ජීවමාන ගල හා තෝරාගත් සෙනඟ
1 එබැවින් සියලු ආකාර ක්‍රෝධ ද සියලු ආකාර රැවටිලි ද වංකකම් ද, ඊර්ෂ්‍යා ද අගුණ කතා ද පහ කරදමන්න. 2+1PE ගීතා 34:8සැබැවින් ම සමිඳාණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්, ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.
4 මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ, අනර්ඝ ජීවමාන ගලක් වැනි, උන් වහන්සේ වෙත පැමිණෙන්න. 5 ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න. 6 යෙසා 28:16එබැවින්:
6 ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත. 7 ගීතා 118:22එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ අදහන ඔබ උදෙසා ය; එහෙත් අදහානොගත් අයට:
8 යෙසා 8:14-15 තවද:
8 මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය.
9 නික්ම 19:5-6; ද්වි.නී. 4:20; 7:6; 14:2; යෙසා 9:2; 43:20,21; තීතස් 2:14 එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය. 10 හොසි 2:23වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ ව නොසිටියහ; දැන් ඔබ උන් වහන්සේගේ සෙනඟ ව සිටින්නහු ය. වරක් ඔබ දයාව නොලැබ සිටියහු ය; දැන් ඔබ දයාව ලැබ සිටින්නහු ය.
දේව දාසයෝ
11 ප්‍රේමවන්තයෙනි, ඔබ ආගන්තුකයන් හා විදේශීන් මෙන්, ආත්මයට විරුද්ධ ව සටන් කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක් ම ඉල්ලමි. 12 ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.
13 අතිශ්‍රේෂ්ඨ බලය ඇති රජුට වේවා, අපරාධකරුවන්ට දඬුවම් දීම පිණිසත්, යහපත කරන්නන්ට ප්‍රශංසා කිරීම පිණිසත් රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වේවා, 14 සියලු මනුෂ්‍ය නියෝගවලට, සමිඳාණන් වහන්සේ නිසා යටත් වෙන්න. 15 මන්ද, මෙසේ ඔබ කරන යහපත නිසා අනුවණයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්ත ය. 16 නිදහස් අය මෙන් ජීවත් වන්න. එහෙත් ඒ නිදහස, නපුර වසා ගැනීමට මඟක් කර නොගෙන දෙවියන් වහන්සේගේ දාසයන් මෙන් එය භාවිත කරන්න. 17 සියල්ලන්ට ගරු කරන්න; ඇදහිලිවන්ත සමාජයට ප්‍රේම කරන්න; දෙවියන් වහන්සේට ගෞරවාදර භය පිරිනමන්න; රජුට ගෞරව දක්වන්න.
ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමේ ආදර්ශය
18 සේවකයෙනි, යහපත්, කාරුණික ස්වාමිවරුන්ට පමණක් නොව ඔබගේ සැර පරුෂ ස්වාමිවරුන්ටත් ගෞරව කරමින් යටත් වෙන්න. 19 මන්ද, යමෙක් තමන් දෙවියන් වහන්සේ අබිමුවෙහි සිටින බව සිතාගෙන, අසාධාරණ ලෙස දුක් පීඩා විඳින්නේ නම් එය ප්‍රශංසනීය දෙයකි. 20 ඔබ වරද කොට, ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නහු නම් එහි කුමන වටිනාකමක් තිබේ ද? එහෙත් ඔබ යහපත කොට, ඒ ගැන දුක් විඳිමින් ඉවසන්නහු නම්, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි. 21 ඔබ කැඳවනු ලැබූයේ මේ සඳහා ය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ ඔබ උදෙසා වද විඳ, ඔබ උන් වහන්සේගේ අඩි පාරේ යන පිණිස ඔබට ආදර්ශයක් දුන් සේක. 22 යෙසා 53:9උන් වහන්සේ කිසි පවක් නොකළ සේක. කවදා වත් බොරුවක් ද නොවදාළ සේක. 23 යෙසා 53:7උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක. 24 යෙසා 53:5පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය. 25 යෙසා 53:6ඔබ බැටළුවන් මෙන් මංමුළා ව යමින් සිටියහු ය. එහෙත් දැන් ඔබගේ ජීවිතවල එඬේරා ද භාරකාරයා ද වෙතට ඔබ හැරී සිටින්නහු ය.
3ස්ත්‍රී පුරුෂයන්ට යුතු හැසිරීම
1 එපී 5:22; කොලො 3:18 එසේ ම භාර්යාවෙනි, ඔබගේ ස්වාමි පුරුෂයන්ට යටත් වන්න. එවිට ඔවුන්ගෙන් සමහරෙක් සුබ අස්න නොඅදහන්නන් වුවත්, 2 ඔබගේ නිර්මල, විනීත හැසිරීමෙන් ඔවුන් දිනාගැනීමට හැකි වනු ඇත. 3 1 තිමෝ 2:9ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි. 4 එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය. 5 පුරාණ කාලයේ දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබූ භක්තිවන්ත ස්ත්‍රීවරු ස්වකීය ස්වාමි පුරුෂයන්ට යටත් ව මෙලෙස අලංකාරවත් වූ හ. 6 උත් 18:12ඒ අයුරින් සාරා ආබ්‍රහම්ට “මාගේ ස්වාමියා” යයි කියමින් කීකරු වූවා ය. ඔබත්, බිය නොවී යහපත කරන්නහු නම් ඇගේ දරුවෝ වන්නහු ය.
7 එපී 5:25; කොලො 3:19 එසේ ම පුරුෂයෙනි, ඔබගේ විවාහ ජීවිතයේ දී ඔබත් ඔබගේ භාර්යාවන් සමඟ අවබෝධයෙන් යුතු ව හැසිරෙන්න. ඔවුන් දුබල පක්ෂය වන බැවින් ඔවුන්ට ගෞරව කරන්න. මන්ද, ඔබ හා සමඟ ඔව්හු ද දෙවියන් වහන්සේ නොමිලයේ දෙන දීමනාව වූ ජීවිතයට හවුල් උරුමක්කාරයෝ වන්නහු ය. එවිට ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙයි.
ධර්මිෂ්ඨකම නිසා දුක් විඳීම
8 අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකම්පික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න. දයාව ද යටහත්කම ද ඇති ව සිට, 9 නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න. 10 ගීතා 34:12-16ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:
11 නපුරට පිටුපා යහපත කරා වා!
12 මන්ද, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්, දෙසවන් ඔවුන්ගේ යැදුම් දෙසටත් යොමා ඇත.
13 ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? 14 මතෙ 5:10යෙසා 8:12-13එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න. 15 ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න. 16 එහෙත් ආචාරශීලී ව ද ගෞරවයෙන් යුක්ත ව ද එසේ කළ යුතු ය. ඔබ නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධ ව කතා කරන අය, ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලජ්ජාවට පැමිණෙනු ඇත. 17 ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත වේ නම්, එය නපුර කර දුක් විඳීමට වඩා හොඳ ය.
18 ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක. 19 එම ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක. 20 උත් 6:1—7:24ඔව්හු වනාහි නෝවාගේ කාලයේ දී ඔහු නැව සාදන අතර, දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් සිටිය දී උන් වහන්සේට අකීකරු වූ ආත්මයන් වෙති. ඒ නැවට ඇතුළු වූ, ස්වල්ප දෙනෙක්, එනම්, අට දෙනෙක් වතුරෙන් ගළවනු ලැබුවෝ ය. 21 මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැළවීම ලබා දෙන බව්තීස්ම-ස්නාපනය යි. එය වනාහි ශරීරයේ කිළුටු සේදීමක් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරණකොටගෙන නිදොස් හෘදය සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක් ය. 22 උන් වහන්සේ ස්වර්ගයට වැඩම කර දෙවියන් වහන්සේගේ දකුණත වැඩ සිටින සේක. දේව දූතයෝ ද බලතාවයෝ ද අනුභාවයෝ ද උන් වහන්සේට යටත් කරනු ලැබූ හ.
4දේව කැමැත්ත අනුව ජීවත් වීම
1 ක්‍රිස්තුන් වහන්සේ ශාරීරික වශයෙන් දුක් වින්ද බැවින්, ඔබත් එවැනි අධිෂ්ඨානයකින් සැරසී සිටින්න. මන්ද, ඒ අන්දමින් ශාරීරික ලෙස දුක් වින්ද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටියි. 2 එවිට මේ ජීවිතයේ ඉතිරි කාලයේ තවදුරටත් මනුෂ්‍ය තෘෂ්ණා අනුව නොව, දේව කැමැත්ත ලෙස ඔහුට ජීවත් විය හැකි ය. 3 මන්ද, විජාතීන් කැමැති දේ කිරීමට පසුගිය කාලයේ දී ඔබටත් ඇති තරම් කල් වේලා තිබිණි. ඒ කාලයේ දී ඔබ අනාචාරකමින් ද සල්ලාලකමින් ද බීමත්කමින් ද අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවවලින් ද පිළිකුල් රූප ඇදහිල්ලෙන් ද ජීවිතය ගත කළහු ය. 4 විජාතීන් සමඟ ඔබ අධික අවකල් ක්‍රියාවල නොයෙදෙන බැවින් ඔව්හු ඒ ගැන පුදුම වී ඔබට අපහාස කරති. 5 ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින තැනැන් වහන්සේට ඔවුන් වග උත්තර දිය යුතු ව ඇත. 6 මක්නිසා ද මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරනු ලැබී ය. මන්ද, සියලු මනුෂ්‍යයන් විනිශ්චය කරන ආකාරයට මාංසයෙන් විනිශ්චය කරනු ලබන නමුත්, ආත්මයෙන් දෙවියන් වහන්සේ මෙන් ජීවත් වන පිණිස ය.
7 සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න. 8 හිතෝ 10:12ප්‍රේමය පව් රාශියක් කමා කිරීමට හේතු වන බැවින්, සියලු දේට වඩා එකිනෙකා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇති ව සිටින්න. 9 මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න. 10 දෙවියන් වහන්සේගේ විවිධාකාර වරප්‍රසාදවල විශ්වාසී ගබඩාකාරයන් මෙන්, එකිනෙකා ලබා ඇති කුශලතා එකිනෙකාට සේවය කරන පිණිස යොදන්න. 11 යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්.
කිතුනුවන් වශයෙන් දුක් විඳීම
12 ප්‍රේමවන්තයෙනි, ඔබ පරීක්ෂා කර බලන පිණිස පැමිණෙන, ඔබ අතර ඇති පීඩා නමැති ගින්න ගැන, නොසිතූ දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න. 13 එසේ නොව, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වන තරමට ප්‍රීති වන්න. මෙසේ උන් වහන්සේගේ තේජාන්විත එළිදරව්වීමේ දී ඔබ ප්‍රීතියෙන් ප්‍රමුදිත වනු ඇත. 14 ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් ඔබ ආශීර්වාද ලද්දහු ය. මන්ද, තේජාන්විත ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ ඔබ කෙරෙහි රඳන සේක. 15 ඔබෙන් කිසිවෙකු මිනී මරන්නෙකු හෝ, සොරෙකු හෝ, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට මැදිවන්නෙකු හෝ ලෙස දුක් නොවිඳිය යුතු ය. 16 එහෙත් යමෙක් කිතුනුවෙකු මෙන් දුක් විඳී නම්, ඒ ගැන ලජ්ජා නොවී, ඔබ කිතුනු නාමය දරන බැවින් දෙවියන් වහන්සේට ගෞරව කරන්න.
17 විනිශ්චය කිරීමේ කාලය පැමිණ ඇත; පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ම සෙනඟ ය. එය අපෙන් පටන්ගන්නේ නම්, දෙවියන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන්නන්ගේ ඉරණම කුමක් වනු ඇද් ද? 18 හිතෝ 11:31ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි:
19 එහෙයින් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳින්නෝ යහපත කරමින්, විශ්වාස කටයුතු මැවුම්කාරයාණන්ට තමන් ම භාර වෙත්වා!
5දෙවියන් වහන්සේගේ රැළ පෝෂණය කිරීම
1 ජොහ 21:15-17 ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට සාක්ෂිකාරයෙකු ද එළිදරව් වන්නට තිබෙන උන් වහන්සේගේ තේජසට පංගුකාරයෙකු ද වන්නට බලාපොරොත්තුවෙන් සිටින සභා මූලිකයෙකු වන මම, ඔබ අතර සිටින සභා මූලිකයන්ගෙන් ඉල්ලීමක් කරමි: 2 ඔබට භාර දෙන ලද දෙවියන් වහන්සේගේ බැටළු රැළ පෝෂණය කරන්න; බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුටු සිතින් එසේ කරන්න; මුදලට ඇති ගිජුකමින් නොව, සේවයට ළැදියාවෙන් එසේ කරන්න. 3 ඔබට භාර ව සිටින අය කෙරෙහි ආධිපත්‍යය පෑමෙන් වැළකී රැළට ආදර්ශයක් වන්න. 4 එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල්හි ඔබ නොමැලවෙන මහිමාන්විත කිරුළ ලබන්නහු ය.
5 හිතෝ 3:34 තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක. 6 මතෙ 23:12; ලූක් 14:11; 18:14එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න. 7 උන් වහන්සේ ඔබ ගැන සලකන හෙයින්, ඔබගේ හැම කරදරයක් ම උන් වහන්සේට භාර දෙන්න.
8 සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය. 9 ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදරවලට ම භාජන වන බව ඔබ දන්නා බැවින්, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථීර ව සිට, යක්ෂයාට විරුද්ධ වන්න. 10 එවිට ක්‍රිස්තුන් වහන්සේ මඟින් ස්වකීය සදාතන තේජසට ඔබ කැඳවූ සියලු වරප්‍රසාද දෙන දෙවියන් වහන්සේ ම ඔබ ස්වල්ප කලක් දුක් වින්ද පසු, ඔබ සම්පූර්ණ කර, ස්ථීර, ශක්තිමත් පදනමක් මත පිහිටුවන සේක. 11 උන් වහන්සේට සදහට ම පරාක්‍රමය වේ වා! ආමෙන්.
අවසාන සුබ පැතුම
12 ක්‍රියා 15:22,40 මේ ලුහුඬු හසුන, අපගේ විශ්වාස කටයුතු සහෝදරයෙකු වශයෙන් මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන් ලියා ඔහු අත ඔබ වෙත එවීමි. එසේ එවන්නේ, ඔබ ධෛර්යවත් කර මේ සියල්ල සත්‍යය දේව වරප්‍රසාදය බවට සාක්ෂි දෙන පිණිස ය. එහි ස්ථීර ව පිහිටා සිටින්න.
13 ක්‍රියා 12:12,25; 13:13; 15:37-39; කොලො 4:10; පිලෙ 24 ඔබ සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි ඇති සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මාගේ පුත්‍ර මාක් ද එසේ ම ඔබට ආචාර කරයි. 14 ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න.
14 ක්‍රිස්තුන් වහන්සේට අයිති ඔබ සියල්ලනට සාමදානය වේ වා!