හැඳින්වීම
ක්‍රි.පූ. 586 දී ඇති වූ ජෙරුසලමේ විනාශයත්, විපත්ති හා විප්‍රවාසගතවීමත් පිළිබඳ විලාප ගී පහකින් මේ පොත සමන්විත ය. මේ පොත දුක් විලාපයක ස්වරූපය ගන්න නමුදු, එහි දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, අනාගත බලාපොරොත්තුවත් පිළිබඳ හැඟීම් දනවන පාඨ ද ඇත. ක්‍රි.පූ. 586 දී ඇති වූ ජාතික විනාශය සැමරීම හා සම්බන්ධ වාර්ෂික උපවාස හා ශෝකප්‍රකාශ දිනවල ජුදෙව්වෝ මේ විලාප ගී ඔවුන්ගේ නමස්කාරයේ දී භාවිත කරති.
මෙහි අඩංගු කරුණු:
ජෙරුසලම වැටීම
1 සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි!
2 ඈ රාත්‍රියෙහි අතිශයෙන් වැලපෙයි.
3 පීඩාව නිසා ද අධික දාසකම නිසා ද ජුදා විප්‍රවාසයට ගොස් ඇත.
4 මංගල්‍ය රැස්වීමට එන කෙනෙකු නැති බැවින් සියොන් වැසියෝ වැලපෙන්නාහ.
5 ඇගේ එදිරිකාරයෝ දැන් ඇගේ ස්වාමිවරුන් වී සිටිති.
6 සියොන් පුරඟනගේ මුළු මහිමශ්‍රීය ඇගෙන් පහ ව ගොස් ඇත.
7 ජෙරුසලම ඇගේ පීඩා සහ දුක් දවස්වල දී පෙර කල පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහි කරයි.
8 ජෙරුසලම බලවත් ලෙස පව් කළ බැවින් ඈ අපිරිසිදු වී සිටින්නී ය.
9 ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේ ය, තමාගේ ඉරණම ගැන ඈ කිසි දා නොසිතුවා ය.
10 ඇගේ එදිරිකාරයා සිය අත පාමින්, ඇගේ සියලු වස්තුව පැහැරගෙන ඇත.
11 ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති.
12 අනේ!
13 එතුමාණෝ මාගේ ඇටකටු තුළට ඉහළින් ගින්නක් එවූ සේක.
14 මාගේ අපරාධ වියගහක් මෙන් මා පිට බර ව තිබේ.
15 මට සිටි මාගේ සියලු බලවත් සෙබළුන් සමිඳාණෝ හෙළාදැමූ සේක.
16 මේ දේවල් නිසා මම හඬමි, මාගේ ඇසින්, එසේ ය, මාගේ ඇසින් කඳුළු ගලා යයි.
17 සියොන් ඇගේ දෑත විදහාගෙන සිටියි.
18 සමිඳාණෝ දැහැමි ය;
19 මාගේ පෙම්වතුන්ට අඬගැසීමි, එහෙත්, ඔව්හු මා රැවටුවෝ ය.
20 සමිඳුනි, බැලුව මැනව.
21 මා සුසුම්ලන රඟ ඇසුව මැනව.
22 ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේ වා!
ජෙරුසලමට දඬුවම් කිරීම
1 සමිඳාණන් සිය උදහසින් සියොන් පුරඟන පිට අඳුර ගෙනා හැටි!
2 සමිඳාණෝ කිසි අනුකම්පාවක් නැති ව, ජාකොබ්ගේ සියලු නිවෙස් විනාශ කළ සේක.
3 එතුමාණෝ නොනිවෙන උදහසින් ඉශ්රායෙල්ගේ බලය සහමුලින් ම සිඳදැමූ සේක.
4 එතුමාණෝ සතුරෙකු මෙන් තමන් දුන්න තැත් කැවූ සේක.
5 සමිඳාණෝ සතුරෙකු මෙන් වූ සේක.
6 එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක.
7 සමිඳාණෝ තමන් පූජාසනය ප්‍රතික්ෂේප කළ සේක.
8 සමිඳාණෝ සියොන් පුරඟනගේ පවුර නාස්ති කරන්න අදහස් කළ සේක.
9 ඇගේ දොරටු පොළොවට කිඳා බැස ඇත.
10 සියොන් පුරඟනගේ මහලු අය හිඳගෙන නිශ්ශබ්ද ව සිටිති.
11 මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.
12 තුවාළ වූවන් මෙන් නුවර වීදිවල ඔවුන් ක්ලාන්ත වන විට, තමන්ගේ මවුවරුන්ගේ ළයෙහි පණ අදින විට, ‘ධාන්‍ය සහ මිදියුස කොයි දැ’යි ඔව්හු තම මවුවරුන්ගෙන් කෑගසා අසති.
13 ජෙරුසලම් පුරඟන, මම ඔබට කුමක් කියම් ද?
14 ඔබේ දිවැසිවරු බොරු නිෂ්ඵල දර්ශන ඔබට දැක්වූ හ;
15 මඟ යන සියල්ලෝ නුවර හෙළා දකිති.
16 ඔබේ සියලු සතුරෝ ඔබට සරදම් කරති.
17 සමිඳාණෝ තමන් යෝජනා කළ දේ ඉටු කළ සේක.
18 අනේ සියොන් පුරඟන, සමිඳුන්ට මොරගසන්න;
19 රෑ යාම්වල නැඟිට උදේ අලුයම ඝෝෂා කරන්න.
20 සමිඳුනි, ඔබ මෙසේ කෙළේ කවරෙකුට දැ යි බලා කල්පනා කළ මැනව.
21 බාලයා ද මහල්ලා ද වීදිවල බිම වැතිර සිටිති;
22 මංගල්‍යයකට සෙනඟ රැස් කරන්නාක් මෙන් මට විරුද්ධ ව හැම අතින් ම සතුරන් රැස් කළ සේක.
දඬුවම
1 එතුමන්ගේ කෝපය නමැති දණ්ඩෙන් දුක අත්දුටු මිනිසා නම් මම ය.
2 එතුමාණන් මා ගෙන ගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්නට සැලැසූ සේක.
3 සැබැවින් ම එතුමාණෝ දවස මුළුල්ලේ මට යළි යළි නිර්දය ලෙස පහර දුන් සේක.
4 එතුමාණෝ මාගේ මාංසයත්, හමත් ජරාවට පමුණුවා මාගේ ඇටකටු පොඩි කළ සේක.
5 එතුමාණෝ මට වියගහක් සාදා විඩාවෙන් මාගේ හිස වට කළ සේක.
6 පුරාණයෙහි නැසී ගියවුන් මෙන් එතුමාණෝ අඳුරු තැන්වල විසීමට මට සැලැසූ සේක.
7 බේරී යන්න බැරි වන ලෙස එතුමාණෝ මා කොටු කළ සේක.
8 මා කෑගසා පිහිට ඉල්ලන නමුත්, එතුමාණෝ මාගේ යැදුමට සවන් නොදෙන සේක.
9 එතුමාණෝ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා මාගේ මාවත් අවහිර කළ සේක.
10 එතුමාණෝ මා හට, මඟ රැක සිටින වලසෙකු ද රහස් තැන්වල සැඟවී සිටින සිංහයෙකු ද මෙන් වන සේක.
11 එතුමාණෝ මාගේ මාර්ගයෙන් මා ඉවත් කොට මා කෑලිවලට ඉරාදැමූ සේක.
12 එතුමාණෝ තම දුන්න තැත් කවා, ඊගසට ඉලක්කයක් කොට මා තැබූ සේක.
13 එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක.
14 මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි.
15 එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක.
16 එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක;
17 සාමය මාගෙන් තුරන් වී ඇත.
18 දැන් මම මෙසේ කියමි:
බලාපොරොත්තුව
19 මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය.
20 මම ඒ ගැන නිතර ම සිහි කරමි;
21 එහෙත්, මේ දේ මා සිහි කළ විට බලාපොරොත්තුව මට ඇති වන්නේ ය.
22 “සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය;
23 ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ;
24 මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි.
25 සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය.
26 සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය.
27 තමාගේ බාල වියෙහි දී ඉවසීම නමැති වියගහ දැරීම මිනිසාට යහපත් ය.
28 එතුමාණන් එය ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්ද ව සිටී වා!
29 සමහර විට බලාපොරොත්තුවක් තිබිය හැකි බැවින් අප නැමී අවනත විය යුතු යි.
30 ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවා වේ!
31 මන්ද, සමිඳාණන් සදහට ම සිය සේවකයන් ඉවත දමන්නේ නැත.
32 එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක.
33 මන්ද, එතුමාණෝ මිනිසුන්ට ඕනෑකමින් පීඩා නොකරන සේක. ඔවුන් ශෝකයට නොපමුණුවන සේක.
පසුතැවී සිත් හරවා ගැනීම
34 දේශයේ සෑම හිරකාරයන් තළා පෙළා පොඩි කිරීම ද
35 මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේ දී මිනිසුන්ගේ යුක්තිය පෙරළාදැමීම ද
36 මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක.
37 සමිඳාණෝ කැමැති නොවන සේක් නම්, කිසිවෙකුට කිසිවක් නොකළ හැකි ය.
38 සැපතත් විපතත් ඇති වන්නේ, මහෝත්තමයාණන්ගේ නියමයෙන් නොවේ ද?
39 අපේ පව් ගැන දඬුවම ලබන නිසා අප කොඳුරන්නේ කුමට ද?
40 අපේ මාර්ග සෝදිසි කර විමසා සමිඳාණන් වෙත නැවත හැරෙමු.
41 ස්වර්ගයෙහි සිටින දෙවිඳාණන් වෙත අපේ අතත් සිතත් ඔසවමු.
42 “අපි වනාහි වරද කොට කැරලි ගැසීමු;
43 ඔබ වහන්සේ උදහසින් සැඟවී සිට අප පසුපස ලුහුබැඳ ආ සේක.
44 අපේ යැදුම ඔබ වෙත නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබ ම වසාගෙන සිටින සේක.
45 ඔබ විජාතීන් අතරෙහි අප කසළ ගොඩක් මෙන් කළ සේක.
46 අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ.
47 භීතිය සහ පාතාලයත්, නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ.
48 මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි.
49 සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු,
50 මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි.
51 නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි.
52 නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ.
53 ඔව්හු පණපිටින් මා වළට හෙළාදමා මා පිට ගල් ද පැටවූ හ.
54 වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය;
55 සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි.
56 මාගේ මොරගැසීමට සවන් දෙන ලෙස මා බැගෑපත් ව ඉල්ලා සිටි විට ඔබ මට සවන් දුන් සේක.
57 මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.
58 සමිඳුනි, ඔබ මා වෙනුවෙන් කරුණු වදාළ සේක. මාගේ ප්‍රාණය මිදූ සේක.
59 සමිඳුනි, ඔබ මාගේ පීඩාව දුටු සේක; මට යුක්තිය ඉටු කර දුන මැනව.
60 ඔවුන්ගේ සියලු ම පළිගැනීම් සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ දුටු සේක.
61 සමිඳුනි, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ ඇසූ සේක.
62 මට විරුද්ධ ව නඟන වචන ද දවස මුළුල්ලේ මට විරුද්ධ ව යොදන ඔවුන්ගේ උපායයන් ද ඔබ ඇසූ සේක.
63 ඔවුන් වාඩි වී සිටියත්, සිටගෙන සිටියත් ඔවුන්ගේ උපහාසයට මම ලක් වී සිටිමි.
64 සමිඳුනි, ඔවුන්ගේ ක්‍රියා අනුව ඔබ ඔවුන්ට විපාක දුන මැනව.
65 සිත් දැඩිකම වන සාපය ඔබ ඔවුන්ට දුන මැනව.
66 ඔබ, උදහසින් ඔවුන් ලුහුබැඳ ගොස්, මිහි පිටින් ඔවුන් අතුගාදැමුව මැනව.”
4ජෙරුසලමේ වැටීමෙන් පසු තත්ත්වය
1 පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි!
2 අගනා රන් මෙන් වටිනා සියොන්හි තරුණයන් කුම්භකාරයාගේ අත්වලින් සාදන ලද භාජන මෙන් සලකනු ලබන හැටි!
3 සිවල් දෙන්නු පවා උන්ගේ පැටවුන්ට කිරි පොවති.
4 කිරි දරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි.
5 රස කෑම කෑ අය අසරණ ව වීදිවල හිඳිති.
6 උත් 19:24 කිසිවෙකුගෙන් පහර නොලබා ඇසිල්ලකින් මෙන් විනාශ වූ සොදොම් නගරයේ පාපයට වඩා මාගේ සෙනඟගේ අයුතුකම් මහත් ය.
7 ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදු ව, කිරිවලට වඩා සුදු ව සිටියෝ ය.
8 දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළු ය.
9 සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේ ය.
10 ද්වි.නී. 28:57; එසකි 5:10 දයාවන්ත ස්ත්‍රීහු තමන්ගේ අත්වලින් සිය දරුවන් තම්බා පිසුවෝ ය.
11 සමිඳාණෝ තම කෝපය නොවළක්වා තමන්ගේ බලවත් උදහස වැගිරෙවු සේක.
12 ‘එදිරිකාරයා සහ සතුරා ජෙරුසලමේ දොරටුවලට ඇතුළු වන්නේ ය’යි පොළොවේ රජවරු ද ලෝකයේ සියලු වැසියෝ ද විශ්වාස නොකළෝ ය.
13 මෙසේ වනුයේ, දමිටු ලේ නගරය තුළ වැගිරෙවූ දිවැසිවරුන්ගේ පව් නිසාත්, පූජකයන්ගේ අපරාධ නිසාත් ය.
14 ඔව්හු අන්ධයන් මෙන් වීදිවල ඔබමොබ යති.
15 “ඉවත් වන්න, අපවිත්‍ර ය.
16 සමිඳාණෝ ම ඔවුන් විසුරුවා හැරිය සේක.
17 නොලැබෙන උපකාර ගැන බලා සිටීමෙන් අපේ ඇස් තවත් අඳුරු වී යන්නේ ය.
18 අපේ වීදිවල අපට යන්න බැරි වන ලෙස අපේ සතුරෝ අපේ යාම් ඊම් සෝදිසියෙන් බලා සිටියහ.
19 අප පසුපස ලුහුබැඳ ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත් වූ හ.
20 “ඔහුගේ ආරක්ෂා සෙවණෙහි ජාතීන් අතර අපට ජීවත් වන්න ලැබේ ය”යි අප කීවා වූ අපේ නාසයේ හුස්ම වැනි වූ සමිඳාණන්ගේ අභිෂේක ලත් තැනැත්තේ ඔවුන්ගේ බොරු වළේ අසුවුණේ ය.
21 ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය.
22 එම්බා සියොන් පුරඟන, ඔබේ අයුතුකමේ දඬුවම ඉටු විය.
දයාව සඳහා යැදීමක්
1 සමිඳුනි, අපට සිදු වී තිබෙන දේ සිහි කළ මැනව.
2 අපේ උරුමය අන්‍යයන්ටත්, අපේ ගෙවල් විදේශීන්ටත් අයිති වී තිබේ.
3 අපි අනාථයෝ ය, පියා නැති දරුවෝ ය.
4 අප අපේ ම වතුර මිල දී ගත යුතු ය.
5 වියගහ අපේ කර පිට ය.
6 සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු.
7 අපේ පියවරු පව් කළෝ ය;
8 වහල්ලු අප ආණ්ඩු කරති.
9 පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු.
10 සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත් වී තිබේ.
11 සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ.
12 අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ.
13 වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ.
14 මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය.
15 අපේ සිත්වලින් ප්‍රීතිය තුරන් විය.
16 අපේ හිසින් මල්දම් වැටුණේ ය.
17 මේ නිසා අපේ සිත ක්ලාන්ත වී තිබේ.
18 එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි.
19 එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක.
20 මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද?
21 සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව.
22 ඔබ අප සහමුලින් පහ කරදැමූ සේක් ද?