ප්‍රස්තාවනාව
1 යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි. 2 ඔහුට පුත්‍රයෝ සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ. 3 සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.
4 ඔහුගේ පුත්‍රයෝ එකිනෙකා තම තමාට නියමිත දවසෙහි තම තමාගේ ගෙදර මංගල භෝජනයක් පිළියෙළ කිරීම ද ඊට සහභාගි වන ලෙස තම සහෝදරියන් තිදෙනාට ආරාධනා කිරීම ද ඔවුනොවුන්ගේ සිරිතක් ලෙස කළහ. 5 මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.
දිව්‍ය රාජ සභාව
6 උත් 6:2 තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය. 7 “නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
8 එවිට සමිඳාණන් වහන්සේ, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.
9 එළිද 12:10 සාතන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ජෝබ් දේව ගරුබිය ඇති කෙනෙකු ව කල් යවන්නේ යම් හේතුවක් ඇති නිසා නොවේ ද? 10 ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය. 11 හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහු සතු සියල්ලට පහර දී බලන්න. එසේ කළොත්, ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇත. එය මට සිකුරු ය”යි පැවසී ය.
12 එවිට සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳයි, ජෝබ් සහ ඔහු සතු සියල්ල දැන් ඉතින් නුඹේ බලයට යට ය. හැබැයි, එකක් කියමි; ඔහුගේ ඇඟට පමණක් අත තබන්නට නුඹට අවසර නැතැ”යි සාතන්ට වදාළ සේක. එවිට සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය.
ජෝබ්ට පැමිණි විපත්ති
13 එක් දිනක් ජෝබ්ගේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටිය දී මෙසේ සිදු විය: 14 පණිවුඩකාරයෙක් ජෝබ් වෙත වහා දිව අවුත්, “ගවමහිෂයන් සී සාමින් ද කොටළු දෙනුන් තණ කමින් ද සිටියදී 15 ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
16 ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “අහසින් අකුණක් වැදී බැටළුවන් සහ එඬේරුන් පිට ඇවිළී ඔවුන් දවා දැමී ය. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
17 ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
18 ඔහු කතා කරමින් සිටියදී ම සතර වැනි කෙනෙක් ද අවුත්, “ඔබේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටියදී, 19 කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
20 මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:
21 “මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි;
22 මේ සියල්ලේ දී ජෝබ් පව් කෙළේත් නැත, දෙවියන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත.
2සාතන් යළිත් ජෝබ් පෙළඹවීම
1 නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය. 2 සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දැන් මෙහි පැමිණියේ කොතැන සිට දැ”යි සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
3 එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසිවෙක් මුළු මහ පොළොවෙහි නැත. නිරපරාදේ ඔහු වනසාලීමට නුඹ මා පෙළඹෙවූ නමුත්, ඔහුගේ දේව භක්තිය කිසි සේත් තව ම අඩු වී නැතැ”යි සාතන්ට වදාළ සේක.
4 සාතන් ද උත්තර දෙමින්, “ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද? 5 හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහුගේ ඇටකටු හා මාංසයට පහර දී බලන්න. එවිට ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇතැ”යි කී ය.
6 එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “හොඳයි, මම ඔහු නුඹ අතට බාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොතියන්නැ”යි සාතන්ට වදාළ සේක.
7 සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය. 8 ජෝබ් අළු ගොඩේ වාඩි වී ඇඟ කසා ගැනීමට වළං කැබිලිත්තක් ගත්තේ ය. 9 එවිට ඔහුගේ භාර්යාව කතා කරමින්, “ඔය දේව භක්තිය පැවැත්තුවා මදි ද? දෙවියන්ට සාප කොට මැරෙණ එක වඩා හොඳ නැද්දැ”යි කීවා ය.
10 එහෙත්, ජෝබ් පිළිතුරු දෙමින්, “මෝඩ ගෑණියක වාගේ ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ අතින් සැපත පිළිගනිමු නම්, විපතත් පිළිගත යුතු නොවේ දැ”යි ඇසී ය. මේ සියල්ලේ දී ම ජෝබ් වචන මාත්‍රයකින් වත් පව් කෙළේ නැත.
මිතුරන්ගෙන් අස්වැසුම්
11 ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ. 12 ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ. 13 මෙසේ ඔව්හු රෑ සතකුත්, දවල් සතකුත් ඔහු සමඟ බිම වාඩි වී උන්හ. කිසිවෙක් ඔහුට වචන මාත්‍රයකුදු නොකී හ. මන්ද, ඔහුගේ ශෝකය ඉතා බලවත් බව ඔවුන් තේරුම්ගත් බැවිනි.
3ජෝබ් සිය උපන් දිනයට සාප කිරීම
1 ජෙර 20:14-18 ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින්
2 මෙසේ කී ය:
3 “මා උපන් දිනයට සාප වේ වා!
4 ඒ දවස අඳුරෙන් වැසේ වා!
5 ඒ දවස, ගන’ඳුරින් හා තද කළු වැහි පටලින් වැසීයේ වා!
6 ඒ රාත්‍රිය, ගන’ඳුරින් වැසීයේ වා!
7 එවන් රැයක, වෙන දරු උපතක් සිදු නො වේ වා!
8 මුහුදු සතුන්, දිය රකුසන්, මන්ත්‍ර බලයෙන් මැඬලන අය එදිනට සාප කරත් වා!
9 ඒ දවස හිරු බැස යන කල අහසෙහි තරු නොදිළේ වා!
10 මේ සියල්ල, මෙසේ සිදු විය යුත්තේ, මවු කුසෙන් මා බිහි වී දුක දැක්මෙන් මා නොවැළැක් වූ බැවිනි.
11 මවු කුසේ දී ම මා නොමළේ මන් ද?
12 මවු තුරුල්ලට මා පිළිගත්තේ කුමට ද?
13 මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි;
14 එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි.
15 සිය මැදුරු රන් රිදීයෙන් පුරවාගත් කුමරුන් සමඟ ද මට සැතපෙන්නට තිබිණි.
16 මෙලොව එළිය නුදුටු දරුවන් මෙන් ගබ්සා වී මා මිය නොගියේ මන් ද?
17 සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත;
18 සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත;
19 සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය;
20 “එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද?
21 එළිද 9:6 ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත.
22 සොහොනට යෑම ඔවුන්ට සතුටකි;
23 දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද?
24 මාගේ ආහාරය සුසුම් කඳුළු පමණකි;
25 මා බියජනක දේ මට පැමිණ ඇත.
26 මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත;
එලිපස්ගේ පළමු වන කතාව
1 එවිට තේමානීය එලිපස් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2 “මා ඔබට වචනයක් කීවොත්, එය ඔබට කරදරයක් වේ ද?
3 ඔබ, බොහෝ අයට දිරිය දුන් හැටිත්, දුබල අයට සවිය දුන් හැටිත් සිතා බලන්න.
4 පැකිළෙන අය ඔවා බසින් තිර කොට වැනෙන, සැලෙන දෙදණ සවි කළ හැටි සිතා බලන්න.
5 එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත;
6 ඔබේ ආගමෙන් ඔබට සැනසුමක් නැද් ද?
7 නිදොස් කෙනෙකු විපතට පත් වූ බව ඔබ අසා ඇද් ද?
8 මා දැක ඇති ලෙස නම්, අදමිටුකම සී සාමින් අයුක්තිය වපුරන අය, ඒවා ම නෙළා ගනිති.
9 දෙවිඳුන්ගේ එක හුස්මෙන් පවිටු දනෝ වැනසී යති.
10 සිංහයාගේ ගර්ජනය ද රුදුරු සිංහ රජුගේ ගෙරවීම ද පහ වී ඇත;
11 සිහ රද ගොදුරක් නොලැබ මිය යයි.
12 මට එක් කරුණක් රහසින් හෙළි වී ඇත;
13 ජෝබ් 33:15 මිනිසා රෑ යාමයෙහි බර නින්දට පත් ව, ස්වප්න දකින විට, ගැඹුරු සිතුවිලි උදා වන විට,
14 මා සිරුරෙහි ඇටකටු සැලෙන්නට විය.
15 මඳ පවනක් මා මුහුණට වැදිණි.
16 යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය.
17 දෙවිඳුන් අබිමුව කිසිවෙකුට තමා නිදොස් යැයි සිතිය හැකි ද?
18 එතුමාණෝ සිය මෙහෙකරුවන් කෙරේ වත් විශ්වාසය නොතබන සේක;
19 එසේ නම්, පොළොවේ දූවිල්ලෙහි තනන ලද මැටි ගෙවල වසන අය ගැන කියනුම කවරේ ද?
20 උදය සිට සවස වන තුරු ඔව්හු වැනසී යති;
21 ඔවුන් සතු සියලු දේ පැහැරගෙන ඇත.
1 “දැන් ඉතින් හඬගා බලන්න.
2 දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය.
3 අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත;
4 ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත;
5 අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති;
6 විපත පොළොවේ පසින් හට නොගනියි;
7 ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි.
8 එහෙත්, මම නම්, දෙවි තුමන් වෙත හැරී මාගේ නඩුව එතුමන්ට බාර කරමි.
9 එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය;
10 දෙවි තුමාණෝ මහ පොළොවට වැසි වස්වන සේක;
11 එතුමාණෝ පහත් අය උසස් කරන සේක.
12 එතුමාණෝ කපටින්ගේ උපා වළකන සේක;
13 1 කොරි 3:19 කපටින් ඔවුන්ගේ ම උපාවලින් අසුකරගන්න සේක;
14 මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ;
15 එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක.
16 මෙසේ දිළිඳුන් හට පැතුමක් ඇත;
17 හිතෝ 3:11-12; හෙබ්‍රෙ 12:5-6 දෙවි තුමන්ගෙන් දඬුවම් ලබන මිනිසා වාසනාවන්ත ය.
18 හොසි 6:1 තුවාළ කරන්නේත් එතුමාණෝ ය;
19 පිට පිට විපත් පැමිණියත් එතුමාණෝ ඔබ ගළවන සේක;
20 සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක;
21 බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත;
22 විපත ද සාගතය ද දැක ඔබ සිනාසෙනු ඇත;
23 ඔබේ කෙත් යායෙහි ගල් මුල් නැත;
24 ඔබේ කූඩාරමෙහි සාමය වැජඹෙන බව ඔබ දන්නෙහි ය;
25 ඔබේ දරු පරපුර වැඩි වනු ඇත;
26 නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත;
27 කිරි ගසට ඇන්නාක් මෙන් මේවා සැබෑ බව අත්දැකීමෙන් අපි දනිමු.
ජෝබ්ගේ පිළිතුර
1+JOB ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
3 කිරා බැලුවොත්, ඒවා මුහුදේ වැලිවලට වඩා බර ය;
4 සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත;
5 තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද?
6 ලුණු නැති නීරස අහර වළඳන්නේ කවරෙක් ද?
7 එවන් කෑම කන්නට මට ප්‍රිය නැත;
8 මාගේ යැදුම ඉටු වුවහොත්, මාගේ පැතුම දෙවි තුමන් ඉටු කළහොත් කොතරම් හොඳ ද?
9 දෙවි තුමාණෝ මාගේ ඇට කටු බිඳ, සිය අත දිගු කොට මා වනසන සේක් වා!
10 එසේ කළොත්, මට සැනසිල්ලක් ඇත;
11 මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද?
12 ගල් බඳු සවියක් මට ඇද් ද?
13 විපතින් මිදෙන්නට මා තුළ ම ශක්තියක් නැත;
14 මා දෙවිඳුන් අත්හැරියත්, නැතත්, මෙවන් දුකේ දී හිත මිතුරෝ අවශ්‍ය වෙත්.
15 එහෙත්, මා මිතුරන් වන ඔබ ඔයක් මෙන් ද
16 ඔයවල් හිමෙන් බොර පාට වී හිම කැටිවලින් වැසී යනු ඇත.
17 ගංවතුර ගැලිය යුතු කාලයේ දී ඒවා අතුරුදහන් වී, ගිම්හානයේ දී දිය පතුලට ම හිඳී යයි.
18 තවලම්කරුවෝ වතුර සොයමින් වෙන පාරක යති.
19 තේමාහි තවලම්කරුවෝ වතුර සෙවුවෝ ය;
20 ඔවුන්ගේ පැතුම් බිඳ වැටිණි;
21 විපතක් දැක බිය වන මා මිතුරන් වන ඔබ මට එවන් ඔයවල් වැන්න.
22 මට යමක් දෙන්න කියා වත් මා වෙනුවෙන් අල්ලසක් දෙන්න කියා වත්,
23 රුපුන් අතින් මා මුදන්න කියා වත්, දාමරිකයන්ගේ අතින් මා ගළවන්න කියා වත් මම කිසි දා ඔබට කීවෙම් ද?
24 හොඳයි! ඔබ මට ඔවදන් දෙන්න;
25 නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද?
26 මා කියන්නේ, පුහු වචනය කියා ඔබ සිතන්නහු ද?
27 ඔබ බලන්නේ, කාත් කවුරුත් නැති කෙනෙකු දාදු දමා අයිති කරගන්නට ද?
28 ඉතින් කරුණාකර මා දෙස බලන්න.
29 ඔය කිව්වා හොඳට ම ඇති!
30 මා බොරු කියති යි ඔබ තවමත් සිතන්නහු ද?
1 “මිහි මත මිනිස් ජීවිතය සටනක් නොවන්නේ ද?
2 තුරු සෙවණෙහි විවේකය සොයන වහලෙකු මෙන් ද වැටුප ගෙවන තුරු බලා හිඳින කුලීකරුවෙකු මෙන් ද
3 මසින් මසට පාළු සිතින් කල්යැවීමට මට නියම ව ඇත;
4 මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි.
5 මා සිරුරෙහි සෑම තැන ම පණුවෝ ඇත;
6 බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි;
7 “දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න;
8 දැන් ඔබ මා දකින දෙනෙත් යළි කිසි දා මා නොදකිනු ඇත;
9 නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.
10 සිය නිවෙසට ඔහු හැරී නොඑයි;
11 “මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය;
12 ඇයි මා වටකර මුර කරගෙන ඉන්නේ?
13 ‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි.
14 එවිට, ඔබ ස්වප්නවලින් මා බිය ගන්වන සේක;
15 මෙසේ ජීවත් වීමට වැඩියෙන් ගෙල මිරිකා මරණු ලැබීම මට හොඳ ය;
16 මට කිසි පැතුමක් නැත;
17 ගීතා 8:4; 144:3 ඔබ මිනිසා ගැන මෙතරම් ඉහළින් සලකන්නටත්, ඔහු වෙත ඔබ සිත යොමුකරන්නටත්,
18 උදයෙන් උදය, මොහොතින් මොහොත ඔහු සෝදිසි කරන්නටත් මිනිසා කවරෙක් ද?
19 මොහොතකට වත් ඔබ මා කෙරෙන් ඔබේ බැල්ම ඉවතට නොගන්න සේක් ද?
20 මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද?
21 ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද?
බිල්දද්ගේ මුල් කතාව
1 එවිට ෂුහිය බිල්දද් මෙසේ කී ය:
2 ඔබේ ප්‍රලාප දෙඩීම දැන් වත් ඉවරයක් නැද් ද?
3 දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද?
4 ඔබේ දූ දරුවන් දෙවිඳුන්ට විරුද්ධ ව පව් කළ බැවින්, ඔවුන්ට දෙවිඳාණෝ නිසි දඬුවම දුන් සේක.
5 දැන් ඉතින්, ඔබ උනන්දුවෙන් දෙවිඳුන් සොයා, සව් බලැති එතුමන්ට කන්නලව් කරන්නෙහි නම්,
6 ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත.
7 “ඔබේ පටන්ගැන්ම සුළු වුව ද අවසානය උසස් වනු ඇත.
8 ඔබේ පැරණියන් විමසා, මුතුන්මිත්තන් අත්දුටු දෙයට සිත යොදන්න.
9 අද ඊයේ උදවිය වන අපි කුමක් දනිමු ද?
10 එහෙත්, ඒ පැරණියෝ තමන් රැස් කර දැනගත් ප්‍රඥාවෙන් අපට කතා කරති;
11 “මඩ වගුරු නැති තැන තුන්හිරියා මනා ව වැවෙනු ඇද් ද?
12 අමු අමුවේ තිබිය දී ම කැපුවත්, අන් පලා ජාතීන්ට කලින් ඒවා වියළී යනු ඇත.
13 දෙවිඳුන් අමතක කරන කොයි මිනිසාගේත් ඉරණම එසේ ම වේ.
14 ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි;
15 මකුළු දැලට ඔවුන් හේත්තු වුණොත්, එයට ඔවුන් වාවා ගත හැකි ද?
16 නපුරු දනෝ හිරු එළියේ සශ්‍රීක වන, වත්ත පුරා විහිදී යන වල් පැළෑටි වැන්න.
17 ඒවායේ මුල්, ගල් ගොඩේ එතෙනු ඇත;
18 යම් කිසිවෙකු ඒවා එතැනින් උදුරා දැමුවොත්, ඒවා එතැන තිබූ බව වත් කිසිවෙක් නොදනිති.
19 ඉන් ඇති වන ප්‍රීතිය නම්, එම බිමෙන් අන් පැළෑටි මතු වීම ය.
20 දෙවි තුමන් නිදොස් කෙනෙකු ඉවත ලන්නේ වත්, නපුරෙකු සමඟ සමගි වන්නේ වත් නැත.
21 එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක.
22 ඔබේ සතුරන්ට අපකීර්තිය අත් වේ;
ජෝබ්ගේ පිළිතුර
1 එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ජෝබ් 4:17 “ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි.
3 පැමිණිලිකරු මෙන් මිනිසාට දෙවිඳුන් සමඟ වාද කළ හැකි ද?
4 දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය;
5 එතුමාණෝ හිටි හැටියේ ගිරිකුළු දෙදරවා හරින සේක;
6 මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක;
7 එතුමාණන් අණ කළහොත්, හිරු උදා නොවන්නේ ය;
8 ඒ උතුමාණෝ පමණක් ම අහස් තලය දිග හරින සේක;
9 ජෝබ් 38:31; ආමො 5:8 මහ වලසා ද මුව සිරස ද හත්දින්න ද දකුණු දිග තාරකා ද මැවූ සේක.
10 මිනිස් මනසින් සොයාගත නොහැකි මහත් දේ ද ගණනාවක් නොමැති අසිරිමත් දේ ද කරන සේක.
11 මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත;
12 දෙවි තුමන් යමක් ගන්න කල එය වැළැක්විය හැකි සමතා කවරෙක් ද?
13 දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත;
14 එසේ නම්, එතුමන් සමඟ සුදුසු වචනින් වාද විවාද කිරීමට හැකියාවක් මට ඇද් ද?
15 මා නිදොස් වුව ද එතුමන්ට උත්තර දීමට මම අපොහොසත් වෙමි.
16 මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය.
17 එතුමාණෝ සැඬ සුළඟින් මට පහර දී තව තවත් මට නිකරුණේ තුවාළ කරන සේක.
18 එතුමාණෝ මට හුස්ම ගන්නට වත් ඉඩ නොදී සිත් තැවුළින් මා පුරවන සේක.
19 ශක්තිය ගැන සිතමු නම්, එය ඇත්තේ එතුමන්ට ය.
20 ‘මම නිදොස් වෙමි’යි මා කටින් කීවත්, මාගේ ම වචනය මා වරදට පත් කරයි.
21 මා නිදොස් වුවත්, ජීවිතයෙන් මට කමක් නැත;
22 මට කොයි එකත් එක ය.
23 විපතින් හදිසි මරණය එන විට නිදොස් අයගේ විපත්තිය ගැන එතුමාණෝ සිනාසෙන සේක.
24 ලෝකය කුදිටු අය අතට බාර දී තිබේ;
25 මාගේ කල දවස, දුවන පණිවුඩකාරයෙකුට වඩා වේගයෙන් ගෙවෙයි.
26 මාගේ දිවිය වේගයෙන් යන නැවක් මෙන් ද ගොදුර පිට කඩා වදින රාජාලියෙකු මෙන් ද පහ ව යයි.
27 මාගේ විලාපය අමතක කොට, ‘මම මාගේ දොම්නස් පෙනුම සොම්නසට වෙනස් කරමි’යි කීවත්,
28 මම මාගේ සියලු දුක්ගැනවිලිවලට බියෙන් සිටිමි.
29 ‘නුඹ වරදකරුවෙකැ’යි ඔබ වදාරන සේක් නම්, මාගේ වෙහෙස වීමෙන් වැඩක් ඇද් ද?
30 සුදු හිම දියෙන් නා ගෙන මාගේ දෑත කොතරම් සුදෝ සුදු කරගත්තත්,
31 ඔබ මා මඩ වළට හෙළන සේක.
32 එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත.
33 අප දෙපසට මැදින් අප අතර සමගිය ඇති කිරීමට මැදහත්කරුවෙක් නැත.
34 ඔබේ දඬුවම මා කෙරෙන් පහකළ මැනව.
35 එවිට මම නොබිය ව කරුණු කියමි.
1 “මට ජීවිතය තිත්ත වී ඇත;
2 මම දෙවිඳුන්ට මෙසේ කියමි:
3 මෙසේ මා පෙළීමත්, ඔබේ ම මැවිල්ල වන මා හෙළා දැකීමත්, දුදනන්ගේ ක්‍රියා කලාපය ගැන සතුට පහළ කිරීමත් ඔබට සුදුසු යැයි වැටහේ ද?
4 ඔබට ඇත්තේ මිනිස් දෙනෙතක් නොවේ.
5 ඔබේ දවස් මිනිසාගේ දවස් මෙන් නොවේ.
6+JOB ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්, මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද?
8 ඔබේ දෑතින් මට රූපය දී ඔබ මා මැවූ සේක.
9 ඔබ මා මැටි අඹන ලෙස සෑදූ බව සිහි කරන්න.
10 කිරි බිඳක් කැටි වන ලෙස ඔබ මාගේ කළල රූපය මවු කුසෙහි සවි වන්නට සැලැසූ සේක;
11 ඇට හා නහර මට දී හම හා මස්වලින් ඔබ මා පැළඳවූ සේක.
12 ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක.
13 එහෙත්, ඔබ හදවතෙහි මේ සියලු දේ සඟවා ගත් සේක.
14 මා පව් කරන විට ඔබ සටහන් කර ගන්න සේක;
15 මම දුෂ්ටයෙක් වීම් නම්, මට වන විපතක මහත!
16 මා හිස එසෙව්වත්, සිංහයෙකු මෙන් ඔබ මා ලුහුබැඳ අරුමපුදුම ලෙස ඔබ තවත් ජයග්‍රහණයක් ලබන සේක.
17 මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක.
18 ‘ඉතින් ඔබ මවු කුසින් මා ගෙනායේ කුමට ද?
19 උපත වෙනුවට මවු ගැබෙන් කෙළින් ම සොහොන් ගැබට ගියා නම්, එය මට යෙහෙකැ’යි සිතමි.
20 මාගේ ජීවිතය ලුහුඬු ය, මා සිතූ හැටියට නිදහසේ සිටින්නට මට ඉඩ දී අල්ප මාත්‍ර ප්‍රීතියක් මට දුන මැනව.
21 මම විගසින් තුරන් වී යමි;
22 ඒ දේශය වියවුලින් පිරී ඇත;
ශෝපර්ගේ පළමු වන කතාව
1 එවිට නයමාතීය ශෝපර් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2 “මේ වාග් ප්‍රවාහයට පිළිතුරක් දිය යුතු නොවේ ද?
3 සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද?
4 ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය.
5 දෙවියන් වහන්සේ සිය මුව විදහා ඔබට කතා කරන සේක් නම්,
6 එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත.
7 ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද?
8 එය අහසටත් වඩා උස ය;
9 එය මහ පොළොවට වඩා විශාල ය.
10 එතුමාණන් අවුත් ඔබ හිරබාරයට ගෙන නඩු ආසනය වෙත ගෙන ගියොත්, එය වැළැක්විය හැකි කාට ද?
11 එතුමාණෝ හොර බොරු කරන අය මැනවින් දන්න සේක.
12 මොළේ නැති කෙනෙකුට නැණවත් විය හැකි ද?
13 ඔබේ සිත හරි මඟ යවන්න;
14 ඔබ අත වරද තිබේ නම්, එය ඉවත ලන්න;
15 එවිට ඔබට නිදොස් ව, හිස ඔසවා සිටිය හැකි ය.
16 ඔබේ දුක් ගැනවිලි, බැස ගිය ගංවතුරක් මෙන් ඔබට අමතක වනු ඇත.
17 ඔබේ ජීවිතය මද්දහනේ හිරුට වඩා දීප්තිමත් වනු ඇත.
18 බලාපොරොත්තු ඇති බැවින් ඔබට ආත්ම විශ්වාසය ඇත;
19 ඔබ කිසිවෙකුගෙන් බියක් නැති ව සුව සේ නිදනු ඇත.
20 එහෙත්, දුදනන්ගේ ඇස් නොපෙනී යයි;
ජෝබ්ගේ පිළිතුර
1 ඊට පිළිතුරු වශයෙන් ජෝබ් මෙසේ කී ය:
2 “ඔබයි, පණ්ඩිතවරු!
3 මටත් ඔබට මෙන් ම මොළේ නැද් ද?
4 මම දෙවිඳුන් අයැද උත්තර ලත් මිනිසෙක්මි;
5 සැප ඇති අය අසරණයන් සුළු කර සිතති;
6 කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි;
7 එහෙත්, පොළොවේ සතුන්ගෙන් අසන්න;
8 පොළොවේ බඩ ගා යන සතුන් ඔබට කරුණු පහදා දෙනු ඇත.
9 සමිඳුන්ගේ හස්තය මේ සියල්ල කළ බව තේරුම්ගන්නෝ ඔවුන්ගෙන් කවුරු ද?
10 දිවි ඇති සියලු සතුන්ගේ පණ නළ ද මුළු මිනිස් සංහතියේ ජීවිතය ද එතුමන් අතෙහි ඇත.
11 දිවෙන් කෑම රස බලන්නාක් මෙන් කනින් අසන වචන මනස විමසනවා නොවේ ද?
12 වයස්ගත අය හට ප්‍රඥාව ඇත.
13 දෙවිඳුන් වෙත ප්‍රඥාව හා බලය යන දෙක ම ඇත.
14 එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත.
15 එතුමාණන් වැස්ස දුන් විට එය නැවතුවහොත් ඉඩෝරය පැමිණේ.
16 බලය හා දක්ෂකම එතුමන් වෙත ඇත.
17 එතුමාණෝ අනුශාසකයන් මන්ද බුද්ධිකයන් කරන සේක;
18 එතුමාණෝ රාජ බලය බිඳදමා, රජවරුන් දාසයන් කරන සේක;
19 එතුමාණෝ පූජකවරුන් බලයෙන් ඉවත් කරන සේක.
20 එතුමාණෝ චතුර කථිකයන් නිහඬ කරන සේක;
21 එතුමාණෝ රජ කුමරුන් අවමානයට ලක් කරන සේක;
22 කළුවර තැන්වලට ආලෝකය එවන සේක;
23 එතුමාණෝ ජාතියක් උසස් කොට එය විනාශ කරන සේක;
24 එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක;
25 ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති;
1 “බලන්න, ඔබ කී සියල්ල මාගේ ඇසින් දැක, කනින් අසා තේරුම් ගතිමි.
2 ඔබ දන්න දේ මමත් දනිමි.
3 එහෙත්, මාගේ කතාව සව් බලැති දෙවිඳුන් සමඟ ය.
4 ඔබ වනාහි ඇත්ත සඟවා නැත්ත කියන අය වන්නහු ය.
5 ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය.
6 කරුණාකර, මාගේ තර්කවලට සවන් දෙන්න.
7 ඔබ ඇත්ත සඟවන්නේ දෙවිඳුන් වෙනුවෙන් ද?
8 ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද?
9 එතුමන් ඔබ හොඳින් විමසා බැලුවොත් යහපත් දෙයක් සම්බ වනු ඇද් ද?
10 ඔබ, නිකරුණේ මට වරද තබන්නහු නම්, එතුමන් නොවරදවා ම ඔබට දඬුවම් දෙන බව සත්තක ය.
11 එතුමන්ගේ ශ්‍රී මහිමය ඔබ බිය ගන්වන්නේ නැද් ද?
12 ඔබේ උපදේශ පරණ හණ මිටි වැනි ය.
13 නිශ්ශබ්ද වන්න;
14 මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි;
15 එතුමාණන් මා මැරුවත් මට කමක් නැත.
16 මෙසේ මුහුණ පෑම ම මාගේ ගැළවීම විය හැක.
17 මට සවන් දෙන්න;
18 මෙන්න, මාගේ විත්තිය පිළියෙළ කොට ඇත, මා නිදොස් වන බව සිකුරු ය.
19 නඩුවේ දී මා සමඟ තර්ක කරන සමතෙක් ඇද් ද?
20 මේ කරුණු දෙක පමණක් ඉල්ලා සිටිමි.
21 ඔබේ හස්තය මා කෙරෙන් ඉවතට ගත මැනව.
22 ඉන්පසු ඔබ මට විරුද්ධ ව චෝදනා කළොත් මම උත්තර දෙමි.
23 අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද?
24 ඔබ මාගෙන් මුහුණ සඟවාගෙන මා ඔබේ සතුරෙකු කොට ගණන් ගන්නේ මන් ද?
25 සුළඟේ ගසාගෙන යන පරඬලාපතකට ඔබ හිරිහැර කරන සේක් ද?
26 ඔබ මට විරුද්ධ ව දරුණු චෝදනා ගෙනෙන සේක:
27 ජෝබ් 33:1 මාගේ දෙපා දඬුකඳෙහි දමන සේක.
28 ඒ නිසා මාගේ දිවිය දිරා ගිය ලීයක් මෙන් ද කාවුන් කෑ කබායක් මෙන් ද දුබල වී ඇත.
141 “මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත.
2 ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය.
3 එවැන්නෙකු දෙස ඔබ නෙත් යොමා බලන සේක් ද?
4 අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද?
5 මිනිසාගේ ආයු මිම්මක් ඇත.
6 පැයවල් ගණන් බලමින් කුලීකරුවෙකු මෙන් සිටින ඔහුගෙන් ඔබේ ඇස් ඉවතට ගෙන ඔහුට විවේකය දුන මැනව.
7 ගසක් කපා දැමුවොත්, එය යළිත් ලියලා එහි රිකිලි හටගනු ඇතැ යි බලාපොරොත්තුවක් ඇත.
8 ඒ ගසේ මුල් බොහෝ කල් පොළොවේ දිරා ගියත් එහි කඳ බිම වියළී ගියත්,
9 වතුර උරා ගත්තොත් දලු ලා පැළෑටියක් මෙන් යළිත් අතු ලියලනු ඇත.
10 එහෙත්, මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි.
11 වැවේ වතුර සිඳී යන්නේ ය;
12 එසේ ම, මිනිසා මියගිය කල යළි නොනැඟිටියි;
13 අනේ!
14 මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද?
15 ඔබ හඬගසන සේක:
16 එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක;
17 ඔබ මාගේ පව් මල්ලක දමා මුද්‍රා තබා ඇත.
18 “කන්දක් ගරා වැටී සුණු විසුණු වන්නාක් මෙන්, පර්වතයක් එය පිහිටි තැනින් පහ ව යන්නාක් මෙන්,
19 වතුරෙන් ගල් ගෙවී යන්නාක් මෙන්, ජලප්‍රවාහයෙන් පොළොව සේදී යන්නාක් මෙන් ඔබ මිනිසාගේ පැතුම් සුන් කරන සේක.
20 ඔබ අවසානය දක්වා ඔහු පරාජය කරන සේක.
21 ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන විට, එපවත් ඔහු නොදනියි.
22 එහෙත්, ඔහුට දැනෙන්නේ ඔහුගේ සිරුරේ වේදනාව පමණකි.
එලිපස්ගේ දෙ වන කතාව
1 ඊට පිළිතුරු වශයෙන් තේමානීය එලිපස් මෙසේ කී ය:
2 “සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද?
3 ඔහු නිෂ්ඵල වචන හා වැඩක් නැති කතාවලින් තර්ක කරනු ඇද් ද?
4 ඔබ දේව භක්තිය ඉවත ලා දෙවිඳුන් ඉදිරියෙහි භාවනා නවත්වා ඇත.
5 ඔබේ ම වචනවලින් ඔබ වරදකරු බව පෙනෙයි.
6 ඔබ වරදට පත් කරන්නේ ඔබේ ම වචනය වේ;
7 “මෙලොව උපන් පළමු වන මිනිසා ඔබ යයි ඔබ සිතන්නෙහි ද?
8 දෙවිඳුන්ගේ රහස් මන්ත්‍රණවලට ඔබ සවන් දී ඇද් ද?
9 අපට නොමැති දැනුමක් ඔබට ඇත්තේ ද?
10 ඔබේ පියාට වඩා වයෝවෘද්ධ, කෙස් පැසුණු පැරැන්නෝ අප අතර සිටිත්.
11 දෙවිඳාණන් ඔබ සවනතට මෘදු ලෙස කොඳුරා කියන අස්වැසිලි වදන් ඔබ අගේ නොකරන්නෙහි ද?
12 ඔබේ සිත දමනය කිරීමට ඔබ අසමත් ද?
13 දෙවිඳුන්ට විරුද්ධ ව නැඟී සිට මෙවැනි වචන ඔබ දොඩන්නේ මන් ද?
14 ජෝබ් 25:4-6 පවට නැමුණු මිනිසාට සුපිරිසිදු කෙනෙකු විය හැකි ද?
15 දෙවිඳාණෝ සැදැහැවතුන් වුව ද විශ්වාස නොකරන සේක;
16 එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද?
17 “මට සවන් දෙන්න.
18 ප්‍රාඥයෝ සිය මුතුන්මිත්තන්ගෙන් අසා දැනගත් දෙය නොවළහා පවසති.
19 දේශය ඔවුන්ට ම හිමි ව තිබිණි;
20 දුෂ්ටයා ජීවිතයේ සියලු දවස්වල ද සාහසිකයා දිවි ඇති තාක් ද දුක් වේදනාවෙන් පෙළෙනු ඇත.
21 බියකරු හඬ ඔහුගේ සවනත රැව් දෙයි.
22 අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත.
23 ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත.
24 අඳුරු දවස ඔහු බිය ගන්වයි.
25 මන්ද, ඔහු දෙවිඳුන්ට විරුද්ධ ව අත අමෝරා ගත්තේ ය;
26 සිය දැවැන්ත පලිහ ඔසවාගෙන හිතුවක්කාරකමින් එතුමන්ට විරුද්ධ ව දිව ගියේ ය.
27 ඔහුට තරබාරුකමින් පිපුණ මුහුණක් ද තරකමින් නෙරා ගිය තුනටියක් ද ඇත.
28 ඔහු නටබුන් නගර හිමි කරගත්තේ ය;
29 එහෙත්, ඔහු සමෘද්ධ නොවන්නේ ය;
30 ඔහු දුක ‘ඳුරෙන් එළියට එන්නේ නැත.
31 දුෂ්ටකමෙහි විශ්වාසය තැබීමෙන් ඔහු තමා ම රවටා ගනියි.
32 ඔහු, අකලට වියළී යන අතු ඇති, කිසි දා අතු විහිදී නොයන තාල වර්ග ගසක් මෙන් වනු ඇත.
33 ඔහු, පැසෙන්නට පෙර ගෙඩි වැටී යන මිදි වැලක් ද මල් පර වී වැටෙන ඔලීව ගසක් ද වැනි ය.
34 මන්ද, අභක්තිකයන්ට දරු පරපුරක් නොලැබෙනු ඇත.
35 අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහි කරන අය මොවුහු ය.
ජෝබ්ගේ පිළිතුර
1 ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 “මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත;
3 සුළං හමන්නාක් මෙන් වදින මේ වචන රැල්ලෙහි කෙළවරක් නැද් ද?
4 මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය;
5 එහෙත්, මම එසේ නොකරමි;
6 මා කතා කළත් මාගේ දුක තුනී වන්නේ නැත.
7 සැබැවින් ම දෙවිඳුනි, ඔබ මා දුබල කොට ඇත;
8 ඔබ මා කය පොඩි කර ඇත;
9 එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත.
10 මාගේ සතුරෝ මට විරුද්ධ ව නින්දා කොට මට කම්මුල් පහර දුන්හ.
11 දෙවිඳුන් මා අභක්තිකයන් අතට පාවා දී ඇත;
12 එතුමාණන් මා මැඩ ලන තුරු මම යෙහෙන් කල් යැවීමි.
13 එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ;
14 පහර පිට පහර දී මාගේ ආරක්ෂා පවුර බිඳ දමන සේක.
15 මම ගෝණි රෙදි මසා, මාගේ හම වසාගෙන, දුකින් දුබල ව දූවිල්ලෙහි හිඳගතිමි.
16 හැඬීමෙන් මාගේ මුහුණ රතු වී ඇත;
17 මා සැහැසිකමින් තොර ව සිටියදීත් මාගේ යාච්ඤා අවංක ව තිබියදීත් මේ දේ මට සිදු වී ඇත.
18 එම්බා මිහිකත!
19 ජෝබ් 19:25 මා වෙනුවෙන් සාක්ෂිකරුවෙක් සගලොව ඇත.
20 මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි.
21 මිනිසා දෙවිඳුන් සමඟ ද මිනිසා මිනිසා සමඟ ද ඉටු කළ යුතු යුක්තිය එතුමාණෝ ආරක්ෂා කරන සේක් වා!
22 ආපසු ඊමක් නැති අවසන් ගමනෙහි මම යමි.
1 “මට හුස්ම ගන්න පවා බැරි ය;
2 කොයි අතට හැරුණත්, මිනිස්සු මට සරදම් කරති.
3 “ඔබ ඉදිරියෙහි ඔබ ම මාගේ ඇපකරු වුව මැනව.
4 තේරුම් නොගන්න පිණිස චින්තන බුද්ධිය ඔබ අඳුරු කර ඇත.
5 සිය වාසිය පිණිස මිතුරන් පාවා දෙන මිනිසාගේ දරුවන් දුක් විඳිනු ඇත.
6 සමිඳුන් මිනිසුන් අතර මා නින්දා පාඨයක් කර ඇත.
7 මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත.
8 දැහැමි අය මා දැක මවිත වෙති.
9 දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි;
10 එහෙත්, ඔබ සියලු දෙන ම මා වෙත යළි පැමිණියත්, ඔබ අතර පැණවතෙක් මට හමු වනු ඇද් ද?
11 මාගේ දවස් ගෙවී ගොස් ඇත;
12 එහෙත්, මාගේ මිතුරෝ මාගේ රැය දවාලට හරවති;
13 මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය.
14 මිනීවළට මම, ‘පියා ය’යි කියමි;
15 එසේ නම්, මාගේ පැතුම කොතැන ද?
16 දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා නොහැකි ද?”
18බිල්දද්ගේ දෙ වන කතාව
1 එවිට ෂුහිය බිල්දද් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 “ඔබේ කතාවට ඉවරයක් නැද් ද?
3 අප ගොන් රැළකැ යි ඔබ සිතන්නෙහි ද?
4 ඔබ කෝපයෙන් ඔබ ම කැබලිවලට ඉරාගන්නේ මන් ද?
5 ජෝබ් 21:17 එසේ ය, දුදනාගේ පහන නිවී යයි;
6 ඔහුගේ කූඩාරමෙහි පහන අඳුරු වෙයි.
7 ස්ථිර ව තිබූ ඔහුගේ පාද දැන් වැනෙන සුලු ය.
8 ඔහු වහා දුව ගොස් දැලකට අසු වෙයි;
9 ඔහුගේ විලුඹ උගුලක අසු වෙයි.
10 පොළොවෙහි ඔහුට මරුවැලක් ද ඔහු යන පාරෙහි බොරු වළක් ද ඇත.
11 භීතිය සැම’ තින් ඔහු බිය ගන්වයි;
12 සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි;
13 දරුණු රෝගයක් ඔහුගේ හමට කා වැදී ඇත;
14 ඔහුගේ නිවාසයේ සුරැකුම් බවින් ඔහු පැහැර ගනු හැක, මරු මුවට ඔහු ඇදගෙන යනු ඇත.
15 ගෙන්දගම් දුම් අල්ලා පිරිසිදු කළ පසු ඔහුගේ නිවාසයේ අන් කෙනෙකු වසනු ඇත.
16 ඔහු වනාහි, යටින් මුල් වියළී ගිය, උඩින් අතු කපාදමනු ලැබූ ගසක් වැනි ය.
17 මිහි මත කිසි රටක ඔහු සිහිපත් නොවනු ඇත.
18 එළියෙන් අඳුරට ඔහු නෙරපාදමනු ලැබේ.
19 ඔහුගේ සෙනඟ අතර ඔහුට දරු මුණුබුරෝ නැත;
20 අපරදිග දනෝ ඔහුගේ විනාශය ගැන අසා බියෙන් තිගැස්සෙති;
21 අදමිටු අයගේ ඉරණම එය වේ;
ජෝබ්ගේ පිළිතුර
1 ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 “ඔබ කොපමණ කල් මා වෙහෙස කොට වාග් ප්‍රහාරයෙන් මා සුණු විසුණු කරන්නහු ද?
3 දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය;
4 මම ඇත්තට ම වරදක් කෙළෙම් නම්, එහි පල විපාක මට මිස ඔබට නොවේ.
5 එහෙත් ඔබ, මහේශාක්‍ය ගතියක් පෙන්වමින් මා වෙත එල්ල කළ නින්දාපහාස යුක්ති සහගත යයි කියන්නහු නම්,
6 මම එකක් කියමි:
7 මෙන්න, මට දෙන දැඩි පහර ගැන මා මොරගසන නමුත්, උත්තර දෙන කෙනෙක් නැත.
8 මා පිටත නොඑන ලෙස එතුමන් මා අවට වැට කොටු බැඳ, පාර අහුරා, මාගේ මාවත අඳුරු පටලයකින් වසා ඇත.
9 එතුමන් මාගේ යසඉසුරු පැහැරගෙන මාගේ හිසෙන් කිරුළ පහකර ඇත.
10 මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත.
11 එතුමන් සිය කෝපාග්නිය දල්වා මා සතුරෙකු ලෙස ගණන් ගනු ඇත.
12 මට පහර දීමට සිය යුද හමුදා එවා ඇත.
13 එතුමන් මාගේ සහෝදරයන් මා වෙතින් ඈත් කර ඇත.
14 මාගේ ඥාතීහු අහක් ව ගියහ.
15 අමුත්තෝ හා මාගේ සේවිකාවෝ මා පිට කෙනෙකු ලෙස ගණන් ගනිති.
16 සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි;
17 මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය;
18 බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති;
19 මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති;
20 මාගේ ඇටකටු හමට ඇලී ඇත;
21 මාගේ මිතුරෙනි, අනේ! මට අනුකම්පා කරන්න;
22 දෙවිඳුන් මෙන් ඔබත් මා ලුහුබැඳ එන්නේ මන් ද?
23 “අනේ!
24 යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්,
25 එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි.
26 කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි.
27 මම ම එතුමාණන් දකිමි;
28 මේ ගැටළුවේ මුල මා බැවින්, අප ඔහුට පහර දෙන්නේ කෙසේ දැ යි ඔබ කියන්නහු නම්,
29 කඩුපතට බිය වන්න;
ශෝපර්ගේ දෙ වන කතාව
1 ඊට පිළිතුරු වශයෙන් නයමාතීය ශෝපර් මෙසේ කී ය:
2 “ඇවිස්සුණු මාගේ චිත්තය ඔබට පිළිතුරු දීමට නොඉවසිල්ලෙන් බලා සිටියි.
3 ඔබ ඉදිරිපත් කළ චෝදනා මට අපහාසයකි.
4 කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්,
5 දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
6 ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්,
7 කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි.
8 ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි;
9 ඔහු දැක ඇති අය තවත් ඔහු නොදකිති.
10 ඔහුගේ දරුවෝ දිළිඳුන්ගෙන් කරුණාව සොයන්නෝ ය.
11 යොවුන් වියේ ශක්තියෙන් පිරුණු ඔහුගේ සිරුර, දැන් ඔහු සමඟ දූවිල්ලට හැරෙනු ඇත.
12 දුෂ්ටකම ඔහුගේ කටට මිහිරි ව දැනෙතත්, ඔහු එය සිය දිව යට සඟවාගනියි.
13 ඉවතට යන්න නොදී හෙමිහිට එය රස බැලුවත්, උඩුතල්ලේ තබා ගනිතත්,
14 පසු ව ඒ ආහාර සර්ප විෂට හැරී බඩ දැඟලීම ඇති කරයි.
15 තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය;
16 ඔහු සපුන්ගේ විස උරා බොන්නේ ය;
17 ඔහු, ගිතෙල් ගලන ඔයවල් ද කිරි පැණි ගලා යන ගංගා ද නොදකින්නේ ය.
18 ඔහු වැර වීරියෙන් ලබාගත් දේ භුක්ති නොවිඳ ඒවා ආපසු දෙන්නේ ය.
19 මන්ද, ඔහු දිළිඳුන් තළා පෙළා අත්හැරදැම්මේ ය;
20 ඔහුගේ මසුරුකමට සීමාවක් නැති බැවින්, සිය වස්තුවෙන් සෙතක් ඔහු ලබා නොගනියි.
21 ඔහුගේ තණ්හාවට ගොදුරු නොවූ දෙයක් තවත් ඇද් ද?
22 විපුල සමෘද්ධත්වයෙන් සිටියත් ඔහුට අගහිඟකම් ඇත;
23 ඔහු බඩ පුරා කෑම කෑවත්, දෙවිඳාණෝ බලවත් උදහසින් හා සිය කෝපයෙන් ඔහුට දඬුවම් දෙන සේක.
24 ඔහු යකඩ අවියෙන් පහර ලැබ, ගැළවෙන්නට වෑයම් කරන විට ලෝකඩ දුන්නෙන් බිම හෙළනු ලබන්නේ ය.
25 ඊතලය ඔහුගේ සිරුර පසා කර, එහි දිළිසෙන තුඩ ඔහුගේ පිත්තාශයෙන් පිට කරන්නේ ය.
26 ඔහු රැස් කර තිබූ සම්පත් සියල්ල නාස්ති වී යයි.
27 අහස් තලය ඔහුගේ පාප දෝස අනාවරණය කරයි;
28 ඔහුගේ ගෙදර ධන සම්පත් ගංවතුරේ ගසාගෙන යයි;
29 දුදනා හට දෙවිඳුන්ගේ නියමය එය වේ.
ජෝබ්ගේ පිළිතුර
1 එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 “මාගේ මේ කතාව සාවධාන ව අසන්න.
3 මට වචනයක් කීමට ඉඩ දෙන්න.
4 මාගේ පැමිණිල්ල මනුෂ්‍යයාට විරුද්ධ ව යයි ඔබ සිතන්නහු ද?
5 මට සවන් දෙන්න;
6 මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි.
7 දුෂ්ටයන් දිගින් දිගට ජීවත් වී, දිගායු වළඳා, බලවත් වන්නේ කෙසේ ද?
8 ඔවුන්ට දරු මුණුබුරෝ ඇති වන්නෝ ය.
9 ඔවුන්ගේ නිවාස බියෙන් තොර ව සුරක්ෂිත ව ඇත;
10 ඔවුන්ගේ ගවයෝ නොවරදවා පැටව් ගසති;
11 ඔව්හු තමන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති.
12 ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති;
13 ඔව්හු සැපතින් දවස් යවති;
14 ඔව්හු දෙවිඳුන්ට මෙසේ කියති:
15 සව් බලැති දෙවිඳුන්ට වැඳ නමස්කාර කිරීමට එතුමාණෝ කවරෙක් ද?
16 ඔවුන්ගේ ම සවි ශක්තියෙන් ඔව්හු සමෘද්ධිමත් නොවන්නෝ ද?
17 කොපමණ වරක් දුදනන්ගේ පහන නිවී ගියේ ද?
18 කොපමණ වරක් සුළඟේ ගසාගෙන යන පිදුරු හා බොල් මෙන් ඔව්හු පහ ව ගියෝ ද?
19 ‘දෙවිඳුන් ඔවුන්ගේ අපරාධ ඔවුන්ගේ දරුවන් පිට පමුණුවනු ඇතැ’යි ඔබ කියන්නහු ය.
20 ඔවුන්ගේ විනාශය ඔව්හු ම සිය දෑසින් දකිත් වා!
21 ඔවුන්ගේ ආයු ගෙවී ගිය කල්හි, ඔවුන්ගේ දරු මුණුබුරන්ගේ සැපත ගැන ඔව්හු ම සලකත් ද?
22 සගලොව වසන අය පවා විනිශ්චය කරන දෙවිඳුන් හට උපදෙස් දීමට කවර නම් මිනිසෙකුට හැකි වේ ද?
23 එහෙත්, එක් අයෙක් සව් සැපතින් පිරී, සුවයෙන් යෙහෙන් ජීවත් ව සිට මිය යයි.
24 ඇඟ පත ආහාරයෙන් පුෂ්ටිමත් ව තිබිණි;
25 වෙන අයෙක් කිසිදු සැපතක් නොවිඳ, සෝදුකින් යුතු ව මිය යයි.
26 එහෙත්, ඒ දෙදෙනා ම එක සේ දූවිල්ලෙහි වැද හෙව සිටිති.
27 මට එරෙහි ව ඇති ඔබේ කල්පනා ද ඔබ ගෙනෙන යෝජනා ද මම දනිමි.
28 ප්‍රභූවරයාගේ මන්දිරය කොතැන්හි ද?
29 සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද?
30 විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද?
31 ඔහුගේ වරද ඔහුගේ මුහුණට ම කියන කිසිවෙක් නැත.
32 ඔහු සොහොන් බිම වෙත ගෙන ගිය විට සොහොන මුර කරනු ලැබේ.
33 ඔහු පෙරටුවෙන් හා පිටුපසින් ඔහුගේ අවමඟුල් පෙරහැරේ දහස් ගණන් සෙනඟ ගමන් කරති.
34 එසේ නම්, ඔබ මට දෙන සැනසිල්ලෙන් වැඩක් නැත.
එලිපස්ගේ තුන් වන කතාව
1 ඉන්පසු එලිපස් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ජෝබ් 35:6-8 “මිනිසාගෙන් දෙවි තුමන් හට කුමන ප්‍රයෝජනයක් ඇද් ද?
3 ඔබ දැහැමි ව සිටියත්, සව් බලැති දෙවිඳුන්ට එය සතුටක් වේ ද?
4 එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය.
5 එසේ වන්නේ, ඔබ ඉතා නපුරු මිනිසෙකු බැවිනි.
6 ඔබ අසාධාරණ ලෙස සොහොයුරන්ගෙන් උකස් ගත්තෙහි ය;
7 පිපාසයෙන් පෙළුණු අයට ඔබ වතුර දුන්නේ නැත;
8 මුළු දේශය අයිති කරගන්නට නිල බලය හා සමාජ තත්ත්වය ඔබ පාවිච්චි කෙළෙහි ය.
9 ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය.
10 ඉතින්, ඔබ වටකර මලපත් ඇත.
11 ඔබේ දෑස නොපෙනෙන ලෙස එළිය අඳුරට හැරෙයි.
12 සැබැවින් ම, දෙවි තුමන් සගයේ ඉහළ ම තැන වැඩ වසන්නේ නැද් ද?
13 එහෙත් ඔබ, මෙසේ කියන්නෙහි ය:
14 මිහිතල නිම් වළල්ල මත ඔබමොබ සැරිසරන විට, ඝන වලාකුළු නිසා එතුමාණන්ට දෑස විදහා බැලිය හැකි ද?
15 දුෂ්ටයන් කවර දාත් ගමන් කළ ඒ පැරණි මාවතෙහි ඇවිදින්නට ඔබත් තීරණය කරගත්තෙහි ද?
16 ඔවුන් නියම කාලයට කලින් ඉදිරී වැටෙනු ඇත.
17 එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව.
18 ඔවුන්ගේ අදහස් එතුමන්ට විරෝධී ව තිබියදීත්, ඔවුන්ගේ ගෙවල් සැප සම්පතින් සමෘද්ධ කෙළේ එතුමාණෝ ය.
19 දැහැමියෝ ඒ දැක සන්තෝෂ වෙති;
20 ‘අපට විරුද්ධ ව නැඟී ආ අය සැබැවින් ම සිඳිනු ලැබූ හ.
21 ජෝබ් තුමෙනි, එතුමාණන් සමඟ සමඟි වන්න.
22 එතුමාණන්ගේ මුවින් ඔවදන් ගෙන, එතුමන් වදන් ඔබේ සිතෙහි නිදන් කරගන්න.
23 ඔබ සව් බලැති දෙවිඳුන් වෙත බැගෑපත් ව හැරී, ඔබේ නිවෙසින් අසාධාරණකම් පහකළොත්,
24 ඔබේ රන් දූවිල්ල මෙන් ද ඔබේ තනි රන් දොළ පතුලේ ගල් කැට මෙන් ද සැලකුවොත්,
25 සව් බලැති දෙවිඳාණෝ ම ඔබට මුතු මැණික් හා රන් රිදී වන සේක.
26 එවිට ඔබ සව් බලැති දෙවිඳුන් කෙරෙහි ප්‍රීතිමත් ව, ඔබේ මුහුණ එතුමාණන් වෙත ඔසවනු ඇත.
27 ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක.
28 ඔබ ගන්න තීරණය සඵල වනු ඇත.
29 එතුමාණෝ උඩඟු සිත් ඇති අය පහත හෙළන සේක.
30 ඔබ නිදොස් ව සිටියොත්, ඔබේ අතින් හරි දේ කළොත්, ඔබට මිදීම ඇත.”
23ජෝබ්ගේ පිළිතුර
1 එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 “අද මාගේ විලාපය කටුක ය.
3 අහෝ!
4 එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි.
5 එවිට එතුමන් පවසන දෙය තේරුම් ගෙන, මට දෙන උත්තරය දැනගන්නෙමි.
6 එතුමන් සිය බල මහිමය පා මා සමඟ වාද කරනු ඇද් ද?
7 එහි දී, මා වැනි දැහැමි කෙනෙකු සමඟ වාද කළ බව එතුමන්ට පෙනෙනු ඇත.
8 මම පෙරදිග බලා ගියෙමි;
9 මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි.
10 එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක;
11 මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි.
12 එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි.
13 එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේ ය;
14 මා පිළිබඳ සිය අදහස එතුමන් සපුරාලනු ඇත;
15 ඒ නිසා එතුමාණන් හමු වීමට මම බිය වෙමි.
16 සව් බලැති දෙවි තුමාණෝ මහද දුබල කළ සේක;
17 අඳුරින් මම වට වී සිටිමි;
1 “සව් බලැති දෙවිඳාණන්ගේ විනිශ්චය දවස නියම නොකරන්නේ මන් ද?
2 දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති;
3 සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති;
4 දිළිඳුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම ඔව්හු වළක්වති.
5 දිළින්ඳෝ වල් කොටළුවන් විලසින් මරුකතරෙහි කෑම සොයා ඔබමොබ යති.
6 ඔව්හු අන් අය සතු කෙත් වතුවලින් අස්වැන්න රැස් කරගනිති;
7 රාත්‍රියේ දී පොරවාගන්නට වස්ත්‍ර නැති ව, ශීතලයට වැස්ම නැති ව ඔව්හු නින්දට යති.
8 කඳුකරයෙන් එන වැස්සට දියබත් වී මුවා වන පිණිස පර්වතය අසල ඔව්හු රොක් වී සිටිති.
9 දුදනෝ මවු ළයෙන් අනාථ දරුවන් උදුරාගනිති.
10 කය වැසුමට වත්කමක් නැති ව, නග්න ව ඒ අසරණයෝ ගමන් කරති.
11 දුදනන් ඔලීව තෙල් හිඳිතත්, මිදි පල පාගා මිදියුස පෙරතත්, ඔව්හු පිපාසයෙන් පෙළෙති.
12 නගරයේ මරණාසන්න වූවෝ කෙඳිරි ගැසුවත්, තුවාළ වූවෝ උදව් ඉල්ලා මොරගසතත්, දෙවිඳුන් හට නො ඇසේ.
13 ආලෝකයට එරෙහි ව කැරලි ගසන මිනිස්සු ඇත.
14 මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි;
15 පරදාර සේවනය කරන්නා ඇඳිරි වන තුරු බලා සිට, කිසිවෙකුට නොපෙනෙන පරිදි තම මුහුණට වැස්මක් දමා ගනියි.
16 සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති;
17 ඔවුන්ට එළිය දරුණු ලෙස බියකරු ය;
ශෝපර්ගේ කතාව
18 “දුදනෝ ජලය මත පාවෙන කුණු රොඩු වැන්න;
19 නියඟය හා ශ්‍රීෂ්මය නිසා හිම දිය වී යන්නේ ය;
20 වැදූ මව පවා ඔහු සිහි නොකරයි;
21 මෙසේ වන්නේ, ඔහු දරුවන් නැති ස්ත්‍රියට පීඩා කොට, වැන්දඹුවට කරුණාව නොදැක්වූ හෙයිනි.
22 දෙවි තුමන් සිය බලයෙන් බලවතුන් ඉවතට ඇද දමනු ඇත;
23 දෙවි තුමාණෝ යහතින් විසුමට ඔවුන්ට රැකවරණය දෙන සේක;
24 මොහොතකට ඔව්හු උසස් වෙති;
25 මේ මාගේ කියමන් බොරු නම්, මාගේ ඒ තර්කය බිඳලිය හැකි යම්කිසි සමතෙක් මෙලොව ඇද් ද?”
25බිල්දද්ගේ තුන් වන කතාව
1 එවිට ෂුහිය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2 “ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත;
3 එතුමන්ගේ දෙව් බළ සෙන් අති විශාල ය;
4 එවන් දෙවිඳුන් අබිමුවෙහි දමිටු කෙනෙකු සිටිය හැකි ද?
5 එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත;
6 එසේ නම්, කුරා කුහුඹුවෙකු වැනි, නර පණුවෙකු වැනි මිනිසා ගැන කියනුම කිම?”
26ජෝබ්ගේ පිළිතුර
1 එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 “අසරණ මෙමා හට ඔබ දිරිය දුන් හැටි හරි කදිම යි!
3 අනුවණ කෙනෙකුට ඔවා වදන් දී, හරි අවබෝධය ගෙන දුන් හැටි අනේ යස යි!
4 ඔබ ඔය දිග හෑල්ල කීවේ කාට ද?
බිල්දද්ගේ කතාව
5 බිල්දද් මෙසේ කී ය:
6 පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත;
7 දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක.
8 එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක;
9 එතුමාණෝ සඳ මඬල ආවරණය කරන සේක;
10 එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක.
11 එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි.
12 එතුමාණෝ සිය බලවත් බාහුවෙන් දස්කම් පා දිය රකුසා දෙබෑ කළ සේක;
13 එතුමන්ගේ හුස්මෙන් අහස පිවිතුරු වෙයි.
14 මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි;
ජෝබ්ගේ පිළිතුර
1 ඉක්බිති ජෝබ් යළිත් මෙසේ පැවසී ය:
2 “මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි:
3 මාගේ පණ නළ තිබෙන තුරු, දෙවිඳුන් දුන් හුස්ම ටික මා තුළ පවතින තුරු,
4 මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.
5 ඔබ පවසන දේ සැබෑ යයි මම කිසි සේත් නොකියමි.
6 මා නිවැරදි බව මම තරයේ කියා සිටිමි.
7 ‘මාගේ සතුරාට දුදනෙකුට මෙන් අවැඩක් වේවා’යි ද ‘මාගේ විරුද්ධකාරයාට නපුරක් ම වේවා’යි ද පතමි.
8 අභක්තිකයාගේ අවසන් හුස්ම පහ කොට, දෙවිඳුන් මරණය එවන විට ඔහුට කවර බලාපොරොත්තුවක් ඇද් ද?
9 විපත පැමිණෙන විට දෙවි තුමාණන් ඔහුගේ යැදුම් අසනු ඇද් ද?
10 ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද?
11 නැත.
12 මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”
ශෝපර්ගේ කතාව
13 ශෝපර් මෙසේ පැවසී ය:
14 ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති.
15 ඔවුන්ගෙන් ඉතුරු වන අය වසංගතයෙන් නැසෙති;
16 ඔවුන්ට පොළොවේ වැලි මෙන් රන් රිදී තිබුණත්, අපමණ රෙදිපිළි ගොඩගැහුණත්,
17 ඒවා පැළඳගන්නේ ඔවුන් නොව, දැහැමි අය ය;
18 දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි.
19 එක් දිනක් ඔහු පොහොසතෙකු ලෙස සැතපෙයි;
20 බියකරු විපත ගංවතුර මෙන් ඔහු පලවා හරියි;
21 පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි;
22 ඔහු එක පිම්මෙන් පලා යන්න හැදුවත්, මාරුතය දයාව නොපෙන්වයි;
23 ඔහු පලා යන විට මාරුතය ලුහුබැඳ ගිගුරුම් දෙයි.
ප්‍රඥාවට ප්‍රශංසා
1 රිදී කණින ආකර ඇත;
2 මිනිස්සු පොළොවෙන් යකඩ හාරාගනිති;
3 මිනිස්සු ගන ‘ඳුර ඉක්මවා බලති;
4 මිනිස් වාසයෙන් ඈත, මිනිසෙකු කිසි දා පා නොතැබූ තැන්වල මිනිස්සු පතල් හාරති.
5 මහ පොළොවෙන් ආහාර හට ගනියි;
6 එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත.
7 පතල්වලට යන මාවත උකුස්සාට නොපෙනෙයි;
8 සිංහයෙක් වත්, අන් කිසි චණ්ඩ මෘගයෙක් වත් ඒ හුදකලා මාවත්වල කිසි දා නොයයි.
9 මිනිස්සු කළුගල් පර්වත හාරති;
10 ඔව්හු පර්වතවල බිංගෙවල් හාරා නන් වැදෑරුම් මැණික් සොයාගනිති.
11 ඔව්හු ගංගා නොගලන ලෙස අමුණු බැඳ, සැඟවී ඇති ධන සම්පත් හාරා පාදා ගනිති.
12 එහෙත්, ප්‍රඥාව සම්බ වන්නේ කොතැන්හි ද?
13 ප්‍රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත;
14 ‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි;
15 රත්රන් දී, එය මිලට ගත නොහැකි ය;
16 එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.
17 රන් වත්, වෛදූර්ය වත් ඊට සම කළ නොහැකි ය;
18 රතු කැට හෝ පළිඟු හෝ සඳහන් කරන්නට වත් උවමනාවක් නැත.
19 එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය;
20 එසේ නම්, ප්‍රඥාව උදා වන්නේ කොතැනින් ද?
21 මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්‍රඥාව නොපෙනේ.
22 ‘අප අසා ඇත්තේ ඒ ගැන කට කතා පමණකැ’යි විනාශයත්, මරණයත් කියති.
23 ප්‍රඥා මාර්ගය දන්නේ දෙවිඳාණෝ ය;
24 මන්ද, එතුමාණෝ පොළොවේ සීමාන්ත දන්න සේක;
25 එතුමාණන් සුළඟට බලවේගය දුන් විටත්, මුහුදේ ප්‍රමාණය නියම කළ විටත්,
26 වැසි වසින තැන් නියම කළ විටත්, මේඝගර්ජනා යා යුතු මඟ සලකුණු කළ විටත්,
27 එතුමාණෝ ප්‍රඥාව දැක එහි වටිනාකම ප්‍රකාශ කළ සේක.
28 ගීතා 111:10; හිතෝ 1:7; 9:10 එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක:
ජෝබ්ගේ අවසන් කතාව
1 ජෝබ් යළිදු සිය කතාව ඇරඹී ය:
2 “අනේ!
3 එකල එතුමාණන්ගේ පහන මාගේ හිසට උඩින් බැබළිණි.
4 එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි;
5 එකල සව් බලැති දෙවි තුමාණෝ මා සමඟ සිටි සේක;
6 මාගේ ගව සම්පතෙන් කිරි ද පර්වතයේ ඔලීව ගස්වලින් තෙල් ගංගා ද ගලා ආවේ ය.
7 නගරයේ වාසල් දොරටු ළඟ උතුමන් සමඟ මා අසුන් ගත් කල,
8 තරුණයෝ මා දැක පසකට වූ හ;
9 ජන නායකයෝ අතින් මුව වසාගෙන කතාව නැවැත්වූ හ.
10 මැති ඇමතිවරු කට වසාගත් හ;
11 මා ගැන ඇසූ දුටු කවුරු කවුරුත් මාගේ ගුණ වර්ණනා කළහ.
12 එසේ කෙළේ, මා දිළිඳාගේ දුක් අසා ඔවුන් මුදා ගත් බැවිනි;
13 දැඩි විපතට පත් අය මට ආසිරි පැතූ හ;
14 මම දැහැමිකම නමැති වස්ත්‍රයෙන් සැරසී, රන් සළුවක් ද මකුටයක් ද මෙන් යුක්තිය පැළඳගත්තෙමි.
15+JOB මම, අන්ධයාට දෙනෙත් මෙන් ද කොරාට දෙපා මෙන් ද දිළිඳාට පියා මෙන් ද වූයෙමි.
17 මම අදමිටුවාගේ හක්ක බිඳ, විපතට පත් වූ අය ඔහුගේ කටින් මුදා හැරියෙමි.
18 එදා මා සිතුවේ මෙසේ ය:
19 පොළොවේ දිය දහර තෙක් මුල් බැස ගිය, රෑ පින්නෙන් තෙමී ගිය, අතුපතර ඇති ගසකට මම සමාන වීමි.
20 එවිට සියලු දෙන නිරතුරු මට පැසසුම් කළහ.
21 මා උවදෙස් දුන් විට සෙනඟ නිහඬ ව මට සවන් දුන්හ.
22 මාගේ කතාව නිම කළ විට ඔව්හු වෙන කිසිවක් ඊට එකතු නොකළහ.
23 වැසි එන තුරු බලා සිටින, පොසොන් වැසි වලා එන විට ප්‍රීති වන ගොවීන් මෙන් ඔව්හු මුව අයාගෙන මට සවන් දුන්හ.
24 මා මඳහසින් ඔවුන් දෙස බැලූ විට ඔව්හු දිරිගත්හ.
25 මම රැස්වීමේ මූලාසනය ගෙන ඔවුන් ගත යුතු පියවර සකස් කෙළෙමි.
තමාට දැන් පැමිණ ඇති විපත
1 “එහෙත් දැන්, වයසින් බාල උදවිය මට සරදම් කරති.
2 ඔව්හු, වැඩපල කිරීමට දෑතේ ශක්තිය නැති, කාය බලය පිරිහී ගිය මනුෂ්‍යයෝ ය.
3 හිඟකම ද සාගතය ද නිසා දිවි රැක ගන්න පිණිස ඔව්හු පාළුකරයේ වියළි මුල් විකා කෑහ.
4 ඔව්හු, වල් පැළෑටි පඳුරු පිටින් උදුරාගත්හ;
5 මිනිසුන් අතරෙහි ඔව්හු පලවා හරිනු ලැබූ හ.
6 අඳුරු මිටියාවතේ අගල් හා කාණුවල ද පොළොවේ වළවල් හා ගුහාවල ද ඔව්හු වාසය කළහ.
7 කටු ගස් යට එක් රොක් වී පඳුරු අතර වන සතුන් මෙන් ඔව්හු බෙරිහන් දී කෑගැසූ හ.
8 ඔව්හු කමකට නැති, තකතීරුවන්ගේ පුතුන් මෙන් වූ හ.
9 එහෙත් දැන්, ඔවුන්ගේ සිනාවට ලක් වී විහිළුවක් වී සිටිමි.
10 ඔව්හු මා පිළිකුල් කොට මාගෙන් ඈත් වෙති;
11 දෙවිඳුන් මා දුබලයෙකු, අසරණයෙකු කළ බැවින් ඔව්හු මා අබිමුව කිසි බියක් නැති ව හැසිරෙති.
12 මේ කලහකාරී පිරිස දකුණු පසින් මට පහර දෙති;
13 ඔව්හු මාගේ මාර්ග අවහිර කරති;
14 මාගේ කොටු පවුරු බිඳුණු තැන්වලින් ඇතුළට වැදී ඔව්හු මා පිට කඩා පනිති.
15 භීතියෙන් මම මිරිකී සිටිමි.
16 මාගේ අවසානය ඉතා ආසන්න ය.
17 රාත්‍රියේ දී මාගේ ඇටකටුවල වේදනාව ඇත.
18 එතුමාණෝ ප්‍රචණ්ඩ ලෙසින් මාගේ වස්ත්‍රය ග්‍රහණය කළහ.
19 එතුමාණන් මා මඩේ හෙළා ඇත;
20 මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන සේක;
21 ඔබ මට කෲරතර ලෙස ක්‍රියා කරන සේක;
22 ඔබ මා මාරුතයෙන් ගසාගෙන යන්නට හරින සේක.
23 මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.
24 නටඹුන් ගොඩක් වැනි මට විරුද්ධ ව ඔබ පහර දෙන්නේ මන් ද?
25 දුකට පත් වූවන් ගැන මා වැළපුණේ නැද් ද?
26 සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය;
27 දහදුකින් මම පීඩිත වී සිටිමි;
28 මම අව්රශ්මියෙන් නොව ශෝකයෙන් කළු ව ඇවිදිමි;
29 මම සිවලුන්ගේ සොහොයුරෙකු ද පැස්බරුන්ගේ සහචරයෙකු ද වී සිටිමි.
30 මාගේ හම කළු වී, එහි පොතු ගැලවී වැටෙයි;
31 මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”
31ජෝබ් නිදොස් බව කියා සිටීම
1 “දැරියක දෙස අනුරාගී බැල්මක් නොහෙළන්නට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කෙළෙමි.
2 ඉහළ වසන දෙවිඳුන්ගෙන් වන ප්‍රතිවිපාක ද සගලොව සව් බලැති එතුමාණන් නියම කළ ඉරණම ද කාට නම් කිව හැකි ද?
3 අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.
4 එතුමාණෝ මා යන එන තැන් බලා මාගේ හැම පියවරක් ම ගණන් නොකරන සේක් ද?
5 මම කපටිකමේ හැසුරුණෙම් නම්, බොරුකාරකමින් නොවැළකුණෙම් නම්,
6 දැහැමි බව නමැති තරාදියෙහි දමා එතුමාණෝ මා කිරා බලන සේක් නම්, මා අවංක බව දැන ගනු ඇත.
7 මම යහ මඟින් ඉවත් ව ගියෙම් නම්, මා සිත මාගේ බැල්මෙන් නොමඟ ගියේ නම්, මාගේ ක්‍රියා පවින් කිළිටි වී නම්,
8 මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා!
9 අන් ස්ත්‍රියකට මාගේ සිත වසඟ වී නම්, මාගේ අසල්වැසියාගේ බිරිඳ ගැන සිතා, ඇගේ දොරකඩ ළඟ සැඟවී රැක සිටියෙම් නම්,
10 මාගේ ම බිරිඳ අන් කෙනෙකුට බැල මෙහෙවර කරා වා!
11 මන්ද, එය දූෂිත අපරාධයකි, නීතියෙන් දඬුවම් දිය යුතු දරුණු ක්‍රියාවකි.
12 එය විනාශය දක්වා දවාගෙන යන ගින්නකි;
13 මාගේ මෙහෙකරුවා හෝ මෙහෙකාරිය හෝ මට විරුද්ධ ව පැමිණිල්ලක් ගෙනා විට මම ඔවුන්ට යුක්තිය ඉටු නොකර හැරියෙම් නම්,
14 දෙවිඳුන් විනිසුමට පැමිණෙන විට, මම කුමක් කරම් ද?
15 කුසෙහි මා මැවූ දෙවිඳාණෝ ඔවුනුත් නොමැවූ සේක් ද?
16 මම කිසි දා දිළිඳුන්ට පිහිට නොවී නොසිටියෙමි.
17 පියා නැත්තා හට කෑම ටිකක් නොදී මම තනියම කෑම නොකෑවෙමි.
18 මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි;
19 වස්ත්‍ර නැති ව නසින්නට යන අය ද පොරෝනාව නැති දිළිඳු අය ද දුටු විට,
20 මම මාගේ ම බැටළු ලොම්වලින් ඔවුන්ගේ ඇඟ උණුසුම් කෙළෙමි.
21 උසාවියේ දී මාගේ පැත්ත ගන්න අය සිටින බව මා දන්න නිසා, මම නිදොස් අයට විරුද්ධ ව අත එසවීම් නම්,
22 මාගේ උරහිස එහි හන්දියෙන් ගැලවී වැටේ වා!
23 මන්ද දෙවිඳාණන්ගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය;
24 මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි.
25 මාගේ යසඉසුරු ගැන වත්, මා උපයා ගත් වස්තුව ගැන වත් අහංකාර නොවූයෙමි.
26 මම කවදාවත් ප්‍රතාපවත් හිරු දෙවියන්ට හෝ රුවින් යුත් සඳ දෙවියන්ට හෝ නමස්කාර නොකෙළෙමි.
27 හස්තමුද්‍රාවෙන් සිඹීමේ පෙම් ලකුණ දක්වා, ඔවුන් නමදින පිණිස මට පෙළඹීමක් නො වී ය.
28 එය සව් බලැති දෙවිඳුන්ට පිටුපා යාමකි.
29 මට වෛර වූ අයට විනාශය පැමිණි විට මම සන්තෝෂ නොවූයෙමි.
30 ‘ඔවුන්ට මරණය පැමිණේ වා’යි සාප කිරීමෙන් හෝ දෙස් කීමෙන් හෝ මම පව් නොකෙළෙමි.
31 මා අමුත්තන් සතුටින් පිළිගන්න බව මට සේවය කරන හැම දෙන ම දනිති.
32 අමුත්තන්ට පිටත වීදිවල රැය ගත කිරීමට නෑර මම ඔවුන් මාගේ නිවෙසට පිළිගතිමි.
33 වෙන අය සිය පව්කම් සිතේ සඟවා තබාගනිති;
34 සෙනඟගේ කටකතාවලට බියෙන් වත්, මිනිසුන්ගේ අපරාධ නිසා කැළඹීමෙන් වත් මම නිහඬ වී, ගේ ඇතුළට වී නොසිටියෙමි.
35 අහෝ!
36 සැබැවින් මම එය කරපින්නා ගන්නෙමි;
37 මා ගත් පියවර සියල්ල එතුමාණන්ට කියා සිටින්නෙමි;
38 මාගේ කෙත් වතු මට විරුද්ධ ව කෑගැසී නම්, ඒවායේ සියලු හීවිටි හඬා පැමිණිලි කෙළේ නම්,
39 මම මිල නොගෙවා අස්වැන්න බුදිම් නම්, ඉඩම් හිමියන්ගේ ජීවිත හානි කෙළෙම් නම්,
40 මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!”
එලීහුගේ කතාව
1 තමා නිවැරදි යයි ජෝබ් සිතූ බැවින්, මේ මිනිස්සු තුන්දෙන ඔහුට පිළිතුරු දීම නැවැත්වූ හ. 2 එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි. 3 ඔහුගේ මිතුරන් තුන්දෙන ද ජෝබ් කෙරේ වරද තැබූ නමුත්, ඔහුට පිළිතුරු දීමට අසමත් වූ බැවින් ඔවුන්ට විරුද්ධ ව ද ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ ය. 4 එලීහු ඔහුගේ මිතුරන්ට වඩා වයසින් බාල වූයෙන්, ජෝබ්ට පිළිතුරු දීමට ඉදිරිපත් නො වී ය. 5 එහෙත්, ඒ තුන්දෙනා පිළිතුරක් නොදෙන බව ඔහු දුටු විට ඔහුගේ කෝපය ඇවිස්සුණේ ය.
6 එකල බූසීය බාරකෙල්ගේ පුත් එලීහු පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය:
7 ‘වයසක උදවිය කතා කළ යුතු යි;
8 එහෙත්, මිනිසාට ප්‍රඥාව දෙන්නේ, සව් බලැති දෙවිඳුන්ගේ ආනුභාවය බව දැන් මම දනිමි.
9 ප්‍රඥාව ඇති වන්නේ, වයස්ගත වීමෙන් පමණක් නොවේ.
10 එබැවින් මා වදන්වලට සවන් දෙන්න;
11 මෙන්න, ඔබේ නැණවත් කතාවට සතුටින් මම සවන් දිනිමි.
12 ඔබ තිදෙනා කී දේට මාගේ අවධානය යෙදුවෙමි.
13 එබැවින්, ‘අපට ප්‍රඥාව සම්බ වී ය’යි නොකියන්න වග බලාගන්න.
14 ජෝබ්ගේ තර්ක එල්ල කෙළේ මට නොවේ, ඔබට ය;
15 ඔව්හු භිරාන්ත ව නිහඬ ව සිටිති;
16 කිය හැකි දෙයක් නැති ව ඔව්හු බලාගෙන සිටිති;
17 දැන් මටත් පිළිතුරු දීමට වාරයක් ඇත;
18 කට පුරා වචන ධාරා ගලා එද්දී, මට කතා නොකර සිටිය හැකි ද?
19 මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත.
20 මෙය මට දරාගත නොහැකි ය.
21 මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි.
22 ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි.
ජෝබ්ගේ අහංකාරය
1 “කෙසේ වුව ද, ජෝබ් තුමෙනි, මා කියන හැම දෙයට ම ඉතා හොඳින් සවන් දෙන්න.
2 මෙන්න, මම පිළිතුරු දීමට සැරසී සිටිමි.
3 මා කියන හැම දෙය ම අවංක ය, මා මුවින් නික්මෙන දෙය සත්‍ය ය.
4 දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක;
5 ඔබට හැකි නම්, මට උත්තර දෙන්න;
6 දෙවි තුමන් අබිමුව ඔබත්, මමත් එක වාගේ ම ය.
7 මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ.
8 ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි;
9 ‘මම නිදොස් ය;
10 එහෙත්, දෙවිඳාණෝ මට එරෙහි ව කරුණු සොයා, මා සතුරෙකු ලෙස ගණන් ගන්න සේක.
11 ජෝබ් 13:27 මාගේ පාද දඬුකඳේ දමන සේක;
12 ජෝබ් තුමෙනි, මෙන්න, ඊට මාගේ පිළිතුර;
13 එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද?
14 දෙවි තුමාණෝ නැවත නැවත කතා කරන සේක;
15 ජෝබ් 4:13 එතුමාණෝ සිහිනයකින් හෝ රැයේ දර්ශනයකින් හෝ මිනිසා බර නින්දට පැමිණි විට යහන මත නින්දේ දී හෝ ඔහුට කතා කරන සේක.
16 දෙවිඳාණෝ මිනිසුන්ගේ කනට කොඳුරා එතුමන්ගේ තර්ජනවලින් ඔවුන් බිය ගන්වන සේක.
17 එකල මිනිසා ඔහුගේ පාපයෙන් වළක්වන පිණිස, ඔහුගේ උඩඟුකම පහකරන පිණිස,
18 ඔහුගේ ජීවිතය මිනීවළෙන් ද ඔහුගේ පණ කෙන්ද කඩුපතින් ද රැක ගන්න පිණිස දෙවිඳාණෝ එසේ කරන සේක.
19 දෙවිඳාණෝ, මිනිසාට ලෙඩ රෝග එවීමෙන් ද ඔහුගේ ඇඟපතට වේදනා ඇති කිරීමෙන් ද ඔහු යහ මඟ යවන සේක.
20 එවිට රෝගියාට කෑම ප්‍රිය නැත;
21 ඔහුගේ සිරුර ක්ෂය වී ගොස්, හමින් වැසුණු ඇටකටු පෑදී පෙනෙයි.
22 ඔහුගේ ප්‍රාණය මිනීවළට ද ජීවිතය මළවුන්ගේ ලොවට ද ළං වේ ගෙන යයි.
23 මිනිසා හට තම හරි වැරදි පහදන පිණිස, ඔහුගේ සහයට දූතයන් දහසකගෙන් එක් කෙනෙකු වත් සමහර විට එනු ඇත.
24 දූතයා ඔහුට දයා වී, ‘මෙන්න, ඔහුගේ මිදීමේ මිලය!
25 එවිට ඔහුගේ මාංසය තරුණයෙකුගේ මාංසය මෙන් සවිමත් වනු ඇත;
26 ඔහු දෙවිඳුන්ට අයැදින විට එතුමාණෝ ඔහුට පිළිතුරු දෙන සේක.
27 ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි;
28 මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක;
29 මිනිසා මරණින් මුදන පිණිසත්
30 ජීවත් වීමේ ප්‍රීතිය ඔහුට දෙන පිණිසත් දෙවි උතුමාණෝ නැවත නැවත මේ සියල්ල ඔහු උදෙසා කරන සේක.
31 එම්බා, ජෝබ් තුමෙනි, හොඳට සවන් දෙන්න.
32 කියන්න යමක් ඔබට ඇත්නම්, මට පිළිතුරු දී කතා කරන්න.
33 නැති නම්, මට සවන් දී නිහඬ ව ඉන්න.
එලීහු ජෝබ්ගේ මිතුරන් අමතයි
1 තවදුරටත් එලීහු පිළිතුරු දෙමින්
2 “ප්‍රඥාවන්තයෙනි, මට කන් දෙන්න;
3 දිව කෑමෙහි රස බලන්නාක් මෙන් කන කතාවක අගය දනියි.
4 යුක්තිය කොහේ දැ යි අපි සෝදිසි කර බලමු;
5 ජෝබ් කතා කොට මෙසේ කී ය:
6 මා යුක්ති සහගත වුව ද, මා බොරුකාරයෙකැ යි ගණන් ගනු ලැබේ.
7 දෙවිඳුන්ට ගෞරව නොකරන ජෝබ් වැනි මිනිසෙක් තවත් ඇද් ද?
8 ඔහු දුදනන් හා සමාගම් පවත්වමින් පවිටුන් සමඟ ගමන් කරන්නේ ය.
9 ‘දෙවිඳුන්ගේ ප්‍රසාදය දිනාගැනීමෙන් මිනිසෙකුට කවර ප්‍රයෝජනයක් වේ දැ’යි ඔහු කියයි.
10 දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න.
11 මන්ද, එතුමාණෝ මිනිසෙකුගේ ක්‍රියාවල හැටියට ඔහුට ප්‍රතිඵල දෙන සේක.
12 එසේ ය, සැබැවින් ම දෙවි තුමාණෝ වරදක් නොකරන සේක.
13 මහ පොළොව එතුමාණන්ට භාර දුන් කෙනෙක් ඇද් ද?
14 දෙවි තුමාණන් මිනිසාගේ ජීවිතය පැහැර ගතහොත්, ඔහුගේ හුස්ම ඔහුගෙන් ඇදගතහොත්
15 මුළු මිනිස් සංහතිය ම නසිනු ඇත;
එලීහු ජෝබ් අමතයි
16 “ඉතින් ජෝබ්, ඔබ නුවණ ඇති කෙනෙක් නම්, මේ මාගේ වචනයට සවන් දෙන්න.
17 යුක්තිය නුරුස්නා කෙනෙකුට ලොවක් ආණ්ඩු කළ හැකි ද?
18 රජෙකුට, ‘නපුරා ය’යි ද උතුමෙකුට, ‘දුෂ්ටයා ය’යි ද කියන,
19 අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද?
20 ඔව්හු මොහොතකින් නසිති;
21 එතුමාණන්ගේ දෑස මිනිසුන්ගේ ක්‍රියා මාර්ගය දෙස ඇත.
22 දුදනන් හට එතුමාණන් කෙරෙන් සැඟවී සිටිය හැකි තරම් ගන’ඳුරක් වත්, තද කළුවරක් වත් නැත.
23 නඩු විනිශ්චය සඳහා මිනිසෙකු දෙවි තුමන් වෙත පමුණුවනු වස් නියමිත දිනයක් නැත.
24 විභාගයක් නොපවත්වා එතුමාණෝ බලවතුන් පහකොට ඒ වෙනුවට වෙන අය පත් කරන සේක.
25 එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා දන්න බැවින්, ඔවුන් සුන් වන ලෙස රැයේ දී ඔවුන් පෙරළාදමන සේක.
26 එබැවින් දෙවි තුමාණෝ ප්‍රසිද්ධියේ ම ඔවුන් දුදනන් ලෙස සලකා පහර දෙන සේක.
27 එසේ වූයේ:
28 ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.
29 නිහඬ ව සිටියත්, එතුමාණන්ට වරද තබන්නෝ කවරහු ද?
30 හිතුවක්කාර සෙනඟක් කෙරේ හෝ ජාතියක් කෙරේ හෝ එතුමාණන් අභක්තිකයෙකු රජකමට පත් කළත් කුමක් කළ හැකි ද?
31 යම් කෙනෙකු දෙවිඳුන්ට මෙසේ කීවොත්, එනම්, ‘මම දඬුවම් වින්දෙමි;
32 අනේ!
33 මේ කියමන නිසා, දෙවිඳුන් ප්‍රතික්ෂේප කිරීමේ ඔබේ වරද දෙවි තුමන් ගණන් නොගෙන හරිනු ඇද් ද?
34 සිහි නුවණ ඇති උදවිය, නැණ නුවණ ඇති හැම දෙන, මට මෙසේ කියනු නිසැක ය;
35 ‘ජෝබ් අඥාන ලෙස කතා කරයි;
36 ජෝබ් දුෂ්ට මිනිසෙකු මෙන් උත්තර දෙන බැවින්, ඔහු අවසාන තීන්දුවට ම ඉදිරිපත් කළොත් යෙහෙකි.
37 ඔහු පව්කරුවෙකු පමණක් නොව, කැරලිකරුවෙකු ද වී ඇත;
1 එලීහු තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය:
2 “ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද?
3 ‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද?
4 ඔබටත්, ඔබේ මිතුරන්ටත් මම මේ පිළිතුර දෙමි.
5 අහස දෙස නෙත් යොමා බලන්න;
6 ජෝබ් 22:2-3 ඔබ පව් කළත්, දෙවිඳුන්ට එයින් විපතක් ඇද් ද?
7 ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද?
8 ඔබේ දුෂ්ටකමින් අවැඩක් වන්නේ ඔබ වැනි මිනිසුන්ට පමණකි.
9 තාඩන පීඩන නිසා මිනිස්සු විලාප කියති;
10+JOB එහෙත්, වනයේ මෘගයන්ට වඩා අපට දැනුම දෙන, අහසේ පක්ෂීන්ට වඩා අපට නැණ නුවණ දෙන, අඳුරේ දී අපට සවිය දෙන මැවුම්කාර දෙවි උතුමාණෝ කොතැන්හි දැ යි අසන කිසිවෙක් නැත.
12 ඔවුන් පිහිට ඉල්ලා මොරගසන නමුත්, ඔවුන්ගේ අහංකාරය හා දුෂ්ටකම නිසා, දෙවිඳුගෙන් ඔවුන්ට පිළිතුරක් නැත.
13 ඒ මොරගැසීමෙන් වැඩක් නැත;
14 ජෝබ්, ‘මට දෙවිඳුන් නොපෙනේ ය.
15 ‘දැන්, එතුමාණෝ උදහස් ව දඬුවම් නොකරන සේකැ’යි ද ‘ඒ අපරාධය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන සේකැ’යි ද ඔබ සිතන්නෙහි ද?
16 එබැවින් ජෝබ්, ඔබ මුව අයා කතා කරන්නට යාමෙන් වැඩක් නැත;
1 එලීහු මෙසේ ද කීවේ ය:
2 “දෙවිඳුන් ගැන කිය යුතු තවත් දේ ඇත;
3 මා දන්න දෙයින්, මාගේ පුළුල් අවබෝධයෙන් මාගේ මැවුම්කාර උතුමාණන්ගේ දැහැමි බව පෙන්වා දෙමි.
4 මන්ද, මාගේ තර්කවල බොරුවක් නැත.
5 දෙවිඳාණෝ බලවත් ය, එහෙත්, කිසිවෙකු, සුළු නොකරන සේක.
6 දෙවි තුමාණෝ අදමිටුවන්ට ඉසුරුමත් වන්නට ඉඩ නොදෙන සේක.
7 එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක;
8 එහෙත්, සෙනඟ විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති යදම්වලට අසු වී සිටිත් නම්,
9 දෙවිඳාණෝ ඔවුන්ගේ පාපය හා අහංකාරය ඔවුන්ට පෙන්වා දෙන සේක.
10 ඔවුන්ට දැනුමැතිකම් දී, අයුක්තියෙන් ඉවත් වන ලෙස අණ කරන සේක.
11 ඔවුන් කීකරු වී එතුමාණන්ට මෙහෙ කළොත්, ඔව්හු දිවි ඇති තාක් යස ඉසුරෙන්, සව් සැපතින් දවස් යවති.
12 එහෙත්, අකීකරු වුවහොත්, කඩු පහරින් වැනසී, මළවුන්ගේ ලොවට එතෙර වී යති.
13 එහෙත්, අභක්තිකයන් උදහස් ව ම සිටිනු ඇත.
14 යොවුන් වියෙහි සිටිය දී ම ඔව්හු අපකීර්තියට ලක් වී විනාශ වෙති.
15 දෙවිඳාණෝ, දුක් විඳීම මඟින් දුක් විඳින්නන්ට ගැළවීම දෙන සේක.
16 දෙවිඳාණෝ ඔබ විපතින් මුදා, සුරැකෙන තැනක පිහිටුවා ඔබේ කෑම මේසය මංගල භෝජනයෙන් පිරෙවූ සේක.
17 එහෙත් දැන්, ඔබ දුදනන් සාධාරණ ලෙස විනිශ්චය නොකරන්නෙහි ය.
18 අල්ලසින් මුළා නොවීමට ද ධන සම්පතින් නොරැවටෙන්නට ද වග බලාගන්න.
19 ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත.
20 ජාතීන්ගේ විනාශය පමුණුවන අඳුරු රැයට ආසා නොවන්න.
21 අදමිටු මඟෙහි නොයාමට බලාගන්න;
22 දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද?
23 දෙවිඳුන් යා යුතු මඟ නියම කරන්නට සමතා කවරේ ද?
24 මිනිසුන් කවදාත් එතුමාණන්ට පැසසුම් දී ඇත;
25 එතුමාණන් කර ඇති සියල්ල සැම දෙන දැක ඇත.
26 දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය;
27 දිය බිංදු පොළොවෙන් ඉහළට ඇදගෙන, වාෂ්ප මඟින් වැසි වස්වන්නේ දෙවිඳාණෝ ය.
28 වලාකුළුවලින් වැස්ස මවා, සව් සත වෙත එය එවන්නේ එතුමාණෝ ය.
29 වලාපටල විහිදී යන්නේ කෙසේ ද කියාවත්, එතුමාණන්ගේ මණ්ඩපවලින් ගිගුරුම් නඟින්නේ කෙසේ ද කියාවත් දන්නෝ කවුරු ද?
30 දෙවි තුමාණෝ විදුලි එළිය අහස පුරා විහිදුවන සේක;
31 වැසි වස්වා, ජනතාවට ආහාර සපයා, එතුමාණෝ විපුල ලෙසින් කෑම බීම උපයා දෙන සේක.
32 දෙවි තුමාණෝ විදුලිය අතින් ගෙන, නියම ඉලක්කය බලා යන්නට එයට අණ දෙන සේක,
33 අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක.
1 “චණ්ඩ මාරුත නිසා මහද සැලී දැඩි ලෙස වෙවුළයි.
2 ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න.
3 එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක;
4 එවිට එතුමාණන්ගේ ගිගුරුම් හඬ ද ප්‍රතාපවත් ගර්ජනා හඬ ද දිගට ම ඇසේ.
5 දෙවිඳුන්ගේ හඬ පුදුම ලෙස ගිගුරුම් දෙයි;
6 මිහි මත හිම පතනය වන ලෙස ද මොරසූරන වැස්ස වහින ලෙස ද එතුමාණෝ අණ දෙන සේක.
7 සියල්ල එතුමාණන්ගේ ක්‍රියා බව සියලු මිනිසුන් දැනගන්න පිණිස සෑම ක්‍රියාවකට ම එතුමාණෝ මුද්‍රාව තබන සේක.
8 එකල මෘගයෝ ගුහාවලට වදිති.
9 දකුණු දිශාවෙන් සුළි සුළඟ ද උතුරු දිශාවෙන් තද ශීත ද හමා එයි.
10 දෙවිඳුන්ගේ හුස්මෙන් වතුර මිදෙයි;
11 එතුමාණෝ දියෙන් බර වැහි වලාකුළු එවන සේක.
12 දේව ආඥා අනුව විදුලිය කොටනු ඇත.
13 දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි.
14 ජෝබ්, මඳක් නවතින්න, මේ අසන්න.
15 දෙවිඳාණන් අණ දී වලාකුළු අතරින් විදුලිය බැබළෙන්නට සලස්වන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?
16 සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද?
17 දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?
18 අහස ලෝහමය තලයක් මෙන් සවි ඇති දෙයක් කිරීමට දෙවිඳුන්ට මෙන් ඔබටත් හැකි ද?
19 අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න;
20 ‘කතා කරන්නට මට ඉඩ දෙන්නැ’යි මා කියන්නේ කොහොම ද?
21 සුළඟ හමා අහස පිවිතුරු වී ඇත.
22 උතුරුදිග රන්වන් කාන්තිය විහිදී ඇත.
23 දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය.
24 එබැවින් මනුෂ්‍යයෝ එතුමාණන්ට බිය වෙති.
දෙවිඳාණන් ජෝබ් ඇමතීම
1 එවිට දෙවිඳාණෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක;
2 “අනුවණ බස් තෙපලා මාගේ පැණවත් අරමුණු අඳුරු කරන, මොහු කවරෙක් ද?
3 එඩිතර ව මිනිසෙකු මෙන් නැඟිට සිට මාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව.
4 මා මහ පොළොවේ පදනම් දමන විට නුඹ කොතැන සිටියෙහි ද?
5 එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද?
6 එය දරා සිටින මහ කුළුණු රඳා ඇත්තේ කුමක් පිට ද?
7 ඒ අරුණෝදයෙහි පහන්තරු ගී ගැයී ය.
8 පොළෝ ගැබින් මහ මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්වූයේ කවරෙක් ද?
9 ජෙර 5:22 මහ මුහුද වලාකුළුවලින් පළඳා, අඳුර නමැති සළුව පෙරවූයේ මම ය.
10 මුහුදේ මායිම් නියම කෙළේත්, එහි දොර අගුල් තැබුවේත් මම ය.
11 ‘මේ දක්වා එන්නෙහි ය;
12 ජෝබ්, නුඹ උපන් දින සිට කිසි ම දාක අලුත් දිනක් උදා වන්නට නුඹ අණ දුන්නෙහි ද?
13 පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්, දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද?
14 හිරු උදාව, කඳු හා නිම්න මතු කරයි;
15 දවල් එළිය දුදනන්ට දැරිය නොහැකි තරම් දීප්තිමත් ය.
16 නුඹ මුහුදේ උල්පත්වලට ළං වූයෙහි ද?
17 මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තේ ද?
18 මහ පොළොව කොතරම් විසල් දැ යි නුඹ මඳක් වත් දන්නෙහි ද?
19 ආලෝකය එන්නේ කෙහෙන් දැ යි, අඳුර බිහි වන්නේ කොහේ දැ යි නුඹ දන්නෙහි ද?
20 නුඹට ඒවායේ නියම ස්ථානවලට මඟ පෙන්විය හැකි ද?
21 නුඹ මෙපමණ දිගායු වළඳා සිටින බැවින්, විශ්වය මැවෙන්නට පෙර නුඹ ජීවත් වී සිටි හෙයින් ඔය කොයි දේත් නුඹට කළ හැකි නොවේ ද?
22 ම විසින් හිම හා ගල් වැහි තැන්පත් කරනු ලැබ ඇති ගබඩාවලට නුඹ කවදාවත් ගොස් තිබේ ද?
23 ඒවා විපත හා යුද කෝලාහල ඇති වන කාලය සඳහා සූදානම් කොට තබා ඇත.
24 හිරු උදා වන ස්ථානයටත්, පෙරදිග සුළං පටන්ගන්න ස්ථානයටත් නුඹ ගොස් තිබේ ද?
25 කඩා වැටෙන වර්ෂාවට දිය අගලක් කැපුවේ කවරෙක් ද?
26 මිනිසුන් නැති දේශයකට, කිසිවෙකු නැති මරුකතරකට වැසි වස්වන්නේ කවරෙක් ද?
27 නිල් තණකොළ වැවෙන ලෙසට වියළි පොළොව නිලෙන් වසන්නට ජලය සපයන්නේ කවරෙක් ද?
28 වහින වලාවට, වැටෙන පින්නට පියෙක් නැද් ද?
29 වතුර ගල් කොට, මුහුදු ජලය මිදෙන්නට සලස්වන්නේ කවරෙක් ද?
30 හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද?
31 ජෝබ් 9:9; ආමො 5:8 හත්දින්නේ තරු වැළ බැඳ තබන්නට හෝ මුව සිරසේ බඳ පටිය ලිහන්නට හෝ නුඹට හැකි ද?
32 නියම කලට ග්‍රහ රාශි චක්‍ර ලග්නවල පිහිටුවන්නට නුඹට හැකි ද?
33 අහසේ නක්ෂස්ත්‍ර නීති නුඹ දන්නෙහි ද?
33 පොළොව කෙරෙහි ඒවායේ බලපෑම නුඹට නියම කළ හැකි ද?
34 මහ වැසි දහරින් නුඹ තෙමාලන්නට වලාකුළුවලට අණ දීමට නුඹට හැකි ද?
35 විදුලි කොටන ලෙස එයට අණ දුන්නහොත් ‘හොඳ ම යි මම සූදානම් ය’යි එය නුඹට කියනු ඇද් ද?
36 නයිල් ගඟේ වතුර ගලන්නේ කවදා දැ යි කීමට, අයිබිස් පක්ෂියාට ඉගැන්නුවේත්, වැසි වස්නා දිනය කවදා දැ යි කීමට, කුකුළාට ඉගැන්නුවේත්, කවරෙක් ද?
37 ප්‍රඥාවෙන් වළාකුල් ගනින්ට කාට පුළුවන් ද?
38 වැසි වැස්වීමෙන් දූවිලි දැඩි කොට පස් පිඬලි සකස් කරන්නේ කවරෙක් ද?
39+JOB නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද?
41 කපුටුවන් සාගින්නෙන් ඔබමොබ පියාඹන විට, උන්ගේ පැටවුන් කෑම ඉල්ලා දෙවිඳුන්ට කෑ ගසන විට උන්ට කෑම සපයන්නේ කවරෙක් ද?
391 “පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද?
2 උන් ගැබ් ගෙන සිටින මාස ගණන් කරන්නට නුඹට පුළුවන් ද?
3 උන් නැඹුරු වී පැටවුන් බිහි කොට විළි රුදා පහ කරගන්න කාලය නුඹ දන්නෙහි ද?
4 උන්ගේ පැටව් වනයේ වැඩී, ලොකු වී, ශක්තිමත් වී පිට වී යති.
5 වල් කොටළුවාට නිදහස දානය කෙළේත්, උගේ බැඳුම් ලිහා මුදා හැරියේත් කවරෙක් ද?
6 මම පාළුකරය ඌට ගෙයක් කොට, ලේවාය ඌට තිප්පලක් කොට නියම කෙළෙමි.
7 ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි.
8 කඳුකරය උගේ ගොදුරු බිම වේ;
9 කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද?
10 කුළු හරකා ලණුවකින් හීවිටේ බඳින්නට නුඹට හැකි ද?
11 උගේ ශක්තිය මහත් බැවින්, නුඹ ඌ විශ්වාස කර, නුඹේ බර වැඩ ඌට බාර දෙන්නෙහි ද?
12 නුඹේ අස්වැන්න කමතට රැස්කර ගෙනෙනු ඇතැ යි
13 පැස්බරාගේ පියාපත් වැනෙන වේගය කදිමයි.
14 ඌ පොළොවෙහි බිජු දමා, පසෙහි තාපයෙන් ඒවා උණුසුම් වීමට තබයි.
15 එහෙත්, ඒවා පයට පෑගෙන්නටත්, වන සතුන්ගේ පාදවලට පොඩි වන්නටත් පුළුවන් බව අමතක කරයි.
16 උගේ පැටවුන් ඌට අයිති නැතිවාක් මෙන් ඌ දැඩි සිතින් උන්ට සලකයි.
17 දෙවිඳාණෝ උගෙන් ප්‍රඥාව වළක්වා, ඌට නැණ නුවණ නො දී හැරිය සේක.
18 ඌ පියාපත් විදහා දුවන කල ඌ අසුටත්, අසරුවාටත් සිනාසෙයි.
19 ජෝබ්, අසුට වෙර වීරිය දුන්නේ නුඹ ද?
20 උගේ හේෂාරවයෙන් මිනිසුන් බියගන්වා, පළඟැටියෙකු මෙන් පැන පැන යන්න ඌට සැලැස්සුවේ නුඹ ද?
21 ඌ මිටියාවතෙහි කුර ගසා, ශක්තියෙන් ඔද වැඩී දුවමින් යුද සේනාවලට මුහුණ දෙයි.
22 ඌ භීතියට සරදම් කොට තැති නොගෙන සිටියි.
23 හී කොපුව ද දිළිසෙන හෙල්ලය ද කුඩා හෙල්ලය ද උගේ ඇඟේ වැදී දෝංකාර දෙයි.
24 උද්‍යෝගයෙන් කම්පිත ව
25 ඌ වේගයෙන් දුවයි.
26 උකුස්සා අහසට නැගී දකුණු දෙසට පියාපත් විදහා යන්නේ නුඹේ නුවණින් ද?
27 රාජාලියා අහසට පියඹා උගේ කැදැල්ල උස් තැනක සාදන්නේ නුඹේ අණ පිට ද?
28 ඌ උස් පර්වත මත වසයි.
29 එහි සිට ඈත මෑත බලා, දුර දක්නා දෙනෙතින් ඌ ගොදුරු සොයා ගනියි.
30 මතෙ 24:28; ලූක් 17:37 මළසිරුර කොතන ද රාජාලියා එතැන ය.
1 තවද, දෙවිඳාණෝ ජෝබ්ට පිළිතුරු දෙමින්,
2 “ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය:
ජෝබ්ගේ පිළිතුර
3 එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
4 “සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි.
5 මම එක් වරක්, කතා කෙළෙමි;
දෙවිඳාණන්ගේ කතාව
6 එවිට දෙවි තුමාණෝ සැඬ සුළඟෙහි වැඩ සිටිමින් මෙසේ පිළිතුරු දුන් සේක:
7 “ජෝබ්, මිනිසෙකු මෙන් එඩිතර ව නැඟිට මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව.
8 ‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද?
9 නුඹ මා වාගේ ම බලසම්පන්න ද?
10 හැකි නම්, ගෞරවයෙන් හා උදාරත්වයෙන් සැරසී, විභූතිය හා ශෝභාව පැළඳගෙන නැඟිට එන්න.
11 උඩඟු අය දෙස බලා, උදහස වගුරුවා ඔවුන් පහත හෙළන්න.
12 දුදනන් දෙස නෙත් යොමා යටපත් කර, ඔවුන් වසන තැනෙහි ඔවුන් පොඩි කරදමන්න.
13 ඔවුන් හැම දෙන ධූලියෙහි වළලා, මළවුන්ගේ ලොවෙහි ඔවුන් බැඳ තබව.
14 මෙසේ කළොත්, නුඹේ බාහු බලයෙන් නුඹ ම ගැළවෙන්නට සමත් බැවින් මමත් නුඹ පසසන්නෙමි.
15 දැවැන්ත බෙහෙමොත් නම් සතා දෙස බලන්න.
16 එහෙත්, උගේ තුනටියේ ශක්තිය ද බඩේ මස් ගොබවල බලය ද කල්පනාවට ගන්න.
17 කිහිරි ගසක් මෙන් උගේ වල්ගය කෙළින් වී සිටියි.
18 උගේ ඇටකටු ලෝකඩ වැනි ය;
19 දෙවිඳුන් මැවූ සතුන් අතර ඉහළ ම තැන ඌ අතේ ය.
20 සියලු වන සතුන්ගේ කෙළි මඬල වන කඳුවල ඌට අහර පිණිස තණ කොළ ඇත.
21 ඌ කටු පඳුරු යට බට පඳුරු හා වගුරු සෙවණෙහි ලගියි.
22 කටු පඳුරු ඌට සෙවණ දෙයි.
23 ගං ඉවුරු තළා වතුර නැඟුණත්, ඌට බියක් නැත.
24 කොක්කක් දමා ඌ අල්ලා ගන්නට වත් ඌට නාස් ලණුවක් දමන්නට වත් හැකි සමතෙක් ඇද් ද?
411 ගීතා 74:14; 104:26; යෙසා 27:1 ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද?
2 උගේ නාසයේ ලණු පටක් දමන්නට වත්, උගේ හක්ක උලකින් සිදුරු කරන්නට වත් නුඹට පුළුවන් ද?
3 ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද?
4 සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද?
5 සුරතල් පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනු ඇද් ද?
6 වෙළෙඳ පොළේ ධීවරයන් ඌ ගැන කේවෙල් කරනු ඇද් ද?
7 උගේ හම මස් හෙල්ලවලින් වත්, උගේ ඔළුව ඇවුළුම් බිලියකින් වත් සිදුරු කරන්නට නුඹට හැකි ද?
8 නුඹ ඌ සමඟ පොරබැදුවොත් ඒ සටනේ තරම සිතා බලනු;
9 අනේ!
10 ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත.
11 ඌට පහර දී බේරෙන මිනිසා කවරෙක් ද?
12 උගේ අවයව, ශූර භාවය හා අංග ලක්ෂණවල රම්‍යතාව ගැන නොකියා සිටින්නට මට නොහැකි ය.
13 උගේ පිට හම ගලවන්නට කාට හැකි වේ ද?
14 ඒසා භයංකාර දත් දෙපෙළින් යුතු උගේ හකු පාඩා දිගහරින්නට හැකි කාට ද?
15 පලිස් පිට පලිස්වලින් වැසීගත් උගේ පිට කළු ගල් මෙන් සවිය ඇත.
16 ඒවා අස්සට සුළඟ පවා නොවදින ලෙස ඒවා එකිනෙකට දැඩි ලෙස යා වී ඇත.
17 ඒවා එකිනෙකට ඇලී, වෙන් කළ නොහැකි ලෙස එකිනෙකට බද්ධ වී ඇත.
18 ඌ කිඹිසින විට එළියක් බබළයි.
19 උගේ මුවින් ගිනි දලු නික්ම යයි.
20 උදුනේ නටන කල්දේරමකින් මෙන් ද දැවෙන පරඬැල් මෙන් ද උගේ නාස් පුඩුවලින් දුම් නඟියි.
21 උගේ හුස්මෙන් ගිනි අඟුරු නඟියි.
22 උගේ ගෙල අති බලසම්පන්න ය.
23 උගේ හමේ රැළි එකට ඇලී ඇත.
24 උගේ සිත ගලක් මෙන් ද යටි ඇඹරුම් ගල මෙන් ද තද ය.
25 ඌ නැඟිටින විට මහා වීරයෝ පවා බියට පත් වෙති.
26 කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත් පහර දී ඌට තුවාළ කළ නොහැකි ය.
27 යකඩ වුව ද ඌට පිදුරු වැනි ය.
28 ඊගස් පහරට ඌ පලා නොයයි.
29 පොල්ලක් වුව ද ඌ පිදුරු කැබැල්ලක් මෙන් සලකයි.
30 උගේ ඇඟේ කොරපොතු තියුණු පිඟන් කැබලි ගොඩක් වැනි ය.
31 ඌ මුහුදු දිය කල්දේරමක වතුර මෙන් නටන්නට සලස්වයි.
32 ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි.
33 ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත;
34 ඌ ඉතා ම අභිමානී සතුන් වුව ද හෙළා දකියි.
ජෝබ් පසුතැවී සිත හරවා ගැනීම
1 එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය.
2 “ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි.
3 ජෝබ් 38:2 මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය.
4 ජෝබ් 38:3 ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක.
5 කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය.
6 එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි;
අවසානය
7 තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත. 8 එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.
9 තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක. 10 ජෝබ් 1:1-3ජෝබ් සිය මිතුරන් උදෙසා යාච්ඤා කළ විට සමිඳාණන් වහන්සේ ඔහුගේ පෙර පැවති යස ඉසුරු දෙගුණ කොට යළි දුන් සේක. 11 ඔහුගේ සියලු සහෝදර සහෝදරියෝ ද පළමු ඔහු දැන හැඳින සිටි සියල්ලෝ ද ඔහු වෙත පැමිණ ඔහුගේ නිවසෙහි ඔහු සමඟ කෑම කා, සමිඳාණන් වහන්සේ ඔහුට පැමිණෙව් විපත්ති සමුදාය ගැන ශෝකය ප්‍රකාශ කොට ඔහු අස්වැසූ හ. ඔව්හු එකිනෙකා රිදී කාසියක් හා රන් මුද්දක් ඔහුට ත්‍යාගි කළහ. 12 මෙසේ සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ මුල් කාලයට වඩා අවසාන කාලයට ආශීර්වාද කළ සේක. බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගොන්බාන් දහසක් ද කොටළු දෙනුන් දහසක් ද ඔහුට සිටියෝ ය. 13 ඒ ඇර ඔහුට පුත්‍රයන් සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ. 14 ඔහු වැඩිමල් දුවට පාරාපතිනිය යන අර්ථය ඇති ජෙමිමා ද දෙ වැනි දුවට සුගන්ධනී යන අර්ථය ඇති කෙශියා ද තුන් වැනි දුවට සුලෝචනී යන අර්ථය ඇති කෙරෙන්-හප්පූක් ද කියා නම් තැබී ය. 15 ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය.
16 ඉන්පසු, කාලයාගේ ඇවෑමෙන් ජෝබ් එකසිය සතළිස් වසක් ජීවත් වී සතර වැනි පරපුර දක්වා දරු මුණුබුරන් දැක 17 දිගායු වළඳා මරණයට පත් වී ය.