11
පෙතුයෙල්ගේ පුත් ජෝවෙල් වෙත පැමිණි සමිඳාණන්ගේ පණිවුඩය මෙය වේ:
පළඟැටියන්ගෙන් දේශයට වූ හානිය
2
“මහල්ලෙනි, සවන් දෙන්න;
2
දේශයේ සියලු වැසියෙනි, කන් යොමු කරන්න.
2
මෙබන්දක් ඔබේ කාලයේ වත් ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේ වත් සිදු වී ඇද් ද?
3
ඔබේ දරුවන්ට ඒ ගැන කියන්න;
3
ඔව්හු තමන්ගේ දරුවන්ටත් ඒ ගැන කියත් වා!
3
ඔව්හු ද, මතු පරම්පරාවටත් ඒ ගැන කියා දෙත් වා!
4
පළඟැටි පණුවන් කා ඉතිරි කළ දේ වැඩුණු පළඟැටියෝ කාදැමූ හ.
4
වැඩුණු පළඟැටියන් කා ඉතිරි කළ දේ පනින පළඟැටියෝ කාදැමූ හ.
4
පනින පළඟැටියන් කා ඉතිරි කළ දේ කපන පළඟැටියෝ කාදැමූ හ.
5
සුරා සොඬුනි, පිබිද වැලපෙව්!
5
බේබද්දෙනි, කෑමොරගසව්!
5
මන්ද, මිදිරස ඔබේ මුවින් පහවී ගොස් ඇත.
6
එළිද 9:8 ගිණිය නොහැකි, බලසම්පන්න පළඟැටි සේනාවක් මාගේ රට ආක්‍රමණය කර ඇත.
6
ඔවුන්ගේ දත් සිංහ දත් මෙන් ය.
6
සිංහ ධේනුවකගේ දළ ඔවුන්ට ඇත.
7
උන් මාගේ මිදි වැල් පාළු කර ඇත;
7
මාගේ අත්තික්කා ගස් විකාදමා ඇත;
7
ඒවායේ පොතු ගලවා බිම හෙළා ඇත.
7
එහි අතු දැන් සුදු වී ඇත.
8
සිය යොවුන් වියේ දී විවා බස් දුන් පෙම්වතා මියගිය බැවින් දළ රෙදි හැඳගත් කන්‍යාවක මෙන්
හඬා වැලපෙන්න.
9
දේව මාලිගාවේ ආහාර පූජාව ද පානීය පූජාව ද නැත.
9
පූජකවරු, සමිඳුන්ගේ පූජකවරු, වැලපෙන්නෝ ය.
10
කෙත්වතු පාළු වී ගොසින් ය;
10
භූමිය වැලපෙන්නේ ය;
10
මන්ද, ගොයම් වැනසී, මිදි පල වියළී තෙල් හීන වී ගොස් ඇත.
11
ගොවියෙනි, දුකින් තැවෙන්න;
11
මිදි වතුකාරයෙනි, වැලපෙන්න.
11
මන්ද, තිරිඟු ද බාර්ලි ද කෙතේ ගොයම් ද වැනසී ඇත.
12
මිදි වලු පර වී, අත්තික්කා ගස් මැලවී දෙළුම්, තල්, ජම්බු, සියලු ගස් වියළී ඇත.
12
මිනිසාගේ ප්‍රීතිය දුරු වී ඇත.
පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම
13
“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න.
13
පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න.
13
පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න.
13
මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත්
නැත.
14
උපවාසයක් නියම කරන්න;
14
අයැදුමට සෙනඟ රැස් කරන්න.
14
ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා
උන් වහන්සේට මොරගසන්න.
15
යෙසා 13:6 අහෝ!
15
ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත.
15
එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත.
16
අප ඇස් හමුයෙහි ම ආහාර පහවී ගොස් නැද් ද?
16
දේව මාලිගාවෙන් ප්‍රීති ප්‍රමෝදය පහවී ගොස් නැද් ද?
17
පස් පිඬලි යට බීජ දිරා යයි;
17
අටු කොටු පාළු වී ඇත;
17
ගබඩා ගරාවැටී ඇත.
17
මන්ද, ගොයම් වියළී ගොස් තිබේ.
18
අනේ!
18
සිවුපා සතුන් කෙඳිරිගාන හැටි!
18
තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති;
18
බැටළු රැළ පවා දුක් විඳිති.
19
සමිඳුනි, මම ඔබට අයැදුම් කරමි.
19
මන්ද, කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත;
19
උයන්වල සියලු ගස් ගිනිබත් වී ඇත.
20
වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති.
20
මන්ද, උල්පත් සිඳී ඇත.
20
කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත.
2
සමිඳුන්ගේ දවස ගැන අනතුරු ඇඟවීම
1
“සියොන්හි හොරණෑව පිඹින්න;
1
දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න.
1
දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා!
1
මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ.
1
එසේ ය, එය ආසන්න ය.
2
ඒ දවස කළුවර අඳුරු දවසක් ය;
2
වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය.
2
ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය.
2
එවැන්නක් කිසි කලෙක නො වී ය;
2
මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය.
3
උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි;
3
උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි.
3
උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ.
3
උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය.
3
උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත.
4
එළිද 9:7-9 පෙනුමට උන් අසුන් වැනි ය;
4
උන් දුවන්නේ රණ අසුන් ලෙස ය.
5
අශ්ව රථ ශබ්දය මෙන් ද ගින්නෙහි දැවෙන ඉපනැලි මෙන් ද සටනට පෙළගැසුණු සේනාවක් මෙන් ද ගිරි
කුළු මත පැන පැන උහු යති.
6
උන් ඉදිරියේ ජනයෝ වෙවුලති;
6
සියලු මුහුණු මැලවී යයි.
7
රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති;
7
යුද භටයන් මෙන් පවුරට නඟිති;
7
එකිනෙකා නියමිත මඟ ගමන් කරයි.
8
උන් යන විට හැලහැප්පීමක් නැත;
8
මාර්ගයෙන් පිට යාමක් ද නැත.
8
අවි ආයුධ මැදින් කඩා පැන පසු නොබැස ඉදිරියට ම යති.
9
උන් නගරයට කඩා පනිති;
9
පවුරු පිට නැඟ දුවති;
9
නිවෙස් මුදුනට නැඟ සොරුන් මෙන් කවුළුවලින් රිංගා යති.
10
එළිද 8:12 උන් ඉදිරියෙහි පොළොව කම්පා වෙයි;
10
අහස ගුගුරයි;
10
ඉර හඳ අඳුරු වෙයි;
10
තරු තවත් නොබබළයි.
11
එළිද 6:17 සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක.
11
භට හමුදාව අතිවිශාල ය;
11
ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය;
11
සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය;
11
අතිභයංකර ය.
11
එය දැරිය හැක්කේ කවරෙකුට ද?”
පසුතැවී සිත් හරවා ගැනීමට ආරාධනාව
12
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
12
“උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න.
13
වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න.
13
මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති
දෙවි කෙනෙකි.
14
සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා,
14
ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත්
ද?
15
සියොන් කන්දේ හොරණෑව පිඹින්න;
15
උපවාසයක් පණවා, අයැදුමට සෙනඟ රැස් කරන්න.
16
සෙනඟ එක්රැස් කරන්න;
16
ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න.
16
ප්‍රජා මූලිකයන් එකතු කරන්න;
16
ළමයින් ද කිරි දරුවන් ද ගෙන එන්න;
16
මනාලයා තම යහන් ගබඩාවෙන් ද මනාලිය තම නිදන කුටියෙන් ද පිටත එත් වා!
17
ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැලපෙමින්, ‘සමිඳුනි, ඔබේ
සෙනඟට අනුකම්පා කළ මැනව, ඔබේ දෙවියෝ කොයි දැ යි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවැ’යි
කියත් වා!”
සෞභාග්‍යයේ උදාව
18
එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන උද්‍යෝගවත් වී සෙනඟට අනුකම්පා කළ සේක.
19
උන් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක.
19
“මෙන්න, නුඹලා තෘප්තියට පැමිණෙන පිණිස ධාන්‍ය ද මිදියුස ද තෙල් ද මම නුඹලාට දෙමි.
19
මින්පසු නුඹලාට නින්දා කිරීමට විජාතීන්ට ඉඩ නොදෙමි.
20
මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි.
20
පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි.
20
ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත.
21
එම්බා දේශය!
21
බිය නොවී ප්‍රීති ප්‍රමෝද වන්න.
21
මන්ද, සමිඳුන් ඉමහත් දේ කර ඇත.
22
වන මෘගයෙනි, බිය නොවව්, මන්ද, කෙතේ තණ සරුසාර ය;
22
ගස්වල පල හටගන්නේ ය.
22
අත්තික්කා ගස්වලින් හා මිදි වැල්වලින් බහුල අස්වැන්නක් ලැබේ.
23
සියොන් වැසියෙනි, ප්‍රීති වන්න.
23
ඔබේ දෙවි සමිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්න.
23
එතුමාණෝ, ඔබට ශරත් කාලයේ නිසි තරමට වැසි ද ශීත කාලයේ මහා වැසි ද වසන්ත කාලයේ පෙර මෙන්
වැසි ද වස්වන සේක.
24
කමත් ධාන්‍යයෙන් පිරෙනු ඇත;
24
මිදියුස ද තෙල් ද භාජනවලින් ඉතිරී යනු ඇත.
25
නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන්
ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි.
26
නුඹලා කා තෘප්තියට පැමිණ නුඹලා උදෙසා පුදුම දේ කළ නුඹලාගේ දෙවි සමිඳුන්ගේ නාමයට පැසසුම්
කරන්න.
26
මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.
27
එවිට මා ඉශ්රායෙල් සෙනඟ අතරේ වැඩ සිටින බව ද අන් දෙවි කෙනෙකු නුඹලාට නැති බව ද නුඹලා
දැනගනු ඇත.
27
මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.
ශුද්ධාත්මානුභාව දානය
28
ක්‍රියා 2:17-21 “ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි.
28
එවිට, නුඹලාගේ දූ පුත්තු දිවැස් වැකි කියති.
28
මහල්ලෝ ස්වප්න දකිති;
28
තරුණයෝ දර්ශන දකිති.
29
ඒ කාලයේ දී, දැසිදසුන් කෙරෙහි වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි.
30
ඒ දවස ගැන අහස් ගැබෙහි හා පොළෝ තලයේ මම පෙර නිමිති දක්වාලමි.
30
ලේ ද ගිනි ද දුම් කඳු ද එකල ඇති වේ.
31
මතෙ 24:29; මාක් 13:24-25; ලූක් 21:25; එළිද 6:12-13 උදාර, අතිභයානක දවස වන සමිඳුන්ගේ
දවස, උදා වන්නට පෙර ඉර අඳුරු වන්නේ ය;
31
හඳ ලේ පාට වන්නේ ය.
32
රෝම 10:13 එවිට, සමිඳුන්ගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය.
32
සමිඳුන් කියා ඇති පරිදි ගැළවෙන අය ද ඉතිරි අය අතර සමිඳුන් කැඳවන අය ද සියොන් කන්දේ සහ
ජෙරුසලමේ සිටිනු ඇත.
3
ජාතීන් විනිශ්චය කරනු ලැබීම
1
“ඒ කාලයේ දී, ඒ දවස්වල දී මා ජුදය හා ජෙරුසලම පුනරුත්ථාපනය කරන විට,
2
මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා,
මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි.
2
මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි.
3
ඔව්හු මාගේ සෙනඟ බෙදාගන්න පිණිස දාදු දැමූ හ.
3
ඔව්හු වේශ්‍යාවක ගැනීම සඳහා පිරිමි ළමයෙකු දුන්නෝ ය.
3
මුද්‍රික පානය බොන පිණිස ගෑණු ළමයෙකු වික්කෝ ය.
4
යෙසා 14:29-31; 23:1-18; ජෙර 47:1-7; එසකි 25:15—28:26; ආමො 1:6-10; ශෙප 2:4-7; සෙකරි
9:1-7; මතෙ 11:21-22; ලූක් 10:13-14 තීර්, සීදොන් හා පිලිස්තියේ සියලු පළාත්වල වැසියෙනි,
නුඹලා මට කරන්න යන්නේ කුමක් ද?
4
නුඹලා මාගෙන් පළිගන්නට බලන්නහු ද?
4
නුඹලා මාගෙන් පළිගන්නට යන්නහු නම්, මට කරන්නට යන දේ විගසින් ම නුඹලාට පල දෙන්නට සලස්වන්නෙමි.
5
මන්ද, නුඹලා මාගෙන් රන් රිදී ගෙන ගොස් ඇත.
5
මාගේ වටිනා වස්තු නුඹලාගේ දේවාලවලට පැහැරගෙන ගොස් ඇත.
6
ජුදාවේ හා ජෙරුසලමේ සෙනඟ දුරබැහැර ගෙන ගොස් ග්‍රීක්වරුන්ට විකුණා ඇත.
7
දැන්, නුඹලා ඔවුන් විකුණා ඇති පළාත්වලින් මම ඔවුන් මුදාගෙන එන්නෙමි.
7
නුඹලා ඔවුන්ට කළ දේ මම නුඹලාට ම පල දෙන්නට සලස්වන්නෙමි.
8
නුඹලාගේ දූ දරුවන් මම ජුදා වැසියන් අතට විකුණන්නෙමි.
8
ජුදා වැසියන් ඔවුන් දුරබැහැර සේබියන්වරුන්ට විකුණනු ඇත.
8
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
9
මේ නිවේදනය ජාතීන් අතර ප්‍රකාශ කරන්න:
9
“යුද්ධයට සැරසෙන්න;
9
බලවතුන් පුබුදුවන්න;
9
භට හමුදා රැස් කරන්න;
9
ඔව්හු ඉදිරියට පැමිණෙත් වා!
10
යෙසා 2:4; මීකා 4:3 නඟුල් දැතිවලින් කඩු ද දෑකැතිවලින් හෙල්ල ද තළාගන්න ‘මම බලවන්තයෙක්මි’යි
බෙල හීනයා කියාගනී වා!
11
එම්බා අවටින් සිටින සකල ජනයෙනි!
11
කඩිනමින් පැමිණෙන්න;
11
එහි රැස් වන්න.”
11
සමිඳුනි, ඔබේ බලවත් සේනාවන් එවන්න.
12
“ජාතීහු සැරසී ජෙහෝෂාපාට් මිටියාවතට නැඟිට එත් වා!
12
මන්ද, අවටින් සිටින සකල ජාතීන් විනිශ්චය කිරීමට මම එහි අසුන් ගන්නෙමි.
13
එළිද 14:14-16,19-20; 19:15 අස්වැන්න පැසී ඇති බැවින් දෑකැත්ත යොදන්න;
13
මිදි යන්ත්‍ර පිරී ඇති බැවින් ඇතුළට ගොස් පාගන්න;
13
ඔවුන්ගේ නපුරුකම් අධික බැවින් බඳුන් උතුරා යයි.”
14
කෝටි සංබ්‍යාත මහා ජනකායක් තීන්දු දීමේ මිටියාවතේ රැස් වී සිටිති.
14
තීන්දු දීමේ මිටියාවතෙහි සමිඳුන්ගේ දවස ළං ව ඇත.
15
ඉර හඳ අඳුරු වී ඇත;
15
තරුවල දීප්තිය නිවී ගොස් ඇත.
ජුදාවට හිමි වන ආසිරි
16
ආමො 1:2 සමිඳාණෝ සියොන්හි ගර්ජනා කරන සේක;
16
ජෙරුසලමේ සිට හඬ නඟන සේක.
16
අහසත් පොළොවත් කම්පා වනු ඇත.
16
එහෙත්, සමිඳාණෝ සිය සෙනඟට රක්ෂා ස්ථානයක් වන සේක.
16
ඉශ්රායෙල් ජනයාට බලකොටුවක් වන සේක.
17
“ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය.
17
මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි.
17
ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය.
17
විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය.
18
ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත;
18
හෙල්වලින් කිරි ගලා යනු ඇත.
18
ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත.
18
සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත.
19
ජුදා වැසියන්ට බලහත්කාරකම් කොට, ඒ රටේ මිනිසුන් මරාදැමූ නිසා මිසර දේශය පාළුකරයක් වන්නේ
ය.
19
ඒදොම් රට මරුකතරක් වන්නේ ය.
20
ජුදාහි සදහට ම ද ජෙරුසලමේ පරම්පරාවෙන් පරම්පරාවට ද සෙනඟ වාසය කරනු ඇත.
21
මන්ද, සමිඳාණෝ සියොන් කන්දේ වැඩ වාසය කරන සේක.
21
සියලු වරදකරුවන්ට මම දඬුවම් දෙමි.
21
ඔවුන්ගේ ලේ වැගිරීමේ වරද ගැන මම පළිගනිමි.”