;